You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2019 03:22 PM by  Imalka Hewage
අහිංසක බොරු කීමේ තරගය
 278 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 14 << < 56789 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2016 09:32 PM
Posted By maduranga001 on 06 Apr 2015 08:05 AM
එහෙම හිතන් හිටියට වැඩක් වෙන්නේ නැහැ..

මම පණ තියෙනකන් මැරෙන්නේ නැහැ කියලා හදහනේ කියලා තියෙනවලු..

 

oya loku lokoth hadahana hinda waradda gatha......mathak kranna deyak na ne.

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Apr 2016 09:32 PM
Posted By maduranga001 on 05 Apr 2015 09:12 PM

බොහෝ දෙනා මා සති අන්තයේ නොසිටි බැවින් කොහේ ගියාදැයි අසන්නට උනා..

පසුගිය දවස් තුන මා ගෙවුයේ කවදාවත් නොසිතු අන්දමින්.. මේ කථාව විශ්වාස කරන්නත් බැහැ.. මුසාවක් කීමට මට කොහෙත්ම අවශ්‍ය නැහැ. ඔබට මේ කතාව කියන මාද මේ කතාවද විශ්වාස කරන්නැයි ඉල්ලා සිටිනවා..

 

***********************************************************

 

දවසේ වැඩකටයුතු වලින් අධික තෙහෙට්ටුව දැනුනු නිසා තරමක් මානසික සුවයක් ලැබීමටයි සිතා මිදුලේ ඇති අඹ ගස යට ඇති බංකුවට ගොස් වාඩි වුනෙමි.

ඒ වෙලාව බ්‍රහස්පතින්දා සවස පහට පමණ ඇති.. අඹගස යට තරමක් අඳුරු සෙවනැල්ලක් එක් වරම දුටුවා.. එවිටම විශාල පක්ෂියෙක් ඇවිත් මගේ වම් උරහිස මත වැහුවා.. හවස් වරුවේ ඉර එලියට උගේ රත්තරන් පාට පිහාටු දිස්නය දෙනවා... මද වෙලාවකින් උගේ දිලිසෙන හොට අග තිබුණු සන්දේශයක් මා අත තැබුවා..

"මා එවූ රථයේ නැගී එන්න.. ඔබ එනතුරු මා බලා සිටිනවා.." ඒ ලියමනේ සටහන්ව තිබුණා..

 

පක්ෂියා ක්ෂණිකව උරහිසින් පහළට පැන පියාපත් ඈත් මෑත් කොට පිට මත විශාල හොදින් ඉඩකඩ ඇති ආසනයක් ලෙස සකසා ගත්තා.. මැණික් කැට වගේ දිළිසෙන වටකුරු ඇස් මා දෙස හරවන විට මට වැටහුණා අදහස් කළේ කුමක්ද යන්න.. දෙවරක් නොසිතා මා පිට මත ඇති ආසනය මතට ගොඩ වුනා..

ආසනයම පුළුන් ගොඩක් වගෙයි.. මුළු ආසනයම විල්ලුද ඇල්ලුවා වගෙයි.. පුදුම සනීපයක්.. ක්ෂණිකවම මේ පක්ෂියා අහසට නැගුනා.. පහල බලන මට පෙනුණේ ගිනි පෙට්ටි ලෙස පෙනෙන අපේම ගෙවල්.. ක්ෂණිකව එයද නොපෙනී ගියා.. වලාකුළු ඇඟේ වදිනකොට දැනුනේ අධික සීතලක්..

තත්පර කීපයක් තුළ මට පෙනුණා මම ඉන්නේ වලාකුළු වලටත් උඩින් බව.. පහළ බැලුවත් කිසිම දෙයක් පෙන්නෙන් වත් පැහැදිලිවත් නැහැ. පක්ෂියාගේ වේගය ගැන හිතන්නටත් ප්‍රථම වේගයෙන් පහළට පහත්වුනා.. සීතල අයිස් කන්දක් වැනි යමක් මා පහලින් තිබෙනු දුටුවා.. කඳු පාමුල වෙත එම පක්ෂියා වේගයෙන් පහත් වුනා..

මගේ මතකය අනුව පින්තුර වලින් දැක ඇති අන්දමට මෙය  'ෆුජියාමා' විය යුතුය. තනිකරම අයිස් වලින් වැසී ගොසින්..

 

පක්ෂියා බිමට පත්වූ වහාම මම බිමට පැන ගත්තා.. ඇසිල්ලකින් පක්ෂියා අහසට නැගී පිටව නොපෙනී ගියා..

මට මහා තනිකමක් දැනෙන්නට පටන් ගත්තා... කාත් කවුරුවත් නැති භූමියක්.. සාමාන්‍ය ප්‍රමාණයේ වනාන්තරයක් වගෙයි..

 

හෙමින් හෙමින් මා ඉදිරියටම පියනගන්නට උනා.. රූස්ස ගස් වැනි විශාල ගස්.. ෆුජියමා ලෙස මා හිතාගෙන සිටින කන්දට තවත් කිලෝමීට 10ක් පමණ ඇති.. ඒ දෙසට ලගාවන්නට ඇති කෙටි අඩි පාරක්.. යන්තමින් දෙදෙනෙකුට පමණක් එකට ගමන් කල හැකි තරමේ පළල පාරක්.. වෙන යාහැකි මගක් නොවුයෙන් මම ඒ මග ඔස්සේ ඉදිරියට පියනගන්නට වුනෙමි. පාර පුරාම මල්.. හරියටම සකුරා මල් වගේමයි..

 

"කරස්.."

අඩි පාරේ එක් තැනක තිබූ වියළි දරකෝටුවක් මටද නොදැනීම පෑගී කුඩා කැබැල්ලක් අසල ඇති රූස්ස ගසක් වන් වූ ගසේ කඳ මැද වැදී බිම වැටුණි...

ඉන් ඇතිවූ ශබ්දයෙන් බියවූ මීමින්නෙකු වැනි සතෙක් කැලේ කඩාගෙන දුවන්නට විය..

ඒ සිදුවීමෙන් මමද මද තැති ගැන්මට ලක්විය..

 

මේ වනවිට සවස හයට පමණ ඇති.. මේ රෑ පහන් කරන්නේ කොහෙද? නැවත මා යායුතු පාර අහන්නේ කාගෙන්ද..? මා මේ ඉන්නේ කොහේද..? මට එන්නට කීවේ කවුද?මා එනතෙක් බලා සිටියේ කවුරුන්ද..? ප්‍රශ්නාර්ථ පමණකි..

 

සිහින් සුළගක් හමා යන්නට විය.. විශාල ගස් අතර ඇති පදුරු දෙපැත්තට සෙලවෙන්නට වුයෙන් තරමක් ඈත කදිමට දිස්වන්නට විය.

ඒ අතරතුර වටකුරු වහලයක් වැනි යමක් ගස් වල කොළ අතරින් මම දුටුවෙමි.

මදක් දුර ඇවිදගෙන යනවිට මා දුටුවේ කුඩා නිවසෙකි.. අඳුර වැටෙන්නට වුයෙන් කුඩා එළියක් නිවෙස තුළ දල්වා ඇති සේ ඈතට දිස් වේ.

 

පෙනෙන තෙක් මානයේ මිනිස් වාසයක් ඇති බවක් නම් නොපෙනේ.. නමුත් අතුපතර විහිදී ඇති ගස් නිසා වඩා ඈත නොපෙනෙන බැවින් එය නිශ්චිතවම සඳහන් කළ නොහැක..

 

මම තවත් ලංවුනෙමි. මනාව කෙළින් අතට හිටුවා ඇති ඉණි වැටට තරමක් මධ්‍ය පෙදෙසට වන්නට සැදූ හතරැස් ලී ගේට්ටුවක් මට දැක ගන්නට පුළුවන් වුනා. එය අතින් තල්ලු කළ වහාම "ක්‍රීං.." යන අනුකරණයෙන් අඩකට වඩා ඇරී නතරවුණි.. මම ඉතිරි කොටස අතින් තරමක් වැර යොදා තල්ලු කළෙමි.. සවිකර තිබු අසව්වේ තරමක් දෘඩ ගතියක් දැන්නේනට විය.. කාලයකට අලුත්වැඩියා නොකරන ලද ගේට්ටුවක් විය යුතුය..

 

නිවසේ ඉදිරි පස තරමක් විශාල අකුරින් යමක් ලියා ඇති සේ පෙනෙන්නට වුයෙන් එය වැඩි අවධානයෙන් බැලීමේ අටියෙන් ඒ දෙසට ගියෙමි...

"ප්‍රීතිමත් සිංහල අළුත් අවුරුද්දක් වේවා..!" හොද පැහැදිළි මුතු කැටවන් සිංහල අකුරින් ලියා තිබුණි. මේ අකුරු බොහෝ දුරට මට එවූ සංදේශයේ අකුරු හා සමානකමක් මට පෙනෙන්නට විය.

 

ඉනිවැට පැන අඩි දහයක් දොළහක් පමණ මා ඉදිරියට පියනැගුවේ එහි නිවැසියන්ගෙන් යම් උදව්වක් ඉල්ලාගන්නා අටියෙනි..

 

නිවෙස තුළින් යම් ඡායාවක් එහා මෙහා වුයෙන් යම් බියක් සේම සැනසිල්ලක්ද දැනුණි.. මේ අවස්ථාවේ එන ඕනෑම කෙනෙකුගෙන් උදව් ඉල්ලාගත යුතුව ඇත..

 

තත්පර ගණනාවක් යම් චකිතයකින් මා නිවෙස දෙස දෑස දල්වා බලා සිටින විට මට දැකගත හැකි වුයේ කිමෝනාවක් වැනි යමක්  හැඳ ගත් මැදිවියේ ගැහැණියකි.. ඇය ඉදිරිපස වූ කුඩා එළිමහන් ඉස්තෝප්පුවට පැමිණ එක එල්ලේම මා දෙස බලන්නට විය.. මා උදව්වක් ඉල්ලීමට පැමිණි කෙනෙක් බව ඇයට පසක් වන්නට ඇතැයි මට සිතුණි.

 

සුළු මොහොතක් ඇය මා හදුනා ගත් ලෙසක් මට පෙනුණි.. ක්ෂණිකයෙන් අගේ මුහුණේ ඉරියව් වෙනස් විය..කාලයක් තිස්සේ මා දන්නා කෙනෙකු සේ ඇගේ ඉරියව්වෙන් දිස් විය. මෙවන් කාන්තාවක් ගැන නම් මට හරියටම නිශ්චිත මතකයක් නැත..

ඉන් පසු ඇය මදෙසට හිස සලා එදෙසට එන ලෙස ඇරයුම් කළා.. නමුත් මාගේ සැකය තවත් උත්සන්න වුයෙන් සිටි තැනම රැදී සිටින්නට  සිතුවෙමි.

 

මගේ නිසොල්මන තේරුම් ගත් නිසාදෝ ඇය නිවසේ දොරකඩ දෙස බලා තවත් කෙනෙකුට අඩගහන්නට සැරසුණා..

 

"සුජාතා.. සුජාතා.. දුවේ....බලන්න මෙන්න භේරුණ්ඩ එයාව එක්කගෙන ඇවිත්."

 

මට හීන්දාඩිය දාන්නට වුනි.. මම මොන අකරතැබ්බයකට මුහුණ දෙන්නට යන්නේදැයි සිත දෙගිඩියාවෙන් පෙළෙන්නට වීමි.

 

නිමේෂයකින් දොරකඩ දකින්නට වූ දර්ශනයෙන් මගේ හදවත නතරවුණි.. ඉතා පියකරු හුරුබුහුටි එමෙන්ම ඉතා ලස්සන පැහැපත් තරුණියකි. මැය ගැන මට යමක් මතක නම් ඒ පුවත්පතක දැක ඇති ලිපියකින් පමණකි...

මේ සුජාතා දියණිය නේ..

 

"සුජාතා.. ඔයා..?" මට අදහගන්නවත් බැහැ.. අනෙක පණිවිඩ යවා මාව ගෙනවාගත්තේ.. මේ මොකද?

පුදුම ප්‍රහේළිකාවක්...

 

ඇය බොහොම පියකරු සිනහවක් පා මදක් ඉදිරියට නැමී අචාර කොට නිවෙස තුළට එන ලෙස මට අතින් සංඥා කළා..

 

පෙනෙන අයුරින් නම් මට අවුරුදු කන්න වෙන්නෙත් මෙහේ වගේ.. නොයෙකුත් සිතිවිළි හිතට නැගෙන අතරතුරේ වෙන කල නොහැක්කක් නොවුයෙන් මම නිවෙස තුළට පියනගන්නට වුනෙමි..

 

*************************************************************

 

කතාව කියවගෙන ගිය ඔබ ටිකක් ඉන්න.. මේ සත්‍ය කතාවක්.. බොරුවක් වගේද හිතෙන්නේ.. මට සිදුවූ සත්‍ය සිදුවීමක්.. කරුණාකර මෙය විශ්වාස කරන්න.. මෙවන් මුසාවක් කියන්නට මට වුවමනා නැත.. බ්‍රහස්පතින්දා සිට ඉරිදා රාත්‍රිය තෙක් ගෙවී ගියේ ජීවිතයේ කවරදාකවත් නොසිතු අන්දමින්.. එහි මුල් පැය ගැනයි මේ සදහන් කලේ.. තවමත් විශ්වාස නැද්ද? මම ඔය සුජාතා දියණිය ගැන කිසිවක් දන්නේ නැහැ. කවදා වත් මේක නරඹා වත් නැහැ..

මධුරංග මල්ලී කෝ බොරුවේ (වැරදුනා) ඉතිරි ටික.. අපි හරි ආසාවෙන් බලා ඉන්නවා..

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:32 PM
බැහැනේ ඉන්දික 76 අයියේ.. හැමෝම මේක බොරුවක් ගානට දාගෙන නේ ඉන්නේ.. ගේ ඇතුළේදී තමයි හොදම සීන් ටික උනේ මට.. භීතිය සන්ත්‍රාශය ලැජ්ජාව භය ප්‍රීතිය.. මේ හැම සිතුවිල්ලක්ම දැනුණු හෝරා කීපයක් ඊළගට ගෙවුණේ..
මේක ගැන මතක් කරගෙන ටයිප් කරනකොට මගේ ඇගේ හිරිගඩුත් පිපිනා.. කොච්චරද කිව්වොත් කීපයක් පිපිලා පිපිරිලත් ගියා..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:32 PM
Posted By maduranga001 on 06 Apr 2015 08:17 PM
බැහැනේ ඉන්දික 76 අයියේ.. හැමෝම මේක බොරුවක් ගානට දාගෙන නේ ඉන්නේ.. ගේ ඇතුළේදී තමයි හොදම සීන් ටික උනේ මට.. භීතිය සන්ත්‍රාශය ලැජ්ජාව භය ප්‍රීතිය.. මේ හැම සිතුවිල්ලක්ම දැනුණු හෝරා කීපයක් ඊළගට ගෙවුණේ..
මේක ගැන මතක් කරගෙන ටයිප් කරනකොට මගේ ඇගේ හිරිගඩුත් පිපිනා.. කොච්චරද කිව්වොත් කීපයක් පිපිලා පිපිරිලත් ගියා..

 

ඇයි ඇගෙ ම්යිල් කෙලින් වුනෙ නැද්ද ? මගෙ නම් මයිල් කෙලින් වෙනව මෙ වගෙ බොරු අහනකොට  

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2016 09:32 PM
නරකද චන්දෙ ඉලුවනම් ................සුදුසුකම් හොදටම තියනවා .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:32 PM

ඕක විතරක්ම මදි මල්ලි.. වංචා දුෂණ පිලිබදව හය මාසෙක කෝස් එකක් කරනවා. එක ඉවර වුනාම බලමු නාම යෝජනා දේවිද කියලා..

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2016 09:32 PM
වංචා දුෂණ coz එකත් කරපන් අපි ටිකවත් චන්දෙ දෙනම්කො......
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Apr 2016 09:32 PM
Posted By Ind007ka on 06 Apr 2015 08:21 PM

ඇයි ඇගෙ ම්යිල් කෙලින් වුනෙ නැද්ද ? මගෙ නම් මයිල් කෙලින් වෙනව මෙ වගෙ බොරු අහනකොට  

ගේ ඇතුලේ සීන් එක කිව්වා විතරයි මොකක්ද මචෝ උඹේ කෙලින් උනේ..

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:32 PM
Posted By indika76 on 06 Apr 2015 11:43 PM
Posted By Ind007ka on 06 Apr 2015 08:21 PM

ඇයි ඇගෙ ම්යිල් කෙලින් වුනෙ නැද්ද ? මගෙ නම් මයිල් කෙලින් වෙනව මෙ වගෙ බොරු අහනකොට  

ගේ ඇතුලේ සීන් එක කිව්වා විතරයි මොකක්ද මචෝ උඹේ කෙලින් උනේ..

 

 

 

මෙ ගොම්මන් වෙලාවෙ උබ මොනවද මෙ අහන්නෙ ? 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2016 09:32 PM
indikaa aiyawa gdarin ghala pannala ada wadapele inne...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:32 PM
කෝ අපේ කට්ටියට බොරුවට වත් බොරුවක් කියාගන්න බැරිද?
උපාසක ඇත්තෝ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2016 09:32 PM
මදුරංගගේ බොරුවරට ගහන්න බොරුවක් නෑ ...............එකයි අපි සාදයක් නැතුව ඉන්නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:32 PM
පුළුවන් ද බැරිද බලන්න ගොතලා බලන්න ඕනේ.. මේකේ දාන දේවල් නිසා පව් සිද්දවෙන්නේ නැහැ. හැමෝම දන්නවා මෙතන වෙන්නේ මොකක්ද කියලා.. කවුරුවත් මුලා කරලා අමාරුවේ දැමීමක් මෙතන නැහැනේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:32 PM
දැන් මෙ මුලවෙ දාල තියෙන ප්‍රමනය ඇති ..ඔය මෙ තරගයෙන් ගව් ගානක් දුරින් දිනුම්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:32 PM
කොහෙද බොලව් මම මේකේ බොරු කියලා තියෙන්නේ.. මම ගහපු එක කෙබරයක් පෙන්නපල්ලා බලන්න මට..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Apr 2016 09:32 PM
Posted By maduranga001 on 08 Apr 2015 02:50 AM
කොහෙද බොලව් මම මේකේ බොරු කියලා තියෙන්නේ.. මම ගහපු එක කෙබරයක් පෙන්නපල්ලා බලන්න මට..


ගජබින්න විතරයි තියෙන්නේ..

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Apr 2016 09:32 PM
Posted By maduranga001 on 08 Apr 2015 02:50 AM
කොහෙද බොලව් මම මේකේ බොරු කියලා තියෙන්නේ.. මම ගහපු එක කෙබරයක් පෙන්නපල්ලා බලන්න මට..

 

මේකම මදිද,?

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 09:32 PM
බලපල්ලා උබලා කියන ඒවා එකක්වත් එළිපිට කිව්වේ නැහැ නෙව මෙතන. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා තෝරාගන්න වත් තරගයට බොරුවක් වගේ එකක් කියපල්ලා..
අම්මපා.. ඇත්තටම මට පුළුවන් කමක් තිබුණ නම් බොරු කියන්න මම දනී බොරු කියන හැටි මෙතන..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 09:32 PM
අපිට ඒ තරම් ඩක්ශතවයක් නැහැ ...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2016 09:32 PM
මේකේ ඉන්නේ අල්වතුරත් නිවල බොන අය බොරු කියන්න දන්නේ නෑ .........
0
You are not authorized to post a reply.
Page 7 of 14 << < 56789 > >>