Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari Jayasekara අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 4 of 137 << < 23456 > >> Author Messages hasitha dhananjayaSuper Senior MemberPosts:5795 01 Apr 2017 08:22 AM වටිනා දැනුවත් කිරීමක් සමන්ත අයියේ. මේ ලෙඩ හොද නොවෙන්න වෙන කාරනයක් තමයි අපේ උදවිය මේ ගැන හෙලි කරන්න තියෙන බය වගේම ලැජ්ජාව. ගම් වල අයට නං මේක ගොඩක්ම බලපානවා. 0 chamara duleepMost Senior MemberPosts:13471 02 Apr 2017 07:37 PM රුධිරය කැටි ගැසීම වැළකන කුරුඳු එදිනෙදා අප ආහාරයට ගනු ලබන විවිධාකාර ආහාර, පාන අතරේ රසකාරකයක් ලෙස බොහෝ දෙනා කුරුඳු ආහාරයට ගනිති. කුරුඳු ශාකයේ ඇතුළත ඇති යටි සම පෙදෙස මෙසේ ප්‍රයෝජනයට ගනු ලබති. ජාත්‍යන්තර තලයේ ඉතා ප්‍රචලිත කුරුඳු ඉල්ලුම භාගයකටත් වඩා සපුරන්නේ ලංකාවෙනි. නියම කුරුඳු පිළිබඳව කතා කරද්දී 'සිලෝන් සිනමන් ' යනුවෙන් ලංකාවේ කුරුඳු හැඳින්වේ. කුරුඳු ප්‍රභේද පැණි කුරුඳු, පත් කුරුඳු, මාපත් කුරුඳු, නාග, පැණි මිරිස්, වැලි , සෙවණ, කහට, මිරිස් කුරුඳු වශයෙන් වර්ග ගණනාවකි. ලංකාවේද කුරුඳු වර්ග ගණනාවකි. කුරුඳු නිෂ්පාදන ඇපල් පායි, ඩෝනට්, කුරුඳු තේ, කොකෝවා යොදා සෑදූ කුරුඳු පාන වර්ග ඉතා ප්‍රචලිතයි. කුරුඳුවල පෝෂණීය වටිනාකම අන්තර්ගත ශක්ති ප්‍රමාණය 103 කි. ඉන් මේදය 0.12ක් වන අතර කාබෝහයිඩ්ඩ්‍රේට් 8.6 ක් වන අතර ප්‍රෝටීන ප්‍රතිශතය 0.4 කි. කුරුඳුවල සෞඛ්‍යමය බලපෑම දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්, කොලෙස්ට්‍රෝල් ආසාධිතයන්ට කුරුඳු ඉතා යෝග්‍යයි. උදරය ඉදිරියට නෙරා ඇති පුද්ගලයන්ට , රුධිර පීඩනය වැඩි රෝගීන් සඳහා ඉතා යෝග්‍යයි. මීට අමතරව හෘදයාශ්‍රිත රෝග සඳහා , රුධිරය කැටි ගැසීම් ඇති පුද්ගලයන් සඳහා , රුධිරය ගණ වීම් ඇති පුද්ගලයන්ටද සුදුසුයි. ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන සටහන - මාධවී ධර්මරත්න Source - http://middleeast.lankadeepa.lk/med...94/31-2290 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Apr 2017 07:43 PM පොඩි කාලෙ කුරුදු නිකනුත් කනවා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 02 Apr 2017 07:51 PM අපේ ගෘහනිියන් ගුණවත් බව කෙසේ වෙතත් රසවත් කිරමට තමයි කුරුදු යොදා ගන්නේ... 0 Dushan ShyomalVeteran MemberPosts:2536 02 Apr 2017 11:38 PM බොහොම වැදගත් ලිපියක් 0 nilshani de silvaBasic MemberPosts:216 04 Apr 2017 02:19 AM Good post........ 0 chamara duleepMost Senior MemberPosts:13471 04 Apr 2017 04:22 AM පිරිමින්ට වද දෙන පුරස්ථි ග්‍රන්ථියේ ආබාධ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 Apr 2017 04:09 AM පුරුෂ පාර්ශ්වය විසින් දැනගත යුතු ඉතා වැදගත් ලිපියක්... මෙම රෝගය පිළිබඳ අසා තිබුණත් මෙතරම් තොරතුරු දැනගෙන හිටියේ නැහැ... ස්තූතියි මල්ලී.. 0 Supun TharangaBasic MemberPosts:339 05 Apr 2017 06:47 PM Sehenna watinawa 0 Chandima MaxAdvanced MemberPosts:509 05 Apr 2017 06:53 PM thanks for the article 0 Indika DampahalaVeteran MemberPosts:3410 05 Apr 2017 11:31 PM ලිපියට ස්තූතියි මල්ලි..වැදගත් .. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 05 Apr 2017 11:51 PM ඉතාමත් වැදගත් ලිපියක්. බොහොම කරුණු කාරණා දැන ගත්තා. බොහොමත්ම ස්තූතියි අපව දැනුවත් කළාට. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 06 Apr 2017 01:19 AM ලබ්බ බහිනවා කියන්නෙ මෙ සීන් එකට නෙද ? 0 chamara duleepMost Senior MemberPosts:13471 08 Apr 2017 07:53 AM ප්‍රෙෂර් එකට නියම බෙහෙත මැන්ගුස් අපි මැන්ගුස් කෑවට කවදාවත් ඒ පළතුර කොයිතරම් ගුණද කියලා දන්නේ නැහැනේ. ඒක නිසා තමයි අපි අද මැන්ගුස් ගැන කතා කරන්න හිතුවේ. ඔබ නොදන්නවා වුණාට මැන්ගුස් ග්‍රෑම් 100ක ශරීරයට අවශ්‍යයම පෝෂණ පදාර්ථ විශාල ප්‍රමාණයක් අඩංගුවෙලා තියෙනවා. මැන්ගුස්වල ඇති පෝෂණ ප්‍රමාණයන් කැලරි 63 සෝඩියම් කැල්සියම් පොටෑසියම් පොස්පරස් සින්ක් මැග්නීසියම් ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් ආහාර තන්තු විටමින් C විටමින් B විටමින් E මැන්ගුස්වලින් සුවය ලැබෙන ලෙඩරෝග මැන්ගුස් රෝග රුසකට සුවය ගෙන දෙන පළතුරකි. මෙමගින් හෘද රෝග, අධික රැධිර පීඩනය පාලනය කරනවා. මෙහි ප්‍රතිඔක්සිකාරක ගුණයත් අන්තර්ගතයි. • පිළිකා නාශකයක් ලෙස ක්‍රියා කරයි. • අසාත්මිකතා වළක්වයි. • ප්‍රදාහ නාශකයක් ලෙස ක්‍රියා කරයි. • විෂබීජ නාශකයකි. • මානසික රෝග පාලනය කරයි. • ක්ෂය රෝගයටත් හොඳයි. • දියවැඩියා රෝගීන්ට ගුණදායකයි. • උදරයේ ඇතිවන රෝග සඳහා ඉතා හොඳයි. • එපමණක් විතරක් නොවෙයි මාසික ඔසප් වීම ඇතිවූ අවස්ථාවලදී ඇතිවන උදරයේ කැක්කුම පාලනය කිරීම සඳහා මැන්ගුස් මුල් කසාය ලෙස භාවිතා කරන අතර අතීසාරය රෝගීන්ට සහ මුත්‍ර දැවිල්ල ඇති රෝගීන්ට මැන්ගුස් පොතු සහ කොළ කසාය ලෙස හදලා බොන්නත් දෙනවා. මෙන්න මේ වගේ දේවල් තමයි අපට මැන්ගුස් ආහාරයට ගත්තාම අපේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන. දැන් ඉතින් ඔයාලා දන්නවානේ මොනවගේ දේවල්වලට මැන්ගුස් හොඳයිද කියලා. ඒක නිසා මැන්ගුස් කනකොට මැන්ගුස්වල තිබෙන ගුණත් දැනගෙනම කන්න. ඒ විතරක් නෙමෙයි, තවත් කෙනෙකුටත් ඔබ දන්නා දේ කියලා දෙන්න. උපුටා ගැනිම - දේශය වෙබ් පිටුවෙනි 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 13 Apr 2017 09:32 AM ආසම පලතුරක්. ගස් 3ක් මමත් හිටවලා තියෙනවා. හිතුවට වඩා ගොඩක් ගුන පලතුරක්නෙ. 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Apr 2017 06:10 PM මොනවද මේ සිහිනෙන් පිටවෙන ධාතු? ධාතු හැටියට හැඳින්වෙන්නේ ඉතා අගනා දෙයක් බව සැබෑවකි. අපේ සිරුර සප්ත ධාතුන්ගෙන් හැදී ඇති බවත් ඒවා ඉවත් වූ විට ශරීරය වැහැරෙන බවටත් මතයක් ආයුර්වේදය මගින් අප තුළ ඇතිකර තිබේ. පිරිමියකුගේ ශුක්‍ර තරලයත් මේ කියන ධාතු වර්ගයක් ලෙසයි එහිදී දැක්වෙන්නේ. තරුණ කාලයේ පිරිමි දරුවන් මුහුණ දෙන ලොකු ගැටලුවක් වන්නේ සිහිනෙන් ධාතු පිටවීමයි. මේක ඇත්තටම ලෙඩක්ද? මානසික විකෘතියක්ද? විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා පෙන්වා දෙන්නේ මේ කියන තත්ත්වයද අතිශය ස්වභාවික තත්ත්වයක් බවයි. හීනෙන් හෝ ධාතු පිටවෙනවා යන්නෙන් පැහැදිලි වන්නේ අදාල තැනැත්තා ලිංගික වශයෙන් ක්‍රියාකාරී සෞඛ්‍ය සම්පන්න මට්ටමක සිටිනා බවයි. කොටින්ම ඔහු ලිංගික අප්‍රාණික බවකින් නොපෙලෙන ශක්තිමත් තැනැත්තෙකු බවයි. සාමාන්‍යයෙන් නිරෝගී හෝමෝන ක්‍රියාකාරීත්වයක් සහිත සෞඛ්‍ය සම්පන්න කෙනෙකුගේ ශුක්‍ර ධාතු නිසි ලෙස නිෂ්පාදනය වන අතර ඒවා සොබාවික ලෙස ඉවත්වීමක් නින්දෙදි සිදුවෙයි. නින්දේදී ඇතිවන සිහිනමය දර්ශනයක් හේතුවෙන් ලිංගික උත්තේජනයකට ලක්වී සිදුවන මේ පිටවීම ශරීරයට මෙන්ම මනසටත්, සැහැල්ලුවක් නිදහස් බවක් ලබාදෙන ස්වභාවික ක්‍රියාවලියක් පමණයි. ස්වයංවින්දනය මගින් ධාතු පිට නොකරන මෙන්ම එමගින් ධාතු පිටකරන අයටත් මේ තත්ත්වය පොදුයි. මෙසේ වීමෙන් පෙන්නුම් කරන්නේ ඔහු නිරෝගී තැනැත්තෙකු බවයි. මේ ලෙස ධාතු පිටවීම නිසා ඇඟ දුර්වල වන බවත් ඇඟපත පණ නැතිවන බවත් බොහෝ දෙනා පෙන්වා දෙන අසත්‍ය කරුණක්. ධාතු පිටවීම නිසා ඇඟ දුර්වල වීමට කිසිම හේතුවක් නැහැ. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ පෙන්වා දෙන්නේ සිහිනෙන් පිටවෙන ධාතුවල ශක්තිය සාමාන්‍ය සීනි හැඳි දෙකකින් ලැබෙන ශක්තියට සමාන බවයි. කාන්තාවන්ගේ සුද යාම නමැති තත්ත්වය ගැන ඇත්තේද මෙවැනිම මිත්‍යා මතයකි. ඇඟ උණුකරවා යාම ලෙස දැක්වෙන යෝනි මාර්ගයෙන් පිටවෙන සුදුවන් දියරයක් නිසා ඇඟ දියවී වැහැරී යන බව සමාජය තුළ තදින්ම බැසගත් තවත් මිත්‍යාවකි. සමහර වට්ටෝරු/බේත්කරුවන් කියන්නේ මෙසේ ඉවත්වන්නේ ශරීරයේ ඇටමිදුලු බවය. මේ සියල්ලම ව්‍යාජ බේත් විකුණා ගැනීම උදෙසා පතුරවා හරින මිත්‍යාවන්ය. කාලයකට ඉහත පැතිර තිබූ තවත් මතයක් නම් සිහිනෙන් පිටවෙන එක් ධාතු බිඳක් හදන්නට රුධිර බිංදු 500ක් වැයවන බවය. තමන්ගේ පාසල් කාලයේ පැතිර තිබූ මේ භීතිකාව ඉවත්වූයේ වෛද්‍ය විද්‍යාලයටත් ගිය පසුව බව විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ සඳහන් කරයි. එහිදී වෛද්‍ය මහාචාර්ය චන්න විජේසිංහයන් පැහැදිලි කරදී ඇත්තේ හරියට අපේ කටට කෙළ උනනවා මෙන් ශුක්‍ර තරලයද නිතර නිෂ්පාදනය වන බවයි. එසේම ඛේට ධාතුවත් ශුක්‍ර ධාතුවත් අතර ලොකු වෙනසක්ද නැති බවයි. මේ නිසා ශුක්‍ර ධාතු පිටවීම නිසා ඇඟ කෙට්ටු වෙනවා නම් දුර්වල වෙනවා නම් නිතර කෙළ ගසන විටත් එසේ විය යුතු නේදැයි මහාචාර්යවරයා විමසා තිබේ. මේ මිත්‍යාව ගැන සැබෑ තත්ත්වය ඇත්තෙන්ම එයයි. උපුටා ගැනිම - දේශය වෙබ් පුවත් පතනි 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 16 Apr 2017 07:41 PM මෙවා ඉතින් චාමර ..ඉසුරු මල්ලිලට ගොඩක් වැදගත් ලිපි 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 Apr 2017 11:24 PM අපේ සරොම් වල ඕන තරම් ඇති නේද? 0 isuru sampathSuper Senior MemberPosts:7342 17 Apr 2017 12:07 AM Posted By Ind007ka on 16 Apr 2017 07:41 PM මෙවා ඉතින් චාමර ..ඉසුරු මල්ලිලට ගොඩක් වැදගත් ලිපි 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 18 Apr 2017 05:40 AM හොර වෙද්දු නම් හොදට හම්බ කරනවා මේවට බෙහෙත් දී දී .. 0 You are not authorized to post a reply. Page 4 of 137 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner