Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 06 Feb 2018 07:37 AM by hasitha dhananjaya නිරෝගිමත් දිවියකට 21 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 212 > >> Author Messages Dileeka MadushaniVeteran MemberPosts:2100 28 Jul 2016 06:00 AM කොලෙස්‌ටරෝල් අධික අයට පේර කෑම ගුණයි ෴෴෴෴෴෴෴෴෴ කුඩා දරුවන් පවා හොඳින් හඳුනන පේර බහුල වශයෙන් ශ්‍රී ලංකාවේ දක්‌නට ලැබෙන පලතුරකි. ප්‍රනීත රසයක් ඇති පේර කෑමට කුඩා දරුවන් නම් වැඩි රුචිකත්වයක් දක්‌වන බව පෙනී යනවා. නමුත් මෙම පලතුරු කෙරෙහි බොහෝ අයගේ වැඩි අවධානයක් යොමු නොවන බවක් ද පෙනෙනවා. දේශීය වශයෙන් ඕනෑම පුංචි ගෙවත්තක වුවද පහසුවෙන් වැඩෙන මෙම පලතුර කුරුල්ලන්ගේ ද ප්‍රියතම ආහාරයකි. එහෙත් විශාල වශයෙන් මුදල් වැය කරමින් විදේශීය පලතුරුවලට පුරුදු වී සිටින අපේ ශ්‍රී ලාංකිකයන් පේර වැනි විටමින් බහුල පලතුරකට අවධානය යොමු නොකරන්නේ, ඇතැම් විට පේරවල තිබෙන පෝෂණ කොටස් පිළිබඳ ව නිසි අවබෝධයක් නොමැති නිසා විය හැකිය. නමුත් අධික මුදලක් වැය නොකර සිරුරට අවශ්‍ය විටමින් වර්ග කීපයක් ම පේර ආහාරයට ගැනීමෙන් පහසුවෙන් ඔබේ සිරුරට ලබා ගත හැකියි. පෝෂණ කොටස් ගණනාවකින් යුක්‌ත වූ පේරවල ඉතිහාසය සඳහන් කරන්නේ නම් මෙම පලතුර දකුණු ඇමරිකාවේ මැක්‌සිකෝවේ උපත සිදු වූ බව කියෑවේ. මේ වන විට ශ්‍රී ලංකාවේ පහසුවෙන් වැවෙන පේර උද්භිත විද්‍යාවේ sසැdසමප ටම්ව්ඩ් (සීඩියම් ගුආජාවා) යනුවෙන් හැඳින්වේ. උද්භිත නාමයෙන් එලෙස හඳුන්වනු ලබන පේර ඉංගී්‍රසි භාෂාවෙන් ටම්ඩ් (ගුආවා) නමින් හැඳින්වේ. පහසු මිලකට ලබාගත හැකි පලතුරක් වන පේරවල අඩංගු පෝෂණ කොටස් පිළිබඳව කරුණු දැන ගැනීමට ඔබ කැමති ඇති. සී විටමින් බහුලව අඩංගු වන අතර පේරවල අඩංගු සී විටමින් ප්‍රමාණය දෙවැනි වන්නේ නෙල්ලි වලට පමණි. ප්‍රොaටීන් ග්‍රෑම් 0.9 ක් ද කාබෝහයිඩේ්‍රට් 11.02 ක් ද කැල්සියම් මිලිග්‍රෑම් 10 ක්‌ද යකඩ මිලි ග්‍රෑම් 1.4 ක් ද තයමින් මයික්‍රො ග්‍රෑම් 30 ක්‌ද රයිබෝප්ලේවින් මයික්‍රොග්‍රෑම් 30 ක් ද විටමින් සි මිලිග්‍රෑම් 212 ක් ද පේරවල අඩංගු වේ. එසේ ම නූතන සමාජය තුළ වැඩි වශයෙන් කතා කරන කොලෙස්‌ටරෝල් එනම් තෙල් අධික බව සඳහා ද පේර යෝග්‍ය වන බව සඳහන් වේ. එබැවින් කොලෙස්‌ටරෝල් අධික ලෙස තිබෙනවා යෑයි කියන අයට ද පේර ඉතා ගුණදායක ය. පේරවල කුඩා ඇට රාශියකි. එක් පේර ගෙඩියක එවැනි කුඩා ඇට රාශියක් තිබෙන අතර ඒවා ඉතා තද ගතියකින් යුක්‌තය. හොඳින් ඉදුණු පේර ගෙඩියක පිට පැත්ත කහපාටින් යුක්‌ත වන අතර එහි ඇතුළත තද රෝස පැහැයක් ගනී. ඉමිහිරි සුවඳක් ද විහිදුවයි. නමුත් පේර අනුභව කිරීමේදී ඔබ හොඳින් මතක තබා ගත යුතු වැදගත් කාරණාවක් ඇත. එනම් පේර හොඳටම ඉදී වැඩි වූ විට පේරවල අඩංගු පෝෂණ කොටස් වල අගය අඩුවේ. එසේම ඉදී වැඩි වූ පේර ඉක්‌මණින් පණුවන්ට ගොදුරු වන නිසා ඉදීගෙන එන විටම ආහාරයට ගත යුතුය. එබැවින් හොඳින් පැසුනු පසු හෝ මද වශයෙන් ඉදුණු විගස පේර ආහාරයට ගැනීමට වගබලා ගත යුතුය. විශේෂයෙන්ම වැඩිපුර ඉදුණු විට පේරවලට පණුවන් එකතු වීමේ ප්‍රවනතාවය වැඩි නිසා කුඩා දරුවන්ට ගස් යට වැටී, ඉදී වැඩි වී තිබෙන පේර ආහාරයට ගැනීමට ඉඩ නොදිය යුතුය. ඔබේ ගෙවත්තේ ද පේර ගසක් තිබේ නම් ඔබ මේ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබේ දරුවන්ට මේ ගැන කියා දී ඔවුන් දැනුවත් කර තබන්න. දේශීය වශයෙන් කුඩා ගෙවත්තක වුවද පහසුවෙන් වැවෙන, පහසු මිලකට වෙළඳපොලෙන් ද ලබාගත හැකි පෝෂණ කොටස් බහුල වශයෙන් අඩංගු වන පේර ආහාරයට සුදුසු මහඟු පලතුරකි. පලතුරු ආහාරයට එකතු කර ගැනීමේදී පේරවලටද ඔබේ අවධානය යොමු කරන්න. දේශීය ආයුර්වේද වෛද්‍ය ඩව්ලිව්. එස් අතුකෝරල වෙද මහතාගේ දේශීය ග්‍රන්ථයක් ඇසුරෙනි සටහන - සුරම්‍යා අතුකෝරල (Uputa ganimaki) 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 28 Jul 2016 10:47 PM පොඩ්ඩිගෙන් අලුත් වැඩක් වගේ. එහෙනම් අපට ගුණ අගුණ කෑම වගේම සෞඛ්‍ය තොරතුරු ගේන්න වගේ සුදානම. පේර ගුණයි කියල නම් දන්නව. වැඩිය කන්න නම් ලැබෙන්නෙ නැහැ. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 29 Jul 2016 05:17 AM මෙක දැකලම අද මම මෙ වගෙ පෙර ගෙඩි තුනක්ම කැවා 0 chamara duleepMost Senior MemberPosts:13471 29 Jul 2016 07:45 AM බොහෝමත්ම පින් පොඩ්ඩී.දැනුවත් කළාට.මටත් කොලොස්ට්‍රොල් හින්දා එහෙනම් කනවාමයි 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 30 Jul 2016 09:10 PM පහසුවෙන් සොයා ගන්න පුළුවන් නේ පෙර නම් ,,,මේ තරම් විස්තරයක් නම් දැනම් හිටියේ නැ ,ස්තුති නගෝ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 02 Aug 2016 10:28 AM මටත් වැඩිපුර කන එක හොදයි එහෙනම්. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 04 Aug 2016 05:48 AM මමත් ආසම පළතුරක් තමයි පේර.. මේකේ ඇටේ හපන එක තමයි එපා කරපු වැඩේ.. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 04 Aug 2016 07:36 AM මට මතකයි ඉස්සර ලංකාවේ අපේ ගෙදර ගේ ඉස්සරහම පෙර ගහක් තිබ්බා ,,ඉස්කෝලේ ගිහින් ආපු වෙලේ ඉදන් මගේ වාසේ ඉතින් ගහ උඩ තමා 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 04 Aug 2016 10:06 AM ඇත්තටම අක්කෙ අපිට කුඩා කාලෙ එහෙම හිටියට අද ලමයින්ට ලමා කාලයක් කියලා නෑ. 0 Indika DampahalaVeteran MemberPosts:3410 04 Aug 2016 11:51 PM මදේ රතු පේර නම් හැමතැනම නෑ නේද හොයා ගන්න... රතු පේර නම් කන්නත් ආසයි.... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 05 Aug 2016 07:21 AM ඔව්ව්ව් ඒ අතින් අපි වසනාවන්තයි ,තව අපිටත් එහා යට තිබ්බ සුන්දර ළමා කාලයක් ගස්කොලන් එක්ක 0 SM THILANKAVeteran MemberPosts:1736 10 Sep 2016 09:58 PM ගොඩක් ස්තුතියි දැනුවත් කරට........... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 12 Sep 2016 05:44 AM Posted By kingD on 04 Aug 2016 11:51 PM මදේ රතු පේර නම් හැමතැනම නෑ නේද හොයා ගන්න... රතු පේර නම් කන්නත් ආසයි.... අපේ ගෙදර නම් තියෙනවා අයියේ රතු පේර ගහක් මේවගෙන් හොදයි කියන්නෙත් රතු පේර තමා. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 12 Sep 2016 09:51 AM ඒ පේර වලට කියන්නේ කුකුල් පේර. පැහිලා නැති උනත් කන්න පුලුවන්. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 07 Jan 2018 11:43 PM කොමඩු කෑමේ වාසි පහක් ඔබ නොදන්නවා වුණාට කොමඩු ආහාරයට ගැනීම මඟින්, ඔබගේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන අතිමහත් ය. මොළයේ සිට පාදාන්තය දක්වා ශරීර පද්ධතිය සෑදී ඇති සෛල සමූහයට කොමඩුවලින් සැලසෙන්නේ අනුපමේය මෙහෙයකි. කොමඩු තුළ සියයට 92ක් පමණ ජලය අන්තර්ගතව ඇත. ඔබගේ ආහාර වේලට පසුව කොමඩු ආහාරයට ගැනීම, ශරීර සෞඛ්‍යයට හිතකර වන බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ. හෘද රෝගවලටත්, ප්‍රතිශක්තීකරණ පද්ධතියටත්, ඇස් රෝගවලටත්, කොමඩු ආහාරයට ගැනීම අතිශයින් ම ගුණදායක ය. මේ , කොමඩු ආහාරයට ගැනීම මඟින් අත්වන එබඳු ප්‍රතිලාභ පහකි. 1. හෘද රෝග අවම කරගත හැකිවීම කොමඩු පානය කිරීම මඟින් අධික රුධිර පීඩනය අවම කර ගත හැකි ය. කොමඩු පානය කිරීම මඟින් රුධිර පරිවහනය වැඩි කරන නිසා, හෘදයේ ක්‍රියාකාරිත්වයට එමඟින් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි ය. කොමඩුවල අන්තර්ගත පොටෑසියම් සංඝටකය නිසා, ඔස්ටියෝපොරෝසීස් වැනි රෝගවලින් පෙළෙන්නන්ට ද මේවා වඩාත් ගුණදායී ය. සිරුරට අත්‍යවශ්‍ය කැල්සියම් ලබා ගැනීමට සුදුසුම පලතුර වන කොමඩු, මාංශපේශි සහ අස්ථි බිඳීම් වැනි ගැටලුවලට ද අතිශයින්ම ගුණදායක ය. 2. සිරුරේ මේදය අඩු කර ගත හැකි වීම කොමඩුවල ඇමයිනෝ අම්ලය අන්තර්ගත ය. ඒ නිසා, ඒමඟින් වකුගඩු රෝගීන්ට වඩාත් වාසිදායක ප්‍රතිඵල අත්කර ගත හැකි ය. ඒ වාගේම ශරීරයේ අන්තර්ගත වන මේදය පහළ දැමීමට ද කොමඩුවල ඇති සංඝටක බෙහෙවින් ම බලපායි. කොමඩුවල අන්තර්ගත TNAP(ටිෂූ නවුස්පෙසිපික් අල්කලියු පොස්ෆේට්) මඟින් ශරීරයේ මේදය දහනයට අවශ්‍ය සංඝටක ලබාගත හැකි ය. 3. රෝග වැළදීම අවම කරයි කොමඩු තුළ විටමින් සී බහුල වශයෙන් අන්තර්ගතව ඇත. එම නිසා, මේවා ආහාරයට ගැනීම මඟින් ප්‍රතිශක්තීකරණ හැකියාව වර්ධනය කරයි. ඉක්මනින් සුව නොවන තුවාල ඇති අයට ද, කොමඩු ඉතාමත් ම ගුණදායක ය. කොමඩු ආහාරයට ගැනීම මඟින් තුවාල සුවවීමේ වේගය තරමක් දුරට වැඩි කර ගත හැකි ය. 4.ඇස් පෙනීම වැඩි කරයි කොමඩු තුළ පවතින බීටා කැරොටීන් මඟින් ඇස් පෙනීම වැඩි කරයි. එසේ ම, අක්ෂි ආබාධ ඇති පුද්ගලයන්ට ද වඩාත් ගුණදායී පලතුරක් ලෙස කොමඩු හඳුන්වා දිය හැකි ය. කොමඩුවල අන්තර්ගත විටමින් ඒ සංඝටකය , දත්වල සහ සමෙහි නිරෝගීභාවයට බෙහෙවින් ම වැදගත් ය. 5. ස්නායු රෝගවලට ගුණදායක වීම කොමඩුවල අන්තර්ගත පොටෑසියම් සංඝටකය, ස්නායු රෝග සඳහා වඩාත් යෝග්‍ය ය. පේශිවල ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය සංඝටක රැසක් කොමඩුවල අන්තර්ගත වන නිසා, මේවා ආහාරයට ගැනීම මඟින් සිරුරේ යහ පැවැත්මට මනා මෙහෙයක් සිදුවේ. අස්ථි බිඳීම්වලට ලක් වූ විට , කොමඩු ආහාරයට ගැනීම වඩාත් ගුණදායක ය. ස්නායුවලට අවශ්‍ය උත්තේජනය ලබා ගැනීමටත්, මිනිසාට වැළඳෙන රෝග රැසකට ප්‍රතිකර්මයක් ලෙසටත් , මේ පලතුර අනුභව කිරීම ඉතාමත්ම යෝග්‍ය ය. අන්තර්ජාලය ඇසුරිනි 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Jan 2018 04:16 AM කොමඩු මම ආසම පළතුරක්... මේ තරම් ගුණවත් කියලා දැනගෙන හිටියේ නෑ.. ලිපියට ස්තූතියි පොඩ්ඩියේ... 0 isuru sampathSuper Senior MemberPosts:7342 08 Jan 2018 05:34 AM මෙච්චර ගුණ පළතුරක් කියලා දැනන් හිටියේ නෑ .............බොහෙම ස්තූතියි ලිපියට පොඩ්ඩි ... 0 chamara duleepMost Senior MemberPosts:13471 08 Jan 2018 05:27 PM මම කන්න ආස පළතුරක්...ඒ වගේම සිරුර සිසිල් කරනවා කොමඩු වල 0 shanaka kelumSuper Senior MemberPosts:7332 02 Feb 2018 03:31 AM කාලෙකට නං කොමඩු හැමදාම වගේ කන්න පුලුවන්. ගොඩක් ගනන් අඩු වෙනවනේ ලිපියට ස්තූතියි 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 02 Feb 2018 07:03 AM කොමඩු හොදයි කියන්නෙ වස විස නැති ඒවනෙ.දැන් කඩවල් වලට එන ඒවා කවදාවත් නොකරපු විදියට බෙහෙත් ගහනවා කැඩුවායින් පස්සෙ. කන්න එපා. 0 You are not authorized to post a reply. Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner