Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 May 2019 09:24 PM by Imalka Hewage මේ මොනවාද ? 474 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 8 of 24 << < 678910 > >> Author Messages Sanduni kanchanaVeteran MemberPosts:2462 07 Oct 2016 04:03 PM මෙයාව නොදන්න කෙනෙක් නම් නෑ මම හිතන්නේ....... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 07 Oct 2016 07:52 PM මෙයා නම් ගොනුස්සෙක් ..ඔන්න යන්තම් කියා ගත්තා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Oct 2016 12:52 AM මම ආසයි ගොනුස්සත් එක්ක ෆයිට් එකක් දාන්න.. විෂ සතෙක් වුනත් කිසිම කරදයක් නැති අහිංසක සතෙක්... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 08 Oct 2016 01:44 AM දැන් ගෝනුස්සො ඉස්සර වගේ දකින්න නැහැ නේද. ගොඩක් අඩුයි 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 08 Oct 2016 05:15 AM Posted By DanuLiyanage on 07 Oct 2016 12:35 PM shaa mallige uttara watinaa wisthara tikak thiyenawa malli sthuthi මහලොකු අයියා මෙයා.. අයියට මල්ලිලු 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 08 Oct 2016 07:21 AM Posted By indika76 on 08 Oct 2016 12:52 AM මම ආසයි ගොනුස්සත් එක්ක ෆයිට් එකක් දාන්න.. විෂ සතෙක් වුනත් කිසිම කරදයක් නැති අහිංසක සතෙක්...කොයි සතත් අහිංසකයි නේද අය්යේ අපෙන් හානියක් නැත්නම් . 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Oct 2016 07:27 AM ඒක ඇත්ත නංගී ... මම මේ ළගදි ලොකු නයෙක් බේර ගත්තා.. අපේ පැත්තේ අය මරන්න හැදුවේ.. මම ගෝනියක් කෝටුවකින් ලංකලාම ඒක ඇතුලට ගියා.. පසුව රක්ෂිතයකට මුදා හැරියා... ඌ කිසිම කරදරයක් කලේ නෑ... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 08 Oct 2016 07:43 AM Posted By indika76 on 08 Oct 2016 07:27 AM ඒක ඇත්ත නංගී ... මම මේ ළගදි ලොකු නයෙක් බේර ගත්තා.. අපේ පැත්තේ අය මරන්න හැදුවේ.. මම ගෝනියක් කෝටුවකින් ලංකලාම ඒක ඇතුලට ගියා.. පසුව රක්ෂිතයකට මුදා හැරියා... ඌ කිසිම කරදරයක් කලේ නෑ... එක නේ ..බලන්න මරුවා නම් කොච්චර පවු ද ,,අපිමයි සත්තු නපුරු කර ගන්නේ . 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 08 Oct 2016 03:55 PM මම නම්මම දැක්ක සතෙක්ව කවදාවත් මරන්න දෙන්නේ නෑ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 08 Oct 2016 03:57 PM ගෝනුස්සා (Emperor Scorpion) ඇනිමාලියා රාජධානියේ ආත්‍රපෝඩා හෙවත් සංධිපාදික වංශයට අයත් වේ. ඇරැක්නිඩා ගෝත්‍රයේ ස්කෝ(ර්)පිනිඩේ පව්ලට අයත් ගෝනුස්සා Pandinus imperator යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබයි. ගෝනුස්සාගේ දේහය තද නිල් පැහැයට හුරු කළු ඝණ කයිටීන් බහිස් සැකිල්ලකින් ආවර්ණය වී තිබෙනවා. මධ්‍ය රේඛාව ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදිය හැකි නිසා ගෝනුස්සාගේ දේහය ද්විපාර්ශවික සමමිතියකින් යුක්තයි. හිස සහ උරස එක්වී ශීර්ෂවුරස ලෙස හැදින්වෙන එක් කොටසක්ද උදර කොටස තවත් කොටසක් ලෙසද පැහැදිලිව හදුනාගත හැක. මෙම කොටස් ටැග්මා ලෙස හැදින්විය හැකි අතර ගෝනුස්සාගේ දේහය ටැග්මා දෙකකින් නිර්මාණයවී තිබෙනවා. ගෝනුස්සාට පාද දහයක් හෙවත් පාද යුගල් පහක් පිහිටා තිබෙනවා. මේ අතරින් ඉදිරි පාද දෙක ගොදුරු තදින් ග්‍රහණය කරගත හැකි ග්‍රාහිකා අඩුලෙස විශේෂයෙන් අනුවර්තනය වී තිබෙනවා. සාමාන්‍යන් මෙම ගෝනුස්සෙකු 9”ක් පමණ දිගට වැඩෙනවා. වල්ගයේ කෙළවර විෂ ග්‍රන්ථියක් සමග සම්බන්ධවන තියුණු තුඩක් පිහිටා තිබෙනවා. ග්‍රහිකා අඩු දෙක භාවිතාකර අල්ලාගන්නා ගොදුර අඩපණ කිරීම සදහා වල්ගයේ අැති මෙම තුඩ බාවිතාකර විෂ ඇතුල්කිරීම සිදුකරනු ලබනවා. ගොනුස්සාගේ විෂතුල අන්තර්ගතවන්නේ Imperatoxin ලෙස හදුන්වන රසායනිකද්‍රව්‍යයි. රාත්‍රී කාලයේදී වඩා සක්‍රීය සත්වයෙකු වන ගෝනුස්සා පොළව තුළ ඇති ගුල් හෝ ගල් යට දිවා කාලයේ සැගවී සිටිනවා. වැසි දින වල ගුල් වැසි වතුරින් පිරීගිය විට දිවා කාලයේදීද සමහර අවස්ථා වලදී දැකගත හැකී. ඝන කයිටීන් දේහ ආවර්ණයෙන් බාහිරට නිරාවර්ණය වී ඇති රෝම විශාල සංඛ්‍යාවක් ගෝනුස්සාගේ දේහය පුරා පිහිටා තිබෙන අතර මේවාට වාතය සහ භූමිය ඔස්සේ පැමිණෙන සියුම් කම්පන තරංග පිළිබද සංඥා පවා ගෝනුස්සාගේ ඉස්නායු පද්ධතියට දැනුම්දීමේ හැකියාව තිබෙනවා. එම සංඥා වලට අනුව ගෝනුස්සාට තමන්ගේ ගොදුරු කරගතහැකි කෘමීන් හෝ කුඩා සතුන් සිටින දිශාව සහ ස්ථානය ඉතා නිවැරදිව සොයා යෑමට හැකියාව තිබෙනවා. මදවිෂ සහිත සත්වයෙක් වන ගෝනුස්සා දශ්ඨකල විට එම ස්ථානය අවට පේශී අධික ඉදිමුමකට ලක්වන අතර දින කිහිපයක් අධික වේදනාවක් ඇතිවනවා. ගෝනුස්සාගේ දේහයේ ඉදිරිපස ටැග්මාවේ පහළින් ශාක පත්‍ර දෙකක් වැනි අවයවයක් තිබෙන අතර එහා පනාවක කෙදි වැනි ව්‍යුහයක් දැකිය හැකී. මෙය Pectinus ලෙස හැදින්වෙන අතර පිරිමි ගෝනුස්සන්ගේ මෙම අවයවය ගැහැණු ගෝනුස්සන්ට වඩා තරමක් වීශාලයි. නමුත් මෙමගින් සිදුවන කාර්ය කුමක්ද කියා තවම විද්‍යාඥයන්ට හරිහැටි පැහැදිලි කිරීමට හැකිවී නැත. ජෛව විවිධත්වයේ ඉතා වැදගත් ස්ථානයක් සියලුම ජීවීන්ට හිමිවී ඇති අතර ගෝනුස්සාද ස්වභාවික තුල්‍ය තාවය පැවතීම සදහා ආහාර දාමවල සිටින වැදගත් පුරුකක්. එම නිසා මිහිමත සිටින බුද්ධිමත්ම ජීවියා ලෙස වෙමැනි ගෝනුස්සන් හෝ වෙනත් සර්පයන් දුටු තැන මරා නොදමා මිනිසුන් බහුලව නොමැති ස්ථානයකට ගෙන ගොස්දමන්න. මිහි මත වෙසෙන සියලුම ශාක සහ සතුනට ආදරය කිරීමට ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කලහැකි දේ කිරීමද අප සතු වගකීමක් බව නිතරම මතක තබාගන්න. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 08 Oct 2016 04:10 PM විෂ නෑති ඔසු ඈති ගෝනුස්සා. ලොව විශාලතම ගෝනුස්සන් අතර කාගේත් අවධානයට ලක් වූ ගෝනුස්සන් විශේෂය ලෙස හෑදින්විය හෑකි වන්නේ Pandinus Imperator ය. නෑතහොත් ඔවුන් Emperor Scorpian වශයෙන් ද හෑදින්වේ.එම ජීවීන් බහුල වශයෙන් හමුවන්නේ අප්‍රිකා වෑසි වනාන්තරය තුලය .බූකිනෝෆාසෝ, ගෑම්බියාව, ගිනි, ගිනි බිසව්, ටෝගෝ, ලයිබීරියාව,මාලි,නයිජීරියාව,සෙනෙගල් සහ සියරාලියෝන් වෑනි අප්‍රිකා රාජ්‍යවල ඔවුහු බහුල වශයෙන් වාසය කරති. ඔවුන් ප්‍රමාණයෙන් විශාලය.පරිණත තත්වයට පත් ජීවියකු 20 cm ක් පමණ දිගතිය.ජීවියකුගේ ආයු කාලය වසර 5 සිට 8 දක්වා කාල ප්‍රමාණයක් බව අනාවරණය වී තිබේ.ඔවුන්ගේ ශරීරය අදුරු පෑහෑතිය.මේ අදුරු පෑහෑය තද නිල් පෑහෑයේ සිට දුඹුරු කලු පෑහෑ දක්වා වූ වර්ණ පරාසයක් තුළ විහිදී ඈත. ජීවින්ගේ ශරීරය කෙලෙවර විෂ ග්‍රන්ථි පිහිටා තිබේ.මේ විශේෂයේ ගෝනුස්සකු මිනිසුන්ට දෂ්ට කලහොත් එම විෂ මිනිස් සිරුර තුළට ඈතුලු වේ.එහෙත් මිනිසාට එමගින් අහිතකර බලපෑමක් එල්ල නොවන බව පෑවසේ. එයට හේතුව Pandinus Imperator ගෝනුසු විශේෂය තුළ පවතින විෂ මිනිසාට උග්‍ර විෂක් වනවාට වඩා ඖෂ්‍යධයක් වීමයි.ඔවුන් තුළ අඩංගු විෂ හෑදින්වෙන්නේ Imperatoxin යන නමිනි.මෙම රසායනික ද්‍රව්‍යය මිනිසාට වෑලදෙන ඈතෑම් හෘද රෝගවලට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කළ හෑකිද යන සෑකය මතුව තිබේ.එහෙත් එය තවමත් විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු නොකළ කරුණක් බව අපි අමතක නොකළ යුතු වෙමු. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 09 Oct 2016 01:58 AM අපේ රටේ නැහැනේ මේ විෂ නැති එකා. එ්කටත් එක්ක හරියන්න ඔන්න මද විෂ එකා ඉන්නවා ස්තූතියි නගා විස්තර වලට 1 Sanduni kanchanaVeteran MemberPosts:2462 09 Oct 2016 02:03 AM මෙහෙ ඉන්නේ විෂ අය තමා හී 0 shanaka kelumSuper Senior MemberPosts:7332 09 Oct 2016 02:08 AM Posted By සඳුනි on 09 Oct 2016 02:03 AM මෙහෙ ඉන්නේ විෂ අය තමා හී ඔව් ඔව් මම දන්නේ නැද්ද. එක එක ජාතියෙන් ඉන්නවා 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 09 Oct 2016 05:44 PM අදුර ගත්තද මන්දා......... 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 09 Oct 2016 05:48 PM Posted By sha733 on 09 Oct 2016 02:08 AM Posted By සඳුනි on 09 Oct 2016 02:03 AM මෙහෙ ඉන්නේ විෂ අය තමා හී ඔව් ඔව් මම දන්නේ නැද්ද. එක එක ජාතියෙන් ඉන්නවා ඒකනේ බයානකම. ඔෟෂධයක් හොයා ගන්නත් බෑ.. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 09 Oct 2016 08:20 PM Posted By සඳුනි on 09 Oct 2016 05:44 PM අදුර ගත්තද මන්දා......... පේර මල් නේද මේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 10 Oct 2016 03:59 AM මම හිතන්නෙත් පේර මල් කියලා... 0 Dushan ShyomalVeteran MemberPosts:2536 10 Oct 2016 04:36 AM පේර මල් වෙන්න ඕනේ මාත් හිතන්නේ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 10 Oct 2016 10:52 AM පේර (Pasidium guajava) ලොව පුරා අතිශයින්ම ජනප්‍රිය පේර විටමින් සී, දල තන්තු හා කැල්සියම් බහුල පලතුරකි. දකුණු මෙක්සිකෝව සහ මධ්‍යම ඇමෙරිකාව ආශ්‍රිත ප්‍රදේශ නිජබිම කරගත් නමුත් එය දැන් ලොව පුරා පැතිරී ඇත. පේර අලුත් පලතුරක් මෙන්ම විවිධ ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගැනෙයි. කැබලි ලෙස ටින්වල ඇසිරීමටද, ජෑම්, ජෙලි, චට්නි, යුෂ, ක්‍රීම් තැවරු අයිස්ක්‍රීම් හා බේකරි නිෂ්පාදන සඳහාද යොදාගනී. දැනට ශ්‍රී ලංකාවේ ඇති සමස්ත පේර වගාව හෙක්ටයාර 400 - 500 අතර ප්‍රමාණයකි. හම්බන්තොට, මන්නාරම, පුත්තලම හා මොණරාගල දිස්ත්‍රික්කයන්හි වාණිජ මට්ටමින් පේර වගාව සිදු කරයි. ගෙවත්තටද ඉතා සුදුසු පලතුරු ශාකයකි. පේර නිවැසියන්ගේ විටමින් අවශ්‍යතාවය සරලව විසඳා දෙන්නෙකි. පෝෂණීය අගය ඉදුණු මදය ග්‍රෑම් 100ක අඩංගු දෑ පදාර්ථය ප්‍රමාණය ජලය ග්‍රෑම් 81.7 ශක්තිය කිලෝකැලරි 51.0 මාංශ ජනක ධාතු ග්‍රෑම් 0.9 මේදය ග්‍රෑම් 0.3 පිෂ්ඨධාතු ග්‍රෑම් 11.2 කැල්සියම් මිලිග්‍රෑම් 10.0 පොස්පරස් මිලිග්‍රෑම් 28.0 යකඩ මිලිග්‍රෑම් 1.4 තයමින් මයික්‍රොග්‍රෑම් 30.0 රයිබොප්ලේවින් මයික්‍රොග්‍රෑම් 30.0 නයසීන් මිලිග්‍රෑම් 0.4 විටමින් සී මිලිග්‍රෑම් 212.0 0 You are not authorized to post a reply. Page 8 of 24 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games