You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2019 03:22 PM by  Imalka Hewage
අහිංසක බොරු කීමේ තරගය
 278 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 14 << < 678910 > >>
Author Messages

Pathum Harshana
New Member
New Member
Posts:11






--
02 Apr 2016 09:32 PM

මගේ බඹරෙ හැමදාම වැල්ලෙ කැරකැවුණෙ නෑ! ගිරහය නරක් වෙච්ච කාලෙක මට යුද්ධ හිරකාරයෙක් වෙන්න සිද්ද වුණා. අහු උණේ තූර්කි කාරයන්ටයි. උන්ට අහු උණාම ආයිත් අහන්න දෙයක් නෑ. කවුරු උණත් කාරියක් නෑ, වාලට විකුණන එකයි සිරිත. මෙහෙම වාල් ඉට්ටමට වැටිච්ච මට කරන්න උණේ ඒ තරම් බරපතල වැඩ නෙමෙයි. එකම තාලෙ කනහිරි වැඩ. උදේ පාන්දර නැගිටල සුල්තාන් තුමාගෙ මී මැස්සන්ව දක්කගෙන යන්න ඕනෑ කෑම තියෙන දිහාවකට. දවස තිස්සේම උන් පස්සෙ මුර තියාගෙන ඉදලා ගොම්මං වෙලාවට උන්ව කූඩුවලට ආපහු දක්ක ගෙන එන එකයි. 

එක දවසක් ආපහු දක්කද්දි මට එක මී මැස්සියක් මග ඇරුණ. අරෙහෙ මෙහෙ හෝදිසි කරනකොට මෙන්න වලස්සු දෙන්නෙක් මේකිට පැනල මරන්න හදනව, මී පැණි ටික උදුර ගන්න. පාරක් ගහන්න ආයුදයක් මොකුත් ළග නෑ. රිදී කෙටේරිය විතරයි අතේ - ඒක තමා සුල්තාන්තුමාගෙ ගොවියොයි උයන් පල්ලොයි අතේ තියෙන හලකුණ. නැතිකමට ඒක දමාගැහුව, මේ පල් හොරු දෙන්නව එලවල අහිංසක මී මැස්සිව බේරගන්න හිතාගෙන. අපල කාරයට ඒක කරගන්නත් බැරි උණා. කෙටේරිය ගියෙ ඉහළ ගොහින් හඳේ ඇමිණිච්චි! 

මොන දෙය්යොද මේක අරන් දෙන්නෙ? කෙටේරිය පහළට බාගන්නෙ මොන ගුරුකමෙන්ද? මට මතක් උණා තූර්කි බෝංචි ගැන. ඒවා බලා ඉන්දෙදි වැවෙනව - වැවෙන එකත් කරටියක් හොයන්න බැරි විදියට අහස උසට වැවෙනව. හනික බෝංචි ඇටයක් හිටෙව්ව. හොඳට සාත්තු කළා. පුංචි පහේ ඇස් බැන්දුමක් වාගෙ ඒක පැළ උණා, ලියලුවා, උස ගියා, ගිහින් ගිහින් හඳ පලුවෙ කොක්කක රැඳුණ. මට දැන් තියෙන්නෙ බෝංචි වැල දිගේ හඳට නගින එකයි. ඉහළට බඩ ගෑවා, බඩගාල රිදී කෙටේරියත් ආපහු අතට ගත්ත. 

ඊගාවට බහින එකයි! ඒක තමා අමාරු. මේ ඩිංගට බෝංචි වැල එහෙම පිටින් අව්වට කරවෙල ගිහින්නෙ. දිරච්ච වැල දිගේ බහින්න හැදුවොත් කම්මුතුයි. මම පටන් ගත්ත දිරච්ච වැල වෙළු කවන්න. වෙළු කවල ඇහැක් තරම් දිග ලණුවක් ඇඹරුව - හොඳට හය්ය හිටින්න කෙරෝලක් හඳේ ගැටගහලා අනිත් කෙරෝලෙට එනකං පහළට ලිස්සුව. මෙතෙන්දි වම් අතින් ලණුව හය්යෙන් අල්ල ගත්ත. කෙටේරිය දකුණු අතට අරන් දැන් වැඩකට නැති ලණුවෙ ඉහළ කෑල්ල අග්ගිහෙන් කැපුව. ඒකෙරෝල තවත් සෑහෙන දුරක් පහළට ආව. මෙහෙම කප කපා ගැට ගගහ බහිනකොට ලණුවත් ඇදුම් දෙන්න උණා. බිමටත් තව කිට්ටු කරල නෑ. 

පොළොවට හැතැප්ම හතරක් පහක් තියා ලණුව කැඩුණ. 

බයානක වැටිල්ලක්. මළ කුණ වාගෙ බිමට පාත් උණා මහ වලක් ඇතුලටයි මම වැටිල තියෙන්නෙ. බඹ නමයකට අඩු නෑ. ජඹුර. බැලින්නං ඒ තරම් උහක ඉඳන් වැටුණු වැටිල්ලට හෑරිච්ච වළ. නැගිටින්න නං වාරු තියෙනව. ඒත් මේ ඌර ලිඳෙන් ගොඩ ඒමක් නෑ. එකම එකයි කරන්න තියෙන්නෙ. මම ඒක කළා. ගෙදර ගොහින් ඉස්කෝප්පයක් අරන් ආවා. ඇවිල්ල වල පැත්තෙන් කප කපා ගොඩ කරල ගොඩට ආව.


මේ, ආර්. ඊ. රාස්ප් විසින් ලියන ලද, ඩී. බී. කුරුප්පු මහතා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද, "මැන්චෝසන් චාරිකා" නැමති රසබර පොතෙන් පොඩි කොටසක්. කවුරු කවුරුත් කොච්චර ලොකු බොරු කිව්වත් මේ බොරු වලට ගහන්න තරම් බොරු කියන්න කාටවත් ම බෑ. (දියවන්නාවෙ උදවියට ඇරෙන්න)

මේ පොත කියවලා නැත්නම් හොයාගෙන කියවන්න. ටොම් පච වලින් පිරුණු සිනා සාගරයක්! 


අමතර කරුණු - 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Apr 2016 09:32 PM

.KGP  බ්‍රදර් ලබන අවුරුද්දටත් ඇතිවෙන්නම බොරු පොතක්ම දීල තියෙන්නේ,  එහෙනම් ඔන්න කිව්වා, බොහොම ස්තුතියි 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:32 PM
අපට මේ බොරු කාරයෙක් නැතුවයි උන්නේ KGP සහෝ... මේකේ ඉන්නේ ඔක්කොම සත්‍යවාදියෝ නේ.. හරියට බොරුවක් කියන්න වත් පෙළඹෙන්නේ නැහැ සීලේ කැඩේවි කියලා.. ඕකයි කේස් එක..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2016 09:32 PM
බොරු පොතක්ම දලා තියෙන්නේ kgp ...........
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Apr 2016 09:32 PM
මගේ සුභ පැතුම්...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2016 09:32 PM
අලි බොරුවක් තියෙන්නේ මේ ඇති වෙන්නම
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:32 PM
කවුරුවත් බොරු කිව්වේ නැහැනේ මෙතැන.. මම හිතන්නේ බොරු කියන්න දන්නේ නැහැ කවුරුවත්..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2016 09:32 PM
ඇල් වතුරත් නිවලා බොන එකේ මොන බොරු ද
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Apr 2016 09:32 PM
Posted By Rosi on 22 Apr 2015 07:13 AM
ඇල් වතුරත් නිවලා බොන එකේ මොන බොරු ද

 

කොහේ ගියත් මාව මතක් වෙන මොකක් හරි තියෙනවා,....ඒ ගැන හිතෙනකොට ආඩම්බරයක් දැනෙනවා  

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:38 PM

විශේෂ පණිවිඩයක් ගැන දැනුම් දීමක්

මට ඊයේ විදුලි සංදේශන කොමිසම් සභාව හරහා අත්සන් සහිතව තොරතුරු තාක්ෂණ ආයතනයෙන් මා මේ වෙබ් අඩවිය ලියා පදිංචි කර ඇති ස්ථානයට රෙජිස්ටර් පෝස්ට් ලියමනක් ලැබුණා  08-04-2016 දිනට කලින් පැමිණ ඔවුන් මුණ ගැහෙන ලෙසට. මේ වෙබ් අඩවියේ නීතිමය තත්ත්වය සම්බන්ධව කියලයි කියල තිබුණේ.

මොනවා හරි අවුලක් නෙවෙයි වෙන්න ඇති නේද කොල්ලනේ?
අපි මේවයේ වැරදි දෙයක් දාල නැහැනේ. මගේ අනෙත් වෙබ් අඩවි වලට නම මේ අවුරුදු 12ටම එහෙම දෙයක් වෙලා නැහැ. ඒකයි මට තියෙන අවුල. මොනවා හරි අදහසක් එහෙම තියෙනවද මේ ගැන.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:38 PM
සියලුම වෙබ් අඩවි රෙගිස්ටර් කරන්න කියලා නෙව්ස් එකක් තිබුනා නෙද ? මම හිතන්නෙ ආන්ඩුවෙන් සියලුම site රෙගිස්ටෙර් කරවන්න වගෙ හදන්නෙ ....අපිට නම් අවුලක් වෙන්න දෙයක් නැහැ ..නමුත් ඉවසිල්ලෙන් සොයලා බලමු අනෙක් අඩවි වලටත් මෙක වෙලාද කියලා ...
…
…
…දැන් ඔයා මෙකට යන්න ඔනෙද ?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:38 PM
ආපු ලියුම අපට බලන්න scan කරලා මෙතන දාන්න
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Apr 2016 09:38 PM
අද පළවෙනිදාට අදාළ එකක් නෙවේ නම්,

 අර සින්දු ඇල්බම් ටික පැත්තකින් තියලා ගිලිල්ලා එන එකේ ගේමක් නැහැ. වෙබ් ඔක්කොම රෙජිස්ටර්   කරලා විස්තර එකතු කරනවා. එහෙම විස්තර නොදෙන ඒවා බෑන් චූන් කරනවලු 

එනකොට හිස් බඩ වතුර බෝතලයක් බීල එන්න කියලත් ඒ ලියුමේ තිබ්බ නේද ? අල්ල්පු වත්තේ මල් වැල් ගැන අහල තිබ්බ නේ..??

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
02 Apr 2016 09:38 PM
මන් දන්නෙ නැද්ද ඕකගෙ හැටි..අද අප්‍රෙල් 1 වෙනිදා නේ ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Apr 2016 09:38 PM
අද දවසනේ.....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Apr 2016 09:38 PM
කොහොම හරි කමක් නෑ .. ඇඩ්මිනය හිරේ යනව නම් ලොකු දෙයක්...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:38 PM
අම්මපා ඔව් නෙද ..කමක් නැහැ උබ හිරෙ පලයන් ....මම මෙතන බලාගන්නම් ...අල්ල්පුගෙදර වැලත් තියෙන එකෙ .............
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Apr 2016 09:38 PM
Posted By Ind007ka on 31 Mar 2016 10:42 PM
අම්මපා ඔව් නෙද ..කමක් නැහැ උබ හිරෙ පලයන් ....මම මෙතන බලාගන්නම් ...අල්ල්පුගෙදර වැලත් තියෙන එකෙ .............


අල්ලපු ගෙදර වැලේ වට්ටක්ක නැහැ ලු....වැටකොළු කරල් කීපයක් විතරලු තියෙන්නේ...,
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Apr 2016 09:38 PM
අල්ලපු ගෙදර වැල රෙදි වනන්නද?
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
02 Apr 2016 09:38 PM
මොකද බන් මේ වැල ගැනම කතා වෙන්නෙ ... අවුරුදු මාසෙ වරක ගස් වල හොදට ගෙඩි එනවනෙ ... වරකා ගෙඩියක් හොයාගන්න බැරි වෙයිද... කාලෙකින් කන්නත් බැරි වුණා ..
0
You are not authorized to post a reply.
Page 8 of 14 << < 678910 > >>