You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Sep 2018 10:02 AM by  Udari Jayasekara
ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි
 621 Replies
Sort:
You are not authorized to post a reply.
Page 25 of 32 << < 2324252627 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Feb 2016 05:27 PM
මෙ වගෙ අය මටත් හමුවෙලා තියෙනවා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Feb 2016 09:45 PM
Posted By Rosi on 22 Feb 2016 01:40 PM
මාත් 5

ඔයා හරිම හොඳයි නේ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Mar 2016 03:58 AM
ඇයි අනිත් අය මොකද එයාලට බයයිද
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 May 2016 09:05 PM

ඔබ රැවටුනාද? කෙල්ලන්ගෙ මේ මායම් 6ත් ඉතින් 64ක් වගේ තමා

 

හැටහතර මායම් කියන්නේ අතීත කාලේ කාන්තාවෝ තමන්ගේ සහකරුවාව වසඟයට ගන්න කාන්තාවෝ යෙදුවාය කියන උප්පරවැට්ටි ටිකක්. එත් මේ ලැයිස්තුව කියෙව්වම නම් අපිට හිතෙන්නේ අතීතයේ බමුණු මත දරාගත්තු පිරිමි, කාන්තාවන්ට ඔවුන්ගේ නිදහස නැති කරන්න හදපු ලැයිස්තුවක් කියලයි. කෝකටත් මේ ලිස්ට් එක කියවලා ඉන්න. ඊට පස්සේ අපේ මායම්  ටික  කියවන්න.

 

1. කොණ්ඩය කඩාගෙන යෑම
Source – youtube.com

Source – youtube.com

ගැහැණු දැරිවියකට “නෑ එහෙම  නෑ” කියලත් කියන්න උවමනා නම් කියන්න පුළුවන්, ඒත් අපි ඕනෙම කෙනෙක් කැමතියි ලස්සන කොණ්ඩයක් දිහා බලන්න. විශේෂයෙන්ම ලස්සන කෙල්ලෙක්ගෙ ලස්සන කොණ්ඩයක් කොච්චර ලස්සන වෙයිද? ඔබ කැමති තරුණියට දිගු කෙස් කළඹක් හිමි නම් ඔබ ඈ වෙත බැඳෙන්න ඒ හේතුවම ඇති වේවි. හැබැයි ඉතින් බූසිය වගේ කොන්ඩේ අවුස්සගෙන හොල්මන වගේ යන ගෑනු ළමයි මේ කොටසට ඇතුලත් කරන්න වෙනවද කියලා දෙපාරක් හිතන්න වෙනවා. මොකද එහෙම ඇතුලත් කරන්න උනොත් එහෙම හවසකට මෙහෙම ෆැෂන් එකක් කරපු කෙල්ලෙක් පාරකදී දැක්කොත් එහෙම අපිට වෙන්නේ කට්ටඩියෙක්ට කියලා නුල් බැඳගන්න. ☺

 

2. බොරු නෑකම් කියමින් කතා කිරීම
Source – youtube.com

Source – youtube.com

“අනේ අයියා ඔයා දන්නවද මේ තැනට යන්නේ කොහොමද කියලා?”

“ඔයා නම් එච්චර මහත නැහැ, එත් මගේ මහත බලන්නකෝ මල්ලි.”

බොරු කියන අදහස දෙන්නේ “නැති” කියන අදහස. බොරු නෑකම කියන්නේ නැති නෑකමක් කියලා කතා කරන බව හඟවන්න. එහෙම කතා කරන අපේ අක්කලා නංගිලා ඕනේ තරම් ඔයාලට හම්බ වෙලා ඇති. ගොඩක් වෙලාවට මෙහෙම නැති නෑදෑ කම් කතාකරගෙන එන්නේ කෙනෙක්ගෙන් වාසියක් උදව්වක් බලාපොරොත්තුවෙන්. ඒත් කෙල්ලෙක් මෙහෙම කතා කරන්නේ තමන් වෙතට අවධානය යොමුකරගන්න කියන එකත් අපි දැනුවත් වෙලා සිටීම වැදගත්.

මීට අමතරව මාමා, අන්කල් වගේ නෑකම් කියාගෙන එනවා නම් පොඩ්ඩක් ඒ තැන් වලින් ශේප් එකේ ඉන්න. මොකද එහෙම උනොත් එහෙම සෙට් වෙන කෙල්ලෙක්වත් සෙට් වෙන එකක් නැහැ. වයස අහුවෙලා. ☺

අපේ සමාජය ඇතුලේ අයියා මල්ලි අන්කල් වගේ ආමන්ත්‍රණයකින් අමතන එක ස්වාභාවිකයි. ඒත් එහෙම ඒ අමතන ස්වභාවය මත ඔවුන් අපිට අමතන්නේ ඇත්තටමද එහෙම නැතිනම් චාටු කමකටද කියලා හඳුනාගන්න පුළුවන්.

 

3. ලස්සන දේවල් වලට ඇති කැමැත්ත
Source – tumblr.com

Source – tumblr.com

අපිට ඒක කොච්චර කැත උනත් සමහර ගෑණු ළමයි “අනේ ඒක හරී ලස්සනයි”, “මම නම් ආසම පාට තමා රෝස පාට” වගේ කතන්දර කියනවා ඔබ අහලා ඇති. සමහර වෙලවාට මෙහෙම ඇත්තටම කියන අවස්ථා තියෙනවා. එත් බොහෝ වෙලාවට මෙහෙම කියන්නේ අනෙක් අයට තමන් ලස්සන දේවල් වලට කැමති බව පෙන්වන්න.

සමහර වෙලාවලට මෙලෝ රහක් නැති දේවල් වලටත් අනේ හරි ස්වීට් කියලා කියනවා, එහෙම කියනකොට තමා අපේ පුෂ්පය ජම්ප් වෙන්නේ!

 

4. කතාවේදී සුරතල් බොළඳ බවක් පෙන්වීම
Source – neilrosenthal.com

Source – neilrosenthal.com

මේක නම් හැම කෙල්ලම වගේ කරන දෙයක්. ගොඩක් අයට ඕනේ වෙන්නේ super cute වෙන්න. එහෙම උනාට අවුලක් නැති වයසක් තියෙනවා. එත් ඔබ පසුකරන වයස වගකීම් වලින් පිරි වයසක් නම් ඔබේ cute බව funny වෙන්න එච්චර කාලයක් යන්නේ නැතිවෙයි.

අපේ අක්ක කෙනෙක් (අක්කා කිව්වට 40 විතර ඇති) හිතාගෙන ඉන්නේ එයා චුටි නංගි කෙනෙක් කියලා. එයාගේ එකම උත්සාහය බේබි කෙනෙක් වගේ ඉන්න. නිකමට හිතන්න බේබි කෙනෙක්ට 40 පැන්නම කොහොමද කියලා.

 

5. අනවශ්‍ය දේටත් බිය වීම
Source – aspicyboycatandmyfatass.com, lovetoknow.com

Source – aspicyboycatandmyfatass.com, lovetoknow.com

මෙහෙම වෙන්නට හේතුව අනවශ්‍ය විදිහට සංවේදී වීමද කියලා දන්නේ නම් නැහැ. එත් ඔබ අනන්තවත් බිය නොවියයුතු දේටත් අසාමාන්‍ය ලෙස බිය වෙන ගැහැණු ළමයින් දැකලා ඇති.  සමහර වෙලාවට අපිට මේ ළමයාගේ සංවේදී කමට මෙහෙම වෙනවා කියලා හිතුනත්  ඇත්තටම එහෙම කරන්න සමහරවිට අනික් අයගේ අවධානය ඔවුන් වෙත ලබා ගන්න දැයි සැක ඇතිවෙන අවස්ථා නැත්තෙමත් නැහැ. මේකට සිංහලෙන් කියන්නේ attention seeking කියලයි.

සමහර වෙලාවට අපේ නංගිලා අක්කලා එහෙම තමන්ගේ කාමර වල මහා හයියෙන් බෙරිහන් දෙමින් කෑගහමින් දෙවනත් කරනවා. ගිහින් බලනකොට පොඩි කුරුමිනියෙක් කාමරේට ඇවිල්ලා. එහෙම උනාම ඉතින් අපිට හිතෙන්නේ අනේ අපොයි කියල තමා.

 

6. බොරුවට ළමයි සුරතල් කිරීම
Source – cdc.gov

Source – cdc.gov

ඉස්සර මේක වැඩිපුර ගැහැණු ළමයි අතින් කෙරුණත් දැන් දැන් මේක වෙන්නේ දේශපාලකයින් අතින්! ඒත් ඕනෙම කෙනෙකුට දරුවෙක් සුරතල් කරනවා කියන්නේ ඔහු හෝ ඈ සතුව සංවේදී හදවතක් තියෙන බව හඟවන්නටයි. ඉතින් මේ හේතුව තමන්ගේ වාසියට යොදාගන්න සමහර ගැහැණු ළමයි කුඩා දරුවන් නලවනවා යයි කියන්නෙම “ඇය බොහොම සංවේදී අනුන් ගැන හිතන කෙනෙක් බව පෙන්වන්නට” උත්සහ කරනවා කියන එක හුවා දක්වන්නයි.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 May 2016 10:09 PM
බොරුවට ලමයි හුරතල් කිරිම ....එල එල මෙක නම් ඇත්ත තමයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 May 2016 02:09 AM
මේවා නම් ඉසුරු මල්ලී කාන්තාවන් එක්ක තරහට දාපු ලිපියක්...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 May 2016 02:15 AM
අනේ.. හරීම ස්වීට් මෙයා ඒක නම්.. 
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
11 May 2016 03:23 AM
පු...හ් . මෙයාටත් ඕනේ නැති දෙයක් නෑනේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 May 2016 06:37 AM
Isuru malli thama thanikadawa inne owa ge athuru prathipala nisa thama paww kolla
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 May 2016 08:05 AM
පිස්සු හොල්මන්.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 May 2016 10:33 AM
අනේ මේවට රැවටෙන කොල්ලෝ තමා මෝඩ හරක් .
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 May 2016 08:30 PM

වයිෆ් එක්ක ෂොපිං යනවනං මේ කතා 5 කියවලම යන්න

 

ගෑනු අයට ඇඳුම් ගන්න ඉතිං සීසන්ම එන්න ඕන නැහැ. සිද්ධ වෙන්නෙ සීසන් එකේ ටිකක් වැඩිපුර ෂොපින් කරන එක විතරයි. මේ සිද්ධියෙදි ඉතාජ පිරිමින්ටනං සැළකිය යුතු කට්ටක් කන්න වෙනව. ඒ හින්දා අනිවා ඔයාගෙ වයිෆ් හෝ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව පුටු තියෙන කඩයකට එක්කගෙන යන්න. දැන් කොහොමත් එහෙම කඩ වැඩියි. ඒ වගේම ගිහිං කකා ඉන්න දේකුත් ගෙනියන්න.

දවසක් මනුස්සයෙක් වයිෆ් එක්ක කඩේකට ගියාලු. තිබ්බ පුටුවල අනිත් ප්‍රේමවන්තයො වාඩිවෙලාලු. වයිෆ් පළවෙනි ඇඳුම් සෙට් එක අරගෙන ෆිටෝන් රූම් එකට ගියාම කොහොමත් පරක්කු වෙනව කියල දන්න නිසා පොර කඩේ ටයිල් ගාන ගනං කරාලු. ඊට පස්සෙ බල්බු ගාන. ඊට පස්සෙ කඩේ ඉස්සරහින් යන කලු පාට බයික් ගාන ගනං කරාලු. කඩේ ටයිල් කැට 750යි, බල්බ් 35යි තිබ්බලු. කලු පාට බයික් 43ක් ගියාලු. 44 වෙනි එක එද්දිම වයිෆ් දොර ඇරල මේක හිරයිද? කියල ඇහුවලු.

 

1. හොඳයිද?
Source - gifbay.com

Source – gifbay.com

මේ අහන්නෙ වටෙන් ගොඩින් ප්‍රශ්නයක්. ඔවු කියන්නත් බෑ. නෑ කියන්නත් බෑ. මේ ඇඳුම හොඳයිද කියලා අහද්දි එයාගෙ හිතේ තියෙන දේ අපි දැනගන්න ඕන. ඒක ගොඩක්වෙලාවට මූනෙන් දැනගන්න පුළුවන්. එහෙම බැරිනං අපිට තියෙන්නෙ කතාව මාරු කරන එක තමයි. ඒ කියන්නෙ, ඔයිට වඩා මම ආසයි ඉස්සෙල්ල ඇඳගෙන ආපු එකට හෝ අර කලින් එකට වඩා ඕක ෂේප් නේද වගේ උත්තරයක්.

 

2. හිරයිද?
Source - styleupbyangel.blogspot.com

Source – styleupbyangel.blogspot.com

මෙන්න ඩිරෙක්ට් ප්‍රශ්නයක්. සමහරු මේ අහන්නෙ කැතද කියලා දැනගන්න. තවත් සමහරු අහන්නෙ හිරට ඇන්දට ඔයා අකමැති නැහැ නේද කියල දැනගන්න. හැබැයි ඒවට ඩිරෙක්ට් උත්තර දෙන්න යන්නෙපා. හිතේ තියෙන දේ වටෙන් ගොඩින් කියන්න. ඔයාලගෙ අම්මල මොනව කියයිද දන්නැහැ හෝ මාර සෙක්සි පැටියො.. ආසයි ආසයි… වගේ උත්තරයක් මේකට ගැලපෙනව.

 

3. මේක ගනං නේද?
Source - gettyimages.com

Source – gettyimages.com

එයා දන්නව ඒ ඇඳුම ගනං කියලා, ඒකෙ ගනං වැඩිකම නිසා ඔයාගෙන් අවසර ඉල්ලීමක් තමයි ඔය සිද්ධ කරන්නෙ. ඔන්න ඔහේ අරං දෙනව කියලා හිතුනොත්, ගණං වුනාට කමක් නැහැ ඔයා කැමති නිසා අරගන්න කියන්න පුළුවන්. එහෙම නැත්තං ඇත්ත තේරුං කරල දෙන්න. ඒකට, ඔය සල්ලිවලින් ඔයාලගෙ පවුලටම ඇඳුම් අරං දෙන්න පුළුවන්නෙ බබා වගේ උත්තරයක් ගැලපෙනව.

 

4. ඔයාට ඉන්න අමාරුයිද?
Source - christianpost.com

Source – christianpost.com

ඔය කියන්නෙ ඉතිං තව වෙලාවක් ඉන්න වෙනව කියන එකයි. ඕකට බැහැ කිවුවොත් ඉතිං මූන ඥොරොක් වෙනව. ඒ හින්දා කවදාවත් ඒ ප්‍රශ්නෙට ඇත්ත කියන්න එපා. ඒකට හරියන්නෙ තව ටිකකින් පාරෙ හොඳටම ට්‍රැෆික් සෙට්වෙනවා, මටනං ගානක් නෑ, ඔයාට බඩගිනි නැද්ද වගේ උත්තරයක්.

 

5. මෙතන හරි නැහැ වගේ නේද?
Source - tinybuddha.com

ඕක අහන්නෙ මොනව හිතේ තියාගෙනද කියල අපි දන්නැහැ. ඒ හින්දා ඇයි එහෙම කියන්නෙ කියලා කෙලිම්ම අහන්න පුළුවන්. එහෙමත් නැත්තං තවත් රෙදි කඩේකට වෙලා පැය ගානක් ඉන්න වෙයි කියලා දැනුනොත්, මේ හරියෙ තියෙන අනිත් ඒවත් මේ වගේම තමයි මැ‍ණිකෙ වගේ උත්තරයක් දෙතැහැකි.

 

උපුටා ගන්නා ලදී 

0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
22 May 2016 09:39 PM
ඉතාමත් වැදගත් විස්තරයක්. wife එක්ක shopping ගිහිල්ලා ඔළුව බේරගෙන එනවා කියන්නේ ලෙහෙසි පහසු වැඩක් නම් නෙමෙයි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 May 2016 10:26 PM
බදින්න කලින් නම් ගියා ...දැන් නම් යන්නෙම නැහැ
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
23 May 2016 06:01 AM
මේ දැනුත් ගිහිල්ල ආවේ. හිටගෙන ඉදල කකුල් දෙකත් රිදෙනවා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 May 2016 07:05 AM
අනේ විකාර ..ඔච්චර අමාරු නැ ෂොපින් යන එක
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 May 2016 07:53 AM
මට නම් ඕක එපා කරපුම වැඩේ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 May 2016 04:04 AM
කවදද කෙල්ලෙක් කිවුවේ ෂොපින් යන එක අමාරැ දෙයක් කියල
ඒකෙ අමාරැව දන්නෙ අපිනේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Jun 2016 08:38 AM
ගෑනු ටික බැබලෙනවා.අපි හිගමනේට වැටෙනවා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Jun 2016 12:27 AM
මගේ වයිෆ් එයාගේ ඇඳුම් එයාම තොර ගන්නවා. එතකොට මගේ? මගේ ඇඳුනුත් එයාම තමයි තෝරන්නේ.
මේකේ තියෙනවා වගේ මට තියෙන්නෙ බඩු මලු ටික උස්සගෙන ඉඳලා අන්තිමට කෞන්ටරේ ට බිල ගෙවන්න විතරයි. බැන්දහම ඔහොම තමා කියා කියා ඉන්න තමයි තියෙන්නෙ.
0
You are not authorized to post a reply.
Page 25 of 32 << < 2324252627 > >>