You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Jun 2017 11:40 AM by  Rosi
පාට හතයි රස හතයි හත් මාළුව හදන්නේ මෙහෙමයි...
 130 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 7 << < 12345 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Oct 2016 01:39 PM
Posted By hasithad on 23 Oct 2016 08:26 AM
මේවා පොඩ්ඩන්ට විතරක් නෙමෙයි අපටත් කන්න හිතෙනවා දැක්කම.
මොසරැල්ලා චීස් මෙහෙ තියෙනවද දන්නෑ......


ඔව්ව්ව් දැක්කම කෙලත් එනවා කටට ,,

මොසරැල්ලා චීස් නම් ඇති මල්ලි ඔහේ .

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Oct 2016 02:20 PM
Posted By samantha on 23 Oct 2016 01:00 AM

නිවසේ ආහාර නාස්තියට මේ පිළියම් යෙදුවොත් පර්ස් එකටත් සෑහෙන වාසි වෙයි

 

කෑම කියන්නෙ අපිට අත්‍යවශ්‍යම සාධකයක්. ලෝකෙ විනාස වෙන දවසෙ උනත් අපි අපේ කෑම වේල් නම් මිස් කරන එකක් නෑ. කෑම ඒ තරමටම අපේ ජීවිතවලට සම්බන්ධයි. අපි කෑමට ගන්නා ආහාර ගැන අපි නොයෙක් විදිහට හිතනවා. රසට කෑම හදන හැටි,පෝෂණය ලබාගන්න සහ නොයෙක් රෝගාබාධ වලට හොඳ කෑම ගන්න හැටි ගැන අපි අන්තර්ජාලය පවා පීරල හොයනව.

මේ සියල්ලක්ම ගැන හිතුවත් ආහාර සම්බන්ධයෙන් අපි අඩුවෙන්ම අවධානය යොමු කරන එක් කරුණක් තියනව. ඒ තමයි ආහාර නාස්තිය ( food wastage )  අවම කරගැනීම. මේක ඉතාම වැදගත් කරුණක්. විශේෂයෙන්ම ඔබේ ආර්ථිකයට ඔබ හිතනවාට වඩා බලපාන කරුණක් තමයි මේ ආහාර නාස්තිය.

අපි අද ඔබට ගෙන එන්නේ ඔබේ නිවසේ ආහාර නාස්තිය අවම කරගන්න පොඩි උපදෙස් ටිකකුයි. මේ දේවල් මේ විදිහට පිළිපැදලා මාසෙ අන්තිමට බලන්නකො. අනිවා ඔබේ ආර්ථිකයට දැනෙන වෙනසක් වෙලා තියේවි.

 

1. ආහාර මිලදී ගැනීමේ ලැයිස්තුවක් හදන්න
food wastage

Source – lifeinyellow.com

නිවසේ ආහාර නාස්තිය අවම කරගන්න වැඩේ පටන් ගන්න වෙන්නෙ නිවසෙන් නම් නෙමෙයි. ඒ ස්ථානය තමයි ඔබ ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා වෙළදසැල. ඔහේ හිතුමතේ ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න යන්නෙ නැතිව ඒ තැනට සැලසුමක් ඇතිව යන එක තමයි වැදගත් වෙන්නෙ.

ඕනෑවට වඩා ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න යන්න එපා. ඔබ ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න යන්නේ සතියකටනම් ඒ සතිය තුළ ගෙදර පිළියෙල වෙන ආහාර වේල් ගැන සිතින් පොඩ්ඩක් ගණන් හදලා පොඩි ලැයිස්තුවක් හදාගන්න.  මස් මාලු, එළවලු වගේ ඉක්මනින් නරක් විය හැකි ආහාර අවශ්‍ය ප්‍රමාණයට විතරක් ගන්න.

 

2. කඩේ යාම
food wastage

Source – independent.co.uk

ආහාර ද්‍රව්‍ය මිලට ගන්න වෙළඳ සැලකට යන්න කලින් අවධානය යොමු කල යුතු ප්‍රධාන දෙයක් තියනවා. ඒ තමයි ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න යද්දි කිසිම වෙලාවක බඩගින්නෙ නම් යන්න එපා කියන එක. මොකද කුසගින්නේ පසුවෙද්දි අනවශ්‍ය විදිහට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනෙන්න තිබෙන ඉඩ බොහොම වැඩියි.

ආහාර මිලදී ගැනීමේදී නිතරම කල් ඉකුත්වීමේ දිනය පරික්ෂාවට ලක් කරන්න මතක තියාගන්න. ඒ වගේම තමයි එළවලු මිලට ගැනීමේදී ලැජ්ජා වෙන්නෙ නැතිව තමන්ට අවශ්‍ය ප්‍රමාණ විතරක් ගන්න. උදාහරණෙකට තනි පුද්ගලයෙක් ලොකු ග්‍රෑම් ගානක එළවලු ගන්න එක තේරුමක් නෑ.

පැකට් ගණන් ගන්න ඒවා පාචිච්චියට ප්‍රමාණෙන් වැඩිනම් ලූස් ගන්න පුලුවන්

 

3. ආහාර ඇසිරීම සහ ගබඩාකිරීම
food wastage

Source – pinterest.com

ආහාර වර්ග ඇසිරීමේ වැරදි නිසාත් හුඟක් වෙලාවට අහාර නාස්ති වෙනවා. මස්, මාළු වගේ දේවල් ගෙදරට ගෙනාව හැටියෙම ඔබට වේලකට අවශ්‍ය ප්‍රමාණ වලට වෙන් කරල වෙන වෙනම ඇසුරුම් කරල අධිශීතකරණයේ තැන්පත් කරන්න.

කිරි, බිත්තර වගේ දේවල් ශීතකරණයේ දොරෙහි නිසි තැන තැන්පත් කරන්න. එළවළු වර්ග වෙන වෙනම මලු වල අසුරා එළවළු සඳහා ඇති කොටසේ තැන්පත් කරන්න. ඉක්මණින් තැලෙන තක්කලි, සලාද කොළ වගේ දේවල් එහි උඩින්ම තබන්න.

හුළං නොවදින්න ඇසුරුම් කළ යුතු දේවල් එයා ටයිට් බෑග් වල හෝ බෝතල් වල අසුරන්න. සීනි, බිස්කට් ආදී පැණි රස ද්‍රව්‍ය කූඹින් වැනි සතුන්ගෙන් ප්‍රවේසම් වන ලෙස අසුරන්න.

 

4. වැඩිපුර ඉතිරි වෙන කෑම වලින් ලෙෆ්ටෝවර් හදාගැනීම
food wastage

Source – foodnetwork.com

ඉස්සර නම් ගෙදරකට කෙනෙක් ගොඩ වෙන්නෙ කලින් දැනුම් දෙන්නෙ නැතුවමයි. එහෙම ආවත් දෙතුන් දෙනෙක්ට කන්න ඇති තරම් වැඩිපුර කෑම හුඟක් වෙලාවට අම්මලා ගෙදර හදල තියෙනවා. නමුත් කාර්යබහුලකම එක්ක මේ සිරිත් දැන් වෙනස් වෙලා. ගෙදරකට ගොඩ වෙන්න කලින් කෝල් එකක් දීලයි ඕනම කෙනෙක් එන්නෙ. ඉතින් එහෙම එකේ වැඩිපුර උයලා අහක දාන්න එපා. ගෙදර ඉන්න ප්‍රමාණෙට උයන්න හුරු වෙන්න. එහෙම උයලත් ඉතිරි වෙන කෑම වලින් වෙනත් කෑමක් හදාගෙන රස බලන්න.

 

5. ආහාර කල්තබා ගැනීමේ ක්‍රම
food wastage

Source – recipeshubs.com, salkkaaram.com

සමහර ආහාර නිකම්ම තිබ්බම වැඩි කාලයක් තියාගන්න බෑ. එහෙම දේවල් අසුරන්න සහ කල් තියාගන්න අපිට වෙන විදියකට සකස ගන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් කරපිංචා හොඳට සෝදලා පවනේ වේලලා වීදුරු බෝතලේක දාල ශීතකරණයේ දැමීමෙන් වෙනදට වඩා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.

කෙසෙල් ගෙඩි ගෙනාවම කාලා ඉවර වෙන්න කලින් කලු වෙලා ඉක්මණින් නරක් වෙනවා නේද? මීට පස්සෙ කෙසෙල් ගෙනාවම කෙසෙල් වල නැට්ට පැත්ත විතරක් Clear Wrap වලින් එහෙමත් නැත්නම් තුනී පොලිතින් එකකින් හොඳින් ආවරණය කරල තියන්න. වැඩි කලක් තියාගන්න පුළුවන්.

ඒ වගේම සුදු ලූනු, අමු මිරිස්, තක්කලි වගේ ආහාර අච්චාරු වගේ දේවල් දාලා කල් තියාගන්න පුළුවන්. ඒ ගැන අපි ඉදිරි ලිපියකින් වඩා පැහැදිලිව කියන්නම්.

 

6. නිතර ඉතිරි වෙන දේවල් ගැන සටහනක්
food wastage

Source – mashable.com

සතියකට අවශ්‍ය එළවළු, මස්, මාළු ගෙනාවට පස්සෙ සමහර එළවළු, මාළු වර්ග ගෙදර අය ඒ තරම් ප්‍රිය නොකිරීම නිසා ඒ වගේ දේවල් වැඩිපුර අහක දාන්න උනා හෝ ඉතුරු උනා නම් ඒ ගැන සටහනක් තියාගන්න. නැවත ඒ දේවල් මිලදී ගන්න කොට ඔබට අවශ්‍ය ප්‍රමාණය විතරක් ගන්න හෝ ඒ දේ නොගෙනම ඉන්න මතක තබාගන්න පුළුවන්.

 

7. ආහාර පුරුදු
food wastage

Source – abcnews.go.com

කෑම ගනිද්දි තමන්ට ප්‍රමාණවත් පමණට විතරක් බෙදාගන්න. ඒ ගැන සැකයක් තියනවනම් ටිකක් අඩුවෙන් කෑම බෙදාගෙන ආහාරයට ගන්න. මදි උනොත් විතරක් නැවත වරක් බෙදාගන්න. කන්න බැරි තරම් පිඟානට බත් බෙදාගෙන අනල ඉතිරි කිරීමෙන් ඒ ආහාර එහෙමම යන්නෙ කුණු කූඩෙට. මොකද Leftovers වලින් ආහාර හදන්නවත් පසුව ආහාරයට ගැනීමට ශීතකරණයේ දාලා පාවිච්චි කරන්නටත් ඒ කෑම සුදුසු නොවන නිසා.


වටින උපදෙස් රැසක් .

ස්තූතියි සමන්ත මාමේ මම කියෙව්වා.

දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
24 Oct 2016 09:04 PM
කටට කෙල එනවා දැක්කම
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Oct 2016 06:06 AM
Posted By hasithad on 23 Oct 2016 08:26 AM
මේවා පොඩ්ඩන්ට විතරක් නෙමෙයි අපටත් කන්න හිතෙනවා දැක්කම.
මොසරැල්ලා චීස් මෙහෙ තියෙනවද දන්නෑ......

අපෝ කියෙනවා අයියේ කාර්ගිල්ස් ෆුඩ්සිටි එකේ මොසරැල්ලා චීස් තියෙනවා. මුදල පිලිබදව නම් එතරම් දැනීමක් නැහැ
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
27 Oct 2016 08:05 AM
මොසරැල්ල වැඩිපුර පාවිච්චි කරන්නේ පිසා හදන්න තමා
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Oct 2016 11:24 AM
තුශානුත් ඉතින් මේ දේවල් ගැන දන්නවානෙ.
ඉන්නෙත් හෝටලයක හින්දා.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Oct 2016 10:01 AM
කරවල කථාව චීස් වලට හැරිල වගේ නේද දැන්
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
29 Oct 2016 11:54 PM
watinawa wagema rasawath thorathuru tikak
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 Nov 2016 12:41 AM

ඒ කාලේ බේකරියේ මාමා හදපු, මතක් වුණත් රස දැනෙන පාන්, බනිස් වර්ග

 

මේ වෙනකොට නං පාං ගෙඩියක ගාණ ඇහුවම පාං කියාගන්න බැරි තත්වෙකට පත් වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. එක කාලෙක, ඒ කියන්නේ අවුරුදු විස්සකට එහා පැත්තේ විතර අපි රුපියල් තුනයි පණහට ගත්තු ‘පාන් රාත්තල’ මේ වෙනකොට ඒ වගේ දහගුණයක් විතර වෙලා විතරක් නෙවෙයි, බරෙනුත් අඩු වෙලා ගිහින්. මේ වෙනකොට නං පාන් රාත්තල කියල කීමට කිව්වට ඒකේ ඇති රාත්තලක් නෑ.

 

1. ක්ලැසික් පාං ගෙඩිය: කඩේ පාන්
Breads and buns types

Source – sundaytimes.lk

මේ වෙනකොට නං කඩේ පාන් කියන්නේ පොෂ් පාන් විකුණන තැනක තියෙන අපිට හුරු පුරුදු පාන් වලට කියන පොෂ් නමක් වෙලා. ඒකේ අවුලක් නෑ. කොහොම වුනත් අපිට කඩේ පාන් කිව්ව ගමන් මතක් වෙන්නේ බේකරියේ මාමා හදන පාන් තමයි. තාමත් සූටි සුපියල් පනස් පහකට ගමේ කඩේ බේකරියෙන් ගන්න පුලුවන් ‘කඩේ පාන්’ ගෙඩියක් පොෂ් පාන් කඩේකින් ගන්නකොට ඒ වගේ දෙගුණයක් විතර වෙනවා. හැබැයි ඒ වගේ සුපිරි ෆයින් ඩයිනින්ග් පොට් එකකින් කකුළුවෝ කරියක් එක්ක කඩේ පාන් කියනකොට ගතියක් නැත්තෙමත් නෑ!

හැබැයි එදා නං පාන් කාලක් එක්ක පරිප්පු දීසියක් සහ ප්ලේන්ටියක් කියන්නේ දුප්පතාගේ ආහාරය කියලා තමයි සැලකුනේ.

 

2.තැටි පාං බැරිනං කාපං අච්චු පාං
Breads and buns types

Source – paanpaan.com

බේකරියේ පාන් ගැන කතා කරනකොට එතන පොඩි කල්චර් එකක් තියෙනවා. තැටි පාන් සහ අච්චු පාන් ගත්තහම ඔය එක එක වර්ගෙට වැඩි මනාපයක් තියෙන අය ඉන්නවනේ. අච්චු පාන් සාපේක්ෂව ගත්තහම බොහොම මෘදු ගතියයි. හැබැයි කර කර ගාලා හැපෙන්න නං ගන්න ඕන තැටි පාන්. ගොඩක් වෙලාවට තාමත් ගම් වල තියෙන බේකරි වල ක්‍රමයක් තියෙනවා අච්චු පාන් ඕන්නං පොඩ්ඩක් වේලපහින් එන්න ඕන. මොකද කලින් දාන්නේ අච්චු පාන් ටික නිසා අච්චු පාන් ලෝලියෝ ඇවිත් ඒ ටික උස්සගෙන යනවා. ඉන් පස්සේ තියෙන්නේ එක්කෝ අයින්කෑලි නැත්තං තැටි පාන්. හැබැයි තැටි පාන් වලට ආස කට්ටියට අවුලක් නෑ. ඉස්සර තිබුණු තැටි පාන් පෙත්තක් එක්ක පරිප්පු වඩේ එකක් කියන්නේ දිව බොජුනක් තමා! එකම දේ කර නොවුණු ගාණට බේක් වුණු පාන් රාත්තලක් ගන්න එක තමයි.

අච්චු පාන් ගැන කියනකොට තව මතක් වෙන දෙයක් තමයි මැටි පාන්. මැටිවලින් හදපු පාන් ගැන නෙවෙයි මේ කියන්නේ. අච්චු පාන් ගෙඩියක් හදන්නේ දෙපාරක් පෝරණුවේ දාලා පුළුස්සලා. පළවෙනි පාර පුළුස්සලා පෝරණුවෙන් බාපු අච්චු පාන් හරිම සොෆ්ට්, කිරි රහක් එන්නේ. මේ මැටිපාන් වලට අපි හෙන ආසයි ඒකෙ තියෙන අමුතු රහ නිසාම. හැබැයි අම්මලා අපිට ඒ පාන් කන්න දුන්නෙ නෑ, බඩේ අමාරු හැදෙනවා කියලා. ඒක හරි. මොකද එක පාරක් පෝරණුවෙ දැම්මා කියලා හොඳටම පාන් ගෙඩිය බේක් වෙන්නෙ නෑ. මැද අමු වෙන්න පුලුවන්.

තව එකක්. ඉස්සර පාන් කනකොට බේකරියෙ මාමා එක්ක ගේම ඉල්ලන්න වෙන්නේ ගාණට නෙවෙයි. බැරිවෙලාවත් ගුල්ලෙක් දෙන්නෙක් හිටියොත්. සමහරු කියනවා ගුල්ලො එක්ක කෑවත් අදට වඩා එදා බේකරියෙ පාන් රසයි කියලා.

 

3.බේකරියේ තියෙන සැන්ඩ්විච් පාන්
Breads and buns types

Source – michealdebarra.com

මේ කියන්නේ ඕනම සුපර් මාකට් එකකින් ගන්න තියෙන පෙති කපලා, පොලිතින් බෑග් එකේ සීල් කරලා එන සැන්ඩ්චිච් පාන් ගැන නෙවෙයි. ගමේ බේකරියේ හදන්න ගත්තු සැන්ඩ්විච් පාන් ගෙඩිය ගැන. මේක ඇත්තටම  ඔය පෙති කපපු වැඩි ගණන් සැන්ඩ්විච් පාන් ගෙඩියක් තරම් සොෆ්ට් නෑ. හැබැයි මේ පාන් ගෙඩියේ හැම පැත්තම එක වගේ. ආයි වැඩිපුර කරවුණු ඔළුවක් නෑ. ඒ වගේම මැද්දේ පොඩි කිරි රසයකුත් තියෙනවා. ගාණ හැබැයි නිකම් අච්චු පාන් ගෙඩියකට වඩා රුපියල් පහක් දහයක් වැඩියි. මේ පාන් වලටත් මනාප අය සෑහෙන්න ඉන්නවා. මොකද බටර්, ජෑම් එක්ක කන්න මේ පාන් වල තියෙන කියාපු රසය නිසා. හැබැයි මේ පාන් තියෙන බේකරි වලත් බේකරිය ඇරපු ගමන් සැන්ඩ්විච් පාන් ටික ඉවරයි. සමහර බේකරි මාමලා මේ කඩේ සැන්ඩ්විච් පාන් ගෙඩියටම මුද්දරස්පලම් ටිකක් එහෙම දාලා පොඩි පොඩි වැඩ කෑලි දාලා රස පාන් එක්ස්පෙරිමන්ට් එහෙමත් කරල බලනවා.

 

4. නයි කයිද රෝස් පාන්
Breads and buns types

Source – paanpaan.com

රෝස් පාන් එක්ක බැඳුණු මතකයක් ඕනම ලංකාවේ මනුස්සයෙක්ට තියෙනවා කිව්වොත් වැරදි නෑ. ලොකු පොඩි භේදයක් නැතුව හැමදෙනාම කැමති රෝස් පාන් කියන්නේ සාමාන්‍ය තැටි පාන් ගෙඩියෙන් බාගයක් සයිස් එකේ තියෙන, හොඳට බේක් කරලා තිබුණත් වළ ගොඩැලි තියෙන තැටි පාන් ගෙඩියකට වඩා මෘදු මතුපිටක් තියෙන පාන් ගෙඩියක්. කතාවට කියන්නේ නං පාන් රාත්තල ඉකොනොමිකල් වුනේ රෝස් පාන් හැටියට කියලා තමයි. හැබැයි ගොඩක් අය රෝස් පාන් ගන්නේ ඉකොනොමිකල් වැලියු එක ගැන හිතලා නං නෙවෙයි. ඊට වඩා ඒකේ තියෙන රසය නිසයි. ඉස්සර රෝස් පාන් වල හොඳ තෙල් ගතියක් තිබුණා. දැන් වගේ නෙමෙයි නිකන් වුනත් කන්න පුලුවන්. ඇත්තටම කියනවා නං ඉස්සර රෝස් පාන් ගෙඩියක් අරගෙන කෑවේ නිකම් තමයි.

 

5. දොස්තරගේ කීමට කන පරළු පාන්
Breads and buns types

Source – livestrong.com

පරළු පාන් කියන්නේ ඇඟට ගුණ විදියට පාන් කන්න ක්‍රමේ කියලා කොයි තරම් කිවුවත් අපි ඉතින් පරළු පාන් කන්නේ දියවැඩියාව තියෙනවා කියලා දොස්තර කිව්වට පස්සෙ තමයි. ඇත්තටම සාමාන්‍ය පාන් වල තියෙන රසය සහ මෘදු බව පරළු පාන් වල නැති නිසාමයි ගොඩක් දෙනා කැමති නැත්තේ. පාන් කියන වචනේ පෘතුගීසි හාදයන්ගෙන් ආව වගේ පරළු කියන එකත් ආවේ පෘතුගීසි Farelo කියන එකෙන් කියලයි දන්නෝ කියන්නේ. මේ එක්කම කියවෙන තවත් පාන් ජාතියක් තමයි කුරක්කන් පාන්. ඉතිහාසේ කියවෙන විදියට කුරක්කන් පාන් මුලින්ම හදලා තියෙන්නේ ලංකාවේ හිටපු සිරා බක්කරේ මාමා කෙනෙක් තමයි.

 

6.මාළුවාව පෙන්නලා හදන පාන්
Breads and buns types

Source – gossiplankanews.com

මාළු පාන් කියලා කිව්වට ඇත්තටම ඕක බනිස් ගෙඩියක්නේ. ඉස්සර මාළු පාන් ගහන්නෙත් බේකරියේ තමයි. ඒ කාලේ ඇත්තම මාළු පාන් තිබුණත් දැන් තියෙන්නේ මාළුවාව අත ගාලා ඒ අතින් පිටි ටික අනලා හදන පාන් තමයි. ඊට අමතරව සීනි සම්බෝල පාන් වගේ දේවල් පස්සෙ පස්සෙ නිර්මාණය වෙනවා. හැබැයි ඉස්සර තිබුණු මාළු පාන් රසය නං දැන් හොයාගන්න නෑ.

 

7. පුංචි රවුං සීනි බනිස්, දිගට හැඩට කිඹුලා බනිස් සහ ගල් වගේ ගල් බනිස්
Breads and buns types

Source – exploresrilanka.lk

මේ ගැන කතා කරනකොට තියෙන ප්‍රධාන පැමිණිල්ලක් තියෙනවා. ඉස්සර බේකරියේ මාමා හදන සීනි බනිස් ගෙඩිය සහ කිඹුලා බනිස් ගෙඩිය එක්ක බලනකොට දැන් තියෙන සීනි බනිස්, කිඹුලා බනිස් අය්යෝ සල්ලි කියලා හිතෙන එක වළක්වන්න බෑ. ඉස්සර කිඹුලා බනිස් ගෙඩිය සෑහෙන ලොකුයි වගේම හොඳ බරට පිරිලා තියෙනවා. එක කිඹුලෙක් කෑවහම බඩ ෆුල්. සීනි බනිස් වුනත් බේකරියේ හදන එව්වා හොඳ ලොකුවට, ලෝබ නැතුව සීනි උඩින් ඉහලා තමයි හදන්නේ. ඒත් දැන් ඒ කොලිටිය හොයන්න නෑ, ඔය ගමේ බේකරියක අහම්බෙන් හම්බුණොත් මිසක්. එතකොට ගල් බනිස් නං දැන් හොයන්නම නෑ. ඉස්සර තිබුණු ගල් බනිසකින් ගහලා ඕන්නං එකෙක් මරන්නත් පුළුවන්. දැන් මරදානේ සල්ගාදු බේකරියේ, කොහුවල සුමනදිසි බේකරිය වගේ තැනක, එහෙම නැත්තං තාම පරණ සිස්ටම් එකට දුවන ගමේ බේකරියක ඇරෙන්න ගල් බනිස් හොයනවා බොරු.

දැන් ගොඩක් බේකරි වල කරන තව ආතල් වැඩක් තියෙනවා. හදනවා අල්ලක් සයිස් සීනි බනිස් සහ කිඹුලා බනිස්. කථාවට නෙවෙයි, ඇත්තටම මේවල සයිස් එක අල්ලක් තරමට ඇති. හැබැයි ගාණ වෙන්නේ අර ලොකු බනිසකින් බාගයක් විතර. කොහොමද ඉකොනොමිකල් ටිකිරි මොලේ!

 

8. තාම තියෙන දඟර බනිස්
Breads and buns types

Source – frudahls.blogspot.com

සාමාන්‍යයෙන් අපි දකින බනිස් ගෙඩියක් වගේ කීප ගුණයක් ලොකු මේ බනිස් ගෙඩිය දඟර දඟර රටාවකට තියෙන්නේ. පැණි රසක් තියෙන මෘදු බනිස් ජාතියක් වෙන මේවලින් එකක් ගොඩක් වෙලාවට හතර දෙනෙක් ඉන්න පවුලක හවස තේ එකට වැඩිත් එක්ක. මේ වලට සමහර වෙලාවට මුද්දරස්පලම් එහෙමත් දාලා හදලා තියෙනවා. දැන් වුනත් බේකරියකින් මේ බනිස් හොයාගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, දැන් සුපර් මාකට් වලටත් මේ සයිස් එකේ, මේ ක්‍රමයේ දඟර නැති බනිස් එක ඇවිත් තියෙනවා පැකට් කරලා.

 

තිරිඟු පිටි වලින් හදන පාන් ලංකාවේ ක්‍රමේට බඩ ඉරිඟු පිටි වලින්, ඕළු ඇට වලින් හදන්න පුලුවන් කියලා කියපු ලංකාවේ සුපිරි පොරවලුත් කාලෙන් කාලෙට මතුවෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ වැඩකට අත හිත දෙන්න කෙනෙක් නැති නිසා ඒවා එහෙම්මම නැති වෙලා යනවා.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Nov 2016 02:09 AM
දර පොරනුවේ පාන් උනත් ඉස්සර වගේ රසයක් සුවදක් නැහැ
ඒ කාලේ පාන් පෝරණුවක් අහලකින් යන්න බැහැ සුවදට විතරක් බඩ දලනවා. ඒත් දැන් ලගින් ගියා කියල දැනෙන්නෙවත් නැහැ
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 Nov 2016 03:06 AM
Posted By sha733 on 01 Nov 2016 02:09 AM
දර පොරනුවේ පාන් උනත් ඉස්සර වගේ රසයක් සුවදක් නැහැ
ඒ කාලේ පාන් පෝරණුවක් අහලකින් යන්න බැහැ සුවදට විතරක් බඩ දලනවා. ඒත් දැන් ලගින් ගියා කියල දැනෙන්නෙවත් නැහැ
ඒක නම් ඇත්ත තමයි මල්ලී .. ඉස්සර අපේ ගෙදරට  අල්ලපු වත්තේ තිබුණේ පාන් බේකරියක්. දවසට දෙපාරක් පාන්  බනිස් පුච්චනවා. ඒ කාලේ මම පොඩියි.  හැමදාම  බනිස් බාන කොට ගිහින් උණු උණුවෙම තමයි කන්නේ.. ඒ සුවඳ නම්  තාමත් මට දැනෙනවා..

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
01 Nov 2016 06:08 AM
මේ රූප ටික දකින කොට රස නහර පිනා යනවා..
දැන් උණු උණුවේ පාන් කෑල්ලක් කන්න තියෙනවානම්...
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Nov 2016 11:27 AM
දැන් මේ ඔක්කොම චූං පාන් එකේ යනවානෙ හවසට අපේ පැති වල.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
01 Nov 2016 04:46 PM
මාළු පාන් නෙමෙයි දැන් අල පාන් කියන්න වෙන්නේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
01 Nov 2016 08:56 PM
මරූ පාන් බනිස් ටික..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Nov 2016 03:10 AM
රෝස් පාන් වලටනං මම ගොඩක් කැමතියි ඒකනං තාමත් පරන ගතියට ලගින් යනවා
0

kingD
Veteran Member
Veteran Member
Posts:3295






--
02 Nov 2016 04:31 AM
කිඹුලා බනිසක් කන්න තිබුණා නම් ආසයි ... කරුමේ කියන්නෙ කාපු වෙලේ ඉදන් බඩ පපුව දනවනේ ...
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
02 Nov 2016 05:36 AM
කෝ ජෑම් බනිස් එහෙම නැද්ද?
0

kingD
Veteran Member
Veteran Member
Posts:3295






--
02 Nov 2016 05:39 AM
Posted By Dushan on 02 Nov 2016 05:36 AM
කෝ ජෑම් බනිස් එහෙම නැද්ද?
ජෑම් බනිස් කාල හුරුයි වගේ හොඳට කොල්ලට  

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
02 Nov 2016 06:14 AM
Posted By kingD on 02 Nov 2016 05:39 AM
Posted By Dushan on 02 Nov 2016 05:36 AM
කෝ ජෑම් බනිස් එහෙම නැද්ද?
ජෑම් බනිස් කාල හුරුයි වගේ හොඳට කොල්ලට  


හි හි නැතුව නැතුව 
0
You are not authorized to post a reply.
Page 3 of 7 << < 12345 > >>