You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Sep 2019 11:23 AM by  isuru sampath
එක පිටුවක ඔබ - අජිත් මුතුකුමාරණ
 249 Replies
Sort:
Page 6 of 13 << < 45678 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 May 2018 10:05 AM
  •  Quote
  •  Reply
සුන්දර ගීතයක් වුනත් මේ ගීතය එතරම් ජනප්‍රිය වුනේ නැහැ..
1

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 May 2018 10:13 AM
  •  Quote
  •  Reply
මමත් මේ සින්දුව අහලා නෑ ...ලස්සන නිර්මාණයක් චාමර මල්ලි
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 May 2018 10:02 PM
  •  Quote
  •  Reply
මටත් ආසයි පව්ස නිවගන්න සමිතා ගෙන්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 May 2018 09:50 AM
  •  Quote
  •  Reply

පායනා පුන්සද පැරදෙනා.....

http://www.mediafire.com/convkey/7d9e/h89kacmhj2h58sjzg.jpg?size_id=c

පායනා පුන්සද පැරදෙනා - ඔය සුදු මුව කොහින්ද සුකූ මාලි
හැඩවෙනා... දුටු මන පොලබනා - කොළඹින් ආවද මේ රූ රාජිණි.....//
ගැස්සෙන වරලස විහිදෙන ලස්සන ඔබ දෙස බලමින
අන්ද මන්ද වුනි මගෙ මන රූ සිරිනේ
ගැස්සෙන වරලස විහිදෙන ලස්සන ඔබ දෙස බලමින
අන්ද මන්ද වුනි මගෙ මන රූ සිරිනේ

ගැස්සෙනා.. ලැම පැද්දෙනා...
ඔබ කොහේ සිට ආවද ලලනාවී
මසිත පැදවෙනා..දැහැමින් මුදවනා
ඔය රුව දුටු විට දඟකාර ගැටිස්සී
යන එන මඟ තොට විමසන
මග දෙස යන ඔබ නොබලන
අරුණ කියනු මැන සුරතල් අංගනාවියේ
යන එන මඟ තොට විමසන
මග දෙස යන ඔබ නොබලන
අරුණ කියනු මැන සුරතල් අංගනාවියේ

පායනා පුන්සද පැරදෙනා.....

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 May 2018 09:50 AM
  •  Quote
  •  Reply
අන්තර්ජාලයෙන් හොයාගෙන ඇහුව මීට කලින් අහල නැති නිසා.

නිර්මාණය ගොඩක් ලස්සනයි.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 May 2018 05:10 AM
  •  Quote
  •  Reply
මම නම් එතරම් ආස ගීතයක් නෙමෙයි...
සමහර විට ගීතයේ රිද්මය නිසා වෙන්න පුළුවන්..
0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
10 May 2018 05:16 AM
  •  Quote
  •  Reply
අපෝ මෙලෝ රහක් නෑ 😀
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 May 2018 05:38 AM
  •  Quote
  •  Reply

සිතුම් පොබ කළ

http://www.mediafire.com/convkey/8b3c/ydk57m708g4xprkzg.jpg?size_id=c

සිතුම් පොබ කළ සමන් මල් යායේ
දුහුල් සළු තිර මුවා කළ යාමේ..........//
ඔහුට හැඬූ සිත තුරුලට ආදා..
මා රිදවන්න එපා

සුසුදු සුදු මුදු සිහින යහනාවේ
සුසුම් වියැකෙයි මිලින මායාවේ
පවු පිර වූ පෙම අපේ සොඳුරු දා
ඉකිබිඳ හඬනු එපා

බොළඳ මගේ සිත ඔබ හැර ගිය දවසේ
සළෙල සිතක් ලඟ තනිවූයෙමි අඳුරේ.....//
ඔබ සිහිවී මා හැඬූ තරම්
කුමරුන් නෑ දන්නේ...

සුසුදු සුදු මුදු.....

අහිමි ආදරේ කඳුලින් මියෙන පැයේ
පෙරදා හැඬුවා මල් මුවරද පවනේ......//
නිදි දැහැනින් මා හැඬූ තරම්
කුමරිය නෑ දන්නේ.....

සිතුම් පොබ කළ.....
සුසුදු සුදු මුදු.....


ගායනය - ප්‍රියනාත් රත්නායක
යුග ගායනය - චරිතා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය - උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය - විශාරද එඩ්වඩ් ජයකොඩි

0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
18 May 2018 07:02 AM
  •  Quote
  •  Reply
ලස්සනයි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 May 2018 08:32 AM
  •  Quote
  •  Reply
සිංදුවත් ලස්සනයි. නිර්මානයත් ලස්සනයි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 May 2018 06:38 PM
  •  Quote
  •  Reply
ඉස්සර හරිම ජනප්‍රිය සින්දුවක්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Jun 2018 08:39 PM
  •  Quote
  •  Reply

තුන් යමේ රෑ තුන් යමේ -ප්‍රියා සුරියසේන/චන්ද්‍රලේඛා පෙරේරා

http://www.mediafire.com/convkey/73f5/f81q1fgz63n9gm7zg.jpg?size_id=c

තුන් යමේ රෑ තුන් යමේ
දුටු සිහිනයේ ඔබ රැජිණ වී
මා ඔබේ හඳ රාජයේ
රජ වුනා රෑ සිහිනයේ...

තුන් යමේ රෑ තුන් යමේ
දුටු සිහිනයේ ඔබ රජ වෙලා
මම ඔබේ හඳ විජිතයේ
රැජිණ වූයෙමී සිහිනයේ...

සුනීල රජ මල් පොකුණේ
ඔයා රැයේ දිය කෙළ නේ
පොකුණු තෙරේ මා උන්නා
රැයේදී මා දුටු සිහිනේ.....

පුරාණ රන් දෝලාවේ
ඔයා නිරිඳු සේ ආවේ
මගේ ළගින් ඔබ උන්නා
රැයේදී මා දුටු සිහිනේ.....

තුන් යමේ රෑ තුන් යමේ
දුටු සිහිනයේ ඔබ රැජිණ වී......
තුන් යමේ රෑ තුන් යමේ
දුටු සිහිනයේ ඔබ රජ වෙලා......

ත්‍රිශූල තෝමර ඔසවා
පෙනේවී සේනා එනවා
පෙම් පියසේ හුන් සතුරෝ
බීයේම මට දිව යනවා...

උදාර ප්‍රේමය නිම වී
ගියාද සිහිනෙන් පිය වී
සිහිනෙන් හෝ හැබැහින් හෝ
නොයන්න කුමරිය සැඟ වී...

තුන් යමේ රෑ තුන් යමේ
දුටු සිහිනයේ ඔබ රැජිණ වී......
තුන් යමේ රෑ තුන් යමේ
දුටු සිහිනයේ ඔබ රජ වෙලා......

ගායනය - ප්‍රියා සූරියසේන
               යුග ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
           පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - ප්‍රියා සූරියසේන


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Jun 2018 12:56 AM
  •  Quote
  •  Reply
ප්‍රේමකීර්තිගේ පදවැල් වල අමුතුම සුන්දරත්වයක් තියෙනවා..
ස්තූතියි මල්ලී අපිත් එක්ක බෙදාගත්තට...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jun 2018 07:42 AM
  •  Quote
  •  Reply

සඳ කිරණයි හිරු කිරණයි - ශෂිකා නිසංසලා ජයසුමන

http://www.mediafire.com/convkey/1125/12n20x79inewcw2zg.jpg?size_id=c

සඳ කිරණයි හිරු කිරණයි එකළු කළේ මගේ රහසයි
කඳුළැල්ලයි හසරැල්ලයි ළඟ හිටි මගෙ සෙවණල්ලයි
ළඟ හිටි මගෙ සෙවණල්ලයි....

සෙත් පිරිතයි මල් වැස්සයි මේ ආවේ සනසන්නයි
මල් පිපුණේ...ඵල ලැබුණේ..
මල් පිපුණේ.ඵල ලැබුණේ.බුදු සෙනෙහස පෑ හින්දයි
බුදු සෙනෙහස පෑ හින්දයි...

සඳ කිරණයි හිරු කිරණයි....

මං දිනුවේ රැජිනක් සේ හිටි හින්දයි සෙනෙහස මැද
සුරහිදුදෝ...වරඟනදෝ...
සුරහිදුදෝ.වරඟනදෝ.ආසිරි පෑ මගෙ ලෝකෙට
ආසිරි පෑ මගෙ ලෝකෙට..

සඳ කිරණයි හිරු කිරණයි....

           ගායනය - ශෂිකා නිසංසලා ජයසුමන
පද රචනය - මාලිනී ජයරත්න

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jun 2018 07:45 AM
  •  Quote
  •  Reply

තරු එළියෙන් නොව -  ටී.එම්.ජයරත්න/චන්ද්‍රලේඛා පෙරේරා

http://www.mediafire.com/convkey/4b37/svk1zna5ma79m50zg.jpg?size_id=c

තරු එළියෙන් නොව සඳ එළියෙන් නොව
පෙම් කිරණෙන් මඟ එකනු නිසා...
කප් නිමතෙක් ඔබ පසුපස එන්නම්
සසර පුරුද්දට පාර සොයා...

සීතල හිමයේ සත්කුළු පව්වේ
චන්ද්‍රන අරණෙට පුබුදු වෙලා....
ඔබ එනතුරු මඟ බලමින් ඉන්නම්
සෙනෙහේ දනව්වේ හිමට වෙලා

පිවිතුරු සුනිමල පෙම් පියුමක් සේ
සෙනෙහේ විමානේ සුවඳ වෙලා
පිපුණා මතකයි පුරුදු පැතුම වී
හෙබියේ සුවඳින් ඔබව සොයා...

සීතල හිමයේ සත්කුළු....

සෙනෙහේ දියෙන් පෙව් පිවිතුරු තමයට
ඉන්ද්‍රකීලයක් විලස බලා
මං සළකුණ ගැත මා වෙත එනුමන
යුග යුග එමි ඔබ වඩින තුරා...

තරු එළියෙන් නොව.....
සීතල හිමයේ සත්කුළු.....

                                 ගායනය - ටී.එම්.ජයරත්න/චන්ද්‍රලේඛා පෙරේරා
   පද රචනය - මාලිනී ජයරත්න
සංගීතය - රෝහණ විරසිංහ

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jun 2018 07:47 AM
  •  Quote
  •  Reply

පැතුම් විමානේ - ටී.එම්.ජයරත්න/චන්ද්‍රලේඛා පෙරේරා

http://www.mediafire.com/convkey/560e/dacjci82jcupijxzg.jpg?size_id=c

පැතුම් විමානේ කිරුළ දරන්නට
සෙනෙහෙ විලෙහි පිපී පියුම පුදා
පෙරුම් පුරාගෙන සෙවණැල්ලක් සේ
සිටියා මතකයි සසර පුරා...

පිවිතුරු සෙනෙහස බැතියෙන් පුද දී
ජීවිතයට හුරු පැතුම වෙලා
කප් සුවහස් කල් පෙරුම් පුරා එමි
සෙනෙහේ පොදක් වී වඩින තුරා...

සුසුම් කුණාටුව සැඩ පහරක් වී
ඔබ වෙත එන මඟ මුවා වෙලා
රුවන් සඳක් සේ දිදුලන සෙනෙහස
කඳුළු වලාවට මුවා වෙලා...

මඟ වරදින්නට පැරදී යන්නට
නොම වී අඳුරට එළිය වෙලා
කඳුළු වලාවෙන් නැඟිලා එන්නම්
සෙනෙහයේ රන් කදක් වෙලා...

පැතුම් විමානේ කිරුළ...
පිවිතුරු සෙනෙහස බැතියෙන්...

                                 ගායනය - ටී.එම්.ජයරත්න/චන්ද්‍රලේඛා පෙරේරා
   පද රචනය - මාලිනී ජයරත්න
සංගීතය - රෝහණ විරසිංහ

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Jun 2018 06:20 PM
  •  Quote
  •  Reply
ලස්සන සින්දුවක්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Jun 2018 07:30 PM
  •  Quote
  •  Reply
Special Thanks to Isuru Sampath කියල දාහන් මලේ ඉදිරියේදී.
අනෙක මොකො මේ ස්පෙෂල් තෑන්ක් එක කියලත් අපට කියහන් ඔන්න.

ලස්සන නිර්මාණයක්.

හැකි අවස්තාවන් වල අපට ඒ ගීතයේ ඉන්කුවක් දෙන්න ගීතය රස විඳින්න. ලිරික්ස් බලන ගමන්..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jun 2018 09:32 PM
  •  Quote
  •  Reply

තනිවුනු දා වෙරළේ - නාමල් උඩුගම

http://www.mediafire.com/convkey/bfa1/ka5iwo8b97ubqdezg.jpg?size_id=c

http://www.mediafire.com/convkey/9214/wx4nrsnj8v8w6dizg.jpg?size_id=d

තනිවුනු දා වෙරළේ ඔබ හා මා
ඔබ හැඬුවා ළමැදේ හිස සතපා
ඒ දිනයේ මා අමතා
ඔබ කියූ දේ සිහිනෙන් මට ඇසුණා...

තටු සිඳුණු යාමේ..විහඟක් වෙලා සේ..
ඔබ නොමැති ලෝකේ මට නෑ සෙනෙහේ
ඒ සීත යාමේ රෑ පාළු අහසේ
තනි තාරකාවත් ඈතින් පෙනේ
ඒ තාරකාවේ..තනිවූ වියෝගේ
දැන් මා හදේ මේ ඒ රැඳිලා තියේ...

තනිවුනු දා වෙරළේ ඔබ හා මා
ඔබ හැඬුවා ළමැදේ හිස සතපා...

මතකය මැවේවී..සමුගත් සැදෑවේ
අප කවරදා හෝ හෝ හෝ.. හමුවේද ආයේ
මායාව වාගේ..පාවී ගියේ මේ
සෝ වේදනාවන් දී මා ළයේ..
මා වේදනාවේ..දවනා ළසෝ ගී
ළං වී තියේ වී හි.. හි.. දිවියේ මගේ

තනිවුනු දා වෙරළේ...

  ගායනය - නාමල් උඩුගම  
      පද රචනය - හේමසිරි හල්පිට
සංගීතය - නාමල් උඩුගම

 


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Jun 2018 11:10 PM
  •  Quote
  •  Reply
පැතුම් විමානයේ ගීතය මම ආසම ගීතයක් මල්ලී.. ස්තූතියි මල්ලී මෙය ඉදිරිපත් කලාට..
මේකේ අවසාන පද වල අර්ථය
මග වැරදී අඳුරේ ඉන්න ඉඩ නොදී සඳක් වෙලා එළිය දෙන්න එනවා කියන එක..
ඒ නිසා ‍පද මේ විලස නිවැරදි විය යුතුයි..

මඟ වරදින්නට පැරදී යන්නට
නොම දී අඳුරට එළිය වෙලා
කඳුළු වලාවෙන් නැඟිලා එන්නම්
සෙනෙහයේ රන්සඳක් වෙලා.
0
Add Reply
Page 6 of 13 << < 45678 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below