You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Dec 2021 12:52 PM by  Poddi
......මගේ හිතට කථා කරන අකුරු ....
 204 Replies
Sort:
Page 6 of 11 << < 45678 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Apr 2016 02:03 AM
  •  Quote
  •  Reply
තත්සර ප්‍රේමය



11 කොටස



සිහින් පිණි පොදේ හඩත් සමගින් අවදි වූ මම තත්සර අයියට අනුරාධපුරේ ගමන ගැන කියල msg එකක් දැම්මෙමි.

''හ්ම් පැටියෝ පරිස්සමින් ගිහින් එන්න හොදද ? මම දවල් වෙලා කෝල් එකක් දෙන්නම්. මම දැන් ටිකක් නිදා ගන්නවා හොදටම මහන්සි..පාන්දර වුණා practice ඉවර වෙලා ගෙදර එද්දී ''

තත්සර අයියගේ ආදරෙත් හදවතේ තුරුළු කරගෙන දහසක් පැතුම් හිතේ රදවාගෙන නැගිට්ටෙමි ...

'' මොකද කෙල්ල තනියම හිනා වෙන්නේ ... ''

''ලොක්කෙ අයියට පිස්සු '' මම ලැජ්ජාවෙන් එසේ කියමින් බිම බලා ගත්තෙමි.

ලොක්කෙ අයියත්, මමත් , අම්මාත් එකතු වී සියළු දෙනාටම උදේට හා දවල්ට අවශ්‍ය කෑම පිළියෙළ කර අවසන් වී කඩිනමින් ලෑස්ති වුයේ ඒ වන විටත් ආකාශ් අයියලා නිවසින් පිටත් වී ඇති බව දන්වා තිබු නිසාවෙනි...

අනුරාධපුර ගමන සදහා ආකාශ් අයියලාගේ තාත්තාත් , ලොකු අම්මාත් , ඉසුරි අක්කාත් ඇයගේ පුතත් පැමිණ සිටියහ .ආකාශ් අයියගේ අම්මා නැති වී මේ වන විට අවුරුදු 4ක් වන නිසාවෙන් මිය ගිය ඇය වෙනුවෙන් පින් අනුමෝදන් කර පහන් පුජාවක් පැවැත්වීම ද අනුරාධපුර ගමනේ එක අරමුණක් වී ඇති බව ආකාශ් අයියගේ තාත්තා අපේ තාත්තත් එක්ක පවසනු මට ඇසිනි.

ආකාශ් අයියත් ,අපේ අයියත් වෑන් එකේ පිටුපසම අසුනේ හිද ගන්නට වූ අතර ආකාශ් අයියගේඅක්කගේ පුතා වූ ඉදුවරත්
'' චුටි මාමේ මාත් ඔයා ගාවට එනවා '' කියමින් පිටුපස අසුනට ගියේය , මමත් අම්මාත් ඉසුරි අක්කත් මැද අසුනේ අසුන් ගත අතර පුජා භාණ්ඩ ආදිය ඉදිරිපෙළම අසුනේ තබන ලදී . ආකාශ් අයියගේ තාත්තා වාහනය පැදවූ අතර අපේ තාත්තාත් ඉස්ස‍රහ හිද ගත්තේය .
ආකාශ් අයියගේ තාත්තා අපේ තාත්තාගේ හොදම යාළුවෙක් දන ගන්නට ලැබුණේ ගමන අතරතුරදී දෙදෙනා පාසල් කාලය ගැන හිනාවෙමින් සිහි ගන්වද්දිය .

'
' තරු නංගි මොකෝ කථා නැත්තේ .. පේනවනේ තාත්තලා දෙන්නගේ හිනාව ...''

ආකාශ් අයියා සිනහාවක් අතරින්ම කටහඩ අවදි කරන්නට වුයේ ය . ඒ කථාව , ඒ හිනාව මගේ හිතට දැනෙන්නට වුයේ වේගයෙන් වෙරලළ තිරය දෙසට හමාගෙන විත් ගල්පරයක් මත වදින අකීකරු වූ මුහුදු රළක් ලෙසිනි .

''ඉතින් අයියල දෙන්නා ලොකු කතාවක්නේ හිටියේ .. එකයි අපි සද්ද නොකර හිටියේ''
යැයි මම පැවසුවේ ඊළගට ආකාශ් අයියා කුමක් මට කියයිදැයි හිතේ පුංචි චකිතයකින් යුතුවමය .

''කෙල්ල දැන් වෙනදා වගේ නෙවේ හරි වෙනස් .. ඉස්සර නම් ගිරවී වගේ කියවනවා..''

ආකාශ් අයියා මට සරදම් කරන්නට වුයේ නැවතත් මා නිහඩවම පසු වූ හින්දමද කොහෙද වෙන්න ඇති ..

'' දෙයියනේ තත්සර අයියගෙන් කෝල් එකක් ... answer කරලත් බෑ.. නොකරත් බෑ ..

''මල්ලි අපි මේ හරියෙන් නවත්තලා උදේ කෑම කාලා යමු... ''

වැවක් අසලින් යන විට ලොකු අම්මා ආකාශ් අයියගේ තාත්තාට කියූ නිසාවෙන් වාහනය නතර කරන්නට වුයේ ය .

සියලු දෙනාම වාහනයෙන් බැස මුහුණ කට සෝදා ගන්නට වැව දෙසට ගිය නිසාවෙන් මම ටිකක් එහාට ගොස් ආකාශ් අයියට දුරකථන ඇමතුමක් ගත්තෙමි ..

'' හෙලෝ මගේ පැටියෝ දැන් ඔයාලා කොහෙද ඉන්නේ .. ''

මම ඔහුට ඉන්න තැන ගැන විස්තර සදහන් කළ විට

'' අහ් දැන් ඔයාලා දඹුල්ලටත් කිට්ටු කරලයි ඉන්නේ .. ''

''දඹුල්ලට ඇවිත් කැකිරාව පාරට හරවපුවම මට ring කරන්නකෝ මම පාරට එන්නම්. එතන ඉදන් 2 km විතර එහායින් යාලුවෙක්ගෙ ගෙදරක් තියෙනවා.. දැන් මම එහේ යන ගමන්..මගේ සුදු මැණිකට අද මාවත් බලාගෙනම යන්න පුළුවන් .. ''

තත්සර අයියා එසේ කියූ නිසාවෙන් පුංචි සතුටක්ද දැනුණේය ..

'' හා මගේ සුදු අයියේ ..' මම කීවෙමි .

''එහෙනම් මම තියන්නම් ... ඔයා කෑම කන්නකෝ ගිහින් දැන් .. අම්මා බැන්නොත් එම මගේ කෙල්ලට පව්නි .. හි හි '' සිනහවක්ද සමගින් ඔහු කියන්නට විය ..

''හා අයියේ ... බුදු සරණයි .''

''බුදු සරණයි සුදු මැණික ..''

''වැටෙයි ළමයෝ ..'' අම්මා කෑ ගසන්නට වුයෙන් මම ටිකක් පය ඉක්මන් කර ඒ දෙසට ගියේ සිදු වෙන්නට යන්නේ කුමක්දැයි බැලීමටයි .

''... හි හි .. '' මට හිනා ගියා ය ..

'' මොකද පිස්සි හිනා වෙන්නේ ,, ඉන්නවකෝ.. අල්ල ගන්න ...''

කියමින් ලොක්කෙ අයියා වතුර අහුරක්ද මා වෙතට විසි කරමින් දිව ආවේය ..

ආකාශ් අයියාද ලොක්කෙ අයියාට උල්පන්දම් දෙමින් ..

'' අන්න හරි බන් .. තරුව නාවපන් ..'' කියමින් කෑ ගැසුවේ ය ....

මම දිවවිත් වෑන් රියට ගොඩ වූ නමුත් ඒ වන විටත් මගේ ඇදුම වතුර බේරෙමින් පැවතුණි ...

ලොක්කෙ අයියා මම ලගට අව නිසාවෙන් මම ඔහුගේ අත හයියෙන් අල්ලාගෙන කරකවන්නට උත්සහ දැරුවෙමි ..

''මගේ අත අතහරින්න සුද්දී ..'' කියමින් ඔහු මා හා ඔට්ටු විය .

'' අතහරින්නෙම නෑ අත .. '' මම තවත් තද කර අත අල්ලා ගත් නමුත් අම්මා පැමිණි නිසාවෙන් අත ඉවතට ගත්තෙමි ..

'' මොකද ළමයෝ මේ පොඩි ළමයි වගේ ''

අම්මා සැර වන්නට වුයෙන් ලොක්කෙ අයියා හිමින් සැරේ මාරු වන්නට විය..''

උදේ ආහාරය ගැනීමෙන් පසු නැවතත් අපි ගමන ආරම්භ කෙරුවෙමු .

- මතු සම්බන්ධයි -
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Apr 2016 03:22 AM
  •  Quote
  •  Reply
තැන්ක්ස් පොඩ්ඩි මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට.ගොඩක් ලස්සන නිර්මාණයක් .
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Apr 2016 04:21 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 24 Apr 2016 03:22 AM
තැන්ක්ස් පොඩ්ඩි මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට.ගොඩක් ලස්සන නිර්මාණයක් .
ඉතුරු ටික  අයියේ ඔයා දාන්නකෝ මගේ facebook එකෙන් අරන් .


********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Apr 2016 01:10 AM
  •  Quote
  •  Reply
තත්සර ප්‍රේමය



12 කොටස



ම්ම්ම් දැන් දඹුල්ල ටවුන් එකට කිට්ටුයි වගේ. ජනෙල් පියන අතරින් මා පිටතට නෙත් යොමු කළේ මගේ තත්සර අයියව දැක ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය. සිහින් සුළං සැරත් සමගින් මගේ කෙහෙරැළි එහෙ මෙහෙ යන්නට විය.

''මොකද තරු අහක බලාගෙන යන්නේ.. ''

ආකාශ් අයියා එසේ අසන්නට වුයෙන් ලොක්කෙ අයියාද මට සරදම් කරන්නට විය .

'' ඔව් කෙල්ල අද නම් වෙන mood එකක ඉන්නේ .. නැත්නම් මෙලහකට ගිරවී වගේ කච කචේමයි .''

''ඉතිං ඔයාලත් සද්දයක්වත් නැනේ ..''

මම ඔවුන්ගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම පිළිතුරු දුන්නෙමි .

ටික මොහොතකින් දඹුල්ල කැකිරාව පාරට වාහනය හරවන්නට විය.

''සින්දුවක්වත් කියනවකෝ සුද්දී ... ''

ලොක්කෙ අයියා ඉල්ලා සිටියේ ය .

''හා මම සින්දුවක් කියන්නම් ... හැබැයි එකටම ඔයාලා දෙන්න කියන්න ඕනි සින්දු ගොඩක් ''

''කපටිම කපටි කෙල්ලක් ඔයා නම් තරු . හා කමක් නෑ අපිම පටන් ගමු බන් සින්දුවක් ...''

ආකාශ් අයියා එසේ කියමින් ම සින්දුවක් කියන්නට පටන් ගත්තේ ය .. ඒ අනුව යමින් ලොක්කෙ අයියාද ඉදුවර පුතා ද සින්දු කියන්නට පටන් ගත්හ ...

මම තත්සර අයියගේ phone එකට ring කර msg එකක්ද තැබුවේ අපි දැන් කැකිරාව පාරේ ඉන්නා බව දැන්වීමටය .

''හරි තරු පාලම පහු වෙනවත් එක්කම වම් පැත්තේ තියෙන තුන්වෙනි ගේ ළග මම ඉන්නේ ඔයා මොන පැත්තේද වාඩි වෙලා ඉන්නේ තරු ''
තත්සර අයියගෙන් පිළිතුරු ලැබිණි .

''මම වම් පැත්තේ ඉන්නේ මගේ සුදු අයියේ ..'' මම හනික පිළිතුරු යැවුවෙමි...

මම පාලම පහු වෙනවත් සමගම දෑස් නොහෙලම පිටත බලන් උන්නේ මගේ සුදු අයියාව දකින්නටය ...

ටික දුරක් එහායින් තත්සර අයියත් ඔහුගේ යහළුවන් දෙදෙනෙකුද පාර අයියේ සිටින අයුරු මට දක්නට ලැබිණි ..

අප දෙදෙනාගේ ඇස් එකිනෙකා අතර රැදුණි ... එත් ඔයාගේ ළගට එන්න විදිහක් නැනේ මගේ අයියේ .. මම එසේ සිතුවෙමි ...

තත්සර අයියා මට යමක් කීවද මට කිසිත් පැහැදිලි නොවුණි.

''ඔයා කියපු කිසි දෙයක් මට අහුනේ නෑ” මම ඔහුට ඉගි කරමින් සුසුම් ලෑවෙමි.

'' චුටි මාමේ මට බඩඉරිගු අරන් දෙන්නකෝ .. ''

දෙපස දිගට තිබු බඩඉරිගු තම්බා විකුණන වෙළදසැල් දැක ඉදුවර ආකාශ් අයියාට ඉල්ලීම් කළේය ...

ඉදුවර පුතාගේ ඉල්ලීම නිසාම වෑන් රිය තරමක් ඉදිරියට ගොස නතර කරන්නට වුයේ ය ..

අපේ අයියාත් ආකාශ් අයියාත් ඉදුවර පුතා සමග බැස යන්නට වුයේ බඩඉරිඟු ගැනීමටය ...

''වතුර උණු වතුර වගේ වෙලා අක්කේ..''

ආකාශ් අයියගේ පියා එසේ කි හෙයින් ...

''අංකල් අර ගෙදර නම් ළිදක් පාර අයිනටම වෙන්න පෙන්න තියෙනවා ...''

''එක නේන්නම් දුවේ මාත් මේ බැලුවේ ..''

'ඉන්න තාත්තේ මම තරු නංගිත් එක්ක ගිහින් ඒ ගෙදරින් අහලා ළිදෙන් වතුර එකක් කෑන් එකට පුරවාගෙන එන්නම් ..''

''හා යමු අක්කේ ''

මාත් එක පයින් කැමති වුයේ තත්සර අයියාද හිමින් හිමින් මේ පැත්තට ආ නිසාවෙනි ...

මාත් අක්කත් වතුර කෑන් එකත් රැගෙන වෑන් රියෙන් බැස ඒ ගේ දෙසට යන්නට වුයේ වතුර පුරවා ගැනීමටයි ..

අක්කා නිවසේ ගේට්ටුව අසලට ගොස් ඒ මේ අත විමසිලිමත් වුයෙන් ඒ අසලට පැමිණි තත්සර අයියා,

''ආහ් ඇයි අක්කේ ''

''නෑ මල්ලි මේ අපි වතුර එකක් පුරවාගන්න ගන්න කියලා බැලුවේ .. එත් මේ ගෙදර කවුරුත් පේන්න නෑ වගෙයි ..''

''අයියෝ එන්න අක්කේ .. මම පුරවලා දෙන්නම් වතුර එකක් .''

තත්සර අයියා ඒ නිවසෙහි ගේට්ටුව විවර කරමින්ම පැවසුවේය ..

ඔහු පිටු පසින් අක්කාත් මමත් අදුනෙමි ..

''මේ මල්ලිලාගේ ගෙදරද ? ''

අක්කා තත්සර සමග කථාවට වැටුණි ..

''නෑ අක්කේ ... එත් මේ මගේ යාලුවෙක්ගේ ගෙදරක් . මගේ ගෙදරක් වගේ තමයි''.

මම ගොළු වී සිටියෙමි ...

තත්සර අයියා වතුර පුරවන ගමන්ම අක්කා සමග තව තවත් කතාවට පැටලුණේය ..

''අක්කලා මේ කොහේ යන ගමන්ද ?''

''මල්ලි අපි අනුරාධපුරේ යන ගමන් ..''

වට පිට සෝදිසියෙන් විමසු අක්කා මගේ කනට කර පැවසුවේ ..'' නංගි අතන toilet එකක් තියෙනවා .. මම ගිහින් එන්නම් ඉක්මනට .. පොඩ්ඩක් මේ ඔරලෝසුව අල්ල ගන්නකෝ ,... ඕකට වතුර ගිය ගමන් ලොකු ලෙඩේ'' කියමින් ඇය ඇත බැදි ඔරලෝසුවද මා වෙත තැබුවේ එයට දොස් ද පවරමිනි ..

''පිස්සි මෙහෙට එනවා ටිකක් ..''

මෙතෙක් වෙලා මා සමග වචනයකුදු කථා නොකළ ඔහු මගේ අතින් අල්ලලා මාව ඔහු වෙතට ඇද ගන්නට විය ...

මටත් ඔහුටත් හයියෙන්ම හිනා ගියහ ..

''මැට්ටියේ සු සු '' කියමින් ඔහුගේ දෑත ගෙන මගේ දෙතොල් අතර රැන්දුවේ අක්කාට ඇසෙයි කියාය ..

අනේ මේ වෙලාව හිමිට හිමිට යනවා නම් කොච්චර හොදද ... ම්ම්ම් ඒ වුනාට හයියෙන් හයියෙන් ඔරලෝසුවේ කටු දුවනවනේ.

අම්මා,අයියා,තාත්තා, මේ කොයි කවුරු මගේ ළගින් හිටියත් මට ලොකුම ලොකු දුකක් දැනුණේ තත්සර අයියා මේ ගමනට එක්කගෙන යන්න බැරි නිසාවෙනි .

- මතු සම්බන්ධයි -
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Apr 2016 01:23 AM
  •  Quote
  •  Reply
මේක සම්පූර්ණයෙන් ෆේස්බුක් එකේ තියෙනවද
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Apr 2016 01:28 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 25 Apr 2016 01:23 AM
මේක සම්පූර්ණයෙන් ෆේස්බුක් එකේ තියෙනවද

ඔවු කළු අයියේ . කතාව ඉවර කළා මම .
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Apr 2016 11:22 PM
  •  Quote
  •  Reply
  • තත්සර ප්‍රේමය



    13 - 15 කොටස




    තත්සර අයියගෙන් සමු අරන් අනුරාධපුරේ ගමන නැවතත් ඇරඹීමට වේලාව පැමිණි නිසා මාත් අක්කාත් තත්සර අයියාට සමු දෙන්නට සැදූ නමුත්,

    ''ඉන්න අක්කේ. මම වතුර කෑන් එක වාහනේ ළගට ගිහින් දෙන්නම් ''

    ''මල්ලිට අපි කරදර කරනවා නේද ?'' අක්කා එසේ කී හෙයින්

    ''අයියෝ මොන කරදයක්ද මේක ...ලොකු පිනක්නේ අක්කේ . අක්කලා අනුරාධපුරේ උඩමළුවට ගියාම මාවත් මතක් කරලම මල් පුජා කරලා පින් අනුමෝදන් කරන්නකෝ ..''

    '' අනිවාර්යයෙන්ම මල්ලියෝ .. ඇත්තටම ඔයාව මතක් වෙයි .ගොඩක් ස්තුතියි මල්ලි අපිට කරපු උදවුවට ''

    ඉඳුවර පුතා බඩඉරිගු කරලක්ද කමින් දිවවිත් ඉසුරි අක්කාගේ ඇගේ එල්ලෙන්නට විය.

    තත්සර අයියා ඉදුවර පුතාගේ ඔලුව අතගාමින් '' හරි චන්ඩියෙක් වගේ නේද අක්කේ පුතා ..''

    '' අපොයි ඔවු මල්ලි ..එක නම් කියලා වැඩක් නෑ ...'' අක්කා ඉදුවරත් සමග වෑන් රියට නගින ගමන්ම පැවසුවේය .

    ආකාශ් අයියත් , ලොක්කෙ අයියත් තම්බපු බඩඉරිගු මල්ලක්ද අතැතිව පැමිණි නිසාවෙන් ඔවුන් වෑන් රියට නගිනා තුරු මම පහලට වී සිටියෙමි ...

    තත්සර අයියා මා දෙස බලා සිටි නමුත් කිසිවක් මා සමග කථා කර ගැනීමට නොහැකිව අසරණව සිටියේය .

    ''සුද්දී යන්න කල්පනාවක් නැද්ද ?'' ලොක්කෙ අයියාගේ හඩ ඇසී මම තිගස්සුණි.

    තත්සර අයියගේ මුහුණේ සිහින් සිනා රැල්ලක් නැගුණේ ලොක්කෙ අයියා පැවසු දේ නිසාම විය හැක.

    '' අපි ගිහින් එන්නම් අයියේ ..'' හිමිට මම දෙතොල් මැතුරුවද ආකාශ් අයියාටත් එය ඇසුණේ ආකාශ් අයියා මගේ දෙසම බලාගෙන සිටි නිසාවෙනි .

    '' හොදයි නංගි පරිස්සමින් ගිහින් එන්න ඔයාලා ...
    '' ආහ් ඒක නෙවෙයි අමතක නොකර මාවත් මතක් කරලා මල් පුජා කරන්න හොදද නංගි ..'' ආපසු යන්නට සැරසී තත්සර අයියා මට කිවේය ..

    මම සිනහවක් පා තත්සර අයියාට සමු දුන්නෙමි ...

    ''කවුද බන් ඒ dial එක ...''

    ආකාශ් අයියා එසේ ඇසුවේ ඔහුට මාත් ,තත්සර අයියාත් පිළිබදව යම්කිසි සැකයක් මතු වූ නිසාමදෝ මන්දා ..

    ''කෑන් එකට වතුර එකක් පුරවලාම ගෙනත් දුන්නා ඒ ළමයා අපිට ''

    ඉසුරි අක්කා එවිට කටහඩ අවදි කරමින් කියා සිටියා ය.

    ''අහ් එක මිසක් .. මම හිතුවේ ඉසුරිගේ යාළුවෙක්වත්ද කියලා ..''
    ආකාශ් අයියගෙන් ම වෙත වූ සරදමේ සීමාවක් නම් නොවුණී.

    ''එහෙනම් අපි යමු නේද ළමයිනේ ...'' කියමින් ආකාශ් අයියගේ තාත්තා නැවතත් ගමන ආරම්භ කරන්නට විය.

    මදක් ඈතට වී ආකාශ් අයියා අපි පිටත් වී යනතුරු බලා සිටියේ ය .

    '' මේකි කොඉ ලෝකේ ඉන්නවද මන්දා .. එපාද බඩඉරිගු ... '' මා වෙතට බඩඉරිගු කරලක් දික් කරගෙන ලොක්කෙ අයියා කෑ ගසන්නට විය.
    මම සිටියේ ආකාශ් අයියා ගැන සිතමිණි

    ''ඕනේ ඕනේ මටත් ලොකු '' කියමින් ඔහුට කිසිවක් නොහැගෙන්නට මම කියා සිටියෙමි .

    ලොක්කෙ අයියා ගෙනා බඩඉරිගු හැමෝටම බෙදමින්ම ...

    ''සුද්දී දැන් ඔයාගේ වාරේ .. කෝ සිංදු කියන්න පටන් ගමු එහෙනම් ...''

    ''ඔව් ඔව් තරු නැන්දා දැන් සිංදු කියන්න ඕනි .. අපි ගොඩක් කීවානේ සින්දු '' කියමින් ඉදුවර පුතාද කියන්නට විය.

    ''මචන් නංගි සින්දු කිවොත් අපිට බැහැලා දුවන්න වෙයිද දන්නේ නෑ ..'' නැවතත් ආකාශ් අයියගෙන් මට සරදමකි.

    කෙසේ නමුත් සියලු දෙනාම එක්කව සින්දු කියමින් සතුටු වුණෙමු.

    අපිට පෙ.ව . 10.30 පමණ වන විට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට හැකි විය .. ඒ වන විටත් දහවල බුද්ධ පුජාව ආරම්භ වී තිබිණි ...

    මම දෙඅත් එක්කර වැදගෙන ජය ශ්‍රී මහා බෝ සමිදුන් දෙස ටික වෙලාවක් බලාගෙන වුන්නෙමි.

    . ''නංගි අපිට වතුර පුරවලා දුන්න මල්ලිටත් එක්ක මල් පුජා කරන්න අමතක කරන්න එපා හොදද ? ''මා අසලට ලං වූණු ඉසුරි අක්කා පැවසීය ..

    ''ම්ම්ම් අක්කේ '' කියමින් මම ඇය කියූ දෙය අනුමත කළේ, කවදාවත් මගේ රත්තරන් අයියව අමතක නොකරන බව මම හොදින් දන්නා නිසාමය.

    ඉදුවර පුතා ඒ මේ අත දිවයන්නට වුයෙන් ඉසුරි අක්කා පුතා පසු පසින් යන්නට වුවාය .. මම තනියම සිටිනු දුටු ආකාශ් අයියා මා වෙතට ලං වුයේ කිසියම් දෙයක් ඇසීමට වුවද; '' තරු '' කී ඔහු නිහඩ වී කියන්නට ආ දේ නැවතත් ගිල ගත්තේය .

    ''ළමයිනේ අපි තව ටිකකින් විශ්‍රාම ශාලාව ගාවට යන්න පිටත් වුණොත් හොදයි. නැත්නම් හවස පහන් පුජාවට පරක්කු වෙනවනේ '' එසේ කිවේ අපේ තාත්තාය ..

    ''ඔව් මල්ලි අපිට දවල් කෑම හදා ගන්නත් එපැයි පුළුවන් තරම් ඉක්මනට '' කියමින් ආකාශ් අයියගේ තාත්තාද එය අනුමත කළේය.

    ටික වෙලාවක් ශ්‍රී මහා බෝධිය අසල රැදී සිටි අප ඉන් අනතුරුව විශ්‍රාම ශාලාව වෙත පිය මැන්නෙමු .

    එහි ගොස් අවශ්‍ය බඩු බාහිරාදිය වන රියෙන් බා ගත් පසු සෙවන ඇති ස්ථානයකට වෑන් රිය ගෙන ගොස් නතර කරන ලද්දේ ආකාශ් අයියා විසිනි ..

    අප සියලු දෙනාම එකතුව රෑටත් එක්කම අවශ්‍ය කෑම පිළියෙළ කර තිසා වැවට ගොස් නාගෙන විත් කෑම කද්දී වෙලාව හවස 3.30 පමණ විය ..

    කෑම ගැනීමෙන් අනතුරුව ටික වෙලාවක් විවේකිව සිටි අපි රුවන්වැලි සෑය අභියස ආකාශ් අයියගේ අම්මා වෙනුවෙන් පින් අනුමෝදන් කොට පැවැත්වීමට නියමිතව තිබු පහන් පුජාවට යාමට ලෑස්ති වුණෙමු .

    ''නංගි මේ පහන් ටික ඔයා ගන්නකෝ ගෙනියන්න ''

    ගොඩක් ආදරණියම ලෙස ආකාශ් අයියා මා අත පහන් තැටිලි සහිත වූ බෑගය තබන ලදී . මට ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බැලීමට තරම් ශක්තියක් නොවුණේ ලොක්කෙ අයියා වෙත මා පිළිබදව යෝජනාවක් කර තිබු නිසාවෙනි . ආකාශ් අයියා අහිංසක වුවත් ඔහු විටෙක හිතුවක්කාර වූ පුද්ගලයෙකි .
    එත් ආකාශ් අයියේ මගේ හිතේ ඔයා වෙනුවෙන් සහෝදරකමට එහායින් බැදීමක් නෑ . බැදීමක් ඇති කර ගන්නත් බෑ කවමදාකවත් .. එසේ සිතමින් පහන් තැටිලි ටිකත් අතැතිව මම අම්මා ඉන්න දෙසට ගියේ ආකාශ් අයියාගෙන් දෑස් මග හැරීමටයි

    - මතු සම්බන්ධයි -


********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
25 Apr 2016 11:41 PM
  •  Quote
  •  Reply
තවත් කොටසක් දාලා නේද..
ස්තූතියි නංගී..
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 Apr 2016 12:06 AM
  •  Quote
  •  Reply
බොහොමත්ම ස්තූතියි පොඩ්ඩී 13 වෙනි කොටසට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
26 Apr 2016 12:58 AM
  •  Quote
  •  Reply
තත්සර ප්‍රෙමය නැගලා යනවා .......
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
26 Apr 2016 08:05 AM
  •  Quote
  •  Reply
කතාව නම් නියමයි ඉතුරු කොටසත් එනකන් මග බලාගෙන ඉන්නවා එහෙනම්
ස්තුති මේ 13 වෙනි කොටසටත්
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Apr 2016 05:18 AM
  •  Quote
  •  Reply
එහෙනං මේකටත් දිග ඇරල දාන්නකෝ එක පාරම සට පටාස් ගාල
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
27 Apr 2016 10:50 PM
  •  Quote
  •  Reply
කෝ 14 වෙනි කොටස..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
27 Apr 2016 11:13 PM
  •  Quote
  •  Reply


තත්සර ප්‍රේමය



16 කොටස



රුවන්වැලි මහා සෑ රදුන් අභියස පහන් පුජාව සිදු කිරීමෙන් අනතුරුව බොහෝ වෙලාවක් අපි එහි රැදී සිට පසුව නැවතත් විශ්‍රාම ශාලාව වෙත ඇදුණෙමු.

තත්සර අයියාගෙන් sms එකකි.

''සුදු මැණික දැන් කොහෙද ඉන්නේ ''

''පහන් පුජා කරලා ඉවර වෙලා විශ්‍රාම ශාලාවට යන ගමන් දැන් සුදු අයියේ ..''

''ම්ම්ම් මාවත් මතක් කරලා පහනක් පුජා කළාද මගේ සුදු මැණික ..''

'' ම්ම්ම්ම් ඔව්. ඇත්තටම හැම මොහොතකම ගොඩක් මතක් වෙනවා මගේ රත්තරන් අයියේ ..''

''සුද්දී උබ හැම වෙලේම කාටද බන් sms කරන්නේ''
ලොක්කේ අයියා එසේ ඇසුවේ මම ෆොන් එක අතේම තියාගෙන සිටි නිසාවෙනි .

''යාළුවෙක්ට ලොක්කෙ අයියේ ''
මම ඔහුගේ මුහුණ දෙසවත් නොබලාම කීවෙමි.

''හා එහෙනම් කමක් නෑ .. මම හිතුවා මේ කොල්ලෙක්වත් සෙට් කරගෙනද කියලා ..'' ලොක්කෙ අයියා ඒසේ කියමින් ආකාශ්‍ අයියාගේ පිටට ද තට්ටු කරනු මම දුටුවෙමි ..''

''මේ අපි වගේ හොද කොල්ලෝ ඉද්දි වෙන කොල්ලෝ නම් සෙට් කර ගන්න ඕනි නෑ තරු නගෝ ..'' ආකාශ්‍ අයියාත් ඒ උදා අවස්ථාවෙන් කෙසේ හෝ වචන කිහිපයක් ගලපාගෙන දිග හැරියේ ඔහු මා පිලිබදව සිතන බව හැගවිමට බව මට තවත් නොරහසක් විය.

ආකාශ් අයියා මගේ අසලට පැමිණ මා පාද ලෙසම සම සමව ඔහුගේ පාද ද තබන්නට විය . මම තරමක් ඔහු මග හැරීමට උත්සාහ කල නිසාදෝ

''තරු නංගී මම ඔයාට ළන් වෙන්න හදන හැම වෙලවකට ම ගව් ගානක්‌ දුරට මාව ඈත් කරලා යන්න හදන්න එපා එපා please ..'' ඔහු මගෙන් අයැද සිටියේ ය .

''මම ගැන හීන මවන්නවත් . මට ලං වෙන්න හදන්නවත් එපා ආකාශ් අයියේ ... ඔයත් මට මගේම සහෝදරයෙක් වගේ විතරයි. ඊට එහා බැදීමක් ගැන මට හීනෙන්වත් හිතන්න බෑ ආකාශ් අයියේ ... ''
මම එක දිගටම කියාගෙන ගියෙමි ..

'' හරි බබෝ මාව ටිකක් තේරුම් ගන්න උත්සාහ කරන්නකෝ ... ඔයා ඕන තරම් කාලයක් ගන්න ... මට පුළුවන් බලන් ඉන්න මගේ පැටියෝ ගොඩාක් කාලයක් වුනත් ..'' කියා ඔහු කතාව නතර කලේ ඔහුගේ ලොකු අම්මා ආකාශ් අයියාට කතා කල නිසාවෙනි ,

සිහින් වූ සිතල හිරිකඩක් සමගින් මල් වැස්සක් අද හැලෙන්නට වුයෙන් අපි තරමක් පය ඉක්මන් කලේ නොතෙමි විශ්‍රාම ශාලාව වෙත යාමටය.

''මේ වැහිපොදක් විතරයි දරුවෝ .. පෝය නිසා හයියෙන් වහින එකක් නෑ කොහොමටවත් '' අපේ තාත්තා පවසන්නට වුයේ ය .

''සුද්දී එනාවකෝ ටිකක් මෙහාට ''
.. විශ්‍රාම ශාලාවට පැමිණි පසු ලොක්කෙ අයියා මා හට කතා කර විශ්‍රාම ශාලාවේ ආලින්දය දෙසට කැදවාගෙන ගියේ ය .

ආලින්දයේ තබා තිබු පුටු පේලියේ කොනේම වූ පුටුවක හිදගෙන ආකාශ් අයියා කල්පනා කරමින් සිටින අයුරු මට දැක ගන්නට ලැබුණි.

ලොක්කෙ අයියා ඒ දෙසට මාව ගෙන යන නිසාවෙන් එයින් මිදීමට මම උත්සාහ දැරුවෙමි .

''කොහෙද ලොක්කෙ අයියේ මේ මාවත් ඇදගෙන යන්නේ.. කෑම බෙදන්නත් කිවා අම්මා.. හවස උයපුවනේ අනික..''

''හරි හරි බන් .. පොඩි ප්‍රශ්නයක් තියෙනවා . ඒක විසදගෙන ඉක්මනට යන්න දෙන්නම් ආපහු .'' ලොක්කෙ අයියා ටිකක් මට සැරෙන් කතා කරන්නට වූ නිසාදෝ මගේ දෑස් කදුලින් පිරිණි.

'' සුද්දී ඉස්සර ඉදන්ම පොඩි දේටත් ඔයාගේ ඇස් වල කදුළු පිරෙනවා .. කෝ කදුළු පිහදගන්න ..පොඩි ළමයි නෙවේනේ නේද දැන් ?''
ලොක්කෙ අයියා මගේ හිස අතගාමින් මාව අස්වසන්නට කියා සිටියේ ය ...

''හ්ම් ලොක්කෙ අයියා '' මම කදුළු පිරුණූ දෑසින් ඔහු දෙස බලාගෙනම හිස සැලුවෙමි ..

'' හරි හරි මගේ සුද්දී ගිහින් කෑම බෙදන්නකෝ අම්මලත් එක්ක එකතු වෙලා ... ආකාශයා,මායි ගිහින් පොඩි රවුමක් ගහලා එන්නම්...

මම මිටින් හල කිරිල්ලියක මෙන් එතනින් ඉවත්ව ගියේ ලොක්කෙ අයියාගෙන් බේරීමට හැකි වීම නිසාවෙනි.

-මතු සම්බන්ධයි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
28 Apr 2016 12:10 AM
  •  Quote
  •  Reply
කෝ එතකොට 14-15 කොටස් ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Apr 2016 12:34 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 28 Apr 2016 12:10 AM
කෝ එතකොට 14-15 කොටස් ..

13 - 15 ekata thiyenne..

eke podi mistake ekak una e dawaswala 


********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Apr 2016 05:16 AM
  •  Quote
  •  Reply
ඔය දැන් පාගලම යන්නේ
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
29 Apr 2016 03:27 AM
  •  Quote
  •  Reply
heee
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Apr 2016 05:06 AM
  •  Quote
  •  Reply
ස්තුති නංගියෝ ...ඔයාගේ ආදරණිය කතාව අපිට රසවිදින්න දුන්නට
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 May 2016 01:10 AM
  •  Quote
  •  Reply
හී හී ගගා ඉන්නෙ නැතුව නිමි වෙන්නම දාන්න
0
Add Reply
Page 6 of 11 << < 45678 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below