You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Jun 2018 04:46 AM by  chamara duleep
ඔෟෂධීය ගුණයෙන් පිරි කැද......
 431 Replies
Sort:
You are not authorized to post a reply.
Page 17 of 22 << < 1516171819 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Nov 2016 08:50 AM
කරල් හැබ කියන්නේ මදූ මල්ලි දාලා තියෙන එකට නෙමෙයි.
කරල් හැබ කියන්නේ ඖෂධයක්.අපේ වත්තේ තියෙනවා.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Nov 2016 09:37 AM
Posted By maduranga001 on 12 Nov 2016 07:20 AM
කරල් හැබ කියන්නෙත් මේකටමද කොහෙද.


මේවා තමා අඩන ගිරිය කියන්නේ. කරල් හැබ නම් ඔවා නෙමෙයි.


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Nov 2016 11:59 AM
සඳුනි නගා අඩනහිරියා පින්තූරයක් ඉල්ලපු නිසා දැම්මේ.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Nov 2016 01:27 PM
Posted By maduranga001 on 12 Nov 2016 11:59 AM
සඳුනි නගා අඩනහිරියා පින්තූරයක් ඉල්ලපු නිසා දැම්මේ.

ස්තූතියි මධූරංග අයියේ.

 

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Nov 2016 01:29 PM
මෙන්න ''කරල්හැබ''


0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Nov 2016 01:44 PM

19. අඩන හිරය කොළ කැඳ.

අඩන හිරිය කොළ කැඳ  වල ඔෟෂධීය ගුණ.

* නීරත්තියට ගුණදායක වීම.

* කුඩා ළමුන්ගේ මාන්දමට ගුණදායක වීම.

අඩන හිරිය කොළ කැඳ  සාදා ගන්නා අාකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය

අඩන හිරිය කොළ මිටි  3යි.

කැකුළු හාල් මිටයි.

පොල් බෑයක කිරි.

රතු ළුෑනු

ලුනු අවශ්‍ය පමනට.

සාදන ක්‍රමය.

* සහල් සොදා වතුර  දමා ලිප තබන්න.

* අඩන හිරිය කොළ කොටා යුෂ ලබා ගන්න.

* බත් ඒක ඉදිණු පසු අඩන හිරිය යුෂ ඒක් කර විනාඩි 3ක් පිස ගන්න ගන්න.

* ඉන්පසු පොල් කිරි සහ ලුණු  ඒක්කර ගන්න.

* තවත් විනාඩි 3ක් පිසගෙන ලිපෙන් බා ගන්න.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2016 12:54 AM
apo andana hiriya kiyanne mewada. me patte tiyenawane
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Nov 2016 12:57 AM
Posted By sha733 on 13 Nov 2016 12:54 AM
apo andana hiriya kiyanne mewada. me patte tiyenawane
එහෙනම් මලේ ඒකෙන් වත් කැඳක් හදන් බීපන්. ඔය මාන්දමටත් හොඳයි කියන්නෙ.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2016 01:10 AM
Posted By maduranga001 on 13 Nov 2016 12:57 AM
Posted By sha733 on 13 Nov 2016 12:54 AM
apo andana hiriya kiyanne mewada. me patte tiyenawane
එහෙනම් මලේ ඒකෙන් වත් කැඳක් හදන් බීපන්. ඔය මාන්දමටත් හොඳයි කියන්නෙ.

ethakota mata maaandmada?

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Nov 2016 03:04 AM
අෑ ශා අයියාට මාන්දමද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2016 04:52 AM
මාන්දම කියන්නෙ මොකක්ද මම දන්නෙ නැහැ......................
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Nov 2016 05:03 AM
මාන්දම් 18 ක් තියේලු පෝෂනය අඩු උනාම හැදෙන්නේ මම දන්නා තරමින්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2016 05:08 AM
Posted By සඳුනි on 13 Nov 2016 05:03 AM
මාන්දම් 18 ක් තියේලු පෝෂනය අඩු උනාම හැදෙන්නේ මම දන්නා තරමින්

එහෙම කියල බෑ හරි විස්තරයක් ඕනේ

මට තියෙන්නෙ ඔයි කෝකද කියල බලා ගන්න එපැයි


0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Nov 2016 05:20 AM
මම දන්නේ නෑ මධුරංග අයියා තමා කිවුවේ ඔයාට මාන්දම කියලා එයාගෙන්ම අහ ගන්න
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2016 06:23 AM
Posted By සඳුනි on 13 Nov 2016 05:20 AM
මම දන්නේ නෑ මධුරංග අයියා තමා කිවුවේ ඔයාට මාන්දම කියලා එයාගෙන්ම අහ ගන්න

එහෙම හරියන්නෙ නැහැ ඔයා තමයි කැද කෝප්පෙත් එක්ක මාන්දමක් උස්සං ඇවිත් තියෙන්නේ

ඔයාම තමා කියන්න ඕනේ

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Nov 2016 06:30 AM
හා හා මාන්දම හොයල කියන්නම් ආච්චි දන්නවා ඇති
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Nov 2016 06:37 AM

රෝග ලක්ෂණ රැසක් පෙන්නුම්කරන මාන්දම


 

ලෝකයේ බොහෝ රටවල ළමයිනට ඇති වන මාන්දම් රෝග විශේෂයෙන්ම දියුණු වෙමින් පවත්නා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රාශියක බාලයන්ගේ වර්ධනයට බලපාන තත්ත්වයක් ලෙස හැඳින්විය හැකියි. ‘කුමාරෞෂධ මාලාව‘, ‘වෛද්‍ය චින්තාමණී’ ආදි දේශීය වෛද්‍ය ග්‍රන්ථවල විවිධ මාන්දම් රෝග තත්ත්වය සහ විවිධ මාන්දම් රෝග ලක්ෂණ රාශියක් දක්වා ඇත. විවිධ මාන්දම් රෝග පිළිබඳ සලකා බැලීමේදී පෙනී යන්නේ රෝග ලක්ෂණ අනුව මේවා නම් කර ඇති බවයි.

‘කුමාරෞෂධ මාලාවේ’ ප්‍රභේද 20 ක්ද, වෛද්‍ය චින්තාමණී, හෛසජ්‍ය සංග්‍රහයෙහි ප්‍රභේද 15 ක්ද, වෛද්‍ය හස්ත සාරයෙහි ප්‍රභේද 18 ක්ද, ආදි ලෙස විවිධ ප්‍රභේද නාම දක්වා ඇත. එසේම විවිධ දේශීය වෛද්‍ය පරම්පරාවල නොයෙක් ආකාරවලින් මාන්දම් ලක්ෂණ හා ප්‍රභේද දක්වා තිබේ.

ඒවා නම්,

01. ශරීරයේ වර්ධනය අඩුවීම - කෙට්ටුවීම, ක්‍ෂය වීම, ශෝථය, වියළීම

02. ශරීර වර්ණ විකෘතිතා - පඬුපාට, අළුපාට, සුදුමැලි පාට, කහ පාට, අළුපාට

03. ශරීරය පුරවා දැමීම - උදරය විශාල වීම, තොල් නාසය පුපුරා මුහුණ පිපිහළු වීම

04. ආහාර රුචියේ වෙනස්කම් - කුසගින්න අධිකවීම, අඩුවීම, අක්‍රමික වීම, සමහර ද්‍රව්‍යවලට ආශා වීම (මස්, මාළු, අඟුරු, ගල්, මැටි, කඩදාසි)

05. අක්ෂි විකෘතිතා - රාත්‍රියට නොපෙනීම, ඇසේ ලප මතුවීම, කබ කඳුළු ගැලීම, ඇස් පඬු පාට වීම, කොරපොතු මතුවීම, ඇසේ රතු ඉරි මතුවීම, ඇසිපිය ඉදිමීම

06. මාංස ක්ෂය - කම්මුල්, තට්ටම් ඇකිලීම, අත් පා සිහින් වීම

07. මළ පිටකිරීමේ විකෘති - මළ බද්ධය, අතීසාරය, මළ වියළීම, කුරුමිණියන් මළ සමඟ පිටවීම, මළ පිටකිරීමේදී උදර ශුලය නැටවීම, ගුද මඟ පහත්වීම, සීදන් පිටවීම

08. චර්ම විකෘති - සුදුමැලි වීම, හොරි කුෂ්ට මතුවීම, ගඩු මතුවීම, රළු වීම, කොරළ මතුවීම, කටු ඇතිවීම, දහඩිය ගැලීම

09. මුඛය ආශ්‍රිත විකෘති - ගද ඇතිවීම, වියළීම, දත් මුල් සහ විදුරු මසින් ලේ ගැලීම

10. ශරීරයේ ඇතිවන අප්‍රාණිකතා - අලස බව, අත් පා වලංගු නැතිවීම, බලාගත් අත බලා සිටීම, නිදිමත දුබලකම

11. ව්‍යාධි ක්‍ෂමත්වය අඩුවීම - නිතර ප්‍රතිශ්‍යා, ජ්වර, චර්ම රෝග, අක්ෂි රෝග ආදියට භාජනය වීම.

12. අස්ථි විකෘති - අත් පා ඇදවීම, ඇවිදීමේ විකෘති, දත් ඒම ප්‍රමාද වීම

13. ස්වරූපමය වෙනස්වීම මහළු පෙනුමක් ඇතිවීම

14. මානසික විකෘති - තරහා ඒම, රවා බැලීම, බියපත් වීම අධිකව හැඬීම

 

ඉහත ලක්ෂණවලට අමතරව මාන්දම් ප්‍රභේද පහළවන විශේෂ ලක්ෂණද පවතී

 

01. වැලි මාන්දම - මුහුණ මැළවෙයි. මවු ළඟට නොයති. මුහුණ කහ පාට වේ. රාත්‍රියට අවදිව සිටියි. නියපොතු හපයි. නාසය හාරයි. කිරි වමනය වෙයි. උඩබලා අඬයි. බඩේ පණුවෝ ඇතිවේ.

02. කුදිරවලි මාන්දම - අත් කකුල් සිහින්ය. ඉදිමුව ඇතිවේ. ඉක්කාව ඇතිවේ.

03. සීතල සන්නි මාන්දම - වෙව්ලීම, කට වේලීම ඇතිවේ. දෙඩවිලි සහිත වේ. ඇඟ පහුරු ගායි. මිනිසුන් හපයි. එක් ඇසක් කුඩා වේ.

04. ඌදු මාන්දම - උදරය පිපිහළු වෙයි. ඇස කහ පාට වේ. අත් පා සතර ඉදිමේ. වෙව්ලුම ඇති වේ. ඇසෙන් කඳුළු ගලයි.

05. පිටිවි මාන්දම - බඩ පිපුම ඇතිවේ. අත් පා සීතල වේ. ඉඟටිය සිහින් වේ. පපුව වළ ගැසේ.

06. අළු මාන්දම - පෙරළෙමින් හඬයි. එක් අංශයකට පණ නැති ස්වභාවය පවතී. නියපොතු හාරයි. ඇඟ කහ පාට වේ. බඩේ පණුවෝ ඇතිවේ.

07. කුරුමිණි මාන්දම - කුරුමිණි මාන්දම හැඳින්වීමට බටහිර වෛද්‍ය විද්‍යාවේ යොදා ගන්නේ Scarabiasis යන්නයි. මෙයින් නිර්වචනය කෙරෙන්නේ මිනිසුන්ගේ මළ සමඟ පණ ඇති කුරුමිණියන් පහවීම යනුයි. එනමුත් කුරුමිණි මාන්දමෙහි වචනාර්ථය මෙයම නොවේ’

මාන්දම යන රෝගය පිළිබඳ සඳහන් වන්නේ දේශීය සිංහල වෙදකමේය. මෙය මාන්දම් යන්නෙන් බිඳී ඇති මාන්දය යනු පර්යායකි. එබැවින් මෙය ළමයින්ට විශේෂ වූ හා ළමයින් අතර බහුලව පවතින තත්ත්වයක් ලෙස සලකයි. එබැවින් සිංහල වෙදකම අනුව කුරුමිණි මාන්දම යනු සජීවී කුරුමිණියන් මළ සමග පිටවීම පමණක් නොවේ. එය ළමා වයසේ ඇතිවන පෝෂණ ඌනතා රෝගයකි. කුරුමිණි මාන්දම සඳහා දේශීය වෛද්‍යවරුන් යොදා ගන්නා චිකිත්සා ක්‍රම සැලකිල්ලෙන් බැලූ විට රෝගීන්ගේ පෝෂණ ඌණතා ගැන වෙනත් මාන්දම් රෝගීන්ට සාපේක්ෂව අවධානය යොමු නොකරන බව පෙනී යයි.

වෛද්‍ය හස්ත සාරය නම් ග්‍රන්ථයේ දක්වන්නේ කුරුමිණි මාන්දම මාන්දම් ප්‍රභේදයක් බවයි. උඩරට හා සබරගමු වෛද්‍ය සම්ප්‍රදායන්ට අයත් සාහිත්‍යයේ පමණක් මේ ගැන සඳහන්වේ. මෙය අවුරුදු 3 – 5 අතර දරුවන්ට වැඩිපුර වැළදේ. මේ රෝගය ඇතිවිට එකවර මළ සමග කුරුමිණියන් 1 – 15 සංඛ්‍යාවක් ඉගිලී යා හැකිය.

i. ශරීරය තුවාල වී වණ වීම

ii. ඇස්වල වණ ඇතිවී නොපෙනීයාම

iii. අස්ථි ඇදවීම

iv. ගුද භ්‍රංශය

v. උල්ලෝගම්

iv. නිතරම රෝගවලට භාජනය වීම යනාදි කරුණු මාන්දම් රෝග උපද්‍රව ලෙස සඳහන් කළ හැකිය.

 

වෛද්‍ය

සංදීපනී මාරාගලවත්ත

රත්නපුර

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Nov 2016 06:38 AM
හරි දැන් කියන්නකෝ කොයි මාන්දමද
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2016 08:16 AM
Posted By සඳුනි on 13 Nov 2016 06:38 AM
හරි දැන් කියන්නකෝ කොයි මාන්දමද

මෙහෙම බැලුවම මට විතරක් මේ මාන්දම ඇති කියල හිතන්න බෑ

මේ තියෙන එකක් හෝ තියෙනවා හැම දෙනාටම ඔය මට මාන්දම කිවුව මධුරංග අයියටත් තියෙන්න ඕනේ 


0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Nov 2016 09:19 AM
මාන්දම ගැන හොද හැටි දැනගත්තෙ අද.
ස්තූතියි ලිපියට.
0
You are not authorized to post a reply.
Page 17 of 22 << < 1516171819 > >>