Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 112 of 137 << < 110111112113114 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 06 Apr 2018 06:37 PM 0 chamaramindMost Senior MemberPosts:13471 06 Apr 2018 06:37 PM 0 chamaramindMost Senior MemberPosts:13471 06 Apr 2018 06:37 PM 0 chamaramindMost Senior MemberPosts:13471 06 Apr 2018 06:37 PM 0 chamaramindMost Senior MemberPosts:13471 06 Apr 2018 06:38 PM 0 chamaramindMost Senior MemberPosts:13471 06 Apr 2018 06:38 PM 0 chamaramindMost Senior MemberPosts:13471 06 Apr 2018 06:38 PM 0 chamaramindMost Senior MemberPosts:13471 06 Apr 2018 06:38 PM 0 chamaramindMost Senior MemberPosts:13471 06 Apr 2018 07:00 PM පුරුෂ ජන්මානුවේ අපි නොදන්න රහස් වඳ බව ගැන ලොකු කතාබහක් පහුගිය කාලේ ඇති වුණා. වඳ බවත්, සරු බවත් පුරුෂයන් තුළ රඳා පවතින්නේ පුරුෂ ජංමානුව හෙවත් ශුක්‍රාණුවක සතු ජීවය සහ අසීරු තත්ත්ව යටතේ රඳා පවතින්නට එයට ඇති ශක්තිය මතයි. කාන්තාවකගේ ශරීරය තුළදී එක් ශුක්‍රාණුවකට දින පහක් පමණ ජීවය රැකගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම, ඇතැම් පුද්ගලයන්ගේ සිතේ දැවෙන ප්‍රශ්නයක් ද වන්නේ ශුක්‍රාණුවකට කාන්තා ශරීරයක පිටත කොපමණ කලක් ජීවත් විය හැකිද යන්නයි. අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් ආරක්‍ෂා වීමටයි මේ කරුණ ගැන දැන ගැනීම වැදගත් වන්නේ. ඇත්තවශයෙන්ම ශරීරයකින් පිටත (බාහිර වස්තුවක් මත) වැඩි කලක් එහි ජීවයක් පවතින්නේ නෑ. එයට හේතුව වන්නේ බාහිර පරිසර තත්ත්ව විසින් ක්‍ෂණිකව ශුක්‍රාණුවෙහි ජීවය විනාශයට පත් කිරීමයි. ශුක්‍රාණුවෙහි ජීවය වැඩි කලක් පැවතීමට විවිධ හේතු බලපානවා. උදාහරණයක් ලෙස ශුක්‍රාණුවෙහි ගුණාත්මක බව සහ ශුක්‍රාණුව පතිතව ඇති මතු පිටෙහි උෂ්ණත්වය වැනි කරුණුයි. පුරුෂයෙක් තම ලිංගික සෞඛ්‍යය සහ තම ශරීර සෞඛ්‍යය පිළිබඳව සැළකිලිමත් වන තරමටම ඔහුගේ ශුක්‍රාණුවල ජීව කාලය රඳා පවතිනවා. උදාහරණයක් ලෙස පෝෂණය සපිරි ආහාරවලට හුරැ වීම, ඇල්කොහොල් සහ දුම් පානයෙන් වැළකීම, නිසි ව්‍යායාම වැනි කරැණු හඳුන්වා දෙන්නට පුළුවන්. කාන්තාවකගේ ශරීරය තුළ ශුක්‍රාණුවක ජීව කාලය කොපමණද? පුරුෂයකු විසින් කාන්තාවකගේ යෝනිය තුළට ශුක්‍රානු මුදා හැරීමේදී ශුක්‍රාණු මිලියන සියයක් පමණ ඇතුළු වනවා. මේ කෙසේ වෙතත් මෙයින් ශුක්‍රාණු කිහිපයක් පමණයි දිගු ආයු කාලයක් පවත්වා ගෙන කාන්තාවකගේ පැලෝපීය නාලය තුළට ගමන් කර ඩිම්බයක් සමග සංසේචනය වන්නේ. “Clinical Investigation” සඟරාවේ පළව තිබූ වාර්තාවකට අනුව සඳහන් වන්නේ කාන්තාවකට ගර්භනී වන්නට ශුක්‍රාණුවක් සතු ශක්තිය විවිධ ආකාරයට බලපාන බවයි. එම කරුණුවලින් වැදගත්ම කරුණු කිහිපයක් නම්, කාන්තාවකගේ යෝනිය තුළට ගමන් කරන ශුක්‍රාණුවකට ඩිම්බය ඇති නිවැරදි පැලෝපීය නාලය තෝරා ගන්නත් එම ඩිම්බය පෝෂණය කරන්නත් ශක්තිය අවශ්‍යයි. පැලෝපීය නාලය තුළින් ඩිම්බයක් පැමිණෙන තුරු පැලෝපීය නාලයේ බිත්තිය මත රැඳී සිටීමටත් ශක්තිය අවශ්‍යයි. කාන්තාවකගේ ඔසප් චක්‍රය සමයේදීත් ශුක්‍රාණුවකට කාන්තාවගේ ශරීරය තුළ දිවි ගෙවීමට හැකියාව තිබෙනවා. ඒ කළින් සඳහන් කළ ආකාරයටම ශුක්‍රාණුවකට දින පහක කාලයක් සජීවී තත්ත්වයෙන් සිටිය හැකි නිසයි. කාන්තාවකගේ ඔසප් චක්‍රය සිදුවන දින ගණන ඇතැම් අවස්ථාවන් අනුව වෙනස් වන්නට පුළුවන්. ඒ කාලයේ වහනය වන රුධිරය මඟින් ගර්භනීභාවයට කිසිම බාධාවක් ඇතිවන්නේ නෑ. ඩිම්බ නිකුත් කිරීම වන සමයේදී ලිංගිකව එක්වීම මඟින් ගර්භනී වීමේ වැඩි සම්භාවිතාවයක් ඇති බව හොඳින් මතකයෙහි තබා ගන්න. කාන්තාවකගේ ශරීරයෙන් පිටත ශුක්‍රාණුවක ජීව කාලය කොපමණද ? කාන්තාවකගේ ශරීරයෙන් පිටත පරිසරය ශුක්‍රාණුවකට ජීවය රුක ගැනීමට අවස්ථාව නොදුන්නත් ලිංගිකව එක් වීමකින් තොරව ඇතිවන ගැබ් ගැනීම් පිළිබඳව ඔබ මීට පෙර අසා තිබෙන්නට පුළුවන්. ලිංගික සංසර්ගයකින් තොරව කාන්තාවක් ගර්භනී කිරීමට තරම් ප්‍රමාණවත් ජීවයක් කාන්තාවකගේ ශරීරයෙන් පිටත පරිසරයේ දීත් ශුක්‍රාණුවකට රැක ගන්නට පුළුවන්. (මෙය සුළු වෙලාවක් පමණයි) එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍යය සේවය වාර්තා කරන ආකාරයට මෙවැන්නක් සිදුවිමේ සම්භාවිතාවක් තිබෙනවා. උදාහරණයක් ලෙස කාන්තාවක් පුරැෂයකු සමඟ ලිංගිකව එක් නොවී විවිධ ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වීමේදී පුරුෂ ශුක්‍රානු තැවරුණු ඇඟිලි මගින් යෝනිය ස්පර්ශ කිරීමෙන් පවා එම කාන්තාව ගර්භනී වන්නට පුළුවන්. කාන්තාවකට ගර්භනී වන්නට සෞඛ්‍යය සම්පන්න ශුක්‍රාණු. සරු හෙවත් සෞඛ්‍යය සම්පන්න ශුක්‍රානු සතුව ඇති මෙම ලක්‍ෂණ අනුව ඒවා හඳුනා ගත හැකියි. ප්‍රමාණය : කාන්තාවකට නිසි ලෙස ගර්භනී වීමට නම් ඩිම්බය පෝෂණය කිරීමට තරම් ප්‍රමාණවත් ශුක්‍රාණු සෛල වැඩි ප්‍රමාණයක් තිබීම අවශ්‍ය වනවා. ක්‍රියාකාරීත්වය : කාන්තාවගේ පැලෝපීය නාලය ඔස්සේ දිගු දුරක් ශක්තිමත්ව දඟර දමමින් පිහිනීමේ හැකියාව ශුක්‍රාණු සතු විය යුතු වනවා. ව්‍යුහය : පැලෝපීය නාලය ඔස්සේ ගමන් කර ඩිම්බය පෝෂණය කළ හැකි අණ්ඩාකාර හිසක් සහ දිගු වලිගයක් ශුක්‍රාණුවක් සතු විය යුතු වනවා. ඩිම්බ නීකුත් වීමෙන් පසුව පැය 12 – 14 ත් අතර කාලයක් ඇතුළත ඩිම්බය පෝෂණය විය යුතු වනවා. එයින් අදහස් වන්නේ දරු සම්පතක් ලැබීමට නම් එම කාලය වෙද්දී පැලෝපීය නාලය තුළ සවිමත් ශුක්‍රාණුවක් තිබිය යුතු වීමයි. කාන්තාවකගේ ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයක් ඇත්නම් ඩිම්බ නිකුත් වීමේ නිසියාකාරව සිදු නොවනවා.“progesterone”හෝමෝනය කාන්තාවකගේ ශරීරය තුළ නිසි පරිදි තිබෙනවා නම් එම කාන්තාවට ලෙහෙසියෙන්ම ගර්භනී වන්නට පුළුවන්. කාන්තාවකට ගර්භනී වන්නට නම් ශුක්‍රාණු සෛල කොපමණ තිබිය යුතුද ? ඇත්තවශයෙන්ම මේ සඳහා එක් සරැ ශුක්‍රානු සෛලයක් පමණ තිබීමත් ප්‍රමාණවත් වනවා. ශුක්‍රානු සෛල වැඩිපුර තිබී මඟින් සිදු වන්නේ ගර්භනීභාවයට පත්වීමේ සම්භාවිතාව වැඩි වීමයි. ශුක්‍රාණුවක ජීව කාලය වර්ධනය කර ගන්නේ කෙසේද ? ශුක්‍රානුවක ජීව කාලය ස්වභාවිකවම වර්ධනය කරගන්නට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ක්‍රමවේද කිහිපයක් තිබේ. සෞඛ්‍ය සම්පන්නව සිටින්න. සමබල ආහාර වේලක් ලබාගෙන ක්‍රියාශීලී සහ සෞඛ්‍යය සම්පන්න දිවි පෙවෙතක් ගත කිරීම මඟින් කායික සෞඛ්‍යය වර්ධනය වනවාට අමතරව පුරුෂ ශුක්‍රානුවල සෞඛ්‍යයත් වර්ධනය කරගන්නට පුළුවන්. දවසින් වැඩි කාලයක් එක ස්ථානයකට වී රූපවාහිනී ආදිය නරඹමින් ක්‍රියාශීලි නොවන පුද්ගලයන්ගේ ශුක්‍රානු ක්‍රියාශීලී පුද්ගලයන්ගේ ශුක්‍රානුවලට වඩා ශක්තිමත් නොවන බව සොයාගෙන තිබෙනවා. ශුක්‍රානුවල වර්ධනය වැඩි කරවන ආහාර වර්ග ලෙස මත්ස්‍යයින්, කුකුල් මස්, පළතුරු, එළවළු, ධාන්‍ය සහ රනිල බෝග අහාරයට ගැනීම ඉතාමත් වැදගත් වනවා. ඇල්කොහොල් අඩුවෙන් පානය කිරීම. ශුක්‍රානුවල ජීව කාලය වර්ධනය කර ගන්නට සිදුකළ හැකි තවත් ක්‍රියාවක් වන්නේ පිරිමි පුද්ගලයකු විසින් පානය කරනු ලබන ඇල්කොහොල් ප්‍රමාණය අඩු කිරීමයි. ඇල්කොහොල් පානය කරන ප්‍රමාණයට වඩා ඇල්කොහොල් පානය කරනු ලබන වාර ගණන ශුක්‍රාණු දුර්වල කරනු ලබනවා. සතියකට වාර දෙකක් හෝ තුනක් ඇල්කොහොල් පානය කරන පුද්ගලයින්ට වඩා සතියේ සෑම දිනකම ඇල්කොහොල් පානය කරන පුද්ගලයන්ගේ ශුක්‍රාණු දුර්වල වන බව ඩෙන්මාර්කයේදී සිදුකරනු ලැබූ අධ්‍යයනයක් මඟින් සොයාගෙන තිබෙනවා. මානසික ආතතිය දුරලීම මානසික ආතතිය දුරු කරගැනීම මඟිනුත් ශුක්‍රාණුවල ගුණාත්මකභාවය වර්ධනය කර ගන්නට පුළුවන්. ශාරීරික ආතතිය මඟින් සාමාන්‍ය ශරීරයට සෘණාත්මකව බලපාන අතර මානසික ආතතිය වැඩිවීම මඟින් ශුක්‍රාණුවල සෞඛ්‍යයට හානි සිදුවනවා. “Columbia” සරසවිය විසින් සිදු කරන ලද එක්තරා අධ්‍යයනයක් මඟින් කරුණු දක්වන ආකාරයට මානසික ආතතියක් ඇතිවීමේදී ශරීරය විසින් නිපදවනු ලබන හෝමෝන මඟින් ටෙස්ටොස්ටෙරෝන් වැනි හෝමෝනවල නිපදවීම අඩපන කර ශුක්‍රාණුවල ගුණාත්මකභාවය අඩු කරනු ලබනවා. මේ අධ්‍යයනය විසින් කරුණු දක්වන ආකාරයට වෘත්තීය වශයෙන් ඇතිවන මානසික ආතතියට වඩා ජීවිතයේ ඇතැම් සිදුවීම් නිසා ඇතිවන මානසික ආතතිය වඩාත් සෘණාත්මක ලෙස බලපානු ලබනවා. දුම්පානයෙන් වළකින්න. ශුක්‍රානුවල දුර්වලතාවය කෙරෙහි දුම්පානය කිරීමත් වඩාත් අහිතකර ලෙස බලපානවා. මෙයට හේතුව වන්නේ දුම්පානය කිරීම මගින් ශුක්‍රානු සෛල මගින් ඩිම්බය පෝෂණය කිරීම දුර්වල කරවීමයි. ඩිම්බය පෝෂණය වුවත් මෙවන් තත්වයකදී ගර්භපාතය “miscarriage” වැනි තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. ශුක්‍රාණුවල සෞඛ්‍යය සම්පන්න බව වර්ධනය කර ගන්නට අතිරේකයන්… ශුක්‍රානුවල සෞඛ්‍යය වර්ධනය කරන විවිධ අතිරේක ඖෂධයන් තිබෙනවා. උදාහරණයක් ලෙස ෆෝලික් අම්ලය සහ සින්ක් වැනි සංයෝගයන් අඩංගු වන අතිරේකයන් විසින් ශුක්‍රානු ප්‍රමාණය වර්දධනය කරනු ලබනවා. 75%ක පමණ ප්‍රතිශතයක් එවන් ඖෂධ ලබාගෙන තම දරුඵල අවශ්‍යතාවය ඉටු කරගෙන ඇති බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. මෙවන් ඖෂධ ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් මත පමණක් සිදු කරන්න. සුගත් 0 chamaramindMost Senior MemberPosts:13471 06 Apr 2018 07:11 PM 35 ට වැඩි ද? වසරකට වරක්වත් ප්‍රෙෂර් මැන ගන්න ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ.වී.සී ජානක අධික රුධිර පිඩනය (High Blood Pressure) යනු කුමක් ද? පුද්ගලයෙකුගේ සාමාන්‍ය යෙන් තිබිය යුතු ප්‍රමාණයට වඩා රුධිර පීඩනය වැඩි වීම වේ.කෙනෙකු බිය වූ විට, කේන්ති ගිය විට, ව්‍යායාමවල යෙදුණු විට,රුධිරයේ පීඩනය වැඩි වේ.එය සාමාන්‍ය තත්ත්වයකි.එවැනි අවස්ථාවල රුධිර පීඩනය මැනීමේන් පලක් නැත. රුධිර පීඩනය යන රෝග තත්ත්වයේ දී පුද්ගලයා සැහැල්ලුවෙන් විවේකීව සිටින විටත් රුධිර පීඩනය වැඩිවීමක් සිදු වේ.එම නිසා අධික රුධිර පීඩනය තිබෙනවාදැයි බැලීමට නම් සැහැල්ලුවෙන් වාඩි වී විනාඩි කිහිපයක් සිටීමෙන් පසු රුධිරය මැන බැලිය යුතු වේ.එමෙන් ම එම වැඩි වීම අවස්ථා කිහිපයක දී මැන බලා දිගටම පවතින්නේ යැයි තහවුරු කර ගත යුතු ය. පුද්ගලයෙකුට තිබිය යුතු සාමාන්‍ය රුධිර පීඩනය කොපමණ ද? සාමාන්‍ය වැඩිහිටියෙකුගේ රුධිර පීඩනය මිලි මීටර ( mmhg ) 120/80 ට අඩු විය යුතු ය.මෙහි රුධිර පීඩනය මනින විට කොටස් 02 ක් මනිනු ලබයි.ඉන් හෘදය සංකෝචනය වන විට පීඩනය ( Systolic Blood Pressure) ) ඉහළ අගයක් ගන්නා අතර හෘදය විස්තාරණය වන විට පීඩනය ( Diastolic Blood Pressure) ) පහළ අගයක් ගනී.සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිර පීඩනය මිලි මීටර ( mmhg ) 120/80 ට අඩු විය යුතු ය.මෙම ( Systolic Blood Pressure) ) අගය 140 ට වැඩි වුවහොත් හෝ ( Diastolic Blood Pressure) ) 90 ට වැඩි වුවහොත් අධික රුධිර පීඩනය ඇති බවට සැළකේ. පීඩනය ඇති වීමට බලපාන හේතු මොනවා ද? පුද්ගලයෙකු වයසට යන විට , රුධිර වාහීනීවල බිත්ති ඝනකම වේ. එම නිසා රුධිර වාහීනී තුළ පීඩනය වැඩි වේ. සාමාන්‍යෙයන් රුධිර පීඩනය වැඩි වීමට බලපාන්නේ මෙම හේතුවයි. මෙයට ජනමය බලපෑම, ශරීරය තරබාරු වීම හේතු වේ. වයසත් සමග ඇති වන මෙම තත්ත්වය ඖෂධ මගින් වෙනස් කළ නොහැක. නමුත් පීඩනය අඩු කිරීම පමණක් ඖෂධ මගින් කළ හැකි ය. එම නිසා වයසත් සමග ඇති වන අධික රුධිර පීඩනය සදහා දීර්ඝ කාලීන ඖෂධ ගැනීම කළ යුතු ය. මීට අමතරව, මානසික පීඩනය සහ වෙනත් හෝමෝන වර්ගවල රෝගී තත්ත්වයන් , වකුගඩු ක්‍රියාකාරීත්වයේ ඇති වන රෝග, නිසා ද අධික රුධිර පීඩනය ඇති වේ. “ White Coat Hypertension “ ( සුදු කබා රුධිර පීඩනය ) යනු කුමක් ද? සමහර පුද්ගලයින් රෝහලක් වෙත යන විට හෝ රෝහල් කාර්යයමණ්ඩලය දුටු විට නැතහොත් රුධිර පීඩනය මනින විට,ඇති වන බිය නිසා , ඔවුන්ගේ රුධිර පීඩනය වැඩි වේ. එය රෝගී තත්ත්වයක් නොවේ.බොහෝ විට එම රෝගීන් අනවශ්‍ය ලෙස ඖෂධ භාවිතයට පුරුදු වේ. මේ සඳහා කළ යුත්තේ නිවසෙහි දී රුධිරය මැන ගැනීම හෝ පැය 24 ක රුධිර පීඩන රටාව මැනීම ය. ( 24 hour ambulatroy blood pressure monitoring ) කර ගැනීම ය. අපට හමුවන රුධිර පීඩනය ඇතියි යන්න කියන බොහෝ තරුණ තරුණියන්ට ඇත්තේ මේ තත්ත්වයයි. අඩු වයසින් රුධිර පීඩනය ඇති විය හැකි ද? වකුගඩුවල රෝග තත්ත්ව හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනස්කම්, රුධිර වාහීනීවල වෙනස්කම් වැනි හේතු නිසා අඩු වයසින් රුධිර පීඩනය ඇති විය හැකි ය. නමුත් මෙම තත්ත්වයන් ඉතා දුර්ලභ ය.එහෙත් ප්‍රතිකාර නෙකළහොත් අනතුරුදායක ය.එම නිසා වයස අවුරුදු 40 ට අඩු අයට රුධිර පීඩනය ඇත්නම් ඔවුන් විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී පරීක්ෂණවලට බදුන් විය යුතු ය. රුධිර පීඩනයට ප්‍රතිකාර ගැනීම පමණක් ප්‍රමාණවත් නැත. නිවසේදී රුධිර පීඩනය මැන ගැනීම නිවැරදි ද? ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද ඩිජිටල් රුධිර පීඩන උපකරණය මගින් නිවසේදී තනිවම රුධිර පීඩනය මැන ගැනීමට පුළුවන.නමුත් මෙම උකරණය ඉතා සංවේදී නිසා එක අවස්ථාවක දී රුධිර පීඩන කියවීම් කිහිපයක් ගත යුතු ය.එහි දී අවසානයට ගන්නා කියවීම් නිවැරදි වේ. අධික රුධිර පීඩනයේ රෝග ලක්ෂණ මොනවා ද? සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ නැත .රුධිර පීඩනය ඉතා ඉහළ අගයක් ගත් විට,හිස කැක්කුම වැනි තත්ත්වයන් ඇති විය හැකි ය. අධික රුධිර පීඩනය නිසා ඇති විය හැකි තත්ත්වයන් මොනවා ද? අධික රුධිර පීඩනය මගින් අතුරු ආබාධ ඇති වන්නේ එම පීඩනය කාලයක් පැවතීම නිසා ය.හෘදයාබාධ, අඝාතය( Stork ) වකුගඩු අක්‍රීය වීම,අධික රුධිර පීඩනය නිසා ඇති වන ප්‍රධාන ප්‍රතිඑල වේ. අධික රුධිර පීඩනය වළක්වා ගන්නේ කෙසේ ද? වළක්වා ගැනීමට කළ හැකි දෑ සීමා සහිත ය. ශරීරයේ බර අඩු කර ගැනීම, ව්‍යායාම්වල යෙදීම,මානසික පීඩනය අඩු කර ගැනීම,අධික ලුණු භාවිතයෙන් වැළකීම,එළවළු පලතුරු ආහාරයට ගැනීම,මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම, අදිය අධික රුධිර පීඩනය ඇතිවීම වළක්වා ගැනීමට කළ හැකි පියවර වේ. අධික රුධිර පීඩනයෙන් යුක්ත පුද්ගලයෙකු සිදු කළ යුතු පරීක්ෂණ මොනවා ද? අධික රුධිර පීඩනය හෘද රෝගවලට හේතුවක් නිසා හෘද රෝගවලට බලපායි.අනෙකුත් සාධක පරීක්ෂා කර අඩු කර ගත යුතු ය. එම නිසා රුධිරයේ සීනි, කොළෙස්ටරෝල් පරීක්ෂා කර ගත යුතු යුතු ය.වකුගඩු පරීක්ෂාවක් ( Serum Creatinie ) ප්‍රයෝජනවත් වේ. අධික රුධිර පීඩනය සඳහා ඇති ප්‍රතිකාර මොනවා ද? අධික රුධිර පීඩනය වයසත් සමඟ ඇති වන තත්ත්වයක් නිසා එය සුව කළ නොහැකි ය. නමුත් ඖෂධ මගින් පාලනය කළ හැකි ය.එම නිසා දිනපතා දීර්ඝකාලීනව ඖෂධ ගැනීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා විවිධ ඖෂධ වර්ග භාවිත කරයි. එකම පුද්ගලයෙකුට ඖෂධ වර්ග කිහිපයක් , භාවිතා කිරීමට සිදු වී ඇත. වර්තමානයේ සිටින අධික රුධිර පීඩනය පවතින පුද්ගලයින්ට ඔබ දෙන පොදු උපදේශය කුමක් ද? අවුරුදු 35 ට වැඩි පුද්ගලයන් වෛද්‍ය උපදෙස් අනුව අධික රුධිර පීඩනය තිබේ ද?එයට හේතු මොනවා ද?යන්න පරීක්ෂා කරවා ගත යුතු ය. අධික රුධිර පීඩනය ඇති අයෙකු නම් නොනවත්වා නියම මාත්‍රාවෙන් ඖෂධ ලබා ගැනීම කළ යුතු ය. මදාරා මුදලිගේ 0 chamaramindMost Senior MemberPosts:13471 06 Apr 2018 07:28 PM අවුරුදු කාලෙදි පරෙස්සම් කරගත යුතු කට සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවීමත් සමඟ බොහෝ ගෙවල්වල කැවිලි පෙවිලි සූදානම් කිරීම ඈත අතීතයේ සිටම පැවතෙන සිරිතකි. කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා කැවිලිවලට දක්වන ප්‍රියතාවය සුළුපටු නම් නොවේ. මේ නිසාම බොහෝවිට පැණිරස ගැනීමෙන් පසුව ඇතිවන රෝග තත්ත්වයන් ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. සීනි මෙන්ම පිටි වර්ග සහිත ආහාර පැණිරසයෙන් යුක්ත වේ. ආයුර්වේදයට අනුව මෙය රෝගී වීමට ප්‍රධාන හේතුවක් වේ. විශේෂයෙන් හෘද රෝග, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්වයන් ඇතිවීමට මෙය හේතුවක් වේ. එමෙන්ම වැඩිපුර සීනි ශරීරයට එක් කරගැනීමෙන් සිරුරේ මේදය නිපදවීම ද සිදුවේ. සීනි, පිටි, තෙල් ආහාර දිරවීමේදී බොහෝ අපහසුතා ඇති කරයි. ආහාර රැචිය අඩුකිරීම, බඩ පිපුම, මළබද්ධය වැනි තත්ත්වයන් ද ඇතිවිය හැක. බොහෝවිට කොලෙස්ටරෝල්, දියවැඩියාව, හෘද රෝග වැනි රෝග තත්ත්වයන් ඇති පුද්ගලයන් අවුරුදු කාලයේදී පැණිරස කැවිලිවලට දක්වන අධික රුචිය නිසාම එකක් දෙකක් කනවා යැයි පවසමින් රසකැවිලි කිහිපයක් ගැනීමෙන්ද රෝගය උත්සන්න වීමට පුළුවන. විශේෂයෙන් තම කට පරිස්සම් කිරීමට නොහැකි වීම නිසා අවුරුදු කාලයේදී එවැනි අය රෝගී තත්ත්වයටද පත්වීමට ඉඩ තිබේ. මේ නිසා අවුරුදු කාලයේදී රසකැවිලිවලට කැමැත්තක් දක්වන ඔබ මේ පිළිබඳවද සැලකිලිමත් වන්න. ආහාර ගැනීමෙන් පසුව උණුවතුර බොන්න බොහෝවිට පැරැන්නන්ගේ මතය වන්නේ කුසෙන් අඩක් පිරෙන්නට කෑම ගෙන ඉතිරි ¼ සඳහා ජලය ද ඉතිරිය හිස්වද තබන ලෙසය. නමුත් මෙම කාලයේදී කුසෙන් අඩක් වෙනුවට 1/4ක් වන ලෙස ආහාර ගන්න. අවුරුදු කාලයේදී ඔබ ගන්නා බොහෝ ආහාරවල වැඩිපුර තෙල්, පිටි තැන්පත්ව පවතී. මේ නිසා කුසෙන් 1/4 ක් පමණක් ආහාර ගන්න. ආහාර ගැනීමෙන් පසුව මඳ උණුසුම් ජලය ස්වල්පයක් පානය කරන්න. ඔබ කෑම ගැනීමට පැය භාගයකට පෙරද ජලය පානය කරන්න. මෙලෙස දිනකට අඩුම තරමේ වතුර බෝතල් පහක් හෝ හයක් පානය කරන්න. තේ වෙනුවට කැඳ වීදුරුවක් අවුරුදු කාලයේදී පැණිරස, පිටි සහිත ආහාර ගැනීමට මෙන්ම නිතර නිතර තේ පානය කිරීමටද සිදුවේ. විශේෂයෙන් අවුරුද්දට නෑගම් යන විට බොහෝ ගෙවල්වලින් තේ පැන් සංග්‍රහයක් රසවිඳීමට සිදුවේ. මේ නිසා ශරීරයට එකතුවන සීනි ප්‍රමාණයද අධිකය. ඔබ නිවසේ සාදන තේ කෝප්පයට සීනි මෙන්ම පිටිකිරි ද අඩුවෙන් එකතු කර තේ කෝප්පය සාදාගන්න. හැකි නම් මේ කාලයේදීවත් උදේ තේ කෝප්පය වෙනුවට කැඳ කෝප්පයක් හෝ කොළ කැඳ කෝප්පයක් පානය කරන්න. දෙහි, දොඩම් වැනි ස්වභාවික පළතුරැවලින් සාදන ලද පළතුරු යුෂ වීදුරැවක රස බලන්න. අමතක නොකර එම පළතුරැ යුෂවලට සීනි එකතු නොකර හෝ අඩු සීනි දමා රස බලන්න. අලුත් එළවළු පළතුරැ ආහාරයට ගන්න අවුරුදු කාලයට බොහෝ නිවෙස්වල උත්සවශ්‍රීයෙන් යුතු කෑමවේලක් පිසිනු ලබයි. නෑදෑ නිවෙස්වලදීද බොහෝවිට මස් මාංශ සහිතව බුරියානි, කට්ලට් වැනි රසවත් ආහාරපානවලින් නොඅඩුව සංග්‍රහයක් භූක්ති විඳීමක් ලැබේ. අතුරැපසට අයිස්ක්‍රීම්, වටලප්පන්වලින් ද බොහෝවිට සංග්‍රහයක් ලැබේ. නමුත් අයිස්ක්‍රීම් වෙනුවට ඔබට අලුත් පළතුරු අතුරුපස සඳහා යොදාගත හැකිය. අඩුම තරමේ අලුත් අවුරුදු කාලයේදී ඔබේ නිවසේ ආහාර වේලට කෙඳි සහිත එළවළු වර්ගයක් ආහාරයට එක්කරගන්න. මේ කාලයේදී ආහාරයට දිනපතාම එක් කරන තෙල්, පිටි සහිත ආහාරවලට අමතරව අගුණකොළ, රණවරා කොළ, කතුරැමුරැංගා වැනි පලා වර්ගයක් ආහාරයට එක්කගන්න. මස් මාංශ ආහාරයට ගැනීම හැකිතාක් අඩු කරන්න. රාත්‍රියට එළවළු සුප් එකක් වැනි සුළු ආහාරයක් එකතු කරගන්න. සුදුලූනු, කරපිංචා ඉතා ගුණයි ඔබ දිනපතා ආහාරයට එක් කරන ව්‍යංජනවලට කරපිංචා, සුදුලූනු, කුරැඳුපොතු, ගොරකා, උළුහාල් වැඩිපුර එකතු කරන්න. විශේෂයෙන් සුදුලූනු ව්‍යංජනය ඉතා රසවත් මෙන්ම ඉතා ගුණදායක ව්‍යංජනයකි. අලුත් අවුරුදු සමයේදී ඔබේ ආහාර වේල පිළිබඳව ඉතා සැලකිලිමත් වන්න. විශේෂඥ ආයුර්වේද වෛද්‍ය නිමාලි සොලොහොකාර කුරුණෑගල ආයුර්වේද රෝහල 0 chamaramindMost Senior MemberPosts:13471 06 Apr 2018 07:43 PM කාටත් ආදරය කරන ආටෝපවත් ලෙඩේ ආදරයට බියැත්තෝ ජීවිතයට බියය. ජීවිතයට බියැත්තෝ නොමළත් මළවුන් වැනිය. මෙම කියමන බර්ඩ්න් රසල් නැමති දාර්ශනිකයාගේ “විවාහය හා සදාචාරය” පොතෙන් උපුටා ගත්තකි. ආදරය සහ ලිංගිකත්වය, ආහාරයට සහ බලයට මිනිසා දක්වන ආශාව හා සමානය. කිසිම මිනිසකුට ගැඹුරු ආදරයකින් තොරව උපරිම ලිංගික ආශ්වාදනයක් ලැබිය නොහැකි බව මනෝවිද්‍යාත්මක මතයයි. ඒත් සෑම මිනිසකුටම ඒ ගැඹුරු ආදරය සහ ආශ්වාදය ඒ ආකාරයෙන්ම ලැබිය නොහැකිය. ඊට ප්‍රධාන හේතු කීපයකි. එම පුද්ගලයාමට ආවේනික වූ පෞරැෂය, ආකල්ප හා ගති පැවතුම් සහ සමහර විශ්වාස හා මතවාදයි. සමහර පෞරුෂ භින්නතා ආදරය ලිංගිකත්වය හා ජීවිතයට ප්‍රබල බලපෑමක් ඇති කරයි. මින් එක පෞරුෂ භින්නතාවයකි. “බොරු ආදරය සහ ආටෝපයට මනස ගොදුරු වූ පෞරුෂය.” (Histrionic Personality Disorder) අපි ඇයට උත්පලා කියමු. උත්පලාගේ වයස අවුරුදු 23යි. උත්පලා සහ උපුල්ගේ ආදර සම්බන්ධතාවයට දැන් අවුරුදු 5ක් වෙනවා. උපුල්, උත්පලාට ගැඹුරින්ම හදවතින්ම ආදරය කරත් උත්පලා උපුල් කෙරෙහි ඒහා ගැඹුරැ අවංක ආදරයක් දැක්වූ බවක් නොපෙනුනි. අවුරුදු 5ක් තිස්සේ උත්පලා සමඟ ගතකළ ජීවිතය තවමත් තේරුම් ගත නොහැකි වූ උපුල් ඔහුගෙ කතාව මෙහෙම පැවසුවා. “Dr. මට විශාල ගැටලුවක් මේක මගෙ girl friendගේ ගැටලුවක්. මම ඇයව තේරැම් ගන්න අවුරුදු 5ක් තිස්සේ උත්සාහ කළා. ඒත් තවමත් මම ඇය කවුද කියලා වටහාගන්න බැරුව ලෝක දෙකක අතරමංවෙලා. මට අනාගතය ගැන තියෙන්නේ බයක් වගේම අවිනිශ්චිත බවක්. ඇය ඇත්තටම මට ආදරය කරනවාද කියලා මට සැකයක් ඇති වෙලා. මේ ගැන හිතලම මට දැන් නින්ද යන්නෙ නෑ. කෑම කන්නත් බෑ. මගේ රස්සාව හරියට කරගන්නත් බෑ. මට දැන් ජීවිතෙත් එපා වෙලා. මගේ අම්මට තේරිලා මොකක් හරි ප්‍රශ්නයක් තියනවා කියලා. ඒත් මම අම්මට සම්පූර්ණ ඇත්ත කීවෙ නැහැ. අම්ම මගේ කේන්දරේ බලලා. මට තව අවුරුදු 5ක් යනකම් අපලයි කීවා. අපල ඉවර වෙනකම් බලාන හිටියොත් මගේ ජීවිතයෙන් තව අවුරුදු 5ක් ගෙවිලා යනවා. මේ අතර තමයි මගේ යාළුවෙක් මට කීවේ මනෝවෛද්‍යවරයෙක් හමුවෙන්න කියලා. ඉතින් කියන්න අපට ඔබේ පෙම්වතිය ගැන තියන ගැටලුව? ඇය මට හමුවුණේ මම වැඩ කරපු පළමු office එකේදී. ඇය හරිම ලස්සනයි. ඒත් මේ අවුරුදු 5 ඇතුළත මට හොරෙන් තවත් පිරිමි පස් දෙනෙක් ඇසුරු කරලා තියනවා. ඔවුන්ටත් මට වගේම ආදරය ප්‍රකාශ කරලා තියනවා. මට තේරුණා ඇය සූක්ෂම විදියට පිරිමින්ව ඇය වෙත ආකර්ෂණය කර ගැනීමට හරිම උපක්‍රමශීලීයි කියලා. ඇය ඇඳුම්වලට අසාමාන්‍ය ලෙස වියදම් කරනවා. මගේ වැටුපෙන් බාගෙකට වැඩිය ඇයගෙ ඇඳුම්වලටයි රත්තරන් බඩුවලටයි වියදම් කරලා තියනවා. ඇයගෙ වැරදි පෙන්නලා දුන්නට කිසිම ගානක් නෑ. සමහර වෙලාවට අඬනවා. ඇය අඬන්නෙ බොරුවට කියලා මට හුඟාක් වෙලාවට තේරිලා තියනවා. නමුත් සුළු වෙලාවකින් කිසිම දෙයක් සිදුනොවුණා සේ මා සමඟ යාළු වෙනවා. මට වෙලාවකට හිතෙන්නෙ ඇය කිසිම දෙයක් තේරුම් ගන්න පුළුවන් ගැහැනියක් නෙවෙයි කියලා. ඇය නිතරම කියන්නෙ මට ආදරෙයි කියලා. ඒත් ඒක එක්තරා විදියක ආටෝපයක් පමණක් කියලා දැන් මට හිතෙනවා. අපි උත්පලාව සායනයට ගෙන්වා ගත්තා. ඇය මෙසේ පැවසුවා. මම උපුල්ට කැමතියි. නමුත් මට කිසිම කෙනෙක් ගැන ගැඹුරු ආදරයක් දැනෙන්නෙ නැහැ. මම තැනකට ගියාම හැම කෙනාගෙම අවධානය ලැබෙන විදියට ඉන්න හරිම ආසයි. මම හුඟාක් හොඳම විදියට අඳිනවා. රත්තරන් බඩුත් දානවා. මේ හුඟාක් වියදම් දැරුවෙ ඇත්තටම උපුල් තමයි. මම අඳින්න පළදින විදියට පිරිමි ආකර්ෂණය වෙනවා. එයාලත් එක්ක සම්බන්ධකම් ඇතිකර ගන්නත් මම ආසයි. නමුත් කිසිම කෙනෙක් පිළිබඳ ගැඹුරු ආදරයක් මට දැනෙන්නේ නෑ. දැනට මට එහෙම සම්බන්ධතා පහක් පමණ තිබිලා තියනවා. මම ඇත්තටම ආස ඕනම තැනකට ගියාම කාගෙත් අවධානය සහ ආදරය මා වෙත ලබාගන්න. එහෙම බැරි වුණොත් මට ඒක ලොකු මානසික පීඩනයක්. ඒ වගේම ලොකු හිස් බවක් දැනෙනවා. මේ දවස්වල මට ජීවිතය කලකිරිලා එපා වෙලා. මොකද දැන් උපුල් මගෙන් ඈත් වෙන්නයි බලන්නේ. මම උපුල්ට කැමතියි. ඒත් මට ලොකු ආදරයක් දැනෙන් නෑ. උපුල් ඈත් වුණොත් මගේ ලෝකේ කඩා වැටෙයි කියලා මට බයයි. එහෙම වුණොත් කවුද මගෙ වියදම් දරන්නෙ. මට ඕන ඕන දේවල් අරන් දෙන්නේ මම ආස තැන්වලට මාව එක්කගෙන යන්නේ. ඉහත උත්පලා බොරු ආදරය සහ ආටෝපයට මනස ගොදුරු වූ පෞරුෂ භින්නතාවයෙන් (Histrionic Personality) පෙලෙන බව මනෝවෛද්‍ය විද්‍යාව අනුව විස්තර කළහැකිය. මෙම පෞරුෂ භින්නතාවයේ ප්‍රධාන ලක්ෂණ නම්, • අනෙක් අය තමන්ගේ ලිංගික ආශාවන් සපුරා ගැනීමට සූක්ෂම ලෙස පෙළඹ වීම. (Sexual Seductive) • මෙම රෝගීන්ගේ ජීවිතය නාට්‍යයක් බදුය. අනෙක් අය පෙළඹවා ඔවුන්ගේ අවධානය තමා වෙත දිනා ගැනීම සඳහා මවාගත් ගතිගුණයකින් ලෝකයක ජීවත් වෙයි. (Self – Dramatization) • තීරණ ගැනීමේදී හා ප්‍රශ්න විසඳා ගැනීමේදී දක්වන බොළඳකම. (Shallow thinking) • ඉතාමත් ආකර්ෂණීය ලෙස ඇඳුම් ආයිතම්වලින් සැරසීම. ඒවාට අධිකව වියදම් කිරීම (Flamboyant) • කිසිවකු සමඟ කිසිවිටෙකත් ගැඹුරු ආදරයකට ඇතුළු නොවීම. (Superficial Love) මෙම පෞරුෂ භින්තාවයට ප්‍රජාව තුළ ජනගහනයෙන් 1.5% පමණ ගොදුරු වී ඇති බව සොයාගෙන තිබේ. මෙයට වැඩිපුර ගොදුරු වන්නේ කාන්තාවන්ය. මෙම පෞරැෂ භින්නතාවයට නිශ්චිතම හේතුව සොයාගෙන නැති නමුත් ජාන සහ පරිසරය බලපාන බව විශේඥයන්ගේ මතයයි. කුඩා කල සිටම දරුවකුට හැඟීම් හඳුනාගැනීමට සහ බෙදාගැනීමට අවශ්‍ය පරිසරය නැති වූ විටද මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බව සමීක්ෂණවලින් පෙන්වා දී ඇත. උත්පලාගේ ළමා කාලයේ රහසක් ද මෙහිදී අපට එළිවිය. උත්පලාගේ මව පියාගෙන් වෙන්වී ඇත්තේ ඇයට අවුරුදු 7 දීය. උත්පලා අම්මා ළඟ තනිවිය. අම්මා දෙවන කසාදයට ඇතුළු විය. ඉන්පසු අම්මාගේ අවධානය උත්පලාගෙන් ගිලිහී ගියේය. උත්පලාගේ දුක සතුට, සොම්නස, දොම්නස, ජීවිතයේ මුහුණ දෙන ආතතීන් ප්‍රකාශ කිරීමට හෝ බෙදා ගැනීමට ගෙදර පරිසරයක් නොවීය. මෙහිදී අප ඔබට දෙන පණිවිඩය නම් දරුවාට දැනෙන්න ආදරය කරන්න කියා නැවත මතක් කිරීමයි. එවිට මෙවන් පෞරුෂ භින්නතා සහිත චරිත බිහි නොවනු ඇත. කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක 0 chamaramindMost Senior MemberPosts:13471 06 Apr 2018 08:06 PM උරහිසේ කැක්කුම ලොකු ලෙඩක සංඥාවක් විය හැකිය! උරහිසේ ඇතිවන වේදනාවන්ගෙන් බොහෝ දෙනක් ජිවිතයේ කිසියම් හෝ අවස්ථාවක පීඩා විඳිති. ඇතමුන් මේ ගැන මුලින් නොසලකා හැරීම හේතුවෙන් එකී වේදනාවන් බරපතළ බවට පත්වේ. යමෙකුගේ උරහිසේ වේදනාවක් ඇති වූ විට ඔවුන් සිතන්නේ ඒ අතින් වැඩිපුර වැඩ කරන නිසා වේදනාව හටගන්නා බවය. තවත් අය කියන්නේ තමන් අත යට කර නිදා ගැනීම නිසා මෙසේ උරහිසේ වේදනා ඇති වන බවය. ඒ කෙසේ වෙතත් උරහිසේ වේදනාවන් සඳහා මෙයට අමතරව විවිධ හේතු කාරණා බලපායි. මේ ඒ ගැනය. සාමාන්‍යයෙන් උරහිස සෑදී ඇත්තේ මාංශපේශී, ඛන්ඩරා හා අස්ථි මෙන්ම උරහිස් හන්දිය දායක වීමෙනි. උරහිසේ වේදනාවක් ඇති වීමට මෙම කොටස්වල ව්‍යාකූලතාවක් හේතු කාරක වන්නේය. උදාහරණයක් ලෙස කීවොත් මාංශ පේශිවල සිදුවන ඉරීමක් හෝ තදවීමක්, අස්ථිවල සිදුවන බිඳීමක්, හා උරහිස් සන්ධිවල ඇතිවන ආතරයිටිස් තත්ත්වයක් මෙයට හේතුවිය හැකිය. එහෙත් ඔබගේ ශරීරයේ වෙනත් ස්ථානයක හට ගන්නා රෝගි තත්වයක් සමඟ ඇතිවන වෙනසක් උරහිසේ වේදනාවක් ලෙස දැනෙන්ටද පුළුවන. නිදසුනක් ලෙස බෙල්ල ආශ්‍රිතව, මහාප්‍රාචීරය ආශ්‍රිතව ඇතිවන ව්‍යාකූලතාවක් හෝ ස්නායුවල තෙරපීමක් නිසා මෙසේ උරහිසේ වේදනාවක් ඇතිවිය හැකිය. තවද හෘදයේ ඇතිවන ඇනජයිනා කැක්කුම ද උරහිසේ වේදනාවක් ලෙස මතුවිය හැකිය. එපමණක් නොව පෙණහැල්‍ලේ හට ගන්නා කුඩා ගෙඩි විශේෂයක් ද උරහිසේ වේදනාව ඇති කිරීමට හේතුවකි. ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙකු නම් රැධිරගත සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන්ද උරහිසේ අධික වේදනාවක් හටගනී. මෙසේ හට ගන්නා වේදනාව ක්‍රමයෙන් උරහිස දිගේ පහළට ඇදී යනු ඇත. මෙසේ උරහිසේ වේදනාවක් ඇති වූ විට වෛද්‍යවරයකු වෙත යෑම අනිවාර්ය වේ. එහෙත් ඇතැම්විට වෛද්‍යවරයා හමුවෙන තෙක් එම වේදනාව දරා සිටීමට නොහැකි නම් පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් ගැනීම කළ හැකිය. වැරුදි ඉරියව්වක නිදාගැනීම, හිස පැත්තකට ඇදෙන සේ වැටීම හෝ තල්ලුවීම, හිස දෙපසට වැඩි වාරයක් හැරවීමට සිදුවන පිහිනුම් වැනි ව්‍යායාමවල යෙදීම, අධික ආතතිය, විෂාදය, වැරදි ඉරියව්වලින් දිගුකලක් වාඩිවී වැඩකිරීම, පරිගණකය වැරදි පිහිටීමක තබා බැලීම මෙන්ම ජංගම දුරකතනය හිස පසෙකට හරවා රඳවාගෙන වැඩිවෙලාවක් කතා කිරීම වැනි හේතුද මේ තත්ත්වයට මුල් වේ. උරහිසට සිදු වූ අනතුරක් හේතුවෙන් වේදනාවක් දැනෙන්නේ නම් රෙදි කැබැල්ලක ඔතන ලද අයිස් කැටයක් ආධාරයෙන් උරහිස තැවිය හැකිය. මඳ රස්නේ උණු වතුරෙන් තැවීම හෝ වේදනාව සමනයට පත් කළ හැකි ආලේපනයක් භාවිතා කරන්නට ද හැකිය. වේදනාව දැනෙන උරහිස ආශ්‍රිත අතින් කරනු ලබන වැඩ සීමා කිරීම කළ යුතුය. නමුත් දිගින් දිගට එන වේදනාවට අත් බෙහෙත් කරමින් බලා සිටිම සුදුසු නැත. ඔබගේ උරහිස් වේදනාව වෛද්‍යවරයකු වෙත පෙන්වා ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර හෝ ඔහුගේ උපදෙස් මත භෞතචිකිත්සක ප්‍රතිකාර ගත යුතුය. යම් ලෙසකින් උරස් හන්දියට සැලකිය යුතු අනතුරක් සිදු වී ඇත්නම් උරස් හන්දිය රතු වී, ඉදීමී ඇත්නම් උණ ගැනෙනු ඇත. ශ්වසනයේ අපහසුවක් හෝ පපුව ප්‍රදේශයේ කැක්කුමක් වැනි තත්ත්වද මේත් සමඟම ඇති වේ නම් වහාම වෛද්‍යවරයකු වෙත යොමුවීම වැදගත් වේ. උරහිසේ වේදනාවන් සඳහා ඖෂධ ප්‍රතිකාර මෙන්ම භෞත චිකිත්සක ප්‍රතිකාර ද තිබේ. මෙහිදී ශාරීරික ව්‍යායාම, කෙටි තරංග හෝ අධෝරක්ත කිරණ ප්‍රතිකාර ද උපයෝගි කරගනු ලැබේ. කළුබෝවිල ශික්ෂණ රෝහලේ - වෛද්‍ය චන්දන ධර්මරත්න 0 indika76Most Senior MemberPosts:10459 06 Apr 2018 08:10 PM මගෙත් උරහිසේ වේදනාවක් ආවා.. මොනවත් කරේ නම් නැහැ.. ඒක නිකම්ම නැතිවෙලා ගියා... 0 samanthaMost Senior MemberPosts:13194 06 Apr 2018 10:01 PM කාලෙක පටන් මගෙත් උරහිසේ වේදනාවක් තියෙනවා. ලංකාවට ඇවිත් ප්‍රතිකාර ගන්න ඕනෑ. 0 chamaramindMost Senior MemberPosts:13471 07 Apr 2018 07:58 AM මගෙත් තියනවා ඇවිදින කොට රිදෙනවා..උරේත් පනිනවා 0 chamaramindMost Senior MemberPosts:13471 07 Apr 2018 06:16 PM පීනස කරදරයට ආයුර්වේදයෙන සුවය Õ පීනස රෝගය අන් රෝගවලට වඩා වෙනස් බවක් දක්‌වනවා. විශේෂයෙන්ම මෙම රෝගයේ රෝග ලක්‍ෂණ ඇතිවීම විශේෂ වේලාවන්වල සිදු වෙනවා. ඇයි ඒ? Õ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - පීනස රෝගය අන් රෝගවලින් වෙනස් වන විශේෂ ලක්‌ෂණය තමයි ඔබ ඔය ඇසුවේ. ඇත්තටම පීනස රෝගයේ රෝග ලක්‍ෂණ පොදුවේ සෑම විටම පෙන්නුම් කරන්නේ නැහැ. ඒ අනුව මෙම රෝග ලක්‍ෂණ වැඩිපුරම මතු වන්නේ පරිසරයේ සිසිල් බවක් ඇති අවස්‌ථාවලයි. ඒ අනුව බොහෝ රෝගීන්ට උදෑසන කාලයේ මෙම රෝග ලක්‍ෂණ පෙන්නුම් කරනවා. කිවිසුම් යැම, නාස් පුqඩුවලින් දියර ගැලීම එම කාලයේ දී බහුලව සිදුවනු ලබනවා. තවද සවස් කාලයේ දී මෙන්ම රාත්‍රී කාලයේදී ද පීනස රෝගීන් මෙම රෝග ලක්‍ෂණවලින් පීඩා විඳිනු දක්‌නට හැකියි. දිවා කාලයේ දී මෙම රෝගීන්ට කිසිම රෝග ලක්‍ෂණයක් පෙන්නුම් නොකරන අතර එයද මෙම රෝගයේ විශේෂ ලක්‍ෂණයකි. Õ පීනස රෝගයේ ප්‍රධානතම රෝග ලක්‍ෂණ ලෙස හැඳින්විය හැක්‌කේ මොනවාද? Õ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - නාසයෙන් සොටු දියර ගැලීම, හිස බර ගතිය, අධික කේන්තිය, නිතරම කිවිසුම් යැම ප්‍රධාන රෝග ලක්‍ෂණ ලෙස හැඳින්විය හැකියි. බහුතර රෝගීන් පිරිසකට වැඩිපුරම පෙන්නුම් කරන්නේ මෙම රෝග ලක්‍ෂණයි. නමුත් ඇතැම් රෝගීන්ට මීට අමතරව තවත් රෝග ලක්‌ෂණ ඇති බවත්, බහුතර පිරිසකට පොදුවේ ඇතිවන්නේ ඉහත රෝග ලක්‍ෂණයි. Õ පීනස රෝගය වැළඳුණු අයට ඒ සමඟ බලපාන තවත් රෝග තිබෙනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - පීනස වැළඳුණු රෝගීන් රැසක් අප මේ වනවිට පරීක්‍ෂා කර ප්‍රතිකාර ලබාදී සුවකර තිබෙන අතර එම පරීක්‍ෂාවලදී ඇතැම් රෝගීන්ට වෙනත් රෝග ද මේ සමඟම වැළඳී තිබෙනවා දැක තිබෙන අතර ඒ අනුව බොහෝ විට ඔවුන්ට වැළඳී තිබෙන්නේ ගැස්‌ට්‍රයිටීස්, අර්ශස් හා සමේ රෝග බව අප හඳුනාගෙන තිබෙනවා. Õ පීනස රෝගය සුව කිරීමට ආයුර්වේද ප්‍රතිකාරවලට හැකියාවක් තිබෙනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - නිට්‌ඨාවටම පීනස සුව කිරීමට ආයුර්වේද ප්‍රතිකාරවලට හැකියාවක් තිබෙනවා. නමුත් ඇතැමුන් තුළ බියක් තිබෙනවා ආයුර්වේද ප්‍රතිකාරවලින් රෝගය තවත් උත්සන්න විය හැකියි කියා. නමුත් ඔය ඉතාම වැරැදි බියක්. නිවැරැදි නිසි ආයුර්වේද වෛද්‍යවරයකු කරා ගොස් ප්‍රතිකාර ලබා ගත්තොත් අනිවාර්යෙන්ම ආයුර්වේද ප්‍රතිකාර තුළින් පීනස සුවකර ගැනීමේ හැකියාව තිබෙනවා. සෙම ඉවත් කිරීමෙන් පමණක් මෙම රෝගය සුවකළ නොහැකියි. රෝගීන් නිසි ලෙස පරීක්‍ෂා කර බලා පීනස සමඟ ඔවුන්ට වැළඳී ඇති අනෙක් රෝග ගැන ද සොයා බලා වෙන් වෙන් වශයෙන් එම රෝගවලට ප්‍රතිකාර කිරීමෙන් මෙම රෝගයට නිසි විසඳුම් ලබාගත හැකියි. ඒ අනුව රෝගීන් අනුව ප්‍රතිකාර ක්‍රම වෙනස් විය හැකියි. නිදිකුම්බා කොළවලින් ගුද භ්‍රංශයට සහනය ප්‍රශ්නය - ඇඹුල් ඇඹිලිය නමැති ශාකය මඟින් ගුද භ්‍රංශය හෙවත් Rectal Prolapse තත්ත්වයට ප්‍රතිකාර කළ හැකි බව පසුගිය සතියේදී ඔබ අපට තේරුම් කළා. වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - ඇඹුල් ඇඹිලිය වගේම නිදිකුම්බා ශාකයත් ගුද භංග රෝගයට ඉතාම හොඳයි. මේ ශාකයේ මුල් සහ පත්‍ර ගුද භ්‍රංශය සඳහා වූ ඖෂධ සෑදීමට පාවිච්චි කරනවා. ලේ ගලන තුවාල, ලේ ගලන වණ, ගුද තුවාල, අර්ශස් ගෙඩි යනාදියට ප්‍රතිකාර කරන්නටත් පාචනය, වලිප්පුව, මුත්‍ර ආසාදන, ඉදිමුම්, හයිෙඩ්‍රාසිල් යන රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කරන්නටත් නිදිකුම්බා යොදා ගන්නවා. ප්‍රශ්නය - නිදිකුම්බා වර්ග 4000 ක් පමණ තිබෙනවා. ඒ හැම වර්ගයක්‌ම ඖෂධ සෑදීමට සුදුසුද? වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - මේ වර්ග 4000 ම ලංකාවේ හටගන්නෙ නැහැ. අපේ ගෙමිදුල්වල බහුලව හටගන්නා වර්ගය තමයි සුදුසු. නිදිකුම්බා මිටක් පමණ ගෙන වතුර කෝප්ප 8 කට දමා එය 1 කෝප්පයකට සිඳී යන තෙක් උතුරුවා මඳ රස්‌නය ඇතිවන තුරු නිවා ගුද මාර්ගය පිටත තැවීමෙන් ගුද භ්‍රංශයට සහනයක් ලබාගන්නට පුළුවන්. ආයුර්වේදයේ එන පරිදි යෝනි රෝග (කාන්තාවන්ට හටගන්නා ඔසප් දොaෂ සම්බන්ධ රෝග තත්ත්වයක්&zwnj පාචන තත්ත්වයන්. ඔසප් රුධිරය බහුල ලෙස පිටවීම, රක්‌ත පිත්ත නමැති රුධිරය පිට වීමේ තත්ත්වයත් මැඩ පැවැත්වීමට නිදිකුම්බා පැළයෙන් හදන ඖෂධ වලින් පුළුවන්. මේ වගේම එඬරු තෙල් වලිනුත් මේ රෝගයට ප්‍රතිකාර කළ හැකියි. මෙහිදී එඬරු තෙල් මුලික සාධකය ලෙස යොදන ශාක සාරමය මිශ්‍රණයක්, වෛද්‍යවරයකුගේ හෝ ගුද රෝග පිළිබඳ ආයුර්වේද වෛද්‍ය විශේෂඥයකුගේ උපදෙස් මත පරිහරණය කිරීමෙන් මේ රෝගය පාලනය කරගන්නට පුළුවන්. Terminalia Chebula හෙවත් අරළු මඟිනුත් ගුද භංගයට ඖෂධ සාදාගත හැකියි. අරළු හත් වර්ගයක් තිබෙනවා. පළමුවැනි වර්ගය හෙවත් 'විජයා' ඕනෑම රෝගයකට ඖෂධ වශයෙන් යොදාගන්නට පුළුවන්. රුධිරය ගලන අර්ශස් ගෙඩිවලට ප්‍රතිකාර වශයෙන් අරළු යොදා ගන්නා ක්‍රමයක් ඉන්දියානු ගැමි ප්‍රදේශවල තිබෙනවා. මෙහිදී අරළු ගෙඩියක් පිටිවන තුරු කුඩුකර එයට සම ප්‍රමාණයක් හකුරු මිශ්‍ර කර ජලය ස්‌වල්පයක් දමා තලපයක් මෙන් සාදා ලේ ගලන ගුද තුවාලවල තැවරිය යුතුයි. මෙය රුධිරය නැවැත්වීමට මෙන්ම ගුද තුවාලවල වේදනාව නැවැත්වීමටත් හේතු වෙනවා. ලබන සතියට දියවැඩියාව හරියටම පාලනය කරගන්නා විධිය - අවසන් කොටස... දියවැඩියාව නිසි ලෙස පාලනය නොකළහොත් උපද්‍රව ලෙස වකුගඩු රෝග, හෘද රෝග, ස්‌නායු රෝග සහ දෘශ්‍යාබාධ වැනි තත්ත්ව ඇති විය හැකි යි. වෘක්‌කානුව හා සම්බන්ධ ගුච්හකාව විකෘති වීමෙන් රුධිරයේ පවතින ප්‍රොaටීනය මූත්‍ර සමග බැහැර වෙනවා. වකුගඩු උග්‍ර ලෙස පීඩාවට පත් වන තෙක් ඊට අදාළ රෝග ලක්‍ෂණ පෙන්වන්නේ නැහැ. උග්‍ර ලෙස වකුගඩු පීඩාවට පත් වීමේ දී රුධිර පීඩනය වැඩිවීම, ඉදිමුම් ඇති වීම, පෙන සහිත මූත්‍ර පිටවීම, ආහාර අරුචිය, වමනය සහ ඔක්‌කාරය වැනි ලක්‍ෂණ ද රුධිර නිෂ්පාදනය අඩු වීමෙන් රක්‌තහීනතාව ද සමස්‌ත පරිවෘත්තීය ක්‍රියාවලිය විකෘති වීම නිසා විවිධ වෙනත් රෝග ලක්‍ෂණ ද ඇති විය හැකියි. දියවැඩියා රෝගයේ දී මුලික අවස්‌ථාවේ සිටම වෛද්‍ය උපදෙස් අනුව නිවැරදිව සැලකිලිමත්ව ප්‍රතිකාර ලද හොත් වකුගඩු පීඩාවට පත්වීම වළක්‌වා ගත හැකි යි. දියවැඩියාව නිසා ඇතිවන හෘද රෝග සහ රුධිර වාහිනී ගත රෝගවලදී හෘද මාංශ පේශියට රුධිර සපයන වාහිනී අවරෝධ වීම නිසා පපුවේ වේදනාව ද හෘදයේ පටක කොටස් මිය යැමෙන් දරුණු හෘදයාබාධ ද හෘදයේ සංකෝචන ප්‍රසාරණ ක්‍රියාකාරිත්වයේ රිද්මීය විකෘතිතා සහ රුධිර පීඩනය වැඩිවීම ද ඇති වෙනවා. දියවැඩියා රෝගයේ මුල් අවස්‌ථාවේ සිටම විධිමත් ස්‌වාභාවික ආයුර්වේද ප්‍රතිකාර භාවිතයෙන් මෙවැනි අතුරු ආබාධවලට ගොදුරුවීම වළක්‌වාගත හැකි යි. දියවැඩියාව නිසා ඇතිවන ස්‌නායු රෝගවල දී විධිමත් ස්‌වාභාවික ආයුර්වේද ප්‍රතිකාර භාවිතයෙන් ලබා ගත හැකි ප්‍රයෝජනය සුවිශේෂයි. විවිධ ස්‌වරූපයෙන් ඇති වන ස්‌නායු පීඩා, චාලක විකෘතිතා මාංශ පේශිවල අප්‍රාණිකත්වය, ස්‌වයං සාධක ස්‌නායු පද්ධතියේ ඇති වන විකෘතිතා, ලිංගික අප්‍රාණිකත්වය ඇතුළු විවිධ සංකූලතා නිවාරණය කිරීමට විධිමත් සැළසුමකින් යුතු ස්‌වාභාවික ආයුර්වේද ප්‍රතිකාර භාවිතයෙන් විශේෂ ප්‍රගතියක් ලබා ගත හැකි යි. රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය පාලනය කිරීම සදහා පමණක් අවධානය යොමුකර රුධිරගත ග්ලුකෝස් ප්‍රමාණය අඩු කරන ඖෂධ භාවිතයෙන් පමණක් මෙම රෝග තත්ත්වය සාර්ථක ව සුව කළ නොහැකි බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක්. රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වීම පිටුපසින් ක්‍රියාත්මක වන සංකීර්ණ ජෛව-රසායනික යාන්ත්‍රණයන්ගේ සිදු ව ඇති විකෘතිතා නිවැරදි කිරීම සඳහා විධිමත් ලෙස සැලසුම් කරන ලද ප්‍රතිකාර තුළින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව ප්‍රතිකාර අත්දැකීම් තුළින් මෙන් ම විද්‍යාත්මක අධ්‍යයන තුළින් ද තහවුරු වී තිබෙනවා. අක්‌මාවේ තෙල් තැන්පත්වීම, දියවැඩියාව සහ ඒ සමග ඇති වෙන හෘදරෝග, වකුගඩු ආබාධ, දෘෂ්ටි ආබාධ, ස්‌නායු රෝග වැනි උපද්‍රව ඇතිවීම පාලනය කිරීමටත් අතුරු ආබාධ රහිත ව සුව කිරීම පිණිසත් ස්‌වභාවික ශාක සාර ඖෂධ ප්‍රතිකාර සුවිශේෂි සාර්ථකත්වයක් පෙන්වනවා. ලබන සතියට 0 chamaramindMost Senior MemberPosts:13471 07 Apr 2018 06:27 PM දියවුණු කාටිලේජ සුව කරන්නේ කොහොමද? ප්‍රශ්නය - පසුගිය මාස ගණනාව තුළ අප ඔබ සමඟ සාකච්ඡා කළේ ආතරයිටිස් රෝගයට ප්‍රතිකාර වශයෙන් ලබා දෙන කසාය සහ තැවුම් වට්‌ටෝරු ගැනයි. අද අපේ පාඨකයකු දීර්ඝ කාලයක් තිස්‌සේ අසන ප්‍රශ්නයක් ඔබට යොමු කරනවා. ඒ තමයි කාටිලේජ වැහැරුණු විට යළි සුවපත් කරන්නට ක්‍රමවේදයක් තිබෙනවද කියන එක. වෛද්‍ය වසන්ත උදයජීව - මෙයට පිළිතුරු දෙන්නට ප්‍රථම සන්ධියක් සහ කාටිලේජයක් යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්‌ද? කියන එක විස්‌තර කර දිය යුතුයි. අප අතපය සොලවන්නේ සන්ධි නිසා. ඒ සන්ධි සෑදී තිබෙන අස්‌ථි එකිනෙකට නොගැටී පවතින්නේ කාටිලේජ නමැති ද්‍රව්‍යය නිසයි. අස්‌ථි එකිනෙක ඇතිල්ලෙන්නට පටන් ගත්තොත් මහත් වේදනාවක් හටගන්නවා. ඒ වගේම ඇට ගෙවෙන්නට පටන් ගන්නවා. මේක වළක්‌වන්නේ කාටිලේජ කියන විශේෂ ජෛව ද්‍රව්‍යයයි. කාටිලේජය ඇදෙන සුළු ද්‍රව්‍යයක්. කාටිලේජ ඇඟේ හැම තැනකම තිබෙනවා. මෙය මාංශ පේෂියකට වඩා සවිමත්. හැබැයි මාංශ පේෂියක් තරමටම නම්‍යශීලී නැහැ. කාටිලේජ වර්ග තුනක් මනුෂ්‍ය ශරීරයේ තිබෙනවා. Hayline, Fibrous සහ Elastic යනුවෙන් එම වර්ග තුන හැඳින්වෙනවා. ප්‍රශ්නය - කාටිලේජ ක්‍ෂය වන්නේ කොහොමද? වෛද්‍ය වසන්ත උදයජීව - ප්‍රධාන හේතු ගණනාවක්‌ම තිබෙනවා. පළමු වැන්න තමයි ස්‌ථුලතාවය, දෙවැන්න හදිසි අනතුරක් හෝ ව්‍යාධි සහගත තත්ත්වයකට මුහුණදීම. ඊළඟට සන්ධි ප්‍රමාණවත් තරම් ශක්‌තිමත් සහ ස්‌ථාවර වුණේ නැතිවුණොත් කාටිලේජ දිය වෙනවා. සුදුසු පෝෂ්‍ය පදාර්ථ නැති වුණොත් සන්ධි හානි වෙනවා. විවිධ ඖෂධ නිසාත් සන්ධිවල කාටිලේජ හානියට පත්විය හැකියි. ශරීරයේ හෝමෝන හිටි හැටියේ වෙනස් වීම හෙවත් අසමතුලිතතාවට පත්වීමත් කාටිලේජ දියවීමට හේතුවක්. මහලු වියට පත්වීම තවත් හේතුවක් ලෙස ගත හැකියි. ප්‍රශ්නය - කාටිලේජ දිය වුණාම යළි සුවපත් කරගැනීම ඖෂධ මඟින් කළ හැකිද? වෛද්‍ය වසන්ත උදයජීව - නිසි ඖෂධ සහ නිසි ආහාර මඟින් කාටිලේජ යළි ප්‍රකෘතිමත් කිරීමේ හැකියාව තිබෙනවා. කුරුඳු, එනසාල්, කුංකුම ඇතුළු තවත් ඖෂධ විස්‌සක් සමඟ යොදාගෙන හදන විශේෂ ඖෂධයක් තිබෙනවා. ඒවයින් පුළුවන් කාටිලේජ ප්‍රතිසංස්‌කරණය කරන්නට. ලබන සතියට හෘද රෝග නිවාරණයට එළවළු පලතුරු රැසක් ප්‍රශ්නය - හෘද රෝගීනට ගිතෙල් වලින් ලබාගත හැකි ප්‍රයෝජන පිළිබඳව පසුගිය සතියේ අප ඔබ සමග සාකච්ඡා කළා. එවැනි තවත් ඖෂධීය ශාක වර්ග තිබෙනවද? වෛද්‍ය චාන්දනී වික්‍රමආරච්චි - -සුදුලූනු දොඩම්, නිවිති, සුපිරි වෙළඳසල්වල තිබෙන Broccoli බතල, නැවුම් පළතුරු, නැවුම් එළවළු, රතු ලූනු සහ ලොකු ලූනු, කොකෝවා සහ චොකලට් හෘදයාබාධ නිවාරණයට ඉතාම සුදුසුයි. ප්‍රශ්නය - ඒවා ඉතාම සුදුසු ආහාර ලෙස හඳුනාගෙන තිබෙනවාද? වෛද්‍ය චාන්දනී වික්‍රමආරච්චි - Coronoary artery රෝගය කියල හෘද රෝගයක් තිබෙනවා. මෙයට සිංහලෙන් කියන්නෙ කිරීට ධමනි රෝගය කියලයි. මෙහිදී හෘදයේ කිරීට ධමනිය අවහිර වෙනවා. එවිට හෘදය තුළට ප්‍රමාණවත් තරම් රුධිරය සහ ඔක්‌සිජන් ගමන් කරන්නෙ නැහැ. ඊළඟට තිබෙනවා රුධිරයේ ස්‌පන්දන රිද්මය වෙනස් වීමේ රෝගයක්. හෘදයේ ක්‍රියාවලිය අත්හිටුවීම, හෘද කපාට රෝගය, හෘද පේෂී රෝගය උපතේ සිටම හෘදය දුර්වල වීම යන රෝග තිබෙනවා. මේ රෝග සියල්ලටම වඩාත් හොඳ ප්‍රතිකාරය තමයි ඉහත සඳහන් කළ ශාක අතරින් සුදුලූනු. ප්‍රශ්නය - සුදුලූනුවල තිබෙන සුවිශේෂ ගුණය විස්‌තර කළ හැකිද? වෛද්‍ය චාන්දනී වික්‍රමආරච්චි - Allium sativum ලෙස හැඳින්වෙන සුදුලූණු දියුණු ලෝකය විසින් හඳුන්වනු ලබන්නේ සුපිරි ආහාරයක් ලෙසයි. නවීන විද්‍යාඥයන්ගේ පොදු මතයක් තමයි ලොව වැඩිම ඖෂධීය ගුණය කහවලින් ලැබෙන බව. දෙවැනි තැන හිමිවන්නේ සුදුලූනුවලටයි. සුදුලූනු තරම් පර්යේෂණවලට ලක්‌වූ වෙනත් ශාකයක් නැති තරම්. මේ මොහොතවන විට සුදුලූනු ගැන පර්යේෂණ 5100 ක් පමණ යුරෝපීයයන් සිදුකර තිබෙනවා. ආඝාතය, පිළිකාව, ආසාදන ඇතුළු රෝග ගණනාවක් සුව කරන්නට අවශ්‍ය ද්‍රව්‍ය සුදුලූනුවල තිබෙනවා. ඇමරිකාවේ ජාතික පිළිකා පර්යේෂණ ආයතනය පසුගිය දශක ගණනාව පුරාම පිළිකාව ගැන පර්යේෂණ කළා. පිළිකා රෝගීන් විසින් පරිභෝජනය කළ යුතු බවට ඔවුන් නිල වශයෙන් නිර්දේශ කළ එකම ආහාරය තමයි සුදුලූනු. හෘදයාබාධයක් හට ගැනීමට රුධිර නාල අවහිර වීම ක්‍රම කිහිපයක් මගින් සිදුවෙනවා. පළමුවෙන්ම නාලවල කොලෙස්‌ටරෝල් බැඳෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් කැල්සියම් බැඳෙන්න පුලුවන්. රුධිර කැටියක් හිරවෙන්න පුලුවන්. මේ කොයි ක්‍රියාවේදිත් හදවත බේරාගන්න පුලුවන් ඖෂධ සුදුලූනු යොදාගෙන නිපදවන්න පුලුවන්. එය බටහිර විද්‍යාව පවා පිළිගන්නා සත්‍යයක්. ලබන සතියට නොමිලේ විස්‌තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව මයෝපති රෝගයට සහනය දෙන මීපැණි වැල්මී මිශ්‍රණය ප්‍රශ්නය - මයෝපති රෝගය ගැන මේ වනවිට අපේ පාඨකයන් තුළ පැහැදිලි අදහසක් තිබෙනවා. මෙය ශරීරයේ මාංශ පේෂි ආශ්‍රිත ස්‌නායු අක්‍රියකාරි වීමෙන් හටගන්නා රෝගයක් බවත් අප මේ වන විට දන්නවා. ශරීරයේ ඇතැම් කොටස්‌වල බලවත් දැවිල්ලක් හට ගැනීම, නිතරම සිහි නැතිවී ඇද වැටීම, තමන්ට අවශ්‍ය පරිදි මාංශ පේෂීන් හසුරුව ගන්න බැරි වීම, මාංශ පේෂි හිරවීම හෙවත් ඒවායේ තද ගතියක් ඇති වීම, ශරීරය වේදනා ගෙනදීම සහ අංශභාග තත්ත්වයක් ඇතිවිම, ශරීරයට ඉඳිකටු අනිනවාත් වැනි දැනීමක් ඇතිවීම යනාදියෙන් මේ රෝගයේ වැඩි පුර ලක්‍ෂණ ලෙස හැඳින්විය හැකි බවත් මෙහි සඳහන් කරනවා. මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - පහත සඳහන් ශාක සාර ඖෂධ මගින් මයෝපති රෝගයට යම් ප්‍රමාණයක සහනයක් ලබා ගත හැකියි. උණුසුම් කිරි වීදුරුවකට මී පැණි හැඳි 2 ක් සහ වැල්මී පිටි තේ හැන්දක් හොඳින් කලවම් කර පානය කිරීම මයෝපති රෝගීන්ට ඉතා සුදුසුයි. එය දිනපතා කළ යුතු ප්‍රතිකාරයක්. ඊළඟට නෙල්ලි ගෙඩියක් කටේ දමාගෙන නිතර හප කරමින් සිටිය හැකිනම් එයත් ඉතා සුදුසුයි. ප්‍රොaටීන්, කැල්සියම්, යකඩ, විටමින් සී යනාදිය නෙල්ලිවල තිබෙනවා. ඒ වගේම පොස්‌පරස් සහ කාබෝහයිඩේ්‍රට් යම් ප්‍රමාණයකුත් තිබෙනවා. මේ ද්‍රව්‍ය මයෝපති රෝගීන්ගේ අප්‍රාණික මාංශ පේෂීන්ට ඉතා සුදුසුයි. ඊළඟට අප ගනිමු බිත්තර. විඩාව නැති කරන්නට බිත්තරවලට පුළුවන්. එවිට මයෝපති රෝගීන්ගේ මාංශ පේෂීන්ට යම් ප්‍රමාණයක සහනයක් ලැබෙනවා. පේෂි ප්‍රාණවත් වෙනවා. එයට අමතරව ජලයත් හොඳ ඖෂධයක්. අපේ ශරීරයෙන් 70% ක්‌ම ජලයෙන් නිර්මාණය වී තිබෙනවා. මේ ජල මට්‌ටම ශරීරය තුළ පවත්වාගෙන යාම ඉතා වැදගත්. මයෝපති රෝගියා විජලනය වුණොත් එය ඔහුගේ විඩාපත් දුර්වල මාංශ පේෂීන්ට ඉතා නරකට බලපානවා. දිනකට ජලය ලීටර් 1.8 ක් පානය කිරීමෙන් මයෝපති රෝගය වළක්‌වා ගැනීමත් පාලනය කිරීමත් කළ හැකියි. කිරිවල අඩංගු කැල්සියම් වලටත් පුළුවන් මයෝපති රෝගීන්ට සහනයක් දෙන්න. මාංශ පේෂීන් සහ අස්‌ථි වර්ධනයට කැල්සියම් අත්‍යාවශ්‍යයි. කෝපිවල තිබෙන කැෆේන් නමැති ද්‍රව්‍යය මයෝපති රෝගයට ඉතාම සුදුසුයි. මේ මගින් දුර්වල මාංශ පේෂි ප්‍රාණවත් වෙනවා. හැබැයි එය තාවකාලික ප්‍රතිකර්මයක්. දිනකට කෝපි කෝප්ප 2 ක් පානය කළ හැකිනම් ශරීරය යම් තරමකට ප්‍රාණවත්ව තබා ගන්නට මයෝපති රෝගීන්ට පුළුවන්. කෙසෙල්, ආමන්ඩ්, අර්තාපල්, පොල්තෙල්, සුදුලූනු, වැල්මී වල අඩංගු ද්‍රව්‍ය වලිනුත් මයෝපති රෝගයට සහනයක් ලබා ගත හැකියි. ලබන සතියට සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත කාන්තාවන්ට හැදෙන මුත්‍රා ආබාධ මඟහරවා ගන්නා හැටි ප්‍රශ්නය - කාන්තාවන්ට වැළඳීමට ඉඩ තිබෙන මුත්‍රා රෝග ගැන පසුගිය සතියේ අප කතා කළා. අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ මේ රෝග මග හරවා ගන්නෙ කොහොමද කියලයි. වෛද්‍ය කේ. ආර්. වීරසේකර - ඔබ දන්නා පරිදි වෛද්‍යවරයෙක් නිතරම උපදෙස් දෙන්නේ රෝගයකට ප්‍රතිකාර කිරීමට වඩා රෝගයකින් ආරක්‍ෂා වීම සුදුසුයි කියන පදනමේ සිටයි. ඒ අනුව පහත සඳහන්, ඖෂධ නොවන ක්‍රමවේදයන් තුළින් මුත්‍රා රෝග වළක්‌වාගන්නට පුලුවන්. (ඖෂධ ගැන ඊළඟට කියා දෙන්නම්) 1. නිතරම ජලය පානය කරන්න. ඔබේ වකුගඩු නරක් වී නැත්නම්, හැමවිටම හැකි තරම් පිරිසිදු ජලය පානය කළ යුතුයි. ඉන්පසු එම ජලය මුත්‍රා වශයෙන් පහ වීමට පටන් ගත්තාම ඔබේ මුත්‍ර බොක්‌කේ තිබෙන බැක්‌ටීරියා ගසාගෙන යනවා. 2. විටමින් C බහුල ලෙස ශරීරයට ලබාගන්න පුලුවන්නම්, ඔබට මුත්‍රා ආසාදනවලින් ගැලවෙන්න පුලුවන්. C විටමින් ගන්න තරමට මුත්‍රා ආම්ලික වෙනවා. එවිට මුත්‍රා තුළ බැක්‌ටීරියා වර්ධනය වීම වළකිනවා. රතු සහ කොළ පැහැති මිරිස්, පාස්‌ලි, ගෝවා මල් යනාදි එළවළු වල යහමින් තිබෙනවා. ගස්‌ලබු, පේර, දොඩම්, දෙහි යනාදි පලතුරුවල යහමින් විටමින් C තිබෙනවා. අප මෙහිදී මතක තබාගත යුතු වැදගත්ම කාරණයක් තමයි විටමින් C ඌණතාව නිසා තවත් රෝග රැසක් හැදෙන බව. පිළිකාව, ආදී චර්ම රෝග, බඩවැලේ රෝග සුව කරගන්නට නම් විටමින් C යහමින් අවශ්‍ය වෙනවා. 3. ඔබ තුළ මුත්‍රා රෝගයක් තිබෙන විට කළ යුත්තේ මධ්‍යසාර, කුළුබඩු බහුල ආහාර, නිකටින්, කාබන්a ඩයොක්‌සයිඩ් වායුව මිශ්‍ර කළ සිසිල් බීම, කෘත්‍රිම පැණිරස කාරක යනාදිය ඉතාම අගුණයි. මේ ද්‍රව්‍ය මුත්‍රා බොක්‌ක තුළට ගියාම එය තුවාල වීමට පටන් ගන්නවා. ඒ නිසා එම ද්‍රව්‍යවලින් වැළකී සිටීමට මතක තබාගත යුතුයි. 4. ඔබ මුත්‍රා පහකළ වහාම යළි ජලය පානය කළ යුතුයි. ඒ වගේම ගම් පළාත්වල තිබෙනවා වළස් මිදි කියලා පලතුරු වර්ගයක්. මෙය පමණක් යොදාගෙන සාදන ඖෂධයන් ආයුර්වේදයේ තිබෙනවා. එම ඖෂධයට පුළුවන් මුත්‍රා බොක්‌ක තුළ තිබෙන විෂ බීජ නැති කරන්නට. මුත්‍රා රෝගවලට ප්‍රත්‍යක්‍ෂ ඖෂධයක් වූ Ursolic අම්ලය වළස් මිදිවල යහමින් පවතිනවා. ලබන සතියට සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055 සුදු කබර සුව කරන මිල අධික රත්රන් බෙහෙත ප්‍රශ්නය - පසුගිය සති කිහිපයේ අප කතා කළේ පොතු කබර රෝගය ගැනයි. අද අප ඔබෙන් බලාපොරොත්තු වන්නේ සුදු කබර රෝගය සහ එයට සුදුසු ප්‍රතිකාර ගැන දැන ගැනීමටයි. වෛද්‍ය එච්. ඒ. ඒ. හපුගස්‌පිටිය - Vitiligo යනුවෙන් හඳුන්වන සුදු කබර රෝගය වසර දහස් ගණනක් පැරැණි, කලු හම හෝ දුඹුරු හම ඇති සහිත පුද්ගලයන් සිටින රටවලට ආවේණික රෝගයක්. අප දන්නා තරමින් මෙයට ඖෂධ හෝ ප්‍රතිකාර බටහිර ලෝකයේ නැහැ. එයට හේතුව සුදු හම තිබෙන මිනිසුන්ටට සුදු කබර හැදුනාම පිටතට නොපෙනීමයි. ඒ නිසා බටහිර ලෝකය හෝ යුරෝපීය රටවල් මේ සඳහා ඖෂධ හෙව්වේ නැහැ. සමේ තිබෙනවා මෙලනින් කියා ද්‍රව්‍යයක්. සම මත වර්ණය තීරණය කරන්නේ මෙලනින් මගින්. මේ මෙලනින් අඩු වීමක් සම මත හටගත්තාම ඒවා සුදු පැහැති පැල්ලම් වශයෙන් දිස්‌වෙනවා. මෙයට වයස් සීමාවක් නැහැ. සෑම වයසකම කෙනෙකුගේ සිරුරේ සම මත සුදු කබර හට ගන්නට පුළුවන්. ලෝක ජනගහනයෙන් 2% කට මේ රෝගය තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. කවර හෝ හඳුනා නොගත් හේතුවක් නිසා ඉන්දියාව හා ලංකාව යන රටවල සුදු කබර රෝගය ක්‍රමයෙන් වැඩි වීමේ අවදානමක් තිබෙනවා. ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවාද? වෛද්‍ය හපුගස්‌පිටිය - සම මත පිහිටි කුඩා සුදු පැහැති ලපයක් ක්‍රමයෙන් ව්‍යාප්ත වෙනවා නම්, හිසකෙස් අකලට සුදු වෙනවා නම්, ශරීරයේ කෙස් හෝ ලොම් හෝ කෙස් හැලී එම ප්‍රදේශ සුදු පැහැති ලප බවට පත් වෙනවා නම්, අස්‌වාභාවික ලෙස ශරීරයට සීතලක් දැනෙනවා නම්, නිතරම ආතතියෙන් පෙළනවා නම්, ඒවා සුදු කබර රෝගයේ ලක්‍ෂණ විය හැකි බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. ප්‍රශ්නය - මේ රෝගයට බලපාන හේතු ගැන ලබන සතියේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන අතර, මේ රෝගය සඳහා යොදා ගත හැකි ඖෂධ ගැනත් මේ සතියේ අවධානය යොමු කරනවා. වෛද්‍ය හපුගස්‌පිටිය - අපට තිබෙන අත්දැකීම් වලට අනුව මේ රෝගයට ඉක්‌මන් සුවය ලබා ගැනීම සඳහා සාදන ඖෂධයේ ප්‍රධාන සංඝටකය තමයි රත්රන්. රත්රන් පුළුස්‌සා එහි අලු ගෙන පැය 72 ක් තිස්‌සේ එහි විස මරණවා. ඊට පස්‌සේ පැය 72 ක් තිස්‌සේ එය අඹරනවා. එයට ගෙන්දගම් සුළු ප්‍රමාණයක් සහ ශාකසාර ඖෂධ රැසක් මිශ්‍ර කරනවා. මේ බෙහෙත යම් ප්‍රමාණයකට මිල අධිකයි. හැබැයි අප දන්නා පරිදි ඉන්දියාවේ රජ පරම්පරාවල් පවා මේ බෙහෙත පරිහරණය කර තිබෙනවා. ලබන සතියට කොඳු ඇට පෙළ ආශ්‍රිතව ලේ කැටියක් හිරවුණාම සුව කරන්නෙ කොහොමද? ප්‍රශ්නය - පසුගිය සතියේ ඔබ අපට කිව්වේ තරුණ වියේ හටගත් අස්‌ථි පුපුරා යැමක් නිසා කොඳු ඇට පෙළේ ඇට පුරුක් දෙකක් අතර තිබෙන Disc කොටස අප්‍රාණික වූ තරුණ රණවිරුවෙක් සුව කළ ආකාරයයි. වෛද්‍ය එම්. ඒ. මදනායක - අද මම ඔබට විස්‌තර කර දෙන්නම් වෙනස්‌ම අත්දැකීමක්. මෙයට මාස 2 කට පෙර මා හමුවෙන්නට ආවා තරුණයෙක්. සාමාන්‍යයෙන් මා ළඟට එන හැම රෝගියෙකුටම පාහේ රෝග ලක්‍ෂණ එකක් හෝ දෙකක් තිබෙනවා. ඒත් මේ තරුණයට නිමක් නැති රෝග ලක්‍ෂණ තිබුණා. ඔහුගේ කොන්ද හිරි වැටෙනවා. ඊළඟට අධික වේදනාවක් ඇති වෙනවා. ඒ එක්‌කම ක්‌ලාන්තය එනවා. අත් පා අධික වේදනා දෙනවා. එක වෙලාවකට අතක් හෝ කකුලක් නැත්නම් අත්දෙක හෝ කකුල් දෙක පණ නැති වෙනවා. කොන්ද නවන්න බැහැ. සමහර දවස්‌වලට ඔහුට වැසිකිළියටවත් යන්න බැහැ. ප්‍රශ්නය - ඔහුගේ කොන්ද බිඳීමක් හටගෙන තිබුණද? වෛද්‍ය එම්. ඒ. මදනායක - මෙය කොන්දේ බිඳීමක් නොවෙයි. කොඳු ඇට පෙළට සිදු වූ අනතුරක් නිසා අස්‌ථි බිඳීමක් නැතිව හටගත් දරුණු ආබාධයක්. මේ තරුණයා නව යෞවනයකුව සිටි කාලයේ දිනෙක උඩුබැලි අතට බිමට වැටුණා. එහිදී ඔහුගේ කොඳු ඇට පෙළේ මැද ඇටය මහ පොළොවෙන් උඩට ඉස්‌සී තිබූ බොරලු කැටයක ගැටුණා. එතැන තුවාල වී ලේ ආවේ නැතත් යම් ප්‍රමාණයකට ඉදිමුණා. ගෙදරදී ඔහු මේ බව කීවම ඔහුගේ මව කොන්දේ ඉදිමුණ තැන උණු ජල වාෂ්ප සහිත රෙදි කඩකින් තවා තිබෙනවා. ඉන් පසුව ඉදිමුම බැස ගිය අතර දරුවා නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත්වුණා. හැබැයි මාසයක් විතර ගතවන විට කොඳු ඇට පෙළේ අනතුර සිදු වූ තැන කුඩා ගෙඩියක් වගේ යමක් ඉස්‌මතු වුණා. මෙය අතින් තද කරන විට අතට දැනුණේ රබර් ස්‌පොන්ඡ් කැබැල්ලක් තද කරනවා වගේ. ඒ කියන්නේ හමට යටින් ජෙල් ගුලියක් වගේ දෙයක් එහා මෙහා දුවනවා දැනෙනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ. අර දරුවා වැටුණු වෙලාවේ කොඳු ඇටයක් උඩ තැනකට ලේ එකතු වෙලා ඒක හම යටදීම කුණු ලේ බවට පත්වෙලා. ඔබ දන්නවා සිරුරේ යම් තැනක තැලීමක් සිදු වෙලා එතැනින් ලේ පිටතට නොගියාම කුණු ලේ කැටියක් ඉතිරි වන බව. ශරීරයේ එක තැනක මේ වගේ ලේ කැටියක් තිබීම ප්‍රශ්නයක් නොවුණත් කොඳු ඇට පුරුකක් උඩ ඒ වගේ දෙයක් ඇති වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එවැනි විටෙක ලේ කැටිය සමඟ ස්‌පර්ශ වන අස්‌ථියේ කාටිලේජ වර්ධනය නවතිනවා. නැත්නම් කාටිලේජ වර්ධනය අඩු වෙනවා. ඊළඟට කොඳු ඇට පෙළ ආශ්‍රිතව ගමන් කරන ස්‌නායු තෙරැපෙන්නට පටන් ගන්නවා. ශරීරයේ කොඳු ඇට පෙළ ආශ්‍රිත සමත්, කොඳුඇට පෙළත් අතර දිගින් දිගට වර්ධනය වන ඉදිමුමක් හට ගත්තොත් ඒ මගින් සුෂුම්නාව තෙරැපිලා, අර්බුදය තිබෙන තැනින් පහළට පණ නැති වෙනවා. මේ තෙරැපීම දිගටම තියෙන්නේ නැහැ. කොඳු ඇට පෙළේ ඉදිමුම ආසාදනය වුණාම තමයි තෙරැපීම හට ගන්නේ. එවිට පණ නැතිවන අත් හා කකුල් ආසාදනය බැහැලා ගියාම යළි වැඩ කරන්නට පටන් ගන්නවා. ලබන සතියට නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ 0 chamaramindMost Senior MemberPosts:13471 07 Apr 2018 06:37 PM කෝමාරිකා ශාකයේ ඇති පිළිකා නාශක ගුණය ප්‍රශ්නය - පසුගිය සතියේදී අප කතා කළේ මැංගුස්‌ටින් ශාකයේ තිබෙන Xanthone නමැති පිළිකා නාශක සංඝටකය ගැනයි. පිළිකාව පැතිර යැම වැළැක්‌වීමට යොදා ගත හැකි, යුරෝපයේ නිෂ්පාදනය කෙරුණ ඖෂධයක් ගැන කරන සාකච්ඡා මාලාවක කොටසක් හැටියටයි අප මැංගුස්‌ටින්වල තිබෙන පිළිකා නාශක සංඝටකය ගැන කතා කළේ. වෛද්‍ය රේණුකා ද අල්විස් - අද අප කතා කරමු මැංගුස්‌ටින් වැනිම පිළිකා නාශක ගුණයෙන් යුතු ශාකයක් වන කෝමාරිකා ගැන. කිසිදු පොහොරක් නොදා, ස්‌වභාවික පොළොවේ වැවෙන කෝමාරිකා මෙයට වසර 5000 කට පමණ පෙර ඊජිප්තු වැසියන් චර්ම පිළිකා මර්දනය කිරීම සඳහා පාවිච්චි කළා. පිළිකාවක් මගින් සිදුවන ප්‍රධානතම ප්‍රශ්නය වන ප්‍රදාහය මර්දනය කළ හැකි සංඝටක 6 ක් මෙහි අඩංගුයි. මේ ගැන පර්යේෂණ කරන ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෛද්‍ය පර්යේෂණ අංශය තිරිසන් සතුන්ගේ පිළිකාවල පටක මෘදු කිරීමටත් ලියුකේමියා තත්ත්වයන් පාලනය කිරීමටත් කෝමාරිකාවලට පුළුවන් බව 1992 දී සොයා ගත්තා. ඒ අතර AIDS රෝගීන් සම්බන්ධයෙන් කෝමාරිකා යොදා ගෙන කළ පර්යේෂණවලදී සොයාගෙන තිබෙනවා ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය වර්ධනය කිරීමේ හැකියාව එහි තිබෙන බව. ප්‍රශ්නය - කෝමාරිකාවල අඩංගු සංඝටක මොනවද? වෛද්‍ය රේණුකා ද අල්විස් - මෙහි අඩංගු නොවන්නේ මොනවද කියන ප්‍රශ්නය තමයි ඔබ ඇසිය යුත්තේ. විටමින්, ඇමයිනෝ අම්ල, ඛනිජ, එන්සයිම, පොලිසැකරයිස් සහ මේද අම්ල 200 කට වඩා මෙහි තිබෙනවා. සූරාගත් කෝමාරිකා මදය මී පැණි සමඟ මිශ්‍ර කර සාමාන්‍ය ක්‍රියාවලියක් තුළින් ලබා ගන්නා සාරය පිළිකා නාශක ඖෂධකයන් ලෙස පාවිච්චි කිරීමේ ක්‍රමවේදයන් මැද පෙරදිග ඇතැම් ජන වර්ග අතර තිබෙනවා. ප්‍රශ්නය - කෝමාරිකාවලින් ශරීරයට ඇති වෙනත් ප්‍රයෝජන මොනවද? වෛද්‍ය රේණුකා ද අල්විස් - 1 පිළිකා, වණ, ගණ්‌ඩ වැනි අර්බුදවල වර්ධනය නැවතීම. 2. කොලෙස්‌ටරෝල් පාලනය කිරීම. 3. රුධිරයෙහි ඝනත්වය පාලනය කිරීම. 4. රුධිරයේ ඔක්‌සිජන් පාලනය - රුධිරයට අවශ්‍ය තරම් ඔක්‌සිජන් උරා ගැනීමට ශරීරයට උදව් කිරීම. 5. ප්‍රදාහය නැති කිරීම - ආත්‍රයිටිස් වේදනාව නැති කිරීම. 6. විෂ සහිත ද්‍රව්‍යයන් ශරීරයට උරාගත් විට එයින්වන හානිය. 7. වකුගඩු ගල් නැති කිරීම - කෝපි සහ තේ වල තිබෙන විෂ ද්‍රව්‍යවලින් ශරීරය ආරක්‍ෂා කිරීම. 8. ශරීරයේ ආම්ලික තත්ත්වය පාලනය කිරීම. 9. ශරීරය තුළ හටගන්නා තුවාල සුවපත් කිරීම. 10. ආහාර ගත් සැනින් මළ පහවීමේ රෝගය මර්දනය කිරීම. 11. අධික රුධිර පීඩනය මර්දනය කිරීම. 12. ශරීරයට අවශ්‍ය විටමින, එන්සයිම සහ ඛනිජ ද්‍රව්‍ය ලබාදීම. 13. විකිරණ නිසා හට ගන්නා පිළිස්‌සීම් සහ වෙනත් පිළිස්‌සීම් සුව කිරීම. 14. මළ බද්ධය නැති කිරීම. 15 අන්ත්‍රයේ පිළිකා හට ගැනීම හා පැතිරීම වැළැක්‌වීම. 16. රුධිර සීනි යහපත් මට්‌ටමක පවත්වා ගෙන යැම. 17. වකුගඩු රෝග වැළැක්‌වීම. 18. හෘද පේශීන්ගේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම. ලබන සතියට 0 chamaramindMost Senior MemberPosts:13471 09 Apr 2018 04:09 AM කොලෙස්ටරෝල් මඬින්න හොඳම බෙහෙත මෙන්න ශරීරයට කොලෙස්ටරෝල් දෙයාකාරයකින් ලැබේ. ඒ අප ආහාරයට ලබා ගන්නා ද්‍රව්‍යවලින් සහ මිනිස් සිරුර තුළම නිපදවෙන කොලෙස්ටරෝල් ලෙසයි. ආහාර මගින් ලැබෙන කොලෙස්ටරෝල් ආයුර්වේදයේදී බහිර්ජනක කොලෙස්ටරෝල් ලෙසත් සිරුරෙන් නිපදවෙන කොලෙස්ටරෝල් අන්තර්ජනක කොලෙස්ටරෝල් ලෙසත් හැඳින්වේ. මෙලෙස රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන පුද්ගලයන්ගේ කිරීටක ධමනි අවරෝධයට ලක්වීමට ඇති ඉඩ ඉහළ යයි. එවැනි රෝගීන් හෘදයාබාධවලට ලක්වීමේ වැඩි අවදානමක් ඇති අතර ශ්‍රී ලංකාවේද හෘදයාබාධවලින් වන මරණ ඉහළ යෑමට මෙම තත්ත්වය හේතු වී ඇත. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන රෝගීන් බහුල වශයෙන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වුවද දේශීය චිකිත්සාව තුළද ඉතා දියුණු ප්‍රතිකාර පන්තියක් කොලෙස්ටරෝල් වෙනුවෙන් ඇත. එහෙත් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ ගිය පුද්ගලයෙකු දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම වෙත යොමු විය යුත්තේ වෛද්‍ය අධීක්ෂණය යටතේය. එහෙයින් කොලෙස්ටරෝල් මර්දනයට සුදුසු ඖෂධ පන්තීන් මෙවැනි ලිපියකින් දැක්වීම සුදුසු යැයි සිතිය නොහැක. එසේ වුවත් ඕනෑම කෙනෙකුට ගෙදරදී සාදාගත හැකි භාවිත කිරීම අගුණ නැති අත් බෙහෙතක් පිළිබඳ විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වෙයි. මෙම ඖෂධය සාදා ගැනීමට ඕනෑ කරනුයේ නිවසේ එදිනෙදා භාවිත කරනා සුලබ කුළුබඩු විශේෂ කිහිපයකි. ඒවා නම් උළු හාල්, සියඹලා දලු, කළුදුරු, කරපිංචා, ගොරකා, සුදුලූනුය. මේවා අතරින් ගොරකා ඇඹුල් රසයෙන් යුත් සාම්ප්‍රදායික රසකාරකයකි. එහි ඇඹුල් රසය කොලෙස්ටරෝල් නසන්නට උපකාරී වන්නේය. හෘදය හිතකර ගොරකා ආහාර රුචිය වඩවන, සිරුරේ මේදය දහනය කරනා ගුණ සහිත දේශීය කුළුබඩු විශේෂ අතරට අයත්ය. කරපිංචාද රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අවම කරන්නට සමත්ය. විෂ වෙදකම් මෙන්ම තවත් චිකිත්සා ගණනකටම භාවිත කරනා කරපිංචා අග්‍රගණ්‍ය ඔසුවකි. සුදු ලූනු ද රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කරති. එහි ප්‍රතිඔක්සිකාරක ගුණයද ඉහළය. උළුහාල්ද එසේමය. එහි ඖෂධීය ගුණ ලාංකිකයා දැන සිටියේ කලක සිටය. කොලෙස්ටරෝල් නැසීමට අමතරව ලේ පිරිසිදු කිරීමේ ගුණයෙන්ද උළුහාල් පොහොසත්ය. තීක්ෂණ ගුණයෙන් යුත් කළුදුරු කොලෙස්ටරෝල් සහ වාත, කප (සෙම්) දෝෂ නැසීමට සමත්ය. උළුහාල්, කළුදුරු, සියඹලා දලු, ගොරකා, කරපිංචා සුදුලූනු යන ද්‍රව්‍ය සියල්ල සම පමණින් ගෙන එකට අඹරා ගැනීම පළමුව කළ යුතුය. යම් අපහසුවක් වෙතොත් ගොරකා මඳ වෙලාවක් පෙඟෙන්නට තැබිමට හැක. ඊට අමතරව උණුවතුර ස්වල්පයක් එක්කර ගැනීම මගින්ද පහසුවෙන් අඹරා ගත හැක. මෙලෙස අඹරා ගෙන සාදාගත් ගුලිය ශීතකරණයක (අධි ශීතකරණයක නොවේ) තබා ගෙන තිබ්බටු ගෙඩියක ප්‍රමාණය දිනකට ආහාරයට ගත යුතුය. දැනටමත් ඔබ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ ගොස් ඇති අයෙකු නම් මෙම ඖෂධය සතියකට දින හතරක් පහක් පමණ ආහාරයට ගැනීම ප්‍රමාණවත්ය. එය ඔබ ලබා ගන්නා වෙනත් බටහිර ඖෂධ සමග ගැටීමක් නොවනා බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අවදානම් තත්ත්වයට පැමිණ නැති කෙනෙකු වුවද අනාගත ආරක්ෂාව තකා මෙම ඖෂධය භාවිත කළ හැක. එහෙත් එවැනි කෙනෙකු දෛනිකව භාවිත කළ යුතු නොවේ. සතියකට දින දෙක තුනක් තිබ්බටු ගෙඩියක ප්‍රමාණය ආහාරයට එක්කර ගැනීම මගින් අනාගතයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමේ අවදානමෙන් මිදිය හැක. ඇතැම් අය මේ ගුලිය සාදා ගැනීමට කුරුඳු පොතුද එක්කර ගැනීමට පුරුදුව ඇත. කුරුඳු පොතුද කොලෙස්ටරෝල් නසනා ගුණය සහ ප්‍රතිඔක්සිකාරක ගුණ බහුල කුළුබඩු විශේෂයකි. එහෙත් කුරුඳු පොතු මේ සඳහා එක් කරගැනීම අත්‍යාවශ්‍ය නැත. මේ සඳහා යොදා ගන්නා සුදුලූනු ගොරකා, උළුහාල් නූතන විද්‍යාත්මක පරීක්ෂණවලින්ද තහවුරුව ඇත. මෙකී ඖෂධ ලබා ගන්නා අතරතුර කය වෙහෙසා වැඩ කිරීම, නියමිත ව්‍යායාම්වල යෙදීම වැනිදේ මගින් ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගැනීමට හැක. හානිකර කොලෙස්ටරෝල් සත්ව මාංශ තුළ බහුලව අඩංගු වේ. ඒ අතරින් ඌරු මස්. හරක් මස්, ඉස්සන්, පොකිරිස්සන්, දැල්ලන් ප්‍රමුඛස්ථානයක් ගනී, මෙවැනි ආහාරවලින් වැළකී සිටීමද යහපත් සෞඛ්‍යයක් වෙනුවෙන් ඔබට උපකාරී වෙයි. මෙම ලිපිය නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනී රුවිනි ප්‍රීතිකා මෙන්ඩිස් සමග සාකච්ඡා කර ලියැවෙන්නකි. චමිලා අල්විස් 0 You are not authorized to post a reply. Page 112 of 137 << < 110111112113114 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner