You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Apr 2023 12:28 PM by  maduranga001
.... කදුලත් සැනසුමක්....
 314 Replies
Sort:
Page 6 of 16 << < 45678 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Sep 2016 10:41 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 14 Sep 2016 08:17 AM
පිහිටට හිටපු කෙනත් නැති උනාද ඉතිං. හොඳයි හොඳයි. බොහොම ස්තූතියි මේ කොටසටත්.

ඒක නේන්නම් පව් ශදී
දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Sep 2016 04:37 AM
  •  Quote
  •  Reply
මෙ ශනු ආවෙ නැද්ද මල ගෙදර
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Sep 2016 05:33 AM
  •  Quote
  •  Reply
සතුටයි දුකයි එක වර ලං උනා නේද
කමක් නැහැ මම එපා කියපු දෙයක්ම අන්තිමට කරානේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Sep 2016 06:29 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 15 Sep 2016 04:37 AM
මෙ ශනු ආවෙ නැද්ද මල ගෙදර


නෑනේ අප්පා

 

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Sep 2016 06:31 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 15 Sep 2016 05:33 AM
සතුටයි දුකයි එක වර ලං උනා නේද
කමක් නැහැ මම එපා කියපු දෙයක්ම අන්තිමට කරානේ

කරන්න දෙයක් නෑ ශා අයියා . මාර අාවම යන්න වෙනවා.

මේක අැත්ත කතාවක් මට වෙනස් කරන්න බැරි වුනා ඒක..

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Sep 2016 06:36 AM
  •  Quote
  •  Reply
......කදුලත් සැනසුමක්.......

14. වන කොටස.

මළගෙදරින් පස්සෙ ඉස්කෝල්ලෙට ආව මුල්ම දවස හරිම පාලුයී .මං දුකින් නිසා කවුරුත් මගේ නිදසට බාධාකලේ නෑ. මළ ගේ නිසා වෙන්න ඇතී විමූ ශානූ අයියා ගැන මොකවත් ඇහුවෙත් නෑ, කිව්වෙත් නෑ .කෑම විවේකය වෙලාවේ මට කන්න තරම් පිරියක් තිබුනේ නෑ මං පංතියේ කොට බිත්තියට හේත්තු වෙලා පහළ වෙල් යාය දිහා බලන් හිටියා. විමූ කීපවතාවක් මට කෑම කන්න කතාකලත් මං ගියෙ නැහැ. විමුත් කටක් දෙකක් කාලා, අනිත් යාලුවන්ට කන්න ඇරලා, අත හෝදගෙන වතුර බෝතලයත් අරන් මං ළගට ආවා. කට්ටියම එක බත් එකට වට වෙලානේ කන්නෙ, කට්ටිය ඒක වැඩී ගානක් නෑ.

ශදීයෝ...

හ්ම්ම්ම්ම්ම්ම්..

මොනාද කල්පනා කරන්නෙ.

තාත්තා මතක් වෙනවා බං.

දුකයී තමයී. අපිට එන්න උනෙත් නෑනේ බං
විමූ මගෙ ළගින්ම බිත්තියට වාරූ වෙලා එහෙම කිව්වෙ හරිම දුකින්. අපි ටිකක් වෙලා කතා කර කර හිටියා. 

ආ නංගිලා.....
දූලාන් අයියගෙ කටහඩ ඇහිලා අපී ඒ පැත්ත බැලුවා. පිරිමි ළමයී රෑනක්ම එතන හිටියා, ඒ අතරේ ශානූ අයියත් මං දිහාම බලාගෙන හිටියා. මට ඒ ඇස් දිහා බලන්න බැහැ, මං එයාගෙ ඇස් මගහැරියා. 

විමූ නංගා එන්නකෝ පොඩ්ඩක් කැන්ටිම පැත්තට..
දූලාන් අයියා එහෙම කිව්වම විමූත් මට ගිහින් එන්නම් කියලා කැන්ටිම පැත්තට ගියා. ඊට පසෙ ශානූ අයියා මං ඉන්න තැනට කිට්ටූ වුනා. අනිත් පිරිමි ළමයිනුත් චුට්ටක් එහා විහිලු කරමින් මහ හයියෙන් හිනා වෙනවා. 
මගෙ හදවතත් වේගෙන් ගැහෙන්වා, ඒ සද්දේ මට ඇහෙන තරම්. ශානූ අයීයා කොට බිත්තිය එහා පැත්තෙන් මං ළගටම ඇවිත්. මට ශානූ අයියව තවත් මගහරින්න බෑ. ඒත් මට මේ හැගීම දරා ගන්නත් බැ වගේ, "මගෙ හදවත් ඇතුලින් සිව්ම් වෙදනාවක් ඇවිත් මුලූ සිරුර පුරා දුවනවා වගේ "මට දැනෙන්නෙ. 

ශාදී නංගියෝ . සමාවෙන්න මට මළ ගෙදර එන්න වුනේ නැ අනේ..
එ හඩ සවනට වැටෙන කොට මගෙ හිත ගැස්සිලා ගියා. ශානූ අයියා මගෙ කැමැත්ත ඇහුවට පස්සෙ අපි කතා කරන මුල්ම දවස. 

ඒ..... ක..ට කමක් නෑ ශානූ අයියේ.

එන්න තමයී හැදුවේ. දුර නිසා පංතියෙ කෙල්ලන්ව ගෙදරින් එව්වෙ නෑනේ. මටයී දුලාන්ටයි විතරක් එන්න බෑනේ..

හරි ශානූ අයියේ .. මට තේරෙනවා.
මං කතා කලේ බිම බලාගෙන. හොරැහින් ශානූ අයියා දිහාත් බැලුවා. එයා නම් මගෙ ඇස් දෙක දිහාම බලන් ඉන්නවා. මං කොහොම එයා දිහා බලන්නද ඉතිං.

සමාවෙන්න හරිද

ශානූ අයියා මගෙ තාත්තව දැකලා නෑ නේද?

නෑනේ..... අපරාදේ අන්තිම මොහොතෙවත් දකින්න වුනේ නැනේ. තාත්තද ඒ සීයා නෙමෙයිද? විමූ නංගි කිව්වෙ සීයා කියලනේ...
මං ඉක්මනින් බෑග් එක ඇදලා මරන දැන්වීම ශානූ අයියට දික් කලා. මං ඒක ගෙනාවේ එයා වෙනුවෙන්මයී. මට මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා මට ශානූ අයියට පෙන්නන්න ඕනී වුනා. 
අපි සීයා ගැන හුගක් දේවල් කතා කලා. මං සීයගෙ විස්තර කිව්වෙ කදුලූ අතරින් ,ශානූ අයියට මූන දෙන්න බැරුව මං මූන හංග ගත්තා. 

දුක් වෙන්න එපා දැං. ඔයාට..... මං ඉන්නවනේ. ඕනිම දේකට.... ම්ම්ම්ම්
ශානූ අයියා එහෙම කියනකොට ගල් ගැහිලා එයා දිහාම බලන් හිටියා..

ඇයී.......අනේ සොරී එදා වුන දේට. ඔයා මගෙන් ඈත් වෙයී කියලා බයට. මං එහෙම කිව්වෙ.

ම්ම්ම්ම්ම්ම්...

මොකද ශදී නංගියෝ....
මට හීනයක් වගේ, ශානූ අයියා මට ආදරේ කරනවා. මගෙ සිහින සේරම හැබෑවෙලා, මගෙ හිතට දැනුනේ පුදුමාකාර සැහැල්ලුවක්.
කාලය ගෙවිලා ගියා. ශානූ අයියා නිතර මට කතා කරන්න අඩගැහුවෙ නෑ. මට ඒකටත් කේන්තී, ඉදලා හිටලා වචනයක් දෙකක් කතා කලා විතරයී. එයා දූලාන් අයියට කියලා තිබුනේ කවුරු හරි දැක්කොත් මගෙ නමට ඒක හොද නෑ කියලා. ඈතට වෙලා මං දිහා ආදරෙන් බලං ඉන්න එක තමා එයාගේ එකම සතුට වුනේ. හරියට මං වේදිකාවක ඉන්නවා වගේ , ශානු අයියට එයාගෙ පංතියෙ ඉද ගත්තම මාව හොදට පේනවා. මටත් ශානූ අයියව හොදට පේනවා. එයා හැමවෙලේම මං මොනවද කරන්නෙ කියලා බලන් හිටියේ. හැබැයී අපේ පංතියට උගන්වන වෙලාවක මං එහෙ බැලුවොත් ශානූ අයියා මට රවනවා. ඒක නිසා ඉගෙන ගන්න වෙලාවට මං එහෙ බැලුවේ නෑ.
මං හැම වාර විභාගයකින්ම පංතියේ තුන නැත්තම් හතර වෙනියා. පාඩම් නොකලට උගවනදේ එවෙලෙම හිතට ගන්න පුලුවන් හැකියාව මට තිබුනා.
මං හුගක් තරගවලටත් ඉදිරිපත් වුනා, ටීචර්ලා සර්ලා මට හුගක් ආදරේ කලා ඒ හේතුව නිසයී ශානූ අයියා මට කතා කරන්න අඩ ගැහැව්වෙ නැත්තේ. ඒක නිසාම අපේ ආදර කතාව වැඩිය කවුරුත් දැන ගත්තේ නෑ. 
දවසක් හිස් පීරියඩ් එකක නිර්මානී අක්කා මට එයාලගේ ක්ලාස් එකට කතා කලා. විමූ දූලාන් අයියා එක්ක කතා කරන්න ගිහින් නිසා මං තනියෙන් හිටියේ. ශානූ අයියත් පංතියෙ හිටි නිසා මං ඒ පැත්තට ගියා. මං පංතියට ගියා විතරයී ශානූ අයියා යන්න ගියා. මට මාරම දුකයී. මං නිර්මානී අක්කා ලගින් ඉද ගත්තෙ මූන ඇද කරන්. 

ඇයී ශානූ අයියා ගියේ...

හ්ම්ම්ම්.... ඔයා පංතියෙ තනියෙන් නිසා ඔයා එක්ක කතා කරන්න කිව්වා මට. කවුරු හරි දැකලා සැක හිතයී කියලා එයාට ඉන්න බැයිලූ.
නිර්මානී අක්කයි මායී කතා කර කර හිටියා. ටිකකින් ශානු අයියයී ,යාලුවො පංතියට ආවා . එයාලා.මාව කයියට අල්ල ගත්තා.

ආ නංගී කොහොමද...

හොදයී අයියා...
ශානූ අයියගෙ යාලුවෙක් නිසා මං කතා කරන්න ගත්තේ. ශානූ අයියත් පැත්තකට වෙලා හිනාවෙවි බලන් හිටයා. 

මේ උදේට ඔයා එක්ක එන චූටි මල්ලි කව්ද?

මගේ මල්ලි . එක වසරෙ ඉන්නෙ.

හානේ ...මේ.. එයා කැමතීද දන්නෙ නෑ .මං එයාගේ ලොකු මස්සිනා වෙනවට.....
ශානූ අයියගෙ යාලුවා විදුරංග අයියා එහෙම කිව්වෙ හිනා වෙමින්. අනිත් යාලුවොත් බකස් ගාලා හිනා වුනා. නිර්මානී අක්කටත් හිනා. 

අපෝ අයියා මෙතන කට්ටිය වැඩී මං ඔයාට ඒක පස්සෙ කියන්නම්කෝ..
මාත් ඒක විහිලුවට අරන් එහෙම කිව්වා.හැමෝම තාම මහ හයියෙන් හිනා වෙනවා. කට්ටිය තව ටිකක් වෙලා ඒ ගැන විහිලූ කලා . මං නිකමට ශානූ අයියා ඉන්නවද බලනකොට එයා පංතියෙන් යන්න ගිහින්.
ශානූ අයියට කේන්තී ගිහින් මගෙ දිහා බැලුවේවත් නෑ. මං එයා එක්ක කතා කරන්න උත්සහ කලත් එයා මාව මගහැරියා.
ඉස්ස්කෝලේ ඇරුනා. එදා සිකුරාදා දවසක් නිසා ප්‍රශ්නය විසද ගන්න සදුදා වෙනකන් ඉන්න වෙනවා. මං දුකෙන් පඩිවෙල බැහැගෙන විමූ එක්ක පහලට ආවා. ශානූ අයියා විද්‍යාගාරය ඉස්සරහා ඉන්නවා දැකලා මං ඒ පැත්තට ගියේ ,වෙන දෙයක් වෙන්න කියලා. අපි දෙන්න මූනට මූන හම්බුනා ශානු අයීයා මුන බෙරි කරන් හිටියේ හරිම දුකින්.

ඇයී ශානූ අයියේ...

මොකුත් නෑ ශදී නංගියෝ.

ඇයී අව්ලෙන් වගේ.

කිසි අවුලක් නෑ . පරිස්සමින් ගෙදර යන්න.

ශානූ අයියා එහෙම කියයලා මාව පහු කරන් යන්න ගියා. 

ඊ ළග කොටසින් හමු වෙමූ...😔
දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Sep 2016 06:50 AM
  •  Quote
  •  Reply
මරු සදුනි අයෙත් ඉස්කොලෙ යන්න හිතෙනව මටත් මොක්ද මේ වගෙ අතීතයක් අපි හැමොටම තියෙනවා. මෙ වගේ ලියපු කතවක් උනා නම් ජීවිතේ මම මගේ ජීවිතෙන් ගොඩක් තැන් වලට ඩිලීට් බට්න් එක ගහලා අයේ පස්සට ගිහින් මෙ ජීවිතේ වැරදුනු තැන් ගොඩක් හදනවා
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
15 Sep 2016 06:56 AM
  •  Quote
  •  Reply
ඇයී අව්ලෙන් වගේ.

කිසි අවුලක් නෑ . පරිස්සමින් ගෙදර යන්න.

ශානූ අයියා එහෙම කියයලා මාව පහු කරන් යන්න ගියා. 


මොකක්ද බොලව් අවුල?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
15 Sep 2016 07:24 AM
  •  Quote
  •  Reply
ලස්සන කතාවක් වගේ ,,ඉන්න මාත් කියවන්න ගන්න ස්තුති කරලම .
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Sep 2016 08:58 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 15 Sep 2016 06:50 AM
මරු සදුනි අයෙත් ඉස්කොලෙ යන්න හිතෙනව මටත් මොක්ද මේ වගෙ අතීතයක් අපි හැමොටම තියෙනවා. මෙ වගේ ලියපු කතවක් උනා නම් ජීවිතේ මම මගේ ජීවිතෙන් ගොඩක් තැන් වලට ඩිලීට් බට්න් එක ගහලා අයේ පස්සට ගිහින් මෙ ජීවිතේ වැරදුනු තැන් ගොඩක් හදනවා


ලව් ඒක වැරදුනාද අප්පා අැයි. ඉගෙනීමේ අවුලක් නම් වෙන්න බෑ ඩිලිට් කරන්න යන්නේ
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Sep 2016 09:02 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 15 Sep 2016 06:56 AM
ඇයී අව්ලෙන් වගේ.

කිසි අවුලක් නෑ . පරිස්සමින් ගෙදර යන්න.

ශානූ අයියා එහෙම කියයලා මාව පහු කරන් යන්න ගියා. 


මොකක්ද බොලව් අවුල?

ශානුට ඩොන් ගිහින්...
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Sep 2016 09:04 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 15 Sep 2016 07:24 AM
ලස්සන කතාවක් වගේ ,,ඉන්න මාත් කියවන්න ගන්න ස්තුති කරලම .

කියවලා බලන්නකෝ අක්කී
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Sep 2016 11:44 PM
  •  Quote
  •  Reply
..... කදුලත් සැනසුමක්.....

15. වන කොටස.

මුලු රෑම මං කල්පනා කලේ මොකක්ද මේ වුනේ කියලා. ශානූ අයියා විදුරංග අයියා කියපු දේ ඇත්තට අරන් වගේ. පහුවදා සෙනසුරාදා. මම උදෙන්ම ක්ලාස් යන්න ලැහැත්ති වුනා. තැපැල් හැදුනුම් පතට පොටෝ ගන්න තියෙන නිසා, ක්ලාස් ඇරිලා මට ටවුන් එකට එන්න කියලා අම්ම කිව්වා. අපි ක්ලාස් ගියේ ටවුන් එකේ නෙමෙයී. ටවුන් එකට යන්න බස් එකක යන්න වෙනවා. මං හා කිව්වා. මාව ක්ලාස් එකට ඇර වෙන කොහෙටවත්ම තනියෙන් යැව්වෙ නෑ. ඒක නිසා අම්මාත් ටවුන් එකට එන්නම් කිව්වා.
මට කරදර තියෙන්නෙ බාහිර සමාජෙන් නෙමෙයී. ගෙදරරින් මයී. ඒක නොතේරෙන එකයී මට තියෙන එකම දුක. 
ක්ලාස් එකට යන්න බස් එකෙන් බැස්සම විමූ කිව්වා ශානූ අයියට කෝල් කරලා බලමූ කියලා. මාත් පේන් බොක්ස් එකට ගිහින් කෝල් එකක් ගත්තා. රිග්ස් යනවත් එක්කම ශානූ අයියා.

හෙලෝව් ......

හෙලෝව්... ශානූ අයියේ ඔයා මාත් එක්ක තරහින්ද.?

අනේ නෑ ශදී නංගියෝ. දැන් ඒ සේරම ඉවරයී.

ඉවරයී කිව්වේ.

ඒක මෙහෙම කියන්න බෑ හම්බෙමුද?

ඒ කොහොමද?

අපි ක්ලාස් එක ලගට එන්නම්....

කවුරු හරි දකිවී...

අනේ හම්බෙන්න ඕනී..

හා එහෙනම්. අපි අද ටවුන් යනවා ඔයත් එන්න හැබැයී අම්මා ඉන්නවා ටවුන් එකේ හරිද?

හ්ම්ම් ඒකට කමක් නෑ .අහුවෙන්නෙ නෑ .අපි එන්නම්.

බයයී...

බය වෙන්න දෙයක් නැ ශදී නංගී... ඇයී ටවුන් යන්නෙ .

ටිකක් වෙලා කතා කරලා . මං විමූ ළගට ආවේ හරිම සතුටින් . මොකද ශානූ අයියා එනවා කියන්නෙ දුලාන් අයියත් එනවා කියන එක . මං විමූට අගේ කර කර සුභ ආරංචිය කිව්වා. විමූ සතුටින් උඩ පැන්නා. 

නියමයී. විදුරංග අයියත් මාර ශපෝර්ට් එකක්නේ දීලා තියෙන්නෙ.

අපි දෙගොල්ලොම ස්කෝලෙන් පිටදී හම්බෙන මුල්ම වතාව මේක. අපි ක්ලාස් එවර වෙන්න්නෙ කොයි වෙලේද සිතමින් සිටියේ. ක්ලාස් ඇරිලා බස් හෝල්ඩ් එකට ආවා. දුලාන් අයියයී ශානූ අයියයි පේන්නවත් නෑ. දෙන්නටම දුකයී ,මගහැරිලද කියලා. ටිකකින් බස් එකකුත් ඈතින් එනවා.

බස් එකක් නම් එනවා .කෝ නෑනෙ මෙයාලා.

ඒක තමා දැන් මොකූ කරන්නෙ.

ඔය බස් එක ගියදෙන් වෙන එකක යමු. ටිකක් වෙලා බලලා .

හ්ම්ම්ම්ම්
බස් එක අපි ඉස්සරහින් නතර වුනා. ශානු අයියයී දූලාන් අයියයි දුවගෙන එනවා. දෙන්න කඩේ හැංගිලා ඉදලා තියෙන්නෙ, අපි මොනවා කරයිද බලන්න. හතර දෙනාම ඒ බස් එකට නැග්ගා. දූලාන් අයිටයී විමූටයී නම් සීට් එකක් ලැබුනා . අපි දෙන්නා හිටගෙන ටිකදුරක් යනකොට සීට් එකක් හිස් වුනා මං එතනින් ඉද ගත්තේ ශානූ අයියත් එයී කියලා හිතලා. මං ආපහු බලන්කොට ශානූ අයියා හිටපු තැනමයී. දුලාන් අයියා මොනවද කිව්වම ශානූ අයියා මං ලගින් ඉදගත්තා. හරියට අදුරන්නෙ නැති කෙනෙක් ළගින් වගේ. එයා සද්දයක් නැති නිසා මං කතාව පටන් ගත්තා.

ඇයී ශානූ අයියේ හම්බෙන්න ඕනී කිව්වේ...

නිකන්. ..ඔයාව බලන්න ආස හිතුනා.

ඇයී ඉදගන්න ආවෙ නැත්තේ.

අදුරන කෙනෙක් එහෙම දැක්කොත් ඔයාට හරී නෑනේ. ඒකයී

හ්ම්ම්ම්..... ඊයේ ඇයී කේන්ති ගියේ. විදුරංග අයියා විහිලුනේ කලේ. 
විදුරංග අයියා දැනන් ඉදලා නෑ අපි යාලූ බවක්. දන්නවා නම් මේ විහිලුව වත් කරන්නෙ නෑ කිව්වලූ. ශානූ අයියා කේන්තියෙන් විදුරංග අයියලා ගෙදර එනකොට බයික් එකෙනුත් වැටිලා. වැලමිටයී කකුලයී තුවාල කරගෙන. පව් මන් හින්දා තුවාලත් කරගෙන.
ටවුන් එක කිට්ටු වෙද්දී ශානූ අයියා මං ලගින් නැගිටලා පිටිපස්සට ගියා. විමුයී මායී ඉස්සරහා දොරෙන් බැහැලා අම්මා ඉන්න තැනට ගියා. අපි අම්මා එක්ක ස්ටූඩියෝ එක පැත්තට යනකන්ම දෙන්නා ඈතට වෙලා බලන් හිටියා.

**************************************

බලන්නකෝ සුද්දි අක්කෙ ඊයෙ රෑ මාර වැඩක් වුනානේ.
උදෙන්ම අපේ ගෙදරට දුවගෙන ආවේ මානීෂා නංගිලාගෙ ගෙට උඩ ගෙදර අක්කා. ඒ අක්කගෙ හස්බන් හිටියෙ රට. පුතයී නැන්දම්මයී එක්ක තනියෙන් ගෙදර හිටියෙ.

ඇයී මොකද වුනේ. ළමයට අසනීපයක්වත්ද?

නෑ නෑ ඊයේ රැ 7ට විතර . මං පුතාව නිදිකරලා ඇදෙන් තියලා ඇදුමක් මාරු කර ගන්න හැදුවේ.

ඉතිං...

මට පොඩී අඩි සද්දයක් ඇහිලා වට පිට බලද්දී. කවුද මංදා ජනලයේ මල් ලෑල්ල අස්සෙන් බලන් ඉන්නවා. මං බය වෙලා කෑ ගැහුවා මූ පැනලා දිව්වනේ..
මං ගෙට වෙලා සේරම විස්තරය අහගෙන හිටියා. මට නම් සුවර් ඕකත් සේන බාප්පගෙ වැඩක්. නැන්දලාගේ දිහා යනවා කියල ගියා, ඊයේ රෑ වෙනකන් ගෙදර ආවෙත් නෑ. කාට කියන්නද මං සද්ද නැතුව හිටියා. සේන බාප්ප මහ ජරා මිනිහෙක් මහ අසහන කාරයෙක් .එයාට කවුරු හරී ගැනියක් දිහා බලන් ඉන්න තිබුනොත් ඇතී. අහල පහල ගෙවල් වලටත් දැන් දැන් මිනිහගේ හැටී ආරංචී වෙමිනුයී තිබුනේ.

මං හවස් වෙලා නිකමට නැන්දලාගේ ගෙදර ගියා. යනකොට චූටී බාප්පත් ගෙදර , එදා සිද්දියෙන් පස්සෙ මං චූටී බාප්පා ඉන්න වෙලාවට එහෙ ගියෙ නෑ.
කරන්න දෙයක් නැති නිසා මං කෙලින්ම කුස්සියට ගියා. 
චූටී බාප්පටත් ආරංචී වෙලා තිබුනා ඊයේ රැ සිද්ද වෙලා තිබුන දේ. සේන බාප්පා පැනලා දුවද්දී මනීෂා නංගිලාගේ අම්මා දැකලා තියෙනවා. එයාලා චූටී බාප්පට සේරම කියලා තිබුනා. චූටී බාප්පා දැන් තමා සේන බාප්පගෙ හැටි තේරුම් අරන් තියෙන්නේ. කොහොම හරී මට ආයෙත් නැන්දලාගෙ ගෙදර රෑ ඉන්න චූටී බාප්පා ඉඩ දුන්නා. 
දැන් ආයී පුරුදු විදිහටම හවස නැන්දලාගෙ ගෙදර යනවා. පාන්දර ගෙදර ඇවිත් ඉස්කෝලේ යනවා. සමහරදාට සුදු ඇදුමත් අරන් යනවා, ඇදගෙනම ගෙදර ඇවිත් චූටි මල්ලිවත් එක්කගෙන ඉස්කෝලේ යනවා. 
සිතාරා අක්කා මට ඉස්කෝලේ වැඩ වලට හුගක් උදව් කලා. නොතේරෙන පාඩම් කියලා දුන්නා. හිතේ සංතෝසෙන් ටික දවසක් ගෙවිලා ගියා .
සේන බාප්පට එක එක දේවල් කලා මං නැන්දලා ගෙ දිහා යන එක නවත්වන්න. අර සිද්දිය නිසා සේන බාප්පා කියන දේවල් නැන්දාවත් ,චූටී බාප්පා වත් පිලි ගත්තේ නෑ. ප්‍රසිද්දියේ කතා නොකලට සේන බාප්පා මොන ජාතියෙද කියලා සේරමලා දන්නවා. 
මං සිතාරා අක්කටත් ශානූ අයියා ගැන කිව්වා එයා මට ඕනී සපෝට් එකක් දෙන්න පොරොන්දු වුනා. මොකද මමනේ එයාටත් උදව් කරන්නෙ. 

*************************************
ඊ ළග කොටසින් හමුවෙමූ.😊
දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
15 Sep 2016 11:51 PM
  •  Quote
  •  Reply
වැඩේ චූට්ටක් ගොඩ ගිහිං වගේ. හොඳයි හොඳයි ඉතිං.

ස්තූතියි මේ කොටසටත්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Sep 2016 03:56 AM
  •  Quote
  •  Reply

හී

 

දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Sep 2016 11:44 AM
  •  Quote
  •  Reply
සදු මෙ ටික අද නම් කියවන්න වෙන්නේ නැහැ. මම හෙට කියවන්නම්. එතකම් කතාව තව දාන්න එපා
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Sep 2016 12:50 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 16 Sep 2016 11:44 AM
සදු මෙ ටික අද නම් කියවන්න වෙන්නේ නැහැ. මම හෙට කියවන්නම්. එතකම් කතාව තව දාන්න එපා
හාකෝ හෙට  තමා අායී දාන්නේ

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Sep 2016 07:48 PM
  •  Quote
  •  Reply
..... කදුලත් සැනසුමක්......

16. වන කොටස.
**************************************
මගේ ජීවිතේ හරිම සැල්ලිවෙන් ගෙවීගෙන ගියා. ඒ ශානූ අයියට පින් සිද්ද වෙන්න ඉතිං. ගෙදර නොයෙක් දේවල් සිද්ද වුනා ඒත් මං ඇඩුවේ නෑ. මගෙ හිත පිරිලා තිබුනේ ශානූ අයියගෙ ආදරයෙන්.
පොසොන් පෝයත් කිට්ටු වුනා. ඉස්කෝලේ සීල සමාදාන වැඩසටහනක් සුදානම් කරලා තිබුනා, පෝයට කලින් දවසේ. 
ඉස්කෝලේ සේරම ළමයී ඒකට සභාගී වුනා. ගොඩක් ගැහැනූ ළමයී ළමාසාරීවලින් සැරසිලා හිටියා. පිරිමි ළමයී සරම් ඇදලා. ඉස්කෝලේම හරිම පිං පාටයී. මං ඉවසිල්ලක් නැතුව හිටියේ ශානූ අයියා මොකක් ඇදන් එයිද බලන්න.ශානූ අයියලා එන බස් එක ආවා. මම සුපුරුදු විදිහට බුදු මැදුර ළග පෙර මග බලාගෙන හිටියා. 
ශානූ අයියලා ඈතින් එනවා, ඒත් මං හිතපු විදිහට සරන් ඇදන් ඇවිත් නෑ.

තෙරුවන් සරනයි ශදී නංගියෝ.

තෙරුවන් සරනයි . සිල් ගන්නෙ නැතිද?

ගන්නවා. ඇයී...

කෝ සිල් ඇදුම්..
ශානු අයියාලා හිනාවකින් උත්තර දීලා යන්න ගියා. විමූයී මායී අපේ පංතියට ගියා. අපි හිටියේ ප්‍රධන හෝල් එකේ නිසා සිල් ගන්න ඉඩ හදා ගන්න ඩෙක්ස් පුටු සේරම පැත්තක ගොඩ ගහලා. බැග් ඩෙක්ස් ගොඩ අස්සට දාලා අපි  හේත්තු වෙන්න පුලුවන් තැනක් අල්ලලා ඉටිකොලය එලා ගන්න ගියා.
උදෙන්ම සිල් දෙන්න ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ වැඩම කෙරුවා. ඒත් එක්කම ශානූ අයියයී යාලුවෝ කට්ටියයී අනිත් පැත්තේ දොරින් ඇතුලට ආවා. එතකොටයී මං දැක්කෙ කට්ටියම සරන් ඇදලා ශානූ අයියත් ඇදලා. 
අපි පේනමානෙන්ම ඉදගෙන වැදගෙන ගථා කියනවා. මට නම් සිල් ගන්න කල්පනාවක් තිබුනෙම නෑ හොරෙන් හොරෙන් ශානූ අයියා දිහා බැලුවා. දවසපුරාම දේශකවරු ඇවිත් දේශනා පැවැතුවා. දවල් දානයට අම්මලා කෑමත් අරන් ඉස්කෝලෙට ආවා. අපේ අම්මත් පොලොස් ඇබුකක් ඇරන් ඉස්කෝලෙට ආවා. දෙමාපියෝ ඒකතු වෙලා දානේ බෙදුවා. අපේ අමමා ශානු අයියටත් බෙදනවා, මං හොරෙන්න් බළන් හිටියා. අම්මා හොද හිනාහාවක් එහෙම දාගෙන් ශානූ අයියට දානේ පිලි ගැන්නුවා.
ඉස්කෝලේ අරින වෙලාවට ළමයින්ට යන්න දුන්නෙ නෑ ,සිල් පවාරනය කරන්න හවස 4වෙනකන් තීයා ගත්තා. 
මමයී විමුයී නම් සිල් ගත්තේ නෑ ,මං හිතන්නෙ. දේශන අහන් හිටියෙත් නැ. උදේ ඉදන් ශානූ අයියලා දිහා බලන් හිටියා. ඒ දෙන්නත් එහෙම තමා. ඉස්කෝලේ තව කපල් හිටියා. ඒගොල්ලො නම් කාටත් නොදැනෙන්න එකළග ඉදගෙන හිටියා. 
මං සිල් පවරානය කරලා ගෙදර යද්දී මහ ඝෝෂාවයී. සේන බාප්පා ගෙද ඇවිත්. මගෙ ලෑලී කාමරය සේරම ගලවලා දාලා. මගෙ ඇද සාලේ කෑල්ලට දාලා.මුලුගෙටම තිබුනේ බාගෙට හදපූ කාමර දෙකක් විතරනේ,හරියට ජනෙල් දොරවල් වත් නැති. සිදුරූ සේරටම ලෑලී ගහලා තිබුනා.

අම්මේ ඇයී මගෙ කාමරය ගැලෙව්වේ...

දන්නෙ නෑ සේන තමා ගැලෙව්වෙ.
මං සේන බාප්පා එක්ක කතා කරන්නෙ නැති නිසා මූන පුලුටු කරන් පුටුවක වාඩීවුනා.

අපිට කෙල්ලො නෑනේ. සුදු දූත් පහල නැන්දලාගේ ගෙදරනේ ඉන්නේ. 

ඒත් මගෙ කාමරේ ගැලෙව්වෙ ඇයී මං ආයී ගෙදර ඉන්නෙම නැ. කවුරුත් මාව ගෙදර තියා ගන්න උත්සහ කරන්නත් එපා.
මං කේන්තියෙන් එහෙම කියලා ඇදුමකුත් අතට අරන් නැන්දලාගේ ගෙදර ගියා. පහුවදා බලනකොට අම්මලා නිදියන කාමරයට දොරක් සවිකරලා තිබුනා.

*************************************
අපේ ආදර කතාව හැමෝටම රහසින් ගලාගෙන ගියා. ශානූ අයියා මගෙන් කැමැත්ත අහලා හරියටම මාසයක් වුන දවස උදා වුනා. එදා හරියටම ක්ලාස් දවසක් .මං උදෙ ඇහැරුන ගමන් හිතා ගත්තා අද කොහොම හරි ශානූ අයියා දකින්න ක්‍රමයක් හදා ගන්නවා කියලා. ඒ වගේ මගෙ හිතට ලොකු දුකකුත් ආවා. අදට සියා නැති වෙලත් හරියටම මාසයයී.
වෙනදා වගේම විමුයී මායී ක්ලාස් එකට යන්න කලින් ශානූ අයියට කෝල් කලා. අද විශේෂ දවසක් බව එයාටත් මතකයී. මට කලියෙන් මාව බලන්න එන්න කොහොමද කියලා මගෙන් ඇහුවා. කොහොම හරි මාව දකින්න එනවා කියලා ශානූ අයියා පොරොන්දූ වුනා. 
ක්ලාස් ඇරිලා අපි බස් හෝල්ඩ් එකට ආවා. ශානූ අයියලා පෙන්න නෑ. අපි හිතුවා අද නම් එන එකක් නෑම කියලා. 
අපේ ඉස්කෝලේ ලමයී හය දෙනයී ඒ ක්ලාස් එකට ගියේ. අපි හයදෙනා ක්ලාස් ඇරිලා ගෙදර එද්දි හරිම ජොලී වැඩ කරනවා. පයින් ආවොත් ගෙදරට එන්න පැයක් විතර යන දුරක් ක්ලාස් එකට තිබුනේ. අපි කරන්නෙ බස් එකේ එන සල්ලි වලින් කඩචෝරූ කාලා පාර පුරා දගලමින් පයින්ම ගෙදර එනඑක. ඒක හරිම විනෝදයී කෑ ගහලා හිනා වෙනවා විහිලූ කරනවා. වෙලාවකට වටපිටාවෙ මිනිස්සු අපි දිහා බලන් ඉන්නෙ "පිස්සෝ රෑනක් යනවා දැක්කා වගේ". 
එදත් අනිත් යාලුවෝ බල කලා පයින් යමූ කියලා. ශානූ අයියලත් නෑ නේ, දුක අමතක වෙන්න එක්ක අපි පයිම ආවා. අපි ටික දුරක් එනකොට ශානූ අයියයී දුලාන් අයියයී බයික් එකේ ආවා.

ආ..න් ආ.. දූලාන් අයියා යනවා විමූ..
අනිත් යාලුවෝ කෑ ගහන්න ගත්තා. ඒත් ශානූ අයියලා අපි නොදැක්කා වගේ අපි පහුකරන් ගියා. 

අයියො ඇයී බං දූලාන් අයියා තරහා වෙලාද?

අනේ මංදා බං
යාලුවෝ විමූගෙන් ප්‍රශ්න කරන්නෙ, කවුරුත්ම මගෙයී ශානූ අයියගෙයී ආදර කතාව දැනන් හිටියේ නැහැ. අපි නිහඩවම ඉදිරියට පිය නැගුවා. ශානූ අයියලා පාර අයිනේ බයික් එක නවත්තගෙන අපි එනකන් බලන් ඉන්නවා.
අපි එතනට කිට්ටු වෙත්ම යාලුවෝ විමූට විහිලූ කරනවා. විමුටයී දූලාන් අයියටයී කතා කරන්න දීලා අනිත් අය ශානූ අයියව කතාවට අල්ල ගත්තා.

නංගිලා ශදී නංගිට චාන්ස් එකක් දෙන්න හොදේ..
දුලාන් අයියා කෑ ගහද්දි යාලුවෝ ටික පුදුමයෙන් මං දිහා බැලුවා. මං ලැජ්ජවෙන් බිම බලා ගත්තා.

ඈ.... එහෙමත් එකක්ද්ද? අපි යනවා එහෙනම් .කතා කරලා වරෙන්කෝ අල්ල ගන්න. .

අපිට හැංගුවා නේද..

ආ.....අපිට චොක්ලට් ඕනී ඈ....
යාලුවෝ මට හොදටම විහිලු කරලා එතනි පිට වෙලා ගියා. බයික් එක නවත්වලා තිබුනේ විශාල ගසක හෙවනක් යට. පාරෙන් ටිකක් පහලින් ගෙයක් තිබුනා. ඇත්තම මං බය වුනේ සේන බාප්පා දන්න කවුරු හරී අපිව දකීවී කියලා, අපි හිටියෙ ප්‍රධාන පාර අයිනේ නිසා.

ශාදී නංගියෝ කොහොමද?

මං හොදින් ශානූ අයියේ. 

අද විශේෂ දවසක්නේ. මං ඔයාට දෙයක් ගෙනාවා.
ලස්සන කොලයකින් ඔතලා තිබුනූ පුංචි තෑග්ගක් ශානූ අයියා මට දුන්නා. මං තවමත් ශානූ අයියගෙ මුහුන දිහා බලලා කතා කරන්නේ නැහැ. තෑග්ග අරන් මං බිම බලා ගත්තා. මං දැක්කා ශානූ අයියා නම් දිලිසෙන ඇස්වලින් මං දිහාම බලාන ඉන්නවා.
අපි වැඩි වෙලා හිටියේ නෑ, කවුරු හරී දකී කියන බය නිසාම. අපි දෙන්නා එයාලගෙන් වෙන් වෙලා යාලුවෝ එක්ක එකතු වුනා.
මට ලැබුන පුංචී තෑග්ග ගෙදර ගේන්න බය නිසාම යාලුවෝ එක්ක එකතු වෙලා ගලවලා බැලුවා. යාලුවෝ ඉල්ලුවා වගේම චොක්ලට් එකක්. සේරලමලා විහිලූ කරමින් චොක්ලට් එක කෑවා.
මට ගෙදර එන්න බය හිතුනා සේන බාප්පට ආරංචි වෙලා ඇති කියලා. මං බයෙන් බයෙන් ගෙදර ආවා.

ඊ ළග කොටසින් හමු වෙමූ...
දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
16 Sep 2016 09:38 PM
  •  Quote
  •  Reply
කොටස් වශයෙන් ලස්සනට වැඩෙ යනවා වගෙ ..එල එල
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Sep 2016 04:13 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 16 Sep 2016 09:38 PM
කොටස් වශයෙන් ලස්සනට වැඩෙ යනවා වගෙ ..එල එල

නියමයී හී
දිනයක වැටහේවී...........
0
Add Reply
Page 6 of 16 << < 45678 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below