You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  Indika Dampahala
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 31 of 31 << < 2728293031
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Sep 2019 04:25 PM
  •  Quote
  •  Reply
අපේ ජීවිත ප්ලෑන් කරපු කෙනා හම්බුණොත් ප්ලෑන් එක වෙනස් කරනවා අම්මපා ඉල්ලගෙන 
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Sep 2019 02:20 PM
  •  Quote
  •  Reply
හරසුන් වදනින් දොඩනා
කිසිවෙක් නොපතන් හදිනා
සසරෙත් පිනකින් බැඳෙනා
මිතුරන් හමුවෙත් කලණා

දුදනන් පළවා හරිනා
සුගුණන් ඇසුරත් වටිනා
හඳුනා මිතුරන් කලණා
දිවියත් යහපත් කරනා

නැතහොත් කිසිවෙක් හැඳිනා
තනියත් සැපතක් සිතෙනා
වඩවා ගුණ දම් සොඳිනා
දිවියේ අරුතක් පතනා

(උතු ජන්දස - බිඟුවෙන විරිත
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Sep 2019 02:20 PM
  •  Quote
  •  Reply
තනිවම දිවියේ ඉපැදී
බැඳුමක සෙනෙහේ අයදී
සිතු ලෙස සැමදා නොරැඳී
මරුවගෙ ළඟදී පරදී

සඳ මුදු නැගලා එනවා
ඉරදෙවී බැසලා යනවා
සුසුම ද අවසන් වෙනවා
දහමට නිදසුන් දෙනවා

අනියත බවක් ම හමු වේ
දුක නිති සසරේ මතු වේ
බුදුහිමි නිරතුරු දෙසු වේ
සැනසෙන මගකී මෙලොවේ

( උතු ජන්දස - අරී විරිත )
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Oct 2019 09:12 AM
  •  Quote
  •  Reply
ඔබේ පෙමට මහද
ඇබ්බැහි මෙතරම් කිමද
සනසන්න හැකිද මගෙ හද මඩල නිබඳ
වෙන්ව නොයා නිතිම දී පහස ද සුහද

පපු ගැබෙහි උණුසුම
ලැබේ නම් දිවියතුරුම
ළඟ රැදෙන්නම් අවසන වෙනතුරු සුසුම
මියෙන්නට පතමින්ම ඔබෙ දෑත මතම

පොපියනා සිතුවිලි
එකිනෙක නැගී හදවෙත
ඇසිල්ලක දුටු සිහිනයක්ම නොම වෙයන්
නිදැල්ලක සරණා සකුනෙක් වගෙ වෙයන්

- සිතිලි ගී -
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Oct 2019 09:17 AM
  •  Quote
  •  Reply
ඔබේ පෙමට මහද
ඇබ්බැහි මෙතරම් කිමද
සනසන්න හැකිද මගෙ හද මඩල නිබඳ
වෙන්ව නොයා නිතිම දී පහස ද සුහද

පපු ගැබෙහි උණුසුම
ලැබේ නම් දිවියතුරුම
ළඟ රැදෙන්නම් අවසන වෙනතුරු සුසුම
මියෙන්නට පතමින්ම ඔබෙ දෑත මතම

පොපියනා සිතුවිලි
එකිනෙක නැගී හදවෙත
ඇසිල්ලක දුටු සිහිනයක්ම නොම වෙයන්
නිදැල්ලක සරණා සකුනෙක් වගෙ වෙයන්
නගා මහත්තයට ලියපු කවි පෙළක් වෙන්න ඕන.
ලස්සනයි කවි පෙළ පොඩ්ඩියෙ.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Nov 2019 02:37 PM
  •  Quote
  •  Reply
සිතන සිතන හැම සිතුමෙම ඔබම සිටී නම්
මතක අහුරු ගුලි කර කර මිහිර විඳින්නම්
ළඟම නොරැඳි දුරක යන්න නුඹට අවැසි නම්
නොපෙනෙන සේ වහන් වෙලා බලා හිඳින්නම්

- ඩිලීකා -
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Nov 2019 02:37 PM
  •  Quote
  •  Reply
සරතැස නිවාලන සුනිල දිය පොද ඔබම වේ
දිවිමග පුරා රැඳි සොඳුරු සිහිනය ඔබම වේ
හදවත පවා හැම මොහොතෙ අයැදුම ඔබම වේ
සසරම සරා හැම භවයෙ සුපැතුම ඔබම වේ

- ඩිලීකා -
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Nov 2019 02:38 PM
  •  Quote
  •  Reply
හිරු ගිලෙන විට ඉඩ දෙමින් සඳ වෙත හිරු
තරු දිලෙන විට පොපොයමින් සොඳ සිරි තරු
ඔරු පදින විට තුටුවෙමින් හද දිවි ඔරු
මරු දකින විට සැනසෙමින් විඳ ගනු මරු

ගිලෙන විට හිරු ඉඩ දෙමින් සඳ වෙත හිරු
දිලෙන විට තරු පොපොයමින් සොඳ සිරි තරු
පදින විට ඔරු තුටුවෙමින් හද දිවි ඔරු
දකින විට මරු සැනසෙමින් විඳ ගනු මරු

ඉඩ දෙමින් ගිලෙන විට හිරු සඳ වෙත හිරු
පොපොයමින් දිලෙන විට තරු සොඳ සිරි තරු
තුටුවෙමින් පදින විට ඔරු හද දිවි ඔරු
සැනසෙමින් දකින විට මරු විඳ ගනු මරු

සඳ වෙත හිරු ඉඩ දෙමින් ගිලෙන විට හිරු
සොඳ සිරි තරු පොපොයමින් දිලෙන විට තරු
හද දිවි ඔරු තුටුවෙමින් පදින විට ඔරු
විඳ ගනු මරු සැනසෙමින් දකින විට මරු

-සම මත් වලින් පබැදි තරංග කවියක් -

- ඩිලීකා මධුශනී -
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Nov 2019 07:08 PM
  •  Quote
  •  Reply
සඳ වෙත හිරු ඉඩ දෙමින් ගිලෙන විට හිරු
සොඳ සිරි තරු පොපොයමින් දිලෙන විට තරු


ඒ අවස්ථාව මැවිලා පේනවා වගේ...
හරිම සුන්දරයි...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Nov 2019 10:22 AM
  •  Quote
  •  Reply
ලස්සන නිර්මාණ ටිකක් පොඩ්ඩි නගෝ ..........
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
27 Nov 2019 07:24 PM
  •  Quote
  •  Reply
ෆො-ඩ්ඩි නංගී ගේ අලුත් නිර්මාණ ටික එල,,.......ඈ..ඈ..ඈ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Jan 2020 11:16 PM
  •  Quote
  •  Reply
සා පොඩ්ඩි අක්කි මම් නැති ටිකේ රස කවි කියලනේ❤️❤️
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Feb 2020 01:27 PM
  •  Quote
  •  Reply
තුති වේවා හැමෝටම
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Jun 2022 12:12 PM
  •  Quote
  •  Reply
නොසිතුව ලෙස පෙර දිනෙක,
සොයුරෙකුව නුඹ මට හමුව
බැඳී ලැබැදිම වූ සෙනෙහසින්
පුරා සත් වසරක් ඉක්ම ගොස් අදට...

හද බැඳුණු සුසුම වී
"ඉතිං පොඩ්ඩියේ කොහොමද ?"
නිතර සැප දුක ද
විමසුවේ නුඹ....


නෑ ඇසෙන්නට නෑ ඒ වදන් අද
නෑ ඇසෙන්නට නෑ නුඹෙ වදන් හෙට
නිහඩ වී බොහො දුරක ගොස්
මතක පමණක් ඉතිරි කර මට...

කෙසේ නම් පිළිගන්න ද මම
නුඹෙ සුසුම්වැල් නතර වී වග
ඉකි බිඳ හඩන්නටවත්
වාරු නෑ මගෙ සිතට තව...

සෙනෙහසින් ඇරයුම් ගෙනත්
ළබැඳි ම වූ සොයුරු සොයුරියන්
මුණ ගැස්සුවේ නුඹ
මෙ ස්ටන් පවුල තුල

එදත්, අදත් වගෙම හෙටත්...
එක ලෙසම බැඳේවි අප හැම
නමුදු... නුඹ නොමැති අඩු
කෙසේ කවුරුන්ට හැකිවේද පිරිමසන්නට...

පතන්නට නම් බැහැ නුඹට
වේවා... යි නිවන් සුව...
යළිත් ඉපදෙන්න අප අතර
නිදුක් නිරෝගී දීර්ඝායුෂ රැගෙන...

ජීවිතය අනිතතයි
මරණය නියතයි
ලෝ දහමට නතුයි
ජීවය රැඳුණු හැම සුසුම...

ඉදිං එක දිනෙක
අපිත් එන්නම්...
එතෙක් නුඹට
සුවම සුවබර නින්දක්.....

සුබ ගමන් ඉසුරු අයියේ.. 🙏🏻🙏🏻🙏🏻

❣️❣️❣️... ආදරණීය පොඩ්ඩි....❣️❣️❣️
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Jun 2022 10:02 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 03 Jun 2022 12:12 PM
නොසිතුව ලෙස පෙර දිනෙක,
සොයුරෙකුව නුඹ මට හමුව
බැඳී ලැබැදිම වූ සෙනෙහසින්
පුරා සත් වසරක් ඉක්ම ගොස් අදට...

හද බැඳුණු සුසුම වී
"ඉතිං පොඩ්ඩියේ කොහොමද ?"
නිතර සැප දුක ද
විමසුවේ නුඹ....


නෑ ඇසෙන්නට නෑ ඒ වදන් අද
නෑ ඇසෙන්නට නෑ නුඹෙ වදන් හෙට
නිහඩ වී බොහො දුරක ගොස්
මතක පමණක් ඉතිරි කර මට...

කෙසේ නම් පිළිගන්න ද මම
නුඹෙ සුසුම්වැල් නතර වී වග
ඉකි බිඳ හඩන්නටවත්
වාරු නෑ මගෙ සිතට තව...

සෙනෙහසින් ඇරයුම් ගෙනත්
ළබැඳි ම වූ සොයුරු සොයුරියන්
මුණ ගැස්සුවේ නුඹ
මෙ ස්ටන් පවුල තුල

එදත්, අදත් වගෙම හෙටත්...
එක ලෙසම බැඳේවි අප හැම
නමුදු... නුඹ නොමැති අඩු
කෙසේ කවුරුන්ට හැකිවේද පිරිමසන්නට...

පතන්නට නම් බැහැ නුඹට
වේවා... යි නිවන් සුව...
යළිත් ඉපදෙන්න අප අතර
නිදුක් නිරෝගී දීර්ඝායුෂ රැගෙන...

ජීවිතය අනිතතයි
මරණය නියතයි
ලෝ දහමට නතුයි
ජීවය රැඳුණු හැම සුසුම...

ඉදිං එක දිනෙක
අපිත් එන්නම්...
එතෙක් නුඹට
සුවම සුවබර නින්දක්.....

සුබ ගමන් ඉසුරු අයියේ.. 🙏🏻🙏🏻🙏🏻

❣️❣️❣️... ආදරණීය පොඩ්ඩි....❣️❣️❣️

 

පොඩ්ඩි නගා කියන්න ඕන ටික ලස්සනට කවියෙන්ම කියල. ඉසුරු මල්ලිගේ වියෝවීම ස්ටන් පවුලටම පිරවිය නොහැකි පාඩුවක්. එය ආදේශකයක් නොමැති රික්තකයක් ලෙස සැමදා පවතීවි.

 

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
04 Jun 2022 11:01 AM
  •  Quote
  •  Reply

Posted By maduranga001 on 03 Jun 2022 10:02 PM
Posted By Poddi on 03 Jun 2022 12:12 PM

නොසිතුව ලෙස පෙර දිනෙක,

සොයුරෙකුව නුඹ මට හමුව

බැඳී ලැබැදිම වූ සෙනෙහසින්

පුරා සත් වසරක් ඉක්ම ගොස් අදට...



හද බැඳුණු සුසුම වී

"ඉතිං පොඩ්ඩියේ කොහොමද ?"

නිතර සැප දුක ද

විමසුවේ නුඹ....





නෑ ඇසෙන්නට නෑ ඒ වදන් අද

නෑ ඇසෙන්නට නෑ නුඹෙ වදන් හෙට

නිහඩ වී බොහො දුරක ගොස්

මතක පමණක් ඉතිරි කර මට...



කෙසේ නම් පිළිගන්න ද මම

නුඹෙ සුසුම්වැල් නතර වී වග

ඉකි බිඳ හඩන්නටවත්

වාරු නෑ මගෙ සිතට තව...



සෙනෙහසින් ඇරයුම් ගෙනත්

ළබැඳි ම වූ සොයුරු සොයුරියන්

මුණ ගැස්සුවේ නුඹ

මෙ ස්ටන් පවුල තුල



එදත්, අදත් වගෙම හෙටත්...

එක ලෙසම බැඳේවි අප හැම

නමුදු... නුඹ නොමැති අඩු

කෙසේ කවුරුන්ට හැකිවේද පිරිමසන්නට...



පතන්නට නම් බැහැ නුඹට

වේවා... යි නිවන් සුව...

යළිත් ඉපදෙන්න අප අතර

නිදුක් නිරෝගී දීර්ඝායුෂ රැගෙන...



ජීවිතය අනිතතයි

මරණය නියතයි

ලෝ දහමට නතුයි

ජීවය රැඳුණු හැම සුසුම...



ඉදිං එක දිනෙක

අපිත් එන්නම්...

එතෙක් නුඹට

සුවම සුවබර නින්දක්.....



සුබ ගමන් ඉසුරු අයියේ.. 🙏🏻🙏🏻🙏🏻



❣️❣️❣️... ආදරණීය පොඩ්ඩි....❣️❣️❣️


 



පොඩ්ඩි නගා කියන්න ඕන ටික ලස්සනට කවියෙන්ම කියල. ඉසුරු මල්ලිගේ වියෝවීම ස්ටන් පවුලටම පිරවිය නොහැකි පාඩුවක්. එය ආදේශකයක් නොමැති රික්තකයක් ලෙස සැමදා පවතීවි.



 



0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
15 Jun 2022 10:29 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 03 Jun 2022 12:12 PM
නොසිතුව ලෙස පෙර දිනෙක,
සොයුරෙකුව නුඹ මට හමුව
බැඳී ලැබැදිම වූ සෙනෙහසින්
පුරා සත් වසරක් ඉක්ම ගොස් අදට...

හද බැඳුණු සුසුම වී
"ඉතිං පොඩ්ඩියේ කොහොමද ?"
නිතර සැප දුක ද
විමසුවේ නුඹ....


නෑ ඇසෙන්නට නෑ ඒ වදන් අද
නෑ ඇසෙන්නට නෑ නුඹෙ වදන් හෙට
නිහඩ වී බොහො දුරක ගොස්
මතක පමණක් ඉතිරි කර මට...

කෙසේ නම් පිළිගන්න ද මම
නුඹෙ සුසුම්වැල් නතර වී වග
ඉකි බිඳ හඩන්නටවත්
වාරු නෑ මගෙ සිතට තව...

සෙනෙහසින් ඇරයුම් ගෙනත්
ළබැඳි ම වූ සොයුරු සොයුරියන්
මුණ ගැස්සුවේ නුඹ
මෙ ස්ටන් පවුල තුල

එදත්, අදත් වගෙම හෙටත්...
එක ලෙසම බැඳේවි අප හැම
නමුදු... නුඹ නොමැති අඩු
කෙසේ කවුරුන්ට හැකිවේද පිරිමසන්නට...

පතන්නට නම් බැහැ නුඹට
වේවා... යි නිවන් සුව...
යළිත් ඉපදෙන්න අප අතර
නිදුක් නිරෝගී දීර්ඝායුෂ රැගෙන...

ජීවිතය අනිතතයි
මරණය නියතයි
ලෝ දහමට නතුයි
ජීවය රැඳුණු හැම සුසුම...

ඉදිං එක දිනෙක
අපිත් එන්නම්...
එතෙක් නුඹට
සුවම සුවබර නින්දක්.....

සුබ ගමන් ඉසුරු අයියේ.. 🙏🏻🙏🏻🙏🏻

❣️❣️❣️... ආදරණීය පොඩ්ඩි....❣️❣️❣️

දුකයි බම් මේව කියවද්දි..

 

 

0
Add Reply
Page 31 of 31 << < 2728293031


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below