You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Dec 2021 12:52 PM by  Poddi
......මගේ හිතට කථා කරන අකුරු ....
 204 Replies
Sort:
Page 1 of 1112345 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Jan 2016 03:57 AM
  •  Quote
  •  Reply

 

-හිමි අහිමි බව -

කාලය තත්පර , මිනිත්තු, පැය පුරා ගෙවෙන ඉක්මන සිතා ගැනීමටත් නොහැකි තරම්ය.
කාලය සමග කෙතරම් හිමි වීම් සහ අහිමි වීම් මට සිදුවීද ?

ඇයත් මාත් මුණ ගැසී අදට වසර තුනක පමණ කාලයක් ගත වී ගොස් ඇත ..
ගිටාරයද අතැතිව මම එලියට ගොස් දෑස් පියාගෙන මොහොතක් අතීතය ළග නතර වීමට තැත් දැරුවේ හිතට ලොකු පාළුවක් තනිකමක් දැනුණ නිසාමය ...

උසස් පෙළ සදහා මා කලා අංශය තෝරා ගත්තේ මගේ තාත්තාත් සංගීත ගුරුවරයෙක් වශයෙන් සේවය කරන නිසාත් මම සංගීතය සදහා යම්තාක් දුරකට ඇලුම් කළ නිසා ත් ය .

උසස් පෙළ සංගීතය විෂය සදහා මාගේ පියා විසින් කණ්ඩායම් පන්තියක් පැවැත්වු අතර ඒ පන්තිය සදහා මාත් සහභාගී වුයේ විශේෂ හේතුවක් නිසාමය . නැතහොත් පියා විවේකි වෙලාවට විෂය කරුණු ලබා දීමට උත්සහ නොගත් අවස්ථා නොමැති තරම්ය.

''ළමයෝ ඔයාගේ උනන්දුව නම් හරිම අඩුයි'' ..
''මිට වඩා මහන්සි වෙන්න වෙයි හොද ප්‍රතිපලයක් ගන්න නම්''

නිතරම වගේ තාත්තා පැවසු වදන් පෙළකි ...එහෙත් මගේ හිත වෙනම තැනක ලැගුම් ගෙනය .

ඇගේ දිගු වරලස,අහිංසක ඇස් දෙක,ඇස් පියන් වසා හුරතල් ලෙස පාන හිනාව,මිහිරි වු කටහඩ මේ හැමදේටම මම ගොඩක් ආදරේ කළෙමි . සංගීත පන්තියට ආ අලුත නම් ඇය මා සමග වැඩි කතාවක් බහක් නොවිය. .. ටික කාලයකදී මටත් , ඇයටත් .. අපි අපටම නොමැතිව මොහොතක් ගෙවීමට පවා අසීරු විය . ඇය පවුලේ එකම දියණිය හින්දම තාත්තගෙයි , අම්මගෙයි ආදරය රැකවරණය ඕනෑවටත් වඩා වැඩියෙනුත් ලැබුණි .

උසස් පෙළ විභාගයට ඇත්තේ තවත් සීමිත වූ කාලයකි ..කාලය මෙසේ ගත වී ගියද ඇගෙත් , මාගෙත් පෙමේ කිසිදු වෙනසක් නොවිය .

එදින ඉරිදා දිනයක් වුයෙන් සිංහල පන්ති අවසන් වී අප ටික වෙලාවක් දොඩමලු වූයෙමු .වෙන්වීමට කාලය වුයෙන් ඇයත් මමත් දුකින් වුවද නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් වෙන් වුයෙමි .අප හමු වී වෙන් වෙන මොහොතේ නැවත හමුවන්නේ කෙලෙසදැයි මම මෙන්ම ඇයද සිතන බව මා හොදින්ම දන්නා කරුණකි .

සුපුරුදු පරිදි ඇය යනතෙක් බලා හිද මමත් ටවුම වෙත ඇදුනෙමි වර්ෂාවක ලකුණු පහල වෙමින් මුළු අහසම ක්ෂණයකින් අදුරු වලාවකින් වැසී ගත්තේය . මා අතැතිව කුඩයක් හෝ නොමැති බැවින් මම පය ඉක්මන් කෙරුවෙමි. බසයට ගොඩ වන විටම එය ගමන ආරම්භ කළේ එවිටත් 5.30 වී තිබුණ නිසාය ... වටපිට බැලු මා හට ඉඩ ගැනීමට එක අසුනක් ඉදිරිපසම තිබුණි . 5.30 ට ටවුමෙන් පිටත් වෙන බස් රියෙන් 6.00 පමණ වන විට නිවසට ලගා වීමට හැකිය. ටික දුරක් ගොස් මම ජංගම දුරකථනය අතට ගත්තේ සකුණි ට දුරකථන ඇමතුමක් ගැනීමටය. ...

'' හෙලෝ නවෝද් ... ''

සකුණි මිහිරි හඩින් මා ඇමතීය .

''සකුණි දැන් කොයි හරියේද ඔයා ඉන්නේ ?''

මම ඇයගෙන් පිළිතුරක් බලාපොරොත්තු වුයෙමි ...

බසය ටවුමෙන් ටික දුරක් පසු කල මොහොතේ පටන් වේගය ක්‍රමයෙන් වැඩි කලේ ය .බසය වේගයෙන් ගමන් කල නිසාදෝ සියල්ලෝම තරමක් විමසිල්ලෙන් අල්ලාගෙන සිටියේය .. මට එහා පැත්තෙන් අසුන් ගෙන සිටි තරමක් මැදි වයසේ වූ පුද්දලයාගේ මුහුණේ නම් අමනාප බවක් තතිබුනේ බසය වේගයෙන් යන නිසාමය ...

'' පුදුම හදිස්සියක් තමයි තියෙන්නේ ''

ඔහු මා දෙස බලා දෙතොල් කෙදිරුවේය ..
ගැහී
මා ඔහුට මද සිනාවකින් එයට පිළිතුරු සැපයේ මා සකුණි සමග දුරකථන ඇමතුමේ සිටි නිසාය .

'' එසේ ටික දුරක් බසය ගමන් ගන්නට වුවා පමණි . විශාල ශබ්ධයක් සමගින් බසය නතර වුවා පමණක් මට මතකය ,,, එතනින් එහාට සිදු වුයේ කුමක්දැයි මට දැන ගන්නට නොහැකි වුයේ මා දෙනෙත් හරින විටත් සිටියේ රෝහලේ නිසාය .

ඇගපත තරමක් කකියන්නට විය .. මා අසලින් අම්මා සිටියේ ය .. අම්මගේ දෑස් විඩාපත් බවකින් යුක්ත වී තිබුණි . මගේ පාදයේ පහළින්ම කොටසක්ම තිබුණේ නැති අතර තුවාලයට බෙහෙත් දමා වෙළුම් පටි යොදා තිබුණේය. එය දැකුමෙන් මගේ හදවත කීරි ගැහී පුදුමාකාර වූ කම්පනයක් ඇති වුයේ මේ තරමටම දෙයක් සිදු වන්නට මම කල පාපය නම් කුමක්දැයි නොදත් නිසාමය .

මට සකුනිට දුකක් ද නොහැකියි . එත් සකුනිගේ ආදරයේ කිසිදු වෙනසක් නොවිය .. එදාටත් වඩා වැඩියෙන් ඇය මට ආදරය කරන්නීය ...

''අයියේ අම්මා තේ හදලා ,''
''ඔයාට එන්න කිවා ''

මම නතර වී සිටි අතීතයෙන් මෙලොවට පැමිණියේ අපේ පොඩි නංගිගේ කට හඩත් සමගිනි ..

''හා මම එන්නම් හිමිට පොඩ්ඩි ''
''ඔයා යන්නකෝ. ගිහින් තේ බොන්න අයියා එනකම් ''

මම කිහිලි කරුවට වාරු දී හිමින් හිමින් නැගිට්ටේ මෙවැනි දුකක්,අසරණ බවක් කාටවත්ම නොවේවායි පතමිනි .

- ඩිලීකා මදුෂානි

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Jan 2016 04:29 AM
  •  Quote
  •  Reply
දුක්බර කතාවක් ..............................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
09 Jan 2016 04:41 AM
  •  Quote
  •  Reply
මේ නංගිගේ ම නිර්මාණයක් ද..? බොහොම අපූරුයි ඔයාගේ නිර්මාණ හැකියාව නම්... හොඳට කතා ගොතන්නත් පුළුවන් වගෙයි.. තවත් රසවත් කතා පෙළක් මේ ත්‍රෙඩ් එක හරහා බලාපොරොත්තු වෙනවා.. කියවල රසවිඳින්න පුළුවන් අය ගොඩක් මෙතන ඉන්නවා..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
09 Jan 2016 05:09 AM
  •  Quote
  •  Reply
ඉතාමත් අලංකාර නිර්මාණයක්..
ස්තූතියි පොඩ්ඩී..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jan 2016 06:21 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි උනාට කථා ගොතන්න පොඩි නෑ වගේ
අගෙයි අගෙයි
ඉස්සරහට ගංගාවක් වගේ ගලන්න අවස්ථාව ලැබේවා.............
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Jan 2016 08:07 AM
  •  Quote
  •  Reply
ෂා .. අපිට හොඳ නිර්මාණ හැකියාවක් තියෙන හොඳ පොඩ්ඩියෙක් ඇවිත් ඉන්නේ.. නියමයි. දිගටම කරගෙන යන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Jan 2016 06:45 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩි ගෙන් ලස්සන කතා පොඩිත්තක් .... ස්තුති නගෝ
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
10 Jan 2016 08:38 PM
  •  Quote
  •  Reply
හොද හැකියාවක් ..ඔහොම යමු පොඩ්ඩියො
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
10 Jan 2016 09:29 PM
  •  Quote
  •  Reply
පොද්දීගේ නිර්මාණ හැකියාවල් නම් පොඩි නැහැ වගේ, සුපිරියි ආ..
0

kingD
Veteran Member
Veteran Member
Posts:3294






--
10 Jan 2016 09:38 PM
  •  Quote
  •  Reply
කියවද්දි දිගටම කියවන්න හිතෙනවා..අපුරු නිර්මාණයක් 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
10 Jan 2016 11:52 PM
  •  Quote
  •  Reply
ස්තුතියි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Jan 2016 07:52 PM
  •  Quote
  •  Reply
තවත් නිර්මාණයක් එළි දක්වන තුරු අපි මග බලා සිටිනවා...
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2016 09:09 PM
  •  Quote
  •  Reply
- දෝණිටයි , පුතාටයි සෙනෙහසින් ලියමි -



එකම එක පුංචිම පුංචි හීනයක් තිබුණා හිතේ

ලස්සනම ලස්සන ඇස් දෙකක්
රෝස පාට සිනිදු පුංචි දෙතොල්
රෝසම රෝස පාට දු පැටික්කියෙක් ..............

එහෙමත් නැතිනම්,

දගකාර ඇස් වලින් දගකම් පාන
ගොඩක් හුරතල් වගේම කටකාර
චණ්ඩි පුතු පැටියෙක් .....................

අම්මා නම් වැඩියෙන්ම කැමති වුණේ හුරතල් චන්ඩි පුතෙක්ට ... එත් ඔයාගේ තාත්තා නම් වැඩියෙන්ම කැමති වුණේ අහිංසක සමනලියක් වගේ දුවෙක්ට ..

ඔයාගේ අම්මා උතුම් වූ මවු පදවිය ලබමින් ගැබ් ගන්නවා ... එත් එක්කම ඔයාගේ තාත්තා පිය පදවියක් ලබන්න හීන මවනවා.

ඔයාගේ අම්මා ගැබ්බර වුණ දවසේ අතොරක් නැතිව වමනය කරනවා.. ගොඩක් වේදනාවෙන් ඇය . ඇස් දෙකත් එක්ක හොදටම රතු කරගෙන. කිසිම දෙයක් කන්න පිරියකුත් නෑ කියනවා .
එතකොට ඔයාගේ තාත්තා අම්මා කන්න පුළුවන් කැමති කැමති දේවල් හොයාගෙන එනවා . ඒවා ගෙන්න උදේ ඉදන් රෑ වෙනතුරම දහදිය කදුළු හෙලමින් මහා පොළවත් එක්ක හැප්පිලා සල්ලි හොයනවා ... එත් තාත්තාගේ හිත හැම මොහොතකම තියෙන්නේ අම්මා ගාව .. කුසේ ඉන්න දරුවා ළග ..

ඔයාගේ අම්මා උණු වතුර ටිකක්වත් බීවේ නෑ කුසේ ඉන්න දරු පැටියට රස්නේ දැනෙයි කියලා ..
. ඔයාගේ තාත්තා අම්මව තනි කරලා එක රැයක්වත් නිවසින් පිට හිටියේ නෑ .. පුංචිම පුංචි බර වැඩක්වත් අම්මට කරන්න දුන්නේ නෑ . වතුර ගෙනාවේ , දර හෙව්වේ ඔයාගේ තාත්තා ...
හයියෙන් අඩියක්වත් තියලා අම්මා ගියේ නෑ ,, ඒ ඔයාට රිදෙයි කියලා ...වෙනදා උස් මිරිවැඩි පළදින අම්මා බාටා කැලි 2ක් දාගෙන තමයි අම්මා කොහේ ගියත් ගියේ .. ඒ පය පැටලිලා වැටිලා ඔයාට රිදෙයි කියලා ..

අඩුම තරමේ tv එකේ දුක හිතෙන කථාවක් , බය හිතෙන කතාවක් වත් අම්මා බැලුවේ නෑ . ඒ කුසේ ඉන්න ඔයා බය වෙයි කියලා ..
. කුසේ ඉන්න ඔයා වෙනුවෙන් සෙත් පතලා නොයෙක් වූ පිංකම් කටයුතු කළා ... සෙත් පිරිත් කිවා .. ආශීර්වාද පුජා තිබ්බා ...

තත්පරෙන් තත්පරේ , දවසින් දවස , සතියෙන් සතිය , මාසෙන් මාසේ අම්මයි තාත්තයි දින ගනිනවා ...

කුසයේ ඔයාව දරගෙනම ටිකෙන් ටික ඔයාගේ අම්මා වැඩ කරනවා.උකුලේ වතුර කලයක් තියාගෙන හරි පරිස්සමින් එනවා ඉවුම් පිහුම් කරනවා ,,, ..ඒ ඔයාව මේ ලෝකෙට බිහි කරන්න ටිකක් හෝ පහසු වෙන්න ... සිනිදු සේද රෙදි වලින් හැඩ වැඩ දාලා රෝස පාට , නිල පාට ලස්සනම ලස්සන ගවුම් පොඩි කලිසම් පොඩි මහනවා ...වුල් වලින් ලස්සන චුටි තොප්පි, සපත්තු මහනවා ... . දුවෙක් වූණත් පුතෙක් වුණත් සතුටින් බාර ගන්න ඇය සැදී පැහැදී දින ගනිනවා ... යහපත් වූ සිතුවිලි වලින් ඔයාගේ අම්මයි තාත්තයි හැමවෙලේම කල් ගෙවනවා ...

පුංචිම පුංචි ප්‍රශ්නයක් ආවත් අම්මා ගොඩක් හිත ශක්තිමත් කරගෙන හිටියේ ඔයා වෙනුවෙන් ...අම්ම වගේම තාත්තා ද දැහැමි සිතිවිලි ඇතිකරගෙන දිවි පෙවෙත ගෙවුවේ ..

ඔයාව ලැබෙන්න ඉද්දි අම්මට ඇතැම් විට අසනිපත් වුණා ගර්භ විස රෝගය, අධික රුධිර පීඩනය ආදිය. ඒවා ඇතිවන්නේ රුධිර වාහිනීවල හීන් වීම නිසාය. හැම හැමදේදීම අම්මා ශක්තිමත් වෙලා හිටියේ ඒ දුක් උහුලාගෙන හිටියේ ඒ ඔයා වෙනුවෙන්මයි ..

ටිකෙන් ටික ඔයා මෙලොවට එන්න දින ලං වෙනවා ..

දරා ගන්නවත් බැරි අපරිමිත වූ ඒ දුක දරමින් රත්තරන් ඔයාව අම්මා මේ ලෝකෙට ගෙන්න දගලනවා .. ඔයාගේ තාත්තත් ඇස වල සතුටු කදුළු පුරෝගෙන පොඩ්ඩක්වත් නොසෙල්වී ඇසිපිය නොගසම බලන් ඉන්නවා.. ඒ එකම එක පුංචිම පුංචි හීනය අතේ දුරින් ඇති නිසාම ..

ලස්සනම ලස්සන ඇස් දෙකක්
රෝස පාට සිනිදු පුංචි දෙතොල්
රෝසම රෝස පාට දු පැටික්කියෙක් ..............

දගකාර ඇස් වලින් දගකම් පාන
ගොඩක් හුරතල් වගේම කටකාර
චණ්ඩි පුතු පැටියෙක් .....................

කෙතරම් මන් වාසනාවක්ද ?
දුවයි , පුතයි ....දෙන්නෙක් ..
සතුට ඉතිරිලා ගිහිල්ලා .. ලේ දහර අතරින් පියාගේ දෑතට කැටි කර ගත්තු ඔයාලා දෙන්නව අම්මගේ තුරුලට ගොඩක් සෙනෙහසින් පිළි ගැන්නුවේ ජිවිතේ වටිනාම වස්තුව හිමි කර ගත්තු ආඩම්බරකාර තාත්තා කෙනෙක් වශයෙනි ...

අම්මා දුක උහුලන් සතුටු කදුළු පිරුණු දෑතින් පියයුරුවන් ඔයාලා දෙන්නගේ මුව මතට ගෙනාවේ රන්කිරි දෙතොළග තවරමිනි.. අම්මා ගතින් සිතින් කප්පරක් වූ අනන්ත දුක් වේදනා ඉහිලූවද දරු සෙනෙහස නිසාම අම්මාට ඒවා තරම් දැනුණේ නැත .

එතැන් පටන් ඔයාලා දෙන්නව උස් මහත් කරන්න අම්මයි මායි විදපු දුක් කන්ද ... සමහර දවස්වලට රෑ එලි වෙනකම් නිදි නෑ .. සමහර දවස්වලට වතුර පොදක්වත් නොබී ඔයාලා දෙන්නා වෙනුවෙන්ම වෙහෙසුණා. පාසල් යවලා ඔයාලා දෙන්නට අකුරු කරවලා , හොදම හොද ගුරුවරුන්ගෙන් අමතර ඉගැන්වීම් කරලා අද ඉන්න තත්වෙට ගෙනාවේ පුංචිම පුංචි කිසිම දෙයක්වත් බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි..

අපි දෙන්නම දැන් වැරහැලි වෙලා ... අද ඔයාලා ඉන්න තත්වය ගැන හදපු වදාපු තාත්තයි ...අම්මයි හැටියට ගොඩක් ආඩම්බරයි..

මහලු මඩමේ ඉදන් මේ පුංචි ලිපිය ලිවේ ගොඩක් සෙනෙහසින් ... රිදවන්න නම් නෙවෙයි මගේ පුතේ දුවේ ,,
පුංචිම පුංචි තරහක්වත් නෑ අද මගේ පුතේ ,දුවේ ඔයා වෙනුවෙන්,

හැමදාටමත් අපේ දුවටයි , පුතාටයි ජයෙන් ජයම වේවා ..!!!!!

- මගේ රත්තරන් දුවටයි පුතාටයි තෙරුවන් සරණයි ..!!!!!

....කිසිදා නොවෙනස් වෙන සෙනෙහෙන් ආදරණිය අම්මයි තාත්තයි ....

..........................................................................................

බුදු පදවියට දෙවෙනි ලොව උත්තරීතර පදවියක් තියෙනවා නම් ඒ
මවු පදවිය හා පිය පදවියයි ...

මෙත්තා ,කරුණා, මුදිතා ,. උපේක්ෂා යන සතර විහරණයන්ගෙන් යුතුව දුව පුතා කියා , ලොකු දුව, ලොකු පුතා , පොඩි පුතා, පොඩි දුව , කියා කිසිදු වෙනසකින් තොරව තම දරුවන් දෙස මැදහත් සිතින් තම දරුවන් දෙස දෙමාපියන් බලයි, ඔවුන්ගේ හැම තත්පරයක්ම සතුට , සැපත වෙනුවෙන් මියෙන තුරාවටම කැප කරයි . ඒ උතුම් සෙනෙහස දුන්නු දෙමාපියන් දරු බැදීමකින් වෙන් කරන්න නම් කවදාවත් බෑ .. මහ මගක හිටියත්, මහලු නිවසක හිටියත් තුන් තිස් පැයේම ඒ ආදරණිය හිත ඔයාලා ගාවමයි ... කිසිදු ලාබ අපේක්ෂාවක් කිසිවිටෙකත් රත්තරන් අම්මයි තාත්තයි දරුවන්ගෙන් පතන්නේ නෑ .. දුවෙක් ,පුතෙක් අම්මෙක් තාත්තෙක්ට සැරෙන් කතා කලත් ,රැවුවත් බැන්නත් කිසිම විටෙක දරුවන්ව නිවසින් එලව ගත්තේ නෑ , කෑම බිම නොදී ඉන්නෙත් නෑ ,,, ඔයාලට කතා නොකර ඉන්නෙත් නෑ ,, ඔලුව අත ගාලා, සිප වැළදගෙන සැනසුවා. වරදකදී සැර වැර වුණත් ඒ යහපතට මිසක් තරහකට නම් නෙවෙයි. ඒ තමයි උත්තරීතර මවු පදවියයි ,පිය පදවියයි ......

සාගරයටත් වඩා කදුළු දරලා
නුඹේ සතුට පැතුවා
ජීවිතයත් දෙවෙනි කරන්
හැම විට නුඹවම රැක්කා
කප්පරකට පැතුම් පතලා
ලොකු මිනිසෙකු කෙරුවා
උරුම මහලු මඩමද
ඔවුනගේ සිත් හැඩුවා ...

රිදවන්නට එපා ඔවුනගේ සිත්
යන්නට සසරේ තැනක් තැතිවා
නුඹත් දරාවි දවසක
මවු පදවිය
පිය පදවිය
හඩාවි සිත් එදිනට
නුඹ බොහෝ පමා වැඩියි
සිතෙනෙ තරම්
ඔට්ටුයි බොරැ නැතිවා...

පා සෙනෙහෙන් අතගා
සිපලා දිවා රෑයේ
මල් තියලාවැන්දත් මදි
අම්මා තාත්තාට
ඔබත් මමත්
වෙනුවෙන්ම
දිවි කැප කළ
තරම්
කියා කෙලෙසින්
නිම
කරන්නද ?

- dileeka madushani -
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Jan 2016 09:16 PM
  •  Quote
  •  Reply
ඉතාමත් අනර්ඝයි නංගී..
මට මගේ දරුවන් ලැබෙද්දී දැනුනු අවස්ථාව මෙන්ම
මා ලැබෙන්න සිටිද්දී මගේ දෙමව්පියන් ලද අවස්ථාව සිහියට නැගුනා..

ස්තූතියි නංගී...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 Jan 2016 09:30 PM
  •  Quote
  •  Reply
බුදු පදවියට දෙවෙනි ලොව උත්තරීතර පදවියක් තියෙනවා නම් ඒ
මවු පදවිය හා පිය පදවියයි ... බොහොමත්ම ස්තූතියි..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2016 11:07 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 19 Jan 2016 09:16 PM
ඉතාමත් අනර්ඝයි නංගී..
මට මගේ දරුවන් ලැබෙද්දී දැනුනු අවස්ථාව මෙන්ම
මා ලැබෙන්න සිටිද්දී මගේ දෙමව්පියන් ලද අවස්ථාව සිහියට නැගුනා..

ස්තූතියි නංගී...
ස්තුති අයියේ ඔයාටත් අදහස්වලට ...

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2016 11:08 PM
  •  Quote
  •  Reply
Posted By samantha on 19 Jan 2016 09:30 PM
බුදු පදවියට දෙවෙනි ලොව උත්තරීතර පදවියක් තියෙනවා නම් ඒ
මවු පදවිය හා පිය පදවියයි ... බොහොමත්ම ස්තූතියි..

ස්තුති අයියේ ඔයාටත් අදහස්වලට ...
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2016 11:12 PM
  •  Quote
  •  Reply
Posted By samantha on 19 Jan 2016 09:30 PM
බුදු පදවියට දෙවෙනි ලොව උත්තරීතර පදවියක් තියෙනවා නම් ඒ
මවු පදවිය හා පිය පදවියයි ... බොහොමත්ම ස්තූතියි..
ඔව් අයියේ .. ස්තුති ඔයාට

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Jan 2016 11:20 PM
  •  Quote
  •  Reply
ගොඩක් ලස්සනයි පොඩ්ඩි .දිගටම ඔබේ හැකියාවන් අපිත් එක්ක බෙදා හදා ගන්න
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2016 11:53 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 19 Jan 2016 11:20 PM
ගොඩක් ලස්සනයි පොඩ්ඩි .දිගටම ඔබේ හැකියාවන් අපිත් එක්ක බෙදා හදා ගන්න

ස්තුතියි අයියේ
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0
Add Reply
Page 1 of 1112345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below