You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari Jayasekara
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 77 << < 56789 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Nov 2016 12:00 AM
හෝ ඔය පේන්නෙ දැන්. මේවගේ නම් දැක්කාම දිරවයිද කියන බයක් දැනෙනවා
වයින් ටික හදල බලන්න ඔනේ ලේසි වැඩක් වගේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
30 Nov 2016 12:02 AM
මෙහෙ නම් වතුර ගණන් වයින් , බියර් වලට වඩා..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Nov 2016 01:17 AM
ලංකාවෙ වතුරවලටත් ඔය සෙතේ වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ අයියේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Nov 2016 05:18 PM

http://www.mediafire.com/convkey/15a2/2f2rj6h7epzx94mzg.jpg?size_id=b

http://www.mediafire.com/convkey/126b/ibbrjdar6trdvxlzg.jpg?size_id=b 

http://www.mediafire.com/convkey/b195/cqpnnxk59fc8sd8zg.jpg?size_id=b

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Nov 2016 05:18 PM
http://www.mediafire.com/convkey/8b21/gqkux6gi6vpc49vzg.jpg?size_id=c
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Nov 2016 08:27 PM
මාලු තුන්දෙන් දැක්කම ඉවසන්න බෑ මලයෝ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
30 Nov 2016 11:52 PM
මේවා දැක්කම ඉවසන්න බැහැ. අපිට කොයින්ද කොස් දෙල්..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Dec 2016 05:30 AM
Posted By indika76 on 30 Nov 2016 08:27 PM
මාලු තුන්දෙන් දැක්කම ඉවසන්න බෑ මලයෝ...
මේ වගේ සීතල දවස්වල නේද අයියේ

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Dec 2016 07:02 AM

නත්තලට නැතුවම බැරි වයින් ගෙදර හැදුවම රසයෙන් වැඩියි 

ලිව්වේ  සටහන් - ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
ළඟ ළඟ එන අසිරිමත් නත්තලේදී අපේ ගෘහණියට නිනව්වක් ඇත්තේම නැහැ. ගේ දොර අලුත් කරන වැඩ, අලුත් ඇඳුම් මහන වැඩ විතරක්ම නෙවෙයි, කෑම ජාතිත් හදන්න එපායැ. මේ ඔක්කොටම කලින් කරන්න ඕනේ වයින් හදන වැඩේ. වයින් ටික කල්තියාම හදලා තිබ්බොත් තමයි හොඳටම සීසන් වෙන්නේ. එහෙමත් නැත්නම් පදම් වෙන්නේ. රසය හොඳින්ම දැනෙන්නෙත් එවිටයි.

 

වයින් වර්ග හදද්දී බෝතලය හොඳින් වසා තැබීම, අදාළ දිනවලදී කලවම් කිරීම අත්‍යවශ්‍ය වේ. නියමිත දින ගණන තබන්නේ නම් හොඳම වයින් වර්ගවල රසය තොලගාන්නට හැකි වේවි.

වයින් පදම් වෙන විට ද්‍රාවණය උඩට මතු වේ. ඒ නිසා වයින් දමා පදම්වීමට තබන බඳුන ප්‍රමාණයෙන් තරමක විශාල එකක් විය යුතුයි. එම බඳුනේ කට ළඟටම වයින් දමන්න එපා. ඉඩ තියන්න. එමෙන්ම මෙම බඳුන හිරු එළිය නොවදින තැනක තබා ගැනීමට සැලකිලිමත් වෙන්න. වයින් බෝතල්වලට දැමීමේදී බෝතලය ඇලකර පුනීලය සහිත කෝප්පයකින් දමාගන්න. පෙරා නගින ලෙස එකතු කරන්න එපා.

  උපදෙස්  ප්‍රවීණ සූපවේදී

රුක්ෂාන් ඉද්දමල්ගොඩ

077-6205781

 රට ඉඳි වයින්

 රසයෙන් හා පැහැයෙන් චෙරි වයින්වලට සමාන රට ඉඳි වයින් ද රසයෙන් හා ගුණයෙන් ඉහළම තැන්හි සිටියි. ආනයනය කරන ලද පැණිරස උතුරා ගිය හොඳම වර්ගයේ රට ඉඳිවලින් සාදන්නේ නම් වයින් ද බෙහෙවින්ම රසවත් වේවි. බාල රට ඉඳි වර්ග ඕනෑතරම් ඇති නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වීම වටී.

අවශ්‍ය ද්‍රව්‍ය:

ඇට ඉවත් කොට සිහින්ව කැබලි කරගන්නා

ලද රට ඉඳි කිලෝ 1 යි ග්‍රෑම් 400 ක්

සීනි කිලෝ 1 ක්

වතුර බෝතල් 6 ක්

සිට්‍රික් ඇසිඩ් මේස හැඳි 1 ක් හෝ දෙහි යුෂ

මේස හැඳි 1 ක්

ඊස්ට් තේ හැඳි 1 ක්

සාදන අන්දම:

මඳ රස්නය ඇති වතුර කෝප්ප 1/2 ක් ගෙන එයට ඊස්ට් දමා දියකර පසෙකින් තබාගන්න.

පිරිසුදු භාජනයක් ළිප තබා එයට වතුර, සීනි මිශ්‍ර කොට ලී හැන්දක් ආධාරයෙන් සීනි දියවන තුරු පිස ගන්න. ළිප නිවා ගන්න. එයට ඇට ඉවත්කර කපා ගන්නා ලද රට ඉඳි එකතු කරගන්න.

රස්නය අඩු වූ විට ඊට ඊස්ට් ද්‍රාවණය හා සිට්‍රික් ඇසිඩ් හෝ දෙහි යුෂ එකතු කරන්න.

දිනකට වරක් හැඳි ගාමින් දින 10 ක් වසා තබා පෙරා බෝතල්වලට දමා ගන්න. රට ඉඳි වයින් සුවඳවත්ය. මෘදුය.


 මී පැණි වයින්

 මී පැණි බහුල රටවල මී පැණි වයින් හරිම ජනප්‍රියයි. සීනි වෙනුවට පිරිසුදු මී පැණි යොදා සාදන මෙම වයින් රසවත් සහ ගුණවත් එකකි. මී පැණිවල ඇති සියලුම ගුණ මීපැණි වයින්වල ද අඩංගු වේ.

මේ සඳහා අවශ්‍ය වන්නේ:

පිරිසුදු මී පැණි ග්‍රෑම් 650 ක් (ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසල්වලින් මිලදී ගත හැකි වේ)

වතුර ලීටර් 3 ක්

කුරුඳු කුඩු මේස හැඳි 1/2 ක්

තළාගත් ඉඟුරු මේස හැඳි 1 ක්

කරාබු නැටි මේස හැඳි 1/2 ක්

පොතු හරින ලද ලෙමන් ගෙඩි 1/2 ක්

ඊස්ට් ග්‍රෑම් 17 ක් පමණ

මී පැණි වයින් මෙහෙම හදමු

ඊස්ට් හැර අනෙක් සියලුම ද්‍රව්‍යයන් පිරිසුදු භාජනයකට දමා මඳ ගින්නේ තම්බා ගන්න. මෙම දියරය ලීටර් 2 ක් පමණ ඇති විට ළිපෙන් බා හොඳින් නිවෙන්නට හරින්න. මෙයට ඊස්ට් කලවම්කර පිරිසුදු රෙදි කැබැල්ලකින් හොඳින් කට වසා දින 5/6 ක් යනතුරු වියළි කාමර උෂ්ණත්වයේ තබන්න

(ඇලුමිනියම් භාජන භාවිත කරන්න එපා).

ඉන්පසු පෙරා බෝතල්වල අසුරා පසෙකින් තබන්න. නොපැහැදිලි වයින් වර්ගයක් වන බැවින් බෝතලය තුළ අසුරන ලද ද්‍රාවණය රොඩු අඩියට පහළ බැසීමක් සිදුවේ. එබැවින් භාවිතයට පෙර හය වතාවක්වත් පෙරීම සිදු කළ යුතුවේ.

දින 14 ක් වැනි කාලයකදී මෙය ප්‍රයෝජනයට ගත හැකිවේ.


 අන්නාසි වයින්

 අඩු වියදමකින් හා ඉතා ඉක්මනින් සාදාගත හැකි අන්නාසි වයින් රසවත් පානයකි. තරමක් ආම්ලිකතාවෙන් වැඩි වයින් වර්ගයකි.

මේ සඳහා අවශ්‍ය වන්නේ:

පොතු හැර කැබලි කපාගත් අන්නාසි කිලෝ 1 ක්

සීනි කිලෝ 1 ක්

ඊස්ට් මේස හැන්දක්

මඳ රස්නය ඇති වතුර

කෝප්ප 1/2 ක්

ලෙමන් ගෙඩි දෙකක යුෂ

වතුර ලීටර් 2 ක්

කට ලොකු වැසීමට හැකි වීදුරු හෝ පිඟන් මැටි බෝතලයක්

 

අන්නාසි වයින් මෙහෙමයි හදන්නේ.

පළමුව මඳ රස්නය ඇති වතුර කෝප්ප 1/2 ට ඊස්ට් සහ සීනිවලින් මේස හැන්දක් යොදා කලවම් කොට ඊස්ට් ද්‍රාවණය සාදා මඳකට පසෙකින් තබන්න.

පිරිසුදු භාජනයකට වතුර ලීටර් 2 දමා මඳ ගින්නේ තබා ඊට ඉතිරි සීනි ටික එකතු කරගන්න. පිරිසුදු ලී හැන්දක් ආධාරයෙන් සීනි ටික දියකර ගන්න. ඊට අන්නාසි කැබලි එකතුකර මඳ ගින්නේ තම්බා විනාඩි 10 - 15 අතර කාලයක් තුළදී ළිපෙන් බා ගන්න.

හොඳින් නිවුණු පසු ඉහත සඳහන් කරන ලද වීදුරු හෝ පිඟන් මැටි බෝතලයට අන්නාසි කැබලි ද්‍රාවණය දමා ගන්න. ඉන්පසු සාදාගන්නා ලද ඊස්ට් ද්‍රාවණය හොඳින් කලවම් කොට බෝතලයට දමා ගන්න. එයටම ලෙමන් යුෂ එකතු කරගන්න. ලෙමන් යුෂ දැමූ පසු ඊස්ට් ද්‍රාවණය කලවම් කිරීමෙන් වළකින්න. හොඳින් මූඩිය වසා වියළි කාමර උෂ්ණත්වය ඇති තැනක තබන්න.

සාදා ගත් මෙම ද්‍රාවණය දින 21 ක් තිබිය යුතු අතර 4 වැනි, 5 වැනි දිනයකදී පිරිසුදු ලී හැන්දකින් මිශ්‍රණය කළවම් කොට නැවත දින 15 / 16 ක් වසා තබන්න.

දින 21 කට පසුව මෙම මිශ්‍රණය පෙරා පිරිසුදු බෝතල්වල අසුරා ගන්න. රසවත් අන්නාසි වයින් දැන් ප්‍රයෝජනයට ගතහැකි අතර තවත් දින 21 ක් පමණ වයින් ඇසුරූ බෝතල්වල තබා ගැනීමෙන් රසවත් බව තව තවත් වැඩි වේවි.


 තැඹිලි වයින්

 අපේ රටේ තැඹිලි බහුල නිසා බහුතරයක් ගෘහණියන් තැඹිලි වයින් හදන්නට පෙලඹේ. අඩු වියදමකින් සෑදීමට හැකිවීමත් තැඹිලි වයින් ජනප්‍රියවීමට තවත් හේතුවකි.

මේ සඳහා අවශ්‍ය වන්නේ:

තැඹිලි වතුර බෝතල්

6 ක් (මිලිලීටර් 750 ක් බෝතල් 1 කි)

සීනි කිලෝ 2 1/2 ක්

ඊස්ට් ග්‍රෑම් 50 ක්

කරාබු නැටි 15 ක් පමණ

කරඳමුංගු කරල් 15 ක් පමණ

කුරුඳු පොතු කැබැල්ලක්

දෙහි හෝ ලෙමන් ගෙඩි 4 ක යුෂ

 තැඹිලි වයින් මෙහෙම හදමු.

මඳ රස්නය සහිත වතුර ස්වල්පයකට ඊස්ට් දමා දිය කොට ද්‍රාවණය පසෙකින් තබන්න.

ඉහත සඳහන් සීනිවලින්ම (ග්‍රෑම් 125) සීනි කැරමල්

කර සාදාගත් පැණි කෝප්ප 1 ක් වෙන් කරගන්න.

ඉතිරි සීනි තැඹිලි වතුරට දමා දියකර ගන්න. පසුව පිරිසුදු වීදුරු හෝ පිඟන් මැටි බූලියකට සීනි මිශ්‍ර කරගත් තැඹිලි වතුර, තළාගත් කරාබු නැටි, කරඳමුංගු, දෙහි හෝ ලෙමන් යුෂ හා ඊස්ට් ද්‍රාවණය දමා පිරිසුදු ලී හැන්දකින් මිශ්‍රකර පිරිසුදු ස්ථානයක වසා තබන්න.

දින 10 කට පසුව කැරමල් කර සාදාගත් පැණි කලවම් කොට දින 11 ක් පමණ වසා තබන්න.

දින 21 කට පසුව පෙරා පිරිසුදු බෝතල්වල අසුරා ගන්න. කදිමට පදම් වුණු තැඹිලි වයින් වීදුරුවක් තොලගෑමේ අවස්ථාව ඔබට හිමිවේ.


 ලෙමන් වයින්

 පැඟිරි රසය හරි හරියට එක්වුණු ලෙමන් වයින්වල සුවඳ දසතම පැතිරෙන එකකි.

මේ සඳහා අවශ්‍ය වන්නේ:

සාමාන්‍ය ප්‍රමාණයේ ලෙමන් ගෙඩි 10 ක්

ඊස්ට් මේස හැඳි 1/2 ක්

වතුර ලීටර් 2 ක්

සීනි කිලෝ 2 ක්

පෙරීම සඳහා පිරිසුදු රෙදි කැබැල්ලක්

කට ලොකු පිරිසුදු වීදුරු හෝ පිඟන්

මැටි බෝතලයක්

 සාදන අන්දම:

ලෙමන් ගෙඩි සෝදා තබන්න.

වතුර කෝප්ප 1/2 කට ඊස්ට්, සීනි ස්වල්පයක් යොදා ඊස්ට් ද්‍රාවණය සාදා පසෙකින් තබන්න.

රවුම් හැඩයට ලෙමන් කපාගන්න. එසේ රවුමට කපාගත් ලෙමන් ගෙඩිවල සියලු ඇට ඉවත්කර ගන්න.

පිරිසුදු භාජනයකට වතුර ලීටර් 2 දමා රවුම් කපා ගත් ඇට රහිත ලෙමන් දමා විනාඩි 15 ක් පමණ මඳ ගින්නේ තම්බා ගන්න.

එම ද්‍රාවණය නැවත ළිප තබා සීනි එක්කොට ලී හැන්දකින් සීනි දියවෙන තෙක් පිසගන්න.

මෙම ද්‍රාවණය ඉහත බෝතලයට දමා ඊට සාදාගත් ඊස්ට් ද්‍රාවණය ද එකතු කොට කලවම්කර පෙරීම සඳහා ගන්නා ලද රෙදි කැබැල්ල ආධාරයෙන් බෝතලය හොඳින් වසාගන්න.

සතියකට පසු මෙම ද්‍රාවණය පෙරා පිරිසුදු බෝතල්වල අසුරා ගන්න.

දින 21 කට පසු මෙය ප්‍රයෝජනයට ගත හැකිවේ.


 නෙල්ලි වයින්

 නෙල්ලිවල ඖෂධීය ගුණය සම්පූර්ණයෙන්ම අඩංගු නෙල්ලි වයින් ද වයින් සඳහා ප්‍රිය කරන්නන්ගේ රුචිකත්වයේ මුල් තැන්හි සිටියි.

අවශ්‍ය වන්නේ:

හොඳින් පැසුණු බෙහෙත් නෙල්ලි කිලෝ 1 ක්

සීනි කිලෝ 1 ක්

වතුර ලීටර් 3 ක්

ඊස්ට් මේස හැඳි 1/4 ක්

පිරිසුදු කට ලොකු වැසිය හැකි වීදුරු හෝ පිඟන් මැටි බෝතලයක්

සාදන්නේ:

නෙල්ලි හොඳින් සෝදා ඒවා පැය 3/4 ක කාලයක් වතුරේ තබන්න. පසුව වෙන්කර ගන්නා ලද නෙල්ලි හා වතුර ලීටර් 3 ද පිරිසුදු භාජයකට එක්කර පැය 1/2 ක් පමණ මඳ ගින්නේ තම්බා ගන්න.

තම්බා ගත් නෙල්ලි වෙන්කර එම ද්‍රාවණයට සීනි දමා මඳ ගින්නේ සීනි දියවෙන තුරු ලී හැන්දක් ආධාරයෙන් හැඳිගාමින් පිසගන්න. නිවෙන්නට පසෙකින් තබන්න.

තම්බාගත් නෙල්ලිවල ඇට ඉවත්කර එම නෙල්ලි හා ඊස්ට් ද ඉහත ද්‍රාවණයට එකතු කොට දින 20 ක් පමණ හොඳින් සීසන් වනතුරු තබන්න. සෑම දිනකම ලී හැන්දක් ආධාරයෙන් මෙම ද්‍රාවණය කලවම් කරන්න.

21 වැනි දිනයේදී එම ද්‍රාවණය පෙරා පිරිසුදු බෝතල්වලට අසුරා ගන්න. තවත් දින 20 ක් පමණ තබා නැවත පෙරා ගැනීමෙන් නෙල්ලි වයින්වල රසවත් බව තවත් වැඩි වේවි.


 බීට්රූට් වයින්

 බීට්රූට් වයින්වල පැහැයට කොයි කවුරුත් ආසා කරයි. මධ්‍යසාර එක්කිරීම මෙම වයින් වර්ගයේ ඇති විශේෂත්වයයි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගනිමු.

බීට්රූට් කිලෝ 2 1/2 ක්

දෙහි ගෙඩි 4 ක යුෂ

සීනි කිලෝ 1 ග්‍රෑම් 250 යි

ඊස්ට් තේ හැඳි 1/2 ක්

ඇට රහිත රේසින් ග්‍රෑම් 250 ක්

වතුර බෝතල් 6 ක්

මධ්‍යසාර බෝතල් 1 ක්

පාන් පෙති 1 ක්

කරාබු නැටි 6, 7 ක්

ආමන්ඩ් එසන්ස් කුප්පි 1/2 ක්

වැනිලා එසන්ස් කුඩා කුප්පියක්

සාදන අයුරු,

මඳ රස්නය ඇති වතුර ස්වල්පයකට ඊස්ට් යොදා කලවම් කොට ඊස්ට් ද්‍රාවණය සාදා පසෙකින් තබන්න.

බීට්රූට් පොතු හැර සෝදා කුඩා කැබැලිවලට කපා වතුර බෝතල් හය සමඟ මිශ්‍ර කොට පිරිසුදු භාජනයක දමා තම්බා ගන්න. වතුර බෝතල් 2 ක ප්‍රමාණයකට අඩු වූ පසු ළිප නිවා පෙරාගන්න.

ඊස්ට් හැර අනෙකුත් සියලුම ද්‍රව්‍යයන් කට ලොකු වීදුරු හෝ පිඟන් මැටි බඳුනකට දමන්න.

පාන් පෙත්ත යාන්තම් ටෝස්ට්කර ඒ මතට ඊස්ට් ද්‍රාවණය වත්කොට එම පාන් පෙත්ත බීට්රූට් වතුර මතට දමා කාමර උෂ්ණත්වය ඇති පිරිසුදු ස්ථානයක තබන්න.

දිනපතා දවසකට වරක් පිරිසුදු ලී හැන්දක් භාවිතයෙන් භාජනයේ තිබෙන දෑ හැඳි ගාන්න. දින 14 ක් ගත වූවාට පසු පිරිසුදු බෝතල්වල අසුරා ගන්න.

 

 


 ඉඟුරු වයින්

 ඉඟුරු තේ වැනි පානයන් බොන ඔබ ඉඟුරු වයින්වල රසය මින් පෙර අත්විඳ තිබේද?

මේ සඳහා අවශ්‍ය වන්නේ:

අඹරාගත් ඉඟුරු ග්‍රෑම් 80 ක් පමණ

දෙහි ගෙඩි 4 ක යුෂ

ඇට රහිත වියළි මිදි ග්‍රෑම් 80 ක්

සීනි කිලෝ 1 ග්‍රෑම් 300 ක්

ඊස්ට් තේ හැඳි 1/2 ක්

වතුර බෝතල් 3 1/2 ක්

යුෂ ගන්නා ලද දෙහි ලෙලි

 

සාදන අන්දම:

මඳ රස්නය ඇති වතුර කෝප්ප 1/2 කට ඊස්ට් ටික කලවම් කොට පසෙකින් තබන්න.

පිරිසුදු භාජනයක් ළිප තබා වතුර, සීනි එකතුකර ලී හැන්දක් ආධාරයෙන් සීනි දියවෙනතුරු පිස ගන්න. පසුව එයට අඹරා ගත් ඉඟුරු, දෙහි ලෙලි දමා පැය 1/2 ක් පමණ මඳ ගින්නේ තම්බා ගන්න. මෙම ද්‍රාවණය නිවුණු පසු දෙහි යුෂ එකතු කරගන්න.

කට ලොකු වීදුරු හෝ පිඟන් මැටි බූලියකට වියළි මිදි දමා ඒ මතට ඉහත කී ද්‍රාවණය වත් කරන්න. සාදාගත් ඊස්ට් ද්‍රාවණය එකතුකර ලී හැන්දක් ආධාරයෙන් කලවම් කොට කට වසා තබන්න.

දින 10 ක් නොකඩවා දිනකට වරක් බැගින් මෙම භාජනයේ ඇති දෑ හැඳි ගාන්න. දින 11 කට පසුව පෙරා පිරිසුදු බෝතල්වල අසුරා ප්‍රයෝජනයට ගන්න.

 


 

මිදි වයින්

 පලතුරු වයින් වර්ග අතුරින් ලොව ජනප්‍රියතම වයින් වර්ගය වන්නේ මිදි වයින්ය. මේ සඳහා බිත්තර එකතු කිරිම විශේෂත්වයකි.

 අවශ්‍ය වන්නේ:

ඇට රහිත කළු මිදි කිලෝ 2 ක්

උණු වතුර ලිටර් 3+1

සීනි කිලෝ 1+1

තළාගත් කරදමුංගු කරල් 10/12

ක් පමණ

ඊස්ට් තේ හැඳි 1 ක්

ගසාගත් බිත්තර සුදු මද 1 ක්

පිරිසුදු කොට තළාගත් තිරිඟු ඇට ග්‍රෑම් 100 ක්

ඉහත සඳහන් අමතර සීනි කිලෝ එක සහ වතුර ලීටර් 1 යොදා ගනිමින් සීනි සිරප් එක සාදා ගන්න.

 සාදන අයුරු:

මිදි නැටි ඉවත් කොට සෝදා

පිරිසුදු කරගන්න.

මඳ රස්නය ඇති වතුර කොප්ප 1/2 ට ඊස්ට් දමා කලවම් කොට පසෙකින් තබන්න.

ශුද්ධ කර ගත් මිදිවලට උණුවතුර ලිටර් 3 යොදා මිදි ටික පොඩි කරගන්න.

මෙයට සීනි, තළාගත් කරදමුංගු, තළාගත් තිරිඟු, බිත්තර සුදුමද, ඊස්ට් ද්‍රාවණය එකතු කොට වීදුරු හෝ පිඟන් මැටි බූලියට දමන්න. මෙය දින 20 ක් යනතුරු දිනපතා පිරිසුදු ලී හැන්දක් භාවිත කරමින් කලවම් කරන්න.

20 වැනි දින පෙරා ඉහත සාදාගත් සීනි සිරප් එකතු කොට හොඳින් කලවම් කර පිරිසුදු බෝතල්වල අසුරන්න.

තවත් දින 20 කට පසු මෙම මිදි වයින් ප්‍රයෝජනයට ගැනීම වඩාත් උචිත වේ.

 ඡායා - උපාලි ජයරත්න

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Dec 2016 08:49 AM
වයින් තොගයකම හදන විදිය තියෙන්නේ.
පෙනෙන විදියට හදා ගන්නත් ලේසිනෙ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Dec 2016 09:18 AM
හොදවයින් ලේසි එකක් බලල හදන්න ඔනේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Dec 2016 11:54 PM
මෙහෙ නම් වයින් හදන්න එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. වයින් වතුර වලට වඩා ලාභයි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Dec 2016 01:05 AM
එහෙම වෙන්න හේතු මොනවද අයියේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Dec 2016 07:43 PM
ම්ම්ම්ම් වයින් එකතුවක් ,,,, නත්තල් කාලෙට හොදයි කට්ටියට . බොහොම ස්තුති !
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Dec 2016 08:35 PM
මේවා ගෙදර හදන්න ගිහින් කූරු ගනින්න වෙයිද දන්නේ නෑ...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Dec 2016 10:06 AM

http://www.mediafire.com/convkey/a77e/l3f8xrm0m8onmgpzg.jpg?size_id=b

http://www.mediafire.com/convkey/1a91/bqb4wfg3p5cpss2zg.jpg?size_id=c 

http://www.mediafire.com/convkey/a19f/81988nkk7cljehzzg.jpg?size_id=b

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Dec 2016 03:45 PM
ම්ම්ම්ම්ම්ම් කටට කෙලත් ආවා .....බොහොම ස්තුති මේ රෙසපි ගෙනාවට .
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
07 Dec 2016 10:07 PM
අම්මෝ තියෙන පෙරේත කම.........
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Dec 2016 09:21 AM

https://s29.postimg.org/flngu3vzb/page0012161214.jpg

https://s24.postimg.org/8j91c3nb9/page0013161214.jpg

https://s30.postimg.org/olbe2mdip/page0014161214.jpg

https://s30.postimg.org/8undehcc1/page0021161214.jpg

https://s23.postimg.org/b2ggm0h6z/page0030161214.jpg

https://s24.postimg.org/gu5a4xs6d/page0031161214.jpg

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
17 Dec 2016 07:46 AM
මල්ලිත් කෑම වට්ටෝරු තොගයක්ම දාලා.ස්තූතියි හොදේ.
0
You are not authorized to post a reply.
Page 7 of 77 << < 56789 > >>