You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Oct 2016 08:35 AM by  Poddi
රස පිරුණු කතා හොදට ගොතා (ප්‍රහසනයට මුල් තැන)
 98 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 512345 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
04 Feb 2015 10:51 PM

    හාස්‍ය රසය මුසු සැමට රස විදිය හැකි සැබෑ සත්‍ය ජීවිතේ සිදුවී ඇති හෝ සිදුවිය හැකි රස කතා පමණක් මෙහි ඇතුලත් කරන්න.  ඔබේ හෝ අන් අයකුගේ හෝ රසවත් අත්දැකීමක් රසවත්ව ඉදිරිපත් කරන්න.

    හිනා වෙන්න පුළුවන් ඕනේ එකක් ඔට්ටුයි.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    04 Feb 2015 10:53 PM

    සුනිල් පෙරේරාගේ දුන්තෙල්බත් දන්සැල

    දන්සැල් කරුවන්ගෙ වදයෙන් බේරෙන්නට "අපි කතෝලික"යැයි බෝඩ් ගසාගත් පුවතක් පසුගිය දිනවල අන්තාර්ජාලයේ දුටු මට පැරණි සිද්ධියක් සිහිවුනි.
     
    ඒ මෙයට වසර දහයකට පමණ පෙර බක් මස අග විය. තම නව නිවසෙහි ඉදිකිරීමක් ගැන සාකච්ඡාවකට මම රත්මලාන බෙලෙක්කඩේ හන්දියෙහි තිබූ ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ කාර්‍යාලයෙහි ඔහු හමුවන්නට ගිය දිනෙකි.
     
    සුනිල් පෙරේරා යනු වචනයේ පරිස්මාප්ත අර්ථයෙන්ම රසවතෙකි. ඔහු හා කතාවට වැටුනු කල කාලය ගතවීම අමතකවීම මට වන ලොකුම ඇබැද්දියයි.
     
    එදිනද අපගේ මූලික කාරණය පිලිබඳ සාකච්ඡාවෙන් පසු, සුනිල් සමඟ ඔහුගේ අතිශය රසවත් කතා, අත්දැකීම් පොත පෙරලමින් සිටියෙමු.
     
    සුනිල් පෙරේරා යනු රසවතකු පමණක් නොව, පිළිවෙලකට වැඩ කරන, නිසි පරිදි කාර්‍යාලය පවත්වාගෙන යාමට උනන්දුවෙන, තනි වචනයේ මිනිසෙකි.
     
    ඉතා පිළිවෙලකට, ක්‍රමාණුකූලව ලිපි ගොනු අසුරා ප්‍රියජනක ලෙස පවත්වාගෙන ගිය එම කාර්‍යාලයේ සිටියේ සුනිල් අය්යාට අමතරව තවත් පිරිමින් දෙදෙනෙකු පමණි. ඉන් එක් අයකු අමුත්තන් හමුවන බරාඳයේම මේසයක සිටි වයසක මහතෙකි. අමුත්තන්ගේ වත ගොත විමසා, එතන ඇති දොරෙන් සුනිල් අය්යා හමුවට පැමිණවීම කිරීම ඔහුගේ මූලික රාජකාරියක විය හැක. අනෙකා අසල කාමරයක සිටියහ.
     
    එදිනද බොහෝ වේලාවක් ගතවී තිබූ අපේ සාකච්ඡාව රාජකාරියෙන් එහා ගිය සුහද කතාවක් වී ඇතිබව දැන් හෝ නොදැන අර බරාඳයේ සිටිනා රිසෙප්ෂන් අංකල් කාමරයට මඳක් එබී,
     
    " දන්සැලකට ආධාරයක් ඉල්ලගෙන ළමයි වගයක් ඇවිත් ටිකක් වෙලා, එවන්නද ඇතුලට, නැත්තන් මම කීයක් හරි ලියල යවන්නද" යැයි සුනිල්සුනිලුන් විමැසීය.
     
    මා දිහා බැලූ සුනිල්
     
    "මල්ලි, අපි මේ පොඩි උන්ට පොඩ්ඩක් කතා කරල ඉමු, ඔයා ඔහොම ඉන්න අවුලක් නෑ" යැයි මා හට පවසා
    "හරි xx අය්ය, එන්න කියන්න ඒ අයට"
     
    ඒ සමඟම මට පිටුපස වූ ඇලුමිනියම් දොරෙන් කිහිප දෙනෙකු ඇතුලුවනවා මට දැනුනි. මා සිටියෙ අමුත්තන්ගෙ අසුනෙහි නිසා ඒ පැමිණි "පොඩි උන්" එක් වරම දිස් නොවුනු මුත් යමක් වැරදී ඇති බව ඉදිරියෙහි ඇති සුනිල්ගේ මුහුණෙන් පැහැදිලිය.
     
    “ආ මල්ලිල එන්න, මොකද්ද සීන් එක?”
     
    “සුනිල් අය්ය අපිව මතක ඇතිනෙ, අර ගියපාරත් ආවෙ. මෙතන මේ...”
     
    “ආ ඔව් ඔව් ...ඉන්දික මේ මගේ හොඳ දන්න මල්ලිල සෙට් එකක්. මුන් මරු කොල්ලො ඈ. කොහෙද මල්ලි ඕගොල්ලන්ගෙ ඔය තැන...බලහන් මට පටලැවෙනවනෙ නිතරම..”
     
    සුනිල්ගේ ඒ හඳුන්වාදීමත් සමග පසුපසට හැරුණු මා දුටුවේ නියම කොල්ලන් හතර පස් දෙනෙකි.
     
    උන් හැමටම පොදු එක ලක්ෂනය වූ කේඩෑරී වී ගිය පොල්ගස් සිහිකල පෙණුම, මේ "අය්යලා" ගැන යම් අදහසක් මැවීය.
     
     එකෙකුගේ වත් කලිසම් කමිස ලඟදී සෝදා දැමූ බවක් නොපෙනුනි. අත්දිග කමිස ඇඳි උන්ගෙ අත් සුරුට්ටු සේ එතී එල්ලෙමින් තිබුනි. ටීශර්ට් කාරයෝ තම බැගී ටීශර්ට් ගෝනි තුල බැස කෙහෙතගේ අපලෙ වැදුනු ඔලු එළියට දමාගෙනය.  මඩපාට සෙරෙප්පු අස්සෙන් අලි නියපොතු පිරි ඇඟිලි මිරිකෙමින් එළියට විරිත්තාගෙන් සිටියහ.
     
    එකෙකු අත කොටසක් කහ සහ තවත් කොටසක් දුඹුරට හුරු රෝල් වූ ෆයිල් එකකි. දෙදෙනෙකුගේ පමණ ඉතාම කෙටිව කැපූ කොන්ඩාද, අනෙකුන්ගේ හිස් මත කපුටු කූඩුද විය.
     
    මොහොතකට පෙර දොර ඇරෙද්දී සුනිල්ගේ මූණ ඇඹුල් වූ හේතුව දැන් ඉතා පැහැදිලිය.
     
    “අපි මේ මේ වළව්වත්තෙ සුනිලය්ය...”
     
    “ආ ඔව් ඔව්..හරි දැන් මට පැටලුනා බන් මේ බායිවත්තත් එක්ක...ඉතින් මල්ලි ..මොකද්ද සීන් එක?”
     
    “සුනිලය්ය අපි මේ පාර දුන් තෙල් බත් දන්සැලක් දෙනව අපේ රජමාවත කෙලෝරෙ වැල්ල ගාව.”
     
    “අම්මට සිරි, නියම කෑම මල්ලි. මාත් හෙන ආසයි දුන්තෙල් බත් වලට...ඉතින්..”
     
    මල්ලිලාගෙ මූණුවල සිනා සමග කෙළ බේරෙනවා මට කනින් පෙනුනි.
     
    “අය්යෙ ඉතින් අපිට ආධාරයක් කරන්න පුළුවන්නෙ මේ පාරත්”
     
    “නැතුව බං. දැන් මොනාද ඕන.”
     
    “ඔක්කොම හරි සුනල්ලයෙ අපිට තව හාල් මිටියක් තිබ්බනං”
     
    “හරි හරි, මල්ලි ලියාගන්න මගෙන් සම්බ මිටිය..දැන් කොහෙටද මම ඔය හාල් මිටිය ගේන්න ඕන”
     
    “නෑ සුනිලය්ය කරදර වෙන්න එපා, අපි ගන්නං, ගාන හයසිය පණහක් විතර වෙන්නෙ, කොටුවෙන් තොගේට ගන්න ඉන්නෙ.”

    “මොන පිස්සුද මල්ලි නිකන් ලොරිවලට ගෙවල කොටුවෙ යන්නෙ, මේ එහාපැත්තෙ බෙලෙක්කඩේ මගෙ මිනිහෙක් ඉන්නව..මම ඌට කියන්නං. මිනිහ ඕගෙඔල්ලන්ගෙ පොට් එකෙම්ම ඇවිත් බාල යයි. ඔයාට ඉතුරු එව්වත් උගෙම්ම ගන්න, මම කියන්නං මිනිහ කොටුවෙ ගානටම දෙයි...”
     
    “නෑ සුනිලය්යෙ, අපි පොඩි ඇඩ්වාස් ඒකුත් දීලයි තීන්නෙ කොටුවෙ කඩේට. අපී කොල්ලෙක් ඒකෙ වැඩ, ඉතින් ඩිස්කවුන්ට් එකට හම්බවෙනව ඒකයි.”
     
    “ආ එහෙනං මල්ලි මගේ මිටිය මම අපේ මිනිහට කියන්නං ගෙනත් දාන්න කියල් ඕගොල්ලන්ගෙ ස්පොට් එකට.”
     
    “මෙහෙමයි සුනිලය්යෙ, ඔය දුන්තෙල්බත් වලට වෙනම හාලක් තීනව..ලු, උයන කෙනා තමා කිව්වෙ. ඉතින් වෙන ඒව ගත්තම කලවං උනොත් පොඩ්ඩක් අවුල් වෙයි කියල මෑන් කිව්ව. “
     
    “මොන පිස්සුද මල්ලි, කවුද කිව්වෙ, මගේ ගාව ඉන්නව ටොප් පොරක්, ඌ හදනව දුන්තෙල්බත් හාල් ජාති පහ එකට දාල. මාර රහයි. මං කියන්නං මල්ලි වැඩේ, මම ඌව අල්ලල දෙන්නද ඔයගොල්ලන්න්ට උයන්න..”
     
    “ටැන්කිව් සුනිලය්යෙ, ඒත් දැන් බෑ, මොකද අපි කුකාටත් ඇඩ්වාන්ස් එකක් දීල බුක් කරගත්ත, මොකද නැත්තන් සීසන් එක නිසා අල්ලන්න අමාරුනෙ..”
     
    “හරි මල්ලි. එහෙනං මෙහෙම කරමු.”
     
    “මම බෙලෙක්කඩෙන් හාල්මිටියක් අරන්, මගේ කුක්ට කියල එළකිරි වගේ දුන්තෙල් බත් එකක් උයල කල්දේරමක දාල දන්සැලටම එවන්නං. ඕක කන එකාට උඹලගෙ කුකාද මගේ කුකාද කියල අවුලකුත් නෑ, උඹලගෙ හාල් ද මගේ හාල්ද කියල වුලකුත් නෑනෙ. උඹල දන්සැල ඉවරවෙල මට ආයි කල්දේරම දීපන්, ඒ ඇති. හරි මල්ලි, එහෙනං ලියාගනින්,සුනිල් පෙරේර, දුන්තෙල් බත් කල්දේරම් එකයි කියල.”
     
    “හරි සුනිලය්ය අපි එහෙනං ගීන් එන්නං. බුදු සරණයි”
     
    “හරි මල්ලි ජේසු පිහිටයි!”
     
    පොඩි උන් ටික සුනිල් අය්යාගේ අම්මාට පින්දිදී පිටව ගිය පසු
     
    “ මුන්ගෙ දුන්තෙල් මදි මල්ලි මේ සුනිල්ව තම්බන්න. මුන් මේ සීබීච් රෝඩ් එකේ කුඩ්ඩො සෙට් එකක්, එනව මෙතන දුන්තෙල්බත්වල හාල් මුට්ට ගන්න සල්ලි එකතු කරන්න.."

    (උපුටා ගැනීමක්. - ලියුවේ ඉන්දික උපශාන්ත නැමැත්තෙක්. සත්‍ය කතාවක්. ඊමේලයකින් කළකට ඉහතදී ලැබුණි.)

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    04 Feb 2015 11:48 PM
    නියම කථාව.. තව තියෙනවා නම් මරු.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    04 Feb 2015 11:57 PM
    නියමයි මල්ලී...
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    05 Feb 2015 12:19 AM
    කතාව නම් හොඳයි...සුනිල් පෙරේරා ගේ වැඩෙත් හරි,
    අද කාලේ බොහෝ විට දන්සල් , ක්‍රීඩා තරඟ මේ නොයෙක් ආකාරයෙන් වැඩිපුරම සිදුවෙන්නේ මහජනයා මුලා කිරීම...
    නමුත් අමතක කරන්න නරකයි.. මේ සුනිල් පෙරේරා කියන්නේ නම් අඩු මාසෙන් ඉපදිච්ච කෙනෙක් විත්තිය
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    05 Feb 2015 12:55 AM
    niyama kathawa.............(kalin ahala tiyanawa)
    0

    Vita123
    Advanced Member
    Advanced Member
    Posts:549

    --
    05 Feb 2015 04:08 AM
    හැක හක... පට්ට කතාව මචන්...
    "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    05 Feb 2015 04:09 AM
    Posted By Imalka on 05 Feb 2015 12:19 AM
    කතාව නම් හොඳයි...සුනිල් පෙරේරා ගේ වැඩෙත් හරි,
    අද කාලේ බොහෝ විට දන්සල් , ක්‍රීඩා තරඟ මේ නොයෙක් ආකාරයෙන් වැඩිපුරම සිදුවෙන්නේ මහජනයා මුලා කිරීම...
    නමුත් අමතක කරන්න නරකයි.. මේ සුනිල් පෙරේරා කියන්නේ නම් අඩු මාසෙන් ඉපදිච්ච කෙනෙක් විත්තිය

    atthatama danne neti nisai ahanne. me adu masen ipaduna kiyanne ai ayye. math sunil pererata nam cuttakvath kamathi ne

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    05 Feb 2015 04:23 AM
    Posted By ham123 on 05 Feb 2015 04:09 AM

    ඕව මෙතන කියන්න බැහැ නංගි.....අපි හැමෝම කැමති නැත්තේ එක වගේ හේතු කිහිපයකට,

    මම අකමැති ප්‍රධාන හේතුව නම්, බුදුන්ගේ වහන්සේගේ  දර්ශනය ජෝක් එකකට ගැනීමයි.

    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    05 Feb 2015 06:25 AM

     maru kathawa...sthuthi aiyya..math asa nethi kenk thama meyawa nam

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    05 Feb 2015 06:41 AM
    සුනිල් පෙරේරා - මම ඔහුගේ දර්ශනය සමග එකග වෙන්නේ නැහැ කොහොමවත්. ඉමල්කත් කියනවා වගේ. එත් සංගීතය අතින් ජිප්සීස් සංගීතයට මම කැමතියි. ඒක වෙනමම කාරණයක් නේ. ඒ දෙක පටලගන්නේ නැතිව සංගීතය විතරක් රස විදිනවා.
    අපි විවිධාකාර ගී රස විදිනවානේ.. විවිධ ආරේ ඒවා..
    ක්ලැරන්ස් ගේ ගී ආරට තමයි වඩාත් කැමති හැබැයි.

    නමුත් මෙතැන අපි ගන්නේ මේ කතාවේ ගැබ්ව ඇති ප්‍රහසන රසය පමණයි. එයාලගේ සංගීතය වත් දර්ශනය වත් පුද්ගලික ජීවිතය වත් නෙවෙයි නේ.. (විහිලු හෝ හාස්‍ය කියන්නේ එකක්. ප්‍රහසනය කියන්නේ තවත් එකක්. පැහැදිලි කරන්න කියාවිද දන්නේ නෑ දැන්. )
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    05 Feb 2015 08:08 AM
    Posted By Imalka on 05 Feb 2015 04:23 AM
    Posted By ham123 on 05 Feb 2015 04:09 AM
    Posted By Imalka on 05 Feb 2015 12:19 AM
    කතාව නම් හොඳයි...සුනිල් පෙරේරා ගේ වැඩෙත් හරි,
    අද කාලේ බොහෝ විට දන්සල් , ක්‍රීඩා තරඟ මේ නොයෙක් ආකාරයෙන් වැඩිපුරම සිදුවෙන්නේ මහජනයා මුලා කිරීම...
    නමුත් අමතක කරන්න නරකයි.. මේ සුනිල් පෙරේරා කියන්නේ නම් අඩු මාසෙන් ඉපදිච්ච කෙනෙක් විත්තිය

    atthatama danne neti nisai ahanne. me adu masen ipaduna kiyanne ai ayye. math sunil pererata nam cuttakvath kamathi ne

    ඕව මෙතන කියන්න බැහැ නංගි.....අපි හැමෝම කැමති නැත්තේ එක වගේ හේතු කිහිපයකට,

    මම අකමැති ප්‍රධාන හේතුව නම්, බුදුන්ගේ වහන්සේගේ  දර්ශනය ජෝක් එකකට ගැනීමයි.

    mamath akamathi pradanama hetuva thamai me manussayai eyage puthai dennama buddhagamata apahasa kala. thavamath.

    man nam akamathima pudgalayek meya

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    05 Feb 2015 08:15 AM
    සුනිල් පෙරේරා කියන්නේ ගල් ආඳ නංගි.. එයාගේ කැරැට්ටුව ගැන නොසිතා කතාවේ රසය විතරක් ගමුකො.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    05 Feb 2015 08:16 AM
    Posted By maduranga001 on 05 Feb 2015 08:15 AM
    සුනිල් පෙරේරා කියන්නේ ගල් ආඳ නංගි.. එයාගේ කැරැට්ටුව ගැන නොසිතා කතාවේ රසය විතරක් ගමුකො.

    atthatama man kathava kiyevve ne. mata oya manussayage nama vath kiyavanna asa ne. maha sathek

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    05 Feb 2015 08:36 AM

    apoooo ow eka nam eththa..

    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636

    --
    05 Feb 2015 08:48 AM
    Posted By Rosi on 05 Feb 2015 08:36 AM

    apoooo ow eka nam eththa..

    danna kiyana kisima kenek eyata kamathi ne

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    05 Feb 2015 04:08 PM
    eka atha....................karuth kamati na.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    09 Feb 2015 07:12 PM

    කෙල්ලෙක් ගේ දින පොතින්
    -------------------------------------------

    අද පෙබරවාරි තුන් වෙනිදා පෝය.
    උදේම නැගිටලා මිදුල අතුගෑවා.තත්තා කිව්වා අද වැස්සේ නැති උනොත් හෙට ඉදන් මට පියසේන කියලා කියන්න එපා කියලා මන් දිහා බලලා.

    රෙදි ටිකක් හෝදලා අනිත් ටික ආපහු අදින්න තියා ගත්තා.එච්චරම කිලුටු නෑ. මල්ලිට ගණන් වගයක් කියලා දුන්නා.

    ගෙදරින් බල කරපු නිසාම මාස ගාණකින් අද නා ගත්තා.නෑවහම හරි සනීපයි කියලා මල්ලි හැමදාම කියන කතාව අද ඇත්ත කියලා තේරුනා.

    දවල් වෙනකොට අමිර් ඛාන්ගේ PK බැලුවා..හරිම දුකයි.පැයක් තනියෙන් ඇඩුවා..සුරේෂ් බයික් එකෙන් වැටුන දවසෙවත් මම මෙච්චර අඩලා නෑ.

    දවල්ට ඉව්වා..පරිප්පුයි,සම්බෝලයි,වට්ටක්කයි..කෑම දැකපු තාත්තා මේකද බොල යහ පාලනේ කියලා නිදා ගත්තා නොකාම.හිතට හරි නෑ මගේ ඒ නිසා..මල්ලි බත් එක ටොමියට දැම්මා .ටොමියා ඉව කරලා යන හැටි දැක්කහම තාත්තා කෑවේ නැත්තේ හොද වෙලාවට කියලා හිතුනා.

    අම්මා තාත්තට කොත්තමල්ලී වීදුරු දෙකක්ම හදලා දුන්නා. මල්ලි එතකොටම සුනිල් පෙරේරගේ යන සින්දුව වැඩි කරා "බොමු අපි කොත්ත මල්ලී මොකටද විස්කි බ්‍රෑන්ඩි කියලා".

    සුරේෂ්ට කෝල් කරන්න දවස්ම ට්‍රයි කරා,ෆෝන් එක OFF. ඊයේ මට කිව්වා අම්මලා එක්ක අද සිල් ගන්න යනවා කියලා.පව් අසරණයා කකුල් රිදෙනවා ඇති එරමිණියා ගොතාගෙන ඉදලා කමක් නෑ හෙට හම්බ වෙනවනේ.

    රෑට වට්ටක්කයි,සම්බෝලයි,පරිප්පුයි කාලා ඉක්මනට ඇදට ආවා.හෙට සුරේෂ් හම්බ වෙන්න යනවා..

    අමත උනා හෙට 67 වෙනි නිදහස් උත්සවය..මගේ නිදහස උපරිම විදිමට හිතා ගත්තා.

    සුරේෂ්ගේ දින පොතින්
    ------------------------
    හෙන ගහපන් අද පෝය හෙට නිදහස් දිනය..බාර් වහලා යකෝ.වෙලාවට ඊයේ අජියගේ ගෙදර කර්පා වෙන්න ගහලා ආවේ..

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    09 Feb 2015 07:29 PM
    Posted By maduranga001 on 09 Feb 2015 07:12 PM

    ehenam suresh koluwa kellage nidahsa samaranna athi hondata

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    10 Feb 2015 01:09 AM
    Posted By maduranga001 on 09 Feb 2015 07:12 PM

    කෙල්ලෙක් ගේ දින පොතින්
    -------------------------------------------

    අද පෙබරවාරි තුන් වෙනිදා පෝය.
    උදේම නැගිටලා මිදුල අතුගෑවා.තත්තා කිව්වා අද වැස්සේ නැති උනොත් හෙට ඉදන් මට පියසේන කියලා කියන්න එපා කියලා මන් දිහා බලලා.

    රෙදි ටිකක් හෝදලා අනිත් ටික ආපහු අදින්න තියා ගත්තා.එච්චරම කිලුටු නෑ. මල්ලිට ගණන් වගයක් කියලා දුන්නා.

    ගෙදරින් බල කරපු නිසාම මාස ගාණකින් අද නා ගත්තා.නෑවහම හරි සනීපයි කියලා මල්ලි හැමදාම කියන කතාව අද ඇත්ත කියලා තේරුනා.

    දවල් වෙනකොට අමිර් ඛාන්ගේ PK බැලුවා..හරිම දුකයි.පැයක් තනියෙන් ඇඩුවා..සුරේෂ් බයික් එකෙන් වැටුන දවසෙවත් මම මෙච්චර අඩලා නෑ.

    දවල්ට ඉව්වා..පරිප්පුයි,සම්බෝලයි,වට්ටක්කයි..කෑම දැකපු තාත්තා මේකද බොල යහ පාලනේ කියලා නිදා ගත්තා නොකාම.හිතට හරි නෑ මගේ ඒ නිසා..මල්ලි බත් එක ටොමියට දැම්මා .ටොමියා ඉව කරලා යන හැටි දැක්කහම තාත්තා කෑවේ නැත්තේ හොද වෙලාවට කියලා හිතුනා.

    අම්මා තාත්තට කොත්තමල්ලී වීදුරු දෙකක්ම හදලා දුන්නා. මල්ලි එතකොටම සුනිල් පෙරේරගේ යන සින්දුව වැඩි කරා "බොමු අපි කොත්ත මල්ලී මොකටද විස්කි බ්‍රෑන්ඩි කියලා".

    සුරේෂ්ට කෝල් කරන්න දවස්ම ට්‍රයි කරා,ෆෝන් එක OFF. ඊයේ මට කිව්වා අම්මලා එක්ක අද සිල් ගන්න යනවා කියලා.පව් අසරණයා කකුල් රිදෙනවා ඇති එරමිණියා ගොතාගෙන ඉදලා කමක් නෑ හෙට හම්බ වෙනවනේ.

    රෑට වට්ටක්කයි,සම්බෝලයි,පරිප්පුයි කාලා ඉක්මනට ඇදට ආවා.හෙට සුරේෂ් හම්බ වෙන්න යනවා..

    අමත උනා හෙට 67 වෙනි නිදහස් උත්සවය..මගේ නිදහස උපරිම විදිමට හිතා ගත්තා.

    සුරේෂ්ගේ දින පොතින්
    ------------------------
    හෙන ගහපන් අද පෝය හෙට නිදහස් දිනය..බාර් වහලා යකෝ.වෙලාවට ඊයේ අජියගේ ගෙදර කර්පා වෙන්න ගහලා ආවේ..

    මෙන්න කොල්ලෝ...

    0
    You are not authorized to post a reply.
    Page 1 of 512345 > >>