You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Jun 2017 11:40 AM by  Rosi
පාට හතයි රස හතයි හත් මාළුව හදන්නේ මෙහෙමයි...
 130 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 7 << < 34567 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Nov 2016 04:31 PM
කියනත් දුකයි අප්පා මමත් දකුණේ වෙන්න ඕනේ එත් මම දකුණට අයිති නැති උනානේ. උපත් ඔහේ වුනාට ඉන්න පින නැහැ ඉතින්.
අයියෝ සමන්ත මාමේ දකුණේ කෑම රසයිලු නේද?
මම කාලා නෑ ඉතින්.
දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
27 Nov 2016 07:36 PM
දෙහි ආනම කාලා නැහැ නේ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
27 Nov 2016 08:35 PM
Posted By samantha on 27 Nov 2016 12:42 AM

දකුණේ කෙනෙක් නම් මේ කෑම වර්ග 5 හදන හැටි දැනන් ඉන්නම ඕනෙ

 

ආහාර කියන්නෙ විවිධ ජාතීන්, පලාත් සංස්කෘතීන් ලෝබ නැතුව බෙදා හදාගන්න දෙයක්. මොන මොන දේවල් වලින් පිල් බෙදුනත් අපේ ආහාර සංස්කෘතීන් එකිනෙකා හා මිශ්‍ර වෙලා කාලාන්තරයක් තිස්සෙ  අපේ දිව පිනවනව. අනිවා අපි මීට කලිනුත් එක එක පලාත් වගේම ජාතීන්ගෙන් අපේ ආහාර ලොවට දායාද වෙච්ච කෑම ගැන කතා කලා. අද අපි මේ කතා කරන්න යන්නෙ දකුණු පලාතේ කෑම වර්ග ගැන.

දකුණු පලාත කිව්වම වෙනමම ආහාර සංස්කෘතියක් බිහි කරපු පලාතක්. මී කිරි එක්ක බත්, මාළු ඇඹුල් තියල්, ජාඩි වගේ දකුණටම ආවේණික වෙච්ච ලංකාව පුරා හැමෝම බොහොම ආසාවෙන් රස බලන කෑම වර්ග බොහොමයි. දකුණෙන් රට පුරාම විසිරුණු මේ වගේ කෑම වර්ග 5ක් හදන හැටි අපි අද අරගෙන ආව. හදමුද දකුණේ තාලෙට කෑමක් එහෙනම්.

 

1. ජාඩි හොද්ද
Deep South Recipes from Sri Lanka

Source – srigedara.com

ජාඩි කියන්නෙ ඉතින් දකුණෙ මූදූබඩ පලාත් වල ජනප්‍රියම කෑමක්. දැන් දැන්  ටිකෙන් ටික නැත්තටම නැති වෙලා යන කෑමක් කිව්වත් හරි. කුම්බලා මාළු, බල මාළු වගේ ලොකු මාළු වර්ග වගේම හුරුල්ලො වගේ පොඩි මාළු වලින් තමයි වැඩිහරියක් ජාඩි දාන්නෙ. ජාඩි කියන්නෙ මාළු කල් තියාගන්න ක්‍රමයක්. අළුත් මාළු ඔලු සහ බඩවැල් ඉවත් කරල ඇල් වතුර පොඩ්ඩක්වත් ගාවන්නෙ නැතුව තනිකර ලුණු වතුරෙන්ම සෝදල පිරිසිදු කරගෙන ලුණු කැට සහ ගොරකා එක්ක අතුරල මාසයක් විතර හොඳින් වහල තියල තමා ජාඩි හදාගන්නෙ. එහෙම හදාගත්තු ජාඩි වලින් දකුණේ තාලෙට හොද්දක් හදන හැටි තමයි මේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

  • සිහින්ව ලියාගත් රතු ලූනු
  • තලාගත් සුදු ලූනු
  • රම්පෙ/කරපිංචා
  • කොච්චි කරල් කීපයක් (මේ වෙනුවට අමු මිරිස් ගන්නත් පුළුවන් කොච්චි තමා රස)
  • මිරිස් කුඩු
  • ගම්මිරිස් කුඩු
  • රස අනුව ලුණු ( ජාඩි වල ලුණු රස කොහොමත් තියෙන නිසා ලුණු පදම බලා පාවිච්චි කරන්න)
  • දිය කිරි
  • මිටි කිරි

 

  1. ජාඩි වලට කොච්චි ටික දෙකට පලා දාගෙන මිටි කිරි හැර අනෙක් සියල්ල එක් කර මිශ්‍ර කර ලිප තබා ගන්න.
  2. හොද්ද උතුරා තැම්බීගෙන එන විට මිටි කිරි එක් කර යන්තමින් හැඳි ගාමින් හොඳි ගතිය තියෙද්දීම ලිපෙන් ඉවත් කරගන්න.

 

2. දෙහි ආනම
Deep South Recipes from Sri Lanka

Source – facebook.com/Shikifood

බොහෝ දෙනෙක් නොදන්න දකුණේ කෑමක්. ටිකෙන් ටික වියැකිලා යන පාරම්පරික ආහාර වර්ග අතරට මේ දෙහි ආනමත් එකතු වෙනව.

 

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉදුණු දෙහි ගෙඩි 3ක්4ක්
  • කපාගත් ලූනු, සුදු ලූනු, අමු මිරිස්
  • රම්පෙ, කරපිංචා
  • සේර කැබැල්ලක්
  • කුරුඳු
  • අබ ඇට
  • උළුහාල්
  • සූදුරු ඇට
  • කපාගත් වියලි මිරිස් කරල් දෙක තුනක්
  • අමු තුන පහ, කහ සහ මිරිස් කුඩු
  • ලුණු
  • මිටි කිරි

 

  1. දෙහි සිහින් තීරු වලට කපා ගන්න. එයට ලුණු සහ වතුර ටිකක් එක් කර දෙහි ලෙල්ල මෙලෙක් වන තුරු තම්බා ගන්න.
  2. වෙනත් බඳුනක් ලිප තබා එයට තෙල් දමා අබ එක් කර පුපුරන්න හරින්න. එයට සීනි හැර අනෙක් පහේ සියල්ල එක් කර තෙම්පරාදු කරගන්න.
  3. ඒ තෙම්පරාදුවට තම්බාගත් දෙහි එක් කර මිශ්‍ර කරගෙන මිටි කිරි දමා ලුණු සහ සීනි රස අනුව එක් කර  හින්දගන්න.

 

3. මාළු ඇඹුල් තියල්
Deep South Recipes from Sri Lanka

Source – facebook.com/Shikifood

ඇඹුල් තියල් කරපු මාළු කෑල්ලක්, ගා ගත්තු පොල් ටිකක් එක්ක කැකුළු හාලෙ බත් කියන්නෙ තනිකරම දකුණෙ කෑමක්. ඒ රස දන්නෝ දනිති. එක එක ක්‍රම වලට මේ ඇඹුල් තියල හදනව. මීට වඩා වෙනස් ක්‍රමත් ඔයාල දන්නවා ඇති. කොහොම හැදුවත් මේ ඇඹුල් තියල් එකට ගොරකා වලින් එන ඇඹුල් රස තමා ඉස්මතු වෙන්න ඕනෙ. බල මාලු හෝ කෙලවල්ලන් වගේ උෂ්ණ මාළු වර්ගයකින් හදන මාළු ඇඹුල් තියල් එක්ක පොල් ටිකක් කන කොට අර මාළු වල සැර මැකෙනව. පැරැණ්නෝ ආහාර සමබර කලේ එහෙමයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

  • කෙලවල්ලන් හෝ බල මාළු 1kg (තලපත් උනත් ගන්න පුළුවන්)
  • ගොරකා කැබලි 8ක්
  • ගම්මිරිස් ඇට මේස හැඳි 3
  • මිරිස් කුඩු තේ හැන්දක්
  • සුදු ලූනු බික් 3ක්
  • කරපිංචා ඉත්තක්
  • ඉඟුරු කෑල්ලක්
  • ලුණු
  • තෙල් මේස හැඳි 1ක්

 

  1. ගොරකා ටික මෙලෙක් වන තුරු තම්බා අඹරා ගන්න. ගම්මිරිස් ඇට, ඉඟුරු, සුදු ලූනු, කරපිංචා පේස්ට් එකක් වන තුරු හොඳින් අඹරාගන්න. එයට මිරිස්, තෙල් සහ ලුණු එක් කර අඹරාගත් ගොරකා ටිකද සමඟ මිශ්‍ර කරගන්න.
  2. සෝදා පිරිසිදු කරගත් මාළු වලට මේ මිශ්‍රණය හොඳින් අත ගා පැය බාගයක් පමණ වසා තබාගන්න. පසුව එයට කරදමුංගු, කරාබු නැටි කීපයක් එක් කර මාළු වැසෙන ගානට වතුර දමා හිඳෙන තුරු අඩු ගින්දරේ පිසගන්න.

 

4. රුහුණු අච්චාරු
Deep South Recipes from Sri Lanka

Source – facebook.com/Shikifood

නමින්ම මේක දකුණේ කෑමක්. අච්චාරුවක් එක්ක පරිප්පු ටිකක් තිබ්බත් ඇති බත් කන්න. මේ වගේ රස අච්චාරුවක් හදල තියාගන්න එක කාර්යබහුල ගෘහණියකට පහසුවක්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිරිසිදු කරගත් හාල් වියලි හාල් මැස්සන් 100
  • රතු ලූනු කෝප්පයක්
  • අමු මිරිස් කරල් 10
  • අඹරාගත් අබ මේස හැඳි 1
  • කෑලි මිරිස්, කහ, ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • රස අනුව ලුණු සහ සීනි
  • විනාකිරි කප් 1\4

 

  1. හාල් මැස්සන් ගැඹුරු තෙලේ බැදගන්න. ඒ රත් වු තෙලටම දමා රතු ලූනු ටිකද විනාඩි 2ක් පමණ බැදගන්න.
  2. ලිප නිවා තෙල් වල රස්නය තිබියදීම අමු මිරිස් ටික තෙලට දමා යන්තම් බැදගන්න.
  3. මැටි හට්ටියක් ගෙන එයට විනාකිරි ටික එකතු කරගෙන එය උතුරන විට එයට පහේ ටික, ලුණු සහ සීනි එක් කර මිශ්‍ර කරගන්න.
  4. එයට බැදගත් ලූනු, හාල් මැස්සන් සහ අමු මිරිස් එක් කර විනාකිරි සිඳෙන තුරු අඩු ගින්දරේ ලිප තබා නිවෙන්නට තබන්න. නිවුනු පසු බෝතලයකට දමා කල් තබා ගන්න පුළුවන්.

 

5. දකුණේ තාලෙට මාළු කරියක්
Deep South Recipes from Sri Lanka

Source – facebook.com

මේ දකුණේ තාලෙට මාළු කරියක් හදාගන්න හැටි. දකුණු ලක මුහුදුබඩ කලාපයේ කාන්තාවන්ට මාළු හොද්දක් රසට හදාගන්න එක ඒ හැටි දෙයක් නෙවෙයි. එහෙම රසට දකුණේ තාලෙට මාළු කරියක් හදන හැටියි මේ. මෙහි විශේෂත්වය නම් ලූනු එක් නොකර පිස ගැනීමයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

  • කෑලි කපාගත් කැමති මාළු වර්ගයකින් 500g
  • පොල් මේස හැන්දක්
  • හාල් මේස හැන්දක්
  • තලාගත් ඉඟුරු, සුදු ලූනු
  • ගොරකා කැබලි 2, 3ක්
  • කපාගත් තක්කලි ගෙඩියක්
  • රම්පෙ, කරපිංචා, සේර
  • කුරුඳු පොතු
  • අමු මිරිස්
  • උළුහාල්
  • මිරිස් කුඩු
  • ගම්මිරිස්
  • අමු තුනපහ ටිකක්
  • කහ
  • ලුණු

 

  1. මාළු වලට මිරිස්,ගම්මිරිස්,ලුණු, කහ, තුනපහ සහ තලාගත් ඉඟුරු සුදු ලූනු යන සියල්ලෙන්ම කොටසක් එක් කර හොඳින් අතගා පසෙකින් තබාගන්න.
  2. හාල් පොල් රන් වන් පැහැ වන තුරු බැද අඹරාගන්න. මැටි ඇතිලියක් ලිප තබා එයට තෙල් ටිකක් රත් වෙන්න දමා ගන්න. රත් වූ තෙලට ඉතිරි කරගත් ඉඟුරු සුදු ලූනු, රම්පෙ, කරපිංචා, සේර, උලුහාල්, අඹරාගත් හාල්, පොල්, තක්කලි, ගොරකා සහ කුරුඳු පොතු දමා තෙම්පරාදු කරගන්න.
  3. එයට ඉතිරි කරගත් පහේ සියල්ලද එක් කර මිශ්‍ර කරගෙන මාලු ටිකද එක් කරගන්න. වැසෙන ගාණට වතුර දමා පිස ගන්න.

මේ කෑම දකින කොට කටට කෙළත් උනනවා...

ස්තූතියි සමන්ත අයියේ...

0

malki
Basic Member
Basic Member
Posts:216






--
28 Nov 2016 04:43 AM
කරවල නම් මගෙ පියතම කෑමක් ...වටින කියන යමක් මෙ ලිපෙ වල තියනව ...බොහොම ස්තුති Samantha.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Nov 2016 05:42 AM
මටනං ගාල්ලේ ගියා කියන්නේ මාලු ඇඹල් තියල් පාරක්නං අනිවා තමයි.
ඒ වගේම අපේ මාතර ඉන්න සීයලා දඹුල්ලේ එනවා කියන්නේ අපිට ඉතින් නානප්‍රකාර කෑම ටිකක් එනවා කියන එක තමයි
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Nov 2016 06:40 AM
එත් මන් අහලා තියෙන මාළු ඇඹුල් තියල් වලට ගොරකා ,ගම්ම්මිරිස් , ලුනු මිරිස් කුඩු ස්වල්පයක් විතරක් දාලා හදන්නේ . එක කළු පාටට එන්නේ .
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Nov 2016 08:57 AM
මාළු ඇඹුල් තියල් වල රස වැඩි වෙන්නේ පහු වෙන තරමටයි.
එතකොටනෙ හොදට ලුනු ඇඹුල් අහන්නේ....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Nov 2016 05:54 AM
මාලු ඇඹුල් කියල් දාන්නෙත් ගෙඩක් දුරට කල් තියා ගන්නනේ.................
ඒක හින්ද වෙන්න ඇති
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
02 Jan 2017 10:23 PM

ආහාර රස කරන
වස විස නැති රස කාරක



කෘත්‍රිම රසකාරක වර්ග ශරීරයට අහිතකරයි. ඇතැම් ඒවායේ පිළිකා කාරක තිබෙනවා. තවත් රසකාරක ශරීරගත වූ විට අපගේ අස්‌ථි දිරා යනවා. ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය ඇතිවෙනවා. කාන්තාවන්ගේ හෝමෝන ගැටලු මතු වී වඳ භාවයට පත්වෙනවා.

කෑම ටිකනම් හරිම රසයි... මෙච්චර රසට හදන්න කෑමවලට දැම්මේ මොනවාද?

මෙසේ විමසන විට බොහෝ දෙනාගේ මුවින් නිතැතින්ම කියෑවෙන්නේ රසකාරක යෑයි කියාය.

වර්තමානයේ අප බොහෝ දෙනා ආහාරපාන රස ගැන්වීම සඳහා බහුලවම රසකාරක වර්ග භාවිතා කරති. ඒ නිසා රසට සුවඳට ඇති කෑම වේලක්‌ දුටුවිට අපට සිහිපත් වන්නේ රසකාරක වර්ගය.

රසකාරක වර්ග ලෙස වර්තමානයේ බොහෝ දෙනා භාවිතා කරනුයේ කෘත්‍රිමව සකස්‌ කළ ඒවාය, මේවා වස විස සහිත රසකාරක වර්ග බවට වෛද්‍ය පර්යේෂණ අනුව අනාවරණය වී ඇත.

වෛද්‍යතුමනි, කෘත්‍රිම රසකාරක වර්ග වලින් තොර ශරීරයට ගුණදායි රස කාරක වර්ග සාදාගත නොහැකිද?

එය ඉතාමත් හොඳ ප්‍රශ්නයකි. වර්තමානයේ බටහිරටත් නැති අපේ කමටත් නැති සංකර කාන්තාවන් සහ ඉවුම් පිහුම් කටයුතුවල යෙදෙන පිරිමින් ආහාර පානවල රසය ඇති කිරීම සඳහා බටහිර රටවල නිෂ්පාදනය කරන කෘත්‍රිම රසකාරක වර්ග භාවිතා කරනවා.

මෙම රසකාරක වර්ග ශරීරයට අහිතකරයි. ඇතැම් ඒවායේ පිළිකා කාරක තිබෙනවා. තවත් රසකාරක ශරීරගත වූ විට අපගේ අස්‌ථි දිරා යනවා. ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය ඇතිවෙනවා. කාන්තාවන්ගේ හෝමෝන ගැටලු මතු වී වඳ භාවයට පත්වෙනවා.

වසර දෙදහසකට අධික කාලයක්‌ තිස්‌සේ අප වැනි ආසියානු රටවල ජනතාව කටට රහට පමණක්‌ නොව ඇඟට ගුණදායී රසකාරක වර්ග යොදා ආහාර සකස්‌ කළා. මෙම රසකාරක වර්ග වස විසවලින් තොරයි.

වස විස නැති රස කාරක සාදා ගන්නා අයුරු,

කුරුඳු පොතු, එනසාල්, කරාබු නැටි, වලඟසාල්, තිප්පිලි, අබ, උලුහාල්, කොත්තමල්ලි, සූදුරු, මහදුරු, අමුක්‌කරා පිටි, අව්වේ වේලාගත් ලුණුවිල පිටි තම්බා දිය හැරගත් අරලියමල් තම්බා දිය හැරගත් සේපාලිකා මල්, අව්වේ වේලාගත් වදමල්, කඩල පිටි, කොල්ලුපිටි, උඳුපිටි, කුරක්‌කන් පිටි, මුං ඇට පිටි මේ සියල්ල හෝ ඉන් පහකට වැඩි ප්‍රමාණයක්‌ සමව ගෙන හොඳින් කොටා ගන්න.

ඊට වියළි ගම්මිරිස්‌ කුඩු තේ හැඳි 05 ක්‌ පිටිකරගත් කිතුල්හකුරු මේස හැඳි 05 ක්‌ මිශ්‍රකර හොඳින් කලවම් කර ගන්න.

අවශ්‍යනම් දූරියන් ඇට පිටි තේ හැඳි 05 ක්‌ සහ රතු බතල පිටි තේ හැඳි 05 ක්‌ ද මිශ්‍ර කර ගත හැකිය.

මෙලෙස සාදාගත් ආහාර රස කාරකය එදිනෙදා පිසගනු ලබන ඕනෑම වෑංජනයක්‌ සඳහා යොදාගත හැකිය.

රසකාරක කල් තබා ගැනීම

ඉහත වට්‌ටෝරුවට අනුව සාදාගත් වස විස නැති රසකාරකය මැටි භාජනයක හෝ වීදුරු බෝතලයක දමා සතියක්‌ පමණ භාවිතයට ගත හැකිය.

මෙම රසකාරක නරක්‌ නොවී තබා ගැනීමට එය බහා ඇති භාජනය තුළට අබ මේස හැඳි දෙකක්‌ හෝ වියළි ගම්මිරස්‌ මේස හැඳි දෙකක්‌ හෝ කොහොඹ ඇට මේස හැඳි දෙකක්‌ පිරිසිදු සුදු රෙදි කඩකින් ඔතා දැමීම තුළින් පිළිවන.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට දුරකථන අංක 0776500677 මගින් වෛද්‍යතුමන් ඇමැතිය හැකිය.

 

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Jan 2017 06:49 AM
ඔය කියන තරම් දේවල් ඕනෙ නැහැ හරියට උයන්න දන්න කෙනාට

කුරුඳු පොතු, එනසාල්, කරාබු නැටි,අබ, උලුහාල්, කොත්තමල්ලි, සූදුරු, මහදුරු, සුදුළුැණු, කරපිංචා ටික තිබුණනං ඕක එකක් කටට රසට හදයි

 

මෙතන හැබැයි කුලුබඩු වෙනුවට භාවිත කරන අද දැනගත්ත ඒව සමූහයකුත් තියෙනවා

ස්තූතියි අයියේ ලිපියට

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Jan 2017 06:53 AM
"කුරුඳු පොතු, එනසාල්, කරාබු නැටි, වලඟසාල්, තිප්පිලි, අබ, උලුහාල්, කොත්තමල්ලි, සූදුරු, මහදුරු, අමුක්‌කරා පිටි, අව්වේ වේලාගත් ලුණුවිල පිටි තම්බා දිය හැරගත් අරලියමල් තම්බා දිය හැරගත් සේපාලිකා මල්, අව්වේ වේලාගත් වදමල්, කඩල පිටි, කොල්ලුපිටි, උඳුපිටි, කුරක්‌කන් පිටි, මුං ඇට පිටි " මේ සේරම වෙනුවට අපේ අය දාන්නේ MSG. ඉතින් පිළිකා හැදෙන්නේ නැතිද .....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
03 Jan 2017 05:20 PM
දැන් ඉන්න අය මෙවා ප්‍රයොජනයට ගන්නෙ නැහ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Jan 2017 10:48 PM
දැන් කට්ටය පුරුදු වෙලා තියෙන්නේ ක්ෂණික ආහාර වලට.. ඒ නිසා මේවා ගැන උනන්දුවක් නැහැ. නමුත් මේවායේ රසය දන්න අය තවම මේ ක්‍රම අනුගමනය කරනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Jan 2017 01:02 AM
අපිනං ගෙදර කන්නෙ කුලුබඩු ටික එකතු කරලම තමයි
අජිනොමොටෝ මැගී කැට එහෙම ගෙදරට ගේන්නෙම නැහැ
සෝයා මීට් පැකට් එකේ ඒවවත් දාන්නෙ නැහැ ගෙදර කෑමට
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
16 Feb 2017 02:39 AM

ගෙදරදි ක්‍රිස්පි චිකන් කමූ


හම සහිත කුකුල් මස් කකුල් 4ක්
පාන් පිටි කෝප්ප 1ක්
කෝන් පිටි මේස හැදි 1ක්
ලුනු
ගම්මිරිස් තේ හැදි 1
සුදු ළූණූ තේ හැදි 1
සිහින්ව කපාගත් ළූණූ ගෙඩි 1ක්
අඹරා ගත් ඉගුරු තේ හැදි 1
බිත්තර 2ක්
කිරි මේස හැදි 4ක්
තෙල් බෝතල් 1/2ක්

මුලින්ම ළූණූ, ඉගුරු, සුදු ළූණූ, ලුනු සමග මස් හොදින් කවලම් කර පැය 1/2ක් පමන තියන්න. බිත්තරය හා කිරි හොදින් එකිනෙකට කවලම් කර එහි මස් හොදින් ගිල්වා ගන්න. පසුව පාන් පිටි, කෝන් පිටි, ගම්මිරිස් කුඩු, ලුනු ස්වල්පයක් එක්කර වෙනම කවලම් කරගන්න. දැන් ගිල්වාගත් මස් හොදින් පිටි මත තවරන්න. නැවත බිත්තර මත තවරන්න. යලිත් පිටි මත තවරන්න. මොකද එවිට හොද crispy ගතියක් ලබා ගැනීමට හැක. දැන් ගැඹුරු තෙලේ බැදගන්න. මතක තියාගන්න රන් වන් පැහැ වුන පසුව ලිපෙන් ඉවත් කරන්න.

* ඔබට හැකි නම් සුදු ළූණූ කුඩු, ළූණූ කුඩු, ඉගුරු කුඩු, origano, paprika powder වගේ යොදාගන්න. මේ සියල්ල සුපිරි වෙළදසැල් වලින් ලබාගත හැක. එයින් තේ හැදි 1ක් දැමීමෙන් වඩා රසවත් කරගත හැක.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Feb 2017 04:00 AM
කේ එෆ් සී එකේ විදියටම එනවද අයියේ.
හදලම තමා බලන්න වෙන්නෙ නේද. ස්තූතියි සමන්ත අයියේ
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Feb 2017 04:40 AM
ම්ම්ම් හදන්න නම් ලේසි තමා ...බලන්න ඕනේ ..ස්තුති අයියේ .
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Feb 2017 08:09 AM
අතන මෙතන ගිහින් පණුවෝ ගහපුවා කනවට වඩා දැන් ගෙදරදීම හදා ගන්න පුලුවන්.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
16 Feb 2017 08:10 AM
සමන්ත අයිය ගෙදර ඉඳන් කෑම එක්ක හැම සෙල්ලමම දානවා වගේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

malki
Basic Member
Basic Member
Posts:216






--
16 Feb 2017 01:07 PM
me batter ekata mama nam samahara welawata cornflakes kudu karalath ekatu karanawa.......ethakota cripy gathiya wagema gunaii.......very good post samantha tnx...
0
You are not authorized to post a reply.
Page 5 of 7 << < 34567 > >>