You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Dec 2021 12:52 PM by  Poddi
......මගේ හිතට කථා කරන අකුරු ....
 204 Replies
Sort:
Page 5 of 11 << < 34567 > >>
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Mar 2016 06:24 AM
  •  Quote
  •  Reply
නියමයි.....
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Mar 2016 08:24 PM
  •  Quote
  •  Reply


තත්සර ප්‍රේමය



7 කොටස



සංගීතය කියන්නේ තත්සර අයියගේ ජීවිතේම කොටසක් වගෙයි .ඔහු තමන් පවත්වා ගෙන යන guitar පන්තිය ගැන පවා කතා කලේ මහත් වූ ආඩම්බරයකින් යුතුවය .තම ජීවිතයත්, සංගීතයත් සමග ආදරයත් මුසු කර ගත් තත්සර අයියා වෙනදාටත් වඩා ගොඩක් සතුටින් ඉන්නා බව ඔහුගේ හැම වචනයක් පාසාම මට දැනුණේය .අපි හිතන පතන හැම දේම ඒ විදිහටම ඉෂ්ට වෙනවා නම් මේ ලෝකය කෙතරම් සුන්දර ද ?
තත්සර අයියගෙන් දුරකථන ඇමතුමකි .

''හෙලෝ අයියේ ''

'' මගේ සුදු මැණික මොකද කරන්නේ ? කෑවද ඔයා ..''

තාම නෑ මගේ අයියේ ... ඔයා කාලත් නෑ නේද ?

''නෑ මැණික මාත් දැන් කන්න කියලා තමා .. දැන් කමු එහෙනම් ''

''අද හවසට මට musical show එකක් තියෙනවා මාතලේ ... ඒ හින්දා අද ගොඩක් රෑ වෙයි ගෙදර එනකොට .''

''ම්ම්ම් පරිස්සමින් මගේ සුදු අයියේ''

'' හා මගේ මැණිකෝ .. හිහි ''තත්සර අයියා හිනා වෙමින් පැවසුවේය ...

'' එහෙනම් මම තියන්නම් .. මගේ මැණිකත් පරිස්සමින් ගෙදර යන්න වැඩ ඉවර වෙලා හොදද ? .. මම show එකට යන්න කලින් කෝල් එකක් ගන්නම්කො ''.
''. බුදු සරණයි ''

''බුදු සරණයි මගේ අයියටත් ''
මම වැඩ ඉවර වී ගෙදරට පැමිණීමට බසයට නැගුණෙමි .

තත්සර අයියගෙන් sms එකක් පැමිණ තිබුණි .

''කෝල් ගන්න විදිහක් වුණේ නෑ මැණික . කොල්ලෝ සෙට් එකම කලින් ඇවිත් ,, අපි දැන් යන ගමන් show එකට .. ටිකක් දුර යන්නත් එපැයි .

'' හා අයියේ පරිස්සමින් ගිහින් එන්න . බුදු සරණයි .'' මම පිළිතුරු යැව්වෙමි .
....................................................................

අද නම් හරිම පාලුයි. මම රාත්‍රී ආහාරයෙන් ටික වෙලාවකට පසුව ගොඩක් පාලු දැනුණ නිසාම tv නැරඹීමට ගියෙමි .. අම්මාත් තාත්තත් සිටියේ tv නර‍ඹමිනි.

''මොකද tv බලන් නැති කෙනා අද මේ පැත්තේ ?''

''අම්මගෙන් පැනයකි ''

''නිදි මතක් නෑ අම්මේ '' මම හිමින් කියා සිටියෙමි ..

බොහෝ රෑ වෙනතුරුත් තත්සර අයියා ගෙදර නොපැමිණියේය... නින්දත් නොනිනද්ත් අතර පසු වූ මම තත්සර අයියා ගෙදර එනතුරු බලා සිටියෙමි .
පහුවදා වනතුරුත් දුරකථන ඇමතුමක් හෝ sms එකක්වත් නොවිණි .. මම කෝල් ගත්තද ඔහුගෙන් ඊටද පිළිතුරක් නොවිණි . ටික වෙලාවකට පසුව ඔහුගේ දුරකථනය ද ක්‍රියා විරහිත වී තිබුණි. කිසි දිනකවත් ඔහු දුරකථනය මෙලෙස off කර තබා හෝ නැත .... මම ඉමහත් වූ දෙගිඩියාවකින් පසු වුණෙමි , කුමක් සිදු වන්නට ඇතිද ?මා එදින අවදි වුයේ ද ඉතාමත් කම්පනයකින්ද යුතුවමය ..

හැමදාම උදේට තේ සාදන්නේ මම විසිනි .. මම කේතලය ලිප මත තබා කුස්සියේ උළුවස්සට හේත්තු වී ගත්තෙමි ...

''මොකෝ දෝණි මේ මුනත් එක්ක ඉදිමිලා''

''නෑ අම්මා මගේ හිස ටිකක් කකියනවා වගේ . එකයි .''

ම්ම්ම් ඉන්න මම තේ හදන්නම් .. දෝණි ටිකක් ඔහොම ඉන්නකෝ .. අම්මා පැවසිය ..

''හා අම්මේ '' මම මොහොතක් එලෙසම උළුවස්සට හේත්තු විගෙනම එළිය දිහා නෙත් යොමාගෙන උන්නෙමි.. අහසම වැහි අදුරකින් වෙලාගෙන තිබුණි ,,

මම එළිය දෙසට ඇවිදගෙන ගොස් පේර ගස අසල තාත්තා විසින් නිමවා තිබු ලෑලි බැංකුව මත හිදගෙන තත්සර අයියා ගැන කල්පනා කරන්නට වුණෙමි .. කුමක් සිදු වෙන්නට ඇතිද ?

'' දෝණි මේ තේ එක බොන්න ඇවිත් .. අම්මගේ කඩ හඩත් සමග මම නැවතත් කුස්සිය දෙසට ඇදුනෙමි .

- මතු සම්බන්ධයි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
12 Mar 2016 09:39 PM
  •  Quote
  •  Reply
අහ්.. මෙන්න 7 වෙනි කොටස ඇවිත්.. බොහොමත්ම ස්තූතියි පොඩ්ඩියේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Mar 2016 04:45 AM
  •  Quote
  •  Reply
නංගියෝ අර ෂෝ එක තියෙන දිනේ මාතලේනේ තියෙන්නෙ
ඔලුව දාලා එන්න කියල බැලුවේ ලග හින්ද

කථාව පට්ට..........................
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
01 Apr 2016 05:00 AM
  •  Quote
  •  Reply
ඉදල හිටලා මේ පැත්තෙ ආපු වෙලාවක හරි මේ කතාව ලියන්න.. අපි මේ මග බලාගෙන ඉන්නෙ අසාවෙන් මේක බලන්න
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Apr 2016 05:13 AM
  •  Quote
  •  Reply
තත්සර ප්‍රේමය



- 8 කොටස -



#දුරට_නොයා
#ළගම_රැදෙනු
#මා_සුහද,
#මියදේවි
#සිය_දහස්_වාරයක්
#නුඹ_ළගින්_නැති
#එක_මොහොතටත්.....

මම එදින රැකියාවට ගියත් මගේ හිත තිබුණේ ගොඩක් නොසන්සුන් වෙලයි . දහවල් වනතුරුම තත්සර අයියගේ දුරකථනය ක්‍රියා විරහිතව පැවතුණි .

''මොකද බන් උඹට වෙලා තියෙන්නේ . උදේ ඉදන් මුණ එල්ලගෙන..ඇස් දෙකත් හොදටම රතු වෙලා .. .'' ... දිනුකි විමසුවේ මම අද උදේ ඉදන්ම නිහැඩියාවෙන් පසු වූ නිසා ය .

'' අනේ දිනුකි '' යයි පවසා යළිත් නිහඩ වුයෙමි ''

'' මොකද බන් කියපන්කෝ '' දිනුකි ප්‍රශ්නාත්මකව යළිත් මදෙසට නෙත් යොමු කළාය ...

''තත්සර අයියගෙන් කෝල් එකක්වත් නෑ . phone එක වැඩත් නෑ . කවදාවත් එයා එහෙම ඉදලා නෑ . ඊයේ හවස show එකකට යනවා කියලා ගියේ. එත් තාමත් එයා මට කෝල් එකක්වත් ගත්තේ නෑ දිනුකි ''

''අයියෝ එකටද මේ .. ඉතින් බන් phone එක off වෙලා ඇති '' දිනුකි මගේ හිත අස්වසන්නට මෙන් කියා සිටියේ ය ..

මම තව පාරක් තත්සර අයියගේ දුරකථනයට දුරකථන ඇමතුමක් ලබා ගැනීමට උත්සහ කළෙමි.

''ඈතින් පායා ඈතින් බැස යන
ඔබ සුවදයි ඔබේ සිත සුවදයි
ආදර දේදුණූ පායන මොහොතේ
මම ඉන්නම් ඔබ සිටිනවානම් //

කුළුඳුල් ප්‍රේමයේ ආදර ගීයක්
ගැයෙනා රාත්‍රියේ ඔබ තුරුලේ
රහසක් කියපන් සිත සනසාලා //
ආදරේ දෝ මට ආදරේ දෝ........''

දුරකථනය රින්ස් ගිය නමුත් තත්සර අයියා කථා නොකළේය .

මම තව වරක් උත්සාහ කර බැලුවෙමි ..

'' hello ...''

phone එක answer කල ද මට ඇසුණේ නුපුරුදු වූ කට හඩක්ය .

''හෙලෝ, තත්සර අයියා ඉන්නවාද ?

''නංගි මම තත්සරගේ යාලුවෙක් .. මම මෙහෙම කීවට නංගි කලබල වෙන්න එපා ,,''

'' අනේ මොකද වුණේ මගේ තත්සර අයියට ''

'' ඊයේ show එකේදී පොඩි කරදරයක් වුණා .කොල්ලෝ සෙට්‌ එකක් බීගෙන ඇවිත් හොදටම රන්ඩු වුණා.''වෙන කෙනෙක්ට ගහපු එකක් අපේ එකාට වැදුණා. තත්සරට ටිකක් තුවාලයි නංගි .. මාතලේ හොස්පිටල් එකට ඇඩ්මිඩ් කළත් එවෙලේම කුරුණෑගල හොස්පිටල් එකට යැවුවා .. අපි තාම කුරුණැගල ඉන්නේ .. '''

එකදිගටම ඔහු කියාගෙන ගොස් මම ඉකිබිදින හඩ ඇසී මොහොතක් නිහඩ වී ඔහු ,

'' නංගි බය වෙන්න එපා .. තත්සරයට මොනවත්ම වෙන්නේ නෑ .. ...උදේ පොඩි operation එකකට ගත්තා .. දවල් වෙනකනුත් word එකට දාලා තිබුනේ නෑ . අපි හවසටත් බලන්න ඉන්නවා නංගි ...''

මම ඔහුගෙන් කුරුණෑගල රෝහලට යන විදිහ හා තත්සර අයියා ඉන්න වාට්ටුව අසා ගත්තෙමි.

'' ගොඩක් ස්තුතියි අයියේ පණිවිඩේ කීවට. තත්සර අයියා ගැන බලන්න අයියේ..එයාගෙන් එහා ලෝකයක් මට නෑ අයියේ ''

'' හරි නංගියෝ .. ඔයා කල්පනා කරන්න එපා වැඩියේ .. තත්සරයට ඉක්මනට සනීප වෙයි ...පුලුවන්නම් විතරක් hospital එන්න නංගී , ඔයා ගැණු ළමයෙක්නි.තනියම දුර එන්න එපා ... ''

''නෑ අයියේ මගේ යාළුවත් එක්ක එනවා මන්, මට මගේ රත්තරන් අයියව නොබලා ඉන්න බෑ ..''

;'''හරි නංගී එහෙනම් මම තියන්නම් .. bye නංගී ''

''bye අයියේ ''....

දිනුකිත් සිදු වී ඇති දේ වටහාගෙන . '' බය වෙන්න එපා බන් .. හැමදේම හොදින් වෙයි..

අපි හෙට නිවාඩුවක් ඉල්ලගෙන තත්සර අයියව බලන්න යමු ... මම දිනුකිට පැවසුවෙමි...

- මතු සම්බන්ධයි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 Apr 2016 08:07 AM
  •  Quote
  •  Reply
ඇති යාන්තම් තව කොටසක් ලියලා. පොඩ්ඩී කථාව තුල අපිව අතරමන් කරනවා.. අපි කථාව දිගටම කියවන්න ආසාවෙන් ඉන්නෙ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Apr 2016 08:28 PM
  •  Quote
  •  Reply

තත්සර ප්‍රේමය

- 9 කොටස -

මුළු දවසම මට මහත් වූ විඩාපත් බවක් මට දැනුණි. අහස තද රත් පැහැගෙන කෙමෙන් අන්දකාරය සහිත හැන්දෑව පැමිණියේ මගේ හිතේ පාළුව තනිකම තව තවත් වැඩි කරන්නට මෙනි. රැය පහන් වෙනතුරු මම නින්දත් නොනිදත් අතර සටනක යෙදුණේ තත්සර අයියට පුංචිම පුංචි වේදනාවක්වත් නොවේවායි පතමිනි. වෙනදාට නම් උදේ ඉදන් මේ වන විටත් තත්සර අයියා මාත් සමග කී වතාවක් කථා කරලද ? එත් අද ...
...........................................................
පාන්දරින්ම අවදි වූ මම දිනුකිට දුරකථන ඇමතුමක් ගෙන ..

'' දිනුකි ඔයා එනවා නේද ?''

''ඔව් බන් මම එනවා''... අපේ චුටි අයියා කිවා එයත් එන්නම් කියලා.. තනියම අපි දෙන්නට දුර යන්න එපාලු ''

'' අනේ ගොඩක් හොදයි දිනුකියෝ...'' දැන් බයක් නැතිව අපිට යන්න පුලුවන්නේ ... මම තාම අම්මට කිවුවෙත් නෑ කුරුණෑගල යනවා කියලා .. බනියි කියලා බයයි .''

''හරි හරි බන් යාළුවෙක් හොස්පිටල් ඉන්නවා, ..බලන්න යනවා කියපන් හිමිට...''

''හරි දිනුකි එහෙනම් මම තියන්නම්..''

ok තරු ... මම චුටි අයියත් එක්ක 9.00 ට ටවුන් එකටම එන්නම් එහෙනම් '' කියමින් ඇය දුරකථනය විසන්දි කළාය .
.....................................................
මම අවදිව කුස්සියට ගොස් සුපුරුදු පරිදි කේතලය ලිප තැබුවෙමි... අම්මාත් ටික මොහොතකට පසු පැමිණියේ කෑම පිළියෙළ කිරීමටය ..

අම්මේ ... මම අද නිවාඩුවක් දැම්මා ..

ඒ මොකද දෝණි ?

මගේ යාළුවෙක් හොස්පිටල් එකේ අම්මේ. එයාව බලන්න යනවා දිනුකිත් එක්ක..'' යැයි මම අම්මාට හිමින් සීරුවේ වචන ගැලපුවේ හිත අස්සේ තෙරපුණු වේදනාවත් සමගින්ම ය.

අම්මාගෙන් අවසර ලත් මා කඩිමුඩියේ සුදානම් වුයේ පෙ.ව 9.00 වන විට නුවර ටවුන් එකට යා යුතු නිසාවෙනි.

අම්මාගේත් , තාත්තාගේත් දෙපා නැමද ගෙමිදුල ඉදිරිපිට වූ සේපාලිකා ගහේ පිරි තිබුණු මල් වලින් මල් වට්ටියත් සරසාගෙන දළදා සමිඳුන් අබියසට ගොස් මල් පුදා බුදුන් නැමද මොහොතක් කල්පනා කළේ තෙරුවන් ගුණ බෙලෙන් තත්සර අයියාට ඉක්මන් සුවය ලැබෙන ලෙසයි..
ඒ වන විටත් වෙලාව 8.15 පමණ වී තිබුණි.

කියපු වෙලාවටම දිනුකිත් , අයියාත් පැමිණ සිටිය නිසාවෙන් අපි තිදෙනාම උදැසන 9.20 ට පමණ නුවරින් පිටත්වෙන කුරුණෑගල බසයකට ගොඩ වුණෙමු .

විසිරිලා තිබුණු මගේ හිතේ සිතුවිලි අතරින් තත්සර අයියගේ රුව මට මැවුනේය .

''තරු '' .. මම තිගස්සුනෙමි ...

''ගොඩක් කල්පනා කරන්න එපා තරුවෝ . තත්සර අයියට ඉක්මනට සනීප වෙයි '' දිනුකි මගේ හිත හදන්නට වෙර දරමින් කෙදිරුවාය .

පුංචිම පුංචි මොහොතකටවත් තත්සර අයියාට මගේ ජිවිතයෙන් ඈත් වෙලා ඉන්න දෙන්නේ කොහොමද ? මම ඇස් කදුළු වලින් බර කර ගත්තෙමි .

අපිට 11.40 පමණ වන විට කුරුණෑගල රෝහල වෙත ලගාවීමට හැකි විණි .

මම තත්සර අයියගේ දුරකථනයට ඇමතුමක් ගත්තෙමි ..

''හෙලෝ තරුෂි නංගි ඔයාලා දැන් කොහෙද ? '' ඔහුගේ යාළුවා දුරකථනය ඇමතුවේය .

අයියේ අපි දැන් ඉස්සරහා gate එක ලග ඉන්නේ .. හරි නංගි ඔයාලා ඔහොමම ඉන්න .. මම ඔතනට එන්නම් ..

කියූ පරිද තත්සර අයියගේ යාළුවා ටික වෙලාවකින් එතනට පැමිණියේ ය .. ඔහු නමින් අකලංක ... තත්සර අයියගේ හොදම යාළුවා ...

වේලාව 12.00 වූ නිසාවෙන් රෝගීන් බැලීමට යාම සදහා ගේට්ටුව විවර විණි .. අපි සිවු දෙනාම කතා බහකින් තොරව ඉදිරියට පිය මැන්නෙමු.

මද වෙලාවකින් පසුව අපි තත්සර අයියා සිටි වාට්ටුව වෙත ළගා වූයෙමු..

කොනකම වූ ඇද වෙත අකලංක අයියා අපව රැගෙන ගියේ ය .

ඒ වෙලාවේ තත්සර අයියාට හොදටම නින්ද ගිහිල්ලයි හිටියේ .. දෙයියනේ පව් මගේ රත්තරන් අයියා .
ඔහුට සේලයින් ලබා දී තිබුණු අතර හිසට වෙළුම් පටි යොදා තිබුණි . හිමින් සීරුවේ ලගට ලංවී ටික වෙලාවක් යනතුරු බෙහෙත් විද තිබු අත මම සෙමින් පිරි මැද්දෙමි.

'' මගේ සුදු මැණික ඔයා ..????''

තත්සර අයියා පුදුම වූ දෑසින් මදෙස බලන්නට විය .ඔහුගේ දෙනෙත් තද රත් පැහැයට හැර වී තිබුණි. ඔහුගේ වේදනාව ඒ දෑස් මත ලියවී තිබුණි

ඒ දෙනෙත් දෙසම බලාගෙන '' ඔව් මගේ රත්තරන් අයියේ ඔයාගේ සුදු මැණික තමයි'' මම දෙතොල් මිමිණුවෙමි...ඔහුගේ අතින් මාව තරමක් ඔහු දෙසට පහත් කරවමින් මගේ දෙකොපුලෙන් ගලා හැලෙන කදුළු පිසදමන්ට විය .

දිනුකිත් , අකලංක අයියාත් , චුටි අයියාත් ටිකක් එහාට වන්නට වූ ඇදක සිටි රෝගියෙක් සමග කථා කරමින් සිටියේ මටත් , තත්සර අයියාටත් මොහොතකට හෝ තනිවෙන්නට ඉඩ දෙමින් විය යුතුය.

තත්සර අයියා මාව ඔහුගේ මුව වෙතට ලං කර ගනිමින් මා නළලත සෙමින් සිප ගත්තේ ය .

'' මගේ රත්තරන් අයියේ ඔයාට දළදා සමිදුගේ පිහිටෙන් ඉක්මනින් සනීප වෙයි ''

'' මම දන්නවා මගේ සුදු මැණිකගේ ආදරේ තියෙනතාක් කවමදාකවත් මට මොකුත්ම වෙන්නේ නෑ ...''

තත්සර අයියාගේ තුරුලෙන් මොහොතකට මිදෙන්නට වුයේ ඔහුගේ නෑදෑ හිතවතුන් පිරිසක් පැමිණීම නිසාවෙනි...
ඔවුන් සියල්ම විසින් තත්සර අයියගේ ඇද වටකොටගෙන තිබුණහ ... මට,මගේ රත්තරන් අයියගේ දෑස් දෙස හෝ බලා හිදින්නට අවස්ථාවක් එමගින් උදා නොවුණි ... ..

ටික වෙලාවකට පසු රෝහලේ කාර්යය මණ්ඩලයේ කෙනෙක් පැමිණ..'' ලෙඩ්ඩු බලන්න ආපු කට්ටිය දැන් යන්න ..වෙලාව ඉවරයි '' කියමින් කෑ ගසනු ඇසිණි ..

බිදුවක් හෝ සැනසිල්ලක් ලද මගේ හිතට නැවතත් දුකක් තනිකමක් දැනෙන්නට වුයේ තවත් සුළු මොහොතකින් තත්සර අයියව මේ බිත්ති හතරකට හිර වූණු රෝහල් වාට්ටුවේ තනිකර දමා යාමට සිදුවන බැවිණි.

තත්සර අයියා බැලීමට පැමිණී සිටි සියලු පිරිස තත්සර අයියට සමු දීමෙන් අනතුරුව තත්සර අයියා වෙතට ලං වූ මම ටික වෙලාවක් ඔහුගේ හිස අත ගා පසුව ඔහුගේ දෑස ද කදුලින් තෙත් වී තිබුණි.. මම ඔහුගේ නළලත මත හාදුවක් තැබුවෙමි .. '' පරිස්සමින් ඉන්න මගේ අයියේ , ඉක්මනින් සනීප වෙයි .. බුදු සරණයි ''
'' මගේ සුදු මැණිකත් පරිස්සමින් යන්න.. බුදු සරණයි '' කියා අනතුරුව දිනුකි හා චුටි අයියා දෙසට දෑස් යොමු කරමින්
'' දිනුකි නංගි ඔයාලා මාව බලන්න ආවට ගොඩක් ස්තුතියි '' කියමින් ඔවුනගේ පැමිණීමට තුති පුද කර සිටියේය ...

............................................................
අපි ආපසු නුවරට ළගා වන විට 4.30 පමණ විය .. දිනුකිටත් චුටි අයියාටත් ස්තුතිවන්ත වෙමින් ඔවුනට සමු දුන් මම ගෙදර යාමට බසයට ගොඩ වී ගෙදර ගියෙමි ..
අපේ ගෙදර අසල වාහනයක් නවතා තිබුණි .ගෙදර ඇතුලේ උස් හඩින් කතා කරන කීප දෙනෙකුගේ කට හඩක් ද ඇසුණි .
. මගේ ඇස් අදහා ගන්නටවත් නොහැකි වූ පුදුමයකි ... අනේ දෙයියනේ වෙන්න බැරි දෙයක්නි මේක ....

- මතු සම්බන්ධයි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 Apr 2016 09:54 PM
  •  Quote
  •  Reply
බොහොමත්ම ස්තූතියි පොඩ්ඩී .. කථාව අප්ඩේට් කලාට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2016 04:53 AM
  •  Quote
  •  Reply
ස්තුති පොඩ්ඩි නංගියෝ මේ කොටස් වලට ත් .... දිගටම දෙන්න හොදේ ...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Apr 2016 12:53 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි අවුරැද්දක විතර විභාගයක්ද ලියන්නේ
වැඩිය පේන්න නැහැ. නමුත් ත්‍රෙඩ් එක ගොඩ දාල යිනව නේද අගෙයි පොඩ්ඩී
දිලටම යමු ජය
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 Apr 2016 10:27 PM
  •  Quote
  •  Reply
බොහොමත්ම ස්තූතියි පොඩ්ඩියේ 9වෙනි කොටසට .
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Apr 2016 10:31 PM
  •  Quote
  •  Reply

තත්සර ප්‍රේමය



10 කොටස




දවස් කිහිපයකින් පසු තත්සර අයියාට සුව වී රෝහලෙන් පිටත් වී ගියේ ය . තත්සර අයියාට සුව වීම තරම් මට තවත් සතුටක් නම් නැත.

ෆෝන් එකේ missed call ගොඩයි .... දෙයියනේ තත්සර අයියා ...

දිවා විවේකය ලැබුණු වහාම තත්සර අයියාට දුරකථන ඇමතුමක් ගත්තෙමි . ටික වෙලාවක් රින්ස් ගිය අතර සුපුරුදු වූ ලෙන්ගතු හඩින්

'' මගේ සුදු මැණික අද ගොඩක් වැඩද .. අයියව අමතක වුණාද නැත්නම් මැට්ටිට ''

'' අනේ නෑ මගේ සුදු අයියේ .. මට මව අමතක වුණත් මගේ අයියව නම් කවදාවත් අමතක වෙන් නෑ ''

'' පණ්ඩිත කෙල්ල .. ගිරවී වගේ කියවගෙන යනවා . හි හි ... කෝ ඉතින් කියන්නකෝ අද මොනාද උයාගෙන ආවේ '' තත්සර අයියා ඇහුවේ ඇත්තටම ගොඩාක් ආදරෙන්..

ම්ම්ම් .. අද නම් ගෝවයි තෙල් දාලා ,හතු උයලා , පරිප්පුයි , ... මම කීවෙමි ..

''ශා හතු ටිකක් එක්ක මටත් හබුන් කටක් කවන්නකෝ ඔයා කද්දී සුදු මැණික ...'' යැයි ඔහු කිවේ හතු කෑමට ඉතාමත් ප්‍රියතාවයක් දක්වන නිසාමය...

''අයියේ ඔයත් කෑම කමු දැන් ....''මම කිවේ, මගේ lunch time එක එනකම් ඔහු කෑම නොකා සිටින නිසාවෙනි ..

'' හරි සුදු මැණික ඔයත් දැන් කන්න .. මමත් කාලා යන්න ඕනි .. show එකක් තියෙනවා අනිද්දා එකට අද හවස practice එකක් තියෙනවා. එද්දී ටිකක් රෑ වෙයි අදත් ...''

''ම්ම්ම් මගේ අයියා පරිස්සමින් ගිහින් එන්න හොදද ? ''

''ගොඩක් ආදරෙයි නේද මගේ අයියා මට ?'' මම හෙමින් ඇසුවෙමි ..

"ඇයි ඔයාට මාව විශ්වාස නැද්ද..?"

"අනේ නෑ මට ඔයාව මටත් වඩා විශ්වාසයි මගේ අයියේ .. එත් බයයි මගේ සුදු අයියව මට නැති වෙයි කියලා ''
මම එසේ කිවේ මොකක්දෝ ලොකු අමුත්තක් මගේ හිතට දැනුණ නිසාවෙනි ''

'' කවදාවත්ම එහෙම වෙන එකක් නෑ මගේ රත්තරන් හැමදාටම මේ පිස්සු කෙල්ලගෙම විතරයි මම ..

..'' හරි මගේ පැටියෝ .. එහෙනම් මම තියන්නම් . බුදු සරණයි .. පරිස්සමින් ඉන්න ''

''හා මගේ අයියත් පරිස්සමින් ඉන්න .බුදු සරණයි ..'' කියමින් මම දුරකථනය විසන්දී කෙරුවෙමි ''

''මොකෝ බන් දුකෙන් වගේ '' දිනුකි එසේ ඇසුවේ මම මුණ එල්ලගෙන සිටි නිසාවෙනි ...

''මට බයයි බන් තත්සර අයියව මට නැති වෙයි කියලා ''

''ඇයි තරු එහෙම කියන්නේ ... ඇයි මොනවත් ප්‍රශ්නයක්ද ? කියමින් දිනුකි මගේ අතින් අල්ලගනිමින්ම ඇසුවාය ..

''නෑ බන් එත් ... ''

මම යමක් කියන්නට ගොස් නැවතත් මුව ගොළු කර ගත බැවින් දිනුකි නැවතත් ..

'' ඉතින් කියපන්කො..''

ලොක්කෙ අයියට marry කරන්න කෙනෙක් හොයන්න කපු මහත්තයෙකුට කියලා ''

''ඉතින් සතුටු වෙයන්කෝ බන් .. ''

''අයියා වුණත් ඒ උබේ මස්සිනනේ ... උබම බදින්න ඕනි කිව නම් එහෙම .. දැන් එහෙම දෙයක් වෙලා නැනේ .''

''හරි හරි බන් එත් ලොක්කෙ අයියා කියනවා මම marry කලාට පස්සෙලු එයා marry කරන්නේ .. ඒ හින්දා ඉස්සෙර වෙලාම මට marry කරන්න කෙනෙක් හොයලා දෙන්න කිවා අම්මලාට ..''

''ඉතින් බන් එහෙම කීවට තාම කෙනෙක්ව හොයලා නෑනේ .. අඩන් නැතිව ඉදපන් බොරුවට..

''ගොඩක්ම ලොක්කෙ අයියා අම්මලාට එහෙම කියලා තියෙන්නේ ආකාශ් අයියා අපේ අයියට කියලා මන් ගැන එයාගේ හිතේ අදහසක් තියෙනවා කියලා ''

'' උබ තත්සර අයියට ඒ ගැන කීවද ? ''

''නෑ දිනුකි මම තත්සර අයියට කිවේ නෑ මොකුත් .. එයා චුට්ටක්වත් දුකින් ඉන්නවා දකින්න මම කැමති නෑ ''

''හරි තරු ටිකක් කලබල නොවී ඉමුකෝ ..''
....................................................................

ළා අදුර ගලමින් සන්ධ්‍යාව උදා විණි . මම බුදුන් නැමද ගේ ඉස්සරහා පේර ගස අසල වූ බැංකුව මත හිද ගත්තේ හිතේ පුංචි දුකකුත් කැටි කරගෙනමය...

ටික වෙලාවකින් පසුව තත්සර අයියා ආවේ ආකාශ් අයියලාගේ ගෙදර ගොස් සිටය ..

''මොකෝ බන් මේ දාහට දීලා සියට අරන් වගේ ...''

'' පාළු හින්දා ලොක්කේ අයියේ ටිකක් එළියට වෙලා හිටියා මම ..''

''සුද්දී හෙට අපි අනුරාධපුරේ යනවා ... දවස් 3 ක් ම නිවාඩු තියෙන එකේ ගිහින් එමු නේද වන්දනාවේ .... ''

''හ්ම්ම් ලොක්කෙ අයියේ ''

මම එසේ පිළිතුරු දුන්නේ මම අනුරාධපුරේ යාමට අකමැති වුයේ නම් ලොක්කෙ අයියා මගෙත් එක්ක තරහා වන නිසයි ..

පසු දින සිකුරාදා දිනයක් වූ අතර පෝය දිනයක් ද විය.. සෙනසුරාදා හා ඉරිදා ද නිවාඩු දිනයක් නිසාවෙන් ආකාශ් අයිය මේ ගමන යෝජනා කරන්නට ඇති බව ලොක්කෙ අයියගේ කතාවෙන් පැහැදිලි විය ...

ලොක්කෙ අයියා විසින් අම්මා හා තාත්තාවද ගමන යාම සදහා කැමති කරවා ගන්න ලදී .

රාත්‍රියේ ගමනට අවශ්‍ය සියළු ඇදුම් පැළදුම් සකසා නිදි යහනේ ඇලව දුරකථනය අතට ගෙන තත්සර අයියගෙන් දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් බොහෝ වෙලා යනතුරුම නොවූ නිසාවෙන් මම කෙටි පණිවිඩයක් ඔහු වෙත තැබුවෙමි..

අයියේ තම practice ද ?

'' සුදු මැණික ඔයා කාලා නිදා ගන්න . මම පාන්දර වෙයි අද නම් ගෙදර එද්දී ....'' කියමින් බොහෝ වෙලාවකට පසු මම යැවූ කෙටි පණිවිඩයට තත්සර අයියගෙන් පිළිතුරු ලැබුණි .

රාත්‍රී අහාරයවත් නොගෙන ඇදේ හාන්සි වී සිටි මට එලෙසෙම නින්ද ගිය බව වැටහුණේ තාත්තා මට කෑම කන්නට කථා කරන විටයි ..

''දෝණි කෑම කලා කල් ඇතිව නිදා ගන්න ..හෙට පාන්දරම ගමන පිටත් වෙන්නත් තියෙනවනේ ...''

''හා තාත්තේ මම එන්නම් '' කියමින් මම ගියද කෑම ගැනීමට තරම් හිතේ සතුටක් මට නොවිණි. බත් කටක් දෙකක් කා පසුව කුස්සිය අස් පස් කර නින්දට ගියේ හෙට දින කුමක් සිදු වේද යන චකිතයෙනි ..

- මතු සම්බන්ධයි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Apr 2016 10:51 PM
  •  Quote
  •  Reply
හරි ෂෝක් 10ත් දාල. දැන් කාලෙට ඔබින්න ලස්සනටම තියෙනවා
දිගටම ලියමු බලන්නෝ බලාගෙන ඉන්නවා
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
22 Apr 2016 11:12 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩි 10 කොටස දාල. දැනුයි දැක්කෙ. ස්තූතියි නංගි. දිගටම ලියන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Apr 2016 11:55 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 22 Apr 2016 10:51 PM
හරි ෂෝක් 10ත් දාල. දැන් කාලෙට ඔබින්න ලස්සනටම තියෙනවා
දිගටම ලියමු බලන්නෝ බලාගෙන ඉන්නවා

ස්තුතියි අයියේ

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Apr 2016 11:56 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 22 Apr 2016 11:12 PM
පොඩ්ඩි 10 කොටස දාල. දැනුයි දැක්කෙ. ස්තූතියි නංගි. දිගටම ලියන්න.

ම්ම්ම්  අයියේ ... ලියන්නම් ...ස්තුතියි අයියේ
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
23 Apr 2016 09:05 PM
  •  Quote
  •  Reply
කෝ මේක update කරන්නේ නැතිද?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Apr 2016 10:26 PM
  •  Quote
  •  Reply
මේක update කරල දවස් දෙකයි ඔහොම කරදර කරන්නත් එපා අයියේ
මොකද හදිස්සියට ලස්සන ලස්සන දේවල් මග ඇරෙන්න පුලුවන්
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
23 Apr 2016 11:18 PM
  •  Quote
  •  Reply
ෂා නියම කතාව ගොඩක් ස්තුති
අනිත් කොටසත් එනකන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා එහෙනම් ඔන්න
0
Add Reply
Page 5 of 11 << < 34567 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below