Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 13 Sep 2020 04:13 AM by tea man බැංජෝ රබන් 2 - සුප් සුප් 185 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 10 << < 56789 > >> Author Messages Wasanga AmaBasic MemberPosts:202 04 Jul 2018 04:37 AM Posted By maduranga001 on 03 Jul 2018 03:05 PM මේක සද්දෙට අහන්න පුළුවන් එකක්. බැරි එක කෝලම්.ඕන කෝලමක් දෙන්න. හෙමින් සැරේ අහන්න බැරියැ. https://www.facebook.com/upul.a.jayasinghe/posts/1810881942276455 ඉස්සෙල්ල මේක බලල හිටියනම් 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 04 Jul 2018 07:13 PM නියමයි මල්ලි මෙ වගෙ මහන්සිවෙලා අපිට දුර්ලබ ඇල්බම් දෙනවට 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Jul 2018 11:22 PM Posted By wasangaama on 04 Jul 2018 04:37 AM https://www.facebook.com/upul.a.jayasinghe/posts/1810881942276455 ඉස්සෙල්ල මේක බලල හිටියනම්එම කොටස උපුටා පල කරමි අනෙත් අයගේ මෙසේ.. නාමල් අංක - 49 නිල්වලා මහගෙදර කතාව - 49 ඒ හින්දි චිත්‍රපට ගී අපේ රට ආක්‍රමණය කරලා තිබුනු කාලයක්. යන යන තැන ඇහෙන්නෙ හින්දි සින්දු. විකිනෙන්නම ඒවා. නාමල්ගේ ප්‍රින්ස්ගේ් කැසට් නිසා අපි යාන්තම් බේරිලා හිටියට අනික් හැම නිෂ්පාදකයෙක්ම හිටියේ කරකියාගන්නම දෙයක් නැතිව අන්ත අමාරුවෙන් . හැමෝම කරේ ඒ ජනප්‍රියම හින්දි සින්දු ගෙඩි පිටින් අරන් කවර මුද්‍රණය කරලා වෙළඳ පොලට නිකුත්කරපු එක. මේ වැඩේ පටන් ගත්තේ මොරටු කැසට් සෙන්ටර් එකේ සංඛ. සාජන් , ලාඩ්ලා , දිල් වගේ හින්දි චිත්‍රපට ඒ නම් වලින්ම , ඒ පින්තූර වලින්ම කවර හද හදා තමන්ගේම ලේබල් වලින් අපේ නිෂ්පාදකයන් තරගෙට වගේ නිකුත් කරන්න ගත්තේ ඉන් පස්සේ. වියදමක් යනවයැ . රෝයල්ටි ගෙවන්න ඕනයැ ඉන්දියාවට . ලාබෙම විතරයි . මරු බිස්නස් එක. මේව දසදහස් ගනන් , සමහර ඒවා ලක්ෂ ගනන් විකිනෙන කොට මටත් ලොකු පීඩනයක් ආවා . මොකද මෙතන ලොකු තරගයක්නේ තියෙන්නේ. අපි විශාල මුදලක් වියදම් කරලා , විශාල ප්‍රචාරයක් දීලා වෙළෙඳපොළට නිකුත්කල කැසට් පටිවල විකිනුම් මිලත් , මේ කිසිම වියදමක් ප්‍රචාරයක් නැතිව වෙළෙඳපොළට නිකුත්කල හින්දි කැසට් වල විකුනුම් මිලයි එක සමානයි. අපේ නිශ්පාදකවරු ඒ තුට්ටු දෙකේ හිංදි කැසට් අපේ නාමල් ගේ , ප්‍රින්ස් ගේ කැසට් වලට එකට එක මරුකරගෙන යනකොට මේ මොන අපරාධයක් දැය් මට හිතුනු වාර අනන්තයි. මොනවා කරන්නද ? ඒත් මම ඒ තුට්ටු දෙකේ වැඩ කරන්නේ නෑ යන දැඩි මතයේම ඉන්නකොට මගේ කාර්‍යාලයේ වැඩ බලාගත් චන්න මල්ලීත්, නිලමේත් මට ලොකු පීඩනයක් එල්ල කලා. මොකද ඒ අය තමයි බෙදාහරින කටයුතු කලේ. " උපුල් අයියා ප්‍රතිපත්ති රකිනවා. තව ටික දවසකින් අපිට මේක වහලා දාලා යන්න වේවි . හින්දි වැහි වැහැලා. කොල්ලොයි බල්ලොයි සේරම ලොක්කො වෙලා. අපි ඔරිජිනල් ඔරිජිනල් කියකියා ඉන්නවා " ය් දිගින් දිගටම පවසද්දී මගේ සිත සැලුනෙන් එක් දිනක් ඩික්සන් කැදවූ මම.. " ජනප්‍රියම හින්දි චිත්‍රපට සේරගේම කවර ඉක්මනටම හදලා දෙන්න " යි පැවැසූයේ හිතේ කැමැත්තකින් නොවේ. ඒ අනුව ඩික්සන් කවර රාශියක් ඉක්මනින්ම නිර්මාණය කර ගෙනැවිත් දුන්නෙන් ඒවායින් දෙකක් තුනක් වෙළඳ පොළටද නිකුත් කලෙමු. එහෙත් මා විසින් අපේ අයට තරයේම නිකුත්කල උපදෙස වූයේ බැරිම තැනකදීම පමනක් මිස මෙම බාල කැසට් නොවිකුනන ලෙසටයි. මෙන්න මේ කාලේ දවසක් ලලිතුයි මමයි දුරගමනක් ගියා. මමයි වාහනය එලෙව්වේ. හැමදාම වගේ මම ජෝතිපාලයන්ගේ සිංදු මහ හයියෙන් කිය කියා තමයි යන්නේ. ලලිත් වාහනේට ගගහා සංගීතය සපයනවා. ඔන්න ඔහොම යනගමන් එක වෙලාවක ඒ අවදියේදී ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය වෙලාතිබුනු හිංදි ගීතයක තනුවකට ලලිත් සිංහල වචන ටිකක් දාල මුලපිරුවා. " ජොකා ජොකා ජොකා ජොකා මගෙ ජොකා " යි යනුවෙන් ලලිත් මුලපුරද්දී මම ඊට දෙවෙනි නෑනේ... " මගෙ පවුලටත් වඩා වටිනව මගෙ ජොකා " යි ඒකෙ ඉතුරු ටික මම සම්පූර්ණ කලා. " එහාගෙදර මලයකා ඉල්ලන්නෙම මගෙ ජොකා " යි ලලිත් ඊලග පදය මුල පුරද්දී... " කොයි කාටත් කියන්නෙ මම දෙන්නෙම නෑ මගෙ ජොකා " යි මම ගීතයේ මුලකොටස සම්පූර්ණ කලා. " ෂහ් මාර සිංදුවක්නේ ලියැවුනේ. ඉන්නකෝ ....." යි පැවැසූ ලලිත් විනාඩි දෙකක් යනකොට සිංදුවම ලියලා මට පෙන්නලාත් ඉවරයි. ලලිත් අතින් නාමල්ට මෙහෙනියකවී ලියවුනේත් එහෙමයි.. කොහේ ගියත් , කොහේ හිටියත් ලියන්න පුලුවන්. රෑ දොලහටත් කතාකරලා එවේලේ ආපු වචන කියලා අහනවා හොදද කියලා. අපරාදෙ කියන්න බෑ මම ජරාවක්නේ කිවුවොත් අතහැරලාමත් දානවා. වාද කරන්න එන්නේ නෑ. සමහර ඒවා මට ඕන විදියට නැවත ලියනවා. අය්යයි මල්ලියි ( මල්ලී චන්න ජයනාත් )දෙන්නම එහෙමයි. කවදාවත් තැනකට ආවහම අපේ ශිල්පීන් වගේ අපිට සිංදු කරන හැටි උගන්නන්න ආවේ නෑ. " මරු සිංදුව " අපි දෙන්නටම කියවුනේ එකවරම. " ගහමුද මේක දාලා කැසට් එකක් ? " යි ලලිත් අසද්දී මම එකවරම උත්තරයක් නොදුන්නේ විහිලුවට මෙන් වචන දමා සෑදූ මෙම ගීතයට රටෙන් මොන ප්‍රතිචාරයක් ලැබේද යන දෙගිඩියාවෙනි. " අනේ මන්දා . කරනවානම් කෝපිකඩේ අප්පුවා තමයි මිනිහා " යි මම දෙගිඩියාවෙන් පවසද්දී ... " උපුල් අය්යා නමින් නෙවෙයි මගේ නමින් දාන්නකෝ " යි ලලිත් විසදුමක් ඉදිරිපත් කලෙන් මම අපගේ අලුත්ම පිස්සු නිර්මාණයට අනුමැතිය දුන්නෙමි . ඒ අනුව ලලිත් තවත් ගීත කිහිපයක් රචනා කල අතර ප්‍රවීණ ගීත රචක හෙක්ටර් විජයසිරි විසින් ඉතිරි ගීත කිහිපය රචනා කරන ලදී. මෙන්න මේ අනුවයි .... " ආවා ආවා ආවා කෝපිකඩේ අප්පුවාගේ " කෝලම් " විනෝදාත්මක කැසට් පටිය නිල්වලා ලේබලයෙන් ඕන්න ආවා " යනුවෙන් ප්‍රචාරයක් දෙමින් ශ්‍රී ලාල් අබේකෝන් හෙවත් කෝපිකඩේ අප්පුවාගේ " කෝලම් " කැසට් පටිය වෙළඳ පොලට නිකුත් විය. කැසට් ක්ෂේත්‍රයේ සියලු දෙනා මෙන්ම දිවයිනම පුදුමයට පත් කරමින් " කෝලම් " විකිනෙන්නටවූයේ උනු කැවුම් මෙනි. යනයන තැන " ජොකා ජොකා ජොකා " ගීතය ඇසෙන්නට විය. දිනක් මගුල් ගෙදරකට ගොසින් සිටියදී ජොකා ජොකා යනුවෙන් කුඩා ළමුන් පිරිසක් කෑ ගසමින් මේ ගීතය ගයද්දී සන්ධ්‍යා මා දෙස ලැජ්ජාවෙන් බලා සිටියාය. " මේවගේ ඒවා කරන්න එපා අනේ " යි ඇය පවසද්දී මම බිම බලා ගතිමි. " ලලිත්ට හොද දෙකක් කියන්න ඕන හම්බවෙච්ච වෙලාවක " යි ඇය කෝපයෙන් පවසද්දී මම " අනේ මම ඕවට නෑ " යි කියන්නාක්මෙන් බලා සිටියෙමි. ඊටත් පසුවදා අපේ ගෙදර පිටිපස නිවසේ කුඩා දරුවෙකු ජොකා ජොකා මහ හඩින් කියද්දී මම ලලිත්ට එවේලේම කතාකොට මෙම කැසට් පටියේ අලෙවිය නවතා දමන මෙන් උපදෙස් දුන්නෙමි. ඊට කලෙකට පසු පැවැති ලලිත් වසන්තගේ විවාහ මංගල උත්සවය මගේ සිහියට නැගේ. අති උත්කර්ෂවත් අන්දමින් පැවැති එම උත්සවයට දිවයිනේ සියලුම ගායක ගායිකාවන් කලාකරුවන් සහභාගී වූහ. අවසානයේදී ගී ගැයීමට වේදිකාවට පිවිසියේ නිහාල් නෙල්සන් ගායන ශිල්පියායි. මයික්‍රපෝනය අතටගත් ඔහු .... " මම මුලින්ම ලලිත් මල්ලීට සුභ පතනවා . ලලිත් මල්ලි තමයි කිවුවේ ජොකා ජොකා ජොකා ජොකා මගෙ ජොකා , මගෙ පවුලටත් වඩා වටිනව මගෙ ජොකා කියලා. ලලිත් මල්ලීගේ මනමාලීත් මෙතන ඉන්න එකේ මම දැන් ලලිත්ගෙන් අහන්න කැමතියි ඔයාට පවුලද වටින්නේ ජොකාද වටින්නේ කියලා " යි ප්‍රසිද්ධියේ අසද්දී මනමාල මහතා ලැජ්ජාවෙන් ඇඹරෙනවා දුටු මම සන්ධ්‍යා දෙස බලද්දී ඇය ඉවතබලා ගත්තාය. ( මට මෙම කැසට් පටිය ගැන සටහනක් තැබීමට සිත්වූයේ පසුගියදා සාරංගා තිලක්ගේ අවුරුදු තුනේ දානයදා ඔහුගේ බාල පුතු සංජීව පැවසූ දෙයක් නිසාය ) " උපුල් අයියා කරපු පරණ සිංදුත් තාම මිනිස්සු ඉල්ලන් එනවා. අර අප්පුගේ කෝලං වගේ ඒවත් අහනවානේ. උපුල් අයියලාත් මරු වැඩ ඒකාලේ කරේ " ඇත්තටම අපි කරල තියෙන්නේත් හරිම වැඩ තමා. මේක සන්ධ්‍යා දැක්කොත් " ලැජ්ජා නැති වැඩ කරලා තව ලියනවත් එක්ක " යි පවසනු නොඅනුමානය . ........................................................................... හින්දි රැල්ලට එරෙහිව නිර්මාණය කල " කෝලං " කැසට් පටිය ජොකා නිසා අතරමග නවතා දැමීමට සිදුවූයෙන් එම රැල්ල නවතා දැමීමට ඊටත් වඩා හොද ප්‍රබල නිර්මාණයක් කලයුතු බැව් අපේ අදහස වූයෙන් ඒ පිලිබදව අපේ දැඩි අවධානය යොමුවිය. " සන්ෆ්ලවර් බෑන්ඩ් එක දාලා හොද කැසට් එකක් කරමුද ? " ලලිත් ඇසූයෙන් ඒ සමගම මම ... " සන්ෆ්ලවර් එක්ක නාමල් කරමු " යි පැවැසුවෙමි. ඒ වනවිට සන්ෆ්ලවර් කන්ඩායමේ කිසිදු නිර්මාණයක් අප විසින් නිෂ්පාදනය කර නොතිබූ අතර සන්ෆ්ලවර් කන්ඩායමේ කැසට් නිෂ්පාදනය කරන නිෂ්පාදකවරු පිරිසක් වෙනමම සිටියහ. " කොහොමද සන්ෆ්ලවර් ලා මේ වැඩේට එකතු කර ගන්නේ ? " මම විමසද්දී .. " අබේ අයියා කිවුවොත් සන්ෆ්ලවර් නීල් ඕන එකක් කරයි " යි ලලිත් පැවැසුවෙන් සන්ෆ්ලවර් නිල්වලා ප්‍රථම ගී නිර්මාණය සදහා කටයුතු ආරම්භ කලෙමි. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 Jul 2018 04:10 AM Posted By wasangaama on 03 Jul 2018 02:25 AM අදත් කට්ටියට තෑග්ගක් ගෙනාවා. බැංජෝ රබන් 2 - සුප් සුප්. කෝපිකඩේ අප්පුවා (ශ්‍රී ලාල් අබේකෝන්) සහ බණ්ඩා (සමන් ගුනවර්ධන)ගේ. මම මෙම කැසට් පටය මිලදී ගත්තේ 90 දශකයේ මුල කාලේ. ඒ කාලේ හොඳටම නැගල ගියපු කැසට් එකක්. මේක CD හෝ MP3 කරලා තිබුනේ නෑ කව්රුවත් මම දන්න විදියට. පැරණි නිසා ශ්‍රවන තත්වයේ පොඩි පොඩි අඩු පාඩු තියෙනවා. ඒත් මේ තත්වයෙන් හරි ඉතිරිවෙලා තිබුන එකත් ලොකු දෙයක්. ----------------------------- මෙම ගීත සහ විකට රසාංග තමා මේකේ තියෙන්නේ ----------------------------- 01 ඒයි මේක හපහං 02 සුවඳාට කැමතීම නෑ 03 උඹ එදා මට මාර වැඩේනේ කරේ 04 ඇන්ද සරමයි ඇදන් ගියේ 05 කිසිම දවසක ගෝලයෙක් 06 ඉන්නේ තවම රජෙක් සේ 07 ශී හැමදාම මේ ජරාවල් බීල 08 සුප් සුප් 09 වැඩක් නෑ ලොක්කා 10 නමස්තේ නමස්තේ 11 ආ කොහොමද 12 ගමේ ඉන්නේ 13 මම එනකොට දැක්කා 14 කව්දෝ කියා දන්නෑ 15 නනනනා නනනනා 16 බබා බබා --------------------------------- මෙතන ලින්ක් එකෙන් ගන්න Download MP3 320kbps STERIO පාස්වර්ඩ් එක ඉන්බොක්ස් පණිවිඩයක් මගින් විමසන්න. භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. නිකම්ම ප්ලේ කර කොම්පියුටරයෙන් රෙකෝඩ් කිරීමට වඩා වැඩි කාර්යයක් කිරීමට සිදුවේ. ගීතයෙන් ගීතයට හෙඩ් ක්ලීන් කිරීම. සවුන්ඩ් බැලන්ස් කිරීම. රෙකෝඩ් කිරීමට පෙර සම්පුර්ණ කැසට් පටය කිහිප වතාවක් වාදනය කිරීම ආදිය කිරීමට සිදුවේ. මේ ගීත නොමිලේ ලබාදෙන්නේ තවත් පාර්ශවයකට කිසිම අපහසුවකින් තොරව විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න. මේක මගේ ළග නෑ.. මටත් ඕනේ... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 Jul 2018 04:21 AM Posted By maduranga001 on 04 Jul 2018 11:22 PM Posted By wasangaama on 04 Jul 2018 04:37 AM https://www.facebook.com/upul.a.jayasinghe/posts/1810881942276455 ඉස්සෙල්ල මේක බලල හිටියනම්එම කොටස උපුටා පල කරමි අනෙත් අයගේ මෙසේ.. නාමල් අංක - 49 නිල්වලා මහගෙදර කතාව - 49 ඒ හින්දි චිත්‍රපට ගී අපේ රට ආක්‍රමණය කරලා තිබුනු කාලයක්. යන යන තැන ඇහෙන්නෙ හින්දි සින්දු. විකිනෙන්නම ඒවා. නාමල්ගේ ප්‍රින්ස්ගේ් කැසට් නිසා අපි යාන්තම් බේරිලා හිටියට අනික් හැම නිෂ්පාදකයෙක්ම හිටියේ කරකියාගන්නම දෙයක් නැතිව අන්ත අමාරුවෙන් . හැමෝම කරේ ඒ ජනප්‍රියම හින්දි සින්දු ගෙඩි පිටින් අරන් කවර මුද්‍රණය කරලා වෙළඳ පොලට නිකුත්කරපු එක. මේ වැඩේ පටන් ගත්තේ මොරටු කැසට් සෙන්ටර් එකේ සංඛ. සාජන් , ලාඩ්ලා , දිල් වගේ හින්දි චිත්‍රපට ඒ නම් වලින්ම , ඒ පින්තූර වලින්ම කවර හද හදා තමන්ගේම ලේබල් වලින් අපේ නිෂ්පාදකයන් තරගෙට වගේ නිකුත් කරන්න ගත්තේ ඉන් පස්සේ. වියදමක් යනවයැ . රෝයල්ටි ගෙවන්න ඕනයැ ඉන්දියාවට . ලාබෙම විතරයි . මරු බිස්නස් එක. මේව දසදහස් ගනන් , සමහර ඒවා ලක්ෂ ගනන් විකිනෙන කොට මටත් ලොකු පීඩනයක් ආවා . මොකද මෙතන ලොකු තරගයක්නේ තියෙන්නේ. අපි විශාල මුදලක් වියදම් කරලා , විශාල ප්‍රචාරයක් දීලා වෙළෙඳපොළට නිකුත්කල කැසට් පටිවල විකිනුම් මිලත් , මේ කිසිම වියදමක් ප්‍රචාරයක් නැතිව වෙළෙඳපොළට නිකුත්කල හින්දි කැසට් වල විකුනුම් මිලයි එක සමානයි. අපේ නිශ්පාදකවරු ඒ තුට්ටු දෙකේ හිංදි කැසට් අපේ නාමල් ගේ , ප්‍රින්ස් ගේ කැසට් වලට එකට එක මරුකරගෙන යනකොට මේ මොන අපරාධයක් දැය් මට හිතුනු වාර අනන්තයි. මොනවා කරන්නද ? ඒත් මම ඒ තුට්ටු දෙකේ වැඩ කරන්නේ නෑ යන දැඩි මතයේම ඉන්නකොට මගේ කාර්‍යාලයේ වැඩ බලාගත් චන්න මල්ලීත්, නිලමේත් මට ලොකු පීඩනයක් එල්ල කලා. මොකද ඒ අය තමයි බෙදාහරින කටයුතු කලේ. " උපුල් අයියා ප්‍රතිපත්ති රකිනවා. තව ටික දවසකින් අපිට මේක වහලා දාලා යන්න වේවි . හින්දි වැහි වැහැලා. කොල්ලොයි බල්ලොයි සේරම ලොක්කො වෙලා. අපි ඔරිජිනල් ඔරිජිනල් කියකියා ඉන්නවා " ය් දිගින් දිගටම පවසද්දී මගේ සිත සැලුනෙන් එක් දිනක් ඩික්සන් කැදවූ මම.. " ජනප්‍රියම හින්දි චිත්‍රපට සේරගේම කවර ඉක්මනටම හදලා දෙන්න " යි පැවැසූයේ හිතේ කැමැත්තකින් නොවේ. ඒ අනුව ඩික්සන් කවර රාශියක් ඉක්මනින්ම නිර්මාණය කර ගෙනැවිත් දුන්නෙන් ඒවායින් දෙකක් තුනක් වෙළඳ පොළටද නිකුත් කලෙමු. එහෙත් මා විසින් අපේ අයට තරයේම නිකුත්කල උපදෙස වූයේ බැරිම තැනකදීම පමනක් මිස මෙම බාල කැසට් නොවිකුනන ලෙසටයි. මෙන්න මේ කාලේ දවසක් ලලිතුයි මමයි දුරගමනක් ගියා. මමයි වාහනය එලෙව්වේ. හැමදාම වගේ මම ජෝතිපාලයන්ගේ සිංදු මහ හයියෙන් කිය කියා තමයි යන්නේ. ලලිත් වාහනේට ගගහා සංගීතය සපයනවා. ඔන්න ඔහොම යනගමන් එක වෙලාවක ඒ අවදියේදී ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය වෙලාතිබුනු හිංදි ගීතයක තනුවකට ලලිත් සිංහල වචන ටිකක් දාල මුලපිරුවා. " ජොකා ජොකා ජොකා ජොකා මගෙ ජොකා " යි යනුවෙන් ලලිත් මුලපුරද්දී මම ඊට දෙවෙනි නෑනේ... " මගෙ පවුලටත් වඩා වටිනව මගෙ ජොකා " යි ඒකෙ ඉතුරු ටික මම සම්පූර්ණ කලා. " එහාගෙදර මලයකා ඉල්ලන්නෙම මගෙ ජොකා " යි ලලිත් ඊලග පදය මුල පුරද්දී... " කොයි කාටත් කියන්නෙ මම දෙන්නෙම නෑ මගෙ ජොකා " යි මම ගීතයේ මුලකොටස සම්පූර්ණ කලා. " ෂහ් මාර සිංදුවක්නේ ලියැවුනේ. ඉන්නකෝ ....." යි පැවැසූ ලලිත් විනාඩි දෙකක් යනකොට සිංදුවම ලියලා මට පෙන්නලාත් ඉවරයි. ලලිත් අතින් නාමල්ට මෙහෙනියකවී ලියවුනේත් එහෙමයි.. කොහේ ගියත් , කොහේ හිටියත් ලියන්න පුලුවන්. රෑ දොලහටත් කතාකරලා එවේලේ ආපු වචන කියලා අහනවා හොදද කියලා. අපරාදෙ කියන්න බෑ මම ජරාවක්නේ කිවුවොත් අතහැරලාමත් දානවා. වාද කරන්න එන්නේ නෑ. සමහර ඒවා මට ඕන විදියට නැවත ලියනවා. අය්යයි මල්ලියි ( මල්ලී චන්න ජයනාත් )දෙන්නම එහෙමයි. කවදාවත් තැනකට ආවහම අපේ ශිල්පීන් වගේ අපිට සිංදු කරන හැටි උගන්නන්න ආවේ නෑ. " මරු සිංදුව " අපි දෙන්නටම කියවුනේ එකවරම. " ගහමුද මේක දාලා කැසට් එකක් ? " යි ලලිත් අසද්දී මම එකවරම උත්තරයක් නොදුන්නේ විහිලුවට මෙන් වචන දමා සෑදූ මෙම ගීතයට රටෙන් මොන ප්‍රතිචාරයක් ලැබේද යන දෙගිඩියාවෙනි. " අනේ මන්දා . කරනවානම් කෝපිකඩේ අප්පුවා තමයි මිනිහා " යි මම දෙගිඩියාවෙන් පවසද්දී ... " උපුල් අය්යා නමින් නෙවෙයි මගේ නමින් දාන්නකෝ " යි ලලිත් විසදුමක් ඉදිරිපත් කලෙන් මම අපගේ අලුත්ම පිස්සු නිර්මාණයට අනුමැතිය දුන්නෙමි . ඒ අනුව ලලිත් තවත් ගීත කිහිපයක් රචනා කල අතර ප්‍රවීණ ගීත රචක හෙක්ටර් විජයසිරි විසින් ඉතිරි ගීත කිහිපය රචනා කරන ලදී. මෙන්න මේ අනුවයි .... " ආවා ආවා ආවා කෝපිකඩේ අප්පුවාගේ " කෝලම් " විනෝදාත්මක කැසට් පටිය නිල්වලා ලේබලයෙන් ඕන්න ආවා " යනුවෙන් ප්‍රචාරයක් දෙමින් ශ්‍රී ලාල් අබේකෝන් හෙවත් කෝපිකඩේ අප්පුවාගේ " කෝලම් " කැසට් පටිය වෙළඳ පොලට නිකුත් විය. කැසට් ක්ෂේත්‍රයේ සියලු දෙනා මෙන්ම දිවයිනම පුදුමයට පත් කරමින් " කෝලම් " විකිනෙන්නටවූයේ උනු කැවුම් මෙනි. යනයන තැන " ජොකා ජොකා ජොකා " ගීතය ඇසෙන්නට විය. දිනක් මගුල් ගෙදරකට ගොසින් සිටියදී ජොකා ජොකා යනුවෙන් කුඩා ළමුන් පිරිසක් කෑ ගසමින් මේ ගීතය ගයද්දී සන්ධ්‍යා මා දෙස ලැජ්ජාවෙන් බලා සිටියාය. " මේවගේ ඒවා කරන්න එපා අනේ " යි ඇය පවසද්දී මම බිම බලා ගතිමි. " ලලිත්ට හොද දෙකක් කියන්න ඕන හම්බවෙච්ච වෙලාවක " යි ඇය කෝපයෙන් පවසද්දී මම " අනේ මම ඕවට නෑ " යි කියන්නාක්මෙන් බලා සිටියෙමි. ඊටත් පසුවදා අපේ ගෙදර පිටිපස නිවසේ කුඩා දරුවෙකු ජොකා ජොකා මහ හඩින් කියද්දී මම ලලිත්ට එවේලේම කතාකොට මෙම කැසට් පටියේ අලෙවිය නවතා දමන මෙන් උපදෙස් දුන්නෙමි. ඊට කලෙකට පසු පැවැති ලලිත් වසන්තගේ විවාහ මංගල උත්සවය මගේ සිහියට නැගේ. අති උත්කර්ෂවත් අන්දමින් පැවැති එම උත්සවයට දිවයිනේ සියලුම ගායක ගායිකාවන් කලාකරුවන් සහභාගී වූහ. අවසානයේදී ගී ගැයීමට වේදිකාවට පිවිසියේ නිහාල් නෙල්සන් ගායන ශිල්පියායි. මයික්‍රපෝනය අතටගත් ඔහු .... " මම මුලින්ම ලලිත් මල්ලීට සුභ පතනවා . ලලිත් මල්ලි තමයි කිවුවේ ජොකා ජොකා ජොකා ජොකා මගෙ ජොකා , මගෙ පවුලටත් වඩා වටිනව මගෙ ජොකා කියලා. ලලිත් මල්ලීගේ මනමාලීත් මෙතන ඉන්න එකේ මම දැන් ලලිත්ගෙන් අහන්න කැමතියි ඔයාට පවුලද වටින්නේ ජොකාද වටින්නේ කියලා " යි ප්‍රසිද්ධියේ අසද්දී මනමාල මහතා ලැජ්ජාවෙන් ඇඹරෙනවා දුටු මම සන්ධ්‍යා දෙස බලද්දී ඇය ඉවතබලා ගත්තාය. ( මට මෙම කැසට් පටිය ගැන සටහනක් තැබීමට සිත්වූයේ පසුගියදා සාරංගා තිලක්ගේ අවුරුදු තුනේ දානයදා ඔහුගේ බාල පුතු සංජීව පැවසූ දෙයක් නිසාය ) " උපුල් අයියා කරපු පරණ සිංදුත් තාම මිනිස්සු ඉල්ලන් එනවා. අර අප්පුගේ කෝලං වගේ ඒවත් අහනවානේ. උපුල් අයියලාත් මරු වැඩ ඒකාලේ කරේ " ඇත්තටම අපි කරල තියෙන්නේත් හරිම වැඩ තමා. මේක සන්ධ්‍යා දැක්කොත් " ලැජ්ජා නැති වැඩ කරලා තව ලියනවත් එක්ක " යි පවසනු නොඅනුමානය . ........................................................................... හින්දි රැල්ලට එරෙහිව නිර්මාණය කල " කෝලං " කැසට් පටිය ජොකා නිසා අතරමග නවතා දැමීමට සිදුවූයෙන් එම රැල්ල නවතා දැමීමට ඊටත් වඩා හොද ප්‍රබල නිර්මාණයක් කලයුතු බැව් අපේ අදහස වූයෙන් ඒ පිලිබදව අපේ දැඩි අවධානය යොමුවිය. " සන්ෆ්ලවර් බෑන්ඩ් එක දාලා හොද කැසට් එකක් කරමුද ? " ලලිත් ඇසූයෙන් ඒ සමගම මම ... " සන්ෆ්ලවර් එක්ක නාමල් කරමු " යි පැවැසුවෙමි. ඒ වනවිට සන්ෆ්ලවර් කන්ඩායමේ කිසිදු නිර්මාණයක් අප විසින් නිෂ්පාදනය කර නොතිබූ අතර සන්ෆ්ලවර් කන්ඩායමේ කැසට් නිෂ්පාදනය කරන නිෂ්පාදකවරු පිරිසක් වෙනමම සිටියහ. " කොහොමද සන්ෆ්ලවර් ලා මේ වැඩේට එකතු කර ගන්නේ ? " මම විමසද්දී .. " අබේ අයියා කිවුවොත් සන්ෆ්ලවර් නීල් ඕන එකක් කරයි " යි ලලිත් පැවැසුවෙන් සන්ෆ්ලවර් නිල්වලා ප්‍රථම ගී නිර්මාණය සදහා කටයුතු ආරම්භ කලෙමි. මේ තොරතුරු දැනගෙන හිටියේ නෑනේ.. ස්තූතියි මල්ලී... 0 Wasanga AmaBasic MemberPosts:202 08 Jul 2018 12:40 AM මැක්ස්වෙල් මැන්ඩිස්- දොම්පේ මනමාලයා. ඕනෙද. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Jul 2018 12:50 AM මැක්ස්වෙල් මැන්ඩිස්- දොම්පේ මනමාලයා. ඕනෙද.අනේ.. දෙන්න.. දෙන්න දෙන්න මල්ලි. අප්පුවගේ අනෙත් ඇල්බම් ටිකත් දෙන්න තියෙනවා නම්. 0 chamara duleepMost Senior MemberPosts:13471 08 Jul 2018 06:06 AM Posted By wasangaama on 08 Jul 2018 12:40 AM මැක්ස්වෙල් මැන්ඩිස්- දොම්පේ මනමාලයා. ඕනෙද. අහලා නැතෝ..දෙන්න දෙන්න අහන්න. 0 Wasanga AmaBasic MemberPosts:202 08 Jul 2018 06:58 AM අද ගෙනාව ගොඩක් පරණ එකක් මැක්ස්වල් මැන්ඩිස් - දොම්පේ මනමාලයා <!--cke_bookmark_752S--><!--cke_bookmark_752E--> මුලින්ම ස්තුති කරන්න ඕනේ මෙම දුර්ලභ ගීත ඇල්බමය මා හට ලබාදුන් උදාන අරුනලු දිසානායක මල්ලිට. මෙහි තිබුන ගීත බොහොමයක් මා මීට පෙර අසා නොමැත. විශේෂයෙන් ජෝති සමග කියන මාලු මාලු ගීතය එහෙම. කිසිම දිනක රුපියල් 52 කට කැසට් පටයක් අලෙවි වූ බවද දන්නේ නැත. කැසට්පටයද ඔරිජිනල් ජපන්ය. ඒ නිසාදෝ වැඩි හානියක් වී නොමැත. AMA මෙම ඇල්බමයේ මේ ගීත තමයි තියෙන්නේ. Songs List ------------------------------ 01 දොන්ත බබක්කා 02 ප්‍රීතියෙන් සිනාසිසී 03 යටත් නොවේ 04 අපේ නැන්දාගේ 05 සිරිලක් මවට 06 කයි තාලම් හඬ 07 මාලු මාලු (ජෝති සමග) 08 බඩු විකුනනවා 09 මේ ලෝකේ 10 සිල්වියාද කවුද මංද 11 රිලවෝ සුදු රිලවෝ 12 මගේ සෙනසුරු අපලේ 13 නෝනා කොටයි 14 කැළණි ගඟේ ------------------------------ භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න. මෙම ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. පාස්වර්ඩ් යොදා ඇත අවශ්‍ය අය කමෙන්ට් එකක් දැමීමෙන් හෝ ඉන්බොක්ස් මගින් විමසන්න. MP3 320kbps STEREO Dolby NR - B Record Device - GigabyteH61M-S2PV Play Back - Technics RS-TR474 Recording Software - Audacity 2.1.3 1 SM THILANKAVeteran MemberPosts:1736 08 Jul 2018 08:26 AM මාත් මේ පැරණි ගීත අහල නැ ... බොහොම ස්තුතියි අයියේ මහන්සිවෙලා මේ වගේ දුර්ලබ ඇල්බම් ලබා දෙනවට .. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Jul 2018 08:28 AM මේ ගීත විතරක් නෙමෙයි මේ කැසට් පටයේ නමවත් මෙයට කලින් අහලා තිබුණේ නැහැ.. ස්තූතියි මල්ලී අපිත් එක්ක බෙදාගත්තට.. 0 isuru sampathSuper Senior MemberPosts:7342 08 Jul 2018 09:03 AM මේ ඇල්බම් වල කවරේ දැක්කත් ඇති .බොහොම ස්තුතියි මේ වෙන මහන්සියට ............ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Jul 2018 09:13 AM මේවා ආරක්ෂා කරගෙන හිටියට වෙනම සම්මානයක් දෙන්න ඕන. මල්ලිටත් ඔයාට කැසට් පටය ලබා දුන් අරුනලු මල්ලිටත් විශේෂ ස්තූතිය. මේවා අහන්න ලැබෙන එකත් වාසනාවක්. කවදාවත්ම අහන්න නොලැබෙන්න ඉඩ තිබුණ මෙහෙම නැවත එම්පිත්‍රී නොකළේ නම් සහ අන්තර්ජාලයෙන් අපට ලබා නොදුන්නේ නම්. 0 chandana diazBasic MemberPosts:347 08 Jul 2018 11:10 AM Posted By wasangaama on 08 Jul 2018 06:58 AM අද ගෙනාව ගොඩක් පරණ එකක් මැක්ස්වල් මැන්ඩිස් - දොම්පේ මනමාලයා මුලින්ම ස්තුති කරන්න ඕනේ මෙම දුර්ලභ ගීත ඇල්බමය මා හට ලබාදුන් උදාන අරුනලු දිසානායක මල්ලිට. මෙහි තිබුන ගීත බොහොමයක් මා මීට පෙර අසා නොමැත. විශේෂයෙන් ජෝති සමග කියන මාලු මාලු ගීතය එහෙම. කිසිම දිනක රුපියල් 52 කට කැසට් පටයක් අලෙවි වූ බවද දන්නේ නැත. කැසට්පටයද ඔරිජිනල් ජපන්ය. ඒ නිසාදෝ වැඩි හානියක් වී නොමැත. AMA මෙම ඇල්බමයේ මේ ගීත තමයි තියෙන්නේ. Songs List ------------------------------ 01 දොන්ත බබක්කා 02 ප්‍රීතියෙන් සිනාසිසී 03 යටත් නොවේ 04 අපේ නැන්දාගේ 05 සිරිලක් මවට 06 කයි තාලම් හඬ 07 මාලු මාලු (ජෝති සමග) 08 බඩු විකුනනවා 09 මේ ලෝකේ 10 සිල්වියාද කවුද මංද 11 රිලවෝ සුදු රිලවෝ 12 මගේ සෙනසුරු අපලේ 13 නෝනා කොටයි 14 කැළණි ගඟේ ------------------------------ භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න. මෙම ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. පාස්වර්ඩ් යොදා ඇත අවශ්‍ය අය කමෙන්ට් එකක් දැමීමෙන් හෝ ඉන්බොක්ස් මගින් විමසන්න. MP3 320kbps STEREO Dolby NR - B Record Device - GigabyteH61M-S2PV Play Back - Technics RS-TR474 Recording Software - Audacity 2.1.3 සින්දු නම් එකක් වත් අහල නෑ මටත් ඕනෙ මචං මන් ගාව තියනවා මැක්ස්වෙල්ගෙ සාස්තරේ කියලා ගීතරානි කරපු කැසට් එකක් මම කන්වර්ට් කරන්න බැලුවා ඒත් කොලිටි අවුල් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Jul 2018 11:18 AM මේකේ සින්දු දෙක තුනක් අහල තියෙනවා පැරණි නන්ස්ටොප් වල එහෙම. "අපේ නැන්දාගේ දොරකඩ බක බක ගානා.." මේක මැක්ස්වෙල් ගේ ගීතයක් ද? නැත්නම් වෙනත් කෙනෙක් කියපු අයිතිකරුවකු නොමැති ගණයට වැටෙන ගීතයක් ද? ඉස්සර අපේ අයියල කියනවා ඇහිලා තියෙනව 'ලෝකේ නිකන් බෝලෙ වගේ කැරකෙනවා..' කියල සින්දු කෑල්ලක්. හැබැයි ඒ කොහෙන්ද මොකක්ද කියල දන්නේ නැහැ. බලන් යනකොට ඒ මේකේ සින්දුවක් නේ. 'නෝන කොටයි.. සය දිගයි..' මේ ගීතයත් කොහෙන් හරි ඉතා ඈත අතීතයේදී අහල තියෙනව වගේ මතකයි. රෙකොර්ඩින් සුපිරියට අරන් තියෙනවා. මෙච්චර පරණ එකක් මෙහෙම ගොඩ දා ගත්ත එක නම් පට්ට වැඩක්. මන් ගාව තියනවා මැක්ස්වෙල්ගෙ සාස්තරේ කියලා ගීතරානි කරපු කැසට් එකක්. මම කන්වර්ට් කරන්න බැලුවා ඒත් කොලිටි අවුල්කොලිටි අවුල් උනාට කමක් නැහැ. රෙකොර්ඩින් අරන් තියෙනවා නම් දාපන් මචං. 0 Wasanga AmaBasic MemberPosts:202 08 Jul 2018 11:26 AM කියන අය දන්නේ නැති ගීත ඇල්බම් කීපයක්ම තියෙනවා. වැඩේ කියන්නේ ඒවායේ ලේබල් ගැලවිලා. එහෙම නැත්නම් කොපි කරපුවා නම් ලියල නැහ සවුන්ඩ් ටිකක් අවුල් කොලටි ගන්න පුළුවන් ඊක්වලයිසර් එකක් තියෙනවනම්. මට අවශ්‍ය වර්ගයේ එකක් තාම සෙට් උනේ නැහැ. ඒකත් ඊබේ ගන්න වෙන සයිස් එකක් තමා තියෙන්නේ. මෙහෙන් ඕව හොයන එක කාලය නාස්ති කිරීමක් විතරයි. 0 chamara duleepMost Senior MemberPosts:13471 08 Jul 2018 06:03 PM Posted By wasangaama on 08 Jul 2018 06:58 AM අද ගෙනාව ගොඩක් පරණ එකක් මැක්ස්වල් මැන්ඩිස් - දොම්පේ මනමාලයා මුලින්ම ස්තුති කරන්න ඕනේ මෙම දුර්ලභ ගීත ඇල්බමය මා හට ලබාදුන් උදාන අරුනලු දිසානායක මල්ලිට. මෙහි තිබුන ගීත බොහොමයක් මා මීට පෙර අසා නොමැත. විශේෂයෙන් ජෝති සමග කියන මාලු මාලු ගීතය එහෙම. කිසිම දිනක රුපියල් 52 කට කැසට් පටයක් අලෙවි වූ බවද දන්නේ නැත. කැසට්පටයද ඔරිජිනල් ජපන්ය. ඒ නිසාදෝ වැඩි හානියක් වී නොමැත. AMA මෙම ඇල්බමයේ මේ ගීත තමයි තියෙන්නේ. Songs List ------------------------------ 01 දොන්ත බබක්කා 02 ප්‍රීතියෙන් සිනාසිසී 03 යටත් නොවේ 04 අපේ නැන්දාගේ 05 සිරිලක් මවට 06 කයි තාලම් හඬ 07 මාලු මාලු (ජෝති සමග) 08 බඩු විකුනනවා 09 මේ ලෝකේ 10 සිල්වියාද කවුද මංද 11 රිලවෝ සුදු රිලවෝ 12 මගේ සෙනසුරු අපලේ 13 නෝනා කොටයි 14 කැළණි ගඟේ ------------------------------ භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න. මෙම ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. පාස්වර්ඩ් යොදා ඇත අවශ්‍ය අය කමෙන්ට් එකක් දැමීමෙන් හෝ ඉන්බොක්ස් මගින් විමසන්න. MP3 320kbps STEREO Dolby NR - B Record Device - GigabyteH61M-S2PV Play Back - Technics RS-TR474 Recording Software - Audacity 2.1.3 මෙම ඇල්බම් එක නම් අසා නැහැ.මටත් ඕන 0 chamara duleepMost Senior MemberPosts:13471 08 Jul 2018 06:05 PM මටත් එවලා තිබ්බා..අයියට ස්තුතියි... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 08 Jul 2018 07:13 PM බොහොමත්ම ස්තූතියි. මටත් එවලා තිබුණා. මේ වගේ වටිනා ඇල්බම් අපිට් සමඟ බෙදා ගත්තාට ඔබට මාගේ ප්‍රණාමය. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 08 Jul 2018 08:50 PM මටත් එවලා තිබුනා ..මල්ලි ඔය නම් සුපිරි වැඩ්ඩෙක් ,,එල එල 0 You are not authorized to post a reply. Page 7 of 10 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala