Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 16 May 2018 12:48 AM by Udeshika Herath ස්ටන් විනෝද චාරිකාව 111 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 4 of 6 << < 23456 > >> Author Messages indika76Most Senior MemberPosts:10457 05 May 2017 10:27 PM අව් රශ්මිය අඩු, ඉක්මනින් ලගාවීමට හැකි ස්ථාන පිළිබදව අදහස් දෙන්න බලන්න... 0 gaminiVeteran MemberPosts:4475 05 May 2017 10:31 PM ගමන ගැන මගේ අදහස හිතින් අයින් කර ගත්තා ........................... 0 indika76Most Senior MemberPosts:10457 06 May 2017 12:09 AM ඉන්න ගාමිණි අයියේ.. ගමන සඳහා හොද ස්ථානයන් සොයාගමු.. 0 indika76Most Senior MemberPosts:10457 06 May 2017 12:13 AM මේ ස්ථානය හොදද බලන්න.. සීතාවක උද්භිත උද්‍යානය අවිස්සාවේල්ල තෙත් බිම් උද්භිත උද්‍යානය Seetawaka Botanical Garden Seethawaka Wet Zone Botanic Gardens ආරම්භය 2008 වර්ෂයේදී ප්‍රථම අභිනව තෙත් කලාපීය උද්භිත උද්‍යානය ලෙස සීතාවක උද්භිත උද්‍යානය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ ආරම්භ කරන ලදී. මෙහි මුළු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 43 (අක්කර 106) ක් පමණ වේ. මූලික පරමාර්ථය උද්‍යානය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වුයේ අභියෝගයට ලක්ව ඇති පහත රට තෙත් කලාපීය වනාන්තර වල ඇති වෘක්ෂලතාදිය අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීමට සුරුකුම් (විතැන් ශාක සංරක්ෂණ) මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමයි. මීට අමතරව මෙම උද්‍යානය පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙසද, මෙම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වන හා තෙත් කලාපීය භූදර්ශන වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙසද වැදගත් වනු ඇත. දිගුකාලීනව වැඩි ප්‍රසිද්ධියක් නැති හා ඌන උපයෝජිත ශාඛ වර්ග දැක බලාගැනීමටත්, ඖෂධීය ශාඛ කර්මාන්තයේ වර්ධනය සදහාත්, තෙත් කලාප තුල, උද්භිත විද්‍යාව හා මල් වගාව පිළිබද අධ්‍යාපන හා පුහුණුව ලබා දීම සඳහාත් මධ්‍යස්ථානයක් ලෙස මෙය මහජනතාවට සේවා සපයනු ඇත. පිහිටීම හා ලඟාවීම බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ පිහිටා ඇති සීතාවක උද්භිත උද්‍යානයට ප්‍රවේශ මාර්ග දෙකකි. කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ අවිස්සාවේල්ල දෙසට 46 KM ගියවිට හමුවන පුවක්පිටිය දුම්රිය ස්ථානය අසලින් තුන්මෝදර මංසන්ධියෙන් හැරී 6 KM ගියවිට සීතාවක උද්භිත උද්‍යානයට ලඟාවිය හැකිවේ. තුන්මෝදර මංසන්ධියේ සිට බසයෙන් හෝ ත්‍රීරෝද රථයෙන් වුවද ගමන්කීරීමේ හැකියාව තිබේ. බසයෙන් ගමන්ගන්නා විට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) මගින් ලඟාවිය හැක. නැතහොත්, පාදුක්ක නගරයට පැමිණ, පාදුක්ක නගරයේ සිට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) ඔස්සේ 17 KM ගොස් බසයෙන් මෙම ස්ථානයට ලඟාවිය හැක. සෑම විනාඩි 30 වරක් බසයක් මාර්ගයේ ධාවනය වේ. අවිස්සාවේල්ල - පාදුක්ක මාර්ගය අතරතුර ඇති නාන තොටුපළ කිහිපයක්ද මෙම ගමනේ හමුවේ. උද්‍යානයේ බිම් සැකසුම උද්‍යානය තුල භූමිය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා වෙන්කර ඇත. එනම්, තේ වගාව, මීවන උයන, රුක් උයන්, තර්ජිත ශාක එකතුව, තාල ශාක එකතුව, මුදුන් උයන/ රෝස උයන, මධ්‍යම තෘණ පිටිය සහ වැව 1,2 හා 3 ආදී ලෙසයි. මින් වැව 01 හංස බෝට්ටු සඳහා වෙන්කර ඇති අතර මධ්‍යම තෘණ පිටිය හා ඒ අවට ප්‍රදේශය මංගල ඡායාරූපකරණයට වෙන්කර ගැනීමේ හැකියාවද ඇත. හංස බෝට්ටු සදහා ප්‍රවේශපත් ඇතුල්වන විටම ගතයුතු අතර මංගල ඡායාරූපකරණය සදහා කලින් දින වෙන්කර ගැනීමට හැකියාව ඇත. උද්‍යානය දිනපතා උදෑසන 7.30 සිට සවස 6 දක්වා විවෘතව ඇති අතර ප්‍රවේශ පත්‍ර සවස 5 වනතෙක් නිකුත් කරයි. මිල ගණන් ඇතුල්වීමට - දේශීය වැඩිහිටි - රුපියල් 50 වැඩිහිටි (අවුරුදු 60 වැඩි) - රුපියල් 10 ළමයින් - රුපියල් 10 ඇතුල්වීමට - විදේශීය වැඩිහිටි - රුපියල් 1100 ළමයින් - රුපියල් 550 පාසැල් ළමුන් හා විශ්ව විද්‍යාල සිසුන් - රුපියල් 825 බැටරි කාර් - පැයක් සඳහා ආසන 03 - රුපියල් 500 ආසන 07 - රුපියල් 1000 බෝට්ටු පැදීමට දෙදෙනෙකු සඳහා - රුපියල් 200 0 DanuLiyanageVeteran MemberPosts:3457 06 May 2017 05:01 AM ගාමිණි අයියා මගෙන් අහලා තිබුනා එනවද කියලා. මට චුට්ටක් ඒමට අපහසුයි මේ දවස් වල මොකද රට යන්න උත්සාහයක ඉන්නේ. ඉතිං මට දවස කියල පණිවිඩයක් දෙන්න හෙඉයටම පුළුවන් උනොත් දවසක වගේ එකක් නම් එන්නම්. ලොකු ගානක් යනවනම් ටිකක් අමාරුයි සල්ලි නැහැ අතේ මේ දවස් වල. යන වියදම් සේරම කියන්න 0 Udeshika HerathVeteran MemberPosts:3955 06 May 2017 06:17 AM නියමයි මෙහෙනම්.... 0 RosiSuper Senior MemberPosts:5335 06 May 2017 06:58 AM ෂා හරිම ලස්සන තැනක් ... 0 samanthaMost Senior MemberPosts:13194 06 May 2017 10:54 AM මේ ස්ථානය පිළිබඳව මම මීට ප්‍රථමයෙන් ලිපියක් දැම්මා මතකයි. 0 chamaramindMost Senior MemberPosts:13471 06 May 2017 06:49 PM හරිම ලස්සන තැනක්.යන්නම ඕන ස්ථානයක් 0 Udeshika HerathVeteran MemberPosts:3955 08 May 2017 09:10 PM Posted By chamaramind on 06 May 2017 06:49 PM හරිම ලස්සන තැනක්.යන්නම ඕන ස්ථානයක් අනිවා 0 maduranga001Most Senior MemberPosts:14123 09 May 2017 12:00 AM ගාමිණි අයියේ. ඔබේ කැපවීම සහ ස්ටන් එකේ අපි හැමෝම වෙනුවෙන් දක්වන ලෙන්ගතුකම වෙනුවෙන් මුළින්ම හද පතුලෙන්ම ස්තුති වන්ත වෙන ගමන් මගේ අදහස එකතු කරන්න කැමතියි. මේ ගෙවෙන දවස් ටික මට අතිශය කාර්යබහුලයි. නිතර මේ කාරනාව ගැන සොයා බලමින් අප්ඩේට් කරන්න බැරි උනේ ඒ නිසයි. ඒ නිසා සමාව බජනය කරනවා ඒ වෙනුවෙන්. නමුත් මේ සම්බන්ධයෙන් අපි ස්ටාෆ් සහෝදරයින් කතා බහ කළා. ගමන සංවිධානය කල යුතු ආකාරය ගැන. කෙසේ වෙතත් මට මෙහෙම දෙයක් හිතෙනවා. සහ යතාර්තයත් මෙය විය හැකියි. අපි අනිවා අපේ රට ඉඳි පාටි එක පවත්වමු. එයත් සමඟ ඉතාමත් ළඟ දවසක අපේ අයට සමහර විට දිනය වෙන් කර ගන්න අපහසු ඇති. පවුල් ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, මුදල් ප්‍රශ්න කාලය පිලිඹද ප්‍රශ්න, එකී මෙකි නොකී ගැටළු ගොඩක් ඇති අපේ අයට. එන්න ආශාව තිබ්බට යම් යම් අපහසුතා ඇති. සමඝර විට ගමනට පැමිණීම ලකුණු කරන්න එන්න පමා වෙන්නේ මේ හේතුව නිසා වෙන්න ඇති. ඒ නිසා මේ වතාවේ අපි විනෝද චාරිකාව සහ රට ඉඳි පටි එකෙන් කියන දෙකෙන් එකක් කරමු. අපි රට ඉඳි පාර්ටි එක මුලින් යෝජනා කරලා සම්මත කර ගත් නිසා එය මුලින් කරමු. අපි ඔය දෙකම් කලොත් එන පිරිස දෙකට කැඩිලා දෙකෙන් එක කොටසකට එක පිරිසකුත් අනෙකට තවත් පිරිසකුත් එන්න ඉඩ තියෙනවා. එහෙම උනොත් දෙකම අසාර්ථක වෙන්න පුළුවන්. මේ දවස් වල තියෙන රටේ දේශගුණික තත්ත්වයත් මේ සඳහා යම් බලපෑමක් විය හැකියි. කවදාවත් නැති විදිහේ වෙනසක්. ඒ වගේම භයානක වෛරස් උණක් යනවා මේ ටිකේ. ඇඹිලිපිටියේ විතරක් රෝහලේදී මේ උණෙන් 49ක් මිය ගිහින් ලු. ඊයේ ආරංචි උනා අවුරුදු 26ක් වන එක්දරු මවක් අනුරාධපුරේදී මේ උණෙන් මිය ගියා කියල. ඇය මගේ හිතවතියකගේ යහළුවෙක්. රටේ කාලගුණය තියෙන්නේ නුහුරට. නමුත් අයියා එන කාලය වෙනකොට යහපත් වෙන්න හැකියාවකුත් තියෙනවා. කොහොම නමුත් මේ මොන දේ තිබුණත් අපි මේක සංවිධානය කලොත් අපෙන් වැඩි දෙනෙක් සහභාගී වෙනවා කියලත් දන්නවා. අනිවාරයෙන් අපි විනෝද ගමනක් යමු. මේක අපි හැමදාම කතාවට පමණක් සිමා වුනු දෙයක්. මතක ඇති නේ කලින් සයිට් එකේ ඉඳලම මේක කතාවක් විතරයි. නමුත් අපට දැන් මේවා ක්‍රියාත්මක කර ගන්න පුළුවන් විදියේ වටපිටාවක් අවශ්‍ය ගැම්මක් ශක්තියක් දෙන්න යෝධ වෘක්ෂයක් සේ අපේ ගාමිණි අයියා ඉන්නවා. ඒක කොච්චර හයියක්ද කියන එක අපි හැමෝම දන්නවා. ඒ අතින් ඔබ විශිෂ්ඨයෙක්. මගේ අදහස, මේ යන ස්ථානය සහ අනෙකුත් කාරනා පිලිඹද කතා බහ දිගටම කරගෙන යමු. ස්ථානය තීරණය කර ගමු. ඉන්පසු අනෙකුත් අවශ්‍ය කටයුතුත් කතා කරමු. දෙයියන්ගේ පිහිටෙන් ගාමණි අයියගේ ඊලග නිවාඩුවට සමගාමිව අපි එය කරමු. ආරම්භක ගමන විදිහට මම නම් යෝජනා කරන්නේ පාන්දරින් පිටත් වෙලා මුළු දවසම යෙදවෙන විදිහට එක දවසක ගමනක් යොදවා ගනිමු කියලා. එතකොට සැලකිය යුතු පිරිසක් අපට සහභාගී කරගන්න පුළුවන් වේවි. අපි අදියරෙන් අදියර යමු. ඒක රසවත් ආකාරයෙන් කලොත් අනිවා අපේ දෙවෙනි ගමනට ඊට වඩා පිරිසක් ඒවි. දින දෙකක එකක් උනත් යොදා ගන්න පුළුවන් පහසුවෙන් එතකොට. අනෙක ගාමණි අයියට මතක ඇති නේ අපේ සුහද හමුව ගැන කතිකාවත කලේ කොච්චර කලින් ඉඳලද කියල.ඒකත් ස්ටෙප් බයි ස්ටෙප් ඇවිත් යන ගමනක් නේ. හොඳ දෙයක් හරියට ප්ලෑන් කර ගන්න කාලයක් අවශ්‍යයි. අනෙක ෆෝරම් වලින් අදහස් හුවමාරු වෙන නිසා සාපේක්ෂව කාලයක් අවශ්‍ය වෙනවා අදහස් හුවමාරු කර ගන්න. විනෝද ගමන ගැන සහ කල යුතු ආකාරය ගැන රට ඉඳි පාර්ටි එකේදී කතා කරමු. අපට පුළුවන් ඊලග සැරේ ඒ වැඩේ හොඳට කරන්න සැලසුම් කරන්න. ඔබ සැමගේ අදහස් සඳහා විවෘතයි. 0 Ind007kaMost Senior MemberPosts:12931 09 May 2017 03:13 AM ඒක තමා හොද 0 gaminiVeteran MemberPosts:4475 09 May 2017 04:05 AM දවල් අහාරය ගන්නට ගෙදර අවාම දැක්කේ, ඔබගේ සටහන මදුරංග මල්ලි.................... මගේ නම් කිසිම ගැටළුවක් නැහැ ඔයාලගේ කැමැත්ත පරිදි වැඩ කරමු, මම අවන්කවම ඉදිරිපත් වුනේ බරපැන දැරීමේ ශක්තිය තියෙන නිසා ඔයාලා එක්ක විනෝද චාරිකාවක් යන්නට .......... නමුත් ලංකාවේ ඔයාලාගේ ජිවන චරියාව හා වටපිටාව ගැන සැලකිලිමත් නොවී මෙවැනි යෝජනාවක් ගෙනා එකත් වැරදි කියා මට දැන් හිතෙනවා, ඒවාගේම ගෙදර අය සමගින් ඉදිරි දින සදහා වැඩ කටයුතු සැලසුම් කර ගත් නිසා ඔය ගමන කොහෙත්ම යන්නට වෙන්නේ නැහැ, i am very sorry ... ඔබ සැම දෙනාම එන්න මා ලංකාවට ආවාට පසු අපි කතා කර ගත් දිනට හෝ ඔබලාට පහසු දිනක..........................අපි අනිවා අපේ රට ඉඳි පාටි එක පවත්වමු. 0 RosiSuper Senior MemberPosts:5335 09 May 2017 05:12 AM හ්ම්ම්ම්ම්ම් ඔව් ,හොද කාලෝචිත තීරණයක් . 0 Udeshika HerathVeteran MemberPosts:3955 09 May 2017 06:47 AM ඒ අදහසත් නරකම නෑ 0 maduranga001Most Senior MemberPosts:14123 09 May 2017 10:42 AM Posted By gamini on 09 May 2017 04:05 AM දවල් අහාරය ගන්නට ගෙදර අවාම දැක්කේ, ඔබගේ සටහන මදුරංග මල්ලි.................... මගේ නම් කිසිම ගැටළුවක් නැහැ ඔයාලගේ කැමැත්ත පරිදි වැඩ කරමු, මම අවන්කවම ඉදිරිපත් වුනේ බරපැන දැරීමේ ශක්තිය තියෙන නිසා ඔයාලා එක්ක විනෝද චාරිකාවක් යන්නට .......... නමුත් ලංකාවේ ඔයාලාගේ ජිවන චරියාව හා වටපිටාව ගැන සැලකිලිමත් නොවී මෙවැනි යෝජනාවක් ගෙනා එකත් වැරදි කියා මට දැන් හිතෙනවා, ඒවාගේම ගෙදර අය සමගින් ඉදිරි දින සදහා වැඩ කටයුතු සැලසුම් කර ගත් නිසා ඔය ගමන කොහෙත්ම යන්නට වෙන්නේ නැහැ, i am very sorry ... ඔබ සැම දෙනාම එන්න මා ලංකාවට ආවාට පසු අපි කතා කර ගත් දිනට හෝ ඔබලාට පහසු දිනක..........................අපි අනිවා අපේ රට ඉඳි පාටි එක පවත්වමු. ගාමිණි අයියේ. ඔබ කිසි සේත්ම වැරදි නැහැ. ඉතාමත් හොඳ අදහසක් ඔබ ගෙනාවේ. මම දකින එකම සහ ප්‍රධාන ගැටලුව තමයි එක ළඟ ඉවෙන්ට්ස් දෙකක් සංවිධානයකරන්නට සිදු වීම. එහෙම උණොත් දෙකටමඑන අය ඉන්න වෙන්නේ ටික දෙනෙකුට නිසා යම් අසාර්ථකභාවයවක් එන්න පුළුවන්. විශේෂයෙන්ම කොළඹින් පිට ඉඳල එන අයට දෙකටම එන්න අපහසු වේවි. ඒ ගැන හිතලා තමයි මම යෝජනා කළේ එක අංගයක් අවසන් කර දෙවනුව කල් යල් බලා දෙවන අංගය ලෙස චාරිකාව යමු කියල. රට ඉඳි පාර්ටි එකෙක්දී අප හමුවන නිසාත් හැමෝටම විවෘතව අදහස් ඉදිරිපත් කිරීමේ වාරය එන නිසාත් නිවැරදි අදහස් සහ තීරණ ගන්න පහසු වේවි ඒ සම්භන්ධයෙන්. අනිවාර්යයෙන්ම විනෝද චාරිකාවක් යන්නම ඕන. ස්ටන් එකෙන් කර ගන්න බැරි උණු දෙයක් ඒක. එකට විනෝද ගමනක් යන්න බැරි නම් ඒ මිතුරු කමෙන් ඇති වැඩකුත් නැහැ. අපේ ඊලග වැඩසටහන විදිහට අනිවා අපි අපේ විනෝද ගමන යොදා ගනිමු. අයියගේ ඊලග නිවාඩුවට සමගාමිව. මේහැමදෙයක් සඳහාම අදහස් සහ ආරාධනා ගෙන එමින් දායකත්වය ලබා දෙන ඔබට ගොඩාක් පිං. රට ඉඳි පාර්ටි එකේ දිනය වෙනසක් නැහැ. ඒක ජුනි 26. අපි එදාට මුණගැසී ඊළඟ වැඩසටහන ගැනත් කතා කරමු. 0 PoddiVeteran MemberPosts:2100 19 May 2017 08:08 PM ජුනි 26 0 samanthaMost Senior MemberPosts:13194 19 May 2017 09:08 PM 26 වෙනිදා හමුවේදී ඊලඟ චාරිකාව ගැන කථා කර ගන්න. 0 gaminiVeteran MemberPosts:4475 19 May 2017 09:30 PM Posted By samantha on 19 May 2017 09:08 PM 26 වෙනිදා හමුවේදී ඊලඟ චාරිකාව ගැන කථා කර ගන්න. හොද අදහසක්, ගැටලුව එක එක්කෙනා පස්සට ඇදෙන එක, හැබැයි චාරිකාව නම් දින 2ක් හෝ තුනක් විය යුතුමයි, ඕන කෙනෙක් සන්විදානේ බාර ගන්න ------------ මම සහයට සමහර විට සැප්තැම්බර් මාසේ සතියක්හෝ දෙකක් මම ලංකාවේ 0 Ind007kaMost Senior MemberPosts:12931 19 May 2017 09:44 PM අනිවා අපි කරමු 0 You are not authorized to post a reply. Page 4 of 6 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු