Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari Jayasekara අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 137 << < 34567 > >> Author Messages Indika DampahalaVeteran MemberPosts:3410 18 Apr 2017 09:10 PM බය වෙන්න එපා ඉසුරුවො .. ඕක ලෙඩක් නෙමෙයි ..පිළිවෙලක් වෙද්දී ඕක හරියනවා 0 chamara duleepMost Senior MemberPosts:13471 21 Apr 2017 05:10 AM වකුගඩු රෝගය කල්යත්ම උත්සන්න වීමෙන් රෝගී පුද්ගලයා මුහුණපාන ප්‍රධාන ගැටලු රැසකි. ඒ අතරින් රෝගී පුද්ගලයාගේ වකුගඩුවෙන් නියමිත ආකාරයට අපද්‍රව්‍ය ඉවත් නොවීම හේතුවෙන් මුත්‍ර නිපදවෙන ප්‍රමාණය අඩුවේ. කාලීන වකුගඩු අකරණිය උග්‍ර අතට පත් වූ විට රෝගියාට කුමන හෝ ක්‍රමයකින් රුධිරය පිරිසුදු කිරීම අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි. නොඑසේනම් අපද්‍රව්‍ය ඇතැම් ලවණ වර්ග සහ රුධිරයේ ආම්ලිකතාව ඉහළ යෑමෙන් ශරීරයේ සමතුලිතතාවට බාධා පමුණුවා ජීවිතය අනතුරුදායක තලයකට ගෙන යාමට ඇති අවකාසය නිසයි. වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසුදු කිරීම සඳහා වර්තමානයේදී ලොව සෙසු රටවලත් ප්‍රධාන ක්‍රම 02ක් භාවිත නෙරේ. එනම් රුධිර කාන්දුකරණය ( hemodialysis ) සහ පෙරිටෝනියල් ඩයලිසිස් ( peritoneal dialysis ) හෙවත් පරිතාන කුහරය හරහා කෙරෙන රුධිර පිරිසුදු කිරීමයි. අපගේ උදර කුහරය වට කරමින් ඇති පටලයක් වන පරිතාන පටලය ආධාරයෙන් වකුගඩු අකර්මණ්‍යතාවකදී රුධිරය පිරිසුදු කිරීමේ ක්‍රමය පෙරිටෝනියල් ඩයලිසිස් නමින් හැඳින්වේ. විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද තරලයක් උදර කුහරයට ඇතුළු කර පරිතාන පටලයේ ඇති රුධිර නාල ඔස්සේ සිදුවන අපද්‍රව්‍ය හුවමාරුවෙන් රුධිරය පිරිසුදු කරනු ලැබේ. මෙහිදී උදර කුහරයට තරලය ඇතුළු කිරීමට නළයක් අවශ්‍ය වේ. උදර කුහරයට නළය ඇතුළු කිරීම සඳහා කුඩා සැත්කමක් කළ යුතු අතර එයාකාරයෙන්ම මෙය එහි රඳවා තබා ගැනුමට පුළුවන. සාමාන්‍යයෙන් සැත්කමින් සති 4ක් 6ක් අතර කාලයකින් නළය උදර කුහරයේ බිත්තිවලට සවිවේ. රුධිරය පිරිසුදු කිරීම ඇරැඹෙන්නේ ඉන් පසුවයි. ඉහත දැක්වූ කාලයට ප්‍රථමයෙන් නළය භාවිත කළොත් සිදු වන්නේ තරලය උදර කුහරයෙන් එළියට කාන්දු වීමයි. නළය භාවිත කළ හැකි අවස්ථාවේ පටන් රෝගියාට නිවසේදීම මෙය ආධාරයෙන් උදර කුහරයට තරලය ඇතුළු කිරීම, ඉවත් කිරීම මගින් රුධිරය පිරිසුදු කර ගත හැකි වේ. මුලින්ම මෙම ක්‍රමය සම්බන්ධයෙන් රෝගියාටත්. ඔහුගේ පවුලේ පුද්ගලයකුටත් අවශ්‍ය කෙරෙන පුහුණුව ලබාදේ. මෙයාකාරයෙන් දිනකට 04 වතාවක් හෝ 05 වතාවක් මෙම හුවමාරුව සිදුවේ. වඩාත් සුදුසු නුසුදුසු රෝගීන් කවුරුන්ද? පෙරිටෝනියල් ඩයලිසිස් සඳහා වඩාත් සුදුසු වන්නේ විවිධ රෝගාබාධ නිසා hemodialysis ප්‍රතිකාර ක්‍රමයට නුසුදුසු වන අයයි. උදාහරණයක් ලෙස හෘද වස්තුවේ දුර්වලතා ඇති පුද්ගලයන් සඳහන් කළ හැකියි. එහෙත් ඕනෑම කෙනෙකුට මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිත කිරීමේ ගැටලුවක් නැත. එහෙත් අප විශේෂයෙන් මතක තබා ගත යුතු පුද්ගලයෝද වෙති. එනම් උදර කුහරයේ ශල්‍යකර්මවලට භාජනය වූවන්, බඩවැල - මුත්‍ර මාර්ගය උදර කුහරය හරහා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශල්‍යකර්මවලට භාජනය වූවන් , ඉතා ස්ථුල පුද්ගලයන් සහ ශාරීරික දුර්වලතා හේතුවෙන් ඉහත සඳහන් කළ තරලය ඇතුළු කිරීම , ඉවත් කිරීම තමන්ට කර ගැනීමට අපහසු අයයි. එක්සත් රාජධානියේ ඩම්ෆ්‍රීස් සහ ගැලොවේ ජාතික වෛද්‍ය සේවයේ වකුගඩු සහ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීකා රත්නමලල - සටහන - මාධවී ධර්මරත්න උපුටා ගැනිම -ලංකාදීප වෙබ්පුවතින් 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 21 Apr 2017 06:05 AM හොද දැනුවත් කිරීමක් ...ස්තුති ලිපියට . 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 21 Apr 2017 06:11 AM හොඳ දැනුවත් කිරීමක්. බොහෝම ස්තූතියි. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Apr 2017 08:11 AM අපේ ශරීරයේත් මොන මොන ලෙඩ රෝග තියෙනවාද දන්නේ නෑ... ස්තූතියි ලිපියට... 0 chamara duleepMost Senior MemberPosts:13471 21 Apr 2017 07:14 PM මොකක්ද මේ ධාතු ලෙඩේ මුත්‍රා සමඟ ධාතු පිටවෙනවා කියන කතාව තරුණ වියේ බොහෝ දෙනා තුළ ඇතිවන අනියත භීතිකාවක් ඇතිකර ඇති තවත් ලිංගික මිත්‍යාවකි. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ පෙන්වා දෙන්නේ මුත්‍රා සමඟ ධාතු පිටවීමක් සිදු නොවන අතර එහෙම රෝගයක් ගැන නවීන වෛද්‍ය විද්‍යාව තුළ කොහේවත් සඳහන්ව නැති බවය. මෙය මුළුමනින්ම මිථ්‍යාවක් වන අතරම බඩ වඩා ගන්නට සිතා බොරු අදහස් පතුරවන පිරිසකගේ තවත් උප්පරවැට්ටියකි. වෛද්‍ය ආරියසේන යූ. ගමගේ පෙන්වා දෙන්නේ සාමාන්‍ය නිරෝගී අයකුගේ මුත්‍රා අවර්ණ බවය. පැහැදිලි ජලය බඳුය. ඒ වුණත් ජලය අඩුවෙන් පානය කළ විට එහෙම නැත්නම් සමහර ආහාර පාන ඖෂධ ලබාගත් විට ඒවාගේ ඇති වර්ණක නිසා මුත්‍රා වල වර්ණය වෙනස් වන්නට හැකිය. නිදසුනක් හැටියට බීට්රූට් කෑ විට මුත්‍රා වල රතු වර්ණයක් ඇතිවෙයි. විටමින් බී සිරප් හෝ පෙති පානය කළ විට අමතර ප්‍රමාණය ජලය සමඟ දියවී පිටවී යන නිසා මුත්‍රා කහ පැහැයකට හැරෙයි. නමුත් මේ සියල්ල ස්වභාවික තත්ත්වයන්ය. එසේම ලිංගික සංසර්ගයට පසු එහෙමත් නැත්නම් ස්වයං වින්දනය හෝ ස්වප්න මෝචනයට ලක්වීමට පසු පිටවෙන ධාතු හෝ ශුක්‍රානු ඉතා ස්වල්පයක් රැඳී තිබිය හැකිය. මේ තත්ත්වයද ඉතාමත් ස්වභාවික බව විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ කියයි. මේ කියන අන්දමේ මුත්‍රා සමඟ ධාතු පිටවෙන රෝගයක් කිසිසේත්ම දක්නට නැති බව පෙන්වා දෙන ඔහු සමහර ස්වභාවික කාරණා වරදවා වටහාගැනීමෙන් මේ මුත්‍රා සමඟ ධාතු පිටවෙන කතාවට තටු ලැබී ඇති බව පෙන්වා දෙයි. සමහරු මේ දේවල් රෝගී තත්ත්වයක් බව පෙන්වාදී මුදල් ගරති. නමුත් ඇත්ත මෙන්න. මුත්‍රා පැහැදිලි වීදුරු භාජනයකට දමා ආලෝකයට අල්ලා බැලූ විට එහි වළාකුළු මෙන් ස්වභාවයක් පෙනෙනවා නම් එයට හේතුව ධාතු පිටවීම නොවේ. එයට හේතුව ප්‍රෝටින හෝ පොස්පේට් කාණ්ඩයට අයත් ලවණ සංයෝග හෝ රුධිරය සුළු ප්‍රමාණයක් ඉවත් වීම විය හැකිය. ප්‍රෝටින හෙවත් ඇල්බියුමින් පහවීමට හේතුව වකුගඩු රෝගී තත්ත්වයකි. නැතිව වෘෂණ තුළ ඇති ශුක්‍රාණු මුත්‍රාවලට එක්වීම නොවේ. සමහර පිරිමින් මළ පහ කිරීම හෝ මුත්‍රා කිරීම සඳහා බිම ඉඳගත් විට මුත්‍රාශය හා ගුදය අතර පුරස්ථි ග්‍රන්ථිය සහ ශුක්‍ර ආශයිකා තෙරපීම නිසා කලාතුරකින් ශුක්‍රානු ස්වල්පයක් මුත්‍රා කිරීමට පෙර ගලා ඒමට හැකිය. එය දකින අය තමන්ට ධාතු පිටවෙනවා යැයි බියට පත්වෙති. හිතෙන් ලෙඩ වෙති. ඈලි මෑලි ගතිය සිරැර කෙට්ටු වීම උදෙසා එය හේතුවක් යැයි සිතා ඇතැම් විට කාංසාවට, මානසික අවපීඩනයට පවා ගොදුරැ වෙති. ඇත්තෙන්ම මෙබඳු රෝගයක් ගැන ප්‍රසිද්ධ කර ඇත්තේ එමගින් මුදල් ගරන ජාවාරම් කාරයන්ය. ♦ උපදෙස් විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ උපුටා ගත්තේ - දේශය වෙබ් පුවතින් 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Apr 2017 07:17 PM චාමර මල්ලිට බෙහෙත් ගන්න වෙයි වගෙ 0 chamara duleepMost Senior MemberPosts:13471 21 Apr 2017 07:17 PM පුටු රත්කරන්නන්ට ලෙඩ ගොඩාක් අපි කුමන හෝ කාර්යයක එක දිගටම නිරත වෙනවානම් එයින් සුළු හෝ අපහසු බවක් අත්විඳිනවා. පාසලේදී, කාර්යාලයේදී, නිවසේදී ප්‍රමාණය ඉක්මවා වාඩි වී සිටින්න අපි යොමු වී තිබුණත් ඒ තුළින් ඇතිවන බලපෑම් නිසා අපගේ රුධිර නහරවලට සිදුවන ගැටලුකාරී තත්ත්වයන් කීපයක් තිබෙනවා. ඒ තුළින් රුධිර සංසරණය ප්‍රමාද වීමත්, නහර හැකිළීමත් සිදුවෙනවා. තවත් අතුරු ආබාධ රැසකුත් ඇතිවෙනවා. මොනවද ඒ අතුරු ආබාධ. දෙපාවල ආබාධ දිගින් දිගටම වාඩි වී සිටීම තුළින් වළලු කර ඉදිමීම මෙන්ම නහර ඉදිමුමද ඇති විය හැකියි. නමුත් ඊට අමතරව මෙම තත්ත්වය නිසා ලේ නහරවල ලේ කැටිගැසීමද සිදුවෙනවා. අස්ථිවල දුර්වලතා නොකඩවා ක්‍රියාකාරකම් හෙවත් කාර්යයන්වල අඩු වශයෙන් නිරත වීමෙන් ඔස්ටියෝපොරොසිස් තත්ත්වය හටගැනීමේ ප්‍රවණතාවන් තිබෙනවා. ඒ තුළින් සිදුවන්නේ අස්ථි බිඳ වැටීමයි. පසු ප්‍රදේශයන්හි වේදනා සිටගෙන සිටිනවාට වඩා ඉඳගෙන සිටීම තුළින් කශේරුකාවට ඇතිවන බලපෑම වැඩි බව සොයාගෙන තිබෙනවා. මෙසේ දිගින් දිගටම වාඩිවී සිටීම තුළින් පිටුපස අස්ථිවල සන්ධි බිඳවැටීමේ අවදානමට ලක්වීම සිදුවෙනවා. බෙල්ල සහ උරහිස ඇදීමට ලක්වීම වාඩිවී සිටින අතරතුරදී බෙල්ල ඉදිරියට තබා ගැනීම නිසා ගෙල මෙන්ම කශේරුකාවද තුවාල වීම සිදුවෙනවා. උකුල ආශ්‍රිත වේදනා නිරන්තරයෙන් වාඩිවී සිටීමෙන් උකුල තද වීම මෙන්ම සංචලතාවට බාධා වීම්ද සිදුවෙනවා. ආහාර ජීර්ණයේ ගැටලු ආහාර අනුභව කිරීමෙන් පසුව වාඩිවී සිටීම හේතුවෙන් උදරය හැකිළීම මෙන්ම එමගින් ආහාර ජීර්ණයද ප්‍රමාද වෙනවා. අග්න්‍යාශය ආශ්‍රිත ගැටලු නොකඩවා ඉඳගෙන සිටීමෙන් ඉන්සියුලින් නිපදවීමේ සමබර බව නැතිවෙනවා. මේ නිසා එය දියවැඩියාව ඇතිවීමට බලපානවා. හදවතට සිදුවන හානිකර බව අඩු රුධිර සංසරණය නිසා මාංශපේශීන්වලින් මේදය දහනය අඩුවීම මෙන්ම, ධමනිවල මේද අම්ල අවහිර වීමද නිතරම වාඩිවී සිටීම මගින් සිදුවෙනවා. මොළයේ ඇතිවන හානිකර තත්ත්වය රුධිර සංසරණය අවම වීම නිසා මොළයට ඔක්සිජන් ළඟාවීමද අඩු වෙනවා. මෙසේ ප්‍රමාද වීම නිසා එහි ක්‍රියාකාරිත්වය සහ හෝමෝන ස්‍රාවයන් අසමබර වීමට ද එය හේතු වෙයි. උපුටා ගත්තේ - දේශය වෙබ් පුවතින් 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Apr 2017 07:31 PM මෙහෙම උනයි කියලා රැකියාව නොකර ඉන්නත් බෑනේ... ඒත් අපට නම් ඉතා වැදගත් ලිපියක්... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 21 Apr 2017 09:43 PM දැන් කාලේ ගොඩක් අය පුටු රත් කරන එක තමයි කරන්නේ.. විශේෂයෙන් කුඩා දරුවන්.. අපිට තිබුණ ලමා කාලය ඔවුනට අද නැහැ. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 23 Apr 2017 09:03 AM මට නම් වැඩ වලින් නම් අඩුවක් නෑ. වත්තේ ඕනෙ තරම් වැඩ තියෙනවා. හොදට ඇග වෙහෙසලා වැඩ කරනවා. කිසි අවුලක් නෑ. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 23 Apr 2017 02:39 PM වටිනා ලිපියක් ..පුළුවන් තරම් ලෙඩ හැදෙන මාර්ග වලින් වැලකි ඉන්න එක හැම අතින්ම වාසි . 0 chamara duleepMost Senior MemberPosts:13471 23 Apr 2017 06:12 PM හිසරදයට බලපාන හේතු හිසරදයෙන් පීඩා නොවිඳින අයෙක් ඇත්නම් එම තැනැත්තා මෙළොව බිහිවී නැතැයි කියා පැවැසුවාට වරදක් නැත. උපන්දා සිට මිය යනතුරුම අපට නිතර පීඩාගෙන දෙන රෝගයක් ලෙස හිසරදය හැඳින්විය හැකිය. වයස් බේදයකින් තොරව ස්‌ත්‍රී පුරුෂ කියා ලිංග බේදයකින් තොරව අපට පීඩාගෙන දෙන හිසරදය ඇතිවීමට හේතු රැසක් ඇත. හිසරදය ඇතිවීමට බලපාන හේතු හිස් කබල තුළ ඇත්තේ සීමාසහිත ඉඩකි. ඒ තුළ මොළය CSF තරලය සහ මෙනෙන්ජි පටක ඇත. හිසරදය ඇතිවීමට බලපාන හේතු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කළ හැකිය. කපාල කුහරය තුළ ඇතිවන රෝග සහ කපාල කුහරයෙන් පිටත ඇතිවන රෝග එම ප්‍රධාන කොටස් දෙකය. කපාල කුහරය තුළ ඇතිවන රෝග මොළයේ ආසාදන මොළයේ ආසාදන නිසා මොළය තුළ සැරව ඇතිවී කපාල කුහරය තුළ පීඩනය ඇතිවේ. උදාහරණ ලෙස දක්‌වතොත් හිස් කබල තුවාල වී ඇතිවන ආසාදන, කනේ ආසාදන, නාසයේ පීනස් කෝටරක ආසාදනය, මොළය වටා ඇති මෙනෙන්ජි පටක හරහා මොළයට ගමන් කර පැසවීම ඇති කරයි. මොළයට ලේ ගැලීම් හිසට සිදුවන අනතුරු නිසා කපාල කුහරය තුළට ලේ ගැලිSමක් සිදුවිය හැකිය. එවිට ඒ තුළ පීඩනය වැඩිවේ. අනතුරු නොමැතිව වුවද ඉබේ ලේ නහර පුපුරා යැමට පුළුවන. මොළයේ ගෙඩි මොළයේ ගෙඩි (ස්‌නායු සෛල හෝ මෙනෙන්ජි පටක හෝ රුධිර නාළ අසාමාන්‍ය ලෙස වැඩීම) නිසාද පීඩනය වැඩිවේ. මොළය වටා ඇති සිවිය සහ මොළය අතර මස්‌තිස්‌ක සුෂුම්නා තරලය ඇත. මොළය තුළ ඇති කුටීර හතරක්‌ද මෙම තරලයෙන් පිරී පවතී. (මොළය වටා ඇති තරලය හා මොළය තුළ ඇති තරලය එකිනෙකට සම්බන්ධව නිරන්තර සංසරණයක් සිදුවේ. මේ චලනයට (සංසරණයට) බාධා පැමිණුනවිට මොළය තුළ පීඩනය වැඩිවේ. මේ බාධා ඇතිවන්නේ බොහෝ විට ගෙඩි පිළිකා හෝ අනතුරු නිසාය. කපාල කුහරය තුළ ඇතිවන හිසරදය හඳුනා ගැනීම කපාල කුහරය තුළ පීඩනය වැඩිවීම නිසා ඇතිවන හිසරදය සාමාන්‍ය හිසරදයකට වඩා වෙනස්‌ය. මෙය වේදනා නාශකවලින් අඩු නොවී දිගටම පවතී. රෝගියා රාත්‍රි නින්දේදීත් හිසරදය නිසා අවදිවිය හැකිය. ඇතැම්විට උදෑසන අවදිවන්නේ තදබල හිසරදය සහිතවය. වමනය හෝ වලිsප්පුව ඇතිවිය හැකිය. මෙවැනි රෝග ලක්‌ෂණ ඇති පුද්ගලයන් වෛද්‍ය උපදෙස් මත ස්‌නායු පද්ධතිය හොඳින් පරීක්‍ෂාවට ලක් කළ යුතුය. එහිදී Cඔ සහ ඵRෂ ස්‌කෑන් පරීක්‍ෂණ සිදුකර රෝගය තහවුරු කරගත හැකිය. ඉන්පසු ස්‌නායු ශල්‍ය වෛද්‍යවරයකුගේ උපදෙස් මත ප්‍රතිකාර ලබාගත යුතුය. කපාල කුහරයට පිටතින් ඇති රෝග දත් රෝග ඕනෑම දතක ආසාදනයකදී හෝ අවසාන චාර්වක දත් හතර මතුවීමේදී හිසරදය ඇතිවිය හැකිය. එබැවින් මාස 06 කට වරක් දත් රෝග ඇතත් නැතත් දන්ත වෛද්‍යවරයකු ලවා දත් පරීක්‍ෂා කරගත යුතුය. ඇස් රෝග ඇස් පෙනීම ක්‍රමයෙන් අඩුවී යද්දී රෝගියාට ඒ බව නොදැනේ. නමුත් හිසරදය මතුවේ. ඇස් වෙහෙසීම නිසාද හිසරදය හටගනී. අවුරුදු 40 වනවිට ළඟ පෙනීම අඩුවේ. (හතළිස් ඇඳිරිය) මේ වයසේ දීම ඇසේ සුද ඇතිවීම ආරම්භවීමට හෝ අක්‌ෂි ගෝලය තුළ පීඩනය හට ගැනීම හෙවත් ග්ලොකොමාවද ආරම්භ විය හැකිය. එබැවින් හිසරදය ඇති සෑම කෙනෙකුම අක්‌ෂි වෛද්‍යවරයකු ලවා ඇස් පරීක්‍ෂාකරගත යුතුය. කෝටරක ප්‍රදාහය නළල දෙපස ඇති සියුම් කුහර සෙම පිරවීම නිසා ඉදිමුවට ලක්‌වේ. එවිට අධික හිසරදයක් මතුවේ. ස්‌නායු රෝග, රුධිර වාහිනි සම්බන්ධ ගැටලු හෙවත් ඉරුවාරදය (Migrane) පොකුරු හිසරදය (Cluster Headache) ආතතිය (Stress) නිසාද හිසරදය මතුවේ. සංස්‌කරණය උපාලි ද සේරම් 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Apr 2017 06:38 PM මමත් තියෙන ලොකුම ප්‍රශනය මෙ හිස්‍රදය තමා ... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 23 Apr 2017 09:20 PM හොඳ ලිපියක්. ස්තූතියි මේ දැනුවත් කිරීමට. එදිනෙදා ජීවිතයේදී බහුලව හැදෙන අසනීපයක් තමයි මේ හිසරදය. 0 chamara duleepMost Senior MemberPosts:13471 24 Apr 2017 06:36 PM ආතරයිටීස් සන්ධි ආශ්‍රිතව ඇතිවන වේදනාකාරී තත්ත්වයකි රෝගය ඇතිවිට සන්ධ්‍යා කාලයේ ස්‌නානය නුසුදුසුය සන්ධි ප්‍රදාහය (ආතරයිටීස්&zwnj බොහෝවිට සන්ධි ආශ්‍රීතව ඇතිවන වේදනාකාරී තත්ත්වයකි. මෙහි ප්‍රභේද ලෙසින් රුමටොයිඩා ආතරයිටීස් සහ ඔස්‌ටියෝ ආතරයිටීස් ප්‍රධාන ලෙසින් හඳුනාගත හැක. මෙහිදී කුඩා සන්ධි ආශ්‍රිතව (ඇඟිලි පුරුක් වැනි ස්‌ථාන) ඇතිවන ප්‍රදාහික තත්ත්වය රුමටොයිඩා ආතරයිටිස් ලෙස සරලව හැඳින්විය හැකි අතර වැඩිපුර දණහිස් වැනි සන්ධි ආශ්‍රීතව ඔස්‌ටියෝ ආතරයිටීස් ඇතිවීම බහුලව දැකිය හැක. මෙහිදී එම සන්ධි ආශ්‍රීතව වේදනාව, ඉදිමුම එම ස්‌ථානයේ උණුසුම් ගතිය, රතු පැහැ භාවය දක්‌නට ලැබීම මඟින් රෝගය හඳුනාගත හැක. තවද එම ස්‌ථාන ඇඟිල්ලෙන් තද කළ විට ඉක්‌මණින් යථා තත්ත්වයට පත්වෙනවා නම් එයද රෝග ලක්‍ෂණයක් ලෙසින් පෙන්වා දීමට පුළුවන මෙවැනි රෝගීන්ට ආහාර විහරණ වෙනම තිබේ. පොදුවේ ගත් කළ සීතල ජලය සේවනය, ශීත කළ ආහාර පාන, සන්ධ්‍යා කාලයේ ස්‌නානය නුසුදුසුය. මේ සඳහාද ප්‍රතිකාර ලෙස ඉතා සාර්ථක වීන කටු ප්‍රතිකාර ක්‍රම තිබේ. පළමුව රෝගියාගේ වේදනාව සමනය කිරීම සඳහා වේදනා නාශක නිල ස්‌ථාන භාවිත කරන අතර ප්‍රදාහික තත්ත්වය සහ රෝගය පාලනයට චීන කටු චිකිත්තාව යොදා ගැනේ. මෙම චිකිත්සා ක්‍රමය නිසි පරිදි කාලයක් භාවිත කිරීම මඟින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක. චීනකටු ප්‍රතිකාර සමඟම භෞත චිකිත්සීය ප්‍රතිකාරද යොදා ගැනීම තුළින් රෝගියා සම්පූර්ණයෙන් සුව අතට පත්කර ගැනීමේ හැකියාව ඇත. වෛද්‍ය අමිලා කේ. ජයසිංහ 0 chamara duleepMost Senior MemberPosts:13471 24 Apr 2017 06:38 PM කරපිංචා ගුණ බොහෝමයක් තිබේ ජම්බීර කුලයට අයත් කරපිංචා ශාකය විශේෂයෙන් දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශයන්හි වැවෙන ශාකයකි. වියළි කලාපයේ විශේෂයි. ආයුර්වේදයේ සුරභිනිම්බ, කාල ශාක, සුරභි ආදී සංස්‌කෘත නම්වලින්ද හඳුන්වන්නේ කරපිංචායි. කරපිංචාවල පංචාංගයම එනම්, කොළ, පොතු, මුල්, මල්, ගෙඩි ආදී සියල්ලම බෙහෙතට ගන්නා ශාකයකි. සමහරු මෙය වේලා කුඩු වශයෙන් ද යොදාගනී. බොහෝ විට එදිනෙදා යොදාගන්නේ ස්‌වාභාවික රසකාරකයක් ලෙසටයි. අමුවෙන් ලබා ගැනීමේදී මෙහි පෝෂ්‍ය ගුණය වැඩියෙන් ලබාගත හැක. කරපිංචා අග්නි වර්ධක, පිත්ත හා වාත ශාමක ඖෂධයකි. කරපිංචාවල කෙඳි බහුල බව, යකඩ, කැල්සියම්, විටමින් C, A, ඊ හා E ආදී බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගුය. කරපිංචා යොදාගත හැකි ප්‍රයෝග කිහිපයක් * කරපිංචා සුදුලූනු පානය කරපිංචා කොළ දෙමිටක් සමග සුදු ලූනු බික් 05 ක් පමණ දමා කොටා නටන වතුරෙන් තම්බා වසා තබා නිවුණාට පසු මී පැණි දමා බීම හොඳයි. * අර්ශස් මළබද්ධ අවස්‌ථාවට අරළු, කරපිංචා නැටි, තිරැස්‌සවාලු, සාරණ මුල්, තිප්පිලි මුල්, දැන්න නිල, එඬරු මුල්, බෙලි මුල් කලං 01 මදටිය 04 බැගින් ගෙන පත අට එකට සිඳුවාගත් කෂාය. කොලෙස්‌ටරෝල් මට්‌ටම පාලනය කිරීම. නොමේරූ කරපිංචා කොළ මිටයි, සුදු ලූනු බික් දෙකයි, ගොරක කැබැල්ලක්, ලුණු ටිකක් දමා අඹරාගත් ලුණුමිරිස. * විෂ නැසීමට හා හිසකේ වර්ධනයට, සමේ රෝග වළකා ගැනීම තනිකර කරපිංචා කොළ කැඳ සුදුසුයි. විෂ නැසීමට යොදාගන්නේ පොල් කිරි නොයෙදූ කරපිංචා කැඳයි. * උකුණන් වඳ වීමට කරපිංචා ඇට කොටා හිසට දැමීමෙන් උකුණන් වඳ වේ. * කුරුලෑවලට කරපිංචා හා අමුකහ යොදා අඹරා ගානු ලැබේ. මේ ගුණ හා ප්‍රයෝග කිහිපයක් පමණි. කරපිංචා ශරීරයට සෑම අතින්ම ප්‍රයෝජනවත් වන ඖෂධයකි. නිවසේ නැතිවම බැරි රසකාරකයකි. කරපිංචාවල ගුණ කිහිපයක් * කෙඳි ගතිය බහුල නිසා මළබද්ධය වළකයි. වාතානුලෝමනය කරයි. * විෂ නැසීමේ ගුණය නිසා, ආහාර සැකසීමේදී ප්‍රයෝජනවත් වනවා සේම අජීර්ණ ආදියෙන් වැළකීම එමෙන්ම ෆීනෝල් රසායනිකය අඩංගු වීම නිසා ලියුකේමියාව, පුරස්‌ථි, ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා ආදියට එරෙහිව ක්‍රියා කරයි. * රුධිර සංසරණ පද්ධතියට උපකාරී වේ. * කොලෙස්‌ටෙරෝල් (ශරීරයේ අහිතකර මේද මට්‌ටම පාලනය LDL කොලෙස්‌ටෙරෝල් මට්‌ටම කරයි) * දියවැඩියාව පාලනය කරයි. * අධිබර පහත හෙළයි. * කටහෙŒ තීව්‍රතාව පවත්වාගැනීමට උදව් කරයි. * සමේ රෝග තුවාල ආදිය නැති කිරීමට උදව් කරයි. * අකලට කෙස් සුදු වීම, හිසකෙස් වර්ධනයට ඉවහල් වේ. * මානසික ආතතිය දුරලීමට උදව් කරයි. * විෂ නැසීමේ ක්‍රියාව හොඳින් සිදුකරන නිසා සර්ප දෂ්ටයේදී කරපිංචා කැඳ වශයෙන් යොදාගනී. ආයුර්වේද වෛද්‍ය පියුමි මල්ලිකාරච්චි අරංගල 0 chamara duleepMost Senior MemberPosts:13471 24 Apr 2017 06:39 PM ඔබත් හතළිහ ආසන්නයේද හතළිස් ඇඳිරිය ගැන සැලකිලිමත් විය යුතු ඇයි හතළිස් ඇඳිරිය ගැන සුළුවෙන් හිතන්න එපා අවුරුදු හතළිහ පිරිමියකුගේ දෙවන උපත ලෙස සලකනු ලැබේ. එහෙත් ගැහැනුන් අවුරුදු හතළිහ වනවාට කැමති වන්නේ නැත. අවුරුදු හතළිහට අඩුවෙන් වයසක ජීවත්වීමට ගැහැනුන්ගේ කැමැත්ත ඉහළය. ඒ කෙසේ වූවද ස්‌වභාව ධර්මයට පිටුපෑමේ හැකියාවක් අපට නැත. හතළිස් ඇඳිරියට මුහුණ දිය යුතු වන්නේත් ඒ නිසාමය. බොහෝ කාන්තාවන් වයස පෙනේ යෑයි සිතමින් හතළිස් ඇඳිරිය නිසා ළඟ නොපෙණුනත් Bifocal කණ්‌ණාඩි දැමීමට අකමැත්තක් දක්‌වයි. මේ කරුණු අනුව හතළිස ඇඳිරියට නිවැරදිව උපැස් යුවළක් තෝරා ගන්නේ කෙසේද කියා බලමු. හතළිස් ඇඳිරිය පිළිබඳ සමාජය තුළ පවතින කතා බහ හැමදාම එකම විදිහට අසන්නට ලැබෙයි. හතළිස් ඇඳිරිය ගැන දැන දැනත් එය නොසලකා සිටින අයුරක් සමාජයට දෙනෙක් යොමු කිරීමේදී පෙනේ. හතළිස් ඇඳිරියේදී සිදුවන්නේ ළඟ සියුම් පෙනුම දුර්වල වීමකි. මෙම අවස්‌ථාව විවිධ පුද්ගලයන්ට විවිධාකාරයෙන් බලපායි. එනම් ඇය ගෘහනියක් නම් ඉදිකටුවට නූල දමා ගැනීමට නොහැකි වෙයි. ගෙදරට ගෙනෙන ලද සෝයාමීට් පැකට්‌ටුවේ සාදන ක්‍රමය, කල් ඉකුත්වෙන දිනය බලා ගැනීමට බැරිව ලත වෙයි. ගුරුවරයාට මෙතෙක් කල් ඉතා පහසුවෙන් ලකුණු කළ නාම ලේඛනය ලකුණු කිරීම අපහසු වනවා සේම එක දිගට දරුවන්ගේ පොත් බැලීම අපහසු වෙයි. ඉතා අපහසුවෙන් පොත්ටික බැලුවද ඊට පසු පැය කිහිපයක් යනතුරු හිසරදය ඇතිවෙයි. දුරපෙනුම ද්විත්ව (Double) වෙයි. ගිණුම්කරණයේ රැකියාවල නියුතු අයට එක හැඩයට ඇති ඉලක්‌කම් මාරු වෙයි. වැඩ කටයුතුවල වේගය අඩුවෙයි. වැඩ කිරීමට මැලිකමක් දැනෙයි. බොහෝ දෙනා මෙම අවස්‌ථාවට බිය වන්නේ තමන්ව අන්ධභාවයට පත්වී ගෙන එනවාද යන සිතුවිල්ල සමඟිනි. ඒ නිසාම සිතෙහි අනවශ්‍ය කනස්‌සලු ගතියක් ඇතිවෙයි. හතළිස් ඇඳිරිය නිසාවෙන් මෙවැනි අපහසුතා ඇති වෙයි නම් අපි මෙහි විද්‍යාත්මක තොරතුරු කෙසේදැයි බලමු. මෙම සංසිද්ධිය සරල සාමාන්‍ය දෙයකි. අපේ ඇස තුළ අපිට පෙනුම ලබාදීමට අක්‍ෂි කාචයක් ඇතිබව අපි දනිමු. මෙම අක්‍ෂි කාචයේ විශේෂත්වය වන්නේ අප බලන, බලන දුරට වක්‍රතාවය වෙනස්‌කර ගනිමින් ප්‍රතිබිම්බය දෘෂ්ඨි විතානය මත (ස්‌නායු සෛල ස්‌ථරය) නාභිගතකර ගත හැකිවීමයි. නමුත් අවුරුදු හතළිහ පමණ වනවිට (අප වයසට යැමක් සමඟ) කාචයේ මෙම නම්‍යශීලීභාවය ක්‍රමයෙන් අඩුවෙයි. එසේ අඩුවන විට ළඟ ඇති දෙයක් දෙස බැලූ විට කාචයට වක්‍රතාවය වෙනස් කරමින් ප්‍රතිබිම්බය දෘෂ්ඨි විතානය මත නාභිගතකර ගැනීමට නොහැකි වෙයි. එවිට ප්‍රතිබිම්බය දෘෂ්ඨි විතානය පසුකකරමින් පසුපසට යයි. ඒ නිසා අපට ළඟ පෙනුම අඩුවෙයි. මෙහිදී අප සිදුකළ යුත්තේ පිටතින් බලයක් යොදමින් පිටුපසට ගිය ප්‍රතිබිම්බය දෘෂ්ඨි විතානය මතට ලබාගැනීමයි. ඒ සඳහා අප කිරණ එකතුකරණ (Converge) උත්තල කාච (Plus lenses) පැළඳිය යුතුවෙයි. මෙලෙස උත්තල කාච යුගලයක් පැළඳීමෙන් ඉතා පහසුවෙන් මේ තත්ත්වයෙන් මිදීමට පුළුවන. පුද්ගලයාගේ අවශ්‍යතාවය මත නිවැරදිව කාච වට්‌ටෝරුවක් (Prescri ption) ලබාගන්නේ කෙසේද කියා බලමු. මෙහිදී සඳහන්කළ යුතුව ඇත්තේ බොහෝදෙනා තවමත් හිතුමතේට තමන්ට කැමති පරිදි සාප්පුවකින් මිලදී ගෙන හෝ පදික වේදිකාවෙන් මිලදී ගෙන නැතිනම් යහළුවෙකගෙන් ඉල්ලා ගනිමින් තමන්ගේ අවශ්‍යතාවය පිරිමසා ගැනීම පිළිබඳවයි. මෙය ඉතාම වැරදි ක්‍රියාවකි. පළමුව කළ යුත්තේ පෙනුම පිළිබඳ ගැටලුවක් ඇති ඔබ අක්‍ෂි විශේෂඥ වෛද්‍යවරයකු හෝ පුහුණුවලත් දෘෂ්ඨි විශේඥවරයකු වෙත යොමු වීමයි. එහිදී ඔබව නිවැරදි දෘෂ්ඨි පරීක්‍ෂණයකට භාජනය කරනු ලබයි. එවිට ඔබට අවශ්‍ය කාච වට්‌ටෝරුව (Prescription) ලැබෙනවාට අමතරව අනාගතයේදී තමාගේ පෙනුමට තර්ජනයක් වියහැකි බොහෝ රෝගාබාධ හඳුනාගැනීමටද, නොදැන සිටි ශාරීරික රෝගාබාධ හඳුනාගැනීමටද අවස්‌ථාව සැලසෙනු ඇත. දෙනෙත පරීක්‍ෂා කිරීමෙන් පසු නිවැරදි වට්‌ටෝරුව ලැබුණු පසු අපි අපගේ අවශ්‍යතාවයට සරිලන පරිදි එම වට්‌ටෝරුව ලබාගත යුතුය. ගෘහනියක් නම් පුවත්පතක් බැලීමට, පුංචි මැහුම් වැඩක්‌කර ගැනීමට වැනි කාරණා සඳහා අවශ්‍යතාවය මුල්වේ නම්, සම්පූර්ණ උපැස් යුවළ කියවීම සඳහා සාදා ගත්තාට වරදක් නැත. (Reading glasses) නමුත් මතක තබාගත යුතු වන්නේ Reading glasses දමාගෙන දුර බැලීම නොකළ යුතු බවයි. Reading glasses මගින් දුර බැලූ විට ක්‍රමක්‍රමයෙන් දුර බැලීමට Reading glasses වට්‌ටෝරුව අවශ්‍ය වන තත්ත්වයට පත්වෙයි. එසේවූ විට හොඳින් පෙණුනු දුර පෙනුමද තේරුමක් නැතිව අඩුවී යයි. Reading glasses හරහා දුර බැලීම වැළැක්‌වීමට ක්‍රමවේදයක් තිබේ. එනම් ඉසදෙජ්ක කණ්‌ණාඩිය පාවිච්චියට ගැනීමයි. Bifocal කණ්‌ණාඩියක කියවීමට ඇති බලය ඇත්තේ ඇස් කණ්‌ණාඩියේ පහළ කොටසෙහිය. ඉහළ කොටසේ ඒ සඳහා බලයක් නැත. එම නිසා ඒ හරහා දුර බලන විට සිදුවන්නේ තමන්ගේ සාමාන්‍ය ඇසින් දුර බලනවා වැනි ක්‍රියාවලියකි. Bifocal වලද වර්ග කිහිපයක් ඇත. එම වර්ග පිළිබඳව දෘෂ්ඨි විශේෂඥවරයාගෙන් නොපැකිලිව විස්‌තර අසා දැනගෙන තමන්ට වඩාත්ම සුදුසු මාර්ගය තෝරාගත යුතුය. Bifocal කාචයක් හරහා පරිගණකයක් බැලීමට අවශ්‍ය වූ විට බෙල්ල උස් කරමින් ඇස් කණ්‌ණාඩියේ යට Segment එක තුළින් පරිගණකය බැලිය යුතුය. මෙය දිගින් දිගටම පරිගණක භාවිත කරන අයට ඉතාමත්ම පීඩාකාරී තත්ත්වයකි. එලෙස කාලයක් බැලූවිට එය බෙල්ලේ ඇති මාංශ පේශීන්ට බලපා ප්‍රතිකාර කළ යුතු තත්ත්වයකට පත්විය හැක. එමනිසා පරිගණක භාවිත කරන අයට Bifocal කණ්‌ණාඩියක් නුසුදුසුය. එවැනි අයටත් වයස්‌ගත භාවය පෙන්වීමට අකමැති අයටත් Segment කණ්‌ණාඩිය වෙත යොමුවිය හැක. Virifocal කණ්‌ණාඩියක දුර පෙනුම, මැද දුර පෙනුම, ළඟ පෙනුම යන දුරවල් තුනකටම බැලීමට හැකියාව ඇත. Virifocal කාචවල බලය ඉහළ සිට පහළට ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙයි. එලෙසම Virifocal කාචවල බලය හරියාකාරව පවතින්නේ කාචයේ මධ්‍ය තීරයේය. මෙම මධ්‍ය තීරයේ පරාසයද වෙනස්‌වෙමින් Virifocal වර්ගීකරණය වෙයි. ඉහළ සිට පහළට බලය වෙනස් වන උසද වෙනස්‌වෙමින් Virifocal වර්ගීකරණය වෙයි. එමනිසා මෙම කරුණු කාරණා සැලකිල්ලට ගනිමින් ඇස් කණ්‌ණාඩියක් ලබාගැනීමට ගියවිට මෙම වර්ග ගැන අසා දැන ගන්න. ඒ සඳහා ඔබට මෙම දැනුවත් කිරීමත් ප්‍රයෝජනවත් වනු ඇත. තමන්ගේ අවශ්‍යතාවය මත සුදුසුම Virifocal වර්ගය තෝරා ගැනීමට යොමු වන්න. ඒ සඳහා ඔබ Virifocal පිළිබඳව මනා පුහුණුවක් ලත් දක්‍ෂ දෘෂ්ඨි විශේෂඥවරයකු වෙත යොමුවිය යුතුමය. එයට හේතුව කොතරම් හොඳ කාචයක් වූවද ඇස් මිමි (Virifocal measurments)) නිවැරදිව ලබානොගතහොත් Virifocal කාච පාවිච්චියද කිසිසේත්ම පහසු (Comfortable) නොවන බැවිනි. තවත් වැදගත් කරුණු කිහිපයක් වන්නේ ඔබ පරිගණකය දිගටම භාවිත කරන්නේ නම් ආලෝක සංවේදී නම්, රාත්‍රියේ වාහන පැදවීම අපහසු නම් එම තත්ත්වයන් අවම කරගත හැකි විශේෂිත Malticoated කාච ඇස් කණ්‌ණාඩි වට්‌ටෝරුව සමඟ ලබාගැනීමයි. එසේම හතළිස් ඇඳිරිය සඳහා ඇස් කණ්‌ණාඩිය නිතරම භාවිත කළ යුතු නොවෙයි. තමන්ට අවශ්‍ය වේලාවට පාවිච්චි කිරීමට පමණක් පුරුදුවීම් වරදක් නොවෙයි. දෘෂ්ඨි විශේෂඥ සමන්තා සුදර්ශනී 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Apr 2017 08:31 PM මේක නම් මටත් ඉතා වැදගත් ලිපියක්... ගොඩක්ම ස්තූතියි චාමර මල්ලී... 0 Indika DampahalaVeteran MemberPosts:3410 24 Apr 2017 08:56 PM Posted By chamaramind on 24 Apr 2017 06:39 PM ඔබත් හතළිහ ආසන්නයේද හතළිස් ඇඳිරිය ගැන සැලකිලිමත් විය යුතු ඇයි හතළිස් ඇඳිරිය ගැන සුළුවෙන් හිතන්න එපා අවුරුදු හතළිහ පිරිමියකුගේ දෙවන උපත ලෙස සලකනු ලැබේ. එහෙත් ගැහැනුන් අවුරුදු හතළිහ වනවාට කැමති වන්නේ නැත. අවුරුදු හතළිහට අඩුවෙන් වයසක ජීවත්වීමට ගැහැනුන්ගේ කැමැත්ත ඉහළය. ඒ කෙසේ වූවද ස්‌වභාව ධර්මයට පිටුපෑමේ හැකියාවක් අපට නැත. හතළිස් ඇඳිරියට මුහුණ දිය යුතු වන්නේත් ඒ නිසාමය. බොහෝ කාන්තාවන් වයස පෙනේ යෑයි සිතමින් හතළිස් ඇඳිරිය නිසා ළඟ නොපෙණුනත් Bifocal කණ්‌ණාඩි දැමීමට අකමැත්තක් දක්‌වයි. මේ කරුණු අනුව හතළිස ඇඳිරියට නිවැරදිව උපැස් යුවළක් තෝරා ගන්නේ කෙසේද කියා බලමු. හතළිස් ඇඳිරිය පිළිබඳ සමාජය තුළ පවතින කතා බහ හැමදාම එකම විදිහට අසන්නට ලැබෙයි. හතළිස් ඇඳිරිය ගැන දැන දැනත් එය නොසලකා සිටින අයුරක් සමාජයට දෙනෙක් යොමු කිරීමේදී පෙනේ. හතළිස් ඇඳිරියේදී සිදුවන්නේ ළඟ සියුම් පෙනුම දුර්වල වීමකි. මෙම අවස්‌ථාව විවිධ පුද්ගලයන්ට විවිධාකාරයෙන් බලපායි. එනම් ඇය ගෘහනියක් නම් ඉදිකටුවට නූල දමා ගැනීමට නොහැකි වෙයි. ගෙදරට ගෙනෙන ලද සෝයාමීට් පැකට්‌ටුවේ සාදන ක්‍රමය, කල් ඉකුත්වෙන දිනය බලා ගැනීමට බැරිව ලත වෙයි. ගුරුවරයාට මෙතෙක් කල් ඉතා පහසුවෙන් ලකුණු කළ නාම ලේඛනය ලකුණු කිරීම අපහසු වනවා සේම එක දිගට දරුවන්ගේ පොත් බැලීම අපහසු වෙයි. ඉතා අපහසුවෙන් පොත්ටික බැලුවද ඊට පසු පැය කිහිපයක් යනතුරු හිසරදය ඇතිවෙයි. දුරපෙනුම ද්විත්ව (Double) වෙයි. ගිණුම්කරණයේ රැකියාවල නියුතු අයට එක හැඩයට ඇති ඉලක්‌කම් මාරු වෙයි. වැඩ කටයුතුවල වේගය අඩුවෙයි. වැඩ කිරීමට මැලිකමක් දැනෙයි. බොහෝ දෙනා මෙම අවස්‌ථාවට බිය වන්නේ තමන්ව අන්ධභාවයට පත්වී ගෙන එනවාද යන සිතුවිල්ල සමඟිනි. ඒ නිසාම සිතෙහි අනවශ්‍ය කනස්‌සලු ගතියක් ඇතිවෙයි. හතළිස් ඇඳිරිය නිසාවෙන් මෙවැනි අපහසුතා ඇති වෙයි නම් අපි මෙහි විද්‍යාත්මක තොරතුරු කෙසේදැයි බලමු. මෙම සංසිද්ධිය සරල සාමාන්‍ය දෙයකි. අපේ ඇස තුළ අපිට පෙනුම ලබාදීමට අක්‍ෂි කාචයක් ඇතිබව අපි දනිමු. මෙම අක්‍ෂි කාචයේ විශේෂත්වය වන්නේ අප බලන, බලන දුරට වක්‍රතාවය වෙනස්‌කර ගනිමින් ප්‍රතිබිම්බය දෘෂ්ඨි විතානය මත (ස්‌නායු සෛල ස්‌ථරය) නාභිගතකර ගත හැකිවීමයි. නමුත් අවුරුදු හතළිහ පමණ වනවිට (අප වයසට යැමක් සමඟ) කාචයේ මෙම නම්‍යශීලීභාවය ක්‍රමයෙන් අඩුවෙයි. එසේ අඩුවන විට ළඟ ඇති දෙයක් දෙස බැලූ විට කාචයට වක්‍රතාවය වෙනස් කරමින් ප්‍රතිබිම්බය දෘෂ්ඨි විතානය මත නාභිගතකර ගැනීමට නොහැකි වෙයි. එවිට ප්‍රතිබිම්බය දෘෂ්ඨි විතානය පසුකකරමින් පසුපසට යයි. ඒ නිසා අපට ළඟ පෙනුම අඩුවෙයි. මෙහිදී අප සිදුකළ යුත්තේ පිටතින් බලයක් යොදමින් පිටුපසට ගිය ප්‍රතිබිම්බය දෘෂ්ඨි විතානය මතට ලබාගැනීමයි. ඒ සඳහා අප කිරණ එකතුකරණ (Converge) උත්තල කාච (Plus lenses) පැළඳිය යුතුවෙයි. මෙලෙස උත්තල කාච යුගලයක් පැළඳීමෙන් ඉතා පහසුවෙන් මේ තත්ත්වයෙන් මිදීමට පුළුවන. පුද්ගලයාගේ අවශ්‍යතාවය මත නිවැරදිව කාච වට්‌ටෝරුවක් (Prescri ption) ලබාගන්නේ කෙසේද කියා බලමු. මෙහිදී සඳහන්කළ යුතුව ඇත්තේ බොහෝදෙනා තවමත් හිතුමතේට තමන්ට කැමති පරිදි සාප්පුවකින් මිලදී ගෙන හෝ පදික වේදිකාවෙන් මිලදී ගෙන නැතිනම් යහළුවෙකගෙන් ඉල්ලා ගනිමින් තමන්ගේ අවශ්‍යතාවය පිරිමසා ගැනීම පිළිබඳවයි. මෙය ඉතාම වැරදි ක්‍රියාවකි. පළමුව කළ යුත්තේ පෙනුම පිළිබඳ ගැටලුවක් ඇති ඔබ අක්‍ෂි විශේෂඥ වෛද්‍යවරයකු හෝ පුහුණුවලත් දෘෂ්ඨි විශේඥවරයකු වෙත යොමු වීමයි. එහිදී ඔබව නිවැරදි දෘෂ්ඨි පරීක්‍ෂණයකට භාජනය කරනු ලබයි. එවිට ඔබට අවශ්‍ය කාච වට්‌ටෝරුව (Prescription) ලැබෙනවාට අමතරව අනාගතයේදී තමාගේ පෙනුමට තර්ජනයක් වියහැකි බොහෝ රෝගාබාධ හඳුනාගැනීමටද, නොදැන සිටි ශාරීරික රෝගාබාධ හඳුනාගැනීමටද අවස්‌ථාව සැලසෙනු ඇත. දෙනෙත පරීක්‍ෂා කිරීමෙන් පසු නිවැරදි වට්‌ටෝරුව ලැබුණු පසු අපි අපගේ අවශ්‍යතාවයට සරිලන පරිදි එම වට්‌ටෝරුව ලබාගත යුතුය. ගෘහනියක් නම් පුවත්පතක් බැලීමට, පුංචි මැහුම් වැඩක්‌කර ගැනීමට වැනි කාරණා සඳහා අවශ්‍යතාවය මුල්වේ නම්, සම්පූර්ණ උපැස් යුවළ කියවීම සඳහා සාදා ගත්තාට වරදක් නැත. (Reading glasses) නමුත් මතක තබාගත යුතු වන්නේ Reading glasses දමාගෙන දුර බැලීම නොකළ යුතු බවයි. Reading glasses මගින් දුර බැලූ විට ක්‍රමක්‍රමයෙන් දුර බැලීමට Reading glasses වට්‌ටෝරුව අවශ්‍ය වන තත්ත්වයට පත්වෙයි. එසේවූ විට හොඳින් පෙණුනු දුර පෙනුමද තේරුමක් නැතිව අඩුවී යයි. Reading glasses හරහා දුර බැලීම වැළැක්‌වීමට ක්‍රමවේදයක් තිබේ. එනම් ඉසදෙජ්ක කණ්‌ණාඩිය පාවිච්චියට ගැනීමයි. Bifocal කණ්‌ණාඩියක කියවීමට ඇති බලය ඇත්තේ ඇස් කණ්‌ණාඩියේ පහළ කොටසෙහිය. ඉහළ කොටසේ ඒ සඳහා බලයක් නැත. එම නිසා ඒ හරහා දුර බලන විට සිදුවන්නේ තමන්ගේ සාමාන්‍ය ඇසින් දුර බලනවා වැනි ක්‍රියාවලියකි. Bifocal වලද වර්ග කිහිපයක් ඇත. එම වර්ග පිළිබඳව දෘෂ්ඨි විශේෂඥවරයාගෙන් නොපැකිලිව විස්‌තර අසා දැනගෙන තමන්ට වඩාත්ම සුදුසු මාර්ගය තෝරාගත යුතුය. Bifocal කාචයක් හරහා පරිගණකයක් බැලීමට අවශ්‍ය වූ විට බෙල්ල උස් කරමින් ඇස් කණ්‌ණාඩියේ යට Segment එක තුළින් පරිගණකය බැලිය යුතුය. මෙය දිගින් දිගටම පරිගණක භාවිත කරන අයට ඉතාමත්ම පීඩාකාරී තත්ත්වයකි. එලෙස කාලයක් බැලූවිට එය බෙල්ලේ ඇති මාංශ පේශීන්ට බලපා ප්‍රතිකාර කළ යුතු තත්ත්වයකට පත්විය හැක. එමනිසා පරිගණක භාවිත කරන අයට Bifocal කණ්‌ණාඩියක් නුසුදුසුය. එවැනි අයටත් වයස්‌ගත භාවය පෙන්වීමට අකමැති අයටත් Segment කණ්‌ණාඩිය වෙත යොමුවිය හැක. Virifocal කණ්‌ණාඩියක දුර පෙනුම, මැද දුර පෙනුම, ළඟ පෙනුම යන දුරවල් තුනකටම බැලීමට හැකියාව ඇත. Virifocal කාචවල බලය ඉහළ සිට පහළට ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙයි. එලෙසම Virifocal කාචවල බලය හරියාකාරව පවතින්නේ කාචයේ මධ්‍ය තීරයේය. මෙම මධ්‍ය තීරයේ පරාසයද වෙනස්‌වෙමින් Virifocal වර්ගීකරණය වෙයි. ඉහළ සිට පහළට බලය වෙනස් වන උසද වෙනස්‌වෙමින් Virifocal වර්ගීකරණය වෙයි. එමනිසා මෙම කරුණු කාරණා සැලකිල්ලට ගනිමින් ඇස් කණ්‌ණාඩියක් ලබාගැනීමට ගියවිට මෙම වර්ග ගැන අසා දැන ගන්න. ඒ සඳහා ඔබට මෙම දැනුවත් කිරීමත් ප්‍රයෝජනවත් වනු ඇත. තමන්ගේ අවශ්‍යතාවය මත සුදුසුම Virifocal වර්ගය තෝරා ගැනීමට යොමු වන්න. ඒ සඳහා ඔබ Virifocal පිළිබඳව මනා පුහුණුවක් ලත් දක්‍ෂ දෘෂ්ඨි විශේෂඥවරයකු වෙත යොමුවිය යුතුමය. එයට හේතුව කොතරම් හොඳ කාචයක් වූවද ඇස් මිමි (Virifocal measurments)) නිවැරදිව ලබානොගතහොත් Virifocal කාච පාවිච්චියද කිසිසේත්ම පහසු (Comfortable) නොවන බැවිනි. තවත් වැදගත් කරුණු කිහිපයක් වන්නේ ඔබ පරිගණකය දිගටම භාවිත කරන්නේ නම් ආලෝක සංවේදී නම්, රාත්‍රියේ වාහන පැදවීම අපහසු නම් එම තත්ත්වයන් අවම කරගත හැකි විශේෂිත Malticoated කාච ඇස් කණ්‌ණාඩි වට්‌ටෝරුව සමඟ ලබාගැනීමයි. එසේම හතළිස් ඇඳිරිය සඳහා ඇස් කණ්‌ණාඩිය නිතරම භාවිත කළ යුතු නොවෙයි. තමන්ට අවශ්‍ය වේලාවට පාවිච්චි කිරීමට පමණක් පුරුදුවීම් වරදක් නොවෙයි. දෘෂ්ඨි විශේෂඥ සමන්තා සුදර්ශනී මේක නම් save කරගෙන තියාගන්න වටින ලිපියක් මල්ලි ... තව අවුරුදු 10 කින් විතර මටත් අනිව මේක ඕන වෙයි...ස්තුතියි මල්ලි 0 You are not authorized to post a reply. Page 5 of 137 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner