You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  Indika Dampahala
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 30 of 31 << < 2728293031 > >>
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Aug 2019 01:39 PM
  •  Quote
  •  Reply
තුති ඉසුරු
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Aug 2019 02:27 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 21 Aug 2019 05:33 PM
රන්දා කළලයක් දස මස් ගෙවෙනා තුරුම
වින්දා දුක හුඟක් සිතෙ පෙම් රඳවා ගෙනම
පෙම්මා දරු සුපෙම් එසැණින උතුරා හදම
''අම්මා''පුතු නමින් පළදින කිරුළකි නිතිම

කළලය කුසෙහි රදා සිටි බව ගොඩක් දරුවන්ට මතක නැහැ..
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Aug 2019 03:22 PM
  •  Quote
  •  Reply
ඒකනම් ඇත්ත ඉන්දික අයියේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
26 Aug 2019 05:24 PM
  •  Quote
  •  Reply
කදුළු කැටිත්තක් නොකියා ගිලිහුණු
සොඳුරු සඳක් වෙයි නොකියා සැඟවුණු
සුවඳ දෙවද්දීත් ගිලිහී මැලවුණු
අරුම ලොවක් වෙයි දුක්කම් තෙරපුණු
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Aug 2019 08:00 PM
  •  Quote
  •  Reply
හරිම ලස්සනයි.. ගීතයක් වගේ...
තනුවක් යොදලා ගත්තනම් කියල වැඩක් නෑ...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
27 Aug 2019 01:39 PM
  •  Quote
  •  Reply
තුති අයියේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
27 Aug 2019 01:39 PM
  •  Quote
  •  Reply
කළු ලෝගුවක් ගත දවටා ගස්සන් යන පෙම් කළ යුවතී
මණි මේඛලා හැඩ නැතිවද සෙනෙහෙන් පිදු නුඹ වෙත යුවතී
සිත ගැටුණොත් කිසිවෙකු ලෙන්ගතු හද ඇසුරට හිතවෙද යුවතී
පණ පලයන් මතු සසරකවත් හමු නොම විය යුතු යුවතී

මල් ඇතිරූ රතු බෝවිටියා ලන්දේ අඩිපාරේ
පෙම් කෙරුවා හද සෙනෙහස උතුරා ගලමින් දෝරේ
කල් ගෙවලා සමුදුන් පසු නිමකර පාසල් වාරේ
දැන් ඔබෙ පෙම මිරින්ගුවක් වූ වග හිත වෙත තේරේ

ගෙත්තම් කර දුර ගගනේ සුන්දර සිහිනේ
සිත්තම් කර පඩු පොවලා පෙම්බර සිහිනේ
ලංකර නෙතු ඇප තියලා උකසට සිහිනේ
සුන්කර හද යනු හැකිදෝ බොඳකර සිහිනේ

වෑහෙන දුක හද මත්තෙන් නෙත නොදැක්කට
පෑරුණු හිත හැකි වේ නම් සුදු හදන්නට
ආගිය මග පෙම් මතකය බැහැ දවන්නට
යා යුතු දුර මම සිතුවෙමි යළි නොයන්නට
1

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
02 Sep 2019 07:39 AM
  •  Quote
  •  Reply
ඇබ්බැහි පෙමකට
ලෙන්ගතුව නිති බැඳුනට
හිමි නැත මෙමා හට
උරුමයකි අන් හදකට

පෙර කළ පවකට
සිත ඉකිබිඳ ම හැඩුවට
කණ කොක් ගීයට
විරහ තාල නම් කුමට

සඳ නැගි සවසට
නුඹ එනු මගෙ පැතුමට
නෙතු පියමී සදහට
නුඹ ගෙන සසර මතකෙට

උනුවිලඹු ගී විරිත.
1

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Sep 2019 07:54 AM
  •  Quote
  •  Reply
කණ කොක් ගීයට
විරහ තාල නම් කුමට

හරිම දුක හිතෙන පද පෙලක්..
ඇත්තටම හිත රිදෙන දෙයකට රිද්මයක් කුමටද? මෙහි යටි අර්ථය ගොඩක් ගැඹුරුයි...
ලස්සන නිර්මාණයක්...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
02 Sep 2019 12:38 PM
  •  Quote
  •  Reply
ස්තුතියි අයියේ 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Sep 2019 06:36 AM
  •  Quote
  •  Reply
හරිමල් ලස්සනයි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
05 Sep 2019 09:30 AM
  •  Quote
  •  Reply
තුති ඉන්දික අයියේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
05 Sep 2019 09:30 AM
  •  Quote
  •  Reply
නම්මා සුමග වෙත මවකට මුවා වී
පෙම්මා හදෙහි ගැඹුරුම තැන තබාවී
දැක්මට ලොවම දෙව්රේ මත දරාවී
නිම්මා නොවෙන පෙමකට පිය කියාවී
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Sep 2019 10:34 AM
  •  Quote
  •  Reply
පිය ගුණ කියවෙනවා නම් අඩුයි...
ඒ වගේම පියාගේ ආදරය දරුවන්ට එක වරම දැනෙන්නේ නෑ...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
05 Sep 2019 01:21 PM
  •  Quote
  •  Reply
ම්ම්ම් ...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Sep 2019 11:35 AM
  •  Quote
  •  Reply
අපුරු නිර්මාණ ටිකක් පොඩ්ඩි නගෝ .............
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
16 Sep 2019 02:56 PM
  •  Quote
  •  Reply
ලස්සනයි පොඩ්ඩි ..අපූරුයි
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Sep 2019 07:14 AM
  •  Quote
  •  Reply
ල්ස්සනයි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Sep 2019 01:21 PM
  •  Quote
  •  Reply
ගොම්මනේ උලලේනියක් දුකට ඉකිලමින්
දැක්කාද පිස දමපු කඳුළු කැටි ලතවෙමින්
සීත වැහි කෝඩයෙන් හිරිගඩුත් පුබුදමින්
ලං වෙන්න පින මදිද රන් කැටිට උණුහුමින්

රන්දාන නෙක පැතුම් දුටු හීන සෙනෙහසින්
පින්සාර කිරි කැටිට මල් පුදමි පුරපසින්
පින්පුරා මතු සසර අපෙ නමට පුතු ලෙසින්
මං පතමි හමු වෙන්න ඇති තරම් දුර ගොසින්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Sep 2019 05:02 PM
  •  Quote
  •  Reply
අපේ ජීවිතය කියන්නේ කවුරු හරි සැලසුම් කරපු දෙයක් වගේ නංගී..
ඒ නිසා සිදුවන දේවල් ඒ විදියටම සිදුවෙනවා..
ජීවිතයට මුහුණ දෙන්න දිරි ගන්න නැගණියේ..
0
Add Reply
Page 30 of 31 << < 2728293031 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below