You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  Indika Dampahala
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 6 of 31 << < 45678 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Apr 2016 07:37 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 26 Apr 2016 03:46 PM
නෙතට නිදි නැති මේ රැයේ
නුඹ මැවේ පෙම් සිහිනයේ
ගුලි වෙලා නුඹේ සුව ලයේ
ගිලෙමි මා හද සෙනෙහයේ....

මේ නිසදැසේ නම් පොඩි ගැටළුවක් තියෙනවා..

නෙතට නිදි නැතිනම් සිහින දකින්නේ කොහොමද?

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Apr 2016 07:50 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 26 Apr 2016 07:37 PM
Posted By Poddi on 26 Apr 2016 03:46 PM
නෙතට නිදි නැති මේ රැයේ
නුඹ මැවේ පෙම් සිහිනයේ
ගුලි වෙලා නුඹේ සුව ලයේ
ගිලෙමි මා හද සෙනෙහයේ....

මේ නිසදැසේ නම් පොඩි ගැටළුවක් තියෙනවා..

නෙතට නිදි නැතිනම් සිහින දකින්නේ කොහොමද?


අයියෝ එයාව මතක් වෙන හින්දා නින්ද යන්නේ නෑ ...

එයාවම මැවී මැවී පේනවා .
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
27 Apr 2016 12:34 AM
  •  Quote
  •  Reply
෴නොයා ඉන්නට කියන්න ආසයි෴


නොයා ඉන්නට කියන්න ආසයි
එත් මම හරි අසරණයි හිමියනේ
ගිහින් එනවද ආයෙමත් නුඹ
මග බලන් ඉන්නම් වෙනදා වගේ ...

නුඹේ උණුසුම හොයන පොඩි පුතු
නිදිත් නෑ හැම රෑ තුන්තිස් පැයේ
යුධත් වැදිලා මුළු රටම රැක්කේ
නුඹත් නිදිවරාගෙන රෑ තුන් යමේ ...

රුදුරු යුද වෙඩි හඩ සේදිලා ගොස්
පෙරදිගින් සාමයේ හිරු පායනා දිනේ
නිදහසේ තුටින් පියඹලා යමු අපි
පුංචි පුතුත් හා කැටිව ඒ රණ භුමියේ ....

෴...ඩිලීකා...෴
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Apr 2016 12:41 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 27 Apr 2016 12:34 AM
෴නොයා ඉන්නට කියන්න ආසයි෴


නොයා ඉන්නට කියන්න ආසයි
එත් මම හරි අසරණයි හිමියනේ
ගිහින් එනවද ආයෙමත් නුඹ
මග බලන් ඉන්නම් වෙනදා වගේ ...

නුඹේ උණුසුම හොයන පොඩි පුතු
නිදිත් නෑ හැම රෑ තුන්තිස් පැයේ
යුධත් වැදිලා මුළු රටම රැක්කේ
නුඹත් නිදිවරාගෙන රෑ තුන් යමේ ...

රුදුරු යුද වෙඩි හඩ සේදිලා ගොස්
පෙරදිගින් සාමයේ හිරු පායනා දිනේ
නිදහසේ තුටින් පියඹලා යමු අපි
පුංචි පුතුත් හා කැටිව ඒ රණ භුමියේ ....

෴...ඩිලීකා...෴

අවුරුදු කිහිපයකට පෙර අප මුහුණ දුන් මෙවැනි අවස්ථා සිහියට නැගෙනවා..

කොතරම් බිරින්දැ වරුන් මේ වචන මුමුණන්න ඇද්ද..

නොයා ඉන්නටත් වඩා නෑවිත් ඉන්න එපා කියලා ඔවුන් දහස් වරක් දෙවියන් බුදුන් වදින්න ඇති..

ගොඩක් ස්තූතියි පොඩ්ඩි පද පේලියට...

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
27 Apr 2016 01:21 AM
  •  Quote
  •  Reply
නොයා ඉන්නටත් වඩා නෑවිත් ඉන්න එපා ...

eka aththa Indika 76 ayiye ..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Apr 2016 03:54 AM
  •  Quote
  •  Reply
ගොඩක් සෙනෙහෙ බර වදන් පෙලක් පොඩ්ඩී
හරි ලස්සනයි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Apr 2016 10:49 PM
  •  Quote
  •  Reply
කෝ මේ පොඩ්ඩීගේ නිර්මාණ .. අප්ඩේට් කරන්නේ නැතිද?
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
27 Apr 2016 10:54 PM
  •  Quote
  •  Reply


නුඹේ පා පොඩි දගවෙනා වග
දැනීයන්
සෙනෙහෙන් මගේ කුස වෙත දැනීයන් ...

සිතේ රැන්ඳුණු නුඹේ සිගිති රුව
පෙනීයන්
හීනෙන් මගේ නෙත වෙත පෙනීයන් ...

හදේ දහසක් පැතුම් ගොමු මල්
පිපීයන්
සුවද පතුරා තව තවත් පිපීයන් ....

මගේ ලොකේ දිදූලවන පහන ලෙස
දිලීයන්
තරිදූ පරදා ලොව අදූර දූරලා දිලීයන්...

- ඩිලීකා මධුශානි-
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Apr 2016 04:30 AM
  •  Quote
  •  Reply
අනං මනං එකේ කවි දැහැනත් රජකරවන්නේ පොඩ්ඩි වගේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
28 Apr 2016 06:43 AM
  •  Quote
  •  Reply
poddi mata ekak liyala one aneeeeeeeeeee
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Apr 2016 07:09 AM
  •  Quote
  •  Reply
මවක් වෙන්න පෙරුම් පුරන සෑම කාන්තාවකගේම සුන්දර පැතුමක්..
හරිම හැගීම්බරයි නංගී...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
28 Apr 2016 07:13 AM
  •  Quote
  •  Reply
podiger adahas nam pattai neda indika ayye
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Apr 2016 08:11 AM
  •  Quote
  •  Reply
ඇත්තටම හොදයි.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Apr 2016 03:46 PM
  •  Quote
  •  Reply
ස්තුතියි හැමෝටම ගොඩක් හැමදාමත් වගේ,
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Apr 2016 05:02 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩි නගාගෙන් තවත් ලස්සනම සිතුවිල්ලක් ...ස්තුති නංගියෝ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 Apr 2016 07:19 PM
  •  Quote
  •  Reply
ගොඩක් හොද නිර්මාණයක් පොඩ්ඩි නගාගෙන්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Apr 2016 08:55 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩිටත් මාර සිතුවිළි තමයි ගලාගෙන එන්නේ.. කොහොම නමුත් අපිට ඉන්න කවිකාරියනේ ..තවත් ලස්සණ නිර්මාණ බලාපොරොත්තුවෙන් ඉන්නවා.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Apr 2016 09:49 PM
  •  Quote
  •  Reply
මගේ පෙම නුඹ


නුඹ අහිමි බව දැන දැනම
තවත් සෙනෙහෙන් ලං වුණා
දුරක් ඇවිදින් ආපසුත් යන්නට
ආ මගත් මට අමතක වුණා ...

රැදී ඉන්නට වරම් නැතිමුත්
දෑත් රන් හුයෙන් පටලා
සිතින් සැමදා බැදී ඉන්නම්
වෙනදාටත් වඩා ආදරේ පුදලා ...

නෙත් අගිසි වල කදුළු රැදුණත්
වෙනදටත් වඩා හිත් රිදිලා
මගේ පෙම නුඹ සසර සැමදා
දුරින් හිද හෝ ඉමි සැනසිලා ...

ඩිලීකා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Apr 2016 10:35 PM
  •  Quote
  •  Reply
අහිමි වුණ පෙමක් ... බොහොමත්ම ස්තූතියි මේ නිර්මාණයට.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Apr 2016 10:51 PM
  •  Quote
  •  Reply
෴ ..-මරණය හා සසර ගමන -෴ ..


මියැදී මළකුණ දිනයක
සොහොනට යනතුරු
පමණයි මේ හැම කවුරුත්
හඩා වැටෙන්නේ ...

මියෙනා හැම කවුරුත්
පොදි බැදගෙන කිසිවක්
යන අන්තිම ගමනෙදි නෑ
අරගෙන නම් යන්නේ...

ඒ මළකුණ දින දින
ඕජස් වැගිරී දිරමින්
පොළවට ටික ටික
පස් කැටි වෙන්නේ ...

එපා එපා කිසිවිට නම්
ලෝභ ද්වේශ මෝහ
සසර ගමනටම වැටී
දුක් විදිනට වෙන්නේ ...

මේ බව තේරුම් ගෙන
යන තැනකට ගෙන යන්නට
ඔබ හා මම එක ලෙස පිං
රැස් කළ යුතු වෙන්නේ ...

෴ ..- ඩිලීකා -෴ ..
0
Add Reply
Page 6 of 31 << < 45678 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below