You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 111 of 137 << < 109110111112113 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Apr 2018 07:40 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Apr 2018 07:40 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Apr 2018 07:40 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Apr 2018 07:41 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Apr 2018 07:41 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Apr 2018 07:45 PM
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2018 08:26 PM
මෙන්න මේක පොඩ්ඩක් බලන්න.
1) චිකන්
ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා. දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා. 25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක. ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්‍රග්ස් දවස් 5ක් යනවා එක දිගටම. ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට. ඒක ඉවරුන ගමන් පටන් ගන්නවා විටමින්. ඒකත් ඉවරුන ගමන් රස්නෙට බෙහෙත් දෙනවා. ඔය අතරේ ලෙඩ උනාමත් එක එක මගුල් දෙනවා. උදාහරණයක් විදියට දවස් 21ක් ජීවත් උනු කුකුලෙක් ඒ දවස් 21ටම ඩ්‍රග්ස් නැතුව පිරිසිදු වතුර විතරක් බොන්නේ අඩුම දවස් 2,3ක් කීවොත් පිලිගන්නවද? අර දවස් 21 වෙනකොට මොන තරම් ඩ්‍රග්ස් ඇගේ සාන්ද්‍රද? ඒ විතරක් නෙමේ බූස්ටර්,ස්ටාටර්,ග්‍රෝවර්,ෆිනිශර් විදියට යන ෆීඩින් රැශන් එක සතාගේ බර ගන්නම හදපු ෆීඩ් එකක්.එකේ මොන තරම් අහිතකර දේවල් තියෙනවද?තව නොදත් කරුණක් කියන්නම්.අර 19න් දෙන වැක්සින් එක දුන්නම සමහර වෙලාවට එදාම ඒ සත්තු මාකට් එකට කොලඹට ඕන තරම් එන දවස් තියෙනවා.

සතා පෝස්ට් මෝර්ටම් කලාම බලාගන්න පුලුවන් සතාගේ වැක්සි බූස්ට් පවා තිබෙනවා ඇගේ. එතකොට අර වැක්සින් ඇගේ වියැකෙන්නත් මත්තේන් පිගානට එනවා නේද? කවුද ඕවා දන්නේ කවුද ඕවා කියන්නේ? ඒ මස් කුඩා දරුවන්ට ,ගැබිණි මවුවරුන්ට ගුණයිද? ඒ විතරක් නෙමේ ගම්බෝරෝ,රැනිකට් වගේ ලෙඩ හැදිලා මැරිලා යන කුකුලන් ඉතා අඩු මිලට හෝටල් වලට හා සවස රයිස් ,කොත්තු කඩවල් වලට අරන් යනවා. ඒවා තමයි ඔය රයිස් එක100,120 ට දෙන්නෙ කුකුල් ගාතයක් එක්ක. කවුද මේවා නියාමනය කරන්නේ. මුදලට සියල්ල යටයි. කම්පැනිකාරයා ලාබ ලබනකොට සුව්හසක් ජනතාව හිමි හිමින් ලෙඩ ඇදේ. කවුද මේවා දන්නේ. හැම එකාම කෑ ගහන්නේ මහින්ද ,රනිල්,සිරා,අනුර වෙනුවෙන් හා ආගම් වාද වලට.

2)
👉ඇපල්,දොඩම්,අඹ,ගස්ලබු,බ්යිට්ස් වර්ග,කුකුළු මස්,වම්බටු,තක්කාලි,තිබ්බටු,අධි සාණ්ද්‍ර පැණි බීම ඔය ඔක්කොම වස තමයි.

👉බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා.උබලා රස කර කර ඒක කනවා මයිලෝ වලට බයවෙලා.

👉වම්බටු,තක්කාලි,තිබ්බටු වගේ ඒවා හොදට කනවා.කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ.

👉කොමඩු ගෙඩියටත් නැට්ට ලගින් කුකුල් සායම් ඉන්ජෙක්ට් කරනවා රතු පාට වෙන්න.එව්වා තමයි ඔය පේන්න කපලා තියෙන්නෙ රතට රතේ.

👉ගම්මිරිස් වලට ගස්ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා.

👉හොද හාල් වලට කෑලි හාල්,සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා.

👉පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා.

👉හොද බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්‍රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා.

👉දිවුල් ඉදවන්නේ මඩේ දාලා.අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි.මඩේ දාලා ගත්තම සුපිරි.

👉හොද තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු.

👉රස කර කර කන කරවල වල ෆෝමලින් එමට.සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා.

👉මාලුවලටත් සමහරු ෆෝමලින්,දිස්නයට කෙමිකල්,පරණ මාලු වලට අලුත් මාලුන්ගේ ලේ දාලා දෙනවා.

ඉතින් බන් ඔහොම බලාගෙන ගියාම ඉවක් බවක් නැතුව කන්නෙම වහ තමයි.පොඩ්ඩක් නැවතිලා බලහල්ලා ඔය බිසී බිසී කියලා කඩියෝ වගේ දුවන් නැතුව.පර්චස් 10ක් උනත් කුන්දිරා ගස් 2ක් හිටවගන්න පුලුවන්.අවුරුදු 5න් පොල් කන්න පුලුවන්.පලතුරු ගස් 2,3 ක් ගෙදර ඉන්දගල්ලා.ඒවා කාහල්ලා.ඒවා වස නෑනේ.එලවලු ගස් 2,3ක් ඉන්දගෙන දරුවන්ට කවහල්ලා.කඩේ ශෝටීස් එක කටේ ඔබලා හිටහ් හදාගන්න එපා.උන් ඕවා බදින්නෙත් හැමදාම එකම තෙලෙන්.පර්චස් 10 පුරාම ගේ හදාගෙන නම් ඉන්නේ මාලිගාව වගේ නිකම් ඉදහල්ලා.උන් ගේ කා හල්ලා.උබලා දෙයක් කීවට නොකරන සිරාගේ මයිලෝ එකට බනින්නේ අනිත් පැත්තෙන් ඔක්කොම ජරාව කන ගමන්.කිසි කෙනෙක් බලෙන් බොලාට කවන්නෙ නෑ.බොලායි ගිහින් ගන්නේ.බොලාගේ හිතටයි කටටයි මාංචු දාගල්ලා එක එකාට බනින්න කලින්.

සරලව කියනවානං ශ්‍රී ලංකාවේ "ලෙඩ නොවී" කන්න දෙයක් නෑ. මිනිස්සු ලෙඩ නොවුනොත් මෙඩිකල් ඉන්ඩස්ට්‍රී එකට බිස්නස් නෑ..

එක පෝර අහුරක්වත් පිටින් නොගෙනාපු, කෘමිනාශක වල් නාශක බින්දුවක් නැතිව, පිට රටටත් හාල් පටවපු කෘෂි කාර්මික රටකට ගිය කලක්.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Apr 2018 03:21 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Apr 2018 03:23 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Apr 2018 03:23 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Apr 2018 03:23 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Apr 2018 03:25 AM
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
03 Apr 2018 07:40 AM
ඉල ඇට නැත්නම් අපි සුං ..
ලිපිය කියවන විටත් ඇග හිරිවැටිලා යනවා..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Apr 2018 06:30 PM
patini444
  
දරුවන්ගේ දක්‍ෂතාවලට මව්පියන් වශයෙන් අපි කැමැති වෙමු. දරුවකුගේ උපතේ සිට විවිධ අවධීන් පසුකරමින් වර්ධනය වන බවත්, එම අවධීන්වල ඔවුන්ගේ විවිධ චර්යාත්මක වෙනස්‌වීම් පිළිබිඹු වීම දැකගත හැකි වීම සාමාන්‍ය සංසිද්ධියක්‌ බවත් සටහන් කරමු.
 
 නමුත් ඇතැම් දරුවන්ගේ එකවර හෝ ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ චර්යා රටාවල අමුතු හැසිරීම් වැඩිහිටියන්ට නිරීක්‍ෂණය කිරීමට හැකිවේ. මෙය සමාජයේ විවිධ පුද්ගලයන් විවිධ කෝණවලින් අර්ථකථනය කිරීමට පුළුවන.
 
 මෙවැනි බොහෝ අවස්‌ථාවල මවුපියන්ගේ මැසිවිල්ල වී තිබෙන්නේ දරුවාගේ අපලය අවසන් වන තුරු බොහෝ මිල මුදල් විය පැහැදම් කළ ද කාලය සහ මුදල් වැය වූවා මිස දරුවාට කිසිදු සෙතක්‌ නොලැබුණු බවයි. එනම් දරුවාගේ මුරණ්‌ඩුකම හෝ අලසකම එලෙසම බවයි.
 
 මෙහිදී තේරුම් ගත යුතු වන්නේ මෙම විවිධ වර්ධන අවධිවල දියුණුව ළගාකර ගැනීම සෑම දරුවකු තුළම එකම ආකාරයකින් බලාපොරොත්තු විය නොහැකි බවයි. ඒ සඳහා පාරිසරික හේතූන් මෙන්ම ජානමය හේතූන් වැනි නිර්නායක මත මෙම තත්ත්වයන් වෙනස්‌ වීමේ හැකියාව තිබේ.
 
 උදාහරණයක්‌ ලෙසට එක්‌ ළමයෙක්‌ හරියටම කතා කරන අවධියේ, කතා කිරීමේ හැකියාව තිබේ. තවත් ළමයෙක්‌ කතා කිරීම ටික කාලයකට ප්‍රමාද වීම හෝ සම්මත කාල පරාසයට පූරරව අවධියේදී කතාව ආරම්භ කිරීමේ හැකියාව තිබේ. දරුවන් අධ්‍යාපන කුසලතාවයන් අත්පත් කර ගැනීමද ඒ ආකාරයෙන් වෙනස්‌ වීමේ හැකියාව තිබේ.
 
 අප දන්නා ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් පවා ඔවුන්ගේ ළමා කාලයේදී අධ්‍යාපනික කටයුතුවල ඉතාම දුර්වලව කටයුතු කර පසුකාලීනව ලෝකයේ විද්‍යාඥයන් බවට පත්වූ දැවැන්ත පෞරුෂයන් බවට පත්වූ කතාන්දර පෙන්වා දීමේ හැකියාව තිබේ. මේ සඳහා හොඳම උදාහරණය ඇල්බට්‌ අයින්ස්‌ටයින්ය. ඔහු කුඩා කල ගණිත විෂයට ඉතාම දුර්වල දරුවෙක්‌ වූවේය. නමුත් ඔහුගේ මාපියන් ඒ පිළිබඳ කිසි විටෙක කලබල වූයේ නැත.
 
 නමුත් අද මෙවැනි සංසිද්ධියකට මුහුණ දීමට සිදු වූවා නම් මවුපියන් විශාල වශයෙන් කලබලයට පත්වන්නේය.
 
 මින් අදහස්‌ කරන්නේ තම දරුවාගේ වර්ධක රේඛාවල කිනම් හෝ අඩුපාඩුවක්‌ දැක මාපියන් විසින් එය නොසලකා හැරිය යුතු බවක්‌ නොවේ. ඒ පිළිබඳ අවධානයෙන් සිට එයට කළ යුතු සහ නොකළ යුතු දේට තාක්‍ෂණික දැනුමක්‌ ඇති වෘත්තිකයෙක්‌ මාර්ගයෙන් උපදෙස්‌ පැතීමයි. මෙහිදී වඩාත් වැදගත් වන දෙය මෙම තත්ත්වයන් යම් කිසි වූ රෝගී තත්ත්වයක්‌ හි පැනනගින්නා වූ ගැටලුවක්‌ ද පිළිබඳ හරියාකාරව දැනුම් තේරුම් ඇති වෘතිකයෙක්‌ යටතේ තෝරා බේරා ගැනීමටයි. එසේත් නැති නම් පරිසරයේ ඇති වන යම් සංසිද්ධියක්‌ නිසා දරුවාගේ චර්යාවට බද්ධ වුණු වැරදි චර්යාවක්‌ද යන්න නියමාකාරව තෝරා බේරා ගැනීමයි.
 
 ඔබේ දරුවා පිළිබඳ මෙවැනි ගැටලුවක්‌ මතු වී නම් ඒ පිළිබඳ නොමිලේ වැඩි විස්‌තරයක්‌ දැන ගැනීමට 0777344141 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධකර ගැනීමේ හැකියාව තිබේ.
 
hettige
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Apr 2018 06:43 PM
patini444
 
 kanda134අද ගෘහණියට පවුලේ අයගේ නිරෝගීභාවය වෙනුවෙන් කැඳ සෑදීම අමතක වන තත්ත්වයට පත්වෙලා. එදා අපේ මුතුන් මිත්තන් හෙළයේ නම පවතින්නට මහා විෂ්කම් කළේ ඖෂධීය කැඳ පානයට මුල්තැන දීමෙන් බව පුරාණ පොත පතෙහි සඳහන් වෙනවා. එය එසේ නම් හොඳ දේ අපෙන් ඈත් වීම තුළ අපේම අපේ මිනිසුන් අද වනවිට බොහෝ රෝගවලට ගොදුරු වෙලා. එහෙම නම් අපි තාක්‍ෂණයේ දියුණුව පසෙකින් තබාගෙන නිරෝගිභාවය නැවත ළඟා කර ගැනීම වෙනුවෙන් ආපසු හැරිය යුතු කාලය උදාවෙලා බව පෙනෙන්නට තිබෙනවා යෑයි, කියන්නේ මැදවච්චියේ පාරම්පරික පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව අල්විස්‌ මහතායි.
 
 එදිනෙදා ලෙඩ රෝග, ස්‌නායු රෝග යන මේ සියලු කාරණා වෙනුවෙන් අවශ්‍ය කරන ශක්‌තිය සහ ඖෂධීය ගුණය කැඳවල තිබෙනවා. එදා මිනිසුන් ජීවත්වූ පරිසරය අනුව කැඳවලට අවශ්‍ය කරන කොළ වර්ග අවටින් සොයා ගත හැකි වුවත් අද තාප්පවලට සීමා වූ නිවාස අසල ඖෂධීය කොළ වර්ග සොයා ගැනීමට නොහැකිවෙලා. අපි ලබාගත් තාක්‍ෂණික දියුණුවම අපි රෝගීන් බවට පත් කර තිබෙන්නේ අපටත් නොදැනීම බව මේ අනුව පෙනෙන්නට තිබෙනවා.
 
 අපට ආවේණික වූ අපේ ආහාර ජාල බිඳ වැටීම අපට ලොකු ප්‍රශ්නයක්‌. එහෙත් කැඳ පානයේ ගුණ දත් අය අදටත් මේ සඳහා යොමු වී සිටීම සතුටට කාරණාවක්‌. එදා අපේ අත්තම්මලා කැඳ සෑදීම වෙනුවෙන් කොළ ටික පවා ගහෙන් වැලෙන් කඩා ගත්තේ එහි ඖෂධීය ගුණය රැකෙන විදිහට උදෑසනටයි. ඔවුන්, ඔවුන් සතු දැනුමෙන් කොළ ටික කඩාගත යුතු කාල වේලාව පවා දැන සිටියේ සෞඛ්‍ය කෙරෙහි ඒ තරමට ම අවධානයක්‌ යොමු කර සිටි නිසාවෙනුයි.
 
 ගෘහණියක්‌ විදිහට පවුලේ නිරෝගීකම රැක ගැනීම වෙනුවෙන් කැඳ පානය කෙරෙහි අවධානය යොමු කර කටයුතු කරන ලෙසට පවුලේ ගෘහණියට, මවට අවධාරණයෙන් මතක්‌ කර සිටිනවා.
 
 කැඳ ගුණ පිළිබඳ කතා කිරීමේදී කොළ වර්ග කිහිපයක්‌ ගැන කතා කරන්නටයි මේ සූදානම.
 
 දිවුල් කොළ කැඳ
 
 දිවුල් කොළවල කරපිංචා ගසේ පංචාංගයේම ගුණ තිබෙනවා. හීනටි හාල් සමඟ දිවුල් කොළ කොටා ලබාගත් යුෂ මිශ්‍ර කර සාදා ගන්නා කැඳ කුෂ්ඨ, දද කියන සමේ රෝගවලට ඉතාම ගුණදායකයි.
 
 හීන් බෝවිටියා
 
 හීන් බෝවිටියා කොළ කැඳවලට අක්‌මාගත රෝග වැළැක්‌වීමේ හැකියාව තිබෙනවා. මේ සියලු කැඳ වර්ග සඳහා හීනටිහාල් යොදා ගැනීමට වග බලා ගත යුතුයි.
 
 ඉරමුසු කැඳ
 
 පිත සමනයට, ශුක්‍ර ධාතු වර්ධනයට, කුසගිනි වඩවන්නට, ඇඟ බල කරවන්නට මෙන්ම වාත රක්‌ත වැනි තත්ත්වයන් සඳහා ගුණ ලබා දෙනවා.
 
 මොනරකුඩුම්බියා කැඳ
 
 ශරීරයේ සියලුම විෂ ඉවත් කරන්නට ඉතාම ගුණදායක වෙනවා.
 
 කටු අනෝදා කොළ
 
 හෘද රෝගවලට, රත්පිත් රෝගවලට ගර්භාෂ රෝගවලට වැනි රෝග තත්ත්වයන් සඳහා හොඳයි. හොඳ ප්‍රතිඵල ලබාදෙනවා.
 
 හාතවාරිය කොළ කැඳ
 
 පිත සමනයට, වාතය නැසීමට, සිරුරේ දැවිල්ල අඩු කිරීමට, මාස්‌ ශුද්ධියේදී අධික රුධිර වහනයට සහ අක්‍රමිකතාවලට, අක්‌මාව ඉදිමුමට මෙන්ම සිරුරේ ඇතිවන බිබිලි තත්ත්වයන් සමනයට ගුණ දෙනවා.
 
 හාතවාරිය අල කැඳ
 
 පුරුෂයන්ගේ ස්‌නායු දුර්වලතාවයට, බෙලහීනතාව යන ප්‍රශ්න සඳහා ගුණයි.
 
 රත් කරල් හැබ කැඳ
 
 මල බද්ධය නැති කර ගැනීමට, පිත්තාශයේ ගල්වලට, බඩගිනි අඩු අයට , හෘද රෝගීන්ට විශේෂයි.
 
 ගොටුකොළ කැඳ
 
 මෙහිදී මතක තබා ගත යුතු වන්නේ වෙල් ගොටුකොළ භාවිත කිරීමටයි. දරුවන්ට මතක ශක්‌තිය වර්ධනය කරවනවා.
 
 මේ ආකාරයට එදා මිනිසුන් නොයෙක්‌ කොළ වර්ගවලින් කැඳ සාදා පානය කළා. වත්තේ පිටියේ ගඩා ගෙඩි වර්ග ආහාරයට ගත්තා. සියඹලා ගහේ කරල්වල පටන් දල්ලත් කඩාගෙන කෑවා. ඒ තුළින් ස්‌වභාවයෙන්ම මිනිසා ආරක්‍ෂා වුණා.
 
 පණු අමාරුවට එදා අම්මලා එරබදු දළු ටික තැම්බුමක්‌, කැඳක්‌, සම්බෝලයක්‌ හෝ මැල්ලුමක්‌ හැටියට දරුවාට ලබා දුන්නා. ඒත් අද එරබදු ගහක්‌ දක්‌නට තිබෙන්නෙත් කලාතුරකිනි.
 
 ලෝකයේ කොහේවත් නැති ඖෂධීය ගුණදායක ආහාර වේලක්‌ හිමිව තිබූ රට හැටියට ශ්‍රී ලංකාව හඳුන්වා දීමේ හැකියාව තිබුණා. අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්‌ වෙලා.
 
 දියුණු ලෝකයක ජීවත් වනවා කියන අපි කැඳවර්ග අතහැරියා. පලා කොළ වර්ග කෑමෙන් ඈත් කළා. අපට ආවේණික ලුණු ඇඹුල් ක්‍රමවේද නොදැනීම අපෙන් ඈත්වෙලා. ක්‍රමයෙන් මිනිසා රෝගීන් බවට පත් කරන දියුණු යෑයි කියන ලෝකයක කෘත්‍රිම ආහාර රටාවකට අද අපි යොමුවෙලා.
 
 අද අපේ ළිංවලට වස විෂ එකතු වෙලා කියනවා. එදා ළිං අසල මුරුංගා, කුඹුක්‌, සියඹලා වැනි ගස්‌ වර්ග වවා තිබුණේ ළිඳේ වතුරට යම් විෂක්‌ එකතු වී නම් විෂ වර්ග පෙර කී ශාක මුල්වලට උරා ගැනීමටයි. අද ළිඳක්‌ අසල ඔය කියන ශාක වර්ග දකින්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින් තැනකදී.
 
 අපට වැරදුණු තැන බැලුවොත් වැවට බෝ කරන ලද මාළු පැටව් දාපු තැන ඉඳලා, වැටේ ඉනි ටික කපලා තාප්ප බැඳපු තැන ඉඳන්, බත් මුට්‌ටිය රයිස්‌ කුකර් එකේ ඉදෙන්නට පටන් ගත් දා ඉඳලා, කිව්වොත් ඒක වැරදි නැහැ. මේ කියන්නේ තාක්‍ෂණික දියුණුව එපා කියන එක නෙමෙයි. අපේ නිරෝගිකම වෙනුවෙන් වටිනා කියන දේ අපෙන් ඈත් කර ගැනීමේ වරද පිළිබඳවයි.
 
 දිනෙක වැරදි පුරුදු නිසාවෙන් අපේ මිනිසුන් රෝගීන් වන බව දැන සිටි සෘෂිවරුන් ඒ පිළිබඳ පොත පතෙහි අවශ්‍ය ප්‍රතිකාර ලියා තැබුවේ ඔවුන් සතු විඥනය හරහායි. මේ සියලු රෝග වෙනුවෙන් නිට්‌ඨාවට සුවය පිළිබඳ ඔවුන් ලියා තැබීම ආශ්චර්යයක්‌ වගෙයි.
 
 පවුලේ නිරෝගිකම වෙනුවෙන් ගස්‌ලබුවල ගුණ ගැන කතා කිරීමේදී ගස්‌ලබු මැල්ලුමට ඉහළ අගයක්‌ හිමිවෙනවා. ගස්‌ලබු මැල්ලුමෙන් ගර්ත පිරිසිදු වෙනවා. පෙනහැල්ලේ ශක්‌තිමත් භාවය වෙනුවෙන් සතියකට වතාවක්‌වත් ගස්‌ලබු මැල්ලුමක්‌ ආහාරයට එක්‌කර ගන්න. හෘද නාළවල ලේ ගැටිති ඉවත් වීමටත් මෙය හොඳ පිටිවහලක්‌. හොඳ රුධිර සැපයුමක්‌ ලබාගැනීමට ගස්‌ලබු මැල්ලුම හොඳ ඖෂධීය ආහාරයක්‌.
 
 ගස්‌ලබු මැල්ලුම
 
 අවශ්‍ය ද්‍රව්‍ය - හොඳින් පැසුණු ගස්‌ලබු ගෙඩියක්‌ අමුමිරිස්‌ කරල් කිපයක්‌, අබ, උළුහාල්, සුදුලූනු, රතු ලූනු, ගම්මිරිස්‌ ඇට කිහිපයක්‌
 
 කුරුඳුපොතු කෑල්ලක්‌
 
 කහකුඩු ස්‌වල්පයක්‌
 
 අවශ්‍ය පමණ ලුණු , ගාගත් පොල් ටිකක්‌
 
 සාදා ගන්නා ක්‍රමය -
 
 ගස්‌ලබු සිහින්ව කපා ගන්න. අනෙකුත් සියලුම දේ වංගෙඩියක දමා සිහින්ව කොටා කපාගත් තැම්බූ ගස්‌ලබුවලට එකතු කර ළිප තබා මලවා ආහාරයට ගන්න.
 
 නිරෝගී දිවි පෙවෙතකට හෝ රෝගී වූ ඔබට නිරෝගිභාවය වෙනුවෙන් උපදෙසක්‌ නොමිලේ ලබා ගැනීමට අවශ්‍ය නම් 0779971700 යන අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබෙනවා.
 
sangeewa
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Apr 2018 06:50 PM
අද කාලෙ කොහෙද ගස්ලබු මැල්ලුම්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Apr 2018 06:53 PM
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 
 මේ දිනවල පවතින අධික අව් රශ්මියෙන්a මෙන්ම අධික රස්‌නයෙන් ඇස්‌වලට විය හැකි හානිවලින් වළක්‌වා ගැනීමට අව් කණ්‌ණාඩි පැලඳීම ඉතා සුදුසු බව කොළඹ ජාතික අés රෝහලේ නියෝජ්‍ය අධ්‍යé වෛද්‍ය මොහොමඩ් රිµdස්‌ මහතා දිවයිනට ඊයේ (03 වැනිදා) පැවසීය.
 
 මෙහිදී තව දුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කීය.
 
 මේ දවස්‌වල අව්ව ශරීර සොඛ්‍යයට වගේම ඇස්‌වලටත් හොඳ නැහැ. විශේෂයෙන්ම ඇස්‌වල දැවිල්ලගතියක්‌ දැනෙනවා. පුළුවන් තරම් අතිරේක ගමන් යාමෙන් වළකිනවා නම් හොඳයි. අව්වේ ගමන් බිමන් යාමේදී නියමිත ප්‍රමිතියෙන් යුත් අව් කණ්‌ණාඩියක්‌ පැලඳගෙන යාම සුදුසුයි.
 
 ඒ වගේම අව්වේ ගමනක්‌ ගිහින් ආවාම සාමාන්‍ය ජලයෙන් ඇස්‌ දෙක සෝදාගන්න. නිතරම ඇස්‌ ජලයෙන් සෝදනවානම් හොඳයි.
 
 ඒ වගේම පුළුවන් තරම් වතුර බොන්න. පලතුරු වර්ග වැඩි වැඩියෙන් ආහාරයට ගන්න.
 
 අනික්‌ කාරණය තමයි කුඩා දරුවන්ට ක්‍රීඩා කරන්න දෙන්න එපා. මොකද මේ අව්ව කුඩා දරුවන්ට හොඳ නැහැ.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
03 Apr 2018 09:05 PM
මමත් ආස කරන කෑමක් තමයි ගස්ලබු මැල්ලුම.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
04 Apr 2018 01:08 AM
මමත් ගස්ලබු මැල්ලුම් කාල නැහැ. නමුත් මේ ලිපියේ සඳහන් කැඳ වර්ග නම් ගොඩක් මීට කළින් ත්‍රෙඩ් එකක මේ සයිට් එකේ පළවුනා සවිස්තර වට්ටෝරුවත් එක්කම.
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Apr 2018 07:39 AM
මම නං ගස්ලබු මැල්ලුම් කාලා තියෙනවා. ගෙදර හිටපු කාලෙ අම්මා හදනවා.
අපේ හාමිනේලට දුන්නොත් කයි. හදලා නම් නෑ.
0
You are not authorized to post a reply.
Page 111 of 137 << < 109110111112113 > >>