You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2016 09:55 AM by  hasithad
දෙයියෝ සාක්කි...
 268 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 1412345 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 Jan 2015 12:34 AM

    2015-01-07 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.130.9500 , විකුණුම් මිල රු.133.7600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.197.6300 , විකුණුම් මිල රු.203.2800 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.6100 , විකුණුම් මිල රු.159.7000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.128.6300 , විකුණුම් මිල රු.133.2400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.1200 , විකුණුම් මිල රු.113.8000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.104.7300 , විකුණුම් මිල රු.108.8900 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.97.4800 , විකුණුම් මිල රු.100.6400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.0949 , විකුණුම් මිල රු.1.1307 |

    ග‍්‍රාමසේවා සහතිකය ගන්න අරක්කු වෙනුවට පොල්තෙල්

     

    (බුලත්කොහුපිටිය රවීන්ද්‍ර වෙලගෙදර)
    ග‍්‍රාමනිලධාරී සහතිකයක් ගැනීමට ගිය තරුණයකුට එම සහතිකය ගැනීමට නොහැකි වූ විට තමන්ගේ හිතවත් මිතුරකු ඔහුට කියා දුන් උපක‍්‍රමය අනුව නැවත ග‍්‍රාම නිලධාරි වෙත ගොස් එම සහතික ගත් පුවතක් කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවේ.

     

    සිද්ධිය සැකවින් මෙසේය.


    මෙම තරුණයාට රැකියාවක සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට ග‍්‍රාම නිලධාරි සහතිකයක් අවශ්‍ය විය. හෙතෙම තමන් පදිංචි බල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි මහතා වෙත ගොස් තමන්ට අවශ්‍ය කාරණාව පවසා ග‍්‍රාම නිලධාරි සහතිකයක් ඉල්ලා සිටියේය

     


    එවිට ග‍්‍රාම නිලධාරිවරයා කියා සිටියේ ඔබගේ පදිංචිය නිසි ලෙස තවම ලියාපදිංචිවී නොමැති නිසා සහතිකයක් දිය නොහැකි බවය. මෙම තරුණයා අදාළ ගමේ පදිංචියට පිට ගමකින් පදිංචියට පැමිණි අයකුවීම එයට හේතුවිය. තම අවශ්‍යතාව ඉටුනොවූ බැවින් තරුණයා සිත්තැවුලෙන් ග‍්‍රාම නිලධාරි කාර්යාලයෙන් පිටව ගියේය.


    සවස්යාමයේ තමන්ගේ හිතවත් මිතුරකු මෙම තරුණයාට මුණගැසුණි. මිතුරාට තමන්ගේ අවශ්‍යතාව ඔහු පැවසීය. එවිට මිතුරා ”ආ  ඕක සුළු දෙයක්නේ මචං. මම කියන විදිහට වැඬේ කරලා බලපන්” යැයි පැවසීය. පසුදින උදාවිය. තමන්ගේ මිතුරා කියූ ආකාරයට තරුණයා ලෑස්තිවී ග‍්‍රාම නිලධාරිවරයා මුණගැසීමට ගියේය. මෙම ග‍්‍රාම නිලධාරි ටිකක් මධුවිතට බර පුද්ගලයෙකි.


    තරුණයා මත්පැන් බෝතලයක් ලෙස පිටතට පෙනෙන ආකාරයට පොල්තෙල් බෝතලයක් කවරයකට දමාගෙන ග‍්‍රාමසේවක කාර්යාලයට ගොඩවිය. තරුණයා දුටු ග‍්‍රාමසේවක මහතා ”අදත් මොකද මේ පැත්තේ” යැයි විමසීය. ග‍්‍රාම නිලධාරිවරයා තරුණයාගේ අතේ ඇති බෝතලය ද දුටුවේය. ”මහත්තයා අර සහතිකේ ගන්න පුළුවන්ද බලන්න තමයි අදත් ආවේ” යැයි පිළිතුරු දුන්නේය. ”මල්ලි වාඩිවෙන්න  ඕවා මොකට ගෙනාවද මන්දා” යැයි පවසමින් ග‍්‍රාමසේවක සහතික පොත අතට ගත්තේ අර තරුණයාට සහතිකයක් දීමටය. සහතිකය ලියා අවසන් කළ හෙතෙම තරුණයාට ග‍්‍රාම නිලධාරි සහතිකය දුන්නේය. තරුණයා ”ස්තුතියි මහත්තයා ගිහින් එන්නම් එහෙනම්. මම මේ කඬේට පොල්තෙල් ගේන්න යන ගමන් ආවේ” යැයි කීය.


    ග‍්‍රාමසේවක මහතා උඩබිම බැලූවේ කුමක්ද සිදුවුණේ යන්න හිතා ගන්නටත් බැරුවය. ඔහු හිතුවේ තරුණයා රැුගෙන ආවේ මත්පැන් බෝතලයක් වෙන්නට ඇතැයි සිතාය. මිතුරා කියා දුන් පරිදි මත්පැන් බෝතලයක් ලෙස හුවා දක්වමින් පොල්තෙල් බෝතලයක් රැුගෙන ගොස් ග‍්‍රාමනිලධාරි සහතිකය පහසුවෙන් හෙතෙම ගත්තාලූ.

     

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    07 Jan 2015 12:49 AM

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3292






    --
    07 Jan 2015 12:58 AM
    අම්මට සිරි හොද වැඩේ ග්‍රාමට 

     

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    07 Jan 2015 01:11 AM

    බලූපැටවුන් දමා පන්සලට ගෙනා පෙට්ටියේ කාන්තා හැඳුනුම්පතක්

     

    (හෝමාගම - එම්. හිරිපිටිය)
     

    පාදුක්ක නගරයට ආසන්න විහාරස්ථානයක පසුගිය දිනක පින්කමකි. මෙම පින්කමට පාදුක්ක හා ඒ අවට පදිංචි අය අතර එක්තරා මැදි වියේ කාන්තාවක් ද පැමිණ ඇත. ඇය කාඞ්බෝඞ් පෙට්ටියක් රැුගෙන පැමිණ විහාරස්ථානය අසලින් තබා විහාරස්ථානයේ පින්කමට එක්වී ඇත.


     මද වේලාවකින් බලූ පැටවුන්ගේ හඬන ශබ්දයක් අඛණ්ඩව ඇසීමට පටන් ගැනීමත් සමග පින්කමට පැමිණි කීප දෙනකු ඒ අවට විමසා බැලීමේ දී පෙට්ටියක් තුළින් එම ශබ්දය ඇසී ඒ අසලට ගොස් පෙට්ටිය විවෘත කිරීමේ දී බලූ පැටවුන් තිදෙනකු සිටිනු බව දැක ඇත. බලූ පැටවුන්ට අමතරව එම පෙට්ටියේ ජාතික හැඳුනුම්පතක් හා බැංකු පොතක් තිබී එය විහාරාධිපති හිමියන්ට ලබා දී තිබේ. බලූ පැටවුන් දමා ගෙන ආ පෙට්ටියේ තමන්ගේ හැඳුනුම්පත හා බැංකු පොත එහි වැටී ඇති බව නොදන්නා මෙම කාන්තාවට විහාරස්ථානයේ සිට නිවසට පැමිණ මද වේලාවකින් විහාරාධිපති හිමියන්ගේ පණිවිඩයක් ලැබී තිබේ. ඒ විහාරස්ථානයට පැමිණෙන ලෙසට පණිවිඩය ලැබුණු විගස වහා පැමිණි කාන්තාවට විහාරාධිපති හිමියන් ”ආ... උපාසක අම්මේ අර විහාරස්ථානය ළඟ බලූ පැටවු දමා ගිය පෙට්ටියේ උපාසක අම්මාගේ හැඳුනුම්පතයි බැංකු පොතයි තිබුණා. මේ දෙකත් එක්ක අර බලූ පැටවුන් ටිකත් රැගෙන යන්න” කියා පැවසූ විට ”අනේ හාමුදුරුවනේ මට සමා වෙන්න” කියා බලූ පැටවුන් තිදෙනාත් රැුගෙන විහාරස්ථානයෙන් පිටව ගොස් ඇත.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    07 Jan 2015 06:22 AM
    (බුලත්කොහුපිටිය රවීන්ද්‍ර වෙලගෙදර)
    ග‍්‍රාමනිලධාරී සහතිකයක් ගැනීමට ගිය තරුණයකුට එම සහතිකය ගැනීමට නොහැකි වූ විට තමන්ගේ හිතවත් මිතුරකු ඔහුට කියා දුන් උපක‍්‍රමය අනුව නැවත ග‍්‍රාම නිලධාරි වෙත ගොස් එම සහතික ගත් පුවතක් කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවේ.



    සිද්ධිය සැකවින් මෙසේය.

    මෙම තරුණයාට රැකියාවක සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට ග‍්‍රාම නිලධාරි සහතිකයක් අවශ්‍ය විය. හෙතෙම තමන් පදිංචි බල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි මහතා වෙත ගොස් තමන්ට අවශ්‍ය කාරණාව පවසා ග‍්‍රාම නිලධාරි සහතිකයක් ඉල්ලා සිටියේය




    එවිට ග‍්‍රාම නිලධාරිවරයා කියා සිටියේ ඔබගේ පදිංචිය නිසි ලෙස තවම ලියාපදිංචිවී නොමැති නිසා සහතිකයක් දිය නොහැකි බවය. මෙම තරුණයා අදාළ ගමේ පදිංචියට පිට ගමකින් පදිංචියට පැමිණි අයකුවීම එයට හේතුවිය. තම අවශ්‍යතාව ඉටුනොවූ බැවින් තරුණයා සිත්තැවුලෙන් ග‍්‍රාම නිලධාරි කාර්යාලයෙන් පිටව ගියේය.


    සවස්යාමයේ තමන්ගේ හිතවත් මිතුරකු මෙම තරුණයාට මුණගැසුණි. මිතුරාට තමන්ගේ අවශ්‍යතාව ඔහු පැවසීය. එවිට මිතුරා ”ආ ඕක සුළු දෙයක්නේ මචං. මම කියන විදිහට වැඬේ කරලා බලපන්” යැයි පැවසීය. පසුදින උදාවිය. තමන්ගේ මිතුරා කියූ ආකාරයට තරුණයා ලෑස්තිවී ග‍්‍රාම නිලධාරිවරයා මුණගැසීමට ගියේය. මෙම ග‍්‍රාම නිලධාරි ටිකක් මධුවිතට බර පුද්ගලයෙකි.


    තරුණයා මත්පැන් බෝතලයක් ලෙස පිටතට පෙනෙන ආකාරයට පොල්තෙල් බෝතලයක් කවරයකට දමාගෙන ග‍්‍රාමසේවක කාර්යාලයට ගොඩවිය. තරුණයා දුටු ග‍්‍රාමසේවක මහතා ”අදත් මොකද මේ පැත්තේ” යැයි විමසීය. ග‍්‍රාම නිලධාරිවරයා තරුණයාගේ අතේ ඇති බෝතලය ද දුටුවේය. ”මහත්තයා අර සහතිකේ ගන්න පුළුවන්ද බලන්න තමයි අදත් ආවේ” යැයි පිළිතුරු දුන්නේය. ”මල්ලි වාඩිවෙන්න ඕවා මොකට ගෙනාවද මන්දා” යැයි පවසමින් ග‍්‍රාමසේවක සහතික පොත අතට ගත්තේ අර තරුණයාට සහතිකයක් දීමටය. සහතිකය ලියා අවසන් කළ හෙතෙම තරුණයාට ග‍්‍රාම නිලධාරි සහතිකය දුන්නේය. තරුණයා ”ස්තුතියි මහත්තයා ගිහින් එන්නම් එහෙනම්. මම මේ කඬේට පොල්තෙල් ගේන්න යන ගමන් ආවේ” යැයි කීය.


    ග‍්‍රාමසේවක මහතා උඩබිම බැලූවේ කුමක්ද සිදුවුණේ යන්න හිතා ගන්නටත් බැරුවය. ඔහු හිතුවේ තරුණයා රැුගෙන ආවේ මත්පැන් බෝතලයක් වෙන්නට ඇතැයි සිතාය. මිතුරා කියා දුන් පරිදි මත්පැන් බෝතලයක් ලෙස හුවා දක්වමින් පොල්තෙල් බෝතලයක් රැුගෙන ගොස් ග‍්‍රාමනිලධාරි සහතිකය පහසුවෙන් හෙතෙම ගත්තාලූ
     
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    07 Jan 2015 04:39 PM

    නෑනයි දුවයි නිවෙසට ඇරලන්න ගිය මස්සිනා මහමඟ දමා ඇවිත්

    (කමල් ශ්‍රී ලියනගේ - කොස්ගොඩ)


    නෑනාත් දුවත් රාති‍්‍ර ගෙදරට ඇරලන්න ත‍්‍රීරෝද රථයකින් ගිය මස්සිනාකෙනකු ත‍්‍රීරෝද රථ රියැදුරු මහ මඟ දමා ආපසු පැමිණීමේ සිද්ධියක් අහුන්ගල්ලෙන් වාර්තා වේ.
    මෙදින විශේෂ ගමනක් ගිය දෙදරු මවක් ඇයගේ දුව අක්කාගේ නිවසේ නතර කළාය. රාත‍්‍රි 8.30ට පමණ යළි ඇය අක්කාගේ නිවෙසට ත‍්‍රීරෝද රථයකින් පැමිණියේ දුව රැගෙන යෑමටය. රෑ බෝවී තිබූ නිසා අක්කා ඇයගේ සැමියාටත් ත‍්‍රීරෝද රථයෙන් නංගීගේ ගෙදරට පරෙස්සමට යන ලෙස දන්වා සිටියාය. ඒ අනුව මස්සිනා ද නෑනාත් දුවත් ඇරලවීමට ත‍්‍රීරෝද රථයට නැගී ගමන් කළේය. ඔවුන් සමඟ මස්සිනා ත‍්‍රීරෝද රථයට නගිනවා දුටු ත‍්‍රීරෝද රථ රියදුරු මස්සිනා යන්නේ කොහේටදැයි විමසා තිබේ. ‘‘නංගීලාගේ තනියට යනවා. මට ඉතින් ආපසු පයින් වුණත් එන්න බැරියෑ’’.

    මෙසේ ඇඟට නොදැනෙන්න මස්සිනා ත‍්‍රීරෝද රථ රියදුරාට පවසා තිබේ. තමා සමඟ ආපු නෑනා දුවත් සමඟ තනියට යෑම නොරිස්සූ මස්සිනාගේ මේ උපක‍්‍රමය ගැන හිත් රිදුන රියදුරා  මස්සිනාට පාඩමක් උගැන්වීමට සිතුවේය. ඔහු තිදෙනාම රැුගෙන නෑනා ගෙදරට ගොස් බස්සවා මස්සිනා වත්ත ඇතුළට ගිය මොහොතේ ඉක්මනින් ඔහු දමා රිය හරවා ගෙන ආවේය. මේ නිසා මහ රෑ මස්සිනාට පයින් ඒමට සිදුවී තිබේ.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    07 Jan 2015 09:49 PM
    awidda paya dahas watti..................
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    08 Jan 2015 06:20 PM

    දරුවා උපන් බව මවට මතක්වුණේ පාසලට දාන්න ගිය දවසේ

     

    (කොස්ගොඩ - කමල් ශ්‍රී ලියනගේ) 

     

    දරුවා පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණයට පාසලෙන් ලිපිය ලැබෙන තුරු උප්පැන්නය සාදා ගැනීමට අමතක වූ මවක් ගැන ගම්මානයකින් ආරංචි විය.

    ඇයට සිය දරුවා වෙනුවෙන් 2015 වසර සඳහා පෙනී සිටිය යුතු 1 ශ්‍රේණියේ සම්මුඛ පරීක්‍ෂණයට රැගෙන ආ යුතු බවට දන්වා තිබූ ලිපිලේඛන අතර උප්පැන්න සහතිකය ද විය. ඇය අල්මාරියේත්, ලිපි ගොනුවලත් උප්පැන්නය සෙවූ මුත් නොලැබුණි.

    එහි දී ඇයට දරුවා උපන් වේලාව, බර ආදී තොරතුරු සඳහන් රෝහලෙන් නිකුත් කළ සටහන් පැතිකඩ පැරැුණි ලිපි ගොනුවක තිබී හමු විය. දරුවාගේ උප්පැන්නය නොසෑදු බව ඇයට මතක් වී ඇත්තේ එවිටය.

    නැගණියක සමග වහා වහා අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් සියලූ විස්තර නොසඟවා කියා සිටියාය. එහි රෙජිස්ට‍්‍රාර් අංශයේ කාරුණික නිලධාරිනියක් එදින දහවල් 12.00න් පසුව උප්පැන්න සහතිකය ලබා දීමට පොරොන්දු වී තිබේ. ඒ නිසා ඇය වහා වහා සම්මුඛ පරීෂණය පැවැති පාසලට පැමිණි අතර ඇය පැය දෙකකට වැඩි කාලයක් ප‍්‍රමාදවී පැමිධෑමත් උප්පැන්න සහතිකය ඉදිරිපත් නොකිරීමත් ගැන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ප‍්‍රශ්න කරන්නට විය. එහි දී සත්‍ය හෙළිදරව් වී ඇත.

    ”සර්, උප්පැන්නේ අද දොළහෙන් පස්සේ දෙන්නම් කිව්වා.” ”එතකොට දරුවාට උප්පැන්නය හදන්න ගියේ අද ද?” ඇය සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලය ඉදිරියේ ගොළු වත රකිමින් නිහඬව සිටියාය.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    08 Jan 2015 06:23 PM
    aiyo...................
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    09 Jan 2015 08:28 AM

    අද සමාජයේ මෙවැනි අය ඕන තරම් ඉන්නවා..

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    12 Jan 2015 03:54 AM

    ඡන්ද පෙට්ටියක් ඇතුළේ බුලත් කොළයක්

     

     

    ඡන්ද පෙට්ටියක බහා තිබූ ඡන්ද පත‍්‍රිකාවක් සමග බුලත් කොළයක් ද තිබී හමුවීමේ සිද්ධියක් අනුරාධපුර මැදි විදුහලේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකින් ඉකුත්දා 8 වැනි දා රාත‍්‍රියේ අසන්නට ලැබිණි. මෙම බුලත් කොළය හමුවූයේ මිහින්තලය ඡන්ද ප‍්‍රදේශයේ මධ්‍යස්ථානයකින් රැගෙන ආ ඡන්ද පෙට්ටියක තිබී යැයි නිලධාරියෙක් පැවැසීය. ඡන්ද පත‍්‍රිකාව අයත් ඡන්දදායකයා තම කැමැත්ත ප‍්‍රකාශ කළ කතිර සලකුණ එහි තිබූ බවත් එහෙත් එම සලකුණු කිරීම බුලත් කොළයට නොවීම විශේෂත්වයක් විණැයි ද ඔහු කීවේය.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3292






    --
    12 Jan 2015 11:20 PM

    කතට හදි කරන්න හැදුවාට පොල්කටු හැන්දෙන් ගහලා

    2015 ජනවාරි මස 13 00:00:30 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

    (තිහගොඩ - උපසේන ලියනගම)

    එක්දරු පියකු වූ ඔහු මතට මෙන්ම කතට ද ලොබ බැඳි සල්ලාලයකු බවට ප‍්‍රකටය. පසුගියදා ඔහු පොලිසියට දිව ගියේ කාන්තාවක් තමාට පහර දුන් බවට පැමිණිල්ලක් කිරීමටය. කමීසය ගලවා පිට පෙන්වූ විට රත් පැහැගත් පහරවල් ද එහි විය. ‘‘ඔය ගෑනු එක්කෙනා කුකුල්ලූ හදනවා. උන් මගේ ඉඩම වනසන බව කියන්න ගියාම මට පොල්ලකින් තඩි බෑවා’’ පැමිණිල්ලේ ලියැවිණි.


    විත්තිකාරිය වහාම කැඳවිය. ‘‘මගේ මහත්තය කොළඹ ඉන්නේ. දරුවො ඉස්කෝලෙ ගිහින්. එදා කුස්සියට ඇවිත් අරියාදු කරන්න හදන කොට අතට අහුවුණේ පොල්කටු හැන්ද. මම ගහපු එක ඇත්ත. ඒත් මේ පොල්කටු හැඳි මිටෙන්’’ කී ඇය බෑගයෙන් හැන්දක් අතට ගෙන ‘‘ඔය පාරවල්වලට මේක තියල බලන්න. හරියට ගැලපේවි’’ කීවාය. පැමිණිලිකරුට කට උත්තර නැති විය.

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    13 Jan 2015 02:54 AM

    කතට හදි කරන්න හැදුවාට පොල්කටු හැන්දෙන් ගහලා

     

    (තිහගොඩ - උපසේන ලියනගම)
    එක්දරු පියකු වූ ඔහු මතට මෙන්ම කතට ද ලොබ බැඳි සල්ලාලයකු බවට ප‍්‍රකටය. පසුගියදා ඔහු පොලිසියට දිව ගියේ කාන්තාවක් තමාට පහර දුන් බවට පැමිණිල්ලක් කිරීමටය. කමීසය ගලවා පිට පෙන්වූ විට රත් පැහැගත් පහරවල් ද එහි විය. ‘‘ඔය ගෑනු එක්කෙනා කුකුල්ලූ හදනවා. උන් මගේ ඉඩම වනසන බව කියන්න ගියාම මට පොල්ලකින් තඩි බෑවා’’ පැමිණිල්ලේ ලියැවිණි.


    විත්තිකාරිය වහාම කැඳවිය. ‘‘මගේ මහත්තය කොළඹ ඉන්නේ. දරුවො ඉස්කෝලෙ ගිහින්. එදා කුස්සියට ඇවිත් අරියාදු කරන්න හදන කොට අතට අහුවුණේ පොල්කටු හැන්ද. මම ගහපු එක ඇත්ත. ඒත් මේ පොල්කටු හැඳි මිටෙන්’’ කී ඇය බෑගයෙන් හැන්දක් අතට ගෙන ‘‘ඔය පාරවල්වලට මේක තියල බලන්න. හරියට ගැලපේවි’’ කීවාය. පැමිණිලිකරුට කට උත්තර නැති විය.


    ඔහුගේ පැටිකිරිය දත් පොලිස් නිලධාරියා ‘‘ගෙවල්වල කුස්සිවලට රිංගන්නෙ නැතුව දැං ඉතිං ඔය තුවාලවලට තෙල් ටිකක් ගා ගන්නවා’’ කීවාලූ. ගාලූ පුරවරයේ ගංගා නිම්නයකින් ඇසුණු පුවතකි.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    13 Jan 2015 03:06 AM
    පුංචි ශිහාන් දවසක් අම්මාගෙන් අහනවා
    "අම්මේ ලෝකේ මිනිස්සු බිහි උනේ කොහොමද?"
    අම්මා කියනවා
    "පුතේ දෙවියො මුලින්ම ආදම් සහ ඒවා කියලා ගැහැනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි මැවුවා... ඒගොල්ලන්ට ලමයි හම්බ උනා එහෙම තමයි මිනිස්සු හැදුනෙ"
    ශිහාන් කියනවා "හැබැයි අම්මේ තාත්තා කිවුවේ අපි වානරයන්ගෙන් පැවතෙනවා කියලනේ"
    "මේකයි පුතේ... තාත්තා කියල තියෙන්නේ එයාලගෙ පරම්පරාව ගැන මම කිවුවේ අපේ පරම්පරාව ගැන...."
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    13 Jan 2015 05:04 PM

    පුතාගෙයි ලේලිගෙයි ඉල්ලීමට පිටුපා දන්න කෙනකුට ඡන්දය දීලා

     

    මිත්තණිය තම මුනුබුරා සමඟ ඡුන්දය ප‍්‍රකාශ කරන ස්ථානයට පැමිණියාය. ඇතුළුවන ගේට්ටුව අසල මැතිවරණය සඳහා ඉදිරිපත්වන අයගේ නාම ලේඛනය සහ ඔවුන්ගේ ඡුන්ද ලකුණු විශාල ප‍්‍රමාණයේ මුද්‍රිත කඩදාසියක සටහන් කර තිබිණි.


    මිත්තණිය මුනුබුරා අමතා, ‘‘පුතේ උඹේ තාත්තා කියනවා එයා කැමති කෙනාට කතිරේ ගහන්න කියලා. එතකොට උඹලගේ අම්මා කියන්නෙ එයා කැමති වෙන කෙනෙකුටලූ. එයාට කතිරේ ගහන්නලූ. පුතේ ඡුන්දෙ ඉල්ලන කට්ටියගේ නම්ටික මට කියවහංකෝ වෙන කව්ද ඉන්නේ කියලා බලන්න.’’ යැයි පැවසුවාය. මුනුබුරා නම් සහ ඔවුනට හිමි ලාංඡුනද එකින් එක පැවසූ පසු එක් නමක් සඳහන් කළ ඇය, ‘‘දන්න නමක් තියනවා ඒකටවත් කතිරේ ගහනවා. එතකොට උඹලගේ අම්මා තරහා වෙන්නෙත් නැහැ. තාත්තා තරහාවෙන්නෙත් නැහැ.’’ යැයි කීවාය. ‘‘මෙ එයා නෙමෙයි. වෙන කෙනෙක්’’ මුනුබුරා සිනාසෙමින් පැවසීය.
    (ක‍්‍රිස්ටෝපල් සීපියන්)

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    14 Jan 2015 05:23 PM

    තැඹිලි වෙළෙන්දාගෙන් රාත් ඉල්ලලා

     

    (හාරිස්පත්තුවේ මොහොමඞ් ආසික්)
    තැඹිලි වෙළෙන්දෙකුගෙන් රා බෝතලයක් ඉල්ලීමේ පුවතක් මහනුවරට නුදුරු ගම්බද ප‍්‍රදේශයකින් වාර්තා විය.
    සිද්ධිය සැකෙවින් මෙසේය.


    මහනුවර නගරයට නුදුරු එක්තරා ගම්බද ප‍්‍රදේශයක තැඹිලි හා කුරුම්බා වෙළෙන්දකු කරත්තයකට තැඹිලි හා කුරුම්බා පුරවාගෙන වෙළඳාම් කරමින් පාර දිගේ ගියේය. එහිදී ඔහු කුරුම්බා විකිණීම සඳහා විවිධ විදිහට හඬ නැගීය. ඔහු විකිණූ කුරුම්බා අතර කුන්දිරා වර්ගයේ කුරුම්බාද විය. ඒ සඳහා ඔහු හඬ නැගුවේ ”කුන්දි රා බොමු කුන්දි රා බොමු” යනුවෙනි. මෙහිදී ඔහුට කුන්දි යන්න සිහින් හඬින්ද රා යන්න සැරෙන්ද කියැවිණ. දුර සිට අහන කෙනකුට කුන්දි යන්න පැහැදිලිව සවනට නොවැටේ.


    ගමේ ඈත කොනක සිට මේ හඬට සවන් දුන් එක් පුද්ගලයකු දුවගෙන ඇවිත් ”මට බෝතලයක් දෙන්න” යැයි කීය. ”බෝතලයක් මොන බෝතලයක්දැ”යි වෙළෙන්දා ඇසීය. ”රා බෝතලයක්” ඔහු එක්වරම පිළිතුරු දුන්නේය. රා කොහෙන්ද තැඹිලි කරත්තයේ යැයි වෙළෙන්ඳා නැවත ඇසීය.


    ”ඇයි එහෙනම් ඔහේ දැන් කෑගැහුවේ රා බොමු රා බොමු කියා” යැයි කී විට වෙළෙන්ඳා සිනාසෙමින් කීවේ මං කෑගහල කිව්වේ රා බොමු කියල නොවෙයි කුන්දිරා බොමු කියලා. කුන්දිරා කියන්නේ හොඳ කුරුම්බා වර්ගයක් ඒවා එකක් නම් කපල දෙන්නම් කියද්දී ඔහුද හිමිහිට එතැනින් නික්ම ගියේය.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    14 Jan 2015 05:27 PM
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    15 Jan 2015 03:55 PM

    ඡන්දෙ දුන්නේ කාටදැයි පෙන්නන්න ගිහින් අමාරුවෙ වැටිලා

     

    (තිහගොඩ උපසේන ලියනගම)
    තමා කිසියම් දේශපාලන පක්‍ෂයක ජනාධිපතිවරණ අපේක්‍ෂකයකුට ඡන්දය ප‍්‍රකාශ කළ බව සාක්‍ෂි ඇතිව පෙන්වීම සඳහා ඡන්දය ලකුණු කළ පති‍්‍රකාවේ ඡායාරූපයක් ගැනීමට ගිය ඡන්ද දායකයකු ඡන්ද මධ්‍යස්ථානාධිපති විසින් පොලීසියට අල්ලා දීමේ සිදුවීමක් තිහගොඩ පුහුල්වැල්ල විහාරස්ථානයක ඡන්ද මධ්‍යස්ථානයකින් වාර්තා වේ.


     මෙම ඡන්දදායකයා කලක් කිසියම් දේශපාලන පක්‍ෂයකට දැඩිසේ උදව් කළත් මෙවර වෙනසක් කරන බව කියා ඇත. නමුත් කිසිවකු එය විශ්වාස කළේ නැත. මේ නිසා ඔහු එම අපේක්‍ෂකයාගේ ලකුණට ඡන්දය දුන් බව තහවුරු කිරීමට ඡන්ද පති‍්‍රකාවේ ඡන්දය ලකුණු කිරීමෙන් පසු තම අත වූ ජංගම දුරකථනයෙන් එම රහස්‍ය කාමරය තුළදීම එහි ඡායාරූපයක් ගෙන ඇත.


    මෙය දුටු ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයා වහාම ආරක්‍ෂක අංශයට දැන්වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන තිහගොඩ පොලිස් ස්ථානයට භාරදුන් අතර තමා මෙය නීති විරෝධී බව දැන නොසිටියේ යැයි කීවත් ඉන් පලක් වූයේ නැතිලූ.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    16 Jan 2015 05:36 PM

    ඡන්ද කාඞ්පතේ පීනන එක හොයලා

     

    (මාවනැල්ල හෙම්මාතගම විජය බණ්ඩාර)
    පසුගිය අටවැනිදා ජනාධිපතිවරණයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා කා අතරත් තිබුණේ පුදුම විදිහේ උනන්දුවකි. රෝහලේ ලෙඩ ඇඳේ සිටි රෝගී අය පවා උස්සාගෙන විත් ඡන්දය දමා තම ජනාධිපති අපේක්‍ෂකයා ජයග‍්‍රහණය කරවන්නට ඇතැම්හු උනන්දු වූහ.


    මාවනැල්ල හෙම්මාතගම නගරගිරි මහා විද්‍යාලීය ඡන්ද මධ්‍යස්ථානයෙත් එම උනන්දුව ඒ ආකාරයෙන්ම තිබෙනු දැක ගත හැකිවිය. උදේ කාලයේ කවුරුත් තම ඡන්දය ප‍්‍රකාශ කිරීම තිබෙනු දැකගත හැකිවිය. උදේ කාලයේ කවුරුත් තම  ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා තම ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ සිටිනු දැකගත හැකිවූ අතර එම පෝලිමේ වැඩි වශයෙන් කාන්තාවන් සිටිනු දැක ගත හැකිවිය.  මේ අතර වයස අවුරුදු 70ක් පමණ කාන්තාවක් වුවාය. විටින් විට පෝලිමේ සිටින අතරවාරයේදී පවා තම අතේ තිබූ ඡන්දකාඞ් පත බලමින් කාලය ගත කළ අතර ඇස් පෙනීම තරමක් අඩු මට්ටමක තිබුණු බව ඇය ඡන්දකාඞ් පත බලන ආකාරයෙන්ම අන් අයට නිරීක්‍ෂණය විය. තමන්ට ඡන්දය දැමීමේ වාරය එළඹිණි. අන් අය සේම එහි සිටින පක්‍ෂ විපක්‍ෂ හා රාජ්‍ය නිලධාරීන්ට තම ඡන්දකාඞ් පත හා  හැඳුනුම්පත ඉදිරිපත් කර ඡන්දය දැමීමට  ගියේ එහි තිබුණු ඡන්ද පති‍්‍රකාවක් අතැතිවය. එහෙත් ඇය ඡන්දය දැම්මේ ප‍්‍රමාදයක් ඇති බව තේරුම් ගත් එහි සිටි රජයේ නිලධාරියෙක් මෙසේ විමසීය.


    ”මොකද අම්මේ  පේන්නේ නැද්ද?”


    ”ඔව් පුතේ කණ්ණාඩිය ගේන්නත් බැරිවුණා මට මේකේ අර පීනන එකා ඉන්න තැනයි බුලත් කොළයයි පෙන්වනවද?


    වහාම කි‍්‍රයාත්මක වූ නිලධාරියා එම සලකුණු දෙක පෙන්වා එම මව අසලම සිටියේ තවත් යමක් අසයි දෝ කියා වන්නට ඇත.


    එකවරම ඇය මෙසේ පවසන්නට  විය.


    ”හරි පුතේ දැන් යන්න මම දැන් මාගේ වැඬේ කරන්නම්” කියා ඇය තම මනාපය ලබා දුන්නේ එම මධ්‍යස්ථානයේ බොහෝ දෙනෙකු සිනා ගන්වමිනි.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    16 Jan 2015 06:30 PM
    hansaya hoyala tiyenne
    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0
    You are not authorized to post a reply.
    Page 1 of 1412345 > >>