You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  Indika Dampahala
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 1 of 3112345 > >>
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Jan 2016 03:53 AM
  •  Quote
  •  Reply
නින්ද නොයෙන නෙතු අගට
කදුල
නුබ ඇවිදින්
සරදමක්
ලෙසට
පාරවයි සිත
අතීතයට මතකය ගෙන ගොස්
ඒ කී වදන් අයෙත්
නොඇසෙන
බව දැනුනු විට
ඉකි බිද
කදුළු
සලන්නට සිතෙයි මට ......
දෛවය
එයයි කියා සිතා
සිත
හදා ගන්නට
වෙර දරමි මම
අහිමි නුබ
ලය මත සෙනෙහෙන්
සිහිනයේ
රදවාගෙන ....

- පද - ඩිලීකා මධුශානි
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Jan 2016 03:55 AM
  •  Quote
  •  Reply
ලස්සනයි පොඩ්ඩි .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Jan 2016 04:37 AM
  •  Quote
  •  Reply
සාහිත්‍ය රසය ඇති සාහිත්‍යය හැකියාවක් ඇති නගෙක් ස්ටන් එකට පැමිණීම මුලින්ම සන්තෝෂයට කාරණයක්.. මේ ත්‍රෙඩ් එකේ පොඩ්ඩි නංගි ගේ නිසදැසෙන් පිරි යාවි යයි සිතනවා.. ලස්සන නිසදැසක්..

තමන් කැමති කෙනෙක් දාල ගියහම හිතට දැනෙන්න සිතිවිල්ල පද වලට පෙරලිච්ච අවස්ථාවක් වගේ මට නම් පේන්නේ..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Jan 2016 05:17 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 09 Jan 2016 03:53 AM
නින්ද නොයෙන නෙතු අගට
කදුල
නුබ ඇවිදින්
සරදමක්
ලෙසට
පාරවයි සිත
අතීතයට මතකය ගෙන ගොස්
ඒ කී වදන් අයෙත්
නොඇසෙන
බව දැනුනු විට
ඉකි බිද
කදුළු
සලන්නට සිතෙයි මට ......
දෛවය
එයයි කියා සිතා
සිත
හදා ගන්නට
වෙර දරමි මම
අහිමි නුබ
ලය මත සෙනෙහෙන්
සිහිනයේ
රදවාගෙන ....

- පද - ඩිලීකා මධුශානි

"අතීතයට මතකය ගෙන ගොස්
ඒ කී වදන් අයෙත්
නොඇසෙන
බව දැනුනු විට"

 

මේ පද පේලි ටික හරිම අලංකාරයි..

හරිම ශෝකී බවක් දැනෙනවා..

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jan 2016 06:18 AM
  •  Quote
  •  Reply
හරි ලස්සනයි
erandika119 ගේ අඩුව පිරවෙයි වගේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Jan 2016 08:10 AM
  •  Quote
  •  Reply
හොඳ රසිකාවියක් කියලා නම් අනිවාර්යෙන්ම කියන්න පුළුවන්.. බොහොමත්ම ස්තූතියි නංගියෝ .. දිගටම අපිත් එක්ක රැඳිල සිටියි කියා බලාපොරොත්තු වෙනවා.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Jan 2016 06:40 PM
  •  Quote
  •  Reply
දුක හිතුනත් කියවන්න ආස හිතෙන ලස්සන නිසදැසක් .... ස්තුති නගා ඔයාගේ නිර්මාණ අපි එක්කත් බෙදා ගත්තට .
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Jan 2016 08:38 PM
  •  Quote
  •  Reply
රස සාගරයක් ...එල එල
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Jan 2016 09:11 PM
  •  Quote
  •  Reply
සහෝදරී අපිව කලා සයුරේ ගිල්වන්නට වගේ හදන්නේ.....බොහොම අගෙයි 
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
11 Jan 2016 01:18 AM
  •  Quote
  •  Reply
 

සෙනෙහස් දිය ගගුලේ හොවා
රතු ලේ සුදු කිරි කරලා පොවා
මා හට නිති හද ගැස්ම ගෙනා
මගේ පින්බර ආදර සුදු අම්මා ...

නැත උපමා කිසිම දිනෙක
නුබේ නමට දනිමි මහද
අම්මේ නුබයි මගේ පණම
සදුත් පරදා එළිය ගෙනෙන ...

දුකක් වුනත් සැපක් වුණත්
අතැර දමා දුරක නොයා
ළගම ඉදලා හාදු ගෙනා
මගේ සුසුම අම්මා තමා ...

භවෙන් භවේ පෙරුම් පුරා
නුබේ පුතු වී මා ඉපදිලා
පෙර සසරේ පින හින්දයි
මගේ අම්මා මගේම වුණේ ...

- ඩිලිකා මධුශානි -
1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Jan 2016 01:43 AM
  •  Quote
  •  Reply
අම්මපා නිවාඩු දාලා ගෙදර දුවන්න හිතෙනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Jan 2016 02:46 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 11 Jan 2016 01:43 AM
අම්මපා නිවාඩු දාලා ගෙදර දුවන්න හිතෙනවා
අර මොකෑ මේ හදිස්සියෙ.

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
11 Jan 2016 02:51 AM
  •  Quote
  •  Reply
e moko ammapa ithin,,heeee
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Jan 2016 02:59 AM
  •  Quote
  •  Reply
අතීතයට මතකය ගෙන ගිහින් වගේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Jan 2016 03:06 AM
  •  Quote
  •  Reply
අම්මා මතක් වෙනවා බොලව් ....
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
11 Jan 2016 03:17 AM
  •  Quote
  •  Reply
ඉතාම සරල බසින් ලියන ලස්සන නිර්මාණ අගය කල යුතුයි අපි... 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Jan 2016 03:38 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩිගේ නිර්මාණාත්මක හැකියාව ගැනත් දැන් ස්ටන් සාමාජිකාවක් වීම ගැනත් අවන්කවම අපි සතුටු වෙමු.

දෙමාපියන්ට දරුවනුත්, දරුවන්ට දෙමාපියනුත් හැර තවත් වටිනා අයෙක් මේ ලෝකේ නැහැ. විශේෂයෙන්ම අපි වගේ ආසියාතික රටවල් වල මේ බැඳීම තවත් වැඩියි.. පොඩ්ඩි ඒ අදහස හැඟීම් දනවන ආකාරයෙන් නිසදසකට කැටි කර ඇති ආකාරය අපූරුයි.. තවත් ඔබේ නිර්මාණයන් මේ ත්‍රෙඩ් එක හරහා දැක ගනු රිසියෙන් පසුවෙමු.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
11 Jan 2016 03:48 AM
  •  Quote
  •  Reply
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Jan 2016 07:49 AM
  •  Quote
  •  Reply
අම්මා නැති දවසින් පසුව හැමදාමත් ජීවිතය පුරාවටම අමාවකයි. ස්තුතියි ඔබේ නිර්මාණයට නංගි..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Jan 2016 09:46 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩ්ට තියෙන්නේ අපූරු හැකියාවක් .ඉදිරියේදී අපිට තවත් හොද නිර්මාණ ටිකක් දැකගන්න පුලුවන් වෙයි
0
Add Reply
Page 1 of 3112345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below