Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Sep 2018 10:02 AM by Udari Jayasekara ලංකාවෙ කෙල්ලෙක්ව බැන්දොත් බැට්මෑන්ට ඇපත් නැතිවෙන බව දන්නවද? ඒ මෙන්න මේ නිසයි 621 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 24 of 32 << < 2223242526 > >> Author Messages ගාමිණී W .D.Veteran MemberPosts:4475 03 Jul 2015 08:33 AM හ්ම් හ්ම්ම් ......................එකග වෙනවා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 04 Jul 2015 03:33 AM Posted By isurusam on 03 Jul 2015 06:02 AM ළප කැළල් පියවුරු දෙක අතර රතු ලපයක් ඇති නම් අවට ලෝකයාගේ ආදරය දිනාගනිමින් රජ සැප ලබන කාන්තාවකි. මේක ගැන ටිකක් සොයල බලන්න ඕන... 0 isuru sampathSuper Senior MemberPosts:7342 08 Jul 2015 11:19 AM Posted By indika76 on 04 Jul 2015 03:33 AM Posted By isurusam on 03 Jul 2015 06:02 AM ළප කැළල් පියවුරු දෙක අතර රතු ලපයක් ඇති නම් අවට ලෝකයාගේ ආදරය දිනාගනිමින් රජ සැප ලබන කාන්තාවකි. මේක ගැන ටිකක් සොයල බලන්න ඕන... හම්බ උනාද ? 0 isuru sampathSuper Senior MemberPosts:7342 08 Jul 2015 11:20 AM කෙල්ලො සෙට් කරගත්තාම කොල්ලො විදින වද සහ කෙල්ලො ඉන්න කොල්ලන්ට වෙන පාඩු තරුණයන් වැඩි අවදානයක් දක්වන්නේතරුණියන් වෙනුවෙනි.කොල්ලෙක්ට කෙල්ලෙක් /පෙම්වතියක් හෝ කීප දෙනෙක් සිටීම බොහෝ තරුණයන් තමන් පිලිබද අධි තක්සේරු කිරීමට තරම් සාධකයකි.නමුත් මේ ලිපියෙන් පසු එය එසේ නොවනු අනුමානය. ඔබේ ජීවිතයට ගැහැණු ලමයෙක් පෙම්වතියක් ලෙස එක් වනවා කියන්නේ ම ඔබගේ නිදහස අහුරා ගැනීමක්.තරුණ කාලයේ පිරිමියෙකු වශයෙන් මෙය මානසිකව අපහසුතාවයට පත් කරවන්නක්.සබදතාවක සිටින තරුණයන් ඇත්තටම හොද තිර රචකයන් මෙන්ම නලුවන්.මන්ද ඔවුන්ට නිතරම කතා ගෙතීමට රගපෑමට සිදු වන නිසා. එමෙන්ම තරුණයන් ධනවත් හිගන්නන් බවට පත් කරන්නේද කෙල්ලන් විසිනි.තම පෙම්වතිය වෙනුවෙන් තෑගි ගැනීම,දිනපතා කතා කිරීමට සිය ගනන් ජංගම දුරකතන රීචාජ් කිරීම,ශොපින් කිරීමට සාප්පූ සංකීර්‍ණ පුරා යාම තරුණයන්ගේ පසුන්බි හිස් කරවන්නක්. මීට අමතරව රෑ එලි වෙන තුරු සෝබන කතා ඇසීම,ිපි කිරීම, කාලය මුදල් සියල්ල විනාශ කරවයි.එපමණක් නොව යම් යම් අවස්තා වලදී සිය පෙම්වතියගේ අජූත මිතුරියන් පිනවීමටද ඔබට සිදුවන වාර අනන්තය. පෙනුමෙන් සුරූපී තරුණියක දුටු විට ඇය දෙස බැලීම විහිලුවට හෝ ඉගි කිරීම තරුණයන්ගේ ස්වභාවය.නමුත් පෙම්වතියක් සිටියදි එසේ කිරීම අනතුරකට අත වැනීමක් බදුය. තරුණයෙකුට තනිකඩව සිටීමේදී පෙනුම ගැන එතරම් වද විය යුතු නොවුනද පෙම්වතියක් සිටියදී තමන්ට රිසි විලාසිතාවක් කිරීමේ නිදහසද ඇහිරී යයි.ඇත්තටම තනිකඩයෙකු නම් නිදහසෙ මිතුරන් ඇසුරු කිරීමට ගමන් බිමන් යාමට කාලය,නිදහස,මුදල් සියල්ල ඉතිරි වේ.අම්මා හැර ඔවුන් වැලැක්වීමට වෙන අය නැත.නමුත් පෙම්වතියක් හෝ කීපයක් ඇති තරුණයෙකු නම් ඇත්තටම අසරණ සිරකරුවෙකුටම සමානය. මේ කුමක් කීවත කෙල්ලෙක් සිටීමේද වාසි නැතුවාම නොවේ.එවා ගැන පසුවට කතා කරමු. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Jul 2015 07:03 PM ඔය වදයෙත් පොඩි මිහිරි බවක් තියෙනවා.. ඒකනේ වදේ වදේ කියා කියම සෙට් කර ගන්නේ.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 08 Jul 2015 07:30 PM Posted By maduranga001 on 08 Jul 2015 07:03 PM ඔය වදයෙත් පොඩි මිහිරි බවක් තියෙනවා.. ඒකනේ වදේ වදේ කියා කියම සෙට් කර ගන්නේ.. මල්ලි හරි මල්ලි 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 10 Jul 2015 05:29 AM හ්ම්ම්ම් දැන් නැති කොට ඉසුරු මල්ලි මෙහෙම වත් කියමු ,,,, නරියා ත් මිදී තිත්තයි කියලා හැරිලා ගියාලු නේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Jul 2015 06:07 AM කවුද දැන් රෝසි මෙතන නරියා..? 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 10 Jul 2015 06:18 AM නරියෙක් නැ ,,,,නමුත් නරියට වුන දේම වෙලා කාටදෝ ... 0 isuru sampathSuper Senior MemberPosts:7342 10 Jul 2015 06:22 AM රෝසි අක්කා කොහොමද හරියටම ඒක දන්නේ ............. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 10 Jul 2015 05:55 PM ඒ නරියා මාත් අදුරන කෙනෙක් , 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Jan 2016 10:49 PM වෙඩින් එකක් ගන්නවනම් නෑයෝ බලන දේවල් 5ක් තමන්ගේ විවාහ මංගලෝත්සවය ලස්සනට පවත්වන එක හැම ගෑණු ලමයෙකුගෙම හීනයක් කියල කථාවට කිව්වට මේ දවස ගැන පිරිමි ලමයිනුත් හීන බලන බව අපි දන්නවා. මේ හීනෙ හැබෑවෙන දිනය කොයි කාගෙත් ජීවිතවල සන්තෝසම දවසක්.කොහොම වෙතත් මේ සන්තෝසෙ අපිට තනියම විඳින්න අවසර ලැබෙන්නෙ නෑ.එදාට ඒක අපිත් එක්ක බෙදාගන්න තව කට්ටියක් එනවා.ඒ තමයි අපේ නෑදෑයො. හැබැයි මෙයාල ඇවිල්ල මේ ලෝකෙ ඉන්න සතුටු කරන්න අමාරුම පුද්ගල විශේෂයක්. ඉතින් පහත තියෙන්නේ ඔබේ විවාහෝත්සවය දවසේ නෑදෑයන්ගේ විශේෂ අවධානයට ලක් විය හැකි දේවල් 5ක්. 1. මනාල ජෝඩුවගේ ඇද කුද /රූප ශ්‍රියා අපේ එකාට තිබ්බෙ ඒකිව බැඳගන්න Source – pinterest.com Source – pinterest.com මනමාලයට බොන මූණක් තියෙනවද මනමාලිට වඩා කෙට්ටුද නාකි පාටද වගේ ප්රශ්ණ ටිකක් ඇරුනම මනමාලිට වඩා ඔහු සුරක්ෂිතයි. මනමාලියට නම් විවේචන අඩුවක් නෑ.ඇය රූප සුන්දරියක් වුවත්, ටිකක් කොටයි වගේ නේද? දත් බොල්ලෑදත් මන්දා? පොඩි පිං වපරයකුත් තියෙනව වගේ , මනමාලයට වඩා කලුයිත් වගේ, අපෝ තැඹිලි ගෙඩියට කපුට වැහුව වගේ මටනම් දෙවෙනි මනමාලි ලස්සනයි අපේ එකාට තිබ්බෙ ඒකිව බැඳගන්න වගේ අදහස් හොරෙන් කුසු කුසු ගෑවෙන්න හොඳටම ඉඩ තියනවා. 2. සාරි බාරි කෝට් බෝට් අර බලන්නකො මිසිස් අත්තනායකගෙ වයසටද බ්ලව්ස් පැටර්න් එකSource – crosswalk.com “අර මිසිස් සිල්වියා ලාස්ට් මන්ත් පෙරේරාස් ඩෝටර්ස් වෙඩින් එකට ඇඳපු සාරියමනේ ඇඳන් ඇවිත් තියෙන්නෙ?” “අර බලන්නකො අර අර.. ජස්ටියගෙ කෝට් බෑය ඇතුලට දෙන්නෙක්ව ඔබතෑකි. ෂුවර් එකටම රෙන්ට් කරන් ඇවිල්ල.” “මුන්ටත් ගිය කල. හුහ් නිලමෙ ඇඳුම් ඇඳන් කාව රවට්ටන්නද?” “හානේ අර බලන්නකො මිසිස් අත්තනායකගෙ වයසටද බ්ලව්ස් පැටර්න් එක කියලා පිට ඔක්කොම ඇරිලා.” 3. දෑවැදි ලොරිය මඟුල් ගෙදර එහෙමත් නැත්නම් විවාහ උත්සවය පවත්වන ශාලාව අසල ඉහත කියපු ආකාරයේ ලොරි රථයක් නවතා තැබීම චිරාත් කාලයක් තිස්සේ ශ්රීලාංකීය විවාහ උත්සවවල ප්රධාන අංගයක්. මනාලියගේ පාර්ශ්වය විසින් එම රථය කාටත් පෙනෙන තැනක නවතා ඇත්දැයි විමසන අතර මනාල පාර්ශ්වයේ නෑදෑයින් එවන් ලොරියක් පැමින තිබේදැයි හොරැහින් විමසති. 4. කන්න දෙනවනම් අපිට Source – webchutney.pk ආහාර පිළිගන්වන වෙලාව සියලුම ඥාතීන් විශේෂයෙන් කාන්තා පාර්ශවය පුල පුලා බලා සිටින අවස්ථාවකි. එයට හේතු කීපයක්ම වේ. 1. බඩකට පුරා ආහාර ගැනීම 2. තවමත් බොමින් සිටින සැමියන් කැඳවාගැනීමේ උපක්රමයක් වීම 3. කෑමේ අඩුපාඩු සෙවීමේ කුතුහලය. කෑම සහ බීම අඩුපාඩු නැතිව තිබේනම් මනාලිය නොමැතිව වුවත් මඟුල සාර්ථක යැයි තීරණය කරනු ලැබේ. 5. බොන්න දෙනවනම් අපිට බීම යනු වැඩිම අවධානයට ලක්වන අංග දෙකෙන් එකකි. බොන්නට නොදුන්නොත් පරම්පරා ගනනාවක් යනතෙක් දොස් ඇසීමට සිදුවන අතර ඕනෑවට වඩා බොන්නට දීමෙන් හත්මුතු පරම්පරාවම ලැජ්ජාවට පත්වන සිදුවීම්ද සිදුවේ. පිරිමි උදවිය මඟුල් ගෙදරට දෙන ගාණ තීරණය වීමටත් බීම බලපාන බව ප්රසිද්ධ රහසක්. ඔබ අද හෙට විවාපත් වන්නට සිටීනම් මෙම කාරණා ගැන වැඩිපුර වද නොවී. සියල්ලන්වම සතුටු කල නොහැක යන සත්ය සිතේ තබාගෙන සැලූන් එකකට ගොස් තමන්ව ලස්සන කර ගැනීමෙන් අන්තිමට තමන්ට ඉතුරු වෙන ඇල්බම් එකවත් ලස්සන කර ගත හැකි බව මතක තබාගන්න. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 24 Jan 2016 11:54 PM සහතික ඇත්ත බොල 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 25 Jan 2016 01:02 PM අයියෝ මේක නම් ඇත්ත තමයි ... 0 isuru sampathSuper Senior MemberPosts:7342 20 Feb 2016 04:23 AM ඔබ අනිවා දැනගත යුතු පෙම්වතියන් 6 දෙනෙක් Love 1. “මයේ අයියාහ්” හෙවත් රෙකෝඩ් කීපර්. මෙවැනි පෙම්වතියන් තම පෙම්වතාට තමන්ගේ අයියා කියන අදහසින් සලකයි, කන්නට බොන්නට යනවිට පමණක් නොව නාන්නට දත් මදින්නට යන විට පවා, තම පෙම්වතාට කතා කර අවසර ගන්නට බලයි. මේ ආදරය කොතරම් දෑඩිව පෙම්වතාට දැනෙනවාද කියනවා නම් බොහෝ සංවාද අවසාන වන්නේ “මට බැහැ අයියා මේක තවත් ඉවසන්ට” එසේත් නැතිනම් පෙම්වතා විසින් “මොන මල කරදරයක්ද ඕයි” කියා දුරකථනය විසන්දි කිරීමෙනි. බොහෝ විට මෙවැනි පෙම්වතියන් තමන්ගේ පෙම්වතා තමන්ට දිවා ආහාරය සඳහා එලියට රැගෙන ගිය දිනය, පළමු උපන්දින ත්‍යාගය පමණක් නොව දහවල් කාලයේ පෙම්වතා විසින් එවන SMS පවා පොතක ලියන්නට තරම් පෙළඹේ. 2. චණ්ඩි ශ්‍යාමා. බොහෝ විට විවාහයෙන් කෙලවර වෙන අතර විවාහයෙන් පසුව “සැමියා බිරිඳගේ ටෝමියා ය” යන පුරාන කියමනට අනුව දිවි ගෙවීමට පෙම්වතා හිත හදාගනියි Source – leisuremartini.com “ඔයා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න මම මේක බලාගන්නම්” “ඉතින් මොන එහෙකට බලා හිටියද දෙන්නනේ තිබ්බේ හොම්බ රිවට් වෙන්න” ආදී ආදර බස් වලින් තම පෙම්වතාට කරදරයක් වූ තැනදී පෙම්වතාව සනසන පෙම්වතියන් ඉහත ආකාරයට අයත් වේ. බොහෝ විට තමන්ගේ පෙම්වතිය යමක් පවසත්දී “ඔව් ඔයා හරි ඩාලිං” “exactly my love” ආදී හැමවිටම අය නිවැරදි බව ඇඟවෙන ආකාරයේ ආදර බර පිළිතුරු වලින් තම පෙම්වතියව සනසන්නට මෙවැනි පෙම්වතුන් පෙළඹෙන්නේ, පෙම්වතියට ඇති අවංක අකලංක ප්‍රේමය නිසා පමණක් නොව අයට ඇති අසීමිත බිය හෝ වාග් සංග්‍රාමයක අවසානයේ දී “දත් නැතුව බත් කන්නට” වෙන බව හොඳින් දන්නා නිසාය. මෙවැනි පෙම් සබඳතා බොහෝ විට විවාහයෙන් කෙලවර වෙන අතර විවාහයෙන් පසුව “සැමියා බිරිඳගේ ටෝමියා ය” යන පුරාන කියමනට අනුව දිවි ගෙවීමට පෙම්වතා හිත හදාගනියි. 3. රෝස පැටික්කි. “කුක්කු බෝලේ, චුටි පැටියා, උම්මා කැටේ” වචන සෑම වාක්‍යක් අවසානයට හෝ මුලට යොදයි Source – Youtube.com මෙවැනි පෙම්වතියන් තම පෙම්වතා අසල හුරතල්වීමට කැමැත්තක් දක්වයි, තමන් ජීවත්වෙන ලෝකය රෝස පාටයි කියා සිතන මෙවැනි පෙම්වතියන් තමන්ගේ යට ඇඳුමේ සිට කියුටෙක්ස් එක දක්වාම රෝස පාට ගුරු කොට ගනිති. කාටුන් බලන, හවසට අහල පහල සිටින පොඩි දරුවන්ට කතා කියා දී ඒ අයව බලාකියා ගැනීමට ආසා කරන මෙවැනි පෙම්වතියන් තම පෙම්වතුන් හා ඉක්මනින් විවාහ වී දරුවන් දුසිමක් හදන්නට සිහින මවනමුත් එවැනි කතා තම තුරුලේ සිට පෙම්වතිය කියනා සෑම වාරයකදීම පෙම්වතාට තම හිස් වූ මුදල් පසුම්බිය හෝ මුදල් ගිණුම අහසේ මැවී පෙනීම ස්වභාවිකය. “කුක්කු බෝලේ, චුටි පැටියා, උම්මා කැටේ” වචන සෑම වාක්‍යක් අවසානයට හෝ මුලට යෙදීම මගින් මෙවැනි පෙම්වතියන් පහසුවෙන් හඳුනාගත හැකිය. 4. ඩිටෙක්ටිව් සෝමා. “මම මේ හැමදේම හොයලා බලන්නේ ඔයාට තියෙන ආදරේට” Source – Youtube.com “ඔෆිස් එකෙන් 5ට ආවා නම් 6.30 වෙනකොට ගෙදර එන්න ඕනේ, පැය එකහමාරක් මොනවා කලාද?” “එකත් එකටම කොහේ හරි කෙල්ලෙක් හම්බවෙන්න යන්න ඇති, දෙන්නයි කිව්වේ මෙන්න මෙහෙට ෆෝන් එක.” තම පෙම්වතාගේ සියලුම හැසිරීම් විමර්ශනය කරන මෙවැනි පෙම්වතුන් කොණ්ඩය කපත්දී කෙස් ගහක් ඇදේට කැපුවද එය දුටු සැනින් දැන ගන්නට දක්ෂය. පෙම්වතාට නොදැනෙන්න පෙම්වතාගේ දුරකතනයේ ඇති සියලුම close contacts පමණක් නොව සියලුම social media ලෝගින්ස් වල තොරතුරු තබාගෙන සිටියි. එහෙත් තමන් [පෙම්වතිය] වරදක් කර හසුවූ තැනදී බොහෝ අවස්තාවලදී “Maye Ayyaahhh the Record Keeper” පෙම්වතියගේ චරිතය ආරුඪ කරගන්නා මේ පෙම්වතියන් කොට්ටාසය, “මම මේ හැමදේම හොයලා බලන්නේ ඔයාට තියෙන ආදරේට, මම කරදරයක් කියලා ඔයාට දැනෙනවා නම් මම ඔයාගෙන් ඈත් වෙලා ඉන්නම්” කියන සුපුරුදු පූස් පාට් එක දමයි, අවසානයේ බටර් වලින් තමන්ගේ හදවත නිමකරගත් අසරණ පෙම්වතා තමන්වැ තුරුලට ගෙන සනසන බව දන්නා මේ පෙම්වතිය, පෙම්වතාගේ හුරතල් කිරීමෙන් පසුව, පෙර පරිදිම Sherlock Holmes ගේ චරිතය ආරුඪ කරගනීයි. 5. OK මචං. ඕනෑම දෙයක් කියන්නට හැකි නිසා දෙදෙනා අතර රහස් පවතින ප්‍රමාණය ප්‍රතිශතයක් විදියට අනෙක් පෙම්වතියන්ට වඩා අඩුය Source – Youtube.com “අද මම ෆ්‍රී සෙට්වෙමුද කොහේ හරි” “ආතල් සීන් එකක් උනා අහන්නකෝ” හදවතින් ම පෙම් කලද පෙම්වතා තමන්ගේ යාලුවෙක් ලෙස සලකයි. ඕනෑම මගුලක් කියන්නට හැකි බොක්කේ යාලුවෙක් බව පෙම්වතාට හඟවන්නට උත්සහ කරයි. බොහෝවිට මෙවැනි පෙම්වතිය සිටිනා පෙම්වතුන් තමන්ගේ හොඳම මිතුරා ලෙස පෙම්වතියව සලකන අතර ඕනෑම දෙයක් කියන්නට හැකි නිසා දෙදෙනා අතර රහස් පවතින ප්‍රමාණය ප්‍රතිශතයක් විදියට අනෙක් පෙම්වතියන්ට වඩා අඩුය. 6. අක්කී බබා. “මේ මගේ මල්ලි කෙනෙක්” Source – models-actress-asia.blogspot.com, archives.dailynews.lk “එන්න මල්ලියෝ අපි යමුද අලුත් තැනක ලන්ච් ගන්න” “හා අක්කියෝ, ඔන්න මේ සැරේ මමයි වියදම් කරන්නේ, ගියපාරත් ඔයා මට අයිස්ක්‍රීම් එකක් අරන් දීල ගොඩක් වියදම් කළා හුම්..!” මෙවැනි පෙම්වතියන් තමන්ගේ පෙම්වතා ලෙස බොහෝවිට තෝරාගන්නේ තමාට වඩා වයසින් බාල හුරතල් වන්නට කැමති සුකුමාල තරුණයින්වය. බොහෝ අවස්ථාවල තමන්ට කුමක් හෝ භයානක රෝගයක් වැළදී ඇති බවත් තමන්ගේ පවුලේ අය තමන්ව නොසලකා හරිනා බවත් අඟවා පෙමවතාගේ අවධානය දිනාගන්නට උත්සහ කරයි. සමාජයට “මේ මගේ මල්ලි කෙනෙක්” කියා බොහෝවිට හඳුනවාදෙන පෙම්වතාද තමා “ඒ අක්කාගේ එක කුස උපන් මල්ලි” කියනා තනතුරේ වැඩ බැලීමට මනාපයක් දක්වයි. හැමවිට මල්ලිගේ remote control එක අක්කාගේ ඇත තබාගෙන සිටිනා මේ දෙපලට, අන් අයට ඇතිවන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න යොමුවන්නේ අඩුවෙනි. “ඒ දුව තමන්ගේ වයසට වඩා බාල මල්ලි කෙනෙක් තමා තමන්ගේ හොඳම යාලුවා විදියට තෝරාගෙන තියෙන්නේ, හොඳ ළමයා” කියා බොහෝ ඇන්ටිලා අංකල්ලා තමන්ගේ ප්‍රසාදය ඒ දේපල වෙත පළකරයි. කැමතිද? අකමැතිද? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 20 Feb 2016 07:04 AM 5 ටිකක් හොදයි වගේ අනිත් අය කොහොමද කියල අනිත් අය කියන්නකෝ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 20 Feb 2016 08:07 AM Posted By sha733 on 20 Feb 2016 07:04 AM 5 ටිකක් හොදයි වගේ අනිත් අය කොහොමද කියල අනිත් අය කියන්නකෝ 5 ට තමයි මමත් කැමති.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Feb 2016 08:09 PM වෙලාවට මේ වගේ කවුරුවත් මට සෙට් වෙලා නෑ... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Feb 2016 02:29 AM පෙම්වතියො ගැන නම් දැන් මතක නැහැ. නෝනලා ගැනත් මේ වගේ එකක් තිබ්බොත් කියන්නම්කො. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 22 Feb 2016 01:40 PM මාත් 5 0 You are not authorized to post a reply. Page 24 of 32 << < 2223242526 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor