Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 110 of 137 << < 108109110111112 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 27 Mar 2018 07:45 PM කටී ශූලය හෙවත් කොන්දේ අමාරුව 0 isurusamSuper Senior MemberPosts:7342 27 Mar 2018 07:58 PM ඉතාමත් වැදගත් ලිපි පෙළක් ............. 0 chamaramindMost Senior MemberPosts:13471 30 Mar 2018 02:14 PM දැන කමු බීට්රූට් දියවැඩියා රෝගීන්ට අගුණ යි උද්භිද විද්‍යාත්මක Beta vulgaris නමින් හැඳින්වෙන බීට්රූට් Chenopodiceae කුලයට අයත් වේ. නිජබිම දකුණු දිග යුරෝපයයි. ආහාර භෝගයක් ලෙස අවුරුදු 2000ක පමණ පැරැණි ඉතිහාසයක් ඇත. ආහාරයට ගනු ලබන්නේ ප්‍රධාන වශයෙන් අලය යි. අතිශයින් පෝෂ්‍යදායී එළවළුවක් සේ සැලකේ. මේවායේ ශක්තිය, මේදය, ප්‍රෝටීන, කෙඳිති, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, කාබෝහයිඩ්‍රේට් යන පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ. බීට්රූට්වල බීට් සයනින් නම් වර්ණකයක් ඇත. එය ප්‍රබල ප්‍රති ඔක්සිකාරකයකි. කොලෙස්ටරෝල් ඔක්සිකරණය වීම වළක්වා හෘදයාබාධ ද වළක්වයි. නවතම පර්යේෂණවලට අනුව බීට් අල යුෂ අධික රුධිර පීඩනයට ඉතා ගුණදායක ය. දිනකට බීට් යුෂ කෝප්පයක් හෝ බීට් අල ග්‍රෑම් 100 ක ප්‍රමාණයක් උයා ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය මනා ලෙස පාලනය වේ. එසේම බීට්වල අඩංගු ද්‍රාව්‍ය කෙඳිති මඟින් කොලෙස්ටරෝල් මට්ටම ද අඩු කරයි. බීට්වල අඩංගු කැරොටිනොයිඩ හා ෆ්ලැවනොයිඩ මඟින් LDL - කොලෙස්ටරෝල් ඔක්සිකරණය වීම වළක්වයි. තවද ඔස්ටියෝපොරෝසිස් රෝග අවදානම අඩු කරන අතර, මල බද්ධයට හා අර්ශස්වලට ද ගුණදායක ය. නමුත් බීට්රූට්වල සුක්‍රෝස් අඩංගු නිසා දියවැඩියාව රෝගීන්ට ආහාරයට ගැනීම සුදුසු නැත. එහි පැණිරස ගතිය වැඩිය. මේ නිසා දියවැඩියා රෝගීන්ට බීට්රූට් අගුණ ය. යශෝදා ඉන්දීවරී උපදෙස් - ආහාර හා පෝෂණ විශේෂඥ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු 0 chamaramindMost Senior MemberPosts:13471 30 Mar 2018 05:46 PM 0 chamaramindMost Senior MemberPosts:13471 30 Mar 2018 05:46 PM 0 chamaramindMost Senior MemberPosts:13471 30 Mar 2018 05:46 PM 0 chamaramindMost Senior MemberPosts:13471 30 Mar 2018 05:46 PM 0 chamaramindMost Senior MemberPosts:13471 30 Mar 2018 05:47 PM 0 chamaramindMost Senior MemberPosts:13471 30 Mar 2018 05:47 PM 0 chamaramindMost Senior MemberPosts:13471 30 Mar 2018 05:47 PM 0 chamaramindMost Senior MemberPosts:13471 30 Mar 2018 05:47 PM 0 chamaramindMost Senior MemberPosts:13471 31 Mar 2018 07:05 AM 0 chamaramindMost Senior MemberPosts:13471 31 Mar 2018 07:05 AM 0 chamaramindMost Senior MemberPosts:13471 31 Mar 2018 07:06 AM 0 chamaramindMost Senior MemberPosts:13471 31 Mar 2018 07:06 AM 0 chamaramindMost Senior MemberPosts:13471 31 Mar 2018 07:07 AM 0 chamaramindMost Senior MemberPosts:13471 31 Mar 2018 06:15 PM හෘදයාබාධ රෝගීන්ට එළඟිතෙල්වලින් ප්‍රතිකාර ප්‍රශ්නය - පසුගිය සතියේදී අප සාකච්ඡා කළේ හෘදයාබාධයක් වැළඳෙන විට පපුවේ වේදනා ගෙනෙන තැන් ගැනයි. ඒ එක්කම වෛද්‍යවරයකු හමු විය යුතු නිවැරැදි අවස්ථාව ගැනත් ඔබ අපට පැහැදිලි කළා. අද අප ඔබෙන් විමසන්නේ හෘදයාබාධයට ප්රමුඛ දායකත්වයක් දක්වන කොලෙස්ටරෝල් ගැනයි. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙහිදී වැදගත් යමක් කිව යුතුයි. ආයුර්වේද සම්ප්රදාය සහ දේශීය වෛද්‍ය සම්ප්රදාය තුළ කොලෙස්ටරෝල් ගැන සඳහනක් නැහැ. ආයුර්වේදයේ සාකච්ඡා වෙනවා මේද ධාතු කියලා දෙයක් ගැන. මේවා මේද පටක හැටියටත් හඳුන්වන්නට පුළුවන්. ශරීරයේ මේද පටක සෞඛ්‍ය සම්පන්න ලෙස කවර ප්‍රමාණවලින් පවත්වාගෙන යා යුතුද කියලා ආයුර්වේදය මගින් සාකච්ඡා වෙනවා. එහිම දිගුවක් ලෙස රුධිරයේ අඩංගු මේද ප්‍රවාහය කෙසේ විය යුතුද යන්න ගැන මතයක් පසු කාලයේදී දේශීය වෙදකම තුළ වර්ධනය වෙනවා. ඉන්පසු දේශීය වෛද්‍යවරුන් විසින් කාලයෙන් කාලයට කරන පර්යේෂණ මගින් හෘද නාල අවහිර වීමට කොලෙස්ටරෝල් දක්වන දායකත්වය පිළිබඳ තොරතුරු හෙළි වුණා. අප ඖෂධ නිෂ්පාදනය කරන්නේ ඒ පර්යේෂණ ප්‍රතිපලවලට අනුවයි. ප්‍රශ්නය - ශරීරයේ හටගන්නා කොලෙස්ටරෝල් මට්ටම පවත්වාගෙන යන්නේ කොහොමද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ආයුර්වේදය තුළ නම් මේ සඳහා උපයෝගී වන ප්‍රධාන සාධකය තමයි අග්නිය. එනම් ශරීරය තුළට යන කොලෙස්ටරෝල් ජීර්ණය කර මළ මාර්ගයෙන් පිට කිරීම. ශරීරය තුළ හට ගන්නා මළ හෙවත් අපද්‍රව්‍ය පිට කිරීමට මෙන්ම ශරීරයේ ක්‍රියාකාරකම් පවත්වාගෙන යැමට අග්නිය අවශ්‍ය බව ආයුර්වේදය කියනවා. දේශීය පාරම්පරික වෙදකමේ මතයත්aa මෙය හා සමානයි. ජීරණය, අවශෝෂණය සහ බහිස්‍රාවය සමතුලිsත තත්ත්වයක තිබෙන විට මේද පටක තුළනාත්මක වන බව අප පිළිගන්නවා. ප්‍රශ්නය - ආයුර්වේදය සහ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ තිබෙන ප්‍රධාන ඖෂධයක් තමයි එළඟිතෙල්, එළඟිතෙල් ගැන විවිධ මත තිබෙනවා. නව්‍ය විද්‍යාවේ මතයට අනුව ගිතෙල් කියන්නෙත් කොලෙස්ටරෝල් ම තමයි. වෛද්‍ය චාන්දනී වික්‍රමආරච්චි - අපේ මතය එයට වෙනස්. එළඟිතෙල් තියෙන්නේ fatty acids ලෙස සැලකෙන මේද අම්ල ලබාගත හැකි මාර්ගයක්. ශරීරයට හිතකර මෙකී මේද අම්ල ශරීරය තුළ නිෂ්පාදනය වන්නේ නැහැ. ඒවා නිසිලෙස ලැබෙන්නේ ආහාරවලින්. එළඟිතෙල් තමයි දිරවීමට වඩාත්ම පහසු මේදය. ශරීරයේ විෂ නසන A සහ E විටමින් එළඟිතෙල් තුළ තිබෙනවා. එළඟිතෙල් මොළයට හොඳයි. සිහිපත් භාවය මනස සහ ශරීරය යන අංශ තුන සම්බන්ධීකරණය කරන "ඕජස්" නමැති සාධකය නිර්මාණය කරන්නට එළඟිතෙල්වලට පුළුවන්. ප්‍රශ්නය - හෘද රෝග වළක්වා ගැනීමට හැකි ඖෂධ මොනවාද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - හෘද රෝග වළක්වන ඖෂධවලට පෙර හෘද රෝග වළක්වන ආහාර ගැන සඳහන් කළ යුතුයි. එයින් ප්රමුඛ තැනකට එන්නේ ගස්ලබු. Beta Carotene, Beta Cryptoxanthin, Luetin, Vitamin C සහ E කැල්සියම්, මැග්නීසියම් පොටෑසියම් යනාදිය මෙහි අන්තර්ගත වෙනවා. සතියකට දෙවරක් ඉදුණු ගස්ලබු පලුවක් බැගින් ආහාරයට ගත්තොත් හෘද රෝග වැළඳීමේ හැකියාව ගව් ගණනක් ඈතට යනවා. ගුද භ්‍රංගය සුවකරන්න ඇඹුල් ඇඹිලියවලට පුළුවන් ප්‍රශ්නය - පසුගිය සතියේ අප ඔබ සමග සාකච්ඡා කළේ Rectal Prolapse හෙවත් ගුද භ්රංග රෝග තත්ත්වය ගැනයි. මෙහිදී සිදුවන්නේ කුමක්‌ද? වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - ඉතාම සරලව කියනවා නම්. ගුද භ්රංග රෝග තත්ත්වය තුළදී සිදු වන්නේ ගුද මාර්ගය ශරීරයෙන් පිටතට පැමිණීමයි. මුලදී මෙය සිදු වන්නේ මළ පිට කිරීමේ අවස්ථාවලදී ඒ සඳහා තටමන විටයි. එහෙත් කල් යනවිට එය එතැනින් නවතින්නෙ නැහැ. රෝගියා කහින විට, කිවිසුම් අරින විට සහ නැවී සිටින විට ගුදය පිටතට එනවා. එසේම මල පිට කිරීමේදී ඔබ විවිධ දුෂ්කරතාවලට මුහුණදෙනු ඇති. ඔබේ ගුදයෙන් රුධිරය ගලා යාවි. ශරීරයෙන් පිටත එන ගුද කොටසේ තුවාල හෝ බිබිලි හටගනිවි. ප්‍රශ්නය - මෙය සැත්කමක් මගින් සුව කරන්න බැරිද? වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ- එහි කිසියම් අවදානමක් තිබෙනවා. පළමුවැන්න තමයි සැත්කමට පෙර දෙනු ලබන නිර්වින්දන ඖෂධ නිසා අසාත්මික තත්ත්වයක් හට ගැනීම. ඊළඟට විවිධ ආසාදන තත්ත්වයන් හටගැනීමට තිබෙන ඉඩ. එසේම අධික ලෙස රුධිරය පහ වීම. සැත්කම සිදු කරන ප්‍රදේශය අවට රුධිර නහර සහ ස්‌නායු කැපී යැමට තිබෙන ඉඩකඩ ගුදය ඇතුළත හෝ මුත්‍රා බොක්කට හානි සිදුවීමට ඇති ඉඩකඩ. තවත් අවදානමක්. ගුද බිත්තිය මියයැම හෙවත් භැජරදිසි තත්ත්වයක් ඇති විට සැත්කමින් පසුවත් ගුද භ්‍රංගය නැවත හට ගැනීමට තිබෙන ඉඩකඩ. ප්‍රශ්නය - මේ රෝගයට ප්‍රතිකාර කිරීමේදී ඔබ යොදා ගන්නා ශාක වර්ග මොනවාද? වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - මෙහිදී අප ඇඹුල් ඇඹිලියා නමැති ශාකයේ සාරය පාවිච්චි කරනවා. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය Oxalis Corniculata මේ ගහේ පස් පංගුවට ඖෂධ සඳහා පරිහරණය කරන්නට පුළුවන්. ඉදිමුම, වේදනාව, රුධිර වහනය, දැවිල්ල, හිසේ කැක්‌කුම, චර්ම රෝග, අක්ෂි රෝග, ලේ ගලන තුවාල, උණ, ගුද භ්‍රංගය යන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙය යොදා ගන්නවා. වසර දහස් ගණනක් පැරණි ආයුර්වේද වට්ටෝරුවල මේ ශාකය ගැන සඳහන් වෙනවා. මෙයට අමතරව තවත් ශාක සාර ඖෂධ හතක් මගින් මේ රෝගයට ප්‍රතිකාර කරනවා. ඒවා එකින් එක ලබන සතියේ සිට සාකච්ඡා කරමු. පොතුකබර සුව කරන ඖෂධවලට රත්රන් පුච්චලා අළු එකතු කරනවා ප්‍රශ්නය - සොරයිසිස් රෝගය හට ගැනීම සම්බන්ධයෙන් ආයුර්වේදීය නිර්වචනය අප පසුගිය සතියේදී සාකච්ඡා කළා. සොරයිසිස් හට ගැනීමට හේතු විය හැකි කාරණා ගැන අප එහිදී කතා කළා. කොයි ක්‍රමයට හැදුනත් මෙයට රුධිරය බලපාන බව අප දන්නවා. වෛද්‍ය එච්. ඒ. ඒ. හපුගස්පිටිය - සම මත හට ගන්නා සෑම රෝගයක් ම කුෂ්ට රෝග කියන ශීර්ෂය යටතේ තමයි ආයුර්වේදය හඳුන්වන්නෙ. මේ අතර ක්ෂුද්‍ර කුෂ්ඨ කියලා තවත් අංගයක් කුෂ්ට රෝග යටතේ එනවා. ඒත් ඒ යටතේ එනවා ඒක කුෂ්ඨ කියලා තවත් උප අංගයක්. කිටිබ කියන සංස්කෘත තවත් ආයුර්වේදය තුළ හොරයිසිස් වෙනුවෙන් තිබුණත් ඒක කුෂ්ට රෝගයත්a සොරයිසිස්වලට හුඟක් සමානයි. කිටිබ සහ ඒකකුෂ්ට යන දෙක, දෙකක් නොව එකක් ද කියන සැකය චර්ම රෝග පර්යේෂකයෙක්a වශයෙන් මට නිතර ඇතිවෙලා තිබෙනවා. හැබැයි මේ දෙකම සුව කරන්න පුළුවන්. අපේ පියා වෙතින් මම උගත් ඉන්දියානු ආයුර්වේද ක්රමයේ හැටියට සුදු කබර රෝගය කවර තත්ත්වයක තිබුණත් හරි ක්‍රමයට ප්‍රතිකාර කළොත් පළමුවැනි මාසයේදී ම සුව වීම පටන් ගන්නවා. මට ඇතැම් රෝගීන් ගැන තිබෙන අත්දැකීම් හැටියට ප්‍රතිකාර කරන මාස 2 ක් තුළ ශරීරයේ තිබෙන සොරයිසිස් ළප සම්පූර්ණයෙන්ම නැතිවූ අවස්ථාත්a තිබෙනවා. ප්‍රශ්නය - පොතු කබර රෝගයට කරන ප්‍රතිකාරවලට රත්රන් අඩංගුයි කියලා ඔබ කිව්වා. වෛද්‍ය එච්. ඒ. ඒ. හපුගස්පිටිය- රත්තරන් අරගෙන පුලුස්සලා එහි අලු තමයි අප බෙහෙතට ගන්නේ. මෙයට අමතරව භෛසජ රත්නාවලී ග්‍රන්ථයේ කුෂ්ට අධිකාර කියන කොටසේ එන ඖෂධ වට්ටෝරු අප පාවිච්චි කරනවා. අශ්වාංග හෘදයම් කුෂ්ට චිකිත්සාවේ එන ඖෂධත් සුදුසුයි. එහෙත් වැඩිපුරම පරිහරණය කරන්නේ අපේ පියාට ලැබුණු රහස් වට්ටෝරුවයි. සොරයිසිස් රෝගයට මෙතරම් සුදුසු ඖෂධයක් මම නම් කවදාවත් දැකලා නැහැ. ප්‍රශ්නය - ප්‍රතිකාර කරන අතර ගත යුතු ආහාර මොනවාද? වෛද්‍ය ඒ. එච්. ඒ. හපුගස්පිටිය - මස්, මාළු, නොකා ඉන්න පුළුවන්නම් එය ඉතාම හොඳයි. ඒ වගේම මත්පැන් සහ දුම්පානය මේ රෝගයට වස වගෙයි. රතු හාල්, මුංඇට, උණුවතුර පානය හා පරිහරණයන් (නෑම) දිරවීමට පහසු ආහාර ගැනීම, තිත්ත රස ආහාර ගැනීම, විවේකය සහ ශාන්ත සංගීතය ශ්‍රවණය කිරීම (මනස විචල්‍ය භාවයකින් තොරව තබා ගැනීම) ඉතාම සුදුසුයි. ලබන සතියේ තව කොටසක් පාරම්පරික චර්ම රෝග විශේෂඥ වෛද්‍ය එච්. ඒ. ඒ. හපුගස්පිටිය නොමිලේ විස්‌තර සඳහා 077 911 7602 / 0555075285 කොදු ඇට පෙළේ ආබාධ සුව කරන ගොඩපර දුරු තෙල ගැන විස්‌තර ප්‍රශ්නය : කො`දු ඇට පෙළේ ඇති වන ඇට ආශ්‍රිතව අදාල Disc එක අප්‍රාණික වූ තරුණයකු සුවපත් කරන අකාරය ගැන පසුගිය සතියේ ඔබ පැහැදිලි කළා. එය ඔහුගේ උපතින් ආ ආබාධයක් නොවෙයි. පසු කාලයේදී හට ගත් ආබාධයක්. අද සාකච්ඡාව ඉදිරියට ගෙන යැමේදී අපට මූලික වශයෙන් කියන්න කො`දු ඇට පෙළේ උපතින් හට ගන්නා ආබාධ මොනවාද කියලා ? වෛද්‍ය එම්.ඒ.මදනායක - උපතින් එන දොaෂ ගණනාවක් තිබෙනවා. පළමුවැන්න තමයි Chordoma කියන තත්ත්වය. එය අන්තරාදායකයි. කොන්දේ පෘෂ්ඨ රඡ්ජුව මත හට ගන්නා එය කො`දු ඇට පෙළ පුරා පැතිරී යනවා. එය ඉවත් කිරීම ඉතාම දුෂ්කරයි. ඊළ`ගට තිබෙනවා Scoliosis කියලා ආබාධයක්. මෙහිදී සිදු වන්නේ කො`දුඇට පෙළේ එක පුරුකක් භාගෙට වර්ධනය වීමයි මෙය උපත් දොaෂයක්. තුන්වන ආබාධය Rachischisis එය කොඳුඇට පෙළේ හට ගන්නා ඉතා සංකීර්ණ රෝගී තත්ත්වයක්. මෙය හැදුනාම ඇට සැකිල්ලේ ඉණෙන් ඉහළ කොටසට විශාල බලපෑමක් ඇති වී විකෘතිතා හට ගන්නවා. ප්‍රශ්නය : දැන් නැවතත් අප හැරෙන්නේ පසුගිය සතියේ සාකච්ඡාවට මුල් වූ තරුණ රණවිරුවා පිළිබ`ද සිද්ධිය වෙතයි. ඔහුගේ එක් කොදු ඇට පුරුකක Disc කොටස අප්‍රාණික වී ඇති බැවින් ඇවිද ගැනීමට බැරි තත්ත්වයක් එනවා. ඔබ ඔහු සුවපත් කරන්නේ කොහොමද ? වෛද්‍ය එම්.ඒ. මදනායක - මෙහිදී අපට තිබූ ප්‍රධාන අභියෝගය තමයි අප්‍රාණික වූ මෙම Disc එකක් යළි පණ ගන්වන්නේ කොහොමද කියන එක. Disc එකක් හැදිලා තිබෙන්නේ මෘදු අස්‌ථි විශේෂයකින්. එය හරියට ජෙල් එකක් වගෙයි.සෑම කො`දු ඇට පුරුක් දෙකක්‌ම අතර Disc එකක් තිබෙනවා. එය අප ගමන් කරන විට, වැඩ කරන විට දුවන පනින විට හට ගන්නා ගැස්‌සීම් දරා ගන්නා Shock Absorber එකක් හැටියට මේ Disc ක්‍රියා කරනවා. ඇට පුරුක් එකිනෙක ගැටීමෙන් හා ඇතිල්ලීමෙන් වැළකෙන්නේ මේ Disc එක නිසයි. ප්‍රශ්නය : Disc එකක් පරිහානියට පත් වූ විට එහෙමත් නැත්නම් අප්‍රාණික වූ විට මොකද වෙන්නේ ? වෛද්‍ය එම්.ඒ.මදනායක - අධික වේදනාවක් හට ගන්නවා. දිගු වේලාවක් ඉදගෙන ඉන්නට හෝ හිට ගෙන ඉන්නට බැරි තරමට වේදනාවක් ඇති වෙනවා. දිගු කලක් ප්‍රතිකාර නොකළොත් ඇවිදගන්න බැරි තත්ත්වයක් එනවා. ප්‍රශ්නය : ඔබ වෙත ගෙනා රෝගී තරුණයාට ප්‍රතිකාර කිරිම ඔබ අරඹන්නෙ කොහොමද ? වෛද්‍ය එම්.ඒ.මදනායක - මුලින්ම කළේ තෙල් සාත්තුව. මෙය දුර්ලභ වට්‌ටෝරුවකින් හදා ගන්නා තෙලක්. එයට ගොඩපර සහ දුරු වර්ග අයත් වනවා. ගොඩපර කියන්නේ ඉතා උසස් ආයුර්වේද ඖෂධයක්. උණ, ස්‌නායු පද්ධතියේ ආබාධ වැනි ආබාධ ඇග කෙට්‌ටු කරන anorexia රෝගය හට ගැනීම, අධික පිපාසය වැනි රෝග තත්ත්වයටත් අස්‌ථි වර්ධනයටත් මෙය ඉතාම සුදුසුයි. ඊළඟට අපි ගනිමු මෙම තෙල් වර්ගයට දායක වන දුරු වර්ග. උදාහරණයක් ලෙස සූදුරු ගත්තොත්, රුධිර පීඩනය නිසි තත්ත්වයේ පවත්වාගෙන යාම සඳහා එය ඉවහල් වෙනවා. ඒ වගේම ශරීරයට අවශ්‍ය පොටෑසියම් නිෂ්පාදනයටත් මෙය ඉවහල් වෙනවා. ශරීරයේ තිබෙන සෛල වර්ධනයටත් දියර වර්ධනයටත් මහත්සේ උපකාරී වන දෙයක් හැටියටත් දුරු හඳුන්වන්නට පුළුවන්. ප්‍රශ්නය - ඔබ ඔබේ රෝගියාට කළේ තෙල්වලින් කරන ප්‍රතිකාර විතරද ? වෛද්‍ය එම්. ඒ. මදනායක - කසායත් දිය යුතුයි. එවිට තමයි ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය ඉහළ යැම සිදු වන්නේ. ප්‍රතිශක්‌තිකරණය ඉහළ ගියාම ඕනැම ලෙඩක් සුවපත් කරන්න හුඟක් ලෙහෙසියි. ප්‍රශ්නය - ඔබේ රෝගියාගේ අද තත්ත්වය කුමක්‌ද? වෛද්‍ය එම්. ඒ. මදනායක - ඔහුට තිබු ප්‍රධාන අපහසුතා තුන, එනම් කොන්දේ අධික වේදනාව, ඇවිදීමට සහ එක ඉරියව්වකින් හිටගෙන හෝ ඉඳගෙන සිටීමට තිබු අපහසුතාව අද නැතිවෙලා. තව දෙසතියක පමණ බෙහෙත්වලින් පසු ඔහු හොඳටම සුවපත් වේවි. ලබන සතියේ තව කොටසක් නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ 0 chamaramindMost Senior MemberPosts:13471 31 Mar 2018 06:32 PM ගර්භාෂයේ වැඩෙන ෆයිබ්‍රොයිඩ් ගෙඩි බොහෝ දෙනා දන්නා වදනින් මෙම තත්ත්වය හඳුන්වන්නේ ගර්භාෂයේ ගෙඩි/ දරුබොක්කේ ගෙඩි/ බඩේ ගෙඩි ලෙසයි. මෙම රෝග අවස්ථාව කාන්තාවන් අතර ඉතා සුලභව දැකිය හැකි වේ. ප්‍රතිශතයක් ලෙස ගතහොත් වයස අවුරුදු 30 ත් අවුරුදු 05 ත් අතර මැදි වයසේ කාන්තාවන් සැලකීමේදී ඔවුන් අතරින් සෑම තිදෙනකුගෙන්ම එක් අයෙක් ෆයිබ්‍රොයිඩ් තත්ත්වය සහිත වේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ගර්භාෂගත අර්බුද යන නමින් මෙම රෝගය නම් කළ හැක. අවුරුදු 6000 ක් පැරණි වෛද්‍ය ක්‍රමයක් වන ආයුර්වේදයේද කාන්තා රෝග පිළිබඳ කරුණු ඇතුළත්ව ලියන ලද පොත්පත්හි මෙම තත්ත්වයට අදාළ කරුණු දක්වා ඇත. ඉහත රෝගය සඳහා ජනප්‍රිය වෛද්‍ය ක්‍රමවල පවතින විසඳුම ශල්‍යකර්ම වේ. එනම් ශල්‍යකර්මයක් මගින් ගර්භාෂයේ වැඩීම ඇති කොටස ඉවත් කිරීම හෝ සම්පූර්ණ ගර්භාෂය ඉවත් කිරීම මෙහිදී සිදු කරනු ලබයි. ගර්භාෂය ඉවත් කිරීම ස්ථිර විසඳුමක් වුවද එහිදී දරුවෙකු සෑදීමේ හැකියාව ස්ථිරවම නැති වේ. එබැවින් බොහෝ කාන්තාවන් මෙබඳු ශල්‍යකර්මවලට මැලි බවක් දක්වයි. එලෙසම ගෙඩිය ඇති ප්‍රදේශය ඉවත් කිරීම ස්ථිර විසඳුමක් නොවේ. නැවත ෆයිබ්‍රොයිඩ් ඇති වීම නැවතීමේ හැකියාවක් මෙම ශල්‍යකර්මවලට නැත. මෙම හේතුවෙන් ගර්භාෂගත අර්බුද තත්ත්ව සඳහා ශල්‍යකර්මවලින් තොර ඖෂධීය විසඳුමක් සොයා ගැනීම යුගයේ අවශ්‍යතාව ලෙස පවතී. ආයුර්වේද ග්රන්ථයන්හි සඳහන් ඖෂධ ෆයිබ්‍රොයිඩ් රෝගකත්වය සඳහා සාර්ථකව භාවිතා කළ හැකි බව අප විසින් දැනට සිදු කරගෙන යන සායනික ප්‍රතිකාර පද්ධතීන්ගෙන් ඔප්පු වී ඇත. එම ආයුර්වේද ප්‍රතිකාර පද්ධති සම්පූර්ණයෙන්ම රැඳී පවතින්නේ ඖෂධීය ප්‍රතිකාරවලින් පමණකි. ශල්‍යකර්ම භාවිතයක් එහි කිසිවිටක සිදු නොවේ. මුඛය මගින් ගන්නා කසාය, අරිෂ්ඨ ආසව, ගුලි, කල්ක චූර්ණ ආදී ඖෂධයන්ද, බාහිරින් තෙල් ගෑම තැවීම, පත්තු එලීම ආදී ප්‍රතිකර්ම මේ සඳහා බහුලවම භාවිත කරයි. මෙම ප්‍රතිකාර භාවිතා කරන අතරතුර ස්කෑන් පරීක්ෂණ ආදිය මගින් වර්ධනයේ ප්‍රමාණය මැන බැලීම කරනු ලැබේ. වයස ගර්භාෂගත අර්බුද හෙවත් ෆයිබ්‍රොයිඩ් සඳහා බලපාන හේතු පිළිබඳ සලකා බැලීමේදී විවිධ කරුණු බොහොමයක් හඳුනාගෙන ඇත. වයස් සාධකය මෙහිදී සෘජුව බලපායි. ආයුර්වේදයේ කාන්තාවගේ වයස බෙදීම අනුව යුවතී අවධියේ අවසාන කාලයේ හා ප්රෙෘඩාවස්ථාවේ සිටින කාන්තාවන් එනම් අවු. 30 සිට 50 දක්වා වයසේ කාන්තාවන්ට මෙම තත්ත්වය හටගැනීමේ වැඩි හැකියාවක් පවතී. අනිවාර්යෙන් මෙම රෝගයට ගොදුරු වනුයේ මල්වරය සිදු වූ කාන්තාවන්ය. එනම් මාසික ඔසප්වීම ඇරඹූ පසුව වේ. එම කාලසීමාවේද අවු. 30 ට වඩා අඩු වයස් කාණ්ඩය තුළ මෙම රෝගය වැළදීමේ ප්‍රවණතාව ඉතා අවම වේ. ප්රවේණි ගත හේතු/ ජාන සම්බන්ධය ෆයිබ්‍රොයිඩ් ඇතිවීම සඳහා පවුලේ ඉතිහාසයේ සම්බන්ධතාවක් ඇති බව සොයාගෙන ඇත. එනම් ඔබගේ මව, වැඩිමල් සොයුරිය හෝ සමීපතම ඥතියෙකුට මෙම තත්ත්වය පවතී නම් විශේෂයෙන් සැලකිලිමත් වීම වැදගත් වේ. එබදු කාන්තාවකට ෆයිබ්‍රොයිඩ් ඇතිවීමේ හැකියාව අන් කාන්තාවන්ට වඩා වැඩිය. එබැවින් විශේෂයෙන් මව් පාර්ශ්වයේ මෙම රෝගය හඳුනාගෙන ඇත්නම් ඒ පිළිබඳ අඩු වයසේ සිටම සැලකිලිමත් වීම වැදගත්ය. ලබන සතියේ තව කොටසක් පිළිකාව සුවකරන විස්කම් බෙහෙත ඖෂධීය Xanthone කොස්, දෙල් වලත් තිබෙනවා ප්‍රශ්නය - පසුගිය සති දෙක තුළ අප සාකච්ඡා කළේ පිළිකා රෝගය සුව කිරීමට හා පාලනය කිරීමට යොදාගත හැකි අලුත් ඖෂධයක් ගැනයි. මේ ඖෂධය අමුද්‍රව්‍ය 10 ක සංයෝගයක් බවත් මැංගුස්ටින්වලින් ලබාගන්නා Xanthone නමැති සංඝටකය ඉන් එකක් බවත් ඔබ පෙන්වා දුන්නා. වෛද්‍ය රේණුකා අල්විස් - සිරුරට විෂ සහිත ඔක්සිකාරකයන් නිසා වැළඳෙන හෘදයාබාධ සහ පිළිකාව හේතුවෙන් වශාල වශයෙන් මරණ සිදුවෙනවා. මෙය ආසියාවට වගේම යුරෝපයටත් ලොකු ප්‍රශ්නයක්. මේ ආකාරයේ මරණ වළක්වන්නට නම් ඔක්සිකාරක (Antioioxidant) ද්‍රව්‍ය ශරීරය තුළට යෑවිය යුතුමයි. Xanthone එවැනි ප්‍රබල ඔක්සිකාරකයක්. Xanthone බහුලව තිබෙන මැංගුස්ටින්, කෝමාරිකා, ගී්රන් ටී සහ තවත් විටමින් වර්ග කිහිපයක් එක් කර සාදන ලද ඖෂධයකින් මිලිලීටර් 59 බැගින් පුද්ගලයන් කිහිපදෙනකුට ලබාදී එමගින් ඇති වූ ඔක්සිකාරක ක්‍රියාවලිය හෙවත් ශරීරයේ තිබෙන විස නැසීමේ ක්‍රියාවලිය සාර්ථක ලෙස ග්‍රහණය කළ ආකාරය සහිත පර්යේෂණ පත්‍රිකාවක් ඇමරිකාවේ US National Library of Medicine/ National Institute of Health ආයතනයේ වෙබ් අඩවියේ තිබෙනවා. ප්‍රශ්නය - මැංගුස්ටින්වලට අමතරව කොස්වලත් Xanthone සංඝටකය තිබෙන බව අප පර්යේෂණ පත්‍රිකාවක දුටුවා. වෛද්‍ය රේණුකා අල්විස් - කොස් පමණක් නොව වල් දෙල්වලත් මෙය යහමින් තිබෙනවා. කොස් සහ වල්දෙල් ආර්ථික භෝග වශයෙන් වගා නොකෙරෙන නිසා Xanthone වාණිජ මට්ටමින් ලබා ගැනීමට තරම් අවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය වෙන්නේ නැහැ. එහෙත් මැංගුස්ටින්, කෝමාරිකා වැනි දේවල් වාණිජ වැවිලි, ඒ නිසා මෙවැනි ඖෂධ සෑදීමේදී ඉහත සඳහන් වගාවන් ගැන අවධානය යොමු වෙනවා. මැංගුස්ටින් වර්ග 300 ක් තිබෙනවා. මේ සියල්ලම Xanthone වලින් පෝෂිතයි. හැබැයි කෙළිsන්ම අනුභවයට ගත හැක්‌කේ වර්ග 10 ක් විතරයි. ප්‍රශ්නය - මැංගුස්ටින් Xanthone අඩංගු ඖෂධ ඕනෑම පිළිකාවකට ගැළපෙනවාද? වෛද්‍ය රේණුකා අල්විස් - ඔව්. ඒ ගැන කළ පර්යේෂණ පත්‍රිකා වශයෙන් අන්තර්ජාලයේ තිබෙනවා. ප්‍රශ්නය - පියයුරු පිළිකා සම්බන්ධයෙන් මෙහි ක්‍රියාත්මක වීම කොහොමද? වෛද්‍ය රේණුකා අල්විස් - ඉතාම සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධයෙන් කළ පර්යේෂණ පත්‍රිකාවක් යඑඑචිථරැරැඅඅඅගබජඉසගබකපගබසයගටදඩරැචපජරැaරඑසජකැsරැඡඵC 3775248රැ යන වෙබ් ලිපිනයෙන් ලබාගත හැකියි. ප්‍රශ්නය - Xanthone සංඝටකය රුධිරය සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කොහොමද? පිළිකා රෝගයේදී රුධිරයට විශාල භූමිකාවක් තිබෙන නිසයි අප එම ප්‍රශ්නය යොමු කරන්නේ. වෛද්‍ය රේණුකා අල්විස් - Xanthone වලට පුළුවන් රතු රුධිර සෛල නිෂ්පාදනයට දායක වෙන්න. එවිට පිළිකා රෝගීන් පොදුවේ මුහුණදෙන තත්ත්වයක් වන රක්තහීනතාව හටගන්නේ නැහැ. ඒ එක්කම රුධිර නාල ප්‍රසාරණය කිරීමේ හැකියාවක් Xanthone වලට තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් කොලෙස්ටරෝල් තැන්පතු අවහිර වුණ රුධිර නාල දිගේ පවා පහසුවෙන් ගමන් කරන්නට පටන් ගන්නවා. එවිට පපුවේ වේදනාව නැතිවෙනවා. වැදගත්ම දේ තමයි මෙහි තිබෙන ප්‍රදාහ නාශක ගුණය. පිළිකාවක් මගින් ශරීරය ආසාදනය වුණාට ඒ තැන් ප්‍රදාහයට ලක් වීම දරුණුවටම සිදු වෙනවා. ඒ ප්‍රදාහය ඉතා අවදානම් දෙයක්. ලබන සතියේ තව කොටසක් මයෝපති සුවකිරීම පංච කර්මයෙනුත් පුළුවන් ප්‍රශ්නය - මයෝපති රෝගය සුවපත් කරන්නට ආයුර්වේදීය පංචකර්ම ප්‍රතිකාරය යොදාගත හැකිද? මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - පංචකර්ම ප්‍රතිකාරවලින් සුවපත් කරන්නට බැරි රෝගයක් නැති තරම් මෙය කරන්නේ ශරීරයේ විෂ සහිත භාවය නැති කරන්නටයි. ශරීරයේ විස ගතිය නැති වුණාම ඕනෑම රෝගයක් සුවකර ගැනීම හරිම පහසුයි. ආයුර්වේද ඉතිහාසය විසින් නූතන ලෝකයට දායාද කළ හොඳම ප්‍රතිකාර ක්‍රමයක් ලෙස පංචකර්ම ක්‍රමය පිළිගැනෙනවා. ගත සහ සිත දෙකම සුවපත් වීම මේ මගින් සිදුවනවා. වමන, විරේදන, අස්‌ත්සපාන වස්‌ති, අනුවාසත වස්‌ති නස්‍ය කියන ක්‍රියාකාරකම් පංචකර්මයට අයත් වෙනවා. ප්‍රශ්නය - පංචකර්ම ප්‍රතිකාර කරන විට මයෝපති රෝගියාගේ සිරුරට එය බලපාන්නේ කොහොමද? මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - මේ ප්‍රතිකාරය දින හතක කාලයක් තුළ සිදුකරන්නක්. මෙයට වඩා කාලයක් ප්‍රතිකාරය කරනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ වෛද්‍යවරයායි. ප්‍රතිකාරය පටන් ගන්නට පෙර රෝගියාගේ ආහාර ජීර්ණ පද්ධතිය සංවිධානය කරන වැඩපිළිවෙළක් තිබෙනවා. රෝගියාට පලතුරු බහුල ආහාර වේල් ලබා දෙනවා. ප්‍රතිකාරයට දින 3 ක් තබා වෙනත් ආහාර ද්‍රව්‍ය අඩු කරමින් ඖෂධීය එළඟිතෙල් අනුභව කරන්නට රෝගියාට සිදුවෙනවා. මේ දින 3 අවසන් වන විට රෝගියා මානසිකවත් කායිකවත් ප්‍රතිකාරයට සූදානම්. මේ ප්‍රතිකාරයේදී මයෝපති රෝගියාට වැදගත්ම කොටස තමයි සම්භාහනය. රෝගියාගේ ශරීරයට යොදන තෙල් ක්‍රමානුකූලව ශරීරය තුළට කාවැදීම මෙතැනදී සිදුවෙනවා. මේ තෙල් නිතරම උණුසුම් මට්‌ටමේ තිබියදී තමයි යොදන්නෙ. එවිට එය ශරීරය තුළට කාන්දු කිරීම ඉතා පහසුයි. ඔබ දන්නවා ආයුර්වේදය මගින් ලෙඩ රෝග අර්ථකථනය කරන්නේ වාත, පිත්ත, කප කියන පදනම් උපයෝගි කරගෙනයි. මේ ත්‍රිදොaෂය ශරීරය පුරාම තිබෙනවා. ඒ වගේම ශරීරයේ සමහර තැන්වලදී මේ ත්‍රිදොaෂවලින් එකක් හෝ කිහිපයක් බලගතු වෙනවා. ඒ නිසා මේ ත්‍රිදොaෂ සමතුලිත මට්‌ටමක තබා ගැනීම අප කළ යුතුයි. පංචකර්ම ප්‍රතිකාරය මුළු ශරීරයටම කරන නිසා ත්‍රිදොaෂ සමනය වෙනවා. ත්‍රිදොaෂවලින් එකක් හෝ කිහිපයක් ශරීරයේ කිසියම් තැනක අසාමාන්‍ය ලෙස බලගතු වීම එවිට නවතිනවා. ඒ ක්‍රමය තුළදී කප දොaෂයට ප්‍රතිකාර කරන්නේ වමන කර්මය මගින්. ශරීරයේ ඉහළ කොටසේ තිබෙන අනවශ්‍ය සෙම් කොටස් මෙහිදී බැහැර වෙනවා. පිත්තය ශරීරයෙන් ඉවත් කරන්නේ විරේචනය මගින්. වාත දොaෂය ඉවත් කරන්නට අස්‌ත්සපාන වස්‌තිය පාවිච්චි කරනවා. පංචකර්මය ආශ්‍රයෙන්ම පමණක් මයෝපති රෝගය සුව කරන අවස්‌ථා තිබෙනවා. සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත 0 chamaramindMost Senior MemberPosts:13471 31 Mar 2018 06:37 PM සුද යැමේ රෝගය සුවකිරීමට ආයුර්වේදය සතුව ප්‍රතිකාර තිබෙනවා * කාන්තාවන්ට මෙතෙක් වැළඳෙන ශ්වේත ප්‍රදරය හෙවත් සුද යැමේ රෝගය ඇතිවීමට ප්‍රධාන හේතු ලෙස දැක්‌විය හැක්‌කේ මොනවාද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - මෙම රෝගය වැළඳීමේ ප්‍රධානතම හේතුවක් ලෙස දැක්‌විය හැක්‌කේ සිරුරේ ඇතිවන අධික උෂ්ණාධික බවයි. විශේෂයෙන්ම උෂ්ණාධික ආහාර ගැනීම තුළින් සිරුරේ උෂ්ණාධික බව ඉහළ යැමෙන් මෙම සුද යැමේ රෝගී තත්ත්වය ඇතිවීමට හේතුවක් විය හැකියි. විශේෂයෙන්ම කාන්තාවන් විසින් සිදුකරන නොයෙක් වැරදි ක්‍රියාකාරකම් හා වැරදි සෞඛ්‍ය පුරුදු මෙම රෝගය ඇතිවීමට ප්‍රධාන ලෙසම බලපෑම් කරනු ලබනවා. මෙන්න මේ නිසා මෙම රෝගය වැළඳෙන රෝගයකට වඩා වැළඳ ගන්නා රෝගයක් යෑයි කීවොත් නිවැරැදියි. තමාගේ සනීපාරක්‍ෂාව නිවැරැදි ලෙස පවත්වා නොගැනීම, හොඳ සෞඛ්‍ය පුරුදු නොමැතිවීම, කෘමි ආසාදන (පණු රෝග) ලිංගික චර්යාවන්, වැඩිපුර සිටගෙන සිටීම හෝ වැඩිපුර හිඳගෙන සිටීමද, බර ඉසිලීම, පොදු වැසිකිළි හෝ අපිරිසිදු වැසිකිළි භාවිතය, බහු පුරුෂ සේවනය කියාද මෙම සුද යැමේ රෝගය ඇති වීමේ හේතු ලෙස දැක්‌විය හැකියි. * මෙම රෝගය සමගම වෙනත් රෝගයන්ද ඇතිවිය හැකිද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - ඇත්තටම මේ සුද යැමේ රෝගය සමඟ ඒ පසුපසට එන තවත් රෝග රැසක්‌ද තිබෙනවා. ඒ අතරින් ආහාර අරුචිය, මළ බද්ධය, විටින් විට අක්‍රමවත් ලෙස මළ පිටවීම සිදුවිය හැකියි. මීට අමතර ශරීරය ක්‌ෂය වීම, කැසීම් ඇතිවීම, පලු දැමීම හා විවිධ සමේ රෝග ඇතිවීම, පීනස තත්ත්වය වර්ධනය වීම, අර්ශස් රෝගය ඇතිවීම, හිස කැක්‌කුම, ශරීරයේ අප්‍රාණිකත්වය, අධික කේන්ති යැමද ඇතිවිය හැකියි. * මෙම රෝගය වැළඳුණු කාන්තාවන්ට ඇතිවන අපහසුතා ගැන සඳහන් කළොත්. *ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා මෙම රෝගය වැළඳුණු කාන්තාවන්ට විවිධාකාර ගැටලු තත්ත්වයන්ට මුහුණදීමට සිදුවෙනවා.විශේෂයෙන්ම යෝනි මාර්ගය අවට නිතර කැසීමේ තත්ත්වයක් ඇතිවීම, ඉකිලි ආශ්‍රිත ප්‍රදේශය දක්‌වාම එය පැතිරීම, නිතර නිතර මුත්‍රා ආසාදනවලට ගොදුරු වීම බහුලවම දැකිය හැකි අපහසුතාවනුයි. ඊට අමතරව පිරිස් අතර ගැවසීමේදී පොදු මගී ප්‍රවාහන සේවාවලදී, කාර්යාලයේදී, මෙවැනි රෝගී කාන්තාවන් දැඩි අපහසුතාවලට ලක්‌විය හැකියි. * මෙම රෝගී තත්ත්වය වැළඳුනු කාන්තාවන්ගේ රෝග ලක්‍ෂණ මොනවාද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - සෑම කාන්තාවකටම සරු කාලයේදී ඩිම්බ පිටකිරීම සිදුකරන අතර එවැනි අවස්‌ථාවල පිටකරන ස්‍රාවයේ ගන්ධයක් හෝ වර්ණයක් නොමැත. නමුත් මෙම රෝගී තත්ත්වය වැළඳුණු විට ඇතැම් විට කිරි පැහැයටද තරමක උකු ස්‍රාවයක් ලෙසද පිටකිරීම සිදුකරනවා. තවද සුදු පැහැති ලෙස යෝනි මාර්ගය අවට පැතිරී පැවතීමද සිදුවිය හැකියි. මීට අමතරව රතු පැහැයට හා ලා රතු පැහැයටද, කහ මෙන්ම තද කහ පැහැයෙන්ද මෙම ස්‍රාවයන් පිටවිය හැකියි. එවිට එම කාන්තාවන්ට මෙම රෝගී තත්ත්වය වැළඳී ඇති බව තීරණය කළ හැකියි. * ශ්වේත ප්‍රදර රෝගය සුවකිරීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර තිබෙනවාද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - ශ්වේත ප්‍රදරය රෝගය සඳහා පමණක් නොව ඕනෑම රෝගයක් සඳහා ආයුර්වේදය සතුව ඖෂධ තිබෙනවා. විශේෂයෙන්ම කිව යුතුයි ආයුර්වේද ප්‍රතිකාර තිබෙන්නේ රෝග සුවපත් කිරීම සඳහා නොව එම රෝග නිට්‌ටාවටම සුව කිරීම සඳහායි. ඒ අනුව ශ්වේත ප්‍රදරය රෝගයටද ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ඒ සඳහා රෝගීන් නිසි දැනුමක් සහිත වෛද්‍යවරයා තෝරා ගැනීම කළ යුතු වෙනවා. මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී ඒ හා සම්බන්ධ අනිකුත් රෝගාබාධයන්ද වැළඳී ඇත්දැයි නිවැරැදි පරීක්‍ෂාවකින් පසු රෝගීන්ට නිවැරැදි ප්‍රතිකාර ලබාදීමෙන් මෙය සුවකිරීමේ හැකියාව ආයුර්වේදයට තිබෙනවා. * විශේෂයෙන්ම කාර්යබහුල කාන්තාවන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමේදී ඒවා සොයා ගැනීමේ අපහසුව තිබෙනවා නේද? * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - වර්තමානයේ ආයුර්වේද ඖෂධ වෙනදා මෙන් සොයා යැම අවශ්‍ය නොවේ. මන්ද දැන් සියලුම ඖෂධ සකස් කළ ඒවා ලෙස තිබෙන නිසා ඕනෑම කාර්යබහුල අයෙකුට මෙම ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුව දැන් තිබෙනවා. එම නිසා ඕනෑම රෝගියකුට දැන් කිසිදු අපහසුවකින් තොරව ආයුර්වේද ප්‍රතිකාර කරා යොමු වීමෙන් රෝග සුවකර ගැනීමේ හැකියාව පවතිනවා. 0 chamaramindMost Senior MemberPosts:13471 01 Apr 2018 02:35 AM හෙළ වෙදකමෙන් නිසි ඵල ලබන මග ලෝකයේ කොතරම් ජනී ජනයා වෙසෙතත් ඒ සැම ධනවතුන් යැයි කිව නොහැකි වනුයේ ඒ අතර දුප්පතුන් ද වෙසෙන බැවිණි. ධනයෙන් උතුම්ම ධනය ආරෝග්‍යය යැයි බුද්ධ වචනය තුළින් ද සනාථ වෙයි. නමුත් ආරෝග්‍යය නමැති ධනය ද සෑම අයකුටම අයිති නොවේ. ඇවතුම් පැවතුම්, ආහාර, විහරණ ආදී මනුෂ්‍යයාගේ ආරෝග්‍යය කෙරෙහි එක එල්ලේ බලපාන කාරණා මධ්‍යයේ මනුෂ්‍ය ශරීරයේ වා, පිත්, සෙම් යන තිදොස ඇසුරු කර වැලඳෙන අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධීන් සමනය කර, ආරෝග්‍යය නම් ධනය මිනිසා වෙත කැන්දන වෛද්‍යකර්මයකි, හෙළ වෙදකම. අවාසනාවකට බුද්ධදාස රජ සමයේ සිටම මහ පොළොව මත වෙසෙන ජනී ජනයා වෙත ආරෝග්‍යය නම් ධනය කැඳ වූ මේ වටිනා වෛද්‍යකර්මය දෙස අද බොහෝ දෙනා බලන්නේ සැකයෙනි. එහි වටිනාකමට නිසි අගයක් නොදෙන වාතාවරණයක් අප වටා ඇත. මෙම සටහන කියවා නිමවන තුරු හෙළ වෙදකම පිළිබඳ ඔබේ සැකය මත එයට ලැබිය යුතු නිසි තැන ලබා දීමට මොහොතක් පමා වෙන්න. හෙළ වෙදකමින් කළ හැකි විස්කම් ප්‍රතිකාර රැසක් පිළිබඳව නවගමු වෙද පරම්පරාවේ නමගිය පුරුකක් වූ චාන්දනී වික්‍රමාරච්චි වෙද හාමිනේට මෙතැන් සිට ඇහුම්කන් දෙමු. “සිංහල වෙදකම කියන්නේ අපේ රටටම අනන්‍ය වූ වෛද්‍යකර්මයක් මිස ආයුර්වේදයෙන් බිඳී ආ වෙදකමක් නෙවෙයි. ආයුර්වේදය කියන්නේ, අසල්වැසි ඉන්දියාවේ ඍෂිවරුන් විසින් මනුෂ්‍ය වර්ගයාගේ ආරෝග්‍යය වෙනුවෙන් සොබාදහම මුසුකර භාවිතයට ගත් වෛද්‍යකර්මයක්. ආයුර්වේදය අපේ රටට පැමිණෙන්නටත් පළමුව අපේ රටේ අපේම මුතුන් මිත්තන් පාරම්පරිකව පවත්වා ගෙන ආ සාර්ථක වෛද්‍ය ක්‍රමයක් අප සතුව පැවතියා. ඒ තමයි සිංහල වෙදකම. නමුත් සිංහල වෙදකම හා ආයුර්වේද වෙදකම එකක් ලෙස සිතෙන්නට එක් හේතුවක් බලපා තිබෙනවා. ඒ තමයි ස්වභාවධර්මයා සතු සම්පත්. එනම්, ගස්වල මුල්, මල්, ගෙඩි, පොතු, කොළ යනාදිය ඖෂධ පංතිවලට යොදා ගැනීම. මේ කිසි දෙයකට රසායනික ද්‍රව්‍ය එක්කිරීමක් නැහැ. රස බෙහෙත් වර්ග අපි වෙනම නිර්මාණය කරනවා හෙළ ඔසුම යොදා ගනිමින්. රසායනයන් ලෙස අපි ඒ ඖෂධ හඳුන්වනවා. ඇත්තම කතා කළොත් හෙළ වෙදකම ඕනෑම රෝගයක් සුවපත් කළ හැකි අන්දමේ ඖෂධ සංයෝගවලින් පරිපූර්ණ වෛද්‍යක්‍රමයක්. මේ වනවිට මිනිසා ගත කරන්නේ ඈත අතීතයේ නොදියුණු යුගයේ ජනයා ගෙවූ ජීවිත නෙවෙයි. පැහැදිලිවම ඒ ජීවන රටාව අද ජීවන රටාවට වඩා වෙනස්ය. එදා සකස් කළ ආහාර වර්ග කල් තබා ගැනීමේ ක්‍රමවේදය අනුව වෙනස් කළ ආහාර පාන ආදිය අද මිනිස් ජීවන රටාවෙන් හරි ඈතයි. එදා තමන්ගේ පරිභෝජනය සඳහා තමන්ගේම වටපිටාවෙන් සොයා ගත් එළවළු, පලා, වෙල් මාළු, පලතුරු, කිරි මෙන්ම ධාන්‍ය වර්ග, පාන වර්ග ලෙස බෙලිමල්, රණවරා ආදිය තමයි යොදා ගත්තේ. භවභෝග ආදිය වගා කිරීමේදී ඇතිවන රෝගාබාධවලට යොදා ගන්නේ කොහොඹ ආශ්‍රිතව සාදාගත් කෘමිනාශක සහ වල්නාශක. ඔවුන් වැව්, ගංගා, කුඹුක් ළිං ආශ්‍රිතව ස්නානය කළා. ගොඩපර, දෙහි, උළු හාල් නානු යනාදිය හිස පිරිසිදු කරන්න යොදා ගත්තා. සඳුන්, කොකුම් යුෂ යනාදිය මිස රසායනික ආලේපන කිසිවක් භාවිත කළේ නැහැ. සරල ජීවන රටාව තුළ හැම කෙනෙක්ම කය වෙහෙසා වැඩපළ කළා. මේ නිසා ඔවුන් රෝගී වුණේ අඩුවෙන්. බරපතළ රෝගාබාධ ගැන අහන්න ලැබුණෙත් කලාතුරකින්. අද දියවැඩියාව ලෙස අපි හඳුන්වන මධුමේහය ඒ කාලේ ඉතා දුර්ලභයි. අම්ලපිත්තය (ග්‍රැස්ට්‍රයිටීස්), අස්ථි පර්වදාහය (ආතරයිටිස්) ආදියත් ඒ වගේ. දියවැඩියා රෝගය නිට්ටාවට සුව කළ නොහැකි යැයි අනෙකුත් වෙදකම්වලින් පැවසෙනවා. එය පාලනය කරන්නට ඔවුන් පෙතිවලින් කරන ක්‍රියාව ඊට පිළියමක් නෙවෙයි. දියවැඩියාව ඇතිවෙන්නේ ඇළදිවේ නැතිනම් අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය අඩාළ වී ඉන්සියුලින් හෝර්මෝනය ශ්‍රාවය නොවුණාම. අපි කරන්නේ අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය නැවත පණගන්වා ස්වභාවික ඉන්සියුලින් හෝර්මෝනය ශ්‍රාවය කිරීමේ පරිසරය ශරීරය තුළ ඇති කිරීම. එවිට දියවැඩියාව රෝගය සම්පූර්ණයෙන් නවතිනවා. ඒත් මෙන්න මේ කාරණය මතක තබාගත යුතුයි. මහන මැෂිමක් දිගු කලක් නොමසා, තෙල් නොදමා මළ බැඳෙන්නට ඉඩ හැරියහොත් එයින් මහන්න බෑ. නමුත් තෙල් දාාලා, මළකඩ සුද්ධ කරලා නැවත ක්‍රියා කරවන්න පටන් ගත්තොත් පෙර පරිදිම එයින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. ඒත් නැවත කාලාන්තරයක් එය නොසලකා තැබුවොත් නැවත ක්‍රියාවිරහිත වෙන්න පුළුවන්. දියවැඩියාව සුවකළ රෝගියාත් නැවත වතාවක් පාලනයක් නොමැතිව ආහාර ගැනීම අධික පැණි රස භාවිතය මෙන්ම කය නොවෙහෙසා අපථ්‍ය ආහාර රටාවක් හා ජීවන රටාවක් පවත්වා ගතහොත් අලුතින් නැවත මධුමේහයට ගොදුරු විය හැකියි. අපි රෝගය සුව කරන්න ඖෂධ යොදාන්නේ බටහිර ඖෂධ හෝ සිංහල ඖෂධ කිසිවක් පාවිච්චි නොකර එකම රුධිර සීනි මට්ටමක් පවත්වාගත හැකි පරිද්දෙනුයි. එය අපි වගකීමෙන් සුවපත් කරනවා. එයින් ඉදිරියට නැවත රෝගයට අත වනන්නට පිඹුරුපත් සකසන ජීවන රටාවට යොමු නොවී සිටීම රෝගියාගේ වගකීමක්. අද පිළිකා රෝග ඉතා බහුල වීමට තිබෙන ආසන්නතම හේතුව තමයි මිනිසා සුවපත් ජීවන රටාවෙන් මිදී රසායනික ද්‍රව්‍ය හා විකිරණශීලි පරිසර හා කෘත්‍රීම ආකාරයේ දේවල් එක්ක අනවශ්‍ය තරම් කුලුපග වීම. විද්‍යාව දියුණුවීම ගැන අපි සතුටු වුණාට ඔය කියන දියුණුව එක්ක මිනිසාගේ පැවැත්මට තර්ජනාත්මක අයුරින් බලපාන රෝග සුලබ වුණා. මම පිළිකා රෝග පවා හෙළ වෙදකමෙන් සම්පූර්ණයෙන් සුවකර තිබෙනවා. විශේෂයෙන් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා, ගැබ්ගෙල පිළිකා, පියයුරු පිළිකා ආදී පිළිකා විශේෂයි. මේ හැරෙන්නට හෘද රෝගීන්, විශේෂයෙන් බයිපාස් රෝගීන්, කොලෙස්ටරෝල් අධිකතාවයෙන් පෙළෙන රෝගීන්, ගෑස්ට්‍රයිටීස් රෝගයෙන් බඩේ තුවාල ඇති වූ රෝගීන්, ෆැටී ලිවර් යනුවෙන් හඳුන්වන අක්මාවේ තෙල් තැන්පතු ඇති වී ශල්‍යකර්මවලට නිර්දේශ වූ රෝගීන් මා පූර්ණ ලෙස මාස තුනක ප්‍රතිකාර ක්‍රමයකින් අනතුරුව සුව කරනවා. අපේ සිංහල වෙදකමට අදාළ ඖෂධ කිසිවක් සකස් කළ ඖෂධ ලෙස අලෙවිසල්වලින් ලබා දීමට මා කටයුතු කරන්නේ නැහැ. අදාළ ඖෂධ සියල්ලම මා විසින්ම නිපදවනු ලබනවා. එහිදී තිබෙන ලොකුම ගැටලුව තමයි සිංහල වෙදකමට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සපයා ගැනීම. මේවා දැන් අප රටේ තිබෙන ප්‍රමාණත් හොඳටෝම අඩුවෙලා. ඊට හේතුව මේවා දැන් වගා කරන්නන් පවා අප රටේ නැති වීමයි. දේශීය ගැනුම්කරුවන්ගෙන් වගේම මං ඇතැම් ඖෂධ ඉන්දියාවෙන් පවා ගෙන්වා ගන්නවා. සමහර ඖෂධ ගෙන්වන සමාගම් හරහාත් අපි විශාල වශයෙන් ඖෂධ ගෙන්වා ගන්නවා. මේවායේ අධික මිල නිසා මේ ඖෂධ නිෂ්පාදනයේ යෙදෙන අපි හැමදාම කාට හරි ණයකාරයෝ. අත්පිට මුදල් දී මේ තරම් විශාල ඖෂධ ප්‍රමාණ මිලදී ගන්නට තරම් ක්‍රමයක් අපට නැහැ. අනවශ්‍ය ලෙස මේ ඔෟෂධවල මිල ඉහළ දැමීම ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට සිදු කරන අසාධාරණයක් නිසා අපි එසේ කරන්නෙත් නැහැ. අපි කසාය පවා නිසි පදමට සකක් කර බෝතල් කර රෝගියාට ලබාදෙනවා. පත්තු, තෙල් වර්ග මෙන්ම ආලේප වර්ගවලටත් අපි නියම ප්‍රමිතියට ඖෂධ යොදනවා. කිසිම විදිහකින් අපි නියම ඖෂධයම මිස අනුකාරක ඖෂධ ෙයාදන්නෙත් නැහැ. මේ ප්‍රමිතීන් පවත්වා ගැනීම තුළ තමයි අපි අතිසාර්ථක වී තියෙන්නේ. මම ඇදුම, පීනස් රෝගවල සිට ආතරයිටිස්, පිළිකා සහ සියලුම බෝ නොවන රෝගවලට ප්‍රතිකාර කරනවා. ඕනෑම රෝගයකට ප්‍රතිකාර යෙදීමට තරම් මගේ වෛද්‍යකර්මය පොහොසත්. එය මේ ස්ථානයට පැමිණෙන රෝගීන් ගණන හා සුව වූ බව සනාථ කළ රෝගීන්ගේ වාර්තා අනුව වගකීමෙන් පැවසිය හැකියි. විශේෂයෙන් ආතරයිටිස් රෝගය සුව කළ නොහැකි රෝගයක් ලෙසයි සලකන්නේ. ආතරයිටිස් නැතිනම් අස්ථි පර්වදාහ රෝගීන්ට රෝගය ඇති වෙන්නේ එකම හේතුව පදනම් කරගෙන නෙවෙයි. මේ නිසා රෝගියා නිසි පරීක්‍ෂාවෙන් පසුව මා ඖෂධ යොදන්නෙ රෝගියා කෙරෙහි පූර්ණ වගකීම දරමින්. ආතරයිටිස් රෝග එකසිය හැට හයක් තිබෙනවා. ඒ එකසිය හැට ගණනින් එකම එකක්වත් මඟහැර නෑ. ඒ සියල්ලම මා විසින් නිට්ටාවට සුව කරනවා. මෙය මුළුමනින්ම බටහිර වෙදකමෙන් වෙනස් වෛද්‍යකර්මයක්. පෙත්තකට කැටි කර බොහෝ රෝගවල වේදනාව නසන බෙහෙත් නිර්මාණය වී තිබුණත් රෝගයකින් මනා සුවයක් ලබන්නට අවශ්‍ය වෙන තෙවැදෑරුම් සුසංයෝගයක් තිබෙනවා. ඖෂධ, හෙදකම හා වෙදකම කියන මේ සුසංයෝගයේදී ඖෂධ සකසා ගැනීම, රෝගියාට සිදු කළ යුතු වත් පිළිවෙත් ආදිය මෙන්ම නිවැරදි ඖෂධ යෙදීමට නිසි පරිදි රෝගය විනිශ්චයක් පැවතිය යුතුයි. අද බහුලව හමුවෙන රෝගීන් අතර ජීවන රටාවේ වූ වෙනස්කම් මෙන්ම ඇතැම් විට ආරය හරහා එම රෝගයට ගොදුරු වී ඇති බවක් දැක ගන්නට පුළුවන්. නමුත් කුමන හේතුවක් මත රෝගයට ෙගාදුරුව සිටියත් හෙළ වෙදකමෙන් එම රෝග සුවයට නිසි ඖෂධ හා වත් පිළිවෙත් පවතින නිසා සිංහල වෙදකමින් රෝග සුවය පතන ඔබට කිසිම සැකයකින් තොරව ඊට යොමු විය හැකියි. සිංහල වෙදකම අනුව බෙහෙත් සැකසීමේදී එයට නිසි ඖෂධ මෙන්ම නිවැරදි ක්‍රමවේදයට සැකසීමක් අවශ්‍යයි. අද කසාය සීට්ටු ලියා වෙළඳසලට රෝගියකු යැවූ විට කසාය කිරීමේදීත් යම් යම් වැරදි සිදු වෙනවා. වෛද්‍යවරයා ලියූ ඖෂධ්‍ය ඔවුන් ළඟ නැතිනම් එම ඔෟෂධයට යම් යම් ආදේශක යෙදීම සිදුවෙනවා. රෝගියා බෙහෙත් හරිහැටි නාඳුනන බව දැන කරන මේ ක්‍රියාව නිසා ඖෂධ වට්ටෝරුවේ එන කසායෙන් ලැබෙන ගුණ නොලැබී යාමේ අවදානමක් පවතිනවා. මේ නිසා රෝගියාට අවශ්‍ය කසාය බෝතලය මා විසින්ම සකස් කර ලබා දෙනවා. කිසිවිටෙක ඒවාට කල්තබා ගැනීමේ ද්‍රව්‍ය මුසු කරන්නේ නැහැ. කසාය බෝතලය ශීතකරණයක තබා ගෙන පාවිච්චි කරන්නට පමණයි රෝගියාට තිබෙන කාරිය. අවශ්‍ය උපදෙස් අපි රෝගියාට ලබා දෙන්නේ බොහෝ කාරුණිකවයි. රෝගියා යනුවෙන් හඳුන්වන්නේ යම් තරමකට අසරණ වූ පුද්ගලයෙක්. රෝගියාගේ ආර්ථික මට්ටම හෝ පවුල් පසුබිම ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිකාරවලට අදාළ නෑ. ඔහු හෝ ඇය සුවපත් කරවන්නට වෛද්‍යවරයාගේ කරුණාව සහ ඔහුට හෝ ඇයට ඇහුම්කන් දීම ඉතාම වැදගත් කියා වෛද්‍යවරියක වශයෙන් මම විශ්වාස කරනවා. මගේ දියණිය පියුමිත් වෛද්‍යවරියක්. ඇයත් මා සමඟ මේ කටයුතුවලදී පෙරමුණ ගෙන ක්‍රියාකරනවා. විදෙස්ගත රෝගියකුට වූවත් අපව අමතන්න හැකියි. (+94)713464276, (+94)759061771 දුරකථන ඒ සඳහා විවෘතයි. සිකුරාදා සහ පෝය දින හැර අනෙක් සෑම දිනකම හෝමාගම අතුරුගිරිය පාරේ නගර සීමා මාවතේ අංක 345 දරන ස්ථානයේ සිද්ධාධී වෙද මැදුරට එන ඕනෑම රෝගියකුට මේ සිංහල වෙදකමේ විස්කම් සියැසින් දැකබලා ගත හැකියි. ඔබ උපන් මේ පින් බිමේ හැම බිම් අඟලක් ගානෙම හෙළ ඔසු පැවැති යුගයක් අපට තිබුණා. ඒත් අපේ දෙය අගය කරන පිරිසක් නැති වූ විට ඒවාත් වඳ වී ගියා වගෙයි. සිංහල වෙදකමේ කිසිම බෙහෙතක අතුරුඵල ලෙස වෙනත් රෝග ඇතිවන්නේ නැහැ. ඒක ලොකුම භාග්‍යයක්. ඔබ රෝගවලට ගොදුරු වෙන බව ඇත්ත. නමුත් සිංහල වෙදකම ඔබේ සිරුරෙන් ඒ රෝගය මුලින්ම උදුරා විසිකර දමන බවත් ඇත්ත. මේ නිසා එ් සත්‍ය ඉදිරියේ ඔබ තවදුරටත් රෝගියෙකු නම් නෙවෙයි.” සටහන - නාලිකා රාජපක්‍ෂ 0 You are not authorized to post a reply. Page 110 of 137 << < 108109110111112 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner