You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Dec 2021 12:52 PM by  Poddi
......මගේ හිතට කථා කරන අකුරු ....
 204 Replies
Sort:
Page 8 of 11 << < 678910 > >>
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 May 2016 07:46 AM
  •  Quote
  •  Reply
මේ සේරම එකතු කරලා පොතක් හදන්න නංගි.
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
06 May 2016 08:12 AM
  •  Quote
  •  Reply
Posted By hasithad on 06 May 2016 07:46 AM
මේ සේරම එකතු කරලා පොතක් හදන්න නංගි.

ඔව් ඒක නම් හොද අදහස තමයි 
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
06 May 2016 08:44 PM
  •  Quote
  •  Reply
Posted By hasithad on 06 May 2016 07:46 AM
මේ සේරම එකතු කරලා පොතක් හදන්න නංගි.
මට උදවු කරන්නකෝ ඒ හීනේ හැබෑ කර ගන්න

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
10 May 2016 11:38 PM
  •  Quote
  •  Reply
ඉතුරු කොටස් ටිකත් දෙන්නකො එහෙනම්. පොත් ප්‍රකාශකයෙක් දෙන්නෙක් දන්නා හඳුනන කෙනෙක් මාර්ගයෙන් කතා කල නම් ඒ හීනය අපහසු වෙන එකක් නැහැ පොඩ්ඩි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
10 May 2016 11:57 PM
  •  Quote
  •  Reply
තත්සර ප්‍රේමය


24 කොටස

** කාලය දවසින් දවස හිතනවාටත් වඩා ඉක්මනට ගෙවිලා යනවා . ඒත් ඔයා වෙනුවෙන් මගේ හිතේ තියෙන ආදරේ නම් චුට්ටක්වත් අඩු වෙලා නෑ. ඒ ආදරේ තව වැඩි වුණාම මිසක්. මම දන්නවා ඔයාටත් එහෙමයි කියලා මගේ රත්තරන් අයියේ .

එත් හිතා ගන්නවත් බැරි විහිදටයි ඔයාගෙයි මගෙයි ආදරේ අතරට තවත් කෙනෙක් ඇවිල්ලා හරස් වුණේ. ආකාශ් අයියා ගැන කියලා හිත රිද්දන්න බැරි වුණත් මට ඒ දේ නොකියා ඉන්නත් බැරි වුණා. ඒකයි මගේ හිතට ආපු දූකත් තද කරගෙනම ඔයාට ඒ හැම දෙයක්ම කීවේ මගේ සුදූ අයියේ....

''මගෙයි ආකාශ් අයියගෙයි වෙඩින් එකට හැම දෙයක්ම ලෑස්ති වෙනවා .. එත් මට ඔයා කියනවා ඔයා ගැන කියන්න එපාලු ගෙදරට .. අම්මලාගේ හිත රිද්දන්න එපාලු ...
මට නම් ඔයා නැතිව එක මොහොතක්වත් ඉන්න හිත හදා ගන්න පුලුවන්ද මගේ අයියේ ..''
ඒත් ඔයා අද.... මගේ හිත හදන්න හදනවා. මගේ අම්මගෙයි ,තාත්තාගෙයි ,ලොක්කෙ අයියගෙයි, සතුට වෙනුවෙන් අපේ ආදරේ පරිත්‍යාග කරන්න හදනවා...''

'' සුදු මැණික චුට්ටක් තේරුම් ගන්නකො ..''

''එත් මොනවද මම තේරුම් ගන්නේ අයියේ .. ඔයාගෙන් ඈත් වෙලා මට එක තත්පරයක්වත් ඉන්න පුළුවන් කියලා ඔයා හිතනවද ... ඔයාට ඔයාගේ සුදු මැණික නැතිව ඉන්න පුලුවන්ද ?''

මම තරහින් කියපු හින්දම ද මන්ද තත්සර අයියගේ මුහුණ අදුරු වලාකුලක් වෙලාගත්තාක් මෙන් දුකින් පිරුණි .. ඔහු මොකුත් නොකියම මාව ඔහුගේ පපු මත්තට තුරුල් කරන් ගොඩක් ආදරෙන් මගේ හිස පිරිමැද්දේය.

'' මගේ රත්තරන් ..''

''හ්ම්ම් මගේ අයියේ ..''

බොහෝ වෙලාවක් ගත වනතුරු තත්සර අයියගේ තුරුල්ලට වී මගේ දුක ඉවසාගත නොහැකිව කදුළු වලට පෙරලුවෙමි ...

'' කෝ දැන් මගේ මුණ දිහා බලලා එක පාරක් හිනා වෙන්න මගේ රත්තරන් ...මටත් දුකයි තමයි... එත් මම දන්නවා මොන දේ සිද්ද වුනත් ඔයා මගේම විතරයි කියලා ... මෙච්චර ආදරෙන් ඉන්න අපි දෙන්නව කොහොමටවත් වෙන් කරවන් නෑ දෙවියෝ මගේ මැණිකේ ... මේක අපි පතාගෙන ආපු බැදීමක්...''

'' තරු අපි යමුද බන් ...'' දැන් office ඇරෙන time එකත් පහු වෙලානේ ...''

එදා office ගියත් මගේ හිත එක විදිහකට තියාගෙන ඉන්න බැරි හින්දම දිනුකිටත් කියලා , leave එකක් දාලා තත්සර අයියට හදිසියේම එන්න කිවේ තත්සර අයියත් එක්ක ඒ ආදරෙත් එක්ක හුගක් වෙලා තුරුළු වෙලා ඉන්නයි.. එත් ඒ ගෙවුණු හෝරාව මට නම් තත්පරයක් තරම් වුනෙත් නෑ වගෙයි .

මොනවා කරන්නද වෙනදා වෙලාවට ගෙදර ගියෙත් නැත්නම් එකත් ප්‍රශ්නයක්නේ . අකමැත්තෙන් නමුත් මම තත්සර අයියාට සමු දී දිනුකිත් සමග ආපසු හැරුනේ නිවෙස් වෙත යාමටයි .

'' පරිස්සමින් යන්න මගේ මැණික ..''

'' මගේ අයියත් පරිස්සමින් යන්න . ගොඩක් ආදරෙයි මම ..''

'' මම දන්නවා මගේ පැටියෝ .. ඒ ඔයාගේ ආදරේට මමත් ගොඩක් ආදරෙයි ...''

තත්සර අයියා මුණ ගැහිලා දුක ටිකක් හරි තුනී කර ගන්න හැදුවත් ඒ දුක තවත් වැඩි වුනා මිසක් බිදක්වත් අඩු වුනේ නම් නෑ .

ගෙදරට යන විට වෙනදා වෙලාවට වඩා තරමක් ප්‍රමාද වී තිබුණි.

'' මොකද දෝණි අද පරක්කු වු....නේ .. ''

''අද බ..ස් අඩු..යි අම්...මේ ..''

මම වචන ගැලපුවේ නොසිතාමය .

''බස් එක තිබුනේ නැතිනම් කෝල් එකක් හරි දෙන්න තිබුනනේ ...
අයියව එවනවනේ හන්දියටවත් ..''

'' ඉතින් අමෙ දිනුකිත් හිටියනේ ..''

'' හා හා ..ඉතින් .. ආයේ රෑ වෙනකම් ඉන්න එපා බස් නොතිබුනොත් .. හෙට අනිද්දට දීගෙක යන්නනේ ඉන්නේ ...''

''දරුවෝ රෑ වෙනවනේ ගිහින් මුණ ඇග පත හෝදගෙන එන්න .....''

තාත්තා කිවේ අම්මගේ කෑ ගැහිල්ල ඇහිලමද කොහෙද .

'' හා තාත්තේ මම යන්නම් .. ලොක්කෙ අයියා නානවද කොහෙද .. එයා ආවහම යන්නම් ...

'' හා හොදා එහෙනම් .. කාරණාවකුත් කියන්න තියෙනවා.. තේ කහට එකක් එහෙම බීලම වරෙන්කො ..''

තාත්තා එසේ කියමින් සාලය දෙසට ගියේ අම්මා සාදා දුන් තේ කහට කෝප්පය ද අතැතිවමය .

මම නාගෙන එන විටත් අම්මා රෑ කෑම පිළියෙළ කරලයි තිබුණේ .

'' ෂා මරුනේ ඉදිආප්ප ... ''

කියමින් ලොක්කෙ අයියා කාටත් කලින්ම කෑම මේසය මත වාඩි වුයේ ඉදිආප්පවලට ලොක්කෙ අයියා කුඩා කල සිටම ප්‍රියතාවයක් දක්වපු හින්දයි..

මට මතකයි චුටි කාලේ නම් ඉදිආප්ප හදද්දී ඉතුරු වෙන පිටි ටිකට සීනියි පොලුයි අනලා අම්මා පොඩියට පැණි රොටි හදලා දෙනවා.. ඒවා කන්න ලොක්කෙ අයියයි මමයි රණ්ඩුත් වෙලා තියෙනවා .

'' කෝ අම්මේ පැණි රොටි නැද්ද .. සුද්දී කන්න කලින් මට දෙන්න .... ''

මගේ හිතින් කුඩා කල සිතුවිලි මුදවාලන්නටත් පෙර ලොක්කෙ අයියා සුපුරුදු වූ රණ්ඩුවට මාව පටලවා ගන්නටයි හැදුවේ..

එත් මගේ හිත කියා ගන්න බැරි ලොකු පාරකින් පිරිලයි තිබුනේ. බඩගින්නක් දැනුනත් කන්න තරම් ප්‍රියතාවක් මට නොවුනි .

'' ඇයි සුද්දී කන්නේ නැද්ද ... මොකෝ කෙල්ල දාහට අරන් සියට දීලා වගේ කල්පනාව ..''

'' නෑ ... නෑ ලොක්කෙ අයියේ මොකුත් නෑ ... මට බඩගිනි නෑ ..පස්සේ කන්නම්කො ...''

''අහ් එක නෙවෙයි ලොක්කි.. අද ආකාශ් ඇවිත් ගියා මෙහෙ .. වෙඩින් සාරි එහෙම ගන්න බලන්න යන්න ලබන සෙනසුරාද ලෑස්ති වෙන්න කිවා .. එයාගේ ඉසුරි අක්කත් එන්නම් කිවලු ..''

''මමත් ඔය කාරණාව තාම දුවට කියන්න හිටියේ ..''

ලොක්කෙ අයියා එසේ කියද්දී තාත්තාත් කතාවට හවුල් විනි..

'අම්මේ මගේ හිස කකියනවා. ටිකක් හාන්සි වෙන්න යනවා මම ...'' ලොක්කෙ අයියාත් ,තාත්තත් කි දේ නොඅසාම මම මම කාමරයට යන්නට හැදුවේ ''ආකාශ්'' කියන නම මගේ කනටවත් අහන්නට අකමැති හින්දයි ..

'' මොනවා හරි ඩිංගක් කාලා යන්න දෝනි අන්න හවස ගත්තු රෝස් පාන් වගයකුත් තිබුණා .. එක්කෝ පරිප්පු හොදි දින්ගකුත් දාගෙන පාන්වත් කන්න .''
අම්මා ඇවිටිලි කළා ය ..

ඒ කිසිත් නොඅසා මම කාමරයට ගොස් දොර ද වසා ගත්තේ ටික මොහොතකට හෝ තනි වී මගෙයි , තත්සර අයියාගෙයි ලෝකෙටම වී සිටින්නටයි.

- මතු සම්බන්ධයි -
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 May 2016 08:31 AM
  •  Quote
  •  Reply
තවත් කොටසක්.මම මේකට අතරමැදින් එකතු වුනේ.මුල ඉදලා බලන්න ඕනෙ මේක.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 May 2016 10:20 AM
  •  Quote
  •  Reply
ස්තුති පොඩ්ඩි නගෝ ....ඔයාගේ මේ හැකියාව නම් ඇත්තටම හරිම අගේයි .
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
11 May 2016 11:49 PM
  •  Quote
  •  Reply
sthuthiyi hamotama
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
28 Sep 2016 03:38 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි යේ ඔන්න කොටස් 24 ම එක දිගට කියෙව්වා... දැන් තමයි කතාවෙ නියම හරිය... ඔන්න ඉක්මනට දාන්න එහෙනම් ...
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Sep 2016 04:02 AM
  •  Quote
  •  Reply
24 ta wenakam withalayi neda ?
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Sep 2016 04:26 AM
  •  Quote
  •  Reply
තත්සර ප්‍රේමය



- 25 කොටස -

************ '' දවස් ගෙවිලා යන්නේ අපි හිතනවටත් වඩා හරි ඉක්මනට. ඔයා නම් කිවේ හැම ප්‍රශ්නයක්ම කාලය විසින් විසදලා දෙයි, බය නැතිව ඉන්න කියලයි .... එත් මගේ සුදු අයියේ ඔයා මට නැති වෙයි කියලා හිතෙන හැම මොහොතකම මගේ පපුව පිච්චි පිච්චි මන් සිය දහස් වාරයක් මැරී මැරී ඉපදෙනවා. අපි දෙන්නා ගොඩක්ම ගොඩක් ආදරෙන් එකතු වෙලා හරි ලස්සනට මවපු පාට පාට හීන ලෝකේ සිත්තමක් නොකර , ඒ හීන හැබෑවක් කර නොගෙන අතරමගදී නොහිතපු විදිහට හීන බොද කරලා ඒ හීන වලින් දුරස් වෙන්න නම් මට බෑ ..ඉක්මනට මාව ඔයා ළගට ගන්නකො මගේ සුදු අයියේ ''

'' මම එක දන්නවා මගේ මැණික .. එත් ඔයාව මෙහෙම හරි හදිස්සියේ මගේ ළගට ගන්න බෑනේ . තාම ගේ වැඩත් ඉවර නෑ . අම්මත් ඉන්නේ මේ දවස්වල අසනීපෙන් ... මම හොයන හැම දේම ගෙදර වියදටම ගන්නේ මගේ මැණිකේ. තාත්තගේ pension එක මදි හැමදේම කර ගන්න. ... ඔයාව එක පාරටම මගේ ලගට අරන් දුකින් තියන්නේ කොහොමද මම , ඔයාට හැම සැප සම්පතක්ම මට දෙන්න විදිහක් නෑනෙ.. පුංචිම පුංචි කාලයක් දෙන්න මට ... ''

''එ.....ත් අයියේ ...එකම එක දෙයක් අපි අපේ ගෙවල්වලට අපි ගැන කියමු ''

'' හ්...ම්ම්..ම් කියන්න නම් මාත් කැමති . ඒ ...ත් මගේ සුදු මැණිකට බැන්නොත් අම්මලා .. මම වගේ කෙනෙක්ට කැමති වෙයිද ..?
ආකාශ් කියන්නේ සල්ලි තියෙන අය . අනික එයා ලොක්කෙ අයියගේ හොදම යාළුවා .
එහෙම කෙනෙක්ට ඔයාව දෙන්න තීරණය කරලා තියෙද්......දී ...ත් ''

'' අනේ plea...se .... මගේ සුදු අයියේ ... මම ඔයාගෙම විතරයි ...''

ආකාශ් අයියගෙත් මගෙත් විවාහය තීන්දු වුණු දවසේ ඉදන් ගෙවුණු හැම දවසක්ම මගේ හිත බයෙන් ගැහුනේ තත්සර අයියගෙන් එහා වූ තවත් ලෝකයක් මට කිසිම දිනක නැති බැවිනි .

''දෝ......ණි ... මල් පැලවලට වතුර දාලා ඉවරද ... අද හෙටම නම් වහිවී වගෙයි. පෝයත් ලගයිනේ....''

මම එළියේ බංකුව මත වාඩි තත්සර අයියත් සමග කතා කරනවා අම්මට අහුනවත්ද ..?

''ඔ...ව් අම්මේ ..වතුර දාලයි ඉවරයි ... තාත්තත් බුලත් පාත්තියට වතුර දාන්න යනවා කියලා ගියා ..''

තත්සර අයියගෙන් සමු ගැන්මක්වත් නොගෙනම දුරකථනය විසන්ඳි කරමින් අම්මාට පිළිතුරු දුන්නෙමි...

වාඩි වී සිටි බැංකුව මතින් නැගිට ගෙවත්තේ පහල කෙලවර දෙසට හිමින් හිමින් පිය පැන්නේ දුක රැදී මා දෑස අගට කදුළු ද තුරුළු කර ගනිමිනි.
පහල වැව දෙසින් හමා සිතල සුළග මා ගත වෙලා ගනිද්දී නැගුනු පාළුව තවත් වැඩි වුණා මිසක අඩුවක් නම් වුයේ නැත . එලැබෙන හෙට දිනයේ ආකාශ් අයියාත් සමගින් මංගල උත්සවයට අවශ්‍ය දෑ ගැනීමට යාමට මම හිත හදා ගන්නේ කෙලෙසකින්ද ?'

වැව් ඉහත්තාව දෙසින් මළහිරු අහස් ගැබ තුලට කිදා බැස්සේ මගේ හිත රැදී සියලු බලාපොරොත්තු සුන් කරමින්නට මෙනි... තවත් ඒ දසුන දෙස බලා සිටීමට නොහැකි වූ බැවින් යලි නිවස දෙසට ගියෙමි ..

අම්මාත්, තාත්තත් ආලින්දයේ වූ පුටු පේලිය මත කෙළවරක වාඩි කුමන හෝ කතා බහක නිරත වී සිටිනු මට පෙනෙන්නට විය .

'' මේ. ගොම්මන් වෙන වෙලාවේ කොහෙද දරු...වෝ... ඇවිදින්න ගියේ....''

තාත්තා කියන්නට වුයේ මම වැව දෙස සිට හෙමින් හෙමින් පියවර පැටලවූ නිසා ය .

මම කිසිවක් නොකියාම මුනිවත රකිමින් මගේ කාමරය දෙසට යන්නට වීමි . සාලයේ සිවිලිම මතින් එල්ලෙන විදුලි පංකාවේ ටක ටක හඩත් නැගුනේ හරියට මටම ඔච්චම් කරන්න වගෙයි ....

'' සුද්...දී .. මෙහෙට එන්න......කෝ .. මේ බලන්නකෝ රුබියගේ දැගලිල්ල .. හි... හී .....''

සාලයේ සැටිය මත වාඩි වී සිටි ලොක්කෙ අයියා මට අඩ ගැසුවේ හුරතල් කරමින් සිටි බලු පැටියාගේ සෙල්ලම් මටත් පෙන්වීමටයි...

රුබියාගේ හුරතල් බලමින් සාලය පුරා ඌ පසු දිව ඇදෙමින් ටික වෙලාවක් ලොක්කෙ අයියාත් මමත් කාලය ගෙවුවෙමි..

'' දැන් ඇති ළමයි.....නේ ඔය දැගලුවා ... තුවාලයක් හරි කර ගන්න තමයි හදන්නනේ ඉතින් ...''

''ඒ...ක නෙ...වේ.... සුද්දී .... කොහොමද ඔයාගේ සිහින කුමාරයා එහෙම ...''

'' අපෝ ලොක්කෙ අයියේ වෙන දෙයක් කතා කරන්න ඇත්තෙම නැද්ද ..?''

මම තරහින් කියමින් එතනින් ඉවත්ව ගියෙමි.

'' ආව් ආව් කෙල්ලගේ තියෙන ආඩම්බරේ ''

ලොක්කෙ අයියාට තත්සර අයියා ගැන කියන්නත් හිතෙනවා වෙන දෙයක් වෙන්න කියලා .. එත් අපේ සම්බන්දෙට අකමැති වුනොත් මට තත්සර අයියා ගාවට යන්න විදිහකුත් නෑනේ එයා ප්‍රශ්න ගොඩක ඉන්න හින්දා ඉතින් ... . මම නැවතත් මගේ සිතුවිලි ගොනු කරගෙන මේසය මත වූ පෑන අතට ගෙන නිසදැසක් කුරුටු ගාන්නට වීමි .

''සුදු පාට පිනි බින්දු
සීතලට තවරාන
නෙතු දෑල අග පිපුණු
සුපෙම්බර පින්න මල නුඹ...

සවනත ළග රැදී
ගී සින්දු මුමුණාපු
මියුරු හඩ රිසි සපිරි
සැලමල් ලිහිණි කුමරු නුඹ...

සංසාරගත හුරු පුරුදු
සිත් අරණේ ලැගුම් ගත්
සොදුරුතම පදවැලේ
ජිවිතේ අමුණාපු ගීතයයි නුඹ...''

.................................................................................



ආකාශ් අයියා ඉසුරි අක්කාත් සමගින් එළැඹි සෙනසුරාදා දින උදෑසනින්ම නිවසට පැමිණියේ මාත් සමග ගොස් වෙඩින් එකට අවශ්‍ය දේවල් සුදානම් කර ගන්නයි. ආකාශ් අයියට ඕනි වුණේ ඉක්මනින්ම මාව එයාගේ කරගෙන වෙඩින් එකෙන් පස්සේ එයත් රට යන්නයි .මාස පහක් වැනි පුංචිම පුංචි කාලයක් වෙඩින් එකට තිබුණේ . ඒ හැටි කාලයක් නොතිබුණු බැවින් හැම දේම පිළිවෙලක් කර ගන්න ඉසුරි අක්කා ආකාශ් අයියට උදවු විණි.

අකමැත්තෙන් නමුත් මම ඒ ගමන ගියේ අම්මා ,තාත්තගෙවත් , ලොක්කෙ අයියගෙවත් හිත රිදවන්නට පුළුවන් කමක් මට නොවූ නිසාවෙනි .

අම්මා ආකාශ් අයියලත් එන හින්දා හැලප හදලා තිබුනා එයාලට තේ දෙන්න.

''හරිම රසයි අම්මේ හැලප නම් ...''
ආකාශ් අයියා හැලප කන අතරතුර අම්මාට කිවේය .

''බය වෙන්න එ...පා... මල්ලි තරු නංගිටත් හැලප හදන්න පුළුවන් ඇති රසට ..''
ඉසුරි අක්කා මා දෙසට හැරී ඇසක් ද ඉගි මරමින් කිවේ සිනහවක්ද පාමින්මය

තේ බීමෙන් පසු ටික වෙලාවක් රැදී සිට ආකාශ් අයියාහා ඉසුරු අක්කා මාත් සමග පිටත්ව ගියේ ඒ වන විටත් බොහෝ ප්‍රමාද වී තිබු නිසයි .

''පරිස්සමින් ගිහින් එන්න දරුවනේ ..''
අම්මාගේ හදවතින් නැගුණු ආශිර්වාදයයි ඒ ..

''හා හොදයි අම්මේ...අපිට කෑම එහෙම හදන්න ඔට්ටු වෙන්න එපා අම්මේ ...කියා වෙයිද දැන් නෑනේ අපි එද්දී. පරක්කු වූනොත් කඩේකින් කෑම කන්නම් ...''

නුවර කඩ සාප්පු කිහිපයකටම ගියද ආකාෂ් අයියගේ හිතට හරියන සාරියක් නම් සොයා ගන්නට අසීරු විය ... මට නම් ඒ ගමන එපාම විය ... මම ඉසුරි අක්කා සමගින්ම ඉන්න හැදුවත් ඉසුරි අක්කා ආකාශ් අයියාටටත් මටත් තනි වෙන්නට ඉඩ දෙමින් බොහෝ විට මග හැරියාය .

අහසත් වැහි කලුවකින් වෙලා ගත්තේ නොසිතුවම මොහොතකයි ...

''නංගි අද නම් සාරි ගන්නවා බොරු තමයි.. ඉන්න මම වෑන් එකේ තියෙන ලොකු කුඩේවත් අරන් එන්නම්... එතකම් ඔය දෙන්නා අර උඩහා complex එකේ සාරි බලන්න යන්නකෝ . එකේ නම් හොද ඒවා තියෙයි ..''

කියමින් ඉසුරි අක්කා වෑන් රථය නවතා තිබු දෙසට ගියාය .

'' යමු තරු අපි ...'' යැයි කියමින් ආකාශ් අයියා මගේ බද වට ඇත යැවුවද මම සැනෙකින් ඔහුගේ ඇත ඉවත් කලෙමි ....

'' තාමත් ඔයා මට ආදරේ නෑ නේද නංගී .. මොකක්ද මම ඔයාට කරපු වරද .. මේ තරම් මාව රිදවන්න ..''

මුදුන් වූ වැහි කලුවත් සමගින් වැහි පොද එකින් එක වැටෙමින් එය මහා වැස්සක් බවට පත් වීමට ගියේ නිමේෂයකි. වැස්සෙන් මාව
බේරා ගැනීමට ආකාශ් අයියා මාව ඔහුගේ පපු මත්තට හොවා ගත්තේ එක සැරයක්වත් නොහිතාමය ... ඔහුගේ ග්‍රහණයෙන් මා මිදීමට උත්සාහ දැරුව ද එය පලක් නොවිණි .

'' ඔහොම ඉන්න ළමයෝ ,,,ඔයාව තෙමෙනවනේ ...''

'' අපි අර coffee shop එකටවත් යමුද අයියේ .''

. පාරෙන් එහා පස කෙළවරක වූ shop එකක් පෙන්වමින් මම කිවේ මට වෙනත් කරන්නට කිසිවක් නොවූ නිසයි...

'' හා පැටියෝ එහෙනම් යමු ... මෙතන හිටියොත් හොදටම නා ගන්න වෙන්නේ ..''

coffee shop එකට මාත් කැටුව ගිය ආකාශ් අයියා කෙලවරකම වූ මේසයක් අසල වුනේය .

එත් සමගම ඉසුරි අක්කාගෙන් කෝල් එකක් ආවේ වැස්ස ටිකක් පායපුවහම complex එකට එන්නම් කියලයි...

'' නෑ අක්කේ අපිත් තාම ගියේ නෑ . වැස්සට මදි වුණා .. පාරෙන් එහා පැත්තේ coffee ෂොප් එකේ ඉන්නේ ... අක්කත් ටිකක් වැස්ස පායපුවම එතනට එන්න . මොනවා හරි කාලම යමු... ''

කියමින් ම ආකාශ් අයියා කෑමට යමක් ඇනවුම් කිරීමට සැරසුණි.

මගේ නළලතේ රැදී තිබුණු වතුර බින්දු ආකාශ් අයියා පිසලමින් මගේ නළලත ඔහුගේ මුවගට ලං කරගන්නට සැරසුනද කෑම ඇනවුම රැගෙන එහි සේවකයෙකු පැමිණි නිසාවෙන් එය මග හැරුණි ..

මගේ මුළු ඇගම හිතලෙන් වෙවුලමින් හිරිගඩුත් පිපි තිබුණී .

'' කෙල්ල හොදටම වෙවුලනවනේ නේද ..? ඉන්න මන් coffee එකක් ගේන්නම් ඔක්කොටම කලින් ''

ටික වෙලාවකින් වැස්ස තුරන් වූ අතර ඉසුරි අක්කාත් පැමිණි නිසාවෙන් coffee shop එකේ ටික වෙලාවක් රැදී සිට නැවතත් අවශ්‍ය දේවල් ගැනීමට සීතල හිරිකඩත් නොතකාම ගියෙමු...

- මතු සම්බන්ධයි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Sep 2016 04:29 AM
  •  Quote
  •  Reply
26 කොටස


''ලස්සන...ම ලස්සන... සාරියක් ... මේ...ක නම් තරු නංගිට නියමෙටම ගැලපෙනවා ..''

ඉසුරි අක්කා අතට ගත් තද ක්‍රීම් පාට සාරියක් පෙන්නමින් කීවාය ...

'' මගේ කෙල්ලට හැම පාටක්ම ලස්සනයිනේ අක්කේ කොහොමත් ...''

ආකාශ් අයියා කිවේ මහත් වූ ආඩම්බරයකිනි .

'' ඔව් එක නම් ඇත්ත මල්ලි ...''

අවුරුදුත් ලග එන නිසාවෙන් අතුරු සිදුරු නැතිව කඩ සාප්පු බොහෝ පිරිසකගෙන් පිරි තිබුණි. ඉසුරි අක්කා විසින් තෝරා දුන් සාරියට ආකාශ් අයියගේ හිතත් ගිය නිසාවෙන් ඔහු ඒ සාරිය මිලදී ගත්තේය .

අම්මා , තාත්තා හා ලොක්කෙ අයියගේ දහසක් වූ හීන හැබෑවක් කරවන්නට මගෙත් තත්සර අයියගෙත් ආදරය පුද කල යුතුමද ? එකට වෙන එකම එක විසදුමක්වත් නැතිද ?

'' මොකද ම...ගේ රත්තර....න් දුකින් වගේ .. ඒ සාරිය හොද නැද්ද ..?''

මම එක පාරටම තිගැස්සී පියවි ලොවට ආවේ ආකාශ් අයියගේ හඩත් සමගින්ය ..

'' නෑ.... නරක නෑ.. අයි...යේ .. හොදයි ... ''

මම ඉවත බලාගෙනම කීවෙමි .

'' මගේ පිස්සු කෙල්ල ... ''
කියමින් ආකාශ් අයියා මගේ හිස දැඩි ලෙන්ගතුකමකින් යුතුව පිරිමදින්නට විය ..

'' අ..පි යමු නේ..ද එහෙනම් මල්ලි ... ආයෙත් ලොකු වැහි කලුවකුත් තියෙනවා.. වහිවී වගේ හයියෙන්ම ...''
ඉසුරි අක්කා එසේ කියූ නිසාවෙන් අපි ආපසු පිටත් වූයෙමු....

ගෙදරට යන විටත් හවස් වී තිබු නිසා ඉසුරි අක්කාටත්, ආක්ශ්‍ අයියටත් රාත්‍රී කෑමටත් ඉදලම යන්න කියලා අම්මගෙන් ඇරයුම් ලැබුණි.
ආකාශ් අයියා නම් හිටියේ ගොඩක් සතුටින්,එයාගේ මුණේ හිනාව දොරේ ගලනවා...

'' හා අම්...මේ ....''

කියමින් අකාෂ් අයියා රාත්‍රී කෑමට ඉදලම යන්න තීරණය කලත් ඉසුරි අක්කා නම් ඉක්මනට යන්නයි හැදුවේ....

''රෑ වෙනවනේ .. පොඩි එකා අම්මට වද දෙනවා ඇති හොදටම නංගි මෙලහකටත් ...''

''හරි හරි දුවේ ඉක්මනට හාල් ටිකක් ලිපට කරන්නම් ..ඒ හැටි වෙලාවක් යන එකක් නෑ ''

අම්මගේ බලවත් ඉල්ලීම මත ඔවුන් රෑ කෑමට නැවතී ඔවුන් ආපු යන විට රාත්‍රී 9.00 පමණ විය...

ඔවුන් ගිය පසු අම්මා නොයිවසිල්ලෙන් ගෙනාපු සාරියේ හැඩ බැලුවේ තමන්ගේ ඇස් දෙක වගේම රැක ගත්තු දියණිය හැමෝගෙම ආදරය ගෞරවය ලබමින් එළඹෙන හෙට දිනයේ ලස්සන මනාලියක් වෙලා යනවා දකින්නට සිහින මවමිනුයි.

මගේ හිතට බොහෝ ලෙසින් වද දෙන සිතිවිලි අතරේ ඈත අදුරු වූ හිස් අහස දෙස බලාගෙනම සිටියෙමි .

'' මොකද දුවේ ඔතෙන්ට වෙලා කල්පනාව .. මහන්සිත් ඇතිනේ උදේ ගිය ගමන්නේ ..කෑම කාලා නිදා ගන්න යන්න දු...වේ... ''

'' හා තාත්තේ මම තව ටිකකින් කන්නම් ...''

දුරකතනයට කෝල් එකක් ආ නිසාවෙන් මම කාමරයට ගියේ ඒ කවුරුදැයි බැලීමටයි...

''හෙලෝ තරු අපි ගෙදර ආවා ..අම්මට කියන්න වෙනදාටත් වඩා අද කෑම රසයි කියලා හොදද? ''

''හ්ම් ..ම්..ම්.. ඇයි මෙච්චර පරක්කු වූනේ අයියේ ..''

'' මග accident එකක් වෙලා තිබුණා . ඉතින් traffic එකට අහු වුණා ...''

''මෙන්න අම්මා ඉල්ලනවා අයියේ කතා කරන්න ..

'' හා බබී එහෙනම් අම්මට දෙන්නකෝ ... ''

මම අම්මට දුරකථනය දී බඩගින්නක් ද නොවූ නිසාවෙන් මම නිදා ගැනීමට ගිය නමුදු නින්ද අහලකටවත් ආවේ නැති නිසාම ඇදේ එහෙට මෙහෙට පෙරළෙමින් සිටියෙමි .

''සුද්......දී .... .. සුද්දී ..නැගිටිනවා සුද්...දී . කවුද මේ සුදු අයියා කියන්නේ ..''

මම තිගැස්සී ගියෙමි ... සිදු වී ඇති දෙය වටහාගෙන ඊළගට කුමක් සිදු වේ දැයි දැඩි චකිතයකින් පසු .වුනෙමි.

'' මොකද උඹ ගොළු වෙලාද ... ''

'' අ....නේ ලොක්කෙ අයි.....යේ .... ඒ ...''

''වහගනි...න් කට . මට ඕකා මොකා වුණත් කමක් නෑ... අපේ මුණේ දැලි ගාන්න නම් ලෑස්ති වෙන්න එ...පා....එහෙම වුණොත් එදාට උඹට ගොඩක් අඩන්න වෙයි. ඔන්න මම නොකීවයි කියන්න එපා... උඹ හදන්නේ මේ ලොක්කේ අයියව නරක මිනිහෙක් කර ගන්න .''

''..මට ආකාශ් අයියා එපා අයි...යේ ''

මම ලොක්කෙ අයියව බදාගෙන හඩන්නට වීමි ..

'' සුද්දී මොන පිස්සුවක්ද මේ ...උඹ බදින්න ඕනේ ආකාශ්ව...උ....ඹේ ඔය ඇඩිල්ල නවත්ත ගනි....න් දැන්. අම්මලට ඇහෙ..යි .විලි ලැජ්ජා..වේ බෑ ...''

'' අම්මලාවත් දැන ගන්න ඕනි නෑ මේවා ... ගිහින් නිදා ගනි.....න් ...උඹ වැඩට යන්න ඕනෙත් නෑ මේ මාසෙන් පස්සේ ''

ලොක්කෙ අයියා අත තිබු මගේ දුරකථනය වැරෙන් මිරිකමින් මා හට දැඩි කෝපයෙන් කෑ ගැහුවේ ය .ලොක්කේ අයියාගේ මුහුණ රත් වූ ගිණි පුපුරක් මෙන් විය. ලොක්කෙ අයියා අත තිබු දුරකථනය මා ගන්නට උත්සාහ දැරුවද සැනෙන් එය ලොක්කෙ අයියා විසින් බිම පතිත කරවමින් ලොක්කෙ අයියා කාමරෙන් පිටත් වී ගියේ ය .

අම්මට ආකාශ් අයියත් එක්ක කතා කරන්න phone එක දීලා ආපහු ගන්න බැරි වුණු නිසා සියල්ලම කන පිට පෙරලුනි . මගේ හිත බොහෝ බයෙන් ගැහුනි ..
විසිරි තිබුණු දුරකතනයේ කැළි ටික එකතු කරමින් නැවත සකසාගෙන තත්සර අයියා විසින් එවලා තිබුණු msg එකක් නෑරම කියෙවුවෙමි...

'' අනේ මට සමා වෙන්න මගේ සුදු අයියේ .. උදේ ඉදන් ඔයාට msg එකක්වත් එවන්න බැරි වුනාට ... මේකට කෝල් ගන්න එපා මම ඔයාට ගන්නකම් ...සමහරවිට මගේ phone එක ලොක්කෙ අයියා ගනීවි...''

මම කෙටියෙන් msg එකක් යැවුවේ වෙවුලන දෑතිනි .

'' ඇයි සුදු මැණික මොකද වුණේ .. ඔයා අද සාරි ගන්න යනවා කිව නිසයි උදේ ඉදන් කෝල් නොකළේ.. එක ඔයාට හරි නෑනේ ..ඒ..ත් ඔයාගෙන් එකම එක msg එකක්වත් නැතිම හින්දයි මම කෝල් ගත්තේ මගේ මැණික .. මට ඔයාගේ කටහඩ අහන නැතිව එක දවසක්වත් ඉන්න බෑ මගේ රත්තරන් ...''

''. ඔයා කෝල් කරද්දී ලොක්කෙ අයියා phone එක බලලා තියෙන්නේ .. ඔයා එවපු msg ලොක්කෙ අයියා දැකලා ..''

'' අනේ මගේ මණික මන් හින්දා ඔයා බැනුම් අහන්න ඇති ..''

'' නෑ මගේ සුදු අයියේ මට බැන්නේ නෑ ,... එත් මන් ගන්නකම් කෝල් කරන්න එපා ..''

''මට ඔයාව තේරෙනවා මගේ මැණික .. ඔයාගෙන් කෝල් එකක් එනකම් මම බලන් ඉන්නවා ..''

'' දොයිය ගන්න මගේ පැටියෝ .. මොන දේ වුනත් මේ අයියා ඔයත් එක්ක ඉන්නවා.. එත් එක පොරොන්ස්දුවත් .. කවදාවත් ඔයාගේ අම්මා තාත්තගේ ,ලොක්කෙ අයියගේ හිත රිදෙන විදිහේ තීරණයක් නම් ගන්න හදන්න එපා... ආදරේ කියන්නේ කසාද දින එකම නෙවෙයි මැණික .. ඔයා කා ලග හිටියත් මගේ ආදරේ වෙනස් වෙන් නෑ . ඔයාව දාලා යන්න හදනවා නෙවෙයි... මෙහෙම කියන්නේ මන් ඔයාට ගොඩක් ආදරේ නිසා .. ඔයාව මගේම වෙනවා කියලා මගේ හිත දන්නා නිසා ...''

'' හ්ම්..ම් මගේ සුදු අයියේ ...''

'' කෝල් ගන්න බැරි වුණත් පුළුවන් වෙලාවට msg එකක් හරි දාන්න .. බුදු සරණයි රත්තරනේ ..පරිස්සමින් ඉන්න ''

'' බුදු සරණයි .. මගේ සුදු අයියත් පරිස්සමින් ඉන්න ..''

කියමින් අන්තිම msg එකත් යවා දුරකථනය ක්‍රියා විරහිත කෙරු නමුත් සිදු වෙන්න තිබුණු දේවල් සිදු වී අහවර වූ නිසාවෙන් මගේ හිත දැඩි කනස්සල්ලකට පත් විය .

රෑ එළිවෙනතුරු නින්දක් මගේ නෙතට නොආවේය . ලොක්කෙ අයියගේ මුහුණ බලන්නවත් මට නොහැකි බව දැනුනු විට මට මහත් වූ දුකක් දැනුනි.. මොන දේ වෙන්න හරි කියලා තත්සර අයියා ගැන කලින්ම ගෙදරට කිවා නම් කියලත් මිට වඩා සුබ දෙයක් වෙන්නට හෝ තිබුණි . නමුත් වෙන්න තිබුණු දේ වෙලා ඉවරයි... ඔක්කොම වෙන්නේ හොදටය කියනවනේ .. ඒ ...ත් මේ මොන හොදක්ද ... මොහොතින් මොහොත තත්සර අයියව මගෙන් ඈත් වෙනවම මිසක ඔහු මගේම වෙන දවසක් නම් නොපෙනෙන දුරකය .

අදුර පහ කරමින් මද එළියක් වැටි තිබුන ද , සිතල පිණී තණපත් වෙලාගෙන තිබුන ද, සේපාලිකා ගහේ මල් දසත සුවද හමමින් පිපි තිබුන ද උදා වූ ඒ ඉරිදා දින උදෑසන මට නම් මිහිරියාවක් නොවිණි ..
...............................................................

- මතු සම්බන්ධයි -
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Sep 2016 04:32 AM
  •  Quote
  •  Reply
-තත්සර ප්‍රේමය -


27 කොටස

************ එළැඹි ඒ ඉරිදා දිනය ගෙවා ගත්තේ බොහොමත් අමාරුවෙන් ... තත්සර අයියා එක්ක හරියට කතා කරන්නවත් පුළුවන් වුණේ නෑ ලොක්කෙ අයියා ගෙදර හිටපු හින්දා ...

ලොක්කෙ අයියා මගෙත් එක්ක ගොඩක් තරහෙන් හිටිය හින්දමද මන්දා කවදාවත් නැතිව එයා රේඩියෝ එක හයියෙන්ම දාලා. .. දුක හිතෙන සින්දුවක්
. ඒ සින්දුවත් හරියටම මටයි ,තත්සර අයියටයි වගේමයි...

''ලියූ කවි පද දහක් අතරේ
ලියා ගන්නට බැරිව ලතැවුන
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං...
තවම ලියනවා මං...

නුඹෙ සුවඳ රැදි පපුව ගැඹුරේ
කියා ගන්නට බැරිව සැනහුනු
එකම එක දිග පුංචි පැතුමක්
තවම පතනවා මං...
තවම පතනවා මං...

උණුසුමක් රැදි පළල් උරයක
වෙලී සැතපී නිදන යුගයක
නුඹෙ සුසුමක් සමග මියැදී
යන්න තිබුනා නම්..
මගෙ දෙනෙත්පෙති තෙමා රිදවන
කදුළු නෑ එහෙනම්...

සදවතක රැඳි සදළු තලයක
තරු කැටක් වී රැදුනු දවසක
ලතෙක් සෙනෙහස නුඹේ සිත ලඟ
රැඳී නොතිබුනි නම්..
මගෙ දරදඩු පිරිමි සිත යට
කඳුළු නැ එහෙනම්...''

'' දුකයි මගේ සුදු අයියේ ඔයාගේ ඇස්වලට කදුළු දෙන්න මම... ඔයාව මතක් වෙන හැම මොහොතක් ගානෙම මම හිතින් විදවනවා ... බලාපොරොත්තු තියාගෙන එකම හිතින් ඔයාට ආදරේ කරන්නේ මම .. ඔයා මගේ වෙන් නෑ කියලා හිතන්න අමාරුයි මට කවදාවත්....

පසු දින උදෑසනින්ම අවදි වී ගෙදර වැඩත් ඔක්කොම ඉවර කරන්න අම්මටත් උදවු වෙලා වෙනදටත් වඩා කලියෙන්ම වැඩට යන්න ලෑස්ති වුණේ ලොක්කෙ අයියගේ මුණවත් බලන්න නොහැකි වූ නිසාමයි .. ඔහුගේ රැවුම් ගෙරවුම්වල සීමාවක් නම් දකින්නට නොහැකි විය ..

''අම්මේ මම යනවා .....''

කියමින් මම අම්මගේ දෙපතුල් සිඹ වැද තාත්තාටත් දෙදණ නවා වැද පිටත් වීමට සූදානම් වූයෙමි.

''හා...... ම...ගේ කෙල්ලට තුනුරුව...නේ සරණයි.පරිස්සමින් ගිහින් එන්.....න ..''

අම්මගෙත් ,තාත්තගෙත් හිත්වල වුයේ එකම එක ආශීර්වාදයකි .

''මම යනවා ලොක්කෙ අයි.....යේ ''

කොපමණ රැවුම් ගෙරවුම් කලත් මට ලොක්කෙ අයියා ළගින් ඉවත බලාගෙන යා නොහැකි නිසා හිමින් තොල් මිමිණුවෙමි.

'' ඔ....හොම ඉන්න සුද්.....දී ... මම ගිහින් දාන්නම් office එකට ...''

'' මොකද අද කවදාවත් නැතිව සුද්දිව ගිහින් දාන්න හදන්.....නේ වැඩට .''

අම්මගෙන් කෘතුහලය සහිත වූ ප්‍රශ්නාර්ථයකි . මගේ හිතත් හරි ගොඩක් බයෙන් ගැහුණා . ලොක්කෙ අයියා මගෙයි .තත්සර අයියගෙයි ගැනවත් අම්මලට කියයිද කියලා ...

'' නෑ ... අම්....මේ.... මම පොඩි වැඩකට ටවුමට යන්නත් තියෙන...වා .. සුද්දීවත් ගිහින් දාගෙනම යන්නම් මම කොහොමත් යන එකනේ ..''

'' ඉතින් දරුවෝ මේ උදේම ටවුන් එකේ කඩත් වහල...නේ ...''

'' සුද්දීලගේ office එක ලග ඉදලා යන්නම් ටිකක් වෙලා ... සුද්දිගේ යාලුවාවත් දැක්කේ නෑනේ ආවත් හරිම ... කෙල්ල දැන් වෙනදාටත් වඩා හැඩයිද කියලා බලන්නත් එක්කම යන්නේ ..''

ඇහුනද ලොක්කගේ කතාව .. අනේ වාසනාවන් එහෙමවත් කෙල්ලෙක් හොයා ගන්න හිතුනා නම්.. අයියගෙයි , නංගිගෙයි මගුල එකම දවසෙම අහවරක් කරන්න තිබුණා ....''

අම්මා ලොක්කෙ අයියට සරදම් කරන්නට වුයෙන් මටත් ඒකට හිනා ගියා ය . එත් මගේ පපුව ඩිග් ඩිග් හඩින් ගැහුණේ කවදාවත් නැතිව ලොක්කෙ අයියා මාව ගිහින් දාන්න යන හින්දයි .

'' හරි හරි අම්මට මම හොද ලේලි පොඩ්ඩියක් හොයලා ගෙනත් දෙන්නම්කො ... කලබල නොවී ඉන්න......කෝ ..
ඉස්සර වෙලාම අපේ සුද්දිගේ කටයුතු ලස්සනට පිළිවෙලකට කරමුකෝ .. තව ඒ හැටි කාලෙකුත් නෑ....නේ .... අපි ගිහින් එන්නම් අම්මේ ...''

කියමින් ලොක්කෙ අයියත් දණ ගහලම අම්මටයි තාත්තටයි වැන්දේ ය .

''ඔය නහර අඩු කරගෙන පරිස්සමින් ,හිමින් ගිහින් වරෙන් බයික් එකෙන් වැඩ කිඩ දාන්නේ නැතුව ....''

''හරි හරි තාත්තේ ඔන්න අපි ගියා ...''

බොහෝ දුරක් යනතුරු ලොක්කෙ අයියත් මමත් අතර දැඩි නිහඩතාවයක් පැවතිණි ..

''සුද්....දී ....''

''හ්ම්....ම්ම් ...''

'' තරහද මගෙත් එක්ක මගේ නංගියා ''

'' නෑ ලොක්කෙ අයි....යේ ... ඒ...ත් ..''

'' ඒ.. ත් කිවේ ඇයි ... ඔයා මැරි කරන්නේ ආකාශ්ව හොදද .. වෙන කතා නම් බෑ .....සුද්....දී ''

යලිදු මට කියන්නට කිසිදු දෙයක් නොවූ නිසා මුනිවත රැක්කෙමි. අයි පොඩ්ඩක්වත් ලොක්කෙ අයියට මන් කියන දේ අහන්න බැරි .. මම හිතින් ලතවුණෙමි .

'' බහින්න සුද්.......දී ...''

. office එක ලගට එනකන්ම මට දැනුණේ නැ ඒ වගක් ..

මගේ ඇස් කදුලින් පිරි ඉතිරෙන්නට ඔන්න මෙන්නය ... මම සමාව අයදින බැල්මකින් ලොක්කෙ අයියා දෙස අසරණව බලා සිටියෙමි ... ලොක්කෙ අයියා ඉවත බලා ගත්තේය .

''කෝ .. යාළුවා එන්න පරක්කු වෙයිද ....''

'' හ්ම්ම්....ම්ම්ම් ...''

''එහෙනම් මම යනවා සුද්....දී .... හවස off වෙලා මට කෝල් එකක් දෙන්න ... බස් එකේ එන්න එපා .. මම එන්නම් එක්ක යන්න .. දිනුකිව දකින්නත් ආසයි ... මම මතක් කළා කියන්න....කෝ ''

'' හ්ම්ම්ම් ..ම්ම්ම් .. හා ලො...කු ..මම කියන්න...ම් .''

'' හි...නා වෙලා ඉන්න...කෝ මගේ හොද නංගි වගේ ...''

'' මම පුංචි සිනාවකින් මුව සරසා ගත්තේ කාත් කවුරුවත් නැති මට ලොක්කෙ අයියා එක කුස උපන් මගේ ම මගේ සහෝදරයා ලෙස මට ලෙන්ගතුව සිටි නිසයි . එයාගේ හිත රිද්දුවොත් එකත් ලොකු පවක්නේ ...

දිනුකි එන තෙක් බලාගෙන ඉදලා මගෙත් ඇසුත් රිදෙන තරම් .. හැමදේම දිනුකිට කියලා මගේ හිත චුට්ටක් හරි සැහැල්ලු කර ගන්නයි මට ඕනේ උනේ .

ඈත සිට චුටි අයියත් එක්ක එන දිනුක මගේ නෙත ගැටුණු නිසාවෙන් තරමක හෝ අස්වැසිල්ලක් මගේ සිතට දැනුණි ..

'' තරු .. ඔ...යා ... මොකෝ බන් අද කවදාවත් නැතිව කුකුලත් කරේ තියාගෙනම ආවද ...?
හැමදාම මට කලින් office එකට එන්නේ දිනුකි නිසාවෙන් ඇය මට විහිලු කළා ය .

මට දිනුකි බදාගෙන අඩන්න තරම් සිතුනි :'( ....

මොකද බන් මේ උදේම මුණ එල්ලගෙන ...

'' සිදු වූ සියල්ල මම දිනුකිට එක හුස්මට කියාගෙන ගියේ කුමන හෝ විසදුමක් ඇයගෙන් හෝ ලැබෙනු ඇතැයි සිතාගෙනයි .. එත් මේ ප්‍රශ්නෙට දිනුකි ලගත් හරි විසදුමක් නොවීම නිසා මගේ දුක තවත් වැඩි වෙන්නට හේතු විය...

''මො..න දේ..... වුණත් මේ අපේ දෛවය නම් ඒකටත් අපිට මුහුණ දෙන්න වෙනවා ත...රු .මොන දේ වුණත් පතාගෙන ආව කෙනා තමයි කෙල්ලේ අපිට ලැබෙන්නේ .. ඒක වෙනස් කරන්න කාටවත් බෑ... ..''

දිනුකි එසේ කියමින් මගේ දුක යම් තරමකට හෝ තුනී කරන්නට වෙර දැරුවා ය.

මම තත්සර අයියට අඩ අඩාම කෝල් එකක් ගත්තෙමි .

'' ම....ගේ සුදු අයි....යේ මට ඔයාව නැති වෙ..යි ...''

''දවසක ඔයා....ව මගේම කර ගන්න බැරි වුණත් හැමදාම ම...ගේ <3 ආදරේ ඔයාම විතරයි වස්....තු ..''

'' මා...ව දාලා යන්න එ...පා මගේ සුදු අයි...යේ .., ඔයා නැතිව මට ජිවිතයක් නෑ...තවත් ..''

;'' සුදු මැණි...ක මට ගොඩක් දුක...යි ඔ...යා .. ඔහොම කියද්..දී....
මාව තේරුම් ගන්නකො ඔයාට තරම්ම මටත් දුකයි . මාත් ගොඩක් ආදරෙයිනෙ මගේ රත්තරන් ...හැම මොහොතේම පතන්නේ ඔයාව මගේම වෙන්න කියලා විතරයි ....''

'' හ්ම්ම්ම්...ම්ම් මාත් හැමදාමත් හැම මොහෙතෙමත් පතන්නේ එහෙම තමයි මගේ රත්තරන් අයි...යේ ...''

'' මගේ මැණික කෑවෙ නෑ නේද ... කෑම කමු අපි දෙන්නම එකට හොදද .. මොන දේ වුනත් ඔයා සතුටින් ඉන්න ඕනි මගේ පණ .. ඔයාගේ සතුට තමයි වටින්නේ .මොන දේ කරලා හරි ඔයාව මගේ කර ගන්න මාත් උත්සහ කරනවා මගේ මැණික .''

බොහෝ වෙලා දුක කියලා අඩන්න තරම් මගේ හිත කියන්න බැරි තරම් දුකින් පිරිලා තිබුනේ ... ආදරයක විරහව මෙතරම් වේදනාකාරී බව මෙතරම් යැයි කියලා කියන්න බැරි තරම්. ඒ දුක දන්නේ ඒ දුක විදපු කෙනෙක් ... ඒ දුක දරපු කෙනෙක්ම විතරයි ... තවත් පෙම්වතෙක් ,පෙම්වතියකට ඒ දුක නොවේවායි මම ඉතා සිතින් පැතුවෙමි ..

'' උදේ කෑම එකත් අරන් දිනුකිත් එක්ක කන්න ගියත් මට බඩගින්නක් නොවිණි.. මගේ හිත වේදනාවෙන් බොහෝ සෙයින් හෙම්බත් වී තිබිණි... කෑම එක කුණු බාල්දියට විසි කර වතුර ටිකක් ගාගෙන සැනසුම් සුසුමක් හෙළුවේ දිනුකි මගේ හිත තව තවත් හදන්නට උත්සාහ දැරූ නිසයි...''

:'(

( ඔයා මගේ වුණත් නැතත් මුළු ලෝකෙටත් වඩා මම ඔයාට හැමදාමත් ආදරෙයි මගේ රත්තරන් සුදු අයියේ .....)



- නිමි ....... :'(


'
'
'
'
'
'
''
'
'
'
'
'
;
;
;
'
නෑ






- මතු සම්බන්ධයි - හි හි





අඩපු අය හිනා වෙන්න
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
28 Sep 2016 04:55 AM
  •  Quote
  •  Reply
මමත් හොල්මන් උනා නිමි කියල දැක්කහම ..... 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Sep 2016 05:08 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 28 Sep 2016 04:55 AM
මමත් හොල්මන් උනා නිමි කියල දැක්කහම ..... 


හිහි
කියෙව්වද ඔක්කොම ටික
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
28 Sep 2016 12:50 PM
  •  Quote
  •  Reply
ස්තුති මාත් කියෙව්වා මේ වෙනකන්

නිමි නැති නිසා ඉතුරු කොටසත් දාන්න එහෙනම්
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Sep 2016 01:07 PM
  •  Quote
  •  Reply

Posted By Dushan on 28 Sep 2016 12:50 PM
ස්තුති මාත් කියෙව්වා මේ වෙනකන්

නිමි නැති නිසා ඉතුරු කොටසත් දාන්න එහෙනම්



හා දාන්නම් .... ස්තූතියි දූෂාන්
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Sep 2016 01:07 PM
  •  Quote
  •  Reply

Posted By Dushan on 28 Sep 2016 12:50 PM
ස්තුති මාත් කියෙව්වා මේ වෙනකන්

නිමි නැති නිසා ඉතුරු කොටසත් දාන්න එහෙනම්



හා දාන්නම් .... ස්තූතියි දූෂාන්
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Sep 2016 04:30 PM
  •  Quote
  •  Reply
නිමි ................... අහ් නැ ලු ,,හි හි නාගත් බය කරනවා නේද අපිව
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Sep 2016 06:47 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩිත් වැඩේට බැහැල නේද
0
Add Reply
Page 8 of 11 << < 678910 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below