You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Jan 2026 07:33 AM by  Indika Kodithuwakku
.... කදුලත් සැනසුමක්....
 315 Replies
Sort:
Page 5 of 16 << < 34567 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Sep 2016 04:52 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 11 Sep 2016 04:39 AM
Posted By sha733 on 11 Sep 2016 02:10 AM
ඒකත් කියෙවුව ඕං ලස්සනයි කථාව සදුනී
දන්සලේදි කොහොම බෙදයිද කියල බලමුකෝ අනිත් කොටසින්


පේන් නැද්ද තරු පායලා දන්සැල් සිද්දිය ඔතනින් ඉවරයී. අප්පා..

ඒ කියන්නෙ මේක තරැ පායනකොට වහන දන්සලක්ද

දැන් කට්ටියම ගෙදරද ඉන්නේ

1

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Sep 2016 12:34 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 11 Sep 2016 07:58 AM
එක සැරේට කොටස් දෙකක්ම බස්සල තියෙන්නෙ. බොහොම ස්තූතියි.

අර බාප්ප කාරයව අල්ලලා දීපල්ලකෝ බන් පොලිස්සියට. කෙළින්ම විසි අවුරුද්දකට හිරේ යවන්න පුළුවන් ළමා හින්සනේ යටතෙ.

මදුරංග අයියා ඔයා ඔත්තුව දෙන්නකෝ


0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Sep 2016 12:38 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 12 Sep 2016 04:52 AM
Posted By සඳුනි on 11 Sep 2016 04:39 AM
Posted By sha733 on 11 Sep 2016 02:10 AM
ඒකත් කියෙවුව ඕං ලස්සනයි කථාව සදුනී
දන්සලේදි කොහොම බෙදයිද කියල බලමුකෝ අනිත් කොටසින්


පේන් නැද්ද තරු පායලා දන්සැල් සිද්දිය ඔතනින් ඉවරයී. අප්පා..

ඒ කියන්නෙ මේක තරැ පායනකොට වහන දන්සලක්ද

දැන් කට්ටියම ගෙදරද ඉන්නේ


හපොයි 

***************

 ලකුන ඒ දවසේ සිද්දි ඉවරයි කියන ඒක

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Sep 2016 12:38 AM
  •  Quote
  •  Reply
කොටස් 2ක්ම ඇවිල්ලා... බොහොමත්ම ස්තූතියි සඳුනි.
1

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Sep 2016 01:06 AM
  •  Quote
  •  Reply

11.වන කොටස.
*************************************
පෝයදාට පහුවදා ඉස්කෝලේ නිවාඩු දීලයී තිබුනේ. මං හිටියෙ පොත් මේසෙ ලග ඉදන් ක්ලාස් එකේ වැඩ වගයක් කරමින්. එදා සේන බාප්පත් වැඩට ගියේ නැහැ. සීයා තවම නිදි ඊයේ රෑ මහිංසියටද කොහෙද.

මේ ලතෝ. මෙහෙට එනවකො පොඩ්ඩක්
සීයාගෙ කට හඩ ඇහිලා ආච්චි අම්මා සීයා නිදන් ඉන්න ඇද ලගට ආවා.

ඇයි . ?

උබ මගෙ බෑග් එක ඇද්දද.

නෑ.

මගෙ බෑග් එකේ තිබ්බ සල්ලි කෝ එහෙනම්.

ඇයී තාත්තෙ සල්ලි වලට මක් වෙලාද? මං දැක්කා අපේ කෙල්ල බෑග් එක අදිවා. බිම වැටිලා ඇති බලන්න.
සේන බාප්පත් එහෙම කියාගෙන එතනට දුවගෙන ආවා. මාත් එතනට ගියෙ කෑගහගෙන.

මං . මං මොකටද තාත්තගෙ සල්ලි ගන්නෙ. ඕනි නම් හොරකන් කරන්න ඕනී නෑ . ඉල්ලනවා මිසක්. ඒ පාර මං හොරෙකුත් කරන්නද යන්නෙ.

සුදු දූ ගත්තා නම් කමක් නෑ. මං දන්නවා ගත්තු එකා කව්ද කියන්ඩත්. යදින්නත් බෑ මගෙ කෙල්ලටත් ඒවා බලපාන හිංදා. ලතෝ ලැහැත්ති වෙයන් යන්ඩ.

තාත්තේ ඇයී මොකද?
අම්මත් එතනට දුවගෙන ආවා. අම්මයි සේන බාප්පයී සීයයි තුන්දෙනා එක්ක කියව ගත්තා. අන්තිමට සීයා අමාරුවෙන් නොන්ඩි ගගහ පයින්ම පාර පැත්තට යන්න ගියා. ආච්චිත් කේන්තියෙන් ඒ පැත්තට ගියා. අම්මා හැමදාම වගේ එයාටම දෙස් තියාගනිමින් අඩනවා. සේන බාප්පත් බැන බැන පහළට යන්න ගියා. චුටි මල්ලිට තේරුමක් නෑ එයා බය වෙල බලන් ඉන්නවා මොකද වෙන්නෙ කියලා.
චූටි මල්ලි තාම එක වසරේ. ඒ ළමයා රංඩු වෙනවට බයයි .එක්කෝ බිරන්ත වෙලා බලන් ඉන්නවා නැත්තම් අඩනවා. 
මං සේරම අත් හැරලා දාලා පාර පැත්තට ආවා. සීයයි ආච්චී තාම බස් එකක් එනකන් ඉන්නවා. මං ගිහින් වුන දේ ඇහුවා. සේන බාප්පා තමා සීයගෙ සල්ලි අරන් තියෙන්නෙ. සීයා දැකලා තියෙනවා හොරෙන් බෑග් අදින හැටී. 
සේන බාප්පට ඕනී සල්ලියක් නෑ. එයාට ඕනී සීයව එහෙම පන්න ගන්න. එයාගෙ ජරා වැඩ වලට ඉඩක් නෑනේ එයාලා ඉද්දී. බස් එකක් ආවා සීයලා ඒකේ නැගලා යන්නගියා.
අම්මා එදා දවසම ඇඩූ කදුලින් ගෙවලා දැම්මා. එයාගෙ තාත්තට බැරි වෙලේවත් සළක ගන්න බැරි වුන එකට. 
***********************************
අද සෙනසුරාදා දවසක්. අපිට අද දවසම ක්ලාස් . විමුයී මායී එක බස් එකෙන්ම ගිහින් ක්ලාස් තියෙන තැනින් බැස්සා. මං හිතේ අමාරුවෙන් හිටියෙ සීයලත් ගෙදරින් තරහ වෙලා ගිය එකට.

ශදියෝ දුලාන් අයියට කෝල් එකක් දෙන්න ඕනී.
මගෙ මූනට හිනාවක් ආවේ ශානූ අයියගෙ කටහඩ අහන්න ලැබෙන නිසා. දුලාන් අයියා ලග පෝන් එකක් තිබුනේ නෑ. ශානූ අයියගෙ එකට කතා කරලා තමා දුලාන් අයියට පණිවිඩ දුන්නෙ. ඒක නිසා ටෙලි පෝන් බොක්ස් එකෙන් කෝල් අරන් ශානු අයියට හැමදාම පණිවිඩය කියන්නෙ මං . ඒකත් ඉතිං විමූගෙ අදහස් තමා. 

නියමයී.. මොකක්ද්ද කියන්න ඕනී.

ඊයේ දුලාන් අයියා අසනීපෙන්නෙ හිටියෙ දැන් මොකද අහපන්කො. එයා එහෙ යන්න ඇතිනෙ බලන්න.
ශානු අයියයී දුලාන් අයියයි එකම ගමේ. විමුයී මායිත් එකම ගමේ. මං බොක්ස් එකට ගිහින් මාරු සල්ලි කීපයක් දාලා කෝල් එකක් ගත්තා. එහෙන් සිංදුවක් ඇහෙනවා. 

හෙලෝව්... 

හෙලෝව්. ශානූ අයියේ මං

හරි හරි දන්නවා.
ශානු අයියා දැන් මගෙ කටහඩත් අදුරනවා. 

දුලාන් අයියට කොහොමද අහන්න ගත්තේ. 

දූලාන්ට මොකක්ද්ද කියන්න තියෙලූ ඔයාට

මට . .. ඉන්න විමූට දෙන්නම්.
දූලාන් අයියගෙ කතාව මට ඇල්ලුවෙ නෑ. මොකක් හරි අමුත්තක් තියෙයී. මං විමූට අඩ ගහලා දූලාන් අයියා කතා කරනවා කියලා දුන්නා. මං එතනින් ඈත් වුනේ දෙන්නට නිදහසේ කතා කරන්නට ඉඩ දීලා. ටිකකින් විමූ අමුතුම හිනාවක් මවාගෙන මං ළගට ආවා.

මේ වැඩේ හරි..

මෙන වැඩේද.

ඔබේ වැඩේ .

මොකක්ද්ද?

ශානූ අයියා උබෙන් අහන්න කිව්වා.

මොනාද?

මොනාද අහන්නෙ .ආදරේද කියලා..

ම්ම්ම්ම්ම්ම්ම්ම්
මගෙ හිතට කියන්න තරම් ලොකු සතුටක් ආවේ නෑ. මට දුලාන් අයියට කැමති වෙන්න බෑ සේන බාප්පා එයාටත් කරදර කරයී. 

ඇයී ඔබ ම්ම්ම් ගාන්නෙ සතුටු නැද්ද.

නෑ..

ඇයී. මෙච්චර කල් පෙරුම් පිරුවනේ. 

ආදරෙයී තමා. ඒත් මට ශානූ අයියට කරදරයක් වුනොත් දරා ගන්න බෑ . ඒකයී. බෑ කිව්වා කියහන්. දන්නවනේ සේන බාප්පගෙ හැටී.
මං කිසිම හැගීමක් නැතුව කියලා දැම්මා. වීමූත් ලොකු සුසුමක් හෙලුවා විතරයී මොකුත්ම කිව්වේ නෑ.
එදා ඉදන් ශානු අයියා එක්ක හිනා වුනේ වත් නෑ මම. ශානූ අයියාත් හිටියෙ හරිම අවුලෙන්. මගෙත් එක්ක කතා කරන්න අවස්ථාව හදා ගත්තත් මං මග හැරියා. නිර්මානී අක්කත් මගෙන් ඇහුවා ඇයී කියලා. මං කිව්වෙ සේන බාප්පා නිසා බයයි . ඒ කතාව ශානු අයියට නම් කියන්න එපා කියලා. 
ඒ සතියේ බදාදා අපිට ගමේ එන්න සිද්ද වුනා. සීයට හොදටම අමාරුයී කියලා ආච්චි කෝල් කරපු නිසා. අපි එද්දි සෙනග පිරිලා ගෙදර. අම්මගෙ සහෝදර සහෝදරියොත් සේරම හිටියා. සීයට හොදටම අමාරුයී. කන්නේ බොන්නෙත් නෑ, කතා කරන්නෙත් නෑ, ඔහේ නිදාගෙන ඉන්නවා. 
හැමෝම කිව්වා මටවත් කතා කරලා බලන්න කියලා. කවුරුත් කතා කලාට සීයා කතා කරන්නෙ නැති නිසා. ඉස්පිරිතාලෙන් කිව්වලූ දැන් ගොඩ ගන්න බෑ. එයා ඉල්ලන දෙයක් කන්න දීලා නිදහසේ ගෙදර ඉන්න දෙන්න කියලා. 

තාත්තේ .......තාත්තේ ..... තා...ත්තේ.. කතා කරන්නකෝ මං සුදු දූ...

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....
හැමෝම හිතුවා වගේ සීයා මගෙ ත් එක්ක කතා කලා. වචනයක් වත් කතා නොකරපු සීයා මාත් එක්ක කතා කලා .එයා මට කොච්චර ආදරේද..

අනේ මගේ.. තාත්තේ අමාරුයිද?

හ්ම්ම්ම්ම්. හ්ම්ම්ම්ම්

මොනවද මගෙ තාත්තට ඕනී.

ඇ.හ්

මොනවද ඕනී

ව..ව..තු..ර...
ආච්චි මගෙ අත්ට වතුර එකකුයී හැන්දයී දුන්නා. මං හැන්දෙන් වතුර ටිකක් සීයට පෙව්වා. 

තව දෙන්නද...

හ්..ම් 
මං තව වතුර පෙව්වා.

තාත්තේ අපි ඉස්පිරිතාලේ යංද?

ඇ... හ්හ්

ඉස්පිරිතාලේ යමූ.

හාඅ... ය..ං..

හරි යමු තාත්තේ .මොකුත් වෙන්නෙ නෑ මගෙ තාත්තට. හොද වෙනවමයී. 
මං සීයාගේ ඉහ ඉද්දර ඉදගෙන ඔලුව අත ගෑවා. මගෙ ඇස් වලින් කදුලූ බේරෙනවා අනේ දෙවියනේ මට ඉන්නෙ මගෙ තාත්තා විතරයී. එයත් මගෙන් ඈත් කරන්න එපා.
හැමෝම කලබල වෙලා වාහනයක් හොයන්න ගියා. මං සීයා ලගින් හෙල්ලුනේ වත් නෑ. හැන්දකින් කැද ටිකක් පෙව්වා. හැමෝම අඩනවා. 
සීයා ඇස් දෙක ලොකු කරලා මං දිහා බැලුවා. මැලවිලා ගිය මුහුනට අමාරුවෙන් හිනා වක් මැව්වෙ මං දිහා බලා ගෙන. ඒ හිනාවේ තිබුනෙ මට ඔයාව දාල යන්න බෑ දුවේ කියන හැගීම. මට ඒක හොදටම දැනුනා. 

අපි යමු තාත්තෙ... මගෙ තාත්තට මොකුත් වෙන්නෙ නෑ.
මං සීයගෙ පපුවට ඔලුව තියා ගෙන ඇඩුවා. 
වෑන් එකක් හොයාගෙන මාමලා ආවා. කට්ටිය සීයව ඉස්පිරිතාලෙට එක්ක ගියා.

ඊ ළග කොටසින් හමු වෙමූ<!--[if gte vml 1]> <!--[endif]-->😓
.

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
13 Sep 2016 03:26 AM
  •  Quote
  •  Reply
11 වෙනි කොටසත් බැලුවා ඔන්න... හ්ම්.. අනිත් කොටස් ටිකත් එනකං මග බලන් ඉන්නවා .
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Sep 2016 03:43 AM
  •  Quote
  •  Reply
කථාවේ 11ත් ලස්සනයි. ඒකත් කියෙව්වා.
සීයට කරදරයක් එහෙම කරනවා නෙවෙයි ඊලග කොටසේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Sep 2016 05:27 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 13 Sep 2016 03:26 AM
11 වෙනි කොටසත් බැලුවා ඔන්න... හ්ම්.. අනිත් කොටස් ටිකත් එනකං මග බලන් ඉන්නවා .


හෙටනේ 12 ඒන්නේ  රජ්ජුරු අක්කී හී.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Sep 2016 05:29 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 13 Sep 2016 03:43 AM
කථාවේ 11ත් ලස්සනයි. ඒකත් කියෙව්වා.
සීයට කරදරයක් එහෙම කරනවා නෙවෙයි ඊලග කොටසේ

ඒවා දන්නේ දෙවියෝ තමයී
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
14 Sep 2016 01:07 AM
  •  Quote
  •  Reply
සදුනි ඇවිත් නැද්ද අද 
1

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Sep 2016 01:32 AM
  •  Quote
  •  Reply
අනේ තාත්තට මොකුත් වෙන්නේ නැහැ නේද
1

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Sep 2016 02:22 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 14 Sep 2016 01:07 AM
සදුනි ඇවිත් නැද්ද අද 
අැවිත් ඉන්නේ රජ්ජුරු අක්කී හී

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Sep 2016 02:23 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 14 Sep 2016 01:32 AM
අනේ තාත්තට මොකුත් වෙන්නේ නැහැ නේද

බලමු ඉතින්..
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Sep 2016 02:31 AM
  •  Quote
  •  Reply
......කදුලත් සැනසුමක්.....

12 .වන කොටස.


ඉස්පිරිතාලෙදී සේලයින් එකක් එහෙම දීලා බෙහෙත් වේලක් දුන්නම, සීයා ආයෙත් සුව අතට හැරුනේ " ඉඩෝරයට වැසි බිදුවක් වැටුනා වගේ". ඒක හැමෝගෙම හිතට අස්වැසිල්ලක් වුනා.
මේ අවුරුද්දේ විභාගය නිසා අම්මා මාව සීයා බලන්න ඉස්පිරිතාලේ එක්ක ගියෙ නෑ. ඉස්කෝලේ යන්න කිව්වා. ඒක නිසා පහුවදා බ්‍රහසපතින්දා, මම පාසල් ගියා. ඒත් මං හිටියෙ හරිම දුකෙන් සීයා බලන්න යන්න නැති නිසා. 
ශානූ අයියත් උදේ ඉදන්ම මගෙත් එක්ක කතා කරන්නට උත්සහ කලා, ඒත් මං එයාට මුහුන දුන්නෙ නැහැ. එදා දවල් විවේකයෙදී දුලාන් අයියා විමූට කතා කරන්න එන්න කිව්වා. විමු කතා කරලා පංතියට ආවේ මූන ඇද කරගෙන. මං ළගින් ඇවිත් ඉද ගත්තා.

ඇයී බන්. උබලට අවුලක්ද.

නෑ...

එහෙනම්..

ඔබට අවුලක්.

මට....

විමූ කතා කලේ හරිම වේදනාවකින්. මට හිතා ගන්න බෑ මක් වෙලාද කියලා.

ඔව් . ශානූ අයියා ඔබට පණිවිඩයක් කියන්න කිව්වලූ.

මොකක්ද්ද?

එදා ඇහුවෙ විහිලුවට කියන්න කිව්වලූ. ඒ හේතුව නිසා යාලූකම නැති කරන්න එපා කිව්වලූ.

ඉතිං හොදයිනේ.
හිතට දුකක් ආවත් මං කතා කලේ දුක හංගගෙන. විමූ පුදුමෙන් මං දිහා බලන් හිටියා.

ඇයි හොද. ඔබ අතට ආව චාන්ස් එක ඇතෑරියා . මෝඩ කමට බෙහෙත් නෑනේ.

මං දන්නවා බං ඕක ඔහොම වෙයී කියලා. මට දුක නෑ . උබත් දුක් වෙන්න එපා. මගෙ ජීවිතේ තියෙන්නෙ දුක විතරයී. ඒක නිසා මට ළං වෙන අයටත් ලැබෙන්නේ දුක විතරයී. ඕක ඔහොම වුන එක හොදයී. මට ඔය මොනවත් ඕනී නැ. මගෙ තාත්තාට හොද වුනොත් ඇතී.

ඒත් මං දන්නවා ඔබ ශානූ අයියට කොච්චර ආදරෙයිද කියලා. ආදරේ නිසානේ ඔබ බැ කියන්නෙ. අර සේන කියන බූරුවට බයේ. ඔච්චර දුර හිතන්න එපා බං.

දැන් වැඩක් නෑනේ බං .එයා සිරා නෙමෙයිනේ අහලා තියෙන්නේ.


විමුයී මායී ඒ ගැන හුගක් වාද වුනා. මං දැක්කා ශානූ අයියත් පංතියෙ ඉදන් අපි දිහා බලන් ඉන්නවා මං නොදැක්කා වගේ හිටියා.


ශානූ අයියට බයික් එකක් තිබුනා. පොන් තිබුනා සුද්ද වගේ ඕනී කෙනෙක් වෙනුවෙන් සල්ලිත් වියදම් කලා. මං හිතන්නෙ ශානූ අයියා පොහොසත් ඇතී කියලා. මං කොහොමත් පොහොසත් අයට කැමති නෑ. මොකද එයාලා දුක වේදන්නාව අදුරන්නෙ නෑ.

සීයා දැන් ආයී හොදට කතා කරනවලූ, මාව බලන්න ඕනී කියලා එක්ක එන්නත් කිව්වලූ. දෙවියන්ගේ පිහිටින් සීයා හොද අතට ආවා. 
පහුවදා සිකුරාදා , එදත් අම්මා මට ඉස්කෝලේ යන්නම කිව්වා. ඒක නිසා මං ඉස්කෝලෙ ගියා. දවස හරි ඉක්මනට ගෙවිලා ගියා. අන්තිම පිරියට් දෙක සංගීත, ටිකක් බඩ රිදුන නිසා මං සංගීත පංතියට නොයා පංතියට වෙලා ඔලුව තියන් හිටියා. 
ගිය සතියේ සෙනසුරාදා තමා ශානූ අයියා මගෙන් කැමැත්ත ඇහුවෙ, මේ සතියේ සෙනසුරාද වෙන්නත් කලින් එයා මාව අතහැරලා ඉවරයී. මට ඒ ගැන දුකක් නැ, මට කවදාවත් එයාට කැමති වෙන්න බැරි නිසා.


මං නිකමට ශානු අයියලාගෙ පංතිය පැත්ත බැලුවා. ශානු අයියී ,නිර්මානී අක්කයී මගෙ දිහා බල බලා මොනවද කතා වෙනවා. මගෙ ගැන කතාවක් වගේ දැනුන නිසා මං ආයී එහෙ බැලුවෙ නැ. ඇස් දෙක තද කරලා පියාගෙන ටිකක් නිදා ගන්න උත්සහ කලා.

ශදී නංගියෝ....


මගෙ ඔලුව පිරිමදිමින් මට කතා කලේ නිර්මානී අක්කා. මං ඔලුව උස්සලා බලලා, පුටු ඇන්දට හේත්තූ වුනේ ආයාසයෙන් හිනාවක් මූනට අරන්.

මොකද ශදී නංගියෝ. අසනීපයක්ද්ද?

බඩ ටිකක් රිදෙනවා .අක්කෙ.

ඇයී අසනීපද..එහෙනම් පැනඩෝල් දෙකක් බිව්වම ඕකනම් අඩුවෙයී.


බිව්වද.


නිර්මානී අක්කා ලෙඩේ තේරුම් අරන් හිනා වුනා.

හ්ම්ම්ම්ම්

මං මේ දෙයක් කියන්න ආවේ.. ඒත් දැං බෑ .ඔයා අමාරුවෙන්නෙ ඉන්නෙ.

කමක් නෑ අක්කේ කියන්න . වැඩී අමාරුවක් නෑ.
නිර්මානී අක්කා ලොකු කතාවක් කියන්න වගේ ළග තිබුන පුටුවේ ඉද ගත්තා.

අනේ මංදා නංගියෝ... අර බූරුවට පිස්සු.. මං හොදට බැන්නා. ඔයාගෙ හිත රිද්දනවට. වෙලාවකට අහනවා ආයී එපා කියන්නවා, බොරු කියනවා පිස්සූ වගේ.

කමක් නෑ අක්කේ. මං කොහොමත් කැමති වෙන්නේ නෑනේ.

මංදා නංගියෝ කැමතී තීරණයක් ගන්න. ඕන් ආයී අහන්නලූ.


මං එක පාරටම ශානූ අයියලගෙ පංතිය දිහා බැලුවා. ශානූ අයියා හරිම අහිංසක මූනකින් මං දිහාම බලන් ඉන්නවා. ඒ ඇස් දෙක දිලිසෙනවා, ඇස්දෙකේ ආදරය පිරිලා, මට ඒ බැල්ම දරා ගන්න බැරී වුනා.මං බිම බලා ගත්තා.


නිර්මානී අක්කා මගෙත් එක්ක සේරම විස්තරය කිව්වා. ශානු අයියා පළවෙනි පාරටත් අහලා තියෙන්නෙ ඇත්තටමලූ. එයාගෙ කලින් කෙල්ලගෙ කේස් එක දන්න නිසා මං අකමැති කියලා හිතලාලූ බොරුවට ඇහුවේ කිව්වෙ. අනික මං එයාගෙන් ඈත් වෙනවා වගෙ දැනුන නිසාලූ එහෙම කිව්වේ.


මට ශානූ අයියා ගැන හුගක් දුක හිතුනා. මං දන්නවා දැන් ශානූ අයියා මං ගැන මොන තරම් හිතනවද කියලා.


ඉස්කොලේ ඇරෙන්නත් ළගයී, බෙල් කරන්න ටිකක් වෙලා තියෙද්දී වීමු පංතිය ආවා. ඇවිත් පොත් බැග් එක ලැහැත්ති කරන්න ගත්තා. මගෙ පොතුත් සේරම එකතු කලා බෑග් එකට දැම්මා.

කොහොමද ශදියො උබට. පයින් ගෙදර යන්න බැනේ.අද බස් එකේ යමූ.

හ්ම්ම්ම්. මට උබට දෙයක් කියන්න තියෙයී.

මොකක්ද්ද?


මං විමූට වුන සිද්ධිය අකුරක් නෑර, මුල ඉදන් අගටම කිව්වා. විමූ කිව්වේ පිස්සු නොකර ශානූ අයියට කැමැත්ත දෙන්න කියලා. ඊට පස්සෙ වෙන දේවල් එවෙලට බලමූ කියලා.
ඉස්කෝලේ ඇරිලා මං ගෙදර ආවේ නිර්මානී අක්කයී ,මනීෂා නංගි එක්ක. එන ගමන් ශානූ අයියගෙ හොද ගතිගුන ගැන නිර්මානී අක්කා හුගක් දේ මා එක්ක කිව්වා. ආයෙත් මට මේ වගේ හොද කෙනෙක් ලැබෙන එකකුත් නෑ කියලා කිව්වා. 

ඊ ළග කොටසින් හමු වෙමූ...

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Sep 2016 02:46 AM
  •  Quote
  •  Reply
එකොළහයි දොළහයි දෙකම කියෙව්වේ අද.

විඩක් කැමතියි. විඩක් අකමැතියි. කැමතියි. අකමැතියි.. ආයිෂ් අම්මා ගුණ්ඩු..

හෙට ඊළඟ කොටසින් බලමුකෝ එහෙනම්.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
14 Sep 2016 03:29 AM
  •  Quote
  •  Reply
ශානු අයියට කැමැත්ත දෙයි වගේ එහෙනම්.. හොදයි හොඳයි 
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Sep 2016 06:31 AM
  •  Quote
  •  Reply

අනේ මන්දා ශදීගේ අතේ තීරනය... මම ශදී වුනා නම්  හොද කෙලියක් කරනවා..

මම මේ කතාව පිරින්ට් කරන්න යන්නේ

 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Sep 2016 06:43 AM
  •  Quote
  •  Reply
මේ දැන් ඉතුරු කොටසත් දාන්නකො. ප්‍රින්ට් එක හෙට කරන්න දැන් කතාව කියවන්න දාන්නකො
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Sep 2016 08:12 AM
  •  Quote
  •  Reply
......කදුලත් සැනසුමක්........

13. වන කොටස.

එදා හවස මං ඉක්මනින්ම කාමරයට වැදිලා දොර වහ ගත්තා. ඇදේ වැතිරිලා නිදහසේ සිහින ලෝකයක කිමිදුනා. ඇස් දෙක පියා ගෙන ශානූ අයියගෙ රූපය හිතේ මවා ගත්තා. අද හවස මගෙ දිහා බලන් හිටපු බැල්ලම මගෙ හිතේ ගැබුරෙම තැන්පත් වෙලා තිබුනා. මං ආයේ ආයේ ඒ රුව මවාගෙන කල්පනා කලා.
සේන බාප්පා බීලා කෑ ගහගෙන ගෙදර එන සද්දය ඇහිලා මගෙ සිහින සේරම බිදිලා ගියා. 

කෝ අපේ ගෑනී ... මං බිව්වා තමයී. මුං සේරම මාව බල්ලා කරන්න .. යන්නෙ.. කෝ තොපී... ඇරපිය දොර. 
සේන බාප්පා දොරට පයින් ගහන්න ගත්තා. 

තෝ මොකද කාමරේට රිංගගෙන. වර එලියට. 
මං සද්දයක් නොකර අහගෙන හිටියා. 

සුදු දූ..... වරෙන්කෝ එලොයට. මට ඔහොම කරන්න එපා කෙල්ලේ මට හරී හිත් වේදනයී. වරෙං... වරෙං
සේන බාප්පා ඒක කිව්වෙ දොරට හේත්තු වෙලා රහසින් වගෙ. මං ඒත් සද්ද නොකරම හිටියා. බාප්පා දොර ළගට වෙලා නොයෙක් දේවල් කිව්වා. කොල්ලන්ගෙ නම් පාවලා දීලා බැන්නා. 

මොකද සේන ඔය කරන්නෙ..
අම්මාගෙ කට ඇහුනා කුස්සිය පැත්තෙන්. දොර හේත්තු වෙලා හිටිය සේන බාප්පා කලබලෙන් කුස්සියට දුවනවා මට ඇහුනා. අම්මා ගෙදර ඉදලා නෑ මනීෂා නංගිලාගෙ දිහාට ගිය චුට්ටට තමා සේන බාප්පා විකාරය කරලා තියෙන්නෙ. මං හිතන් හිටියේ අම්ම කුස්සියෙ ඉන්නවා කියලා. දෙන්න එක්ක ටිකක් වෙලා බැන ගත්තා. සේන බාප්පා බැන බැන එළියට බැහැලා යන්න ගියා. මොන එක කරත්, අතටම අහු උනත් සේන බාප්පා නෑමයී කියලා දිව්රලා කියනවා.ඒක තමා මට උහුලන්න බැරිම දේ.
කවදාවත් නැතුව මගෙ හිතට ලොකු ශක්ත්තියක් දැනුනා. මගෙ ඇහැට කදුලු බිංදුවක් වත් ආවේ නෑ. මං හිතා ගත්තා වෙනදෙයක් වෙන්න ශානූ අයියට කැමැත්ත දෙනවා කියලා. 
මට දැන් එළී වෙනකන් ඉන්න බෑ. හෙට සෙනසුරාදා ක්ලාස් දවසනේ.. විමූට තීරනය කියලා ශානූ අයියට කෝල් කරලා තීරනය කියනවා කියලා හිතා ගත්තා. මට එළි වෙනකන් නින්ද ගියේ නෑ හිතේ තිබුන සතුට නිසාද කොහෙද. සැරින් සැරේට වෙලාව බලමින් කාලය ගෙව්වා." ලෝකේ එකම තැන නැවතිලා වගේ" මට දැනුනේ ,එළිවෙන්නෙත් නෑ.
පාන්දර වෙනකොට නින්ද ගිහින් තිබුනා. පාන්දර 5ට විතර මට ඇහැරුනේ අම්මා විලාප තියලා අඩනවා ඇහිලා. මං දොර ඇරගෙන අම්මා ළගට ගියා අම්මා බිම ඉදගෙන අඩනවා.

ඇයී... අම්මේ..

අනේ පුතේ... ගියා.... එයා .... ගියා...

කවුද අම්මේ...

තා.....ත්......තා.....

අනේ මගෙ තාත්තා....
මං එච්චරමයී කිය වුනේ .සදහටම සීයා අපිව දාලා ගිහින් කියලා මට තේරුනා. මම එහෙන්මම ගල්වෙලා වගේ පැය භාගයක් විතර හිටියා. ඇස් දෙකෙන් කදුලූ කඩා හැලෙනවා . ඒත් හ්ම්ම්ම් කියලවත් සද්දයක් පිට වුනේ නෑ. කට්ටියම එවෙලේ ලැස්ති වෙලා ත්‍රීවීල් එකකින් ගමේ මහ ගෙදරට යන්න සූදානම.
යන්න හදද්දි මට ශානූ අයියව මතක් වුනා. මගෙ තාත්තාව අන්තිම වතාවට වත් පෙන්නන්න ඕනී කියලා මගෙ හිත කිව්වා. අම්මගෙ ඇඩීමත් ටිකක් තුරන් වෙලා තිබුන නිසා.

අම්මේ...

ම්ම්ම්ම්ම්ම්

නැන්දලටයී. මනීෂා නංගිලටයි කියලා යමූ නේද?. ඉස්කෝලට කියයිනේ මනිෂා නංගී.

හා. දූ එහෙනම් ටග් ගාලා මනීෂට කියලා එන්න මං නැන්දට කියලා එන්නම් . ත්‍රීවිල් එකත් ඇවිත් තියෙන්නෙ පරක්කු වෙන්න එපා.

හා අම්මේ...

මං මනීෂා නංගිලාගෙ ගෙදරට දුවන් ගියා. දොර තට්ටු නොකර පිටි පස්ස පැත්තෙන් ගෙට ගියා දොර ඇරලා තිබුන නිසා. මගෙ සුදු ඇදුමයී මූනයී දැක්කම වෙලා තියෙන දේ එයාලට තේරුනා. නැන්දේ මනීෂා නංගිට කියන්න විමූට පනිවිඩේ කියන්න කියලා. අන්තිමට එහෙම කියලා මං ආපහු ගෙදර ආවා. මං දන්නවනේ විමූට පනිවිඩය යනවා කියන්නෙ ශානූ අයියට කියනවා කියන එක. 
අපි ගමේ මහ ගෙදරට ලං වෙද්දි සෙනග පිරිලා. ආච්චිත් කාමරේ මුල්ලකට වෙලා විලාප තියනවා. ආච්චී මාව දැක්ක ගමන් බදාගෙන අඩන්න ගත්තා. ඊට පස්සෙ ආච්චි කලාන්ත් වෙලා වැටෙන්න ගියා. කට්ටිය වට වෙලා ඇදක හාන්සි කලා.
දවල් දෙක විතර වෙනකොට සියා ගෙ මිනිය ගෙදරට ගෙනාවා. සීයාගෙ සේරම ළමයී ලතොනී දීලා ඇඩුවා. ආච්චි අම්මා මිනි පෙට්ටිය ඇරිනකොට ආයෙත් ක්ලාන්ත් වෙලා ඇද වැටුනා.
මළගේ කටයුතු සීයගේ පුතාලා දෙන්න මැදිහත් වෙලා හොදට කරගෙන ගියා. තවත් නැදැ නංගිලා මල්ලිලා එක්ක එකතු වෙලා එන අයට තේ, බීම දෙන්න තිබුන නිසා අඩන්නවත් ,කල්පනා කරන්නවත්, නිදහසක් තිබුනේ නැහැ.
මිනිය දවස් තුනක් ගෙදර තියා ගත්තා. මං හැමදාම උදේට සුදු මල් මල අමුනලා සීයගෙ වටේට දැම්මා ඇත් දල දෙකේ එකක් ඇමිනුවා. ඒ වෙලාවට තමයී මට දුක හිතෙන්නෙ අයී මගෙ තාත්තා කවදාවත් මං ලගට එන්නෙ නැනේ කියලා. 
මිනිය භූමී දානය කරපු දවසේ හැමෝම ගම දෙවනක් වෙන්න ඇඩුවා. ආච්චි අම්මාට කීප වතාවක්ම කලන්තේ හැදුනා. අන්තිමට මිනී පෙට්ටිය වලේ නිදන් කරලා., පළවෙනී පස් අහුර දානකොට තමයී,මට උහුල ගන්න බැරුව ගියේ. මං පස්සෙ ගොඩේ ඉදගෙන කෑ ගහ ගහ ඇඩුවා. කට්ටිය මාව එතනින් අයින් කරලා. පස්වලින් සීයව සදහටම හංගලා දැම්මා.
හත් දවසේ පිංකමත් හරිම ඉහලින් කලා. හිතා ගන්නවත් බැරී සෙනගක් මලගෙදරටයී, දානේ ගෙදරටයී සහභාගී වුනේ. සියා ගමේ කාටත් හොදින් සැලකුවා. උදව් උපකාර කලා ඒක නිසා යාලූ මිත්‍රයොත් ඕනී තරම් හිටියා. සීයගෙ අකාලේ සමු ගැනීම මුලු ගමටම ලොකු දුකක් වුනා. 

************************************
අපි ආපහූ ගෙදර එන දවස උදා වුනා. කදුලූ පිස දමමින් මං ආච්චි අම්මටයී .ලොකු අම්මටයී වැන්දා.

අනේ... සුදු දූ... ඔයා මෙහෙ ඉන්න.
ආච්චි මාව තුරුල් කරන් ඇඩුවා. ලොකු අම්මා හිටියෙත් ඒ ගෙදර මයී. මහප්පා රට ලොකු අම්මගෙ එක පුතා එයාත් විවාහා වෙලා වෙනම ගෙදරක හිටියේ. ලොකු අම්මා තනියෙන් ඉන්න බැරී නිසා ආච්චි අම්මා එක්ක හිටියේ.
සියල්ලන්ට ම සමුදීලා අපි ගෙදර ආවා. ගම ටිකක් දුර නිසා ඉස්කෝලේ කවුරුත්ම මළ ගෙදර ආවේ නැහැ. ශානූ අයියලා ආවෙත් නැහැ. ශානූ අයියට මගෙ තාත්තව දකින්න තිබුන එකම අවස්ථාවත් නැති වුන එක ගැන මට දුක් වුනා.

ඊ ළග කොටසින් හමූ වෙමු.😥😥😥😥😥
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Sep 2016 08:17 AM
  •  Quote
  •  Reply
පිහිටට හිටපු කෙනත් නැති උනාද ඉතිං. හොඳයි හොඳයි. බොහොම ස්තූතියි මේ කොටසටත්.
0
Add Reply
Page 5 of 16 << < 34567 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below