You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 137 << < 12345 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Mar 2017 06:10 PM
මේක ඇතත්ක ද ?
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
03 Mar 2017 08:33 PM
ලුණු කියන්නේ නම් හොද විෂබීජ නාශකයක්..
ලුණු වතුර පරිසරයේ තිබෙන විෂබීජ නසනවා.. ඒ නිසා මෙහි ඒ හා සම්බන්ධයක් තියෙන්න පුළුවන්..
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Mar 2017 08:35 AM
මේක අත්හදා බලපු කෙනෙක් ඉන්නවද ?
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
17 Mar 2017 04:18 AM
නිවසේ සතුට සොම්නස වගේම සව්භාග්‍ය උදාකරගන්න කරන්න ඉතාම පහසු විදිහක් තියෙනවා. මෙච්චර බඩු හොයාගෙන මහන්සි වෙන්න ඕනේ නැහැ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
17 Mar 2017 04:23 AM
මොකක්ද බං ඒ ක්‍රමේ...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
28 Mar 2017 05:48 AM

මෙවැනි ගැටලුවක් ඇත්නම් සැමියාට නොපමාව ප්‍රතිකාර අවශ්‍යයි

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි 

ජීවිතයේ මැදි වයසේදී අඹු සැමියන්ට ඇතිවන ඇතැම් රෝග නිසා මානසික පීඩාකාරී තත්ත්වයන්ට පත්විය හැකිය. පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම ද එවන් තත්ත්වයකි. පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම යනු පුරුෂ ලිංගික පද්ධතිය අභ්‍යන්තරයේ ඉදිමුමක් විනා බාහිර අවයව ඉදිමීමක් නොවේ.

 

මුත්‍රාශයත් සමඟ ඊට පහළින් මුත්‍රා මාර්ගය වටකරගෙන පුරස්ථි ග්‍රන්ථිය පිහිටයි. එය වෝල්නට් එකක හැඩය ගනියි. පුරුෂ ශුක්‍රාණු සඳහා අවශ්‍ය තරලමය ස්වභාවය නිපදවන්නේ මෙම ග්‍රන්ථිය ආශ්‍රයෙනි. මෙය ප්‍රමාණයෙන් ඝන සෙන්ටිමීටර් 15 - 30 අතර වද්දී බර ග්‍රෑම් 20 - 25 අතර වේ.

පුරස්ථ ග්‍රන්ථිය ඉදිමීමේ ගැටලුව අවුරුදු 30 - 40 අතර කාලයේදිත් සිදුවේ. ඒ සාමාන්‍යයෙන් දොළොස් දෙනකුගෙන් එක් අයකුට වශයෙනි. අවුරුදු 40න් එහාට මෙය තවත් වැඩිවද්දී අවුරුදු 50 න් එහා සීමාවේදී සියයට 50 ක්මත් අවුරුදු 80 න් එහාට සියයට 80 කටත් වශයෙන් හට ගන්නට පුළුවන් බව සොයාගෙන ඇත.

පරීක්ෂණයකට බඳුන් වුවහොත් හැරෙන්නට මුල් අවස්ථාවේ රෝග ලක්ෂණ එතරම්ම මතු නොවේ. මෙය අවස්ථා තුනක් යටතේ දැක්වේ.

අධි වර්ධනය

පෞරුෂ ග්‍රන්ථියේ අධි වර්ධනය ඉන් පළමුවැන්නයි. මෙහිදී සාමාන්‍ය ප්‍රමාණයට වඩා සෛල වර්ධනය වේ. මෙම වර්ධනය වැඩිපුර සිදුවන්නේ මුත්‍රා මාර්ගයේ ඇතුළු පැත්තටවන නිසා මුත්‍රා මාර්ගයේ තෙරපීමක් සිදුවේ. මේ අවුරුදු 50 න් පසුව බොහෝදෙනකුට හටගන්නා තත්ත්වයයි.

ප්‍රදාහය

දෙවැන්න පුරස් ග්‍රන්ථි ප්‍රදාහයයි. මෙය තීව්‍ර සහ කාලීන ලෙස ඇතිවිය හැකියි. ඒ සඳහා බැක්ටීරියාවක බලපෑමක් තිබෙන්නට පුළුවන. මුල් අවස්ථාව හෙවත් තීව්‍ර අවස්ථාව කාලයක් ගතවූ විට ප්‍රදාහ තත්ත්වය ඇතිවේ. අහේතුකව හටගන්නට ද පුළුවන. ඇතැම්විට ප්‍රතිශක්තිකරණයේ අසාමාන්‍යතා මේ සඳහා හේතුවිය හැකියි. තරුණ වයසේ පසුවන පිරිස අතර වැඩිපුර දක්නට ලැබෙන ප්‍රදාහ තත්ත්වය අවුරුදු 40 - 50 අතර පිරිමින් හමුවේ බහුල වේ.

පිළිකාමය තත්ත්වය

තෙවැන්න පුරස්ථ ග්‍රන්ථි පිළිකා තත්ත්වයයි. වයස්ගත අය අතර මෙය බහුල වේ. රෝග ලක්ෂණවල පූර්ව නිමිති පහළ නොවන නිසා අවුරුදු 50 න් පසු කාලයේ ඒ සඳහා වූ පරීක්ෂණයකට ලක්වීම සුදුසුය. පවුලේ අයෙක් මෙවන් පිළිකාවකට ගොදුරු වුණි නම් ඒ සඳහා වූ පරීක්ෂණයකට ලක්වීම බෙහෙවින්ම වටී.

රෝග ලක්ෂණ

පෞරුෂ ග්‍රන්ථි අධි වර්ධනයේ දී බොහෝවිට රාත්‍රී කාලයේ වරින්වර මුත්‍රා බැහැර කිරීමේ අවශ්‍යතාව දැනේ. මුත්‍රා පිටකිරීමට වැඩි ආයාසයක් දැරීමට සිදුවේ. මුත්‍රා කළත් සම්පූර්ණයෙන්ම මුත්‍රා බැහැර නොවුණා යැයි හැඟීමක් ඇතිවේ. එසේම අවසන් මුත්‍රා ප්‍රමාණය බිංදු බිංදු වශයෙන් පිට වේ.

පුරස්ථ ග්‍රන්ථි ප්‍රදාහයේ දී අඹුසැමි එක්වීමෙන් පසු ලිංගික අවයවවල වේදනාවක් දැනේ. යටිබඩ රිදුම් දේ. නිතර මුත්‍රා පිටකිරීමේදී වේදනාවක්, දැවිල්ලක් දැනේ. සමහරවිට මුත්‍රවල පැහැය අපැහැදිලි ය.පිළිකා තත්ත්වයේ දී අසාමාන්‍ය සෛල වර්ධනයක් සිදුවේ. මෙහිදී බොහෝවිට ර්‍ථඉඒ පරීක්ෂණයෙන් හා අනෙකුත් අදාළ පරීක්ෂණ මඟින් මේබව සනාථ කරගත හැකිවේ.

පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව ඉහත කී රෝගාබාධවලින් පෙළේ නම් ඇල්කොහොල් භාවිතය සුදුසු නැත. අධික කුළුබඩු යෙදූ ආහාර තෙල් අධික ආහාර ගැනීමෙන් වැළකීම යහපත් ය. ජලය හොඳින් පානය කිරීම, මුත්‍රා හොඳින් පිටකරන දේශීය පානවර්ග ගැනීම අස්වැසිල්ලක් වේ. ඇවිදීම හොඳම ව්‍යායාමයකි. හැකිතරම් ආහාරයට ගත යුත්තේ කොළ වර්ග, එළවළු හා පලතුරු වර්ගයි.

ශල්‍යකර්මයකට නොයා

මෙහිදී ශල්‍යකර්මවලට බඳුන් වුවත් දිවි ඇතිතුරා සුවයක් ලද නොහැකි වේ. නැවත නැවත මේ සඳහා කෙරෙන සමහර ප්‍රතිකාර හා ශල්‍යකර්මවලින් පසුව ලිංගික ජීවිතයට බලපෑම් විය හැකියි. අතුරු ආබාධ ද අධිකය. එවැනි සංකූල ප්‍රතිකාරවලට නොයා රෝගය පාලනය කිරීමේ හැකියාව ආයුර්වේදය සතුය. කේරළ ක්‍රමයට අනුව නවීන තාක්ෂණයට සැකසූ අතුරු ආබාධවලින් තොර ඉතා ප්‍රත්‍යක්ෂ ඖෂධ ඇත.

වැරැදි ලිංගික චර්යාවන් මඟින් ද පුරස්ථි ග්‍රන්ථි ප්‍රදාහය ඇතිවිය හැකිය.

 

 

 

 

 

නිතර නිතර මුත්‍රාශයේ මුත්‍රා රැඳී තිබීම මුත්‍රා ආසාදනවලට හේතුවේ. මුත්‍රාශයේ බිත්ති දුර්වලවීමත් සමඟින් මුත්‍රා ගල් ඇතිවීමේ ප්‍රවණතාවක් ද ඇති වේ. වකුගඩුවලට ද හානි සිදුවිය හැකියි.

අඹු සැමි සංතෘෂ්ඨිය දිවි ඇතිතුරා නිකැළැල්ව පැවතිය යුතුය. ඒ සඳහා බාහිර බලපෑම්වලට ළඟාවීමට කිසිදු හිඩැසක් තැබිය යුතු නොවේ. කාන්තාවන් මේ පිළිබඳ දැනුවත්ව සිටීම අඹුසැමි ජීවිතය සරු කරවාවි.

 

 

 

උපදෙස් - ෆෙයාෆාමා සමාගමේ ජ්‍යෙෂ්ඨ ආයුර්වේද වෛද්‍ය

කුමාරසිරි වැයිහේන

 

 

 

දුරකථනය - 0777555600

-tharuni-

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Mar 2017 07:30 AM
ඉතාම වැදගත් ලිපියක් මල්ලි. දැන් ලෙඩ වලට වයසක් නෑනෙ.
ලිපියට ස්තූතියි මල්ලි.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
28 Mar 2017 06:35 PM
වැදගත් ලිපියක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Mar 2017 08:06 PM
ගොඩ දෙනෙක් රෝග වර්ධනය කර ගන්නේ නිසි ප්‍රතිකාර නොකිරීමෙන් හා නොදැනුවත් කමින්...
රෝගයේ මුල් අවස්ථාවේදී ප්‍රතිකාර කිරීමෙන් ගොඩක් රෝග නිවාරණය කර ගන්න පුළුවන්...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 Mar 2017 08:25 PM
ඉතාමත් වැදගත් ලිපියක්...........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
28 Mar 2017 09:29 PM
අපේ රටේ ලිංගික අධ්‍යාපනය තුලින් දැනුවත් කිරීමේ ප්‍රවනතාවය හරි අඩුයි. ඒ නිසා ගොඩාක් අය මේ පිළිබඳව දැනුවත් නැහැ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
29 Mar 2017 06:06 PM

ලෙඩට දුකට හෙළ ඔසු නිදුක් නිරෝගී සුව දෙන කහ

 

ආයුර්වේද ඖෂධයක් ලෙසත්, ආහාර වර්ණකයක් ලෙසත් කහවලට හිමිවනුයේ සුවිශේෂි තැනකි.

ක්‍මරජමප් ඛදබට් විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කහ දමිළ බසින් මංජල් යනුවෙන් හැඳින්වේ. සංස්කෘත භාෂාවෙන් රාත්‍රිය හඳුන්වන සෑම නමකින්ම කහ හැඳින්වෙන අතර ඒ අතර රාජනි, නීසා, රත්තී, සංවරී, කෘමික්මී, හරවිලාසිනි (ශරීරය ලස්සන කරන බැවිනි) දීර්ඝ රාගා (වාජීකරන ගුණයක් ඇති හෙයින්) යනුවෙන් කහ හැඳින්වේ.

 

ආහාර සඳහා කහ ශාකයේ අල සහ මල් භාවිත කෙරෙන අතර, ඖෂධයන් සඳහා කහ ශාකයේ කොළ, මල්, අල සහ ගොබ යොදා ගැනේ.

ආයුර්වේදයට අනුව,
හරං කහ
වනහරි (වල් කහ)
ආමුර ගන්ධ හරිදු (අඹ සුවඳ වෑහෙන) ලෙස කහ වර්ග කෙරේ.

වසර 4000ක අතීතයේ සිට මෙරට භාවිත කෙරෙනා කහ ශාකයේ ජන්ම භූමිය ලෙස සැලකෙන්නේ ඉන්දියාවය. කෙසේ නමුත් පොත පතේ සඳහන් වන්නේ කහ ප්‍රතිකාර සඳහා මුලින්ම යොදවාගෙන ඇත්තේ දකුණු ඉන්දියාවෙන් පැවතගෙන ආ “සිද්ධි වෛද්‍ය ක්‍රමය” හරහාය.

ඖෂධීය ගුණය
ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළින්ම ඇති කහ තරුණ බව රැකීමට, සම පැහැපත් කිරීමට ඉතා සරලවම යොදාගත හැකි මහඟු ඖෂධයක් වේ.

තිත්ත සහ කටු රසයෙන් යුතු කහ කප සහ වාතය හේතුවෙන් හට ගන්නා රෝගයන් මැඬලීමට ඉතාම ගුණදායකය.

රක්ත ශෝදක ගුණයකින් යුතු කහ සමේ රෝග සඳහා විශේෂයෙන් භාවිත කෙරේ. විශේෂයෙන්ම සුව නොවනා තුවාල සුවකර ගැනීමටද අතීතයේ සිට මේ දක්වාම කහ භාවිත කර තිබේ.

ආයුර්වේදයේ ප්‍රධානම ග්‍රන්ථ තුනක් වන චරක සංහිතාව, සුඍතය, අෂ්ඨාංග හෘදය යන තුනෙහිම කහ ගැන දීර්ඝ ලෙස විස්තර කර ඇති අතර, චරකයේ තරුණ බව රැක ගැනීමට භාවිත කරනා ප්‍රධානම රස කොටස් ලෙස නම්කර ඇත්තේ කහය. 

 

 

අතීතයේදී රාජකුමාරිකාවන් තම රූප ස්වභාවය වර්ධනය කර ගැනීමටත්, ශරීර පැහැය ආරක්ෂාකර ගැනීමටත්, ස්නානයට පෙර කහ, සඳුන්, සහ කොකුම් පොතු තම්බා, අඹරා ශරීරයේ ගැල්වූ බවද ඉතිහාස සාක්ෂි අතර හමුවේ.

හිසේ සිට පාදන්තය දක්වාම රෝග නිවාරණය සඳහා භාවිත කළ හැකි කහ ක්ෂුද්‍ර නාශක ගුණයකින් යුතුය. 

ප්‍රමේහ රෝගීන් (මධුමේහය) සඳහා පිළියෙල කරනා කසායවලට මෙන්ම කසාය භාවිතයෙදී යොදා ගන්නා අනුපාන සඳහාද භාවිත කෙරේ.

මව්කිරි පිරිසුදු කිරීමේ ගුණයකින් යුතු කහ අක්ෂි රෝග සඳහාද භාවිතා කරනා ඖෂධ අතර ප්‍රධාන වේ.

ආයුර්වේද ඖෂධීය තෛල වර්ග, කල්ක සහ ප්‍රලේප සකස් කිරීම සඳහා යොදා ගන්නා කහවලින් ශ්වසන රෝගීන්ට රෝගී අවස්ථාවේදී එය නිවාරණය සඳහා දුම් ඇල්ලීමද සිදුවේ.

කූඩැල්ලන් කෑ විට ඇතිවන රුධිර වහනය නතර නොවනා තත්ත්වයේදී කහ කුඩු, මී පැණි සමඟ මිශ්‍රකර තුවාලයට තැබීමෙන් රුධිරය යෑම නතරවී තුවාලය සුවවේ.

අපස්මාර රෝගයෙන් පෙළෙන්නන්ට කහ කුඩු දමා දුම් ඇල්ලීමෙන් ගුණය ලැබෙන අතර කහ දුම ඇල්ලිය යුත්තේ රාත්‍රියේදී බවද ආයුර්වේදයේ පෙන්වා දේ. 

එලෙසින් දුම් ඇල්ලීමෙන් පසු පැය 2-3 යන තුරු ජලය පානය නොකළ යුතු බවද ශාස්ත්‍රයෙහි ඉගැන්වේ. තවද ගෝනුස්සන් දෂ්ට කළ විට කහ කුඩු දමා දුම් ඇල්ලීමෙන් ගුණයක් ඇති බව ග්‍රාමීයව ජීවත්වන්නෝ දනිති. 

කන් අමාරු ඇති විට කහ කුඩු සිනාක්කාරම් කුඩු 1:20 අනුපාතයට ගෙන කන සේදීම සුදුසුය.

අක්ෂි රෝග සඳහා බහුලවම භාවිත කරනුයේ කහ ශාකයේ අල නොව මුල් වීමද විශේෂත්වයකි.

සමේ බිබිලි ඇති විට අත් කහ සහ ඔලිව් සමඟ මිශ්‍රකර හෝ අත් කහ තල තෙල් සමඟ මිශ්‍රකර ගැල්වීමෙන් ඉක්මන් සුවය ලැබේ. 
පැපොල රෝගයේදී හට ගන්නා තුවාල කැළැල්වලට කහ කුඩු මී පැණියෙන් අඹරා ගැල්වීමෙන් කැළැල් ඉක්මනින් නැතිවී යන අතර තුවාල ඇති අවස්ථාවේදී ඇතිවන කසන ස්වභාවයද එමගින් නැතිවී යයි.

හන්දි ඉදිමෙන අවස්ථාවේදී කහ කුඩු වෙඩි ලුණු සමඟ මිශ්‍රකර ඉදිමුණු ස්ථානයේ ගැල්වීමෙන් ඉක්මන් සුවය ලැබේ. වේදනා සහිත ඉදිමුමටද මෙය ඉතාම යෝග්‍යය.

ආමාශගත රෝග රැසකට පහතින් දැක්වෙන කසාය ඉතාම යෝග්‍යය.

වියලි කහ, තිප්පිලි, වියළි ඉඟුරු, එනසාල්, වළඟසාල් කලන් 6 බැගින් ගෙන, කළු ගම්මිරිස් කලන් 3ක් යොදා චූර්ණකර, මිශ්‍රකර, කලන් බාගය බැගින් උදේ සවස ගැනීම යෝග්‍යය. කෙසේ නමුත් කහ ඖෂධ ප්‍රතිකාරය පිත්නාළයේ රෝග ඇති අයට ලබා නොදිය යුතු බව ආයුර්වේදයේ පෙන්වා දේ.

පීනස් රෝගයෙන් පෙළෙන්නන්ට, වියළි ඉඟුරු කුඩු මේස හැඳි 01, වියලි කහ කුඩු මේස හැඳි 01, තැඹිලි ගෙඩියක ඇස්ස කපා රාත්‍රියට මෙම ඖෂධ දමා තබා උදෑසන පානය කිරීමෙන් රෝගය සුවවේ.

බරවා රෝගයේදී සුදු රුධිරානු සෛල වැඩිවන අවස්ථාවේදී කහ කුඩු මී පැණි සමඟ මිශ්‍රකර රෝගියාට ලබාදීම රෝග සුව වීමට හේතු වන්නකි.

හන්දි ඉදිමෙන අවස්ථාවේදී අමු කහ, මී පැණි දමා අඹරා, ඉදිමුම ඇති ස්ථානයේ ගැල්වීම ඉතාම යෝග්‍යය.

කහ අලයෙහි බහුලව අඩංගු කර්කියුමින් රසායනය හේතුවෙන් කහ වර්ණය ලැබී ඇති අතර වර්ණ ගැන්වීමේ ක්‍රියාවලිය සිදුවන්නේ එහෙයිනි.

ලොව දත්ත පිරික්සීමේදී කහ භාවිතයෙන් වර්ණ ගැන්වීම වැඩිපුරම කරන රටවල් ලෙස හැඳින්වෙන්නේ පර්සියාව සහ ඉරානයය.
ආහාර රස ගැන්වීම සහ ආහාර වර්ණ ගැන්වීම සඳහා භාවිත කරන ඊ කාණ්ඩයේ අංක අතර කහ සංකේතවත් කර ඇත්තේ ෑ 100 ලෙසය.

අදවනවිට ලොව පුරා කහ ඖෂධයකට අමතරව චීස්, බටර්, මාගරින්, අච්චාරු, මත්පැන්, පලතුරු, කේක්, ජෙලි, සෝස් වර්ග, අයිස්ක්‍රීම්, ජෙලටීන්, පොප්කෝන් මෙන්ම බත් වර්ණ ගැන්වීමටද භාවිත කරන බව සඳහන්ය. 

මධුමේහය රෝගීන්ට ගුණදායක කහ කොලොස්ට්‍රෝල් රෝගීන්ගේ එල්. ඩී. එල්. කොලෙස්ට්‍රෝල් ප්‍රතිශතය අඩු කිරීමටත් උපකාරී වේ.

රුධිරයේ මේද ප්‍රමාණය අඩු කිරීමේ ගුණයකින් යුතු කහ, උළුහාල් සමඟ මිශ්‍රකර ගැනීමෙන් මේදය ජීර්ණ කිරීමේ ක්‍රියාවලිය පහසු කෙරේ.

සොරයිසිස් නම් පොතු කබර රෝගයෙන් පෙළෙන්නන්ටද කහ භාවිතයෙන් රෝග පාලනයට ගුණදායකය.

ප්‍රතිශක්ති ගුණය ඉහළින්ම ඇති කහ පිළිකා නාශක ගුණයෙන්ද යුක්තය. විශේෂයෙන්ම අග්න්‍යාසයේ, අන්නශ්‍රෝතයේ සහ අන්ත්‍රයේ ඇතිවන පිළිකා වළක්වා ගැනීමේ ගුණයකින් යුතු කහ අසාත්මිකතාවලදී බාහිරින් ගැල්වීමෙන් සුවය ලැබේ. 

පේශී වේදනාවන් ඇති විට කහ කුඩු, පොල්තෙල් සහ තල තෙල් මිශ්‍රකර ආලේප කිරීමෙන් ක්ෂණිකව වේදනාව නැතිවී යන බව ආයුර්වේදයේ පෙන්වා දේ. පුරුෂයන්ගේ පුරස්ථි ග්‍රන්ථි ඉදිමීමේදී බාහිරින් යටිබඬේ ගැල්වීමත්, කසාය පිළියෙල කර පානය කිරීමත් ඉතාම ගුණදේ.

ආමාශගත තුවාල ඇති කරවන බැක්ටීරියාව විනාශ කිරීමේ හැකියාවක් කහ සතුවන අතර එවැනි රෝගීන්ට දිනපතා කහ ග්‍රෑම් 3ක් මී පැණියෙන් ගැනීම යෝග්‍යය.සමේ ඇතිවන දිලීරවලදී පුපුල කොළ, අමුකහ කොටා දෙහි ඉස්ම සමඟ මිශ්‍රකර ආලේප කිරීම ඉතාම යෝග්‍ය ඖෂධයක් වේ.

මහා අන්ත්‍රයේ හට ගන්නා රෝගී තත්ත්වයන් සමනය කිරීමට සමත් කහ, කටින් කෑමට සේම රෝගීන් වස්ති කිරීමටද යොදා ගැනේ.
පෙනහලු පිළිකාවලදී කහ, ඉඟුරු, කුරුඳුපොතු සමඟ ගැනීම යෝග්‍ය අතර එයටම කහ, සුදුලූනු, කළු ගම්මිරිස් ද මේ සඳහා භාවිත කෙරේ.

සමේ ඇතිවන පිළිකා තත්ත්වයන්ගේ දී කහ කුඩු කෝමාරිකා සමඟ මිශ්‍රකර ආලේප කෙරේ. 

සුව නොවනා තුවාල ඇති විට අමු කහ අල, පලා කෝමාරිකා පිත්තේ මැදට දමා වතුර නොදා ගන්නා පොල්කිරි දමා මැටි මුට්ටියක දමා තම්බා අඹරා තුවාලය ඇති ස්ථානයේ බැඳීමෙන් සුව නොවනා තුවාල ඉක්මනින් සුවවේ.

ඇතැම් පුද්ගලයන්ගේ සමේ මේද ගැටිති ඇති විට අහු ගැට, අමු කහ, හාල් සේදූ වතුරෙන් තම්බා අඹරා ගැල්වීම යෝග්‍යය.

අන්සයිමර් රෝගීන් සඳහා අමුක්කරා අල සමඟ කහ දමා සාදා ගන්නා කසාය ආයුර්වේදයේදී භාවිත කෙරේ. ඇදුම රෝගීන්ට ඇතිවන ආසාත්මිකතාවලදී භාවිතා කෙරෙනා කහ ශරීරයේ ඇතිවන ආසාත්මිකතාවලදී තැඹිලි කොළ සමඟ කහ කුඩු දමා දුම් ඇල්ලීමෙන් ඉක්මන් සුවය ලැබේ.

ඖෂධීය ගුණයෙන් ඉහළ කහ ඉන්දියාවේ මෙන්ම අප රටේද සිදුකරන සෑම දේව පූජාවකදීම භාවිත කෙරෙන ප්‍රධානම අමුද්‍රව්‍ය වන අතර සෑම ශාන්ති කර්මයකදීමද භාවිත කෙරේ. තවද අතීතයේදී අප රටේ මෙන්ම ඉන්දියාවේ නිවසක තැන්පත් කෙරෙන මෘත ශරීරයක් කනත්ත කරා ගෙන ගිය පසු කහ යොදා මිනිය තැන්පත් කළ ස්ථානය පිරිසුදු කෙරේ. මෙමගින් කිලිහරණය කිරීමක් වෙන බව එදා මෙන්ම අදද පැවතගෙන එන විශ්වාසයකි.

මිනිසුන්ගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා භාවිත කෙරෙන කහ අශ්වයන්ට ඇතිවන රෝග සඳහාද බහුලවම භාවිත කෙරෙනා ඖෂධයක් වේ.

අතීතයේදී සිවුරු පඬු සෑදීමටද කහ භාවිත කළ අතර අදටද විවිධ වර්ණ ගැන්වීම් සඳහා කහ යොදා ගැනේ.

සටහන : අසුන්තා එදිරිසූරිය

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
29 Mar 2017 07:38 PM
ස්තුත්යි ලිපියට
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Mar 2017 09:26 PM
වැදගත් ලිපියක් .බොහොම ස්තූ තියි මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට .
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 Mar 2017 09:51 PM
කහ කියන්නේ විසබීජ නාෂකයක් සහ රූපලාවන බෙහෙතක් හැටියට පාවිච්චි කරන බව නම් අසා තිබුණා. බොහොමත්ම ස්තූතියි මේ වැදගත් තොරතුරු ලබාදුන්නට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
29 Mar 2017 10:02 PM
වද කහ කියල ගන්නෙ එතකොට මොනවද? ආයුර්වේද සඳහා ගන්නෙ වද කහ. පොඩි ළමයින්ගේ බඩේ අමාරු වලට එහෙම දෙන්නෙ?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Mar 2017 06:01 AM
කහ හුගක් රෝග වලට ගුන දෙන ඔසුවක්.....ඉස්සර නම් හැම ගම ගෙදරකම පදුරක් දෙකක් තිබුනා.
දැන් බේත් වලට හොයාගන්නත් වටේ යන්න ඕනෙ.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
31 Mar 2017 07:45 PM

කාස රෝගය මාරකයක් හැබැයි බේරෙන්නත් පුළුවන්

කාසය හෙවත් ක්ෂය රෝගය දැන් බහුල ලෙස පැතිර යන රෝගයක්. වසරකට රෝගීන් 13757ක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා. මේ රෝගය නිසි වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් නිට්ටාවට සුවකරගත හැකි රෝගයක්. පසුගිය වසරේ වාර්තාගත රෝගීන් සංඛ්‍යාව 8886ක් දක්වා අඩුකරගන්නට අපට හැකි වී ඇත්තේ නිසි කලට ප්‍රතිකාර ලබාගන්නට යොමුවීම නිසයි. මේ සඳහා රෝග ලක්ෂණ පහළ වූ වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතුයි.

ක්ෂය රෝගය කියන්නේ මොකක්ද?

• වාතය මගින් බෝවන රෝගයකි
• ක්ෂය රෝග කාරකය බැක්ටීරියාවකි
• පරම්පරාගත රෝගයක් නොවේ

ක්ෂය රෝගය බෝවන්නේ කොහොමද?

ප්‍රතිකාර නොගන්නා, පෙනහළු ආශ්‍රිත ක්ෂය රෝගය ඇති රෝගීන් කහින විට, කිවිසුම් හරින විට සිනාසෙන හා කතාකරන විට විෂබීජ සහිත සෙම බිඳිති වාතයට එකතුවේ. මෙම විෂබීජ ආශ්වාස කිරීමෙන් රෝගය ආසාදනය වේ. වැඩි වශයෙන් පෙනහළු ආශ්‍රිතව වැළඳේ. ශරීරයේ වෙනත් ඕනෑම ඉන්ද්‍රියක රෝගය ඇතිවිය හැකිය.

ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ

(මේ රෝග ලක්ෂණ ඇත්නම් වහාම ළඟම ඇති රෝහල් සායනය වෙත යන්න)

1. සති දෙකකට වැඩි කැස්ස

2. රාත්‍රී කාලයේ ඇතිවන මඳ උණ

3. ශරීරයේ බර අඩුවීම

4. රාත්‍රී කාලයේ අධික දහදිය දැමීම

5. කෑම අරුචිය

6. සෙම සමඟ රැධිරය පිටවිම

ඉහත සඳහන් රෝග ලක්ෂණ එකක් හෝ වැඩි ගණනක් ඇත්නම්, ළඟම පිහිටි ළය රෝග සායනයට/ සෙම පටල පරීක්ෂණාගාරයට පැමිණ නොමිලේ සෙම පටල පරීක්ෂාවක් කරගන්න. නිසි ප්‍රතිකාර දිනපතා මාස 6ක් ගැනීමෙන් ක්ෂය රෝගය සම්පූර්ණයෙන් සුව කළ හැක.

ප්‍රතිකාර පැහැර හැරීමෙන්,

• රෝගය සුව නොවේ.

• රෝගය බෝ කරන්නෙකු බවට පත්වේ.

• සුව කළ නොහැකි බහු ඖෂධ ප්‍රතිරෝධ ක්ෂය රෝගී තත්ත්වයට වුවද පත්විය හැක.

ශරීර ප්‍රතිශක්තිය දුර්වල වීම රෝගය වැළඳීම පහසු කරයි.

1. පාලනය නොවූ නිදන්ගත රෝග - දියවැඩියාව

2. එච්.අයි.වී./ඒඩ්ස් රෝග ආසාදනය

3. මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම්වැටිවලට ඇබ්බැහිවීම

4. මන්දපෝෂණය

5. අවයව බද්ධ කිරීම වැනි දිගුකාලීන ස්ටීරෝයිඩ ප්‍රතිකාර ලබාගන්නා අවස්ථා

6. කුඩා ළදරුවන් හා වයස්ගත වූවන්

රෝගය පැතිර යාම වළක්වා ගැනීමට...

• සැක සහිත රෝග ලක්ෂණ සහිත නම් වෛද්‍යවරයකු වෙත / ළය රෝග සායනයට හෝ සෙම පටල පරීක්ෂණාගාරයකට ගොස් පරීක්ෂා කර ගන්න / යොමුවන්න.

• ඔබ හඳුනාගත් ක්ෂය රෝගියෙකු නම් නිසි පරිදි දිනපතා නොකඩවා මාස හයක් ප්‍රතිකාර ගන්න.

• ප්‍රතිකාර අතපසු නොකරන්න. පැහැර නොහරින්න, අතරමඟ නතර නොකරන්න.

• කහින විට, කිවිසුම් යනවිට ලේන්සුවකින් මුව ආවරණය කරගන්න.

• තැන තැන කෙළ ගැසීමෙන් වළකින්න.

• මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් වළකින්න.

• දියවැඩියාව, ඇදුම වැනි කල් පවතින රෝග තත්ත්ව ප්‍රතිකාර මගින් නිසි පරිදි පාලනය කරගන්න.

• ක්ෂය රෝගය පිළිබඳව අන් අය දැනුවත් කරන්න.

• ක්ෂය රෝගීන් කොන් නොකිරීමට හා ඔවුන්ට නිසියාකාරව ප්‍රතිකාර ගැනීමට සහාය වන්න.

වැඩිදුර විස්තර දැනගන්නට මෙතැනට කතා කරන්න.

ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන 
අංක 555/5, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05
0112-368386

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
31 Mar 2017 10:04 PM
අපේ රටේ ගොඩක් රෝග පැතිරෙන්න හේතුව ජනතාවගේ නොදැනුවත් කම සහ නොසැලකිල්ල.. බොහොමත්ම ස්තූතියි මේ වැදගත් ලිපියට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
01 Apr 2017 01:40 AM
වැදගත් ලිපියක්
බොහොම ස්තුතියි
0
You are not authorized to post a reply.
Page 3 of 137 << < 12345 > >>