You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  Indika Dampahala
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 28 of 31 << < 2627282930 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Feb 2019 07:29 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 16 Feb 2019 01:50 PM
ඉස්සර
පෙම්බර
ආදර
අන්දර

නිරතුර
නෙතුහැර
පෙම්පුර
පැහැසර

වගෙ පෙර
හී සැර
කොච්චර
සුන්දර

ගිය දුර
මා හැර
ඝනදුර
ගෙනහැර

- ඩිලීකා -

2.සිරි ඡන්දස
(2)මියුලු විරිත
ඉතා ලස්සන වෙනස් ආකාරයේ නිර්මාණයක්. මේ නිර්මාණය ඔයාගේද? සරල සහ රසවත්.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Feb 2019 07:29 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 20 Feb 2019 02:45 PM
ඉපිද මැරෙන යළි ඉපදෙන
අරුමයක්ය මෙ භව ගමන
අතිර ලොවම පරද දිනන
මගක්වේද එයයි නිවන

-ඩිලීකා -
වටිනා අදහසක් ලස්සන නිර්මාණයක් ලෙසින්.

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Feb 2019 08:04 PM
  •  Quote
  •  Reply
සසරක පැතුමක් විලසින් ________හමු වී
දෙහදක සෙනෙහස් බැඳුමන් _____ඇති වී
නොහිතපු රිදුමන් කොතෙකුත්____ සිදු වී
පවකද දුරකට වෙන්නත් ______හිමි වී

-පෙද විරිත -
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Feb 2019 09:14 PM
  •  Quote
  •  Reply
ලස්සන කවියක් අක්කේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Feb 2019 01:49 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 21 Feb 2019 08:04 PM
සසරක පැතුමක් විලසින් ________හමු වී
දෙහදක සෙනෙහස් බැඳුමන් _____ඇති වී
නොහිතපු රිදුමන් කොතෙකුත්____ සිදු වී
පවකද දුරකට වෙන්නත් ______හිමි වී

-පෙද විරිත -

හූම්.....දුකායි  😟
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Apr 2019 06:37 PM
  •  Quote
  •  Reply
රුදුරු හඬ
දවන හිත
නොදැනම
ඇසිල්ලකින්

අහිමි දිවි
හින්දා හැම
කඳුළු හිමි
ලතවෙමින්

යළි යළිත්
මගෙ රටට
නොවෙන් දුක
මේ ලෙසින්

කුල මල
ජාති ආගම්
පක්ෂ පාට
එපා එපා එපා
රකිනු රට
හිඳ අවදියෙන්
- poddi -
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Apr 2019 07:06 PM
  •  Quote
  •  Reply


මම ලීව කවි වලින් සදැස් කවි පමණක්  60-70  ප්‍රමාණයක් එකතුවෙන් මුල්ම අත්පිටපත '' කව්සිළුමිණ'' පළාත් තරඟ වලට ඔන්න ඊයේ බාර දුන්නා
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
25 Apr 2019 07:08 PM
  •  Quote
  •  Reply
සුභ පැතුම්.....ලස්සන කවි ගොඩක එකතුවක්
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Apr 2019 07:10 PM
  •  Quote
  •  Reply
ස්තුතියි දිල්කි සොයුරියේ ඔයාට ගොඩක්ම 
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Apr 2019 08:36 PM
  •  Quote
  •  Reply
ගුඩ් ලක් පොඩ්ඩි අක්කී.......💜️💐
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Apr 2019 08:44 PM
  •  Quote
  •  Reply
සුබ පැතුම් පොඩ්ඩි නංගි.........
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Apr 2019 10:49 PM
  •  Quote
  •  Reply
ස්තුතියි නංගා 
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Apr 2019 10:51 PM
  •  Quote
  •  Reply
ස්තුතියි අයියන්ඩියේ 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Apr 2019 05:41 AM
  •  Quote
  •  Reply
නියමයි නංගි. මේක ජයග්‍රහණය කරන්නම ඕන. වැඩියෙන්ම සතුටු වෙන්නෙ ස්ටන් එකේ අපි.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Apr 2019 11:08 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 26 Apr 2019 05:41 AM
නියමයි නංගි. මේක ජයග්‍රහණය කරන්නම ඕන. වැඩියෙන්ම සතුටු වෙන්නෙ ස්ටන් එකේ අපි.


ස්තුතියි මධු අයියේ 
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Jul 2019 02:12 PM
  •  Quote
  •  Reply
=විඳිමුද සිරි අසිරි =

සිත පුරා නැගුණු සෙනෙහෙ අරං සීත යාමයේ
පාට පාටින් දේදුන්නක් රුව මවලා තියේ
අර ඇදී නටන සකුණ පැටව් අහස් මායිමේ
තුඩින් තුඩට කව් ගීත ගයා නොපෙනිලා ගියේ

රංචු රංචු මාළු පැටව් නියරෙ දොරකඩේ
පින්නක් පැන නැවතුණු හැටි කුඹුරෙ මඩ ගොඩේ
කොක් හාමිට ඇස ගැටිලා දැන් හරිම ලෙඩේ
රිද්මය අසනුව නොනැසී ගැහෙන පපු හඬේ

දිය බුබුළු නගා ගලා හැලෙන සීත ජල රොදේ
සුව සතුට මිහිර රඳන අතර දුක පහළ ඇදේ
දියරොද සිඹිමින මල් සුවඳ සෑම දෙසට රැඳේ
තුරුපත් හිනැහි ඇදිලා ගොස් ඉවුර මතම වැදේ

- ඩිලීකා -
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Jul 2019 02:12 PM
  •  Quote
  •  Reply
ජනනිය මතු බුදු වෙනු මැන

ජ නිත කරලා රිදුම් උහුලා බැති පෙමින්
නහර ඇට මස් පුරා රඳලා ගුණ සෙමින්
නිබඳ සනසන මහද නොරිදා හිමි හෙමින්
යනෙන මාවත දුක් රිදුමන් ද දුරලමින්

මහද සොඳුරුම උත්තමාවියගෙ නමින්
තුන් යාමයෙම සැනසුම අයදිමි පෙමින්
බුදුන් දැක පුරා පාරමී ගුණ දමින්
දුරස් වෙනු මැන සසර ගමනින් හෙමින්

වෙන්සන්තර රජු දවසත් හිමි දූ දරු දන් දෙමින්
නුඹ දන්නවා ඇති බිසෝ හැඩූ හැටි වැළපෙමින්
මැහැල්ල කි අද වියපත්ව සවි තෙද බල නැතිකමින්
නවතින්න හැකිද කෙලෙසක දරුපෙම අතහැරලමින්

- J .M . ඩිලීකා මධුශානි -
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Jul 2019 02:12 PM
  •  Quote
  •  Reply
පතමින් සසර ඉපදුම මවකගෙ කුස _සොදුරු වෙන
ලබමින් මිහිර සැනසුම දෙදෙනම හිත_ පැතුව මෙන
තබමින් අඩිය දියතෙහි යනුහැකි දුර _ __හඳුනගෙන
සොයුරන් නමුදු මිතුරුය හැම ______ගෙවෙන දින

මාවත දුර නොවේ නෙත්තුළ රැඳි අභිමන් _සඵල වෙන
බාධක බිඳ දමා යන්නට හැක පැතුමන් _-හදෙහි ගෙන
පාළුව නිති නොයේ හින්දම අපි කඳුළින් __සිනහසෙන
ජීවිත මඟ දිගේ සුන්දර කවි ගෙත්තම් ___දකිනු මැන

පියෙන් පියට දුර මනිනා - තව යා යුතු දුර බොහොමයි
ගිරෙන් ගිරට පැන දුවනා - ඔබ හා මම එක _වගෙමයි
පැතුම් පැතුව මෙනි සසරේ -මතු දා යළි මුණ _ගැසුමයි
පවන් රොදක රැදි සෙනෙහේ - සැමදා සිත් විල සනසයි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Jul 2019 02:15 PM
  •  Quote
  •  Reply
සසර බියකරුය ලොව ඉපදෙන මැරෙන
කටුක දුක් ගිනිය එහි ඇවිලෙන දවන
නිතර සිහිකරමු සදහම අම නිවන
නිවෙන මඟ පුරමු මිදුමට භව දුකින

ඇසුරට ගනිමු හඳුනා මිතුරන් කළණ
බිඳලමු නිතර දුදනන්ගේ අව නුගුණ
වඩමින් සුගුණ යා යුතුමය යන ගමන
සැනසුම පතමු නිවෙනා මග දැක නිවන

දුක සැප නිතින් ලොව පෙරලෙන බව දන්නේ
පරතෙර නොදැන ලොබ බැඳ පසුපස යන්නේ
වෙසතුරු රජුත් තම දු දරු පුද දුන්නේ
සසරෙහි නැවතුම සොයන ගමනට සිත දුන්නේ

හිරු සදු එළිය පරදන නැණ නුවණින්නේ
දසබල ගුණය වඩවාලමු නිතැතින්නේ
නිම් නැති ගමන දැක උතුමන් විලසින්නේ
චතුවිද දහම තුළ සැනසෙමු නිවෙමින්නේ

පිං බල මහිම යුත් ගුණයෙන් සසර සරා
සත්වග සතට මෙත් ගුණදම් සිසිල පෙරා
පස්වග තවුසනුත් අමදම් නිතිම පුරා
කිත්නද මිහිර සිත් සතොසින් රැදවු යුරා

නිමක් නොමැති සසර ගමන හමු වූ මාපිය බොහොමයි
තෙරක් නොදැක අතර මගක සැනසූ දූ දරු කොතෙකැයි
මෙතුන් දොහක නෙතඟ කඳුළු මහ සයුරද නිති පරදයි
පවින් බරව නිරයෙ ඉපිද විඳවූ සෝගිනි නොදනියි

ඉපදී භවේ පසුකල බියකරු සසර
දුකින් වෙලී හිඳිමින් මද ඝණ අඳුර
නුවණින් කිමිද මැද මග දම් අම සයුර
නිවනින් නිවෙමු බිඳ දමමින් පට තිමිර ..
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
23 Jul 2019 03:08 PM
  •  Quote
  •  Reply
ගැඹූරු අර්තයකින් සසරෙ බියකරු බව ගැන ලස්සන ට ලියල........තේරුණේ ටිකයි මට නම්........ස්තුතියි පොඩ්ඩී අක්කී බෙදා ගත්තට
0
Add Reply
Page 28 of 31 << < 2627282930 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below