Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Jun 2018 04:46 AM by chamara duleep ඔෟෂධීය ගුණයෙන් පිරි කැද...... 431 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 19 of 22 << < 1718192021 > >> Author Messages shanaka kelumSuper Senior MemberPosts:7332 26 Nov 2016 04:19 AM කවුද අප්පේ අපි නැති නැති උනාම අඩන්නේ............... හා ඉතින් ඔය කැද දැන්වත් බොන්න. මගේ පංගුව දීලා හොදද........................... 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 27 Nov 2016 06:00 PM 20. නීරමුල්ලිය කොළ කැඳ. නීරමුල්ලිය කොළ කැඳ වල ඔෟෂධීය ගුණ. * රුධිරය පිරිසිදු කිරීම. *මුත්‍රා රෝග සඳහා ගුණ දායක වීම. නීරමුල්ලිය කොළ කැඳ සාදා ගන්නා අාකාරය. අවශ්‍ය ද්‍රව්‍ය නීරමුල්ලිය කොළ මිටි 2යි. කැකුළු හාල් මිටයි. පොල් බෑයක කිරි. රතු ළුෑනු ගෙඩි 3 යි . සුදු ළුෑනු බික් 2යි. ඉගුරූ පෙති 2 යි ලුනු අවශ්‍ය පමනට. සාදන ක්‍රමය. * සහල් සොදා රතු ළුෑනු, සුදු ළුෑනුහා ඉගුරූ ,ලුණු එයටම එක්කර වතුර දමා ලිප තබන්න. * නීරමුල්ලිය කොළ හා පොල් එකට දමා කොටා මිරිකා යුෂ ලබා ගන්න. * බත් ඒක ඉදිණු පසු නීරමුල්ලිය කොළ යුෂ ඒක් කර ගන්න. * හැන්දකින් මත ගාමින් විනාඩි කීපයක් පිසගෙන ලිපෙන් බා ගන්න. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 27 Nov 2016 06:05 PM Posted By sha733 on 26 Nov 2016 04:19 AM කවුද අප්පේ අපි නැති නැති උනාම අඩන්නේ............... හා ඉතින් ඔය කැද දැන්වත් බොන්න. මගේ පංගුව දීලා හොදද........................... මුලින්ම අඬන්නේ මම 0 shanaka kelumSuper Senior MemberPosts:7332 28 Nov 2016 05:28 AM ඒකනං හරි සදුනි කොහෙමත් ඇඩුවනේ මම ආපු නැති දවසේ ඉදන් සයිට් එකට එනකංම ඔය තියෙන්නේ නීරමුල්ලිය වලින් කැද කෝප්පෙකුත් හදල බොන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ මොකද මම මේවා තම්බල බීල තියෙනවා මෙලෝ රහක් නැහැ. ඔය උඩින් තියෙන රෝගෙ සුව කරගන්න කියල 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 28 Nov 2016 06:49 AM ලේ පිරිසිදු කරනවා කියලා ඉස්සර අපේ අම්මත් තම්බලා දුන්න මතකයි . 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 28 Nov 2016 08:54 AM මුත්‍රා අමාරු තියෙන අයට ගොඩක් වටින බේතක් කියලා මමත් අහලා තියෙනවා. හැබැයි බීලා නෑ මමත්. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Nov 2016 09:15 PM Posted By sha733 on 28 Nov 2016 05:28 AM ඒකනං හරි සදුනි කොහෙමත් ඇඩුවනේ මම ආපු නැති දවසේ ඉදන් සයිට් එකට එනකංම ඔය තියෙන්නේ නීරමුල්ලිය වලින් කැද කෝප්පෙකුත් හදල බොන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ මොකද මම මේවා තම්බල බීල තියෙනවා මෙලෝ රහක් නැහැ. ඔය උඩින් තියෙන රෝගෙ සුව කරගන්න කියල රසට ඇති පොල් කිරි දැම්ම නිසා. මම බීලා තියේ වගේ මතකයක් තියේ. අවුලක් නැහැ. 0 Danu LiyanageVeteran MemberPosts:3457 29 Nov 2016 01:17 AM සන්දුනිගේ කැඳ කඩේට ආවේ ගොඩක් කාලෙකින් මොනවද තියෙන්නේ හොඳ කැඳ කෝප්පයක් දෙන්නකෝ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Nov 2016 03:58 AM නීරමුල්ලිය කැඳ එකක් මම ගිය සෙනසුරාදා උදේ බිව්වා. හරිම රසයි. නීරමුල්ලිය කොළ ටිකක් එතන බෝර්ඩ් එක ළඟ ගහලත් තිබ්බ. මුත්‍රා ආසාදන වලට ගුණයි. අධික දහදිය දමන සහ දහඩිය ගඳ වැඩි අයට හොඳයි ලු. දැන ගැනීම සඳහා මම ඇහුවම කැඳ හදපු කැඳ කඩේ කෙනා කිව්වේ. දැන් මිනිස්සු මේවා වෙනුවට රෙක්සෝනා ඩියෝ නේ පාවිච්චිය කියලත් කිව්වා. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 29 Nov 2016 05:42 AM ඔය තියෙන්නේ තෝරලා තියන්නකෝ අපේ ගෙදරින් හදල දෙන්නං හෙට අනිද්ද දිහාා එන්නනේ ඉන්නෙ නේද 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 24 Jan 2017 02:20 PM 21. අස්වැන්න කොළ කැඳ. අස්වැන්න කොළ කැඳ වල ඔෟෂධීය ගුණ. * ශරීරයට ගුණදායක වීම අස්වැන්න කොළ කැඳ සාදා ගන්නා අාකාරය. අවශ්‍ය ද්‍රව්‍ය අස්වැන්න කොළ වැල් සමග මිටි 2යි. කැකුළු හාල් මිටයි. පොල් බෑයක කිරි. රතු ළුෑනු ගෙඩි 3 යි . ලුනු අවශ්‍ය පමනට. සාදන ක්‍රමය. * සහල් සොදා වතුර දමා ලිප තබන්න. * අස්වැන්න කොළ හා පොල් එකට දමා කොටා මිරිකා යුෂ ලබා ගන්න. * බත් ඒක ඉදිණු පසු අස්වැන්න කොළ යුෂ ඒක් කර ගන්න. * හැන්දකින් මත ගාමින් විනාඩි කීපයක් පිසගන්න. * ලිපෙන් බාන්නට පෙර සිහින්ව ගියා ගත් රතු ළූණු සහ ලුණු එක් කර ගන්න. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Jan 2017 06:38 PM හරියටම නිච්චි නැහැ මේ කොළ ගැන. මල දක්කහම් නම් මතකයි මතකයිත් වගේ. අපි වෙන නමක් කියනවද කියලයි හොයල බලන්න ඕන. කවුරු හරි රස බලල තියෙනවද මේ කොළ වල? සන්දුනිගේ කැඳ කඩේ ආයෙත් ඇරපු එක හොඳයි. 0 Danu LiyanageVeteran MemberPosts:3457 24 Jan 2017 09:49 PM මම නම් ඔය නම අහල තිබුනේ නැහැ සන්දුනිගේ කැඳ කඩේ ඇරපු එක නම් ගොඩක් හොඳයි 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Jan 2017 10:12 PM සඳුනිගේ කැඳ කඩේ ආයෙත් ඕපන් කරලා. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 25 Jan 2017 01:42 AM කැද කඩේට මමත් ගොඩ උනා . ඒත් මේ අස්වැන්න කොල කොහෙද හොයන්න තියෙන්නේ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 25 Jan 2017 11:21 AM මම නම් ඔය පැළ දැකලා තියේ. වැල වගේ පොලවේ පැතිරිලා හැදෙනවා. ඒත් නම අසවැන්න කියලා නම් දැන ගත්තේ කැද එක හිංදා.. වෙන නමක් ඇති ඒ නමත් දන්නේ නෑ ඉතින්.. අහලා පහුව කියන්නම්කෝ.. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 25 Jan 2017 11:26 AM 0 isuru sampathSuper Senior MemberPosts:7342 25 Jan 2017 09:28 PM මමත් කැද කඩේට ගොඩ උනා ................. 0 Danu LiyanageVeteran MemberPosts:3457 25 Jan 2017 10:36 PM ඉසුරු කඩේට ගොඩවෙලා සල්ලි දීල බීපන් කැඳ බොනවානම් මචෝ හික්ස් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Jan 2017 10:37 PM ඉසුරුව කැඳ බොන්නෙ පොතට. 0 You are not authorized to post a reply. Page 19 of 22 << < 1718192021 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner