You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 09:24 PM by  Imalka Hewage
මේ මොනවාද ?
 474 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 24 << < 7891011 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Oct 2016 10:58 AM
මේ පේර වර්ගය දන්නවද බලන්න.

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Oct 2016 12:04 PM
මේ චීන පේර නේද
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Oct 2016 01:36 PM

අනේ මන්දා ඒවට ඒහෙම නමකුත් කියනවද?

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Oct 2016 01:44 PM
ඇයි ඔයා දන්නේ කොහොමද
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Oct 2016 08:19 PM
Posted By සඳුනි on 10 Oct 2016 10:58 AM
මේ පේර වර්ගය දන්නවද බලන්න.


ජෑම් පේර නේද
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Oct 2016 11:11 PM

අපි ඔය නම් දෙකම කියන්නේ නෑ. 

හැබැයි ඔය නමුත් මේවට කියනවද කියලා මම අන්නේ නෑ.

පුංචී කාලේ දං හිබුටු කඩන්න කැලේ පැන්න කවුරුත්ම නැද්ද මේක අදුර ගන්න. 

බොහොම රස පළතුරක්. අැඹුල පැණී රස මිශ්‍ර වුන අමුතුම රසයක් තියේ මේවට.

ඉදුණම මාර රසක් තියෙන්නේ.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Oct 2016 07:28 AM
ඇඹුල් පේරද

හැබැයි ඇඹුල් පේර තියෙන්නේ නුවරඑලිය පැත්තට වෙන්න
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 07:10 PM

අැඹුල් පේර තමයි.

අනේ නෑ මේ පැත්තෙත් තියෙනවා.

අපේ අම්මලාගේ ගෙදර මිදුලෙත් ඒකක් තියෙනවා.

 හැමදාම ගෙඩි තියෙනවා.

සමහර විට නුවර ඒළිය පැත්තේ වැඩි පුර අැති.

මම වැඩි විස්තරයක් දන්නේ නෑ.

පේර වගේ පුංචී වෙරළු ගෙඩියක් තරම් ගෙඩී.

අමු කාලේ කහට රසයි.

පැහුනම අැඹුල් රසයි.

ඉදුණම පොත්ත කහ පාටයි අැතුල තැඹිලි පාටට හුරු පාටක්.

දං කිරිල්ල චීන වගේ කෑලෑබදව හැදෙන රස පළතුරක්.

සාමන්‍ය පේර ගස් තරම්  ගස්ලොකු නොවුනත් අතු විහිදිලා හැදෙනවා.

ඒක පොකුරේ අැඹුල් පේර ගෙඩි රැසක් ඒකට හැදෙනවා.

 

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 07:10 PM
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 07:14 PM
මේ මල අදුරන කෙනෙක් ඉන්නවද?

මටත් පිළිතුර සැක සහිතයි දන්න කෙනෙක් කියන්න.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Oct 2016 07:23 PM
සාමාන්‍ය ගෙවත්තේ මේක වවන්නේ නෑ නේද? එහෙම නැත්නම් වවන එකක් ද? සුවඳ එහෙම තියෙන එකක් ද? නැත්නම් විශේෂ සුවඳක් නැද්ද?

'කැලෑ රෝස' කියන්නෙ මේකද? ව්‍යවහාරයේ කියන වෙන විශේෂ නමක් නම් දන්නෙ නැහැ.

ඔයාට පුළුවන් නම් ශාකයේ අනෙත් කොටස්වලත් පින්තුරයක් දාන්නකෝ. කොළ, නටු එහෙම තියනවද? ඔයාලගේ ගෙදර තියෙන එකක් ද මේ?
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 07:34 PM

අපේ ගෙදර නෑ.

අැත්තම සිද්දිය මේකයි.

මම කවියක් ලියන්න ගියා. ඒකට මම මළක නමක් දැම්මා. මම හිතුවේ ඒක මලකට කියන සමාන පදයක් කියලා. 

පසුබිමට  පින්තූර හොයද්දී මේ මල අාවේ.

මේ මල රෑට දියේ පිපෙන්නේ.

හරිම සුවදලූ

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 07:38 PM

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Oct 2016 07:43 PM
කුමුදු මල දෝ..
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 07:53 PM

කුමුදු මල තමා .

හරිද මම හරියට දන්නේ නෑ.

ඔය මල දැකලා තිබුනට අද මයි කුමුදු කියන ලස්සන නම කියෙන් මේ මලට කියලා දන්නේ.

මේ මල් යායට පිපෙනවලු නේ ලස්සනට අැති.

හද ඒළියටලු පිපෙන්නේ. 

මම හෙව්වා හරි විස්තරයක් ලැබුනේ නෑ

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Oct 2016 06:13 AM
යකො මේ දෙන්නා දාන කිසි දෙයක් දන්නේ නැහැ නේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Oct 2016 06:27 AM
කුමුදු මල තමයි...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Oct 2016 07:29 AM
කුමුදු මල් ලස්සනයි නේ ,,අදයි නම දන්නේ දැකලා තිබ්බට .
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Oct 2016 06:03 PM

කුමුදු මල 

මේ ටික කියවලා කුමුදු මල ගැන හිතා ගන්න.

 විල දැක්කම මතක් වෙන්නෙ... සැලළිහිණි සංදේශයේ කවියක්..''

 

පෙරව සඳ කිරණ පිපි කුමුදු මල්       වටින්

පරව තඹර පෙති ගිලි දිය තලා          පිටින්

තරව සිහි ඇතිව පරතෙරට යන        අටින්

කරව පියාසර සකි කොන්ත ගං    තොටින්


    '' සැළලිහිණියා සංදේශයත් අරගෙන පියාසර කරද්දි එයාට කොන්ත ගං තොට මුණ ගැහෙනවා... 

ඒ සඳ එළිය දෝරෙ ගලා යන රාත්‍රියක්. හැම තැනම කුමුදු මල් පිපිල තියෙනවා... සඳඑළියෙ 

පිපුණු කුමුදු මල් පේන්නෙ හරියට හඳ රැස් පොරවගෙන ඉන්නව වගේ.. හඳ එළියත් සුදු පාටයි.. 

කුමුදු මලුත් සුදු පාටයි... ජල තලාව මතුපිට පරවුණු නෙළුම් මල්වල පෙති විසිරිලා තියෙනවා... 

හඳ එළිය ගලන රැයක ළා රත් පාට නෙළුම් පෙති විසිරුණු ජල තලාවක සුදු පාට කුමුදු මල් 

පිපිල තියෙද්දි කොයි තරම් අපූරුද?

 

      මේ ලස්සනට වශී වෙන සැළලිහිණියාට එතන නවතින්නත් හිතෙන්න පුළුවන්... ඒ නිසා කවියා

 කියනවා එතෙර වෙනවයි කියන ස්ථිර අධිෂ්ඨානය ඇතිව කොන්ත ගං තොටින් පියාසර 

කරන්න කියල... ''

       ලෞකික සුන්දරත්වයට ඇලීම් ඇති කර ගන්න එක නිෂ්ඵල දෙයක්.... ලෝකයේ සුන්දරත්වය 

විඳින්න ඕන... නමුත් අනවශ්‍ය ලෙස මනසින් හදවතින් අල්ලා ගැනීම නොකළ යුතුයි... මේ කවියේ 

ගැඹුරු ධාර්මික අරුත එයලු....

 

උපුටා ගැනීමක්


දැක්කද කුමුදු මලේ සිරියා............

 

 


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Oct 2016 10:10 PM
ලෞකික සුන්දරත්වයට ඇලීම් ඇති කර ගන්න එක නිෂ්ඵල දෙයක්.... ලෝකයේ සුන්දරත්වය

විඳින්න ඕන... නමුත් අනවශ්‍ය ලෙස මනසින් හදවතින් අල්ලා ගැනීම නොකළ යුතුයි...


මේක නම් ඉතා අගනා අදහසක්...
0
You are not authorized to post a reply.
Page 9 of 24 << < 7891011 > >>