You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Dec 2021 12:52 PM by  Poddi
......මගේ හිතට කථා කරන අකුරු ....
 204 Replies
Sort:
Page 9 of 11 << < 7891011 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
29 Sep 2016 10:40 AM
  •  Quote
  •  Reply
රජාගෙන් අණක් ලැබුණා කලු අයියේ..

හී
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
29 Sep 2016 11:19 AM
  •  Quote
  •  Reply

Posted By Dushan on 28 Sep 2016 12:50 PM
ස්තුති මාත් කියෙව්වා මේ වෙනකන්

නිමි නැති නිසා ඉතුරු කොටසත් දාන්න එහෙනම්



********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
29 Sep 2016 11:20 AM
  •  Quote
  •  Reply

Posted By Dushan on 28 Sep 2016 12:50 PM
ස්තුති මාත් කියෙව්වා මේ වෙනකන්

නිමි නැති නිසා ඉතුරු කොටසත් දාන්න එහෙනම්



********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Sep 2016 03:08 AM
  •  Quote
  •  Reply
තත්සර ප්‍රේමය


- 28 කොටස -

අවුරුදු ගානකට පස්සේ වුණත් දිනුකිව දැක්ක වෙලාවෙම අපේ ලොක්කෙ අයියාට එයා ගැන ආදරයක් ඇති වෙලා . එදා හවස ලොක්කෙ මාව එක්කගෙන යන්න ආපු වෙලාවේ දිනුකි එක්ක ගොඩක් වෙලා කතා කර කර හිටියා . දිනුකිගෙත් අකමැත්තක් නම් නෑ වගෙයි මට හිතුණ විදිහට..

කාලය හිතනවටත් වඩා බොහොමත්ම ඉක්මනට ගෙවිලා ගිහිල්ලා.

'' සුද්දී දැන් ඇති ඔයා රස්සා කළා . ආකාශ් ට පුළුවන් උඹව හොදට බලා ගන්න ''

ලොක්කෙ අයියා මට රස්සාවෙන් නවතින්න කියලා නිතරම කියපු නිසා මට ඉල්ලා අස්වීමේ ලිපිය දුකින් වුණත් දවස් කීපයක් ඇතුලත භාර දෙන්න සිදු වුණා .

දිනුකි කිවා වගේ හැමදේම වෙන්නේ හොදටනේ කියලා හිත හදා ගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද මම ?

මගේ phone එකත් කැඩුන හින්දා අඩුම තරමේ තත්සර අයියට msg 1ක් වත් යවන්නවත් වුනේ නෑ යලිත් සුපුරුදු තනිකම දාරාගෙන ගෙදරට වෙලා ඉන්න සිදු වුණේ මම කිසි දිනකවත් නොහිතපු විදිහටයි .

ඉඩක් ලැබුණු විටෙක දිනුකි අපේ ගෙදර ආවා ගියා .

'' තරු අද ආකාශ් තත්සර අයියට කෝල් කරලා ...''

මගේ පපුව ඒ ඇසුණු වදනින් හෝස් ගාලා පත්තු වෙලා ගියා ..

''ඒ ඇයි කිවේ නැද්ද බන් ''

'' මොකක්ද වැඩක් කර ගන්න තියෙනවා කියලා කිවලු ..
එත් හරියටම වැඩේ ගැන නම් කිවේ නෑලු. එයාව හම්බ වෙන්න එන්නම් කිවලු ආකාශ් ''

'' හ්ම්.....ම් ඒ ....කත් එහෙමද ?
.ම...ට නම් බයේ බෑ දිනු මොනවත් ප්‍රශ්නයක්වත් ඇති වෙයි කියලා..''

'' අනේ මන්දා බන් .මොනවද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන මොනවත් නම් කරන්න වෙන්නේ නෑ තරු අපිට ..''

මම දිග සුසුමක් හෙලමින් හිත සැහැල්ලු කර ගන්නට වෙර දැරුවෙමි .. කයා ගන්න බැරි තරමේ මොකක්දෝ ලොකු දුකකින් පිරිලයි තිබුනේ ...

දිනුකි පුළුවන් විදිහට තත්සර අයියගේ පණිවිඩ මට ගෙනත් දුන්නා. ඒත් ඒ ටික කාලයයි ... දිනුකිට කැමතියි කියන එක ගැන අපේ ලොක්කෙ අයියා අම්මලාට කියලා තිබුණා. අපේ අම්මලා දිනුකිගේ ගෙදරිනුත් අහලා එයාලගෙත් අකමැත්තක් නැති හින්දා ඒ දෙන්නගේ විවාහයත් නොසිතපු තරම් ඉක්මනට සිදු කරන්න තීරණය කරලයි තිබුණේ .. ඒ හින්දා ඒ දෙන්නගේ විවාහය කෙරෙනකම් අපේ දිහා එන්න අවස්ථාව දිනුකිට නැතුව ගියා .

ගොඩක් වෙලාවට ආකාශ් අයියා අපේ ගෙදර ඇවිත් ගියේ අපේ විවාහ උත්සවයට ඒ හැටි දවසක් නොවූ නිසාමයි. හැමදේම ආකාශ් අයියගේ හා ලොක්කෙ අයියගේ වුමනාවෙන් , කැපවීමෙන් පිළියෙල වුණි . මගෙන් නම් වචනයකින්වත් උදවුවක් නොවිණි .

'' තරු ... ඔයා වෙනදටත් වඩා මගෙන් ඈත් වෙලානේ .. පොඩි කාලේ කොච්චර සතුටින්ද අපි හිටියේ... ඔයාට මතකද අපි ස්කොලේ යන දවස් ... එතකොට ඔයා ගොඩක් පුංචියි. .. කොච්චර හුරතල්ද ... ගිරවියෙක් වගෙයි කථාව .. කෝ ඉස්සර හිටපු මගේ හුරතලී ...''

ආකාශ් අයියගේ කියවිල්ල නම් මට එපා වෙලයි තිබුනේ ... ඔහුට ඕනේ දෙයක් කියන්නට ඉඩ තියලා ඒ හැම දෙයක්ම අහගෙන ඉන්නවා විනා මම කිසිත් නොකියා සිටියෙමි .

''අයියේ මම ඔයාට තේ එකක් හදාගෙන එන්නම් ...''

මට ඔහුගේ කියවිල්ල ඉවසා ගන්න බැරිම තැන එසේ කිව්වෙමි .

'' හා හදාගෙන එන්නකෝ පැටියෝ තේ එකක් .. මාත් ඉක්මනට යන්න ඕනේ.. wending එක දවසට ගෙන්නන බෑන්ඩ් එකේ කොල්ලෙක්ව හම්බ වෙන්න යන්න තියෙනවා ... හරියට තාම විස්තරයක් කතා කර ගත්තේ නෑ . එයාලා වෙන වැඩක් එහෙම බාර ගත්තොත් නැත්නම් .. ඒ හින්දා ගිහින් හම්බෙලා එක ok කර ගන්න ඕනි හරියටම ...''

'' හා.... එහෙනම් අයියේ මම ඉක්මනට හදාගෙන එන්නම්කෝ ..''

කියමින් මම ඔහු වෙතින් නැගිට යන්නට හැදූ නමුත් මගේ සුරතින් අදිමින් මාව ඔහු තුරුලට ගන්නට විය ...

'' අ....නේ ආකශ් අයියේ මා...ව අත අරින්නකෝ ''

''කෙල්ල කැමති නේද මම ඉක්මනින් මෙහෙන් යනවට..කපටි කෙල්ල ..''

'' නෑ.... එහෙම දෙයක් නෑ අයියේ .. ඔයාට කොහෙද යන්න තියෙනවා කිවනේ.. පරක්කු වෙන නිසයි එහෙම කිවේ ..''

'' ඉති....න් ඔ...යා මගෙනේ පැටියෝ ..''

ඒ වුණාට මම ඔයාගෙ වෙලා නෑ තාම ... එහෙම හිතන්නවත් එපා ..''

මම තේ එකක් හදන්නට යන විටත් අම්මා අපි හැමෝටම තේ හදලයි තිබුනේ ...

'' දරුවෝ මේ තේ එක බොන්න ...;;''

කියමින් අම්මාම තේ එක ආකාශ් ට පිළී ගන්වන්නට විය .

'' හරි එහෙනම් අම්මේ මම ගිහින් එන්නම් ..

''ලොක්කෙ හරිද බන් ලෑස්ති වෙනවද තාම ..''

'' හරි හරි මස්සිනේ .. තව විනාඩි 2ක් දියන්....කෝ ..''

ලොක්කෙ අයියාත් , ආකාශ් අයියා සමගම ගියේ ඒ කියපු වැඩේටම වෙන්න ඇති.

ලොක්කෙ අයියත් ගෙදර නැති නිසා මම තරුට ගෙදර phone එකෙන් කෝල් එකක් ගත්තේ මගේ පාළුව තනිකම ටිකක් හෝ අඩු කර ගන්නට සිතාගෙනයි ...

බොහෝ වෙලාවක් යනතුරු office එකේ විස්තරයි , තත්සර අයියා ගැනයි , ලොක්කෙ අයියා ගැනයි අපි කතා කෙරුවෙමු .. එත් හැබැයි ගොඩක්ම දිනු කතා කලේ නම් අපේ ලොක්කෙ අයියා ගැන තමයි... එයාටත් දැන් ලොක්කෙ අයියගෙන් එහා ලෝකයක් නැති තරම් වගෙයි... ආදරේ කරන දෙන්නෙක්ට මියෙනතුරා මුළු ජිවිත කාලය පුරාවටම එකට ඉන්න ලැබෙනවා නම් ඒක කොයි තරම් වාසනාවක්ද? එත් ඒ වාසනාව හැමෝටම හිමි වෙන්නෙත් නෑනේ ..

තත්සර අයියව මගේ කර ගන්න මට වාසනාවක් තියෙයිද .. ?

මම ඒ සිතුවිල්ලත් හිතේ තද කරගෙනම දිනුකිට සමු දී දුරකථනය විසන්දි කෙරුවෙමි .

- මතු සම්බන්ධයි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Sep 2016 03:19 AM
  •  Quote
  •  Reply
තත්සර ප්‍රේමය



29 කොටස

***** හදවත කොනක රදවා ගත්තු ආදරණිය මතකයනුත් එක්ක තත්සර අයියා මුණ ගැසුණු පළමු දින ඔහු විසින් මට තිලිණ කරන ලද මල් වාස් එක මගේ පපුවට තුරුල් කර ගත්තෙමි. ඒ සුපුරුදු සුවද මට ආයෙත් ලං වුණා වගෙයි . අපි ගොඩක් ආදරය කළා . හිත්වල පිරිලා තිබුන දුක ,සතුට බෙදා ගත්තා. නෙත්වල පිරුණු කදුළු ඒ ගොඩක් ආදරේ හින්දම වෙන්න ඇති. නෑ මම අඩන්නේ නෑ කවදාවත් .. මගේ වෙන්නේ තත්සර අයියා විතරමයි... නැවතත් මම නෙත්වල පිරිලා තිබුණ කදුළු පිහදාගෙන හිත හයිය කර ගත්තේ තත්සර අයියා එදා කියපු දේ මතක් වෙලයි...

'' පතාගෙන ආපු කෙනයි ලැබන්නේ ...''

හ්ම්ම්ම් ඇත්තමයි ... ඒ ඔයාම විතරයි මගේ සුදු අයියේ .. දන්නවද ....මගේ අහිංසක පැතුම ඔයා ....

''සුද්...දී ...''

ලොක්කෙ අයියා නොසන්සුන් බවකින් යුතුව මට කතා කළේ ය .

'' ඇ...යි ලොක්කෙ අයි....යේ මේ අවුලකින් ව...ගේ ...''

'' කෝ.... අම්...මා ...''

මම ඇසු දේට පිළිතුරු නොදීම ලොක්කෙ අයියා අම්මා කොහෙදැයි විමසුවේය ..

'' අම්මා ගියා හේනේ ගෙදර නැන්දලාගේ දිහා ....''

'' ඒ ඇයි සුද්දී ....''

''..wedding එක දවසට ගන්න ආස්මි ටිකක් හදා ගන්න එන්න පුළුවන්ද කියලා අහන්න ගියේ ..''

'' වෙඩින් ,....?...''

''හ්ම්....ම්''

ලොක්කෙ අයියා හිටියේ නම් ලොකු හිතේ කලබලයකින් ...

''ඇයි ලොක්කෙ අයියේ ඔහොම ... මොකද ගිය වැඩේ හරිද ..?..''

'' අහ් ඒ වැඩේ නම් හරි ... band එක එදාට දෙන්න පුළුවන් කිවා අපි advance එකක් ගෙවලම ආවා .. සුද්දිට මතකද එදා අනුරාධපුරේ යද්දී හම්බුණේ .... අපේ වෑන් එකේම ආවේ ...''

'' ඔ..ව් ඔ...ව් ලොක්කෙ අයියේ මතකයි ..''

''අන්න එයාලගේ බෑන්ඩ් එක තමයි බලන්න ගියේ ...''

එහෙනම් එදා දිනුකි කියපු කතාව හරි... ආකාශ් අයියා තත්සර අයියට කෝල් කරලා තියෙන්නේ බෑන්ඩ් එක ගන්න .

දෙයියනේ මගේ පපුව ඩිග් ඩිග් හඩින් ගැහෙන්නට විය .වෙන කෙනෙක්ගේ අතිනත පටලවා ගන්න වෙන්නේ තත්සර අයියගේ ඉස්සරහදීමද ..?

'' සුද්දී අම්මට කියන්න මම ඇවිත් ආපහු දිනුකිලාගේ දිහා ගියා කියලා ... මම ඉක්මනින් එන්නම් ආපහු ..''

'' එත් ඇයි මේ හදිසියේම දිනුකිගේ ගෙදර යන්නේ ....''

'' හරි හරි මට එහෙ යන්න හොද නැද්ද ...''
ලොක්කෙ අයියා තරහෙන් එලෙස ඇසු නිසා මම තවත් මොකුත් නොකියා නිහඩ වුයෙමි .

බයික් එකට නැගුණු ලොක්කෙ අයියා කවදාවත් නැති වේගයකින් ඉගිල යනු මම මිදුලේ සිට බලා සිටියෙමි .

ලොක්කෙ අයියා නිවසින් පිටව ගොස් හෝරා කිහිපයක් ගත වීමෙන් අනතුරුව ගෙදර පොන් එකට කෝල් එකක් ආ බැවින් අම්මා නොමැති නිසාවෙන් මම රිසිවරය කන තබා ගත්තෙමි . ඒ කට හඩ බිදුණු කට හඩකි ...

'' අනේ තරු .....''

'' ඇයි දිනු මේ ...''

''ලොක්කෙ අයියා අපේ ගෙදර ආවා .. ආකාශ් එක්ක රණ්ඩු වෙලා හොදටම තුවාල කරගෙනයි හිටියේ ...ආකාශ්ට බැන බැන ගොඩක් ඇඩුවා .. එත් මට කිසිම හේතුවක් කිවේ නෑ .''

දිනුකි ඉකිබිදිමින් හඩන්නට විය . දවසක් මම හීනෙන් බය වුණේ ලොක්කෙ අයියට කවුදෝ ගහනවා දැකලා .. එත් ඒ හීනේ ....ඇත්තක් නොවෙන්නයි මම පැතුවේ ?

'' අනේ දිනු .. ''

මගේ හිතටත් ලොකු බයක් දැනුණි . එත් මමත් අඩන්න ගත්තොත් දිනුකිගේ හිත හදන්නේ කොහොමද ..?

'' අඩන්න එපා දිනූ .. කවදාවත්ම ලොක්කෙ අයියයි , ආකාශ් අයියයි රණ්ඩු නෑ . එක ඔයත් දන්නවනේ දිනු.. ස්කොලේ හිටියත් එකටමනේ හිටියේ.. මොකක් හරි පොඩි දෙයක් වෙන්න ඇති ..''

''හ්ම්ම්..ම්ම්ම් ඒක මම දන්න හින්දා තමා මෙච්චර දෙයක් උනේ කොහොමද කියලා බයෙන් ඉන්නේ . අනේ තරු... අයියා ගෙදර ආවම මට කියන්න ... ''

'' හා දිනු මම කියන්නම් ...''

මහ රෑ වෙනතුරුත් ලොක්කෙ අයියා ගෙදර නො ආපු නිසා අපේ ගෙදර හැමෝම හිටියේ ගොඩක් කලබලයෙන් . ලොක්කෙ අයියගේ පොන් එකක් off වෙලා . ආකාශ් අයියට ගත්තට එයාගේ පොන් එකත් වැඩ නෑ ... ආකාශ් අයියලාගේ ගෙදර පොන් එකට ගත්තත් එත් කිසිම පිළිතුරක් නොවිණි .

මුළු ගෙදර පුරාම පැතිරී තිබුණේ දැඩි නිහඩ බවකි ... මහත් වූ නිහඩතාවය බිදිමින් අදුර දෙබෑකරගෙන ලොක්කෙ අයියා වේගයෙන්විත් ගෙමිදුල දොරකඩ නතර කළේය .
අප කාගේත් අගට ලේ බිදුවක් ඉනුවේ .එවිටයි..

''කොහෙ...ද දරු..වෝ... මේ රෑ වෙනකම් හිටි....යේ ...''

'' ඇ..යි සුද්දී කිවේ නැද්ද අම්මට මම කොහෙද ගියේ කියලා .. මම කිවනේ කියන්න කියලා ..''

'' කිවා ළමයෝ කිවා .. ඒ..ත් මේ මහ රැ වෙනකම් ...''

'' ආහ්හ් අම්මේ මේ .. මේ මම ආකාශ් එක්ක ගමනක් ගියා ..''

''හ්ම්ම්ම් ...ම්ම් .. ඇග පත හෝදගෙන ඇවිත් බත් කන්න. බෙදලා වහලා තියෙන්නේ ...''

අම්මා ලොක්කෙ අයියගේ හිස ගොඩක් ආදරයෙන් අත ගෑවාය .

'' ඌ..යි .. ඌ...යි ..... ''

ලොක්කෙ අයියා කෙදිරි ගෑවේය ..

'' ඇයි ලොක්කෙ ..''

'' නෑ . මො ..කුත් නෑ අම්..මේ ... බයික් එක පෙරළුනා.... ඔළුව වැදුනා පොඩ්ඩක් .. එතන ටිකක් .කැක්කුමයි ..''

'' හා කාලා එන්නකෝ ... මම ඔතනට තෙල් ටිකක් රත් කරලා දාලා තවන්නම් ...''

කියමින් අම්මා ලොක්කෙ අයියගේ මුණ සිප ගත්තේ මහත් වූ දරු සෙනෙහසකිනි.

ලොක්කෙ අයියා අම්මව බදාගෙන ටික මොහොතක් හිටගත්වනම සිටියේය.

'' හා හා ඔය මදැයි .. අම්මගෙයි පුතාගෙයි හුරතල් ..කෑම සිතල වෙලා ඇති දැනටමත් ....''

කිසිත් නොකියා නිහඩවම සිටි තාත්තා සරදම් ලෙස කිවේ ය .

මම ගොඩක් නිදිමතෙන් හිටපු නිසා නිදා ගන්නට කියලයි කාමරේට ගියේ... නොදැනීම ඇහැ පියිවිගෙනයි මම ඉන්නට ඇත්තේ ...

'' ඒ මගුල කරන්න වෙන එකක් නෙවෙයි අම්..මා .ආකාශයා කියන්නේ බොරුකාරයෙක්.අපේ එකිගේ ජිවිතේ තව ටිකෙන් විනාශ වෙලා යනවා.''

ලොක්කෙ අයියගේ ඒ වචන ටික මට හීනෙන් මෙන් ඇසුණි .. ඇත්තටම එය හීනෙන් ඇසුණු දෙයක් නොවේවායි...!!! මම අඩනින්දෙන්ම පැතුවෙමි.

- මතු සම්බන්ධයි -

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Sep 2016 03:30 AM
  •  Quote
  •  Reply
තත්සර ප්‍රේමය

 
30 කොටස

*** දවස් ගණන් ගෙවිලා ගියත් ආකාශ් අයියා වෙනදා වගේ ආවේ ගියේ නෑ . ලොක්කෙ අයියාවත් අඩුම තරමේ ආකාශ් අයියගේ නමවත් කියනවාවත් බැරි වෙලාකවත් මට ඇහුනේ නෑ .

''අම්මේ අද මම අදුරන කොල්ලෙක් එනවා කිවා එයාගේ අම්මත් එක්ක .. එයාලා ටිකක් දුර ඉදන් එන්නේ . මාලිගාවට යමින් ගමන් මෙහෙත් ඇවිත් යන්න එනවා කිවා.. දවල්ට කෑම ටිකක් වැඩිපුර හදන්න එයාලටත් එක්කම..''

'' හා දරුවෝ.. ඒක මහ ලොකු වැඩක් නෙවේනේ .... සුද්දීත් ගෙදර ඉන්න හින්දා වෙනදට වඩා මගේ අත ලේසි... ''

'' හා අම්මේ ... මම පොඩි වැඩ වගයකට යනවා ... ටිකක් වෙලා යයි .. ඒ ගමන්ම දිනුකිව හම්බවෙන්න office එකටත් යනවා ...''

'' හා කොහේ ගියත් පරිස්සමින් ඉක්මනට වරෙන් ... එනවා කියපු අය එන්න කලින් ''.

..................................

අම්මත් එක්ක එකතු වෙලා දවල්ට කෑමත් හැදුවා ලොක්කෙ අයියා එනවා කියලා කියපු කට්ටියටත් එක්කම .

වීල් එකක් ඇවිත් ගේ ඉදිරිපස නැවැත්තුව සද්දේ ඇහිලා තාත්තා ඉස්සරහට ගිහින් බැලුවා . ඒ ලොක්කෙ අයියා එනවා කියපු අය වෙන්න ඇති ...

'' අනේ මේ ළමයනේ ?''

'' කෝ අම්මා එහෙම ඉන්නවද ...''

'' ඔව් පුතේ එන්න ගෙට යමු .අම්මටත් එන්න කියන්න ... ලොක්කෙ කිවා ගොඩක් විස්තර .අපි බලමුකෝ හොද විදිහක් ..''

'' හොදයි තාත්තේ ...''

එළියෙන් ඇහුනේ හදවතට ගොඩක් සමීප සුපුරුදු ලෙන්ගතු වූ කටහඩකි . අනේ දෙයියනේ ඇත්තටම ඒ හඩ නම් .. ඒ හඩ අහන්න , ඒ රුව දකින්න මන් කොච්චර ආසවෙන්ද ඉන්නේ .

'' ලොක්කෙ පොඩි වැඩ වගයක් කරගෙන එන්න කියලා ගියා . දැන් එයි මයේ හිතේ ...''
අම්මා එහෙම කියලා කට ගන්න වුනේ නෑ ඒත් සමගම ලොක්කෙ අයියත් ආවේය .....

'' අයියෝ ඇයි මේ හිටගෙනම .... යමු යමු වාඩි වෙන්න .''

ලොක්කෙ අයියා පැමිණි අයව පිළි ගත්තේය.

'' මම අපේ අම්මට නම් තාම හරියට විස්තරයක් කිවේ නෑ . තාත්තට විතරයි කිවේ ...''

'' එහෙමද පුතේ ... හිමිට ඒ ගැන කතා කරමුකෝ අපි...දුව කෝ පුතේ....''

මොකක් නමුත් ලොකු රහසක් පැමිණ සිටි අය හා අපේ ගෙදර අය අතරේ ඇති බව ඔවුන්ගේ කතාවෙන් මට දැනිණි ... ආවේ කවුද කියලා ඉස්සරහට ගිහින් බලන්න හිතුනත් එත් එහෙම යන්නත් බෑනේ

'' ගෙයි හිටියා දුව ..ඉන්නකෝ මම කතා කරන්නම් ...''

'' ...දෝ....ණි ''

කියමින් අම්මා මට අඩ ගැසුවා ය ..

'' අම්මේ එහෙනම් කෑම ලෑස්ති කරන්නකෝ බඩගිනිත් ඇතිනේ ...''
.

ලොක්කෙ අයියා එසේ කී නිසාවෙන් මට අම්මත් සමග කෑම මේසය පිළියෙල කිරීමට සිදු වුණා විනා ඒ ඇවිත් සිටියේ කවුරුදැයි දැන ගැනීමට නොහැකි විය .

'' සුද්දී වතුර එක ගිහින් අල්ලනකො ආපු දෙන්නට ....

'' අයියෝ මට බෑ ලොක්කෙ අයියේ ... ඔයාගේ යාළුවට ඔයා වතුර අල්ලන්න ,,,''

''අදුරනවා ඔයා .. ගිහින් බලන්නකෝ ඒ කවුද කියලා ...''

ලොක්කෙ අයියගේ පෙරැත්තය නිසාම මට වතුර සහිත බන්දේසියත් රැගෙන පැමිණ සිටි දෙදෙනා වෙතට යන්නට සිදු විනි ..

මගේ ඇස් පුදුමෙනුත් පුදුමයට පත් විය .. දෙයියනේ මගේ සුදු අයියා .. මගේ ඇස් ඉස්සරහා .... ඒ අහිංසක නෙත් වලින් ඉගි කලේ ඔහු වෙතට එන ලෙසයි... අම්මත් ඇවිත් ....

''මෙයාද දුව ....''

වාඩිව සිටි තත්සර අයියගේ අම්මා නැගිටමින් මගේ හිස පිරිමදිමින් ඇසුවාය .

'' ඔව් මලක් වගේ රැක ගත්තු කෙල්ල ..''

තාත්තා පිළිතුරු දුන්නේ ය .

'' යමු කෑමට ...''

තාත්තා තත්සර අයියාවත් , අම්මත් කැටුව කෑමට ගියහ .

'' කට්ටියම එකට කෑම කමු.දැන් ගොඩක් පරක්කු වෙලානේ ... උදේ 10.00 තිබුණු බුද්ධ පුජාවට තමා අපිට කිරිහාර පුජා කරන්න වුණේ. එකයි මෙච්චර ප්‍රමාද වුනේ ...''

'' කොහොමත් මාලිගාවේ උදේ 6.00 පුජාවට සෙනග වැඩි .. ඒ වෙලාවට නෑවිත් ඔය වෙලාවටම ආපු එක හොදයි..''

අපේ අම්මා කිවේ ඔවුන් ඇවිත් තියෙන්නේ හරි වෙලාවට බව පැවසීමටයි .

සියලු දෙනාම තත්සර අයියගේ අම්මගේ යෝජනාව නිසාම එක්ව ආහාර ගත්තෙමු .

ආහාර ගැනීමෙන් පසු ටික වෙලාවක් රැදී සිට ඔවුන් ආපසු ගියේ රෑ වෙන්න කලින් ගෙදර යා යුතු නිසාත් තත්සර අයියට රෑ show එකක් තියෙන නිසාත්ය .

තත්සර අයියා නම් හිටියේ ගොඩක් සතුටින් ... තව පුංචි වෙලාවක් හෝ ඉදලා ගියා නම් කියලා මට හිතුන වාර අනන්තයි .

'' සු...ද්දී ආ මෙන්න ඔයාගේ phone එක හදාගෙන ආවා ..''

ඔවුන් ගිය පසු ලොක්කෙ අයියා මගේ පෝන් එක මා අත තැබීය .

'' වෙනදා වගේ තරහා බැල්මක් ලොක්කෙ අයියගේ ඇස්වල දකින්නට නොවිණි .

එදා හවසම ආකාශ් අයියා අපේ ගෙදර ආවේය .

'' සුද්දී උබ පලයන් ගෙට ....''

මහත් වූ පුදුමයකි .. කවදාවත් එලෙස නොකියූ ලොක්කෙ අයියා එදා ආකාශ් අයියට මාත් එක්ක වචනයක්වත් කතා කරන්නට ඉඩ නොදුන්නේ ය .
ඒ මොනා වුනත් එකනම් හොදයි.. මගේ හිතින් මම සතුටු වුනෙමි .

''කෝ ප්‍රාර්ථනා ...''

''එයා බෝඩිමේ හිටියේ අද වෙනකම් .. මම එයාට ගෙදර යන්න කිවා .. සලිත් දීලා ආවා .මේ සතියේ සදුදා මම එහෙ යනවා ලොක්කෙ .
. මට සමාවෙයන් .''
ආකාශ් අයියා බිදුණු ස්වරයෙන් ලොක්කෙගෙන් අයැද සිටියේ ය .

'' උඹ කොච්චර ලොකු බොරුවක්ද අපිට කලේ .එකටම ඉදලා... හොද පෙන්නගෙන ... හොද වෙලාවට හැමදේම දැන ගත්තේ ..''

ලොක්කෙගේ නම් හිත ගලක්ද මන්ද ... ඇයි මේ ආකාශ් ට මෙහෙම බනින්නේ,,,

'' ලබන බ්‍රහස්පතින්දා දවස මතකනේ ...තරුගේ වෙඩින් එක ... එදාට වරෙන් .... ''

'' ඒ..ත් ලොක්කෙ .....''

''තරුට කියන්න මම ගියා කියලා .. මම යනවා ලොක්කෙ ...''

'' හ්ම්....ම් දැන්වත් හොද එකෙක් වෙන්න බලපන් ...''

ලොක්කෙ අයියාත් , ආකාශ් අයියත් කතා කරන දේවල් හොරෙන් මම කන් දීගෙන සිටියෙමි. එත් කිසි දෙයක් මට වැටහුණේ නැත . වෙනදා වගේ අම්මා තේ හදාගෙන ඇවිත් ආකාශ් අයියට පිලි ගන්නුවෙත් නැත ..

උදේ ඉදන් හවස් වෙනකන්ම ඒ ගෙවුණු දවස නම් ලිහා ගන්න බැරි වුණු ප්‍රෙහෙලිකාවක් වගෙයි .

තත්සර අයියව දැක ගන්න ලැබුණු නිසා මොනවා වුණත් මගේ හිත ගොඩක් පිරිලයි තිබුණේ . <3 <3

- මතු සම්බන්ධයි -
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Sep 2016 03:43 AM
  •  Quote
  •  Reply
තත්සර ප්‍රේමය
 

31 කොටස

ලොක්කෙ අයියා phone එක හදලා ගෙනත් දුන්න හින්දා පුළුවන් වෙලාවට තත්සර අයියා මට කෝල් කළේ ය. ආකාශ් අයියගෙත් ,මගෙත් වෙඩින් එකට ඇත්තේ තවත් දවස් කිහිපයක් පමණයි. මම නම් හිටියේ ගොඩක් දුකින් ... තත්සර අයියාත් දුකින් ඉන්න ඇති .. ඒත් ඒ දුක මට නොපෙන්නුවේ මගේ හිත හදන්න ඕනේ හින්දා වෙන්න ඇති ...

''සුදු මැණික සතුටු හිතෙන ආරංචියක් කියන්නද ? ලබන මාසේ උපාධි ප්‍රදානොත්සවෙට මට ලියුමක් ඇවිත් ...''

''මේක හීනයක්ද ?

''නෑ ඇත්තමයි සුදු මැණික ...ගොඩක් ප්‍රශ්න මැද්දෙයි මම මේ උපාධිය complete කර ගත්තේ මගේ සුදු මැණිකේ .
අම්මගේ වගේම තාත්තගෙත් ලොකු හීනයක් තිබුණා මම උපාධිය ගන්න එක ගැන .. එත් මගේ අවසානාවට ඒ හීනේ හැබෑ කර ගනිද්දී තාත්තා මම ළග නෑ. තාත්තගේ මරණෙන් පස්සේ උපාධිය කරන්න මට ලොකු ආසාවක් තිබ්බෙත් නෑ . එත් මොනවා වුණත් අම්මගේ බල කිරීමටයි උනන්දුව වුවමනාව වැඩි වුණේ . කොහොම වුණත් මම දිනුම් මගේ සුදු මැණිකේ ....
... මගේ එක හීනයක් නම් හැබෑ වුණා. තව එකම එක හිනයි මට තියෙන්නේ ...''

''ආයෙත් කියන්නකෝ ..''
මටත් අදහාගත නොහැකි සතුටක් දැනුණි ...

'' ඔව් සුදු මැණිකේ ඔව් මම දිනුම් ....''

'' කොච්චර දෙයක්ද මගේ සුදු අයියේ ...''

'' තව දවස් දෙකයි වෙඩින් එකට .....''

'' මම දන්නවා සුදු මැණිකේ ... ඔයා දුකින් ඉන්න එපා .... මමත් එනවනේ එදාට ....''

එත් කොහොමද තත්සර අයියා මෙච්චරටම හිත හදාගෙන මාව වෙන කෙනෙකුගේ වෙනවා දකින්නේ ...

''හ්ම්ම්ම්..ම්ම්ම්ම් ...'' මම මොකුත් නොකියා සැනසුම් සුසුමක් හෙලුවෙමි .

'' සුදු මැණිකෙගේ නළලට හාදුවක් දෙන්න ඕනි මට ... හැබැයි ඒ බ්‍රහස්පතින්දට හැමෝම ඉස්සරහදි. . හි හි ....''

'' අනේ සුදු අයියේ ඔයාට නම් හිනා ... මම කොහොමද වෙන කෙනෙක්ගේ වෙන්නේ .අපේ සමු ගැන්ම මෙච්චර ඉක්මනට .. මම හිත හදා ගන්නේ කොහොමද මගේ අයියේ ..''

'' ඔයා දුකින් ඉන්න එපා රත්තරන් ... පතාගෙන ආපු කෙනාව තමයි ලැබෙන්නේ ..ඔයාට මාව විශ්වාසයි නේද ..?''

'' හ්ම්...ම් .. ''

'' මම ටිකක් busy මැණික මේ දවස් දෙකේ .පරිස්සමින් සතුටින් ඉන්න .. පොරොන්දු වෙන්න දුකින් ඉන්නේ නෑ කියලා ...''

'' හ්ම්ම්ම්...ම්ම්ම් හා ... ඔයත් සතුටින් ඉන්නවා නම් විතරක් හැබැයි ...''

'' මම සතුටින් පැටියෝ .. ඇත්තමයි මහා ගොඩාරියක් සතුටින් ..''

දුරකථනය විසන්ධි කරමින් තත්සර අයියා මගෙන් සමු ගත්තේය .. එත් ලොකු වෙනසක් තත්සර අයියගෙනුත් මට දැනුණි .

තරමක් දහවල් වන විට තාත්තලාගේ පවුලේ අයයි , ගමේ අපේ අම්මගේ පවුලේ අයයි අපේ ගෙදරට පැමිණියේ අනිද්දා පවතින විවාහ මංගලෝත්සවය හේතුවෙනි .

දිනුකිත් හවස අපේ ගෙදර ආවේ අඩු පාඩු මොකුත් තියේදැයි බලා මට උදවු කිරීමටයි. දිනුකි යහළු මනාලියටත් , ලොක්කෙ අයියා යහළු මනාලයටත් ඉන්නට සිතුවේ ඔවුන්ගේ නම් register කිරීමත් එදිනටම යොදා තිබුන නිසයි ...

පහුවදා දින ඉසුරි අක්කාත් පැමිණිය ද ආකාශ් අයියා පැමිණියේ නැත .

'' කෝ දරුවෝ ආකාශ් ...''

'' අම්මේ මල්....ලි .....''

ඉසුරි අක්කා පිළිතුරු දෙන්න හැදුවත් ලොක්කෙ අයියා ඉස්සර විය .

'' අම්මේ ආකාශ් යාලුවෙක්ගෙ ගෙදර ගිහින් ... හදිස්සිම වැඩකට.. හෙට එයා වෙලාවට එයි .... එන්නකෝ මම අම්මට විස්තරේ කියන්නම්...''
කියමින් ලොක්කෙ අයියා අම්මා කැටුව තරමක් දුරට ගියේ ය .

ගෙදර එකම එක කඩිමුඩියකි.

තාත්තත් ,පල්ලෙහා ගෙදර මාමත්, ලොකු තාත්තත් එකතු වෙලා පෝරුවේ වැඩ කටයුතු නිම කරන්නට වෙහෙස දරයි...

මට මේ දේවල් බලාගෙන ඉන්න බැරිම තැන කාමරයට ගොස් දොර අඩවල් කර ගත්තෙමි ..

'' සුද්......දී ... අනේ මගේ කෙල්....ල ...''

අම්මා එහෙම කියද්දී ...

'' එපා අම්මේ සුද්දී ඔහොම ඉදපුදෙන් ... කෙල්ල දුකින් ඇත්තේ .... අද විතරයි එයාට දුක .. හෙටින් පස්සේ එයා ගොඩක් සතුටින් ඉදිවී ....''

ලොක්කෙ අයියා අම්මා නවතාලමින් එසේ කියනු මට ඇසිනි ....

- මතු සම්බන්ධයි -

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Sep 2016 04:21 AM
  •  Quote
  •  Reply
තත්සර ප්‍රේමය <3


32 කොටස

අවසාන කොටස



**** උදා වුණු ඒ අලුත් දවස ගැන මම සතුටු වෙන්නද ?.. දුකින් ඉන්නද ? මම අද මනාලියක් ..ගැහැණු ළමයෙක්ගේ ජිවිතේ ලස්සනම දවස .හීන සැබෑවෙන දවස . අම්මා , තාත්තා , ලොක්කෙ අයියගේ පැතුම් ඉටු වෙන දවස අද .... සිතුවිලි සමුදායක් අතර මම අතරමන් වුණි

දෝ....ණි අනේ මගේ කෙල්ලගේ ලස්සන ..''

මම දෙදණ නවා අම්මගේ දෙපා සිප වැන්දෙමි .

'' මගේ කෙල්ලට තුනුරුවනෙම සරණයි...''

කියමින් අම්මා ඇගේ ඔසරිපොටේ කොනක් ගෙන රූරා වැටෙමින් තිබු කදුළු පිසදාලමින් මව ඇගේ පපුවට තුරුළු කර ගත්තාය .

තාත්තත් මගේ ළගට විත් මාව සිප වැළද ගත්තේය .

'' සතුටින් ඉන්න මගේ දුවේ හැමදාමත් ...

මහත් වූ සෙනෙහසකින් තාත්තාත් මට ආශීර්වාද කළේ ය .

තත්සර අයියගේ බෑන්ඩ් එක ..... ඒ සංගීතේ මගේ හද පසාරු කරගෙන යන්න වගෙයි...

''දෝණි ඇවිත් කිරිබත් කෑල්ලක් කන්න ..''

'' මට කන්න බෑ අම්මේ .... කෝ අම්මේ දිනු .... ''

''කැම කාලා එන්න කියලා ගියා ''

රතිඤඤා හඩ අතරින් අම්මා කාමරයට පැමිණ කීවේ

''කට්ටිය ඇවි....ත් ...
..දෝණි ... මොකුත් අඩුපාඩු එහෙම නෑ නේද ....?''

මගේ පපුව ඩිග් ඩිග් හඩින් ගැහෙන්නට විය .

'' ලොක්කෙ අයියා විසින්ම අරලියා මල් වලින් ලස්සනම ලස්සනට සරසන ලද මල් මල් පොකුරක් ගෙනවිත් මා ඇත තැබුවේ ය .

'' මොක...ද මුණ මැලි කරගෙන . කෝ හිනා වෙන්නකෝ සුද්දී .. ඔයාගේ හීන මම බින්දේ නෑ මගේ නංගියෝ ..''
කියමින් ලොක්කෙ අයියා මාව අතින් අල්ලාගෙන දෙකම්බුල් ලෙන්ගතුව සිප ගත්තේය ...

'' ඔයා.....ගේ ආදරේ අද ඔයාගෙම වෙයි...''

මගේ නංගියේ කියමින් ආකාශ් වෙනුවට පැමිණි තත්සර අයියාගේ දෙඅත් ගෙන මගේ දෙඅත් මත තැබීය ..

'' අනේ රත්තරන් අයියේ මේ හීනයක්ද ......?....''

''නෑ මගේ සුද්දි...යෝ... ''
කියමින් ලොක්කෙ අයියා තත්සර අයියාටත් මටත් ඉඩ දී එතනින් ඉවත්ව ගියේ ය .

මගේ පියවි ඇස් අදහා ගත නොහැකි විය... ලස්සනම ලස්සන හීනයක් හැබෑවක් වෙන දවසක් ....

'' සුදු මැණික ...''

තත්සර අයියා හිමින් කොදුලේ ය ....

'' ඇත්තටම මම ගොඩක් ආසාවෙන් හිටියේ මේ දවස එනකම්.... ගොඩක් දේවල් සිද්ද වුණා සුදු මැණිකේට නොකීවට ..''

'' දන්නවද ආකාශ් ....''

තත්සර අයියා ආකාශ් අයියා ගැන කියන්නට ගියත් සිදු වී ඇති දේ වටහා ගන්නට හැකි වුයේ ගැබිණි කාන්තාවක් ද සමගින් පැමිණි ආකාශ් අයියා දුටු විටයි...

'' මට සමාව දෙන්න තරු .....''

කියමින් ආකාශ් අයියා මගේ ළග හඩා වැටුණේ ය...

'' එත් සුදු අයියේ කවුද ඒ ආකාශ් අයියා එක්ක ආවේ ...''

''..ඒ ප්‍රාර්ථනා ..... .එක දිග කතාවක් මැට්ටි ...එක හිමිට කියන්නම් .... දැන් අපේ කථාව පටන් ගමු ...''

''පෝරුවේ වැඩ පටන් ගන්න තියෙන්නේ 10. 42 ට ... ඔය දෙන්නා ගිහින් හැමෝටම කතා කරන්න .. මාත් දිනු එක්ක එන්නම් ..''

ලොක්කෙ අයියගේ උපදෙස් පරිදි පැමිණි සිටි නෑදෑ හිතවතුන් සියල්ලටම පිළිවෙලින් කථා කොට යන අතරතුර ආකාශ් අයියා ඒ අසලින් හිද

'' මට ටිකක් කථා කරන්න ඕනේ තරු ..''
කියමින් බැගෑපත් විය ..

'' තත්සර අයියගේ ඇස් ලොකු වුණා ..

''. please ආකාශ් තරුට මොකුත් අහන්න ඕනේ නෑ ..''

තත්සර අයියා ටිකක් සැර වුණාවත්ද මන්දා

එත් තත්සර අයියගේ වදන් නොඅසාම ආකාශ් කෙටියෙන් නමුත් සිදු වුණු සියල්ල මට කිවේ කදුළු පිරුණු මුහුණින් සමාවත් අයදිමිනි...

'' මගෙන් සමාව ගන්න ඕනේ නෑ .. මේ අහිංසක කෙල්ලගෙන් සමාව ගන්න අයියේ ...''

කියමින් ආකාශ් අයියගේ දෙඅත් ගෙන ප්‍රාර්ථනා නම් වූ ඇයගේ හිස මතින් තැබුවෙමි .

ඇය ආකාශ් අයියව බදාගෙන ඉකිලන්නට විය ..

එත් සමගින් අපට පිටු පසින් පැමිණ ලොක්කෙ අයියත් ,දිනුත් ඔවුන්ව අස්වසාලීමට තැත් දැරිය .

''ඔය දෙන්නා ගිහින් යාලුවන්ට එහෙම කතා කරන්න '' ලොක්කෙ අයියා එතනින් අපට යන්නට අණ කළේ ය .

''ප්‍රර්ථනා කියන කෙනා එක්ක ආකාශ්ගේ ගොඩක් කල් ඉදන් සම්බන්ධයක් තිබිලා.. ගෙවල් වලින්වත් දැනගෙන ඉදලා නෑ . අහිංසක දුප්පත් කෙල්ලෙක් ... එදා තත්සර අයියගේ බෑන්ඩ් එක හොයන්න කියලා ලොක්කෙ අයියයි ,ආකාශ් අයියයි යන අතරතුරේදී තමා ප්‍රර්තනාට අහම්බෙන් වගේ හම්බෙලා තියෙන්නේ .... ආකාශ් මේ කෙල්ලව දරුවෙකුත් බඩට දීලා අනාථ කරලයි මග හැරලා තියෙන්නේ ... එත් කෙල්ලගේ වාසනාවට එදා ලොක්කෙ අයියත් ඉන්න තැනම හම්බෙලා තියෙන්නේ ..
මේ හැම දෙයක්ම ලොක්කෙ අයියා දිනුට කියලා .. ඊට පස්සෙයි දිනු අපි දෙන්නා ගැන ලොක්කෙට කියලා තියෙන්නේ ... පස්සේ මම ඔයා ගැන අපේ අම්මටත් කිවා . අම්මට ඔයාව බලන්න ඕනේ හින්දා ලොක්කෙ අයියා කිවා එදා එන්න කියාලා ... ... ඉතින් එදා ඉදන් මම හිටියේ ගොඩක් සතුටින් .... ඔයාව පුදුම කරවන්න ඕනි හින්දයි මේ කිසිම දෙයක් දිනුවත් ,ලොක්කෙවත් , මමවත් ඔයාට නොකීවේ...

කෙටියෙන් නමුත් සිදු වෙච්ච හැමදේම තත්සර අයියා මට ගලපා දුන්නේය

'' අනේ මගේ සුදු අයියේ ....''

'' හ්ම්ම්ම්..ම්ම් ඔව් මගේ රත්තරන් ....''

''එන්නකෝ මගේ යාලුවන්ව අදුන්නලා දෙන්න ''

කියමින් බෑන්ඩ් එක අසලට තත්සර අයියා මාව රැගෙන ගියේය .. පිලිවෙලින් ඔහුගේ යාලුවන්ව හදුන්වා දුන්නේ ය .

'' මේ නම් අකලංක .. මෙයාව දන්නවනේ ඉතින් ...''

තත්සර අයියා අකලංක අයියව බදා ගනිමින් කිවේ ය .

''හා හා මම අකලංක තමයි... මාරු වෙන්න දෙන්න බෑ සින්දුවක් නොකියා නම් ..''

ගිටාර් එක අකලංක අයියා විසින් තත්සර අයියගේ අතට දෙමින් කිවේ ය .

'' මගේ සුදු මැණිකේ වෙනුවෙන් සින්දුවක් නෙවේ සින්දු කෝටියක් වුණත් කියනවා කියමින් මගේ නළලතට හාදුවක් ද එක් කළේ ය .

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී, යුගයෙන් බැඳි යුගයේ
ලංවී වෙන්වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බඳුනේ...

දිවියේ අශා, ගැඹුරින් ගැඹුරේ,
ළයගින් සනහා, අපමයි තැවුනේ
ජන්මෙන් ජන්ම රැව්දීලා,
ඔබ මා නෙතඟේ රැඳුනා...

ඉර හඳ සේ මා, පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
අතරින් පතරේ වියැකීලා,
සටනින්, අද මා දිනුවා...

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී, යුගයෙන් බැඳි යුගයේ
ලංවී වෙන්වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ...

පෝරුවේ වැඩ කටයුතු වලටත් ආසන්නව තිබු හෙයින් යොදාගෙන  ගත් සුබ මොහොතින් මගෙත් තත්සර අයියගෙත් ....., දිනුගේත් ලොක්කෙ අයියගේත් විවාහ ගිවිස ගැනීම සිදු විය ...

මගේ දෙකම්බුලෙන් කදුළු වැගිරෙන්නට විය ...

'' අඩන්න එපා මගේ සුදු මැණිකේ ..මම කැමති නෑනේ ඔයාගේ කදුළු වලට ..''

'' දුකට නෙවේනේ කදුළු ආවේ සුදු අයියේ සතුටට ..''

'' හා හා දැන් මම ඔයාගේ සුදු අයියා නෙවේ ... සුදු මහත්තයා ...''

'' ...හ්ම්ම්ම්ම්...ම්ම්ම්ම්ම් හැමදාමත් ඔයා මගේ සුදු මහත්තයා තමයි...''

කියමින් තත්සර අයියගේ බෙල්ල බදාගෙන ලෝභ කමකින් තොරව දෙකම්මුල් හාදු වලින් පිරෙවුවෙමි ...

'' තත්සර අයියගෙත් , මගෙත් දෙමාපියන්ගේ හා පැමිණ සිටි නෑදෑ හිත මිතුරු මිතුරියන්ගේත් ආශීර්වාදය මැද්දේ පෝරුවේ වැඩ කටයුතු නිමා කරමින් තත්සර අයියගෙත් මගෙත් අහිංසක හීනය සැබෑවක් කර ගත්තෙමු.

සියුම් තත් සෙමින් පිරි මැද ලෙන්ගතු හද තුල පෙමින් වැයෙන සුමිහිරි ගීතය තත්සර ( මගේ සුදු මහතාගේත් ), තරු ( සුදු මැණිකේ ) වන මගෙත් ජිවිත වල හැමදාටමත් හරි ලස්සන තාලෙන් මිහිරියාවක් ගෙන දෙමින් සදහටම වැයේවි ....

( වචනයෙන් ආදරෙයි නොකීවත් හැමදාටමත්කිසිම අඩුවක් නොවී මහ ගොඩක් ආදරේ මගේ සුදු මහත්තයා වෙනුවෙන් මගේ හිතේ පිරිලා තියේවි... මගේ මුළු ජීවිතේම දිනුවේ ඔයාගේ ආදරේ අවංක හින්දා .... )

-නිමි -
................................................................................................................................

කතාවත් එක්ක රැදුණු අයියලා ,අක්කලා ,නංගිලා , මල්ලිලා ඇතුළු මගේ යාළුවො ඔක්කොටම තුති...

මේ ගමන මෙහෙම නිමාවක් දකින්න මගේ කාතාව කියවපු, කමෙන්ට් ,කරපු වගේම .. කතාව පරක්කු වුනාම චැට් එකෙන් ඇවිත් කියලා හරි මාව දිරිමත් කරපු යාලුවන්ට වගේම , අඩුපාඩු තැන් පෙන්නලා වචනයකින් හරි මාව දිරිමත් කරපු මගේ යාලුවනේ ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තුතියි


මේ කතාව ලියන්න මට ශක්තියක් වුණු මගේ සුදු මහත්තයට විශේෂ ස්තුතිය ...
( සුදු මහත්තයා කවුද කියලා නම් අහන්න එපා ඔන්න හි හි )



********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Sep 2016 04:30 AM
  •  Quote
  •  Reply

මම පුංචි පුංචි කෙටි කතා ලීවට මේ විදිහට ටිකක් දිග කතාවක් ලියපු පලමුවෙනිම වතාව  මේක නිසා මගේ කතාව කියවලා රස විදපු ඔයාගෙන් මම ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා කතාවේ හොද ,නරක,වගේම වැරදි අඩුපාඩුත් දක්වලා පුංචි හෝ අදහසක් මාත් එක්ක බෙදා ගන්න කියලා ..
ඒක මට ගොඩක් ලොකු ශක්තියක් වේවි.. ගොඩක් ලොකු වටිනාකමක් දැනේවි...

ගොඩක්ම ගොඩක් ස්තුතියි ..

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
30 Sep 2016 05:09 AM
  •  Quote
  •  Reply
සුදු මහත්තයා කවුද කියලා නම් අහන්නේ නෑ...

ඔයාට පුළුවන් නම් තව දෙයක් කරන්න..
මේ කතාවේ කොටස් ටික කියවූයේ අපි කාර්ය බහුල අවස්ථාවල ඉන්නකොට නේ..
ඒක නිසා මේකේ නියම රසය විදින්න බැරිවුනා..
සම්පූර්ණ කතාවම Pdf එකක් විදියට අපට ලබාදෙන්නකෝ...

ඒ වගේම ඔයාට ජයෙන් ජය වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා...
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Sep 2016 05:27 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 30 Sep 2016 05:09 AM
සුදු මහත්තයා කවුද කියලා නම් අහන්නේ නෑ...

ඔයාට පුළුවන් නම් තව දෙයක් කරන්න..
මේ කතාවේ කොටස් ටික කියවූයේ අපි කාර්ය බහුල අවස්ථාවල ඉන්නකොට නේ..
ඒක නිසා මේකේ නියම රසය විදින්න බැරිවුනා..
සම්පූර්ණ කතාවම Pdf එකක් විදියට අපට ලබාදෙන්නකෝ...

ඒ වගේම ඔයාට ජයෙන් ජය වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා...
බොහොමත්ම ස්තුතියි අයියේ ... 

 උත්සාහ කරන්නම් . මගේ computer එකේ pdf විදිහට save කරන්න බෑ . ඒක හදා ගන්න ඕනි කොහොමද

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
30 Sep 2016 05:33 AM
  •  Quote
  •  Reply
Microsoft වෙබ් එකේ මේ ලින්ක් එකේ තියෙන සොෆ්ට්වෙයා් එක ඩවුන්ලෝඩ් කරගන්න..

https://www.microsoft.com/en-us/dow....aspx?id=7

ඒක ඉන්ස්ටෝල් කරගන්න..
ඊට පස්සේ Saveas යනකොට pdf පෙන්නනවා...
(මම දන්න ක්‍රමය මේක. වෙන ලේසි ක්‍රමයක් තියෙනවානම් කවුරුහරි කියන්න)
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Sep 2016 05:51 AM
  •  Quote
  •  Reply
thank u Indika aiye
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Sep 2016 05:52 AM
  •  Quote
  •  Reply
dan mata kiyala denna ''PDF FILE '' ekak site ekata upload karana widihath
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
30 Sep 2016 08:13 AM
  •  Quote
  •  Reply
ඒකට නංගී Mediafire වගේ එකවුන්ට් එකක් හදාගන්න වෙනවා..
එ් සඳහා එම වෙබ් අඩවියට ගොස් Signup වලින් ඔයාගේ තොරතුරු ලබාදී ඊමේල් ලිපිනයක් හා මුරපයක් යොදා එකවුන්ට් එකක් සාදා ගන්න..
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
30 Sep 2016 08:17 AM
  •  Quote
  •  Reply
ඊට පස්සේ ඒකට ලොග් වුනාම මේ වගේ පෙන්වාවි..

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Sep 2016 10:15 PM
  •  Quote
  •  Reply
thank u aiye
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
01 Oct 2016 04:58 PM
  •  Quote
  •  Reply

පොඩ්ඩී අක්කේ අදයි මම ඔයාගේ කතාව කියවලා ඉවර කලේ.

කතාව ලස්සනයි අක්කේ.  කියවලා ඉවර කරලා මිසක් නිදා ගන්න හිතුනේ නෑ.

ගොඩක් ස්තූතියි .

දිනයක වැටහේවී...........
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Oct 2016 07:00 PM
  •  Quote
  •  Reply
ස්තුතියි නගෝ
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

ගීත්
New Member
New Member
Posts:55






--
01 Oct 2016 07:18 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩි අක්කෙ කතාව ලස්සනයි Pdf එක දාපුවම ලික්ක් එක එවන්න හලිද . අමතක කලන්න එහෙම එපා හලි
0
Add Reply
Page 9 of 11 << < 7891011 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below