You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Dec 2021 12:52 PM by  Poddi
......මගේ හිතට කථා කරන අකුරු ....
 204 Replies
Sort:
Page 7 of 11 << < 56789 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
02 May 2016 03:22 AM
  •  Quote
  •  Reply

තත්සර ප්‍රේමය



17 කොටස



එදින රාත්‍රී ආහාරයෙන් පසු ටික වෙලාවක් කතා බහ කරමින් හිද අපි නින්දට ගියේ පසුදා උදසනින්ම ආපසු නුවර බලා පිටත්ව යාමට යෝජනා වී තිබු නිසාය ..
තත්සර අයියාගෙන් කෝල් එකක් . මම අන් අයට නොදැනෙන සේ හිමිට නැගිට විශ්‍රාම ශාලාවේ ආලින්දය දෙසට පිය නගමින්ම දුරකථනය answer කළෙමි.

.'' හෙලෝ මගේ අයියේ ..''

'' කොහොමද මැට්ටි ..''

''හොදින් මගේ අයියේ මම ..''

'' හෙට ඔයාලා ආපහු නුවර යනවා නේද ?.. අනේ හෙටත් මගේ කෙල්ලගේ මුණ බලා ගන්න පුළුවන් වෙයිද දන් නෑ ..හිහි ..''

තත්සර අයියා එසේ කියමින් සිනාසුණේ ගොඩක් අහිංසක විදිහටයි..''

'' මොකද මගේ මැණික කතා නැත්තේ ..?''

මම කිසිවක් නොපැවසූ හෙයින් තත්සර අයියා ඒ නිහැඩියාව යළිත් බිද දමන ලදී ..

'' රහසක් කියන්නද මගේ අයියට මම ..''

'' හ්ම්ම් කියන්න බලන්න මගේ පැටියෝ ..''

''ගොඩක් ගොඩක් ගොඩාක්ම ආදරෙයි මගේ සුදු අයියේ ඔයාට මම ...''

'' ඒක ඔයා කීවත් නැතත් මට දැනෙනවා මගේ රත්තරන් .. මගේ මුළු ජීවිතේම ඔයා වෙලා ඉවරයි මගේ සුදු මැණිකේ ''

'' ම්ම්ම් මගේ අයියේ .. ඔයාත් මගේ ජීවිතේම .. මේ ආදරේ කවදාවත් අඩු කරන්න එපා මගේ අයියේ.''

'' ආහ් ඒක නෙවෙයි අයියේ .., ආකාශ් අයියලාගේ තාත්තා කිවා යන ගමන් රංගිරි දඹුලු විහාරෙත් වදින්න යනවා කියලා.''

'' ශා නියමයිනි මැට්ටි .. හෙටත් මගේ මැට්ටිව බලන්න මම එනවා ..''

'' ඔව් හෙට පාන්දරින්ම මෙහෙන් පිටත් වෙනවා කිවා ..''

'' මැට්ටි පාන්දරින්ම නැගිටින්නත් එපැයි . ගමන් මහන්සිත් ඇති නේද ගොඩක් .. එනම් දොයියන්න දැන්.. හෙට උදේම ඔයා නැගිටිනකොට මටත් කතා කරන්න ..''

මම දුරකථනය විසන්දි කිරීමට ආදී මදි කිරීම තේරුණු නිසාදෝ තත්සර අයියා තවත් වෙලාවක් මාත් සමග බොහෝ දෑ කතා කරමින් සිටියේ ය .

'' මගේ මැණික මට නම් දැන් දොඉ මතයි ගොඩක් .. දොයියමුද ?''

'' ම්ම්ම් ...''
මම දුකින් කියා සිටි වග දැනුණු නිසාදෝ ...

'' දුකින් ඉන්න එපා මගේ කෙල්ලේ .. ඔයාට චුටිම දුකක්වත් දෙන්න නෙවෙයිනි මම ඔයාව මගේ කර ගත්තේ .. තේරුනාද මගේ මැණික ..''

''ඔව් මගේ අයියේ .. ඒක මම දන්නවා ..... ඒත්...... '' කියමින් නතර වුයේ ආකාශ් අයියා ගැන තත්සර අයියාට කිවොත් දුක හිතෙන හින්දයි ..''

'' මොකද එත්...... කියන්නේ ,,මගේ පිස්සු කෙල්ල .දෙනවා ගුටියක් ළග හිටියනම් .''

'' හැමදාම මම ඔයාගේ ,, මාව විශ්වාසයි නේද මගේ මැණිකට .. හා දැන් ගිහින් දොයියාගන්න හොද ළමයා වගේ..''

''ම්ම් අයියේ බුදු සරණයි .. සුබ රැයක් ..''

''මගේ මැණිකටත් බුදු සරණයි ,,සුබ රැයක් .. පරිස්සමින් ඉන්න ..''

''මගේ අයියත් පරිස්සමින් ඉන්න ..''

තත්සර අයියා එසේ කියමින් දුරකථනය විසන්දී කළද මගේ නෙතු මතට නිදිමතක් නොදැනුණු නිසාවෙන් තවත් බොහෝ වෙලාවක් ආලින්දයට වී ගොඩක් දේවල් කල්පනා කළෙමි.

මගෙයි තත්සර අයියගෙයි අතරට ආකාශ් අයියේ ඔයා නෑවිත් ඉන්න .. මම එසේ සිතමින් සුපුන් සද පායා තිබු අහස දෙස බැලුවේ එහි කොතරම් වූ සුන්දරත්වයක් මවන්නේද? ජිවිතේ හැමදේම පුන් පෝදා අහස මෙන්ම සුන්දර වන්නේ නම් කෙතරම් අගනේද

මගේ හිතට එවෙලේ දැනුණු පුංචි සිතුවිලි ටිකක් වචන වලට කැටි කර තත්සර අයියාට sms කළෙමි ..''

''නුඹ ළග රැදෙන එක මොහොතත්
දැනෙනවා කප් සුවහස් කාලයක්
හිත රැදූණු නුඹ ගැන ප්‍රේමයක්
නැහැ වෙනස් වෙන්නේ සදා
මියැදුණත් මා මියැදුණත් නම් ....''

'' හරිම ලස්සනයි පද ටික .. මගේ හොර කෙල්ල දොයි නෑ නේද ? මටත් නින්ද යන්නේ නෑ දොයියමු කීවාට ඉතින් .....''

''හිහි එකනේ මගේ අයියා මැට්ටෝ ..''

''දෑසට නිදිමත නොඑන හැඩයි ..හිහි හරි සුදු මැණික කියන දේ අහලා දොයියගන්න දැන් .. ''

''ම්ම් අයියේ කියමින් මම තත්සර අයියාට සමු දී දුරකනය විසන්දි කර අම්මා ලගට ගොස් තදින්ම දෑස පියා ගත්තේ තත්සර අයියාගේ රුවද හදවතේ රදවාගෙනමය.

- මතු සම්බන්ධයි -
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 May 2016 06:30 AM
  •  Quote
  •  Reply
මේවා ඉතින් තනිකඩව ඉන්න අයට නං හොදයි.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
02 May 2016 07:41 PM
  •  Quote
  •  Reply
Posted By hasithad on 02 May 2016 06:30 AM
මේවා ඉතින් තනිකඩව ඉන්න අයට නං හොදයි.
ඇයි එහෙම කිවේ අයියේ

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
02 May 2016 10:38 PM
  •  Quote
  •  Reply
බොහොමත්ම ස්තූතියි පොඩ්ඩී
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 May 2016 08:05 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 02 May 2016 07:41 PM
Posted By hasithad on 02 May 2016 06:30 AM
මේවා ඉතින් තනිකඩව ඉන්න අයට නං හොදයි.
ඇයි එහෙම කිවේ අයියේ

ඕකෙ වැඩිපුර අගය තියෙන්නේ ආදරය කරන අයටනෙ...

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
05 May 2016 02:03 AM
  •  Quote
  •  Reply
ඉතිං බැන්දහම ආදරේ කරන්න බැරිද?

ස්තූතියි පොඩ්ඩිගේ අලුත් කොටස් ටිකටත්. එක හුස්මට බලන්න පුළුවන් දැන්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
05 May 2016 07:43 AM
  •  Quote
  •  Reply
ස්තුති 17 වන කොටසටත්
ඉතිරි කොටසත් එනකන් බලන් ඉන්නෝ එහෙනම්
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
05 May 2016 08:47 PM
  •  Quote
  •  Reply

තත්සර ප්‍රේමය

[

18 කොටස



පසුදා පාන්දරින්ම අපි ආපසු නුවර බලා යාමට පිටත් වුණෙමු. මා ඒ පිළිබදව දන්වා තත්සර අයියාටත් sms පණිවිඩයක් යැවුවෙමි. තාමත් තත්සර අයියාගෙන් sms එකක් නෑනේ ..

අනේ දැන් නැගිටින්නකෝ.මගේ හිතින් ඔහුට ආයාචනා කළේ sms පණිවිඩයක් ලැබෙනා තෙක් නොයිවසිල්ලෙන් වූ නිසාවෙනි .

sms පණිවිඩයක් ආපු නිසාවෙන් මම සතුටින් sms පණිවිඩය බැලීමට ගත්තෙමි .. එත් ඒ දිනුකි එවපු sms එකක්.

මම දුකින් යුතුව නැවතත් sms එකක් යැවුවෙමි ..

'' අනේ මගේ සුදු අයියේ දැන් ගොඩක් එලි වෙලා නැගිටින්නකෝ ..''

ටික වේලාවක් ගිය පසු තත්සර අයියගෙන් sms එකක් ලැබුණි ..

''sorry බබෝ.ගොඩක් වෙලා හොදටම නින්ද ගියා. ඔයාලා දැන් එන ගමන් නේද?.

'' ඔව් මගේ සුදු අයියේ අපි දැන් ගොඩක් දුර ඇවිත් ඉන්නේ. පාන්දරින්මනේ එහෙන් පිටත් වුණේ .''

''. පරිස්සමින් එන්න .. මාත් තව ටිකක් වෙලා ඉදලා දඹුල්ල පන්සලට එන්නම් මගේ මැණිකේ. අද අපිට party එකක play කරන්නත් යන්න තියෙනවා.. ''

'' හා සුදු අයියේ ..ඔයත් ගොඩක් පරිස්සමින් එන්න .''

අපි දඹුල්ලට ළගා වන විට උදෑසන 10.30 ත් පසු වී තිබුණේ එන ගමන් අපි මිහින්තලේ පුදබිමද වැද පුදා ගැනීමට ගිය නිසාවෙනි.

වාහනය පාරෙන් එහා පැත්තේ රථ ගාලේ දමා අපි සියලු දෙනාම එකට එකතුව ගියේ පෝයදාට පුසු දින වූ නිසාවෙන් තරමක වූ බැතිමතුන් පිරිසක් එදිනත් දඹුල්ලට විහාරයට පැමිණෙමින් සිටි නිසාය ...

සෙනග අතරින් මගේ නෙත් පීරා හෙවුවේ තත්සර අයියාගේ රුවය. අම්මා හා ආකාශ් අයියලාගේ ලොකු අම්මාත් , ඉසුරි අක්කාත් පුජා කිරීම සදහා මල් මිලදී ගැනීමට තරමක් එහාට යන්නට වූ නිසාවෙන් බැරිම තැන මම තත්සර අයියාට කෝල් එකක් ගත්තෙමි.

'' හෙලෝ මගේ මැණික ...මම ඔයා එනකම් බලාගෙන ඉන්නවා. ඉක්මනට එන්නකෝ මගේ කෙල්ලේ ..''

'' ඔයා කොහෙද කියන්නකෝ මගේ අයියේ ඉන්නේ. අපි තාම පාරෙන් එහා පැත්තේ ඉන්නේ..''

'' ආහ්හ් ... අද නම් මම ඉන්න තැන කියන්නේ නෑ .. සුවද හොයාගෙන එන්න පුලුවන්ද බලමු මැණිකට මගේ ළගට ..''

'' හරි ඔට්ටුයි .. මම හොයාගන්නම්කො .... මගේ සුදු අයියාව මම ... හි..හි ..''

තත්සර අයියා ඉන්න තැන නොකියා මට ඔහුව හොයා ගන්නයි කළ අභියෝගය මම බාර ගනිමින් දුරකථනය විසන්දි කළෙමි .

අම්මලාත් මල් අරගෙන පැමිණි නිසාවෙන් අපි සියළු දෙනා පාර මාරු වී විහාර භුමිය වෙත ඇතුළු වුණෙමු . විහාරයට ඇතුළු වන විටම පෙන්නේ ඉතා සුවිශාල ලෙස රත්තරන් පාටින් ඔප වැඩුණු බුදු පිළිම වහන්සේයි .. මගේ සුදු අයියා කොහෙදැයි සිතා ගත නොහැකිව තවමත් මම ඒ මේ අත සෙවුවේ ඔහු දැක ගන්නා තෙක් මගේ හදට ඉවසුමක් නැති නිසාමය. තව දුරටත් විමසිල්ලෙන් බලාගෙන ගියේ ඉක්මනින්ම තත්සර අයියව දකින බලාපොරොත්තුවෙනි.

විහාර භුමියේ කොනක විශාල වූ කෞතුකාගාරයක්ද දක්නට ලැබුණී. කුඩා කළ මා මෙහි ඇවිත් තිබුණද හරි හැටි මතකයක් නොතිබුණේ ඒ මීට බොහෝ වසරකට පෙර වූ නිසා ය.

''වරෙන්කො මචන් ටිකක් අරහෙට යන්න''

'' කොහෙද ඉතින් මේ වගේ යාලුවෙක් එක්ක නිදහසේ මලක්වත් පුජා කරගන්න තියෙනවායැ.''

ආකාශ් අයියා මා අසලින් පිය නගන්නට කමැති වුවත් ලොක්කෙ අයියාගේ බල කිරීම නිසාම ලොක්කෙ අයියාව අනුගමනය කර ඔහු පසුපස ඇදෙන්නට විය . ලොක්කෙ අයියා ආකාශ් අයියාවත් ඇදගෙන වෙනතකට ගියේ ය.

ඔක්කොම වෙන්නේ හොදටයි .. මම තනියම සිතුවෙමි .. නැතිනම් ඉතිං තත්සර අයියව දැක්කත් මට එයත් එක්ක කතා කරන්නට චුටි හෝ ඉඩක්වත් නෑනේ.
ගල්පර අතරින් හිනිවට ගලා හැලෙන දියදහරක් සමගින් වූ පියගැට පෙළ නගිමින් අපි උඩ මළුව දක්වා ඇදුණෙමු . ඒ යන අතරතුර ඉදුවර පුතා දිය දහරෙහි එහා මෙහා පිනමින් දගවෙන සුරතල් මසුන් බලන්නට ඉසුරි අක්කාත් සමගින් නැවතුණි. මම ඉසුරි අක්කාවත් මග හැර ටිකක් ඉදිරියට ඇදුනෙමි.
උඩ මළුවේ එහාම කොනට වී මගේ සුදු අයියා මම එන මග බලාගෙන වුන්නේය . මා දුටු ඔහු ඒ දෙසට එන ලෙස අතින් ඉගි කළේය . මම එක පාරටම තිගැස්සී පිටුපස හැරුණේ කවුරුන් හෝ මගේ අතේ එල්ලුණු නිසාවෙනි .

'' අනේ මේ ඉදුවර පුතානේ .. මම හොදටම බය වුණා අක්කේ පුතා ඇවිත් අතේ එල්ලෙද්දී එක පාරටම ..''

මට තත්සර අයියාගේ දෑස් මගහරින්නට සිදු වුයේ ඉසුරි අක්කා මා අසලින් රැදී නිසාවෙනි ..

'' තරු නංගී හරිම පුදුමයි .. පොඩ්ඩක් මෙහෙට වෙන්නකෝ ,, පොඩි දෙයක් පෙන්නන්න .. ''

ඉසුරි අක්කා කුමන හෝ දෙයක් දැක පුදුමයෙන් මෙන් පැවසිය . ඇය නෙත් යෝමාන වුන්නේ තත්සර අයියා දෙසටය .. ඉසුරි අක්කා තත්සර අයියව දුටුවා නිසාදෝ ඒ බව දන ගත තත්සර අයියා අත වනමින් ඒ දෙසට එන ලෙස ඇරයුම් කළේය .

'' මල්ලි ඔයා ..''

''ම්ම් .. අක්කේ ..මතකයි නේද මාව ''

'' මොකට අමතක වෙන්නද මල්ලි ඔයාව ..''

'' නංගී අනුරාධපුරේ ගිහින් මටත් එක්ක මල් පුජා කෙරුවා නේද ? ''

තත්සර අයියා මා දෙසට හැරී මගේ නිහැඩියාව බිදින්නට එසේ අසා සිටියේ ය .

'' හ්ම්ම් .. පහනුත් පුජා කළා නේද ඉසුරි අක්කේ ...?? ''

මම හිමින් තෙපලුවේ ඉසුරි අක්කාට ද පැනයක් යොමු කරමින්මය .

''ම්ම් .. ඔව් ඔව් .. මල්ලි ..''

'' මේ අක්කගේම නංගි නම් වෙන්න බෑ නේද ? මම හරි නේද අක්කේ ? ''

වෙන අසන්නට දෙයක් නොවූ නිසාමද මන්දා තත්සර අයියා ඉසුරි අක්කාගෙන් විමසා සිටියේ ය .

''අනේ නෑ මල්ලි .. එත් දවසක මගේ නෑනන්ඩිය කර ගන්න නම් පුළුවන් වෙයි .. මොකද මට ඉන්නේ මල්ලි කෙනෙක්නෙ''
තත්සර අයියාගේ මුහුණ එකවර අදුරු වළාවක් වසා ගත්තාක් මෙන් විය .

''මල්ලි පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ පුතා කොහෙට ගියාද මන්දා .''

''ගුටියක් දීලම ඇදගෙන එන්න වෙයි අක්කේ,,.''
තත්සර අයියා සිනාසෙමින්ම එසේ පැවසිය .. ඉසුරි අක්කාත් ඒ කතාවට සිනාසෙමින්ම පුතා දුවන දෙස ටික වෙලාවක් බලා සිටියාය .

මගේ අතේ එල්ලී සිටි ඉදුවර පුතා මා අතැර යලිත් එහෙ මෙහෙ දුවන්නට පටන් ගත නිසාවෙන් ඉසුරි අක්කා පුතා පසු පස ඇදෙන්නට විය ....

මගේ දෙඇස් ද කදුලින් තෙත් වී තිබුණි ..

වට පිට බැලූ තත්සර අයියා නිමේෂයකින් මගේ අතින් අල්ලා ඔහුගේ තුරුලට කැටි කොට දෙකොපුලින් ගලා හැලුණු කදුළු සිමින් අතින් පිරිමැද පිස දැමුවේය .

''බයද මගේ මැණිකට ඔයාව ඉසුරි අක්කගේ නෑනා කර ගනී කියලා ..''

''ම්ම්ම් ..'' කියමින් මම ලොකු සුසුමක් පිට කළෙමි ..

''කවදාවත් මගේ මැණික කාටවත්ම දෙන්නේ නෑ.. මගේ ආදරේ විශ්වාස කරන්න මගේ රත්තරන් '' කියමින් හිමිට හිමිට මගේ හිස පිරි මදින්නට විය

මම වට පිට බැලුවේ අම්මලා කොහේදැයි දන ගැනීමටයි ..

අම්මලයි , තාත්තලයි උඩමළුවේ වාඩි වී බුදුන් නමදිමින් සිටියහ .

''මගේ මැණිකගේ ඇස් වල කදුළු දකින්න කැමති නැනේ... ඔයාගේ මේ සුදු අයියා ,, තේරුනාද... මගේ පැටියෝ '' කියමින් ඔහු නැවතත් වට පිට බලා ඔහුගේ දෙතොල් මගේ නළලත මත රැදවීය.

- මතු සම්බන්ධයි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
05 May 2016 08:51 PM
  •  Quote
  •  Reply

තත්සර ප්‍රේමය


19 කොටස



ඉසුරි අක්කා පුතාව වඩාගෙන අප දෙසට පැමිණියේ පුතු පසු පස පන්නා ඉතාමත් වෙහෙස වූ ලෙසිනි. ඇගේ මුහුණ දෙස බැලු විට ඒ බව මනාවට දිස් විණි .

'' අනේ .. දරුවෝ තාමත් ඔය මල් ටික අතේ නේ... ? පුජා කරලා නැනේ තාම ..''

බුදුන් වැද අවසන් වූ අම්මා අප සිටින ඉසව්වට පැමිණෙමින් කිවේ ඉසුරි අක්කා හා මා අත තවමත් වූ මල් ටික දැකීම නිසා ය.

'' කොහෙ පුජා කරන්නද ඇන්ටි මේ ඉදුවරත් එක්ක ... එයා පස්සේ දුවනවා ඇරෙන්න නිදහසේ මලක්වත් පුජා කර ගන්න බෑ ඉතිං ..''

''කෝ ඔය දරුවා මට දීලා මල් පුජා කරලා එන්න ගිහින් ..''

එසේ කියමින් ආකාශ් අයියාගේ ලොකු අම්මා තම එකම මුණුබුරා වූ ඉදුවර පුතාව වඩා ගනිමින් හුරතල් කලා ය .

''මල්ලි ඔයා මල් පුජා කලාද ....? ''

ඉසුරි අක්කා තත්සර අයියගෙන් විමසු විට තත්සර අයියා එක පාරටම තිගැස්සුනේ ඔහු ලොකු කල්පනාවක වැටි සිටි නිසාමදෝ මන්දා .... ඔහු තවමත් කල්පනා කරමින් සිටින්නේ ඉසුරි අක්කාගේ මා ඇගේ නෑනා කරගන්නවා යැයි පැවසු කතාවම විය යුතු ය.

'' ම්ම්ම් ...ආහ් ... නෑ .. නෑ අක්කේ....... මේ මාත් ආවා විතරයි තවම ...''

ඔහු වචන ගැලපුවේ පැටලිලි සහිතවය.

''අනේ මේ දරුවා නේද ..? මම දැන්නේ හරියට අදුර ගත්තේ ...''

ආකාශ් අයියාගේ ලොකු අම්මා එසේ පැවසුයේ තත්සර අයියාව දැක පුදුමයට පත් වූ බැවිණි .

''ඔව් ඇන්ටි .... මම මේ වැඩකට යන ගමන් ඇවිත් යන්න ආවේ පන්සලට ...''

'' හා එහෙනම් දරුවෝ......, ඔයාලා ගිහින් මල් පුජා කරලා එන්නකෝ ....''

'' හොදයි ඇන්ටි ...''

කියමින් ආකාශ් අයියා තම කරේ එල්ලාගෙන සිටි බෑගය විවර කරමින් එහි වූ සිලි බෑගයක පිළිවෙලට දමා තිබු තවමත් නොපුබුදුවන ලද සුදු නෙළුම් මල් පොකුරක් හිමිහිට එළියට ගත්තේය.

'' හරිම අපුරුයි මල්ලි ... මේ සල්ලි වලට ගත්තු මල් නෙවෙයි නේද ..? ''

''නෑ අක්කේ..... අපේ ගෙවල් පල්ලෙහාට වෙන්න වැවක් තියෙනවා .. එකෙන් උදේ කඩා ගත්තේ ..''

තත්සර අයියාට පින් දෙමින් අප ඔහු විසින් ගෙනෙන ලද සුදු නෙළුම් මල් පුබුදුවා පුජා කළෙමු ...

'' මගේ සුදු කෙල්ල මොනවද මල් පුජා කරලා ප්‍රාර්ථනා කළේ .? .''

මල් පුජා කිරීමෙන් පසු අප පහළට යන අතරතුර තත්සර අයියා මට ලං වී කනට කොදුරා ඇසුවේය ...

'' ගොඩාරියක් දේවල් ප්‍රාර්ථනා කළා මගේ සුදු අයියේ අයියේ ... ''

''ඔය ඇස් .මගේම විතරයි...,මගේ මැණික''

කියමින් තත්සර අයියා ගොඩාක් ආදරෙන් මගේ දෑස් දෙස බලමින් කිවේ ය .

'' ම්ම්ම් ....... ම් හැමදාමත් .....''

කියමින් මම ඉතිරි වචන ටික ගිල ගත්තේ අම්මාට ඇසේවී යැයි සිතාය.

''කොල්ලෝ දෙන්නා කොහේ ගියාද මන්දා......''

කියමින් ආකාශ් අයියාගේ තාත්තා අපේ තාත්තා සමග පැමිණියේ ය ...

'' දැන් ඉතින් ආපහු පිටත් වෙන්න පටන් ගත්තොත් හොදයි ..''

කියමින් ආකාශ් අයියාගේ තාත්තා දුරින් සිටි ලොක්කෙ අයියාට හා අපේ අයියාටද කතා කළේය .

'' හරි uncle අපි ready ..'' එසේ පවසමින් ලොක්කෙ අයියා ආකාශ් අයියාත් සමගින් පැමිණියේ ය ...

''හෙලෝ මචන් ...'' කොහෙන් හරි අපි හම්බෙනවා නේද ..?''

ආකාශ් අයියා තත්සර අයියාව දැක ඔහුගේ පිටට ද තට්ටුවක් දමමින් එසේ කිවුවේ ය .

'' මියුසික් කරනවද මචන් .... ''

ලොක්කෙ අයියා තත්සර අයියා අත වූ ගිටාරය තමා වෙත ඉල්ලා ගනිමින්ම ඇසුවේ ය .

''ඔව් අයියේ..... මම band එකක play කරනවා .. ඒ ගමන්ම තව ළමයින්ට class එකකුත් කරනවා ...''

''නියමයි ... මාත් හරි ආසයි music වලට ...''
.''..මේ... මගේ නංගී .. එයාටත් හොදට sing කරන්න පුළුවන් .....''

කියමින් ලොක්කෙ අයියා මාවද තත්සර අයියාට පෙන්නුවේය ...

කතාවෙන් කතාවෙන් අපි වෑන් රිය අසලටත් ලගා වී තිබුණි .

''යාළුවා ඔයා දැන් කොහෙටද යන්නේ ..'' එසේ විමසුවේ ආකාශ් අයියයි ...

'' මම දැන් නාවුලට යන්න ඕනේ අයියේ .. ''

''ආහ් .... එහෙනම් අපිත් එක්කම යන්න පුළුවන් පුතේ ...''

ආකාශ් අයියාගේ තාත්තා තත්සර අයියාටද අප සමග නාවුල දක්වා යාමට හැකි බව පැවසීම නිසාවෙන් මට පුදුමාකාර වූ ප්‍රීතියක් දැනුණි ..

.අයියාලා තුන් දෙනාම පිටු පස අසුනට ගිය අතර ඉසුරි අක්කත් , ඉදුවර පුතාත් මමත් ඊට පසු පස අසුනෙන් වාඩි වූ අතර ,ඉදිරිපස අසුනේ අපේ අම්මාත් ,ලොකු අම්මාත් වැඩි විය .

''uncle නාවුලට යනකම් හිමින් යමු හොදද ...?...''

එසේ කිවේ ලොක්කෙ අයියා guitar එකට දැක්වූ දැඩි ප්‍රිය මනාපය නිසාමය ..

නාවුල දක්වා යන තෙක් අපි සින්දු කියමින් විනෝද වෙමින් ගියෙමු..

''...uncle මාව ඔය ඉස්සරහ පලතුරු කඩේ පහුවෙනවත් එක්කම තියෙන ගේ ළගින් දාන්න ..''

කියමින් තත්සර අයියා පිටු පස අසුනේ සිට මාත් ඉසුරි අක්කාත් සිටි අසුනට පැමිණියේ ය ..

මොහොතක් හෝ මගේ සුදු අයියා ළගින් අද වාඩි වෙලා යන්නට තරම් මම පිනැත්තියෙක් වීමි ...

''... හෝ හෝ මචන් ... number එක දෙන්න .. තව ටිකෙන් එකත් අමතක වෙනවා ..... අපිටත් ඉස්සරහට වැඩ තියෙයි... එතකොට අනිවා කොල්ලව තමා සෙට් කර ගන්නේ ...''

අහිංසක ලෙස මද සිනහවක් පාමින් තත්සර අයියා ඔහුගේ card එකක් කලිසම් සාක්කුවෙන් ගෙන ආකාශ් අයියා වෙත පෑවේය ..

පලතුරු කඩය පාස් වීමෙන් අනතුරුව හමු වූ නිවස ලගින් වෑන් රිය නතර කරන ලද්දේ තත්සර අයියාට සමු දීමටය ..

''එළකිරි මචන් ... එහෙනම් දවසක ආයෙත් මුණ ගැහෙමු හොදද ...?

'' අනිවා අනිවා අයියේ ..''

'' මට කෝල් එකක් දෙන්නකෝ.. ඔන්න මම රින් කළා ඔයාගේ phone එකට ...''

''හ..රි හරි... අයියේ ...''

''මම යන්නම් අක්කේ,,, මම යනවා නංගී ...''

කියමින් ඔහු මටත් ඉසුරි අක්කාටත් සමු දුන්නේ ය ..

අපේ අම්මාටත් ,ලොකු අම්මාටත් තාත්තාටත් කථා කොට

''ගොඩක් පින් uncle මාව එක්කගෙන ආවට ..''

කියමින් පැවසු ඔහු තාත්තලා දෙන්නාටත් සමු දෙන්නට විය ..

තත්සර අයියා ඇසකින් ඉගි කර පාරෙන් එහා පැත්තේ සිටි තත්සර අයියාගේ යහළුවන්ව මට පෙන්වන ලදී ,..
හොදට දැකලා හුරු මුණක් ද ඒ අතර තිබුණි ..

දෙයියනේ අකලංක අයියා නේද..? මම ඔහු හදුනාගැනීමෙන් අනතුරුව ඔහු මා දකීවි යැයි සිතා ඒ පැත්තෙන් ඇස් ඉවතට ගත්තෙමි ... තත්සර අයියාටත් තනියම හිනා ගියේ ඒ නිසාමද මන්දා ...

දුකින් නමුත් තත්සර අයියාට සමු දී නැවත ගමන ආරම්භ කළෙමු...

''පව් අහිංසක කොල්ලෙක් .... ''
එසේ කිවේ ලොකු අම්මාය .
ටික දුරක් යන තෙක් ඉසුරි අක්කා හා සියල්ලම තත්සර අයියා ගැන කතා කරමින් ආහ ..

තත්සර අයියා නැති නිසාවෙන් මගේ හිතට ලොකු තනිකමක් ,පාළුවක් දැනුණි...

""... I love you ..මගේ සුදු අයියා ..... "". ....තත්සර අයියා ගැන සිත්මින්ම මම ජනේලයට හේත්තු වී තදින් දෑස් පියා ගත්තෙමි ...


- මතු සම්බන්ධයි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
05 May 2016 08:58 PM
  •  Quote
  •  Reply
කොටස් 2ක්ම දීලා.. බොහොමත්ම ස්තූතියි පොඩ්ඩියේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
05 May 2016 09:09 PM
  •  Quote
  •  Reply

තත්සර ප්‍රේමය


20 කොටස



අනුරාධපුරේ ගමනින් පසු වුවද තත්සර අයියාගේ හමු වීම පිළිබද වූ සිතුවිලි නිසාවෙන් මගේ හිත ගොඩක් පිරිලා ගිහිල්ලයි තිබුණේ .. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියා සේම තත්සර අයියාත් මමත් අතර වූ ලෙන්ගතුකම තව තවත් වැඩි වුණා මිස ඉන් බිදක් හෝ අඩු වුයේ නම් නැත ..

හැම මොහොතේම තත්සර අයියාගේ ගැන හිතමින්ම කාලය ගෙවිණි. ආකාශ් අයියාත් මගේ ගැන බලාපොරොත්තුවෙන් පසු වූ නිසා මගේ හිත දෙගිඩියාවකින් පසු වුයේ මගේ තත්සර අයියාව මට අහිමි වේද ?... යන බියෙනි ...

''දෝණි ..'' හොදටම ඇදිරි වැටිලා ...නේද ..? කළුවරේම එළියට වෙලා මොනවා කරනවාද මන්දා ...'' .

අඳුරින් ගැවසී තිබු ආලින්දයේ විදුලි පහන් දල්වමින් අම්මා කෑ ගෑවාය.

අම්මාගේ කට හඩට තිගැස්සුණු මම නිහඩවම ගොස් අසල වූ වතුසුදු ගහෙන් මල් මිටක්ද කඩා ගෙනවුත් පහන දල්වා බුදුන් වැන්දෙමි .දැල්වෙන පහන් ආලෝකය දෙස ටික වෙලාවක් යනතුරු බලා සිට අම්මා රාත්‍රී ආහාරය පිසිමින් සිටි නිසාවෙන් මම ද ගොස් ඇයට උදවු කළෙමි .

'' ළමයෝ අයියාට දැන්ම කටයුත්තක් කරන්න බෑ කියනවා නංගි කසාද බදිනකම් ඉන්න ඕනිලු ....''
..ඉතින් මම මේ කල්පනා කළේ ....''

කියා අම්මා යමක් කියන්නට ගියද ඒ කතාව නැවැත්තුවේ ආකාශ් අයියලාගේ ගෙදර ගොස් පැමිණි ලොක්කෙ අයියා මුළුතැන්ගේ දෙසට ආව නිසයි ..

'' සුද්දී හොදට කහට දාලා තේ එකක් හදලා දෙන්නකෝ..ලොකු තිබහක් තියෙන්නේ . ''

ලොක්කෙ අයියා මට කි නිසාවෙන් ලිප කොනක රත් වී තිබු වතුර කේතලය හරි පරිස්සමට ගෙන ලොක්කෙ අයියාගේ කෝප්පය පිරෙන්නම තේ එකක් සාදා දුන්නෙමි .

තේ එක බොමින්ම ලොක්කෙ අයියා මොකුත් නොකියාම සාලය දෙසට ගියේය .

අම්මා කහට කෝප්පයක් සාදා සාලයේ සිටි තාත්තාටද ගෙන ගොස් දුන්නේය .

ඒ වන විටත් රාත්‍රී ආහාරය පිස අවසන් වූ නිසාවෙන් මමත් කාමරය දෙසට ඇදුණේ රුපවාහිනිය බැලීමට තරමක් මැලි වු නිසාවෙනි....

''සුද්දී ලබන ඉරිදා කොහෙවත් යන්නේ එහෙම නෑ නේද .? පොඩි වැඩක් තියෙනවා මට ...එකට help එකක් ඕනි හොදද .?.''

''හා හා ලොක්කෙ අයියේ .. එදාට මට වෙන මොනවත් වැඩක් නම් නෑ ..''

ලොක්කෙ අයියා කි දේට මම පිළිතුරු දුන්නෙමි ..

එවිට වෙලාව රාත්‍රී 7 පමණ වූ නිසාවෙන් මම තත්සර අයියාට කෝල් එකක් ගත්තේ ඒ වන විටත් ඔහු විසින් කරනු ලබන class එක නිම වී තිබිය යුතු නිසාවෙනි ..

''.. හෙලෝ මගේ මැණික ..''

සුපුරුදු වූ ඒ ආදරණිය හඩ මගේ දෙසවන මත රැදුනි ...

'' ම්ම්ම් මගේ සුදු අයියේ ..''

'' මාත් මේ phone එක අතට ගත්තා විතරයි කෝල් එකක් දෙන්න මගේ මැණිකට.''

'' ම්ම් මට ගොඩක් මතක් වෙනවා මගේ අයියේ ඔයාව ..''

'' පුළුවන් ඉක්මනට මගේ මැණිකව මගේ ළගට ගන්නවා මම ..තව ටිකක් කල් ඉවසන්නකෝ හොදද පැටියෝ... ''

'' හැබැයි එක දෙයක් පොරොන්දු වෙනවද මගේ සුදු අයියේ ..''
මම කතාව වෙනතකට හැරවුයේ ආකාශ් අයියා මම ගැන යෝජනා කර තිබු නිසාවෙනි ...

''.... ඔව් කියන්න මගේ සුදු මැණික ..''

'' කවදාවත් මොන දේ වුනත් , මොන ප්‍රශ්න ආවත් මව තනි කරන්න එපා මගේ සුදු අයියේ ,...''

''පිස්සු කෙල්ල ... ........ අඩන්න තහනම් කියන එක අමතක කරන්න එපා ''.
ඒ පොරොන්දුව මම ඔයාට ගොඩක් කලින්නේ දීලා තියෙන්නේ ..
සුදු ඔයාගේ හිතේ මොකක් හරි ලොකු දුකක් හංගගෙන ඉන්නවා නේද?'' ?.. .. ....තනියම හිතින් දුක් විදින්න එපා මගේ මැණිකේ .. . මොන දේ වුනත් මම ඔයත් එක්ක ඉන්නවනේ ... කියන්නකෝ ඇයි ඔය තරම්ම දුකින් ඉන්නේ''

මම තරමක් ඉකි බිදිණු හඩ ඇසුණු නිසාමදෝ මන්දා තත්සර අයියා මට ටිකක් සැරෙන් කතා කළේය .. ඔහු කිසි විටෙකත් මා දෑසින් කදුලක් හෝ දැකීමට අකමැති විය ... එත් දෙයියනේ ආකාශ් අයියව මට ගෙදරින් යෝජනා කරලා තියෙන්නේ කියලා කොහොමද කියන්නේ ....

'' මම දුකින් නෙවේ ..එහෙම මොකුත් නෑ මගේ සුදු අයියේ ... එත් මට බයයි ...''

'' ඇයි ඔයා බය වෙන්නේ .. මගේ ආදරේ විශ්වාස කරන්න පැටියෝ ..''

'' මට සමා වෙන්න මගේ සුදු අයියේ ..''
ආයෙත් මගේ ඇස් වලට කදුළු ගන්නේ නෑ ..
මටත් වඩා මගේ සුදු අයියව ගොඩක්ම ගොඩක් විශ්වාසයි ..''

'' හරි හරි දැන් සේරම හරි ... හොද බබා වගේ දැන් අඩන එක නවත්තන්න ..
මම ඔයාව මොන දේ වුණත් තනි කරන්නේ නෑ මගේ මැණික ...
පොරොන්දු වුණානේ මගේ කෙල්ල ආයෙත් අඩන්නේ නෑ කියලා නේද ..?

ගොඩක් ලෙන්ගතුකමින් යුතුව තත්සර අයියා මගේ හිතේ වූ දුක අස්වැසිය.

හරි බබෝ එහෙනම් මම දැන් වොෂ් එකක් දාගෙන එන්නම් .. ඔයා තාම කෑම කාලත් නෑ නේද ?

'' ම්ම්ම් මගේ සුදු අයියත් කෑම කනකොටම මමත් කෑම කන්නම්කෝ ...''

'' හා එහෙනම් මම ඉක්මනින්ම එන්නම්කෝ .. මගේ පිස්සු කෙල්ල . බුදු සරණයි පැටියෝ .''

''බුදු සරණයි මගේ සුදු අයියටත් .., පරිස්සමින් ..''

''ම්ම් මගේ සුදුත් පරිස්සමින් ඉන්න ..''

=මතු සම්බන්ධයි =
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
05 May 2016 09:11 PM
  •  Quote
  •  Reply
මේ තව දෙකක් දාල තියෙන්නෙ. ස්තූතියි පොඩ්ඩියේ .
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
05 May 2016 09:12 PM
  •  Quote
  •  Reply
තත්සර ප්‍රේමය

 

21 කොටස



එදින අගහරුවාදා දිනයක් විය .. මම වැඩ ඇරී ගෙදර එන විට ගේ ඉදිරිපිට ලොරියක් නවතා තිබුණි.

''අද නම් ඔන්න දෝණිට ගොඩක් වාසියි.. ''

ලොරිය අසල සිටි තාත්තා කිවේ ගොඩක් ලොකු සතුටකිනි ...

''ඔව් ඔව් රට ඉදන් එද්දී අයියට මතක් වෙලා තියෙන්නේ වැඩියෙන්ම නංගිව විතරයි .. ''

ලොරියේ රියදුරු මහතා ද තාත්තාගේ කතාවට හවුල් විය ...

'' ඔව් ඔව් ඉතින් මගේ නංගිව දීගෙක දෙන්නත් වෙනවනේ ලගදීම .. දෑවැද්ද මම ගානේ තමයි..''
මුව පුර සිනහවක්ද රදවාගෙන ලොක්කෙ අයියා කිවේය .

ලොක්කෙ අයියා රට ඉදන් එවපු ගොඩක් දේවල් මන් වෙනුවෙන් ගත්තු දේවල් . එක කුස නුපන් අයියා වුණත් , එක කුස උපන් සහෝදරයෙක්ටත් වඩා වූ සෙනෙහසක් ,ආදරයක් මට ලොක්කෙ අයියාගෙන් කුඩා කල සිටම ලැබුණි . එය තවමත් එලෙසමයි .කිසිම දිනෙක මගේ ඇස්වල කදුළු දකින්නට ලොක්කෙ අයියා අකමැති විය .
ඒ වගේම තමයි අම්මයි තාත්තත් (නැන්දයි,මාමයි ), ඇයගේ කුසින් නුපදුනත්, ඔහුගේ රුහිරු මා ගත නොදිවුවත් එයාලගේම දරුවෙක් වගෙයි මාව හදා වඩා ගත්තේ ,,,, කොපමණ වූ ආදරයක්,සෙනෙහසක් ඒ හැමොගෙන්ම ලැබුණත් .., අනේ මගේ අම්මයි තාත්තත් මගේ ළග හිටියා නම්.. යැයි සිතුණු වාර නම් අනන්තයි.

'' මේක තමයි මගේ නංගීට විශේෂම තෑග්ග ...''

කියමින් ලස්සනම ලස්සනට pack කරලා තිබුණු පුංචි පාර්සලයක් ලොක්කෙ අයියා විසින් මා ඇත තබන ලදී .

මා එම පාර්සලයත් අතැතිවම ගෙතුලට ගියේ එහි වුයේ කුමක්‌දැයි දැන ගන්නාතුරු නොයිසිලිමත්කම නිසාමය .

මා පාර්සලය හිමින් සීරුවේ දිග හැර බැලුවෙමි .. ලස්සනම ලස්සන සාරියක් ..

එත් එක්කම ලොක්කෙ අයියා ගෙතුලට පැමිණියේ ලොරියේ රියදුරාට තේ සාදාගෙන එන ලෙස මට කීමටය .

මා තේ හදන්න කුස්සියට ගිය නිසාවෙන් ලොක්කෙ අයියාද මා පසුපස පැමිණියේ ය .

'' කොහොමද සුද්දී සාරිය .. ලස්සනයි නේද මේ අයියගේ තේරීම ..''

'' හ්ම්ම් ගොඩක්ම ගොඩක් ලස්සනයි ලොක්කෙ අයියේ ..
. මටවත් බෑ මේ තරම් ලස්සනට සාරි තෝරන්න .''

'' එකනේ එකනේ ... කොහොමද අයියගේ වැඩනේ ඉතින් ....''

ටික වෙලාවක් නිහඩව සිටි ලොක්කෙ අයියා තවත් වැදගත් වූ කාරණාවක් මතක් වූවා සේ ...

''මේ...... ඒක නෙවෙයි.සුද්දී ..., ඔය සාරිය ඉක්මනට මහගන්න හොදද ..
අර මන් කිවනේ ඉරිදට වැඩක් තියෙනවා කියලා ..... එදාට ඔයා ඔය සාරිය අදින්න ඕනේ හොදද සුද්දී ....''

'' ලොක්කෙ අයියා මොන වැඩක් ගැන කතා කරනවද මන්දා .. හ්ම් හ්ම් මම මහගන්නම්කො ඉතින් ඉරිදට කලින් සාරිය .
.. ඇයි මනමාලියක්වත් බලන්න යන්නද මාවත් එක්කගෙනම ...''

'' හා හා ඒවා රහස් .... එහෙම කියන්න බෑනේ රහස් නේද ?...''

ලොක්කෙ අයියා එළැබෙන ඉරිදා දිනය කුමක් වෙනුවෙන් වෙන් කර ගත්තේදැයි තවමත් රහසකි.

සියල්ලන්ටම තේ හදාගෙන මමත් ලොක්කෙ අයියාත් විසින් ගෙන යන විටත් ලොරියේ රියදුරු මහතා සමග තාත්තා හරි හරියට කතාවට වැටී සිටියේ ය .
දේශපාලනේ ගැන තමයි හැබැයි කතා කලේ ...මම නම් ආසම නැති මාර්තෘකාවක් තමයි දේශපාලනය
.. මම දන්නවා ඒ වගේම තාත්තත් දේශපාලන පිළිබදව දැක්වුයේ දැඩි අකමැත්තක්
... ලොක්කෙ අයියා ඒ නිසාමද මන්දා .හිනා වේමින් .මා දෙසට හරි ඇස් කොනකින් ඉගියක් කලේ ....

''එහෙනම් මම ගිහින් එන්නම් ..''

''හා හොදයි එහෙනම් uncle .... ගොඩක් ස්තුතියි .... '' කියමින් රියදුරු මහතාට ලොක්කෙ අයියා තුති පල කල සිටියේ ය .

අහස වෙනදාටත් වඩා අදුරු කරගෙන වැහි වළාවක් ද තුරුළු කරගත් බැවින් ලොරියේ රියදුරු මහතා තේ බි අවසානයේ බුලත් විටක්ද හපමින් යන්නට ගියේ ය .
. කළු කර තිබු අහස මොර සුරන වැස්සක් බවට පත් වීමට ගත වුයේ නිමේෂයකි .. සුළගත් හරි තදේටම හැමුවා.
සුළු වෙලාවකින් විදුලියද විසඳි වූ නිසාවෙන් අදුරේම අත පත ගාගෙන ගොස් අම්මා ඉටිපන්දම් 2,3 ක් දල්වා සාලයට ගෙන ආවාය .

'' ලොකු පුතේ ..හැමදාම ඔහොම තනියම ඉන්නද කල්පනාව ...''

අම්මා ලොක්කෙ අයියාගෙන් විමසුවේ ලොක්කෙ අයියා අකමැතිම වූ ප්‍රශ්නයකි .

'' හරි හරි අම්මේ පොඩ්ඩක් ඉවසන් ඉන්නකෝ ... සුද්දී පිළිවෙලක් වුනු ගමන්ම මම ඒ ගැන හිතන්නම් ...''

ඊට පස්සේ ලොක්කෙ අයියා පටන් ගන්න හැදුවේ මම අකමැතිම කතාව ... ඒ ආකාශ් අයියා ගැනයි .
වැස්සත් සමගින් මුළු රැයම වෙළාගත් ඝන අන්ධකාරයට මම බොහෝ බිය වුයෙමි. මගේ තත්සර අයියව මට මගේම කර ගන්න බැරි වේවිද ?...
තව දුරටත් අම්මා ,තාත්තා හා ලොක්කෙ අයියාගේ කතා වලට සවන් දීමට අකමැති වූ මම හිමින් සීරුවේ කාමරය වෙත ඇදුනෙමි.

කොහොමද මම තත්සර අයියා ගැන ගෙදරට කියන්නේ . පණටත් වඩා මට ආදරය කරන ලොක්කෙ අයියාගේ හිතේ තියෙන බලාපොරොත්තු මම ඉෂ්ට කරන්නේ කෙසේද ? තත්සර අයියා මට ලං වෙලා තියෙද්දිත් මගේ හිතේ ආදරයක් හෝ කිසිම හැගීමක් නැති ආකාශ් අයියව මගේ කර ගන්නේ කොහොමද මම. හැම පැත්තෙන්ම මම ගොඩක් අසරණයි.

'' සුදු බබා .. දැනුයි මම calls එක ඉවර කලේ .. ඔයා මොකද කරන්නේ ...''

''මොනවත් නෑ මගේ සුදු අයියේ .. මෙහෙ හොදටම වහිනවා ...''

තත්සර අයියාගෙන් ලැබුණු කෙටි පණිවිඩය ,මම පිළිතුරු යැවුවෙමි,

අපැහැදිලි නමුත් එකතරා සිදුවීමක් . මට මුල,මැද , අග පැහැදිලි කර ගැනීමටවත් මට නොහැකිවිණි. මගේ ඇස් වලින් කදුළු ගලා හැලුනි .
ලොක්කෙ අයියා හිටියේ ගොඩක් තරහින් .. මදක් පමණ වන්නට වවා තිබු ඔහුගේ කෙහෙරැල් ද බොහෝ සෙයින් අවුල් වී තිබුණි. තවත් කුමන හෝ කෙනෙක් විසින් ලොක්කෙ අයියාගේ හිසට වැරෙන් පහරක් එල්ල කරන ලදී. එත් සමගම ඔහු ඇදගෙන බිම වැටුණි .

''ලොක්..කෙ.... අයි.....යා .............''
'' අනේ .. ඒ.... පා .. එපා .......''

මට එක පාරටම කෑ ගැසුණි .

'' මොකද මොකද දරුවෝ .මේ ..''

තාත්තාගේ කට හඩත් සමග මම තිගැස්සී අවදි වුනෙමි .ඇදේ හාන්සි වී සිටි මට නොදැනුවත්ම නින්ද ගිහින් තිබු බව වැටහුනේ එවිටයි .

'' නෑ ...තාත්තේ......මේ , ම...ම ...''

මම වචන ගලපා ගන්නට හැදුවත් නොහැකිවිණි .
එත් සමග අම්මා වතුර එකක්ද රැගෙන පැමිණියේ ය.

''කෝ නැගිටින්න දැන් ... බත් ටිකක් කාලා නිදා ගන්න ,,කාවෙත් නැනේ තවම .... කාලා බුදුන් වැදලා නිදා ගන්න ..'' අම්මා මට බත් කන්නට ඇවිටිලි කලද මම තවමත් සිටියේ තිගැස්සුණු හිතකින් යුතුවය ..

'' හා අම්මේ මම තව ටිකකින් කන්නම් ...''

.''ඇයි අම්මේ සුද්දී ..'' ලොක්කෙ අයියා අම්මගෙන් අසනු මට ඇසිනි ,

''නෑ මේ ලොකු පුතා .. සුද්දී හීනයක් දැකලද කොහෙද ,,හොදටම බය වෙලා .... ''

ටික මොහොතකින් මා අසලට පැමිණි ලොක්කෙ අයියා හිනාවෙමින් මට සරදම් කරන්නට විය ...

'' ලොකු ලොකු හීන බලලා බය වෙන්න තාම රෑ වෙලා නෑ කෙල්ල ...''

ලොක්කෙඅයියාගේත් මගේත් නිසාවෙන් .. දෙන්නම ඔය කෑ ගැහිල්ල නවත්තලා කෑම කන්න එනවද ? ඉටිපන්දම් ටිකත් දැන් නිවෙන්න ලගයි''
අම්මා කි නිසා තාත්තාද එය අනුමත කළේය .

''අද නම් කරන්ට් එක නේන හැඩයි .... ඇවිත් කෑම කන්න දෙන්නත් එක්ක ..''

'රාත්‍රී ආහාරයෙන් පසු නැවතත් ගොස් ඇදේ හාන්සි වුයේ ලොකු පාලුවක්ද දැනුණු නිසාවෙනි ..

'' සුදු මැණික අපේ යාලුවෙක්ගෙ කිරි අම්මා නැති වෙලා .... දැන් එහෙ යන්න වෙනවා. ..''

'' හ්ම්ම් ගොඩක් පරිස්සමින් ගිහින් එන්න මගේ සුදු අයියේ ...''

'' තත්සර අයියාත් නිවසට පැමිණ යලිත් ආපසු යාලුවෙක් එක්ක මල ගෙදරක යන බව දන්වා මට කෙටි පණිවිඩයක් ඒවා තිබුණි..

පාළුවත් තනිකමත් තුරුල් කර ගත්තු මම එහෙමම තදින් දෑස් පියා ගත්තේ හෙට දින ගැන මාත් ,තත්සර අයියාත් වෙනුවෙන් දහසකුත් වූ පැතුමන් හිතෙහි රදවාගෙනය .

- මතු සම්බන්ධයි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
05 May 2016 09:25 PM
  •  Quote
  •  Reply
තත්සර ප්‍රේමය


22 කොටස



****** එළැඹි සතියත් හිතුවටත් වඩා ඉක්මනින්ම ගෙවිලා ගිහිල්ලා ..
ඒ සතියේ සෙනසුරාදා දිනය මට නිවාඩු වූ නිසාවෙන් තත්සර අයියා මාව මුණ ගැහෙන්න නුවර එන බව පෙර දින දැන්වීය. ඒ නිසාවෙන් මම එදින ඉතාමත් සතුටින් තත්සර අයියා මුණ ගැසීමට ගියෙමි . නුවර ටවුමට ගොස් ටික වෙලාවක් මම තත්සර අයියා එන තෙක් රැදී සිටියෙමි .තත්සර අයියාගෙන් දුරකථන ඇමතුමක් ආ නිසාවෙන් වාහන ශබ්දය මග හැරීමට සිතා මම ටිකක් එහාට වී තත්සර අයියාට ඇමතුවෙමි.

''සුදු මැණිකේ තව ටිකක් වෙලා යයි වගේ .. traffic එක හොදටම ..''

''දැන් කොයි හරියෙද සුදු අයියේ.....''

'' කටුගස්තොට පහු කරලා දැන් නම් ..'

'' මගේ සුදු අයියා පරිස්සමින් එන්නකෝ.. එතකම් සුදු මැණිකේ ගොඩක් ආදරෙන් බලාගෙන ඉන්නම් ''

'' ම්ම්ම්... එහෙනම් මම තියන්නම් සුදු මැණිකේ ..''

'' බුදු සරණයි අයියේ ''

මම දෙනෙත් අයාගෙන නොයිවසිල්ලෙන් බල බලා හිටියේ තත්සර අයියා එනකම් ..
ටික වෙලාවක් ගිය පසු ඈතින් දඹුල්ල නුවර බස් එකක් එනු දුටු මම ඒ බස් එක නතර කරන ඉසවුව දෙසට සීරුවෙන් පිය මැන්නෙමි ..තත්සර අයියා බසයෙන් බසිනු මම ඈත තියාම දුටුවෙමි .
.රෝස පාට ලස්සන ටී එකක් සහ කළු පාට ඩෙනිමක් ඇද සිටි තත්සර අයියාගෙන් හැදී දැඩි වූ පෙනුමක් දිස් විය.

''මගේ සුදු මැණික කොහොමද ?''

'' හොදින් මම මගේ සුදු අයියේ ..''

යන්නේ කොහෙදවත් නොදැන තත්සර අයියා සමග ඔහුගේ දෑතේ එල්ලී ටික දුරක් මාවත දිගේ ඉදිරියටම ඇදුණේ හිත පුරා වූ මහත් සතුටකිනි .

'' මගේ සුදු මැණික ඔයා මොකුත් කෑවෙත් නෑ නේද ?... මටත් නම් දැන් ගොඩක් බඩගිනි ...''

එලෙසින් ටික දුරක් ඇවිද ගිය අපි බඩගිනි වූ නිසාවෙන් nescafe හලකට ගොඩ වුණෙමු.

කෙලවරකම වූ මේසයක් වෙත අපි දෙදෙනාම ඇදුනෙමු . ටික මොහොතක් ගිය පසු තත්සර අයියා විසින් ඇණවුම් කරන ලද nescafe හා ෂෝර්ට්-ඊට්ස් සහිත බන්දේසියක් සේවකයෙකු විසින් මේසය මත ගෙනත් තබන ලදී .

''සුදු මැණික ඔයා මොනවද කන්න කැමති ''

මේසය මත වූ බන්දේසිය පෙන්වමින් තත්සර අයියා මගේ කනට ලං වී හිමින් කොදුළේය ...

'' මගේ අයියා කන්න කැමති ඕනෑම දෙයක් ..''

මම හුරතල් වෙමින් තත්සර අයියාගේ දෑත මත මගේ දෙඅත තබමින් කීවෙමි..

'' කපටි කෙල්ල මගේ .හැමදාමත් ඔයා මගේම විතරයි රත්තරන් ..''
කියමින් මගේ දෙඅත හිමින් සීරුවේ ඔහුගේ දෑගිලි තුලින් හිමින් පිරිමදින්නට විය.

ඇතුවටත් වඩා මහා ගොඩක් ආදරේ කරන තත්සර අයියා වගේ කෙනෙක් මට හමු වුණේ මගේ පෙර පිනකටයි. නිහතමානී ගති පැවතුම් වලට මම ගොඩක්ම ගොඩක් ආදරෙයි...
එත් මට එකවිටම මතක් වුයේ ආකාශ් අයියවයි. මට මගේ තත්සර අයියව නොලැබුණොත් ...

''මොකද සුදු මැණික මුණ රතු කරගෙන ...''

මම එක විටම තිගැස්සුණේ තත්සර අයියාගේ වචන ටික හින්දයි...

'' නෑ මොකුත් නෑ සුදු අයියේ .. තාම දවල් වෙලත් නෑ .එත් අද හරිම රස්නෙයිනේ ,,ඒ නිසා වෙන්න ඇති ...''

'' හ්ම්ම් ..'' කියමින් තත්සර අයියා බන්දේසිය මත වූ nescafe එක අතට ගෙන මගේ මුවගට ලං කළේය ..

මම එයින් උගුරු කිහිපයක් පානය කිරීමෙන් අනතුරුව තත්සර අයියා විසින් ඉතිරි වූ ටික පානය කරන ලදී.. ඔහුගේ දාස දෙස බලන විට ආදරේ ගොඩක් පිරිලා ඉතිරිලා ගිහින් තියෙන විදිහත්, තත්සර අයියා ගොඩක් සතුටින් ඉන්න විදිහත් මනාවට දිස්විණි. ඒ දෙඇස් දෙස බලන් උන්නු මට ආකාශ් අයියා තත්සර අයියාව මගෙන් ඈත් කරාවිදෝ සිති මගේ දෙඇසින් කදුළු කැට කඩන් හැලුනා.

'' ඇයි මේ මගේ මැණික ...''

තත්සර අයියා ගොඩක් ආදරෙන් මගෙන් විමසුවා... එත් මම කොහොමද මගේ රත්තරන් අයියට ආකාශ් අයියා ගැන කියන්නේ .. මට සමා වෙන්න මගේ සුදු අයියේ .. මම හිතින් හිතුවෙමි ...

'' ගොඩක් ආදරෙයි මගේ සුදු අයියේ මම ...''

''එක මම දන්නවා මගේ පැටියෝ . ඉක්මනටම මගේ මැණික මගේ කර ගන්න ඇත්නම් .'' යැයි කියමින් දිගු සුසුමක් ද හෙලා තවත් මට ලං වී හිමි හිමිහිට මගේ හිස පිරිමදින්නට විය .

ටික වෙලාවක් පසු අපි පේරාදෙණියට ගොස් මල්වත්තේ කාලය ගත කෙරුවෙමු .මල් ගොමු අතරින් එහි සුන්දරත්වයද විදිමින් තවත් දොඩමළු වෙන්නට නම් බොහෝ දේ තිබුණි. එත් ගෙවෙන කාලය ඊට හරස් විණි .

'' මම ගෙදරට කියලා ආවේ මහන්න දුන්නු සාරිය අරන් එන්න යනවා කියලයි. ගොඩක් පරක්කු උනොත් අම්මා බය වෙයි ....''
දුකින් නමුත් මම එසේ කීවෙමි.

''ම්ම්ම් මැණික මමත් යන්න ඕනි පුළුවන් තරම් ඉක්මනට .. පෙරේදා ගත්තු reports වගයක් පෙන්නලා අම්මට හවස බේත් ගන්න තියෙනවා ...''

තත්සර අයියාගේ අම්මත් ටිකක් අසනීපයෙන් හිටියේ. ඇයට එකම පිළිසරණ වුයේ තම එකම පුතු වූ තත්සර අයියා පමණි .

'' ඔයා ලගට වෙලා මුළු දවසම හිටියත් මට ඇති වෙන්නේ නම් නෑ මගේ මැණික. ඒ.....ත් ඉතින් දැන් යන්න වෙනවනේ.''
තත්සර අයියා හුල්ලමින් කිවේය .

'' ම්ම්... මට තමයි පාලු ගොඩක් එතකොට මගේ අයියේ ..''

'' ම්ම්.....ම්... මම ඔයාව දාලා යනවා නෙවේනේ පැටියෝ ..'' මගේ නළලත මගේ ඔහුගේ උණුසුම් දෙතොල් රදවමින් පැවසිය .

යලිත් මගේ ඇස වල කදුළු පිරුණි ..

''ඇස් වල කදුළු පුරවා ගන්න එපා... මගේ ර...ත්තරන් .... ඒකට මම අකමැතියි .. ඔයාට කදුළු දෙන්න කවදා...වත් මම කැමති නෑනේ .ජිවිත කාලෙම ඔයාව මගේ ලගින්ම තියා ගන්නවා පැටියෝ ..ඉවසන් ඉන්නකෝ තව ටික කාලයක් .''

තත්සර අයියා මගේ දෙකොපුල ඔහුගේ දෑතින් අල්ලාගෙන කිවේය ..

ඉතාමත් කෙටි කාලයක් තුල ආත්මගත බැදීමක් ලෙසින් තත්සර අයියා මට ලෙන්ගතු සෙනෙහසක් දුන් නිසාවෙන් ඔහුගෙන් මොහොතකට හෝ මිදීම මට ගොඩක් ලොකු දුකක් උනත් එදින ඔහුට සමු දෙන්නට වුයේ තවත් දවසක මුණ ගැසෙන බලාපොරොත්තුවෙනි .හෝරා කිහිපයක් ඔහුත් සමගින් ගත කලත් පුංචිම පුංචි තත්පර කිහිපයක් ලෙසිනුයි මට නම් දැනුණේ .

''එහෙනම් මම යනවා මගේ පැටියෝ .. ඔයා පරිස්සමින් ගෙදර යන්න .. ගියා කියලා මට msg එකකුත් එවන්න .''

'' හොදයි මගේ සුදු අයියේ.. ඔයත් පරිස්සමින් යන්න ..බුදු සරණයි දළදා සමිදු පිහිටයි '' තත්සර අයියාගේ දෙඅතින් අල්ලාගෙන කිවෙමි ...

' බුදු සරණයි පැටියෝ ඔයාටත්..''

මගේ ජිවිතේ ගොඩක් ලොකු බලාපොරොත්තු හීන නොතිබුනත් තත්සර අයියා ඇවිත් මගේ ජීවිතේට එබිකම් කරපු දවසේ ඉදන් එකම එක හීනයක් හිතේ රැදෙන්නට විය. ඒ මම තත්සර අයියගේම වෙන හීනයයි.

පේරාදෙණියේ සිට නැවත නුවර බස් නැවතුම්පල වෙත පැමිණ තත්සර අයියා බසයට ගොඩවෙන තෙක් හිද මම නැවත පිටත් වුයේ මහන්න දුන්නු සාරියත් අරගෙනම ඉතාමත් ඉක්මනින් නිවසට යාමටයි .

'' කෝ බලන්න මහගෙන ආපු සාරිය .. හොදට මහලද දෝනි ..''
ගෙට ගොඩවෙනවාත් සමගම සාලයේ සිටි අම්මා මා අතේ වූ ඉටි බෑගය වෙත දෑත දිගු කරමින්ම අසා සිටියේ ය ,

'' ඔව් හොදයි අම්මා හොදට මහලා තියෙනවා .. මේ සැරේ ටිකක් ගැනත් ගැනත් අඩු කරලා ගත්තේ .. හැමදාම මම ශිරෝමා අක්කගෙන්ම සාරි මහගන්න යන හින්දා ..''

'' හ්ම් ... ඒ දැරිවි හරි අහිංසකයි.... පොඩි කාලේ ඉදන් ඒ ළමය එහෙම තමයි ...''

''ඔව් අම්මේ ඇත්තටම ශිරෝමා අක්කා ගොඩක් හොදයි ...''

'' මුණ කට හොදගෙන එන්න ළමයෝ ගිහින් ...''

අම්මා එසේ කියමින් මහගෙන ආපු සාරිය ඒ මේ අත හරවමින් බලන්නාව වුවාය .

'' මොකෝ සුද්දී තනියම හිනා වෙන්නේ ...''

නව කතා පොතක් අතට ගෙන මම සාලයේ පුටුවේ හිද ගත්තත් එහි පෙරලී තිබුනේ පිටු දෙක තුනක් පමණි ...

ලොක්කෙ අයියා ලගට එනතුරුවත් මට නිනවුවක් නොමැති වී තිබුණි .

'' හැමදාම සතුටින් ඉන්න මගේ සුද්දී නංගියෝ ..'' ලොක්කෙ අයියාත් ඇවිත් පුටු සැටියේ මා අසලින්ම වාඩි වෙමින් පැවසීය.

මේ කෙසෙල් ඇවරිය පොඩි නොකර කෑම මේසෙන් ගිහින් තියන්නකෝ සුද්දී...ඔන්න කන්න එහෙම එපා ... හෙට මගේ වැඩේට ගන්න ඕනි ...''

ලොක්කෙ අයියා ඔහුගේ අතෙහි වූ කෝලිකුට්ටු කෙසෙල් ඇවරිය මා වෙත දිගු කරමින් කිවේය .

ඔහු තවමත් ආඩම්බරෙන් හංගන රහස කුමක්ද? මම හිතින් හිතුවෙමි.

ඒ වැඩය දන ගැනීමට මගේ හිත තුල මහත් වූ කුකුසක්‌ ඇතිව තිබු නමුත් ඉතිරිව ඇති එක දවසත් ඉවසගෙනම ඉන්න බව මම ලොක්කෙ අයියාට හැගෙවුවෙමි..

''මොකක්ද මේ වැඩේ .. ම්ම්ම් ආයෙත් අහන්නේ නෑ මම.. තව දවසනෙ... එකත් ඉවසගෙනම ඉන්නවා ... හෙටම බලාගමුකෝ ලොක්කෙ අයියගේ වැඩේ මොකක්ද කියලා ..''

'' හරි හරි පිස්සියේ ... මගේ වැඩේ කීවට.. මගේම නෙවේ .. ඔයාගේ ... ''

කියමින් ලොක්කෙ අයියා මගේ කොන්ඩෙනුත් අදිමින්ම කාමරය වෙත දිව ගියේය. එහෙම ලොක්කෙ අයියා කියද්දී නම් මගේ හිත තරමක් බයෙන් ගැස්සුනා .

''ම්ම්ම් මොකක්ද කියලා හෙටම මම බලාගන්නම්කො .. මටම හම්බුනානේ මේ වගේ පණ්ඩිත පිස්සු අයියෙක් ...''

'' අපි වගේ අයියාලා ලබන්න ගොඩක් පින් කරන්න ඕනේ හොදද ... ඔන්න මේ ඇත්තේ අයියට බැන්නොත් ලබන අත්මෙනම් අයියව ඔයාගේ වෙන එකක් නෑ සුද්දී .. සොරිම තමා ...''

'' පටන් ගත්තද අයෙත් දෙන්නගේ ගෝරනාඩු ..''

අම්මා ටිකක් සැර වූ නිසාවෙන් මමත් හිමිට මාරු වී ගොස් මිදුල අතු ගන්නට වුයෙමි

සෙනසුරාදා දවස නම් හරියට හීනයක් වගෙයි .. හරි ඉක්මනට ගෙවිලා ගියා .. එදින මිහිරි මතක සිහි කරමින් මම ගොඩක් සතුටු වුයෙමි

- මතු සම්බන්ධයි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
05 May 2016 09:29 PM
  •  Quote
  •  Reply

තත්සර ප්‍රේමය


23 කොටස



හිරු කිරණත් එක්ක උදා වුණු අලුත් දවසක් .. එත් වෙනදට වඩා පුංචි අමුත්තක් දැනෙනවා... සීතලත් එක්ක හිරිගඩුත් පිපුණු ඒ උදෑසන තවත් ටිකක් ගුලී වී නිදා ගන්නට සිතුනේ එදින ඉරිදා දිනයක් ද වූ නිසාවෙනි.

'' සුද්දී මොකද තාම නිදිද ?.. අමතක වෙලාද අද දවස ...''

''අහ් අද ඉරිදනේ .. ලොක්කෙ අයියේ ඉතින් තව ටිකන් නිදාගන්න දෙන්නකෝ...''

'' වැඩ තියෙනවා .. නැගිටින්න සුද්දී . අද මගේ යාලුවෙක් එනවා මෙහෙ ...''

මම ඒ වග නෑසුනා මෙන් හිටියේ නැගිටින්න කම්මැලිකමින් වූ නිසාමයි ..

'' මොකද මේ මුණ බේරි කරගෙන උදේම .. හරි හරි මෙන්න මම නැගිට්ටා ..''

මම එසේ පැවසුවේ ලොක්කෙ අයියාගේ දුක්බර මුහුණ දැකපු නිසයි ...

ඇග මැලිත් කඩමින්ම මම කුස්සියට ගියේ ඒ වන විටත් අම්මා නැගිට කුස්සියේ සිටින ශබ්දය ඇසුණි නිසාවෙනි..

''ලොකු.. පු...තා..... කෙසෙල් අග්ගිස්සන් කපාගෙන ආවා නම් හොද..යි ...''

අම්මා ලොක්කෙ අයියාට අද ගසමින් කිවා ය ...

''ඇයි අම්මේ මේ .. අද විශේෂයක් ..''

''නෑ ..... දරුවෝ මේ.... විශේෂයක්මත් නෙවේ .... ලොක්කෙගේ කවුද එනවලුනේ මෙහෙ අද ....''

අම්මා මගෙන් කිසියම් දෙයක් සගවන්නට උත්සාහ දරන බව ඇගේ වචන ගැලපුමෙන්ම මට වැටහුණි . එයට හේතුව කුමක්දැයි වටහා ගැනීමට මම අපොහොසත්වීමි ...

'' මෙන්න මේ පොල් ටික මිරිකලා දෙන්නකෝ දෝණි... බත ඉදෙන්නත් ලගයි .... කිරි ටික දා ගන්න ඕනේ ..''

'' හා අම්මේ ...''

මම නිහඩවම අම්මා විසින් ඉතා සිහින්ව ගා තිබු පොල් ටික මිරිකා මැටි කෝප්පයකට දැමුවෙමි . ඒ වන විටත් ලොක්කෙ අයියා කෙසෙල් කොලද කපා ගෙනවුත් තබා තිබුණි. ම්ම් තත්සර අයියා තාම නිදි ඇති ... තාම කෝල් එකක්වත් ,,msg එකක්වත් නෑනේ .. මගේ හිතට මහත් වූ පාළුවක් දැනුණි ,

''කෝ පොල්කිරි ටික මෙහාට දෙන්න ළමයෝ .. මොන ලෝකෙක ඉන්නවාද මන්දා ..''

අම්මගේ වදනිනුයි මම තත්සර අයියාගේ ලෝකයෙන් මිදීලා පියවි සිහියට ආවේ ...

ටික වෙලාවකට පසු අම්මා විසින් සීරුවට කිරිබත් කැට හදන ලදී .

මම මිදුල් අතු ගාලා මුහුණ හොදන් එනවිටත් තේ මේසය කැවිලි වලින් පුරවලා අලංකාරවත්ව සාදා තිබුණි ..

තත්සර අයියගෙන් msg එකක් .. ලස්සන පද පෙළක්

''එන බාධක බිද හැම
බැදී පෙම් දම සුරකිමු
වෙන්ව නොයා හිද
කිසිදා ....
වෙන්ව නොයා හිද
කිසිදා ....//''

''ආදරෙයි මගේ සුදු මැණිකට මහා ගොඩක් මම ...''

''සෙනෙහසින් අද දෙදෙනා
එක්ව තැනු අපේ පෙම් ලොව
සත්තමයි ජය ගනී
කොතෙක් බාධක ආවත් ඉතින් ...''

මමත් ආදරෙයි මගේ සුදු අයියට ගොඩක්ම ගොඩක් .. මමත් පදවැල් කිහිපයක් අමුණා පිළිතුරු යැවුවෙමි .

'' සුදු මැණික මට අද class එකක් තියෙනවා .. එකට යන්න ඕනි .. ඔයා මොකද කරන්නේ ...''

''මම අද ගෙදර සුදු අයියේ .. අපේ ලොක්කෙ අයියාගේ යාලුවෙකුත් එනවලුනේ ..''
මම තත්සර අයියා විසින් ඒවා තිබුණු msg එකට සැනෙන් පිළිතුරු යැවුවෙමි .

'' ලොකු ළමයෝ දැන් නංගිට ලැස්ති වෙන්න කිවා නම් .. අර ළමයි මෙලහකටත් මග එනවත් ඇති ..''

තාත්තා සාලයේ සිට අයියාට කියනු මට ඇසිනි ....

'' සුද්...දී ....''

ලොක්කෙ අයියා මට අඩ ගැසුවද මම නෑසුනා මෙන් සිටියේ තවත් වරක් ලොක්කෙ අයියා මට කතා කරනා තෙක්ය ....

ඔහු තවත් වරක් මට කතා කරනු වෙනුවට මගේ කාමරයටම පැමිණියේය ..

'' මගේ සුද්දි.....යෝ .... අර මහගෙන ආපු සාරිය ඇද ගන්නකො .. අද මගේ නංගි ගොඩක් ලස්සනට ඉන්න ඕනි ''.

''ඒ...ත් ..... ඇ..යි මේ .... ලොක්කෙ අයි..යේ ..?''

'' හා... හා ප්‍රශ්න තහනම් .. තව ටිකක් ඉවසන් ඉන්නකෝ ....''

''බෑ .. බෑ .. මට කියනකම් මම ලෑස්ති වෙන්නේ නෑ...නෑ .. නෑ .... මයි ...''

එත් සමගම අම්මා කාමරයට ආ නිසාවෙන් මම හොර පුසියක මෙන් කිසිවක් නොකියා සිටියෙමි ...

'' අම්මේ නංගිව ඉක්මනට ලෑස්ති කරවන්න.....
මම පටස් ගාලා කඩේට ගිහින් එන්නම් ..'' කියමින් ලොක්කෙ ඓයා කාමරයෙන් පිට වී ගියේ ය .

'' අනේ අම්මේ ඇයි මේ ..''

මම ඇසු දේ නෑසුනා සේ එයට පිළිතුරු නොදීම අම්මා අලුත් සාරිය අතට ගෙන පොට නමන්නට විය ...

මා හට සාරිය අම්මා විසින්ම අන්දවා, හිසත් පිරා ඇගේ තුරුලට තුරුළු කරගෙන මගේ මුව සිප ගන්නට විය ... අම්මාගේ දෙකොපුලින් කදුළු ගලන උණුසුම මට දැනුනි .

''අනේ අම්මේ .. ''

මගේ ඇසිනුත් කදුළු නැගුණි .....

''අම්මේ අර කට්ටිය දැන් මේ ලග ඉන්නේ කිවා .. ඔක්කොම හරි නේද ? මොකුත් අඩු පාඩු නෑනේ .. මෙන්න බුලත් ටික අම්මේ ..''
කියමින් කඩෙන් ගෙනත් තිබු බුලත් ටික ද අම්මා අත තබමින් ලොක්කෙ අයියා පැවසිය.

එත් සමගම වාහනයක් ගෙමිදුලට කරනු මට ඇසිනි ..

''නෝනෝ මෙහාට ආවා නම් ..''
තාත්තා උගුර පාදමින්ම කියා සිටි නිසාවෙන් අම්මා අවුල් වී තිබී ඇගේ හිසකෙස් කන්නාඩිය මත වූ මගේ පනාවෙන් සකසාගෙන ලහි ලහියේ සාලය දෙසට ඇදුනේ මට කාමරයේම සිටින ලෙස පවසමිනි .

''..පරක්කු වුනාද මන්දා අපි ..''
ඒ නුපුරුදු වූ ගෑහැනු කටහඩක් ය.

''අනේ නෑ නංගියේ ... අපිත් මේ වැඩපල ටික අහවර කළා විතරයි තවම ...''

ටික වේලාවක් යනතුරු ඔවුන් ආගිය තොරතුරු කතා කරමින් සිටි නමුත් ඒ කවුරුන්ද යන වග තවමත් මට වටහාගත නොහැකි විය .

ඒ අතරතුර මට තත්සර අයියාගෙන් කොල් එකක්ද පැමිණියේ ය .

'' හෙලෝ මගේ සුදු අයියේ .... ''

'' මගේ මැණික කැවද . දැන් class එකේ ළමයින්ට පොඩි interval එකක් දීලා මමත් tea එකක් බොන්න කියලා හදන්නේ ...''

''නෑ තාම අයියේ ..අපේ ගෙදරට අර එනවා කිව අයත් ඇවිත් .. ඔයා tea බොන්නකෝ ..''

'' ඒක නෙවේ පැටියෝ ..මගේ යාලුවෙක් එනවා .. මම එයත් එක්ක ටිකක් කතා කරලා ඇවිත් ගන්නම් ඔයාට හොදද... මගේ පැටියා පරිස්සමින් ඉන්න ..''

'' හ්ම්ම් ,,, මගේ අයියත් පරිස්සමින් ඉන්න ..

කියමින් මම අපහසුවෙන් වචන ටික ගොනු කර ගත්තේ ඒ වන විටත් මේ දෙසට කිසිවකු හෝ පැමිණෙන හඩක් ද ඇසුණු නිසාවෙනි .

'' මගේ දෝ....ණි , කෝ..... මෙහා...ට එන්න...කෝ ...''
අම්මා ඉතාමත් ආදරයෙන් මාව කැදවුයේ අම්මාගේ අතේ වූ බුලත් හෙප්පුවක් ද මා දෑත මත තබමිනි.

මම පුදුම වී බලන් හිටියෙමි ...

''ඇ....යි මට මේ කිසිවක් කලින් නොකීවේ අම්මේ ..''

අම්මා කිසිවක් නොකියා සිටීම මට දරා ගත නොහැකි විය. මම අම්මාව තදින් බදාගෙන අඩන්නට වුණෙමි.

'' කෝ අපේ මනමාලි ...''

පෙර නුපුරුදු ගැහැණු කටහඩ මගේ සවනත ගිගුම් දෙන්නට විය .

'' කෝ දැන් ඔය ඇඩිල්ල නවත්ත ගන්නකෝ මගේ හොද දරුවා වගේ . කෝ.. බලන්න ..මේ ... මුණත් එක්ක ඉදිමිලා .''

කියමින් අම්මා මගේ දෙකම්මුලේ වූ කදුළු හිමින් සීරුවේ පිස දැමුවේ ය. එවිට තාත්තාත් එතනට පැමිණියේ ය .

'' කෝ එන්න යමු හොද දෝණි වගේ ...''

තාත්තා මගේ සුරතින් ද අල්ලා ගනිමින් කීවේ ය . නමුත් මම අඩියක්වත් නොසලවා එලෙසම සිටියෙමි.

'' කෝ දරුවෝ හිතුවක්කාර වෙන්න එපා .. අර මනුස්සයෝ බලාගෙන ඉන්නවනේ ...''

තාත්තා ටිකක් සැර වූ නිසාම වෙන කරන්නට දෙයක් නොතිබූ නිසාමත් අකමැත්තෙන් නමුත් පියවර තැබුවෙමි.. තවමත් මගේ සුරත තාත්තාගේ දැවටී තිබුණි ..

'' කෝ ඕක පිළිගන්වලා කතා කරන්න ආකාශ් ට ..''

තාත්තා මගේ අත හිමින් සීරුවේ අත හරිමින් කනට කොදුලේ ය . මට පොලව පලාගෙන යන්න තරම් සිතුනි .

දෙයියනේ ඒ පැමිණ සිටියේ වෙන කවුරුවත් ම නොව ආකාශ් අයියා ය .

ආකාශ් අයියාගේ මුහුණ දෙසවත් නොබලාම මා අත රැදී බුලත් හෙප්පුව ආකාශ් අයියාට පිලිගැන්විමි .

ආකාශ් අයියා මගේ අතේ අගිලිත් ස්පර්ශ වන සේම බුලත් හෙප්පුව අල්ලා ඔහුගේ ඇත රැදී තිබුණු තුටු පඩුරක් බුලත් හෙප්පුවෙන් තැබිය .

''දුවේ මේ පුංචි අම්මටයි , තාත්තටත් කතා කරන්න ...''

අම්මාගේ වදන් අනුව මම පැමිණ සිටි ඒ කාන්තාවටත් , ආකාශ් අයියගේ තාත්තටත් දෙදන නමා වැන්දෙමි.

ටික වෙලාවක් කතා කර සිට පසුව තේ පැන් සංග්‍රහයක් ද දී ඉන් අනතුරුව ආකාශ් අයියාත් මාත් තනි කර අනිත් සියල්ලම ඉවත්ව ගියේ ය .

''දෙන්නත් එක්ක ටිකක් කතා කරන්නකෝ.. නාදුනන දෙන්නෙක් නෙවේනේ .. කියමින් තාත්තා පැවසිය .

''තරු ..''

භාවනාවක දී සිටියාක් මෙන් මෙතෙක් වේලාවක් නිහඩව සිටි ආකාශ් අයියා සියලු දෙනා ඉවත්ව යන තෙක් හිද මට කතා කලේ ය .

'' ම්ම්ම්ම් ..''

මම කිසිවක් නොකියා දිග සුසුමක්ද හෙලුවෙමි .

''බස්සි වගේ ම්ම්...ම්... කියන්නේ අදත් මට උත්තරයක් නොදී ඉන්න ද කල්පනාව ..''

''මම අද එනවා කියලා දැනගෙන හිටියේ නෑ නේද ..?..මමයි කිවේ ඔයාලගේ අයියට මම අද එනවා කියලා කියන්න එපා කියලා .. ඒ දේ ඔයා දන්නවා නම් ඉතින් මාව කලින්ම මග ඇරලා යයි නේද ..?.. මම ඔයාගේ මුණ දැක ගන්නකම් ඉවසිල්ලක් නැතිව හිටියේ තරු ..''

ආකාශ් අයියා අතොරක් නැතිව කියාගෙන ගියේ ය .. මට එය මහත් වූ හිසරදයක් විය. ආත්ම ගාණකවන් වූ මගෙත් තත්සර අයියාගේත් බැදීමෙන් එහා ගිය දෙයක් හීනෙන් වත් හිතන්නේ කොහොමද ..?... ඒ තරමට මම තත්සර අයියාගේ සෙනෙහසට බොහෝ ලබැදි වී සිටියෙමි.. ඔහුගෙන් තොර වූ තවත් ජිවිතයක් මම කිසි විටෙකත් නොපතුවෙමි ...

''ඒ ....ත්... ආකා..ශ් අයි...යේ .මම ....''

මම කියන්නට ගිය දේ වලකමින් නැවතත් ඔහු කියවන්නට පටන් ගත්තේ ය .

'' ඔයා මගෙමයි තරු නංගි .. ඇයි මාව පොඩ්ඩක්වත් තේරුම් ගන්නේ නැත්තේ .ඔයා දන්නවනේ පොඩි කාලේ ඉදන්ම මමයි, ඔයාගේ අයියයි හොදම යාළුවෝ .''.
''ගොඩක් කල් ඉදන්මයි මම ඔයා ගැන හීන මැවුවේ .. එත් මම මොකුත් නොකියා හිටියේ ඔයා ඉගෙන ගන්ත නිසා ඒ දවස්වල.
ලොක්කෙ අයියා marry කරන්නේ ඔයාගේ බර නිදහස් වුණාට පස්සෙයි කියපු නිසයි මම කෙලින්ම ලොක්කෙට මේ ගැන කිවේ,,.
ඉතින් බලන්නකෝ නංගි ගෙවල් වලිනුත් කැමතියි. ඒ ....ත් ඔයා.........''

'' අරෙහෙට යමුද ...? ....
ආකාශ් අයියා සේපාලිකා මල් ගහ අද්දර වූ බැංකුව දෙසට දෙනෙත් යොමමින් නැගී සිටියේ ය .

මමත් කිසිත් නොකියා අතරම්ව පාර සොයා නන්නාදුන පුද්ගලයෙක් සමග යන සමනලියක් සේ ආකාශ් අයියා පසු පසම අකමැත්තෙන් නමුත් ඇදුණේ වෙන කිසිත් කරන්නට නොවූ නිසා ය .

ඔහු බැංකුව මතින් වාඩි වුව ද මම සිටගෙන සිටියෙමි...

'' කෝ වෙනදා හිටපු දගකාර කටකාර කෙල්ල ...''
කියමින් තත්සර අයියා මගේ දෑතින් ඇද බැංකුව මත ඔහුගේ අසලින්ම මා හිදුවා ගත්තේ ය .. මම හිමින් සීරුවේ ටිකක් ඔහුගෙන් ඇත් වුනෙමි ..

ඒ බව ඔහුට දැනුන නිසාමද මන්දා ....

'' ඇයි ඔයා .. මේ මට ආදරේ නැද්ද තරු .. මව එපා ද ... මම කිසිත් නොකියා හිස වැනුවෙමි..

'' අනේ මගේ පිස්සු කෙල්ල .. මම නම් ආදරෙයි ගොඩක්..ඔයා ආදරේ නැතිවට ඉතින් .. කවදම හරි දවසක ඔයා මගේම විතරයි තරු... මගේ බලාපොරොත්තුව ඔයා .. ඒ බලපොරොත්තු එක්කම මගේ හීන ගොඩක් තියෙනවා .. කවදාවත් ඒවා මගෙන් උදුරා ගන්න එපා නංගි ..''
කියමින් සේපාලිකා ගහෙන් ඔහුගේ අගට වැටුණු සේපාලිකා මලක් ගෙන මගේ හිසකේ අතර රැන්ද වුයේ ය .

'' මගේ මල් කුමාරි හි හි ...''
කියමින් ඔහු අහිංසක ලෙස මගේ හැඩ බලමින් සිනාසුණේය ..

''ඔයා මට මගේ සහෝදරයෙක් වගේ ....විතරයි අයියේ ...''
මම තවත් යමක් කීමට පෙර මගේ මුව ඔහුගේ දෑතින් වලකාලීය ...

''please .. තරු ආයෙත් ඔය කතාව මට ඇහෙන්න කියන්න එපා ...
..'' ඔව් මම ඔයාගේ සහෝදරයෙක් වගේ තමයි ඒ සහෝදරකමත් ඔයාට දෙන්නම් .,.. එත් දවසක මම ඔයාගේ මහත්තයා ...''
කියමින් ඔහු මගේ හිස පිරිමදින්නට විය .. මම ඔහුගේ ඇත ක්ෂණයෙන් ඉවත් කර හැරියෙමි .

''හ්ම්ම්ම් කමක් නෑ ... තව හිතලා බලලා හරි මට ඔයා හොද උත්තරයක් දෙන්න .ආදරේ නැතත් ත්කමක් නෑ එක පාරක් ඔය පුංචි කටින් මට ආදරෙයි කියල කියන්න ,,එකම එක පාරක් .''

මම නිහඩවම ඉවත බලාගෙන සිටියෙමි..

''පුතාට ගෙදර යන්න නම් ගානක් නෑ වගෙයි ...''

කියමින් පුංචි අම්මා සේපාලිකා ගස දෙසට පැමිණුනාය .

මම මද සිනහවකින් ඇය වෙත සංග්‍රහ කලෙමි ...

''කෝ පුංචි අම්මේ තාත්තා .?.''

'' අන්න මේ දුවගේ තාත්තත් එක්ක බර කතාවක.. ''

ආකාශ් අයියා නැගිට මටත් එන ලෙස ඉගි කොට පුංචි අම්මාත් සමගින් ගිය නිසාවෙන් මමත් ඔවුන් පසු පසින් ඇදුනෙමි .

'' එහෙනම් දෙන්නගේ හදහන් බලලා හොද දිනයක් යොදාගෙන මේ කටයුතු ඉක්මන් කරමු....''

ආකාශ් අයියගේ තාත්ත එලෙස පවසනු ඇසීමෙන් මට පොලව පලාගෙන යන්න ඇත්නම් යැයි සිතිනි ....

''ඔව් ඔව් එක හොදයි ..''

අපේ තාත්තත් එය අනුමත කලේ ය .

''දුවේ මේ අය යන්නනේ හදන්නේ .. කතා කරන්න ..''

මම ආකාශ් අයියාගේ තාත්තටත් ,පුංචි අම්මාටත් දෙදන නමා වැන්දෙමි...'

'' දෙයියන්ගේ පිහිටයි දුවේ..'' කියමින් ඔවුන් දෙදෙන විසින් මට ආශීර්වාද කරන්නට විය ...

''අපි ගිහින් එන්නම් නංගි ''

ආකාශ් අයියා අකමැත්තෙන් නමුදු මට සමු දුන් බව ඔහුගේගේ මුහුණෙන් හොදටම පෙනුනි .

මම වහා කාමරයට දුවගෙන ගොස් කොට්ටය මත්තේ හිස ගසාගෙන හඩන්නට වුයෙමි.. දරා ගන්න බැරි තරම් වූ හිස රදයකින් හා දුකකින් මා වෙලා ගත්තේය ... .. මුළු කාමරයම අන්දකාරයකින් වැසී ගත්තක් මෙන් මට දැනුනි . මම ඒ අන්දකරයේම අත පත ගා පැනඩෝල් පෙති දෙකක් ද මේසය උඩ වූ වතුර වීදුරුත් සමගින් බි තදින් දෑස පියා ගත්තේ ඒ වේදනාව උහුලාගනු බැරී තැනමය .

- මතු සම්බන්ධයි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
05 May 2016 09:35 PM
  •  Quote
  •  Reply
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
05 May 2016 09:37 PM
  •  Quote
  •  Reply
හරිම ලස්සන නිර්මාන
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
05 May 2016 09:42 PM
  •  Quote
  •  Reply
එක දිගටම කියවා ගෙන යන්න තියෙනවා නම් කියලා හිතෙනවා..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
05 May 2016 09:43 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 05 May 2016 09:37 PM
හරිම ලස්සන නිර්මාන


කියවන්නේ නැතිව බොරු කියන්න එපා අයියේ .
හෙහෙ ..
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
06 May 2016 06:43 AM
  •  Quote
  •  Reply
මාත් කියෙව්වා ලස්සනයි කතාව නම් ඊලග කොටසත් ඉක්මනටම දෙනකන් මග බලන් ඉන්නවා
0
Add Reply
Page 7 of 11 << < 56789 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below