Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Apr 2019 03:22 PM by Imalka අහිංසක බොරු කීමේ තරගය 278 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 1412345 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14124 02 Apr 2016 09:18 PM ඊයේ රාත්‍රියේ සිට මා සිටියේ මේ සටහන තබන්නේ කෙසේදැයි සිතමින්. පසුගිය දින කිහිපයේත් විශේෂයෙන්ම ඊයේ දිනයේත් සිදුවූ සිදුවීම් ගණනාවක්ම නිසාත් මට මේ තීරණය වෙත යාම ඉක්මන් කෙරුණා. මා මේ වෙබ් අඩවිය ආරම්භ කෙළේ බොහොම කැමැත්තෙන්.. ඒ වගේම හොදම හොද හිතවතුන් රාශියක් සිටි නිසා.. නමුත් මට පැමිණි බොහෝ ප්‍රශ්න සහ ඇතැම් අවස්ථාවල මුහුණ දීමට සිදුවූ විවිධ ගැටළු නිසා මේ වෙබ් අඩවියේ රැදී සිටීම මටම ගැටළුවක් උනා.. මගේ පුද්ගලික ජීවිතයේ පවා සිදුවූ විවිධ ප්‍රශ්න නිසා වහාම තීරණයකට එළඹිය යුතු කාලය මෙය බව මට වැටහී ගියා.. මාගේ ජීවිතයද? ස්ටන් එකදැයි මා තීරණය කල යුතු බව අවසානයේ මගේ පවුලේ අය විසින් තීරණය කරන්නැයි ඉල්ලන තැනට පැමිණියා.. අවසානයේ මට තීරණය කිරීමට සිදුවුයේ මගේ පුද්ගලික ජීවිතය සහ රාජකාරි ජීවිතය වෙනුවෙන් මෙම වෙබ් අඩවියෙන් නික්ම යෑමයි.. හිත හදා ගැනීමට ඉතා අසීරු උවත් අකමැත්තෙන් උවද මට දැන් මෙය කිරීමට සිදිව ඇත.. මා වැන්නෙක් නොව, ලොව දැවැන්තයන් පවා ඔවුන් ගොඩ නැගු දේ හැර දමා යාමට සිදුවූ අවස්ථාවන් අප කොතෙකුත් අසා ඇත.. මේ තීරණයට පිවිසීමේදී මට මා සමගම මගේ සිතුවිලි සමගද දැවැන්ත සටනක් කිරීමට සිදුවිය.. මා පැමිණියේ නිවැරදි තීන්දුවට බව මම තරයේ විශ්වාස කරමි. මා ගත් තීරණයක් නැවත ආපසු හරවන්නේ ද නැත. එසේ තීරණයක් ගැනීමට එපමණ කල් ගන්නෙත් එපමණ සිතන්නෙත් එබැවිනි. මෙහි ඇති ත්‍රෙඩ්ස් සහ වෙබ් අඩවියේ අන්තර්ගතය දකින විට මට දැනෙන්නේ අපමණ දුකකි. නමුත් අපහසුවෙන් උවද මම මේ තීරණය ගත යුතුවම ඇත. අමාරුවෙන් හෝ සිත හදාගත යුතුව ඇත. අද දිනයෙන් පසු මට වෙබ් අඩවිය වෙත පැමිණීමට නොහැකි වනු ඇත.. මේ වෙබ් අඩවිය වෙනුවෙන් මම යම් කිසි දායකත්වයක්ලබා දී ඇත්නම් ඒ වෙනුවෙන් මා ඔබෙන් ඉල්ලන්නේ එක දෙයකි.. ඉදිරියේදී මෙම වෙබ් අඩවිය හොදින් පවත්වාගෙන යන්න.. මා නැවත පැමිණෙන එක මට සහතික කල නොහැක.. පැමිණියද ක්‍රියාකාරී වීමට නොහැක. මෙම වෙබ් අඩවිය දැන් සිටින ස්ටාෆ් සහ අනෙකුත් ක්‍රියාකාරී සාමාජිකයන්ට මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් නොමැත.. එබැවින් මෙම වෙබ් අඩවිය දැනට සිටින ඔබ සැම, සියලුම සාමාජිකයන් විසින් ස්ටාෆ් සාමාජිකයන් හට උපරිම සහයෝගය දෙන්න. වෙබ් අඩවිය සදහා නව ඇඩ්මින් වරයකු අවශ්‍ය වන්නේ නම් පත්කර ගන්න.. එවිට අද දින සමුගැනීමට කලින් මට ඔහු වෙත මෙහි සියලු වැඩ කටයුතු පැවරිය හැකිය. ඔහු සමගින් ඉදිරියට යන්න. මා සැමදාමත් ඔබ සමග සිටින බවට වූ පොරොන්දුව කඩ කිරීමට සිදුවීම ගැන නම් අතිශය කණගාටු වෙමි. අප නොසිතන විදියේ ගැටළුවලට මුහුණ දීමට සිදුවීමේදී පොරොන්දු පසෙකලා අපේ ජීවිතයත් ජීවන රටවත් ගැන වැඩියෙන් සිතීමට සිදුවේ. මගේ තත්ත්වයේ මගේ මට්ටමේ ඔබද සිටියේ නම් ඔබටද ගැනීමට සිදුවන්නේ එවන් තීන්දු තීරණ බවට මට හොදටම විශ්වාසයි.. වෙබ් අඩවිය ආරාම්භ කර මෙතරම් සුළු කාලයක් තුළදී මෙවන් තීරණයක යාමට සිදුවේ යයි මම සිහිනයකින් වත් නොසිතුවෙමි. අප සැම ගොඩ නගා ගත් මිතු දම එලෙසම පවතිනු ඇත.. ඉදිරියේදී ඇතිවන තත්ත්වයන් අනුව ඔබේ සුහද හමුවකට හෝ සහභාගී වීමට උත්සාහ ගනිමි. නමුත් පොරොන්දු විය නොහැක.. ඔබ සැම දුන් සියලුම උදව් උපකාර වලට අනේක වාරයක් ස්තුතියි.. අප සැමට කවදා හෝ මේ හැමදෙයකින් ම වෙන්ව යාමට දවසක් උදා වේ.. මෙයද එවන් අවස්ථාවකයි මම සිතමි. අප කැමති උනත් අකමැත්තෙන් උවත් යාමට සිදුවන ගමනක් ලෙස මෙය මම සලකමි. වෙබ් අඩවියේ ඇතිවූ යම් යම් දේත් මගේ අතිශය පුද්ගලික කාරනා කිහිපයක් නිසාත් මෙම තීරණයට එළැඹි බව පමණක් සඳහන් කරමි. අදින් පසුව මම මෙහි ක්‍රියාකාරී බවින් මිදෙමි. මෙතෙක් ඔබ මා හට දුන් සියලුම උදව් උපකාර වලට නැවතත් ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.. 0 maduranga001Most Senior MemberPosts:14124 02 Apr 2016 09:21 PM ඉතින් සමුගෙන යන්නට අවසරයි.. ! 0 maduranga001Most Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM ඔබ සැමට සුභ සිංහල - හින්දු අළුත් අවුරුද්දක් වේවා! ආරාම්භ වෙන්නේ අප්‍රේල් මාසය. කවුරුත් දන්නා බක් මාසය.. කාගේත් හිතට දැනෙන්නේ අවුරුදු මාසය කිව්වොත්.. අප්‍රේල් පටන්ගන්නෙම බොරු කියන දවසෙන්.. අකමැත්තෙන් උනත් බොරුවක් කිව්වා.. වෙන දෙයක් නිසා නෙවෙයි.. සැලසුම උනේ අද සිට "අළුත් අවුරුදු උත්සවයක්" ස්ටන් භුමියේ පවත්වන්න.. තරග රාශියක් සුදානම්. අලුත් අවුරුදු උත්සවයක පැවැත්වෙන අංග මේ අඩවිය හරහා ගෙන ඒමට සුදානම්.. අද සිට සති දෙකක්, එනම් අප්‍රියෙල් 15 වෙනිදා දක්වා මේ තරග පැවැත්වෙනවා.. ඉදිරි දින කිහිපය තුළදී එකින් එක ඉතිරි තරග ගෙන එනවා.. මේ පළමුවෙනි තරගය. බොරු කීමේ තරගය.. ඔන්න ඕනෙම ටොම් පචයක් ඇදබාන්න පුළුවනි මෙතැන.. සිල් පද කැඩෙන්නේ නැහැ. පව් සිද්ධ වෙන්නේ නැහැ.. මෙතැන පච කියන්නේ තරගයට.. විනෝදයට.. අවසාන දවසේ හොදම පචය තෝරනවා.. ඔබේ බොරුව නිර්මාණාත්මක බොරුවක් නම් වඩාත් හොදයි.. කිසිම කෙනෙක් ඇත්තට රැවටෙන එකක් නැහැ.. මොකද මේක ටොම් පච බව හැමෝම දන්නවා නේ.. ගල් පැලෙන බොරු කියලා දිනන්නේ කවුද බලමු.. ඕනෙම කෙනෙකුට කැමති ප්‍රමාණයේ බොරු ගණනක් කියන්න පුළුවනි. සියලු අලුත් අවුරුදු ක්‍රීඩා අලුත් කැටගරියක් යටතට වැටේ.. "ස්ටන් අවුරුදු උත්සවය" තමයි ඒ අලුත් ෆෝරම් කැටගරි එක. මේ ත්‍රෙඩ් එක එතනට මාරු කරනවා.. "සමුගැනීමේ සටහන" කියන මාතෘකාව "මහා ටොම් පචය තේරීමේ තරගය" ලෙස වෙනස් කරනවා.. කමක් නැහැ නේ.. (මේ ක්‍රියාවලියේදී ඇතිවූ තාක්ෂණික දෝෂයක් නිසා විනාඩි කිහිපයක් ඇතුළත එකතු කරන ලද සමහර කොමෙන්ටු නැතිවී තිබීමට පුළුවන්. මෙය නොවැලක්විය හැකි හේතුවක් නිසා සිදුවූවක් බව සලකන්න.. හානිය හැකිතාක් අවම කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගත්තෙමි.) ඒ අතරතුර අද උදෑසන පටන් සවස් වනතුරු කිහිප දෙනෙක් දුරකථන ඇමතුම් දී තිබුණා.. ඒවාට පිළිතුරු නොදීම පිළිඹදව අමනාප නොවෙන ලෙස ඉල්ලීමක් ද මේ අතරේ කරනවා. වෙබ් අඩවියේ සාමාජික දුරකථන පණිවිඩ වලින් වැළකී සිටින්නට සිතුවා මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරන තෙක්. අලුත් අවුරුදු උත්සවයට තවත් තරග හඳුන්වා දීමට සුදානමක් ඇත්නම් එවැනි නව අදහස් ඇත්නම් මට ඒ බව කියන්න.. තරග පමණක් නෙවෙයි.. බක් මාසය, බක් මහා සැණකෙළිය සහ අපේ හෙළ සංස්කෘතියට අදාළ ලිපි වගේම නව අදහස් මෙම කැටගරිය සදහා ගෙන එන්න පුළුවන්.. මෙතන විනෝදය වගේම දැනුම ලබා ගන්න තැනක් විය යුතුයි.. ඒ නිසා ඉල්ලීමක් කරනවා මේ තරග නිසා දැනුම ලබා ගත හැකි ලිපි එහෙම ගෙන එන එක අත හරින්න එපාය කියලා.. ඒවා අතිශය වැදගත්.. මෙතැන වටිනා කියන තැනක් වෙන්නේ එතකොටයි.. මේ තරගය ආරම්භ කරන්නට සිතුවේ අද උදෑසන.. නමුත් මෙම ත්‍රෙඩ් එක ඕපන් කල වේගයෙන් මෙහි අලුත් ග්‍රැෆික් වැඩ ටික අමුනගන්න මට බැරි උනා.. මම වෘර්තිය ග්‍රැෆික් ශිල්පියෙක් නොවෙයි. ඒකයි මෙහෙම කාලයක් ගතවුනේ.. ඉතින් එහෙනම්.. බක් මාසය ආරම්භ උනා.. බොරු කීමේ තරගයෙන් අවුරුදු උත්සවයේ වැඩ ආරම්භ වෙන්නේ... නිර්මානාත්මක අදහස් වෙනුවෙන් වැඩි ඉඩ කඩ.. මෙහි පලකරන ඔබ දුටු ඔබ කැමතිම බොරුවට ලයික් කරන්න. ඒවා හොදම බොරුව තේරීමේදී වැදගත් වේ.. ලයික් කරන හැටි හැමෝම දන්නවනේ.. (තම්බ් සලකුණ එක උඩින් ක්ලික් කලාම එක් ලකුණක් ලැබේ.) බලමු ගල් පැලෙන බොරු කියන්න පුළුවන් කාටද කියලා.. අවාසනාවට මට මේ තරගයට සහභාගී වෙන්න විදියක් නැහැ. මොකද මම ජීවිතේට බොරුවක් කියලා නැහැ.. කියන්නෙත් නැහැ.. ඉස්සරහටත් නැහැ.. බොරුව කියන්නේ මොකක්ද කියල වත් හරි හැටි අවබෝධයක් නැතිව මට මේ තරගයට සහභාගී වෙන්න හැකියාවක් නැහැ.. බැරි දේ නොකර මම ඉන්නම්. ඉදිරි තරග වලදී වත් බලමු.. 0 maduranga001Most Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM විනාඩි 10-15ක වගේ ඇතුලත දේවල් තමයි නැති උනා නම් නැති වෙන්න ඇත්තේ.. පෝස්ට් කොමෙන්ටු එහෙම නම් ලොකු බලපෑමක් උනේ නැතිව ඇති.. Shout Box එකේ සමහර දේවල් නැතිවූ බව දැක්කා.. සමාවෙන්න ඕනේ.. ගොඩ දාගන්න ෆුල් ට්‍රයි දීලා අවම මට්ටමෙන් බේරා ගත්තේ.. මට සයිට් එක රිස්ටෝර් කරන්න උනා ඊට විනාඩි 10කට විතර කලින් තත්ත්වයට.. ඒකයි හේතුව.. 0 maduranga001Most Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM මම බොරු කියන්න දන්නේ නැහැනේ. 0 maduranga001Most Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM අපේ ගම වල නම් තියෙනවා මචන්.. කවුරුවත් රවට්ටන ඒවා නෙවෙයි.. හැමෝම බොරු කියලා දන්නා නමුත් විශ්වාස කරන්නම බැරි බොරු.. අර හඳේ කුඹි රංචුවක් යනවා පේනවද කියල වගේ අහන ඒවා.. ලොකුම හිනාව,ලොකුම බොරුව,හොදම ඇඩීම වගේ ඒවා.. හුදු විනෝදාශ්වාදය සදහා පමණයි. ඔය කැට ගැහිල්ලත් සූදුවක් උනත් දැන් අවුරුදු උත්සව වල තියෙන්නෙම ඒවා නේ. නමුත් ඒක අවුරුද්දට නොගැලපෙන දෙයක් කියලා හිතෙනවා නම් අපි දාමු Games වලට. කවුරුත් වගේ එකග නම් සාමාන්‍ය ගේම් එකක් විදියට ගන්න පුළුවන්.. සිංහල අවුරුදු උත්සවය කියල නොදා.. 0 maduranga001Most Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM ඔව්.. සෙවන්ටි සික්ස් අයියා තරග පටන් ගන්නත් කලින්ම ඉදලා බොරු කියන්නේ.. 0 maduranga001Most Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM මේක නිකන් Games වලට දාමු කියලද කියන්නේ? එතැනට මුව් කරන්නද? 0 maduranga001Most Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM ඒ කිව්වේ games වලද? නැත්නම් "අවුරුදු උත්සවය" කියන එකේමද? දැන් මේකේ කියන නිසා ඇත්ත බොරුව හොයා ගන්න බැහැ.. කෝ අපට ඇත්ත කියන්න වෙන ත්‍රෙඩ් එකක.. මේකේ කියන ඒවා කොහොම විශ්වාස කරන්නද? 0 maduranga001Most Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM කැමති තැනකට මුව් කරපල්ලා මචන්.. මගේ තහනමක් නැහැ.. හැබැයි කියන බොරුවක් මේ ත්‍රෙඩ් එකේ විතරයි.. ආයේ වෙන වෙන තැන් වල බැහැ ඔන්න.. 0 maduranga001Most Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM උබල ඔක්කොම මාව එලවගන්නකන් දත කට මැදගෙන වගේ ඉදලා තියෙන්නේ.. හ්ම්ම්.. හිටපල්ලකො.. 0 maduranga001Most Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM දැන් ඒ සැරේ මට බිල් ගෙවන්නත් වෙලා වගේ.. මල මගුලයි.. 0 maduranga001Most Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM Posted By indika76 on 01 Apr 2015 08:43 PM මධුරංග මල්ලි ඇත්තටම ඔයා අයින් වෙලා යන්නකෝ.. මේ සයිට් එක කිසිම වැඩක් නැ... අපේ කාලයයි ඉන්ටර්නෙට් බිලයි දෙකම අපතේ යනවා.. ඉතින් බොලව්.. ලොග් නොවී හිටපල්ලකො.. ඉවරනේ.. හා.. හාහ්.. හා.. 0 maduranga001Most Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM Posted By Ind007ka on 01 Apr 2015 09:25 PM parana site එකෙ නිශන්ත (Sri lankan1) මට email එකක් එවලා එයගෙ site එකත් එක්ක මේ site එක කැමතිනම් ලින්ක් කරගෙන එකම site එකක් විදියට කරගෙන යන්න කියලා අපෙ admin එක්ක හොද සිංහලෙන්ද තිබුණේ? 0 maduranga001Most Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM Posted By indika76 on 01 Apr 2015 10:15 PM Posted By maduranga001 on 01 Apr 2015 08:59 PM ඉතින් බොලව්.. ලොග් නොවී හිටපල්ලකො.. ඉවරනේ.. හා.. හාහ්.. හා.. එහෙම කරන්න බැහැනේ.. ෆයර්ෆොක්ස් එකේ හෝම් පේජ් එකට දාලා තියෙන්නේ මේක.. ෆයර්ෆොක්ස් ඕපන් කල ගමන් මේක නේ එන්නේ.. ෆයර්ෆොක්ස් අන්-ඉන්ස්ටෝල් කරලා දාන්න. එතකොට ලයිට් බිල් වතුර බිල් ඉන්ටනේට්බ් බිල්.. කිසි ප්‍රශ්නයක් නැහැ.. 0 maduranga001Most Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM Posted By Ind007ka on 01 Apr 2015 10:55 PM ඔව් ඔව් ..මම ඉතින් හොන්ද සින්හලෙන් කතා කරන එකනේ අපටත් දාන්නකෝ ඔය එවන ලියුම් වලින් එකක් දෙකක්.. සුද්ධ සිංහල මතකත් නැහැ දැන්. 0 maduranga001Most Senior MemberPosts:14124 02 Apr 2016 09:28 PM පරණ ඒවා නෙවෙයි.. අළුත් ඒවා ඉල්ලුවේ.. 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Apr 2016 09:28 PM ඔව් ඔව් ..මම ඉතින් හොන්ද සින්හලෙන් කතා කරන එකනේ 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Apr 2016 09:28 PM parana site එකෙ නිශන්ත (Sri lankan1) මට email එකක් එවලා එයගෙ site එකත් එක්ක මේ site එක කැමතිනම් ලින්ක් කරගෙන එකම site එකක් විදියට කරගෙන යන්න කියලා අපෙ admin එක්ක 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Apr 2016 09:28 PM එකනෙ ලොග් නොවි හිටහන්කො 0 You are not authorized to post a reply. Page 1 of 1412345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය