You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Apr 2023 12:28 PM by  maduranga001
.... කදුලත් සැනසුමක්....
 314 Replies
Sort:
Page 1 of 1612345 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Sep 2016 02:19 AM
  •  Quote
  •  Reply

ඉතිං යාලුවනේ. මගේ පවෙනී කතාව ඔයාලගෙ සයිට් එකේ පලවෙන . හොදයිද බලන්නකෝ. මගෙ අඩුපාඩු කියන්න හොද

   .....කදුලත් සැනසුමක්...

 

01. කොටස.
අද නම් හරී පුදුම දවසක්. දවසම වැස්ස ඒමදිවට. පීරියඩ් සේරම හිස්. ඒකත් හොදයී. වැස්සට ඉස්කෝලේ එන්නෙ පීරියඩ් හිස් නිසානේ. ඒත් ඒකත් වෙලාවකට වදයක්. උදේ ඉදන් යාලුවෝ එක්ක සතුටින් හිටියට. මගෙ හිත ඇතුලේ දුක් කන්දරාවයී.

විමූ මගෙ ඔලුව ටිකක් රිදෙනවා . මං චුට්ටක් ඔලුව
තියා ගන්නවා.

මොකද ශදී ඊයෙත් මොනා හරී උනාද ගෙදර. අනේ මංදා බන් මේවා කවදා ඉවර වෙයිද .මං පැනඩෝල් දෙකක් ගේන්නද.
විමූ මගෙන් එහෙම ඇහුවෙ මගෙ ඔලුව අතගාන ගමන් .මං හිටියේ ඩෙක්ස් එකේ ඔලුව ගහන් එයා දිහා බලා ගෙන. විමූ කියන්නෙ විමංශා එයා තාමා මගෙ හොදම යාලුවා. ඇත්තම කිව්වොත් මං ගැන හොදටම දන්න කෙනා.

ඒපා බං පැනඩෝල් බිලා වැඩක් නෑ ටිකක් ඉන්න දිපංකෝ.

පිස්සි නැතුව මෙහෙ වරෙන් ශදී. උබ මෙහෙත් මූඩ් ගහන් ඉන්නද ට්‍රයී එක ඒවා බෑ මේ විමූ එක්ක . කියපං මොකෝ උනේ.
එයා ඒම කිව්වේ මගෙ අතින් අදින ගමන් . මං ගැන හිතන්නෙ මගේ යාලුවෝ විතරද.
ඊයේ සිද්ද උන දේ මට ආයෙත් මැවිලා පේන්න ගත්තා. ඇස්දෙකත් බොද වීගෙන වගේ ආවා. ඇයී දෙවියනේ මගෙ තාත්තට අපිත් එක්ක හැමදාමත් ඉන්න බැරි වුනේ. මගෙ තාත්තා අපිව අත් ඇරලා ගිහින් තිබුනේ අපි හුගාක් පොඩි කාලේ. මං එයාව දැකලා වත් නෑ .චූටී කාලේ ඉදන් මාව හදාගත්තේ මගෙ ආච්චී සීයයී . මං එයාලට තමා අම්මේ තාත්තේ කියන්නෙ. එයාලා තරම් මට මේ ලෝකෙ වෙන කවුරුත් වටින්නෙ නෑ . දැං මං එයාලගෙනුත් ඈත් වෙලා ඉන්නෙ. මං එයාලත් එක්ක හුගාක් සතුටින් හිටියෙ නිදහසේ .දැං මංඅපායක ඉන්නෙ. මේ තමා මොහිපිට අපාය. අම්මයී බාප්පයී මල්ලි එක්ක ඉන්නෙ . මේ ගෙදර සැනසීම මල්ලි විතරයී. එයත් තාම හුගක් පොඩී.
මං කැමතිම නෑ මේ ගෙදර ඉන්න. හැමදාම රංඩු. බාප්පා කටගොන්නක් බීගෙන ඇවිත් කෑගහනවා මහ රෑ වෙනකන්. පොතක් අල්ලන්න තියා ඇස් දෙක පොඩ්ඩක් නිදහසේ පියා ගන්න වත් නෑ.

ශාදී වරෙන්.....වරෙන්....මොනවද කල්පනා කරන්නෙ කියපංකෝ
විමූ ආයෙත් අතිං අදින්න ගත්තා.

අනේ මංදා බං . පොඩ්ඩක් ඉන්න දීපං

ඒ විමූ මොකෝ ශදී කියන්නෙ වරෙල්ලකෝ සිංදුවක් කියන්න.
දයාන් පංතියේ අන්තිම පේලියෙ ඉදන් කෑ ගැහුවා. මං එක පාරටම ඒ පැත්ත බැලුවා. මොකද සිංදු කියන එක මං ආසම දේ. පංතියෙ කොල්ලන්ට මං නැතුවම බෑ සිංදු කියන්න මොකද මං පාසලේ ගායිකාව. හැම උත්සවයකටම මං අනිවාරෙන් සිංදු කිව්වා . ලමයිනුත් මට හරී කැමතී. එකක් ඉවර වෙද්දී තව සිංදු ඉල්ලනවා.

වරෙන්කො බං මෙකක්ද.. වැස්ස නිසා පිනාට ඇහෙන්නෙත් නෑ..
කවීෂත් කෑගහන්න ගත්තා.

යං යං ඔලුවේ කැක්කුමත් අඩු වෙයී.
විමූ ඒම කිව්වේ මං දිහා බලලා ලස්සන හිනාවක් දාන ගමන්. මට පව් කියලත් හිතුනා මං ගැන කොච්චර හිතනවද. මං පුටුවෙන් නැගිට්ටා.

හුරේ..... වරෙල්ලා වරෙල්ලා කෙල්ලනේ අපි ගීතෙන් ගීතෙ දාමු
දයාන් ආයෙත් කෑගැහුවා. අපි සේරම දයාන්ලා හිටපු තැනට රොක් උනා. හොද වෙලාවට අපේ පංතිය තිබුනේ ඔෆීස් එකෙන් හුගක් ඈත. අපි නිතරම වගෙ පංතියෙ පිස්සු නටනවා ඉතිං . ප්‍රින්සිපල්ගෙන් ගුටිත් කනවා. ඒත් හරිම විනෝදයී. ඉස්කෝලේ කියන්නෙ මගෙ එකම සැනසුම . මගෙ යාලුවොත් මට හරිම ආදරෙයී. හරිම එකමුතුයී.

ශදී ඔබම පටං ගනිං
විමූ මැද්දට පැන්නා. මල ඝෝසාවයී පිරිමි ලමයි ඩෙක්ස් වලට ගහනවා. කෑ ගහනවා. උන්ට හපං කෙල්ලො.

ඈත දිලිසෙන හිරු සදු රං තරූ.....
රහසෙ කිව්වා මට ඔබ ගැන තොරතුරු....

ආහ්හ් මොනාද කිව්වේ තොරතුරු. හු හූ
කොල්ලෝ මැද්දට පැනලා කෑ ගහනවා කෙල්ලො ටික මාත් එක්ක අත්පොඩි ගගහා සිංදුව කියනවා.
ඉතිං හරිම විනෝදයී . සතුටින් පැයක් විතර ගෙවිලා ගියා. විද්‍යා ටීචර් පංතියට එනකං අපි දන්නෙත් නෑ. ළමයී හරි ශෝක් මේ අවුරුද්දේ විභාගෙ ලියන නේද ඉන්නේ .නරකද පොතක් බලා ගත්තා නම්.
දැං මීයට පිම්බා වගේ. සද්දයක් නෑ ඉන්න තැන් වලම ගල් වෙලා. අපි මේ අවුරුද්දේ දෙසැම්බර් වල සාමාන්‍ය පෙළ ලියන්න ඉන්නෙ තව මාව 10යී තියෙන්නෙ.

ටීචර් අද වැස්සනෙ.. පොත් බලන්න බෑ .. පොත් වලට පිනි බානවා....
දයාන් එක පාරටම කිව්වා. ලමයී සේරටම එක පාරටම බකස් ගාලා හිනා. ටීචර්ටත් හිනා. දයාන්තමා පංතියෙ ඉන්න කටකාරම කොල්ලා. විද්‍යාව මිස් හරිම හොදයි... ලමයි මිස්ට වැඩිය බය නෑ ඉතිං.

ඒකට කමක් නෑ සේරම වාඩී වෙන්න. විද්‍යා පීරියඩ් එක හිස් නෑ. මොකද විද්‍යාගාරයට ආවේ නැත්තේ බලන්න ආවේ.

....ඊලග කොටසින් හමුවෙමු....
දිනයක වැටහේවී...........
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Sep 2016 02:24 AM
  •  Quote
  •  Reply
සඳුනි ගේ කථාව මරු නේ ...........දිගටම අපිත් එක්ක රැදී සිටින්න .
1

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
04 Sep 2016 02:44 AM
  •  Quote
  •  Reply
සදුනි ඔයාගෙ කතාව නම් ගොඩක් ලස්සනයි ඔයා හැමදාම අපි එක්ක ඉන්න දිගටම අපට කියවන්න කතාවක් දෙන්න. ගොඩාක් ස්තුති සදුනි. ඔයාට තව තව අදහස් එන්න කියල සුභ පතනවා
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
04 Sep 2016 02:52 AM
  •  Quote
  •  Reply
ඉතාම සුන්දර ආරම්භයක්..
අපි පාසල් ගිය කාලය මතක් වුනා.. සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ ගොඩක් පිස්සු වැඩ කරපු කාලයක්..
කථාව දිගටම ලියමු නංගි ..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
04 Sep 2016 10:31 PM
  •  Quote
  •  Reply
සඳුනි නගාගෙ කතාව කියෙව්වා. කොටස් වශයෙන් මෙහෙම පල කලහම හෙමින් සැරේ කියවගෙන යන්න පුළුවන්. දිගටම කතාව ලියන්න. අපි කැමතියි කියවන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
05 Sep 2016 12:12 AM
  •  Quote
  •  Reply
අපේ සයිට් එකට කථා පොත් වලින් තියෙන අඩුව මැකිලා යයි මේ නවකථා නිසා. බොහොමත්ම ස්තූතියි නංගී .. දිගටම කරගෙන යන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
1

kingD
Veteran Member
Veteran Member
Posts:3294






--
05 Sep 2016 12:43 AM
  •  Quote
  •  Reply
වව් නියමයි... පටන් ගැන්ම නම් මරු ... ඔන්න ඊලග කොටස එනකං බලන් ඉන්නෙ ...
මාවත් නොදැනුවත්වම ඉස්කෝලෙ මතකයට ගෙන ගියා ...
Business, you know, may bring money, But friendship hardly ever does.
1

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Sep 2016 02:56 AM
  •  Quote
  •  Reply
සදුනිත් අපේ පොඩ්ඩි වගේ
දෙන්න තකට තක වගේ
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Sep 2016 09:42 AM
  •  Quote
  •  Reply
කවුද අනේ පොඩ්ඩී
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Sep 2016 09:43 AM
  •  Quote
  •  Reply
..... කදුලත් සැනසුමක්.....
02. කොටස
විද්‍යාව ටීචර් පාඩම කරන් ගියා. පංතියෙ ලමයී සේරම විද්‍යා ටීචර්ට ආදරෙයී. ඒක නිසා කවුරුත් පාඩමට බාධා කලේ නැ. මගෙ කල්පනාව තියෙන්නෙ නම් වෙන තැනක දැං ගෙදර යනවෙලාව ලගයී. මේ යන්නෙ අන්තිම පීරියඩ් එක.
ඈතින් සීනුව නාද වුනා. අනිත් ලමයී බෑග් ලැහැත්තී කරනවා. මට ගෙදර යන්න ආසාවක්නෑ. මං ඔහේ බලං ඉන්නවා. මට ගෙදර යන්න බැ. මගෙ හිත පෙරලී කරනවා. අනේ මාව හොස්ටල් වත් හිටිය නම් මගෙ යාලුවෝ එක්ක. මොන ළමයද හොස්ටල් හොදා කියන්නෙ. ඒ තරමට මට ගෙදර කියන්නෙ අපායක්.

ශාදි ගෙදර යන්නැද්ද බං . බෙල් කලා ඇහුන්නැද්ද. උබ මේ ලෝකේ නෙමේද. දා ගනිංකො පොත් ටික. මට බස් එක මිස් වෙයී . යමං.
විමූගේ කතාවෙන් තමා මං පියවී සිහියට ආවේ. එයා මගෙ පොත් ටිකත් එකතු කරලා බෑග් එකට දාන ගමන් හිටියේ. හරි මනමාල හිනාවකුත් මූනේ මවාන. මටත් ඒක දැක්කම හිනාවක් ආවා. මොකද විමූට බෝයී ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා එයා හම්බෙන හොදම අවස්තාව තමා මේක. බස් එක එනකන් පාරේ ඉන්න වෙලාව. ඇත්තට අපි දෙන්නගෙ ගෙවල් වලට ස්කූල් එකේ ඉදන් තිබුනේ පයින් යන දුර. ඒත් එයා බෝයී ෆ්‍රෙන්ඩ් නිසා බස් එකේ ගියා. මං යන්නෙ පයින් ඉතිං .ගෙවල් ලග නංගි කෙනෙක් එක්ක.

ආව් ආව් මෙයාගේ පැනී හිනාව. දුලාන් අයියා ඇතී මග බලන් නේද.

අනේ පලයං ශදී යන්න.
කෙල්ලගෙ මූන බලං ඉද්දී රතු වුනා. ගාතාව ඉවර උනාම අපි බෑග් එල්ලන් පාර පැත්තට එන්න ආවා. පොඩි දුරක් තිබ්බා පාරට ඉස්කූල් එකේ ඉදන්.

මේ උබත් වරෙන්කෝ ශදී මාත් එක්ක බස් එකේ යන්න. වරෙන්කෝ.

බෑ බං උබලට ඉතිං කොල්ලො ඉන්නවනේ අපිව අමතකයී.

කවද්ද ශදී මං උබට ඒම කලේ.
විමූගෙ මූනත් අදුරු වුනේ බලං ඉද්දී. මං ඒක ඇත්තටම කිව්වේ විහිලුවට. මං දන්නවා විමූ මං ගැන හුගක් හිතන බව.

අනේ ඉතිං විහිලූ කලේ දුක හිතුනද. මං ලග සල්ලී නෑ බං ඒකයී. ඉල්ලුවේත් නෑ අම්මාගෙන් වෙනදට පයින්නෙ යන්නෙ.

හරි බං මං දෙන්නම් යමං

හ්ම්ම්.... යමංකෝ ඒනම් .
අපි දෙන්න හිනා වෙවී ලග තිබුන කඩයකට ගොඩ වුනා. ඇතුලේ ළමයී පිරිලා. මං එලියට වෙලා හිටියා. විමූ කඩෙන් අයිස් පලම් දෙකකුත් අරන් එලියට ආවා.

යමං එහා පැත්ත.
කියාගෙන. එතකොටම එතනට දුලාන් අයියයී, එයාගෙ හොදම යාලුවා ශානුක අයියයී ආවා . ශානුක අයියා එක පාරටම ඇහුවා.

කෝ නංගී අපිට අයිස්...

එදා අපි අතේ සල්ලි නෑ විමූට මටත් එක්ක බස් එකටත් සල්ලි දෙන්න වෙලානේ.

ආ.... ශානූ අයියේ ගන්න.
කියලා විමූ අයිස් පලම් දෙක දික් කලා . මාත් හිනාවකින් මූන වහගෙන ශානූ අයියා දිහා බැලුවා. මං හිතන්නෙ එයාට තේරුනා අපි අතේ සල්ලි නෑ කියලා.
මං විහිලුවල කිව්වේ අපිට එපා ඔයාලා දෙන්න කන්න. මොකෝ අද යාලුවත් බස් එකේ.
ශානූ අයියා ඒම කිව්වේ මං දිහා බලන්. ශානූ අයියා කියන්නෙ හොද කෙනෙක් කියලා හැමෝම කිව්වා. එයා අපේ ස්කූල් එකට අලුත්. උසස් පෙළ කරන්න ගිය අවුරුද්දේ අපේ එකට ආවේ. ඒත් ඉක්මනම හැමෝම එක්ක පිට් වුනා. එයා දැනටමත් ශිෂ්‍ය නායකයෙක්. එහෙම වුනේ එයා අනිත් අයගෙ හැගීම් තේරුම් ගන්න පුලුවන් නිසා වෙන්නැතී.
ඊ ලග කොටසින් හමු වෙමූ.
දිනයක වැටහේවී...........
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Sep 2016 09:46 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි කියන්නෙත් ඔයා වගේම කථා ලියන්න පුලුවන් කෙනෙක් ...........
1

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Sep 2016 09:57 AM
  •  Quote
  •  Reply
2වෙනි කොටසත් වැටිලා තියෙන්නේ.ගොඩක් ලස්සනයි .
1

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Sep 2016 09:59 AM
  •  Quote
  •  Reply
සදුනි පොඩ්ඩිගේ කවුරු හරිද දන්නෑ.
1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
05 Sep 2016 12:12 PM
  •  Quote
  •  Reply
මාව හොස්ටල් වත් හිටිය නම් මගෙ යාලුවෝ එක්ක. මොන ළමයද හොස්ටල් හොදා කියන්නෙ.


නංගි. හොස්ටල් කියන්නේ පට්ට ජොලි ෆන් තැනක්. හරිද?

ස්තූතියි දෙවෙනි කොටසටත්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Sep 2016 08:52 PM
  •  Quote
  •  Reply

math hithanawa     hostel hoda athi kiyala. dan poddi nadda. mata shodariyonam na.

දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
05 Sep 2016 09:00 PM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 05 Sep 2016 09:43 AM
..... කදුලත් සැනසුමක්.....
02. කොටස
විද්‍යාව ටීචර් පාඩම කරන් ගියා. පංතියෙ ලමයී සේරම විද්‍යා ටීචර්ට ආදරෙයී. ඒක නිසා කවුරුත් පාඩමට බාධා කලේ නැ. මගෙ කල්පනාව තියෙන්නෙ නම් වෙන තැනක දැං ගෙදර යනවෙලාව ලගයී. මේ යන්නෙ අන්තිම පීරියඩ් එක.
ඈතින් සීනුව නාද වුනා. අනිත් ලමයී බෑග් ලැහැත්තී කරනවා. මට ගෙදර යන්න ආසාවක්නෑ. මං ඔහේ බලං ඉන්නවා. මට ගෙදර යන්න බැ. මගෙ හිත පෙරලී කරනවා. අනේ මාව හොස්ටල් වත් හිටිය නම් මගෙ යාලුවෝ එක්ක. මොන ළමයද හොස්ටල් හොදා කියන්නෙ. ඒ තරමට මට ගෙදර කියන්නෙ අපායක්.

ශාදි ගෙදර යන්නැද්ද බං . බෙල් කලා ඇහුන්නැද්ද. උබ මේ ලෝකේ නෙමේද. දා ගනිංකො පොත් ටික. මට බස් එක මිස් වෙයී . යමං.
විමූගේ කතාවෙන් තමා මං පියවී සිහියට ආවේ. එයා මගෙ පොත් ටිකත් එකතු කරලා බෑග් එකට දාන ගමන් හිටියේ. හරි මනමාල හිනාවකුත් මූනේ මවාන. මටත් ඒක දැක්කම හිනාවක් ආවා. මොකද විමූට බෝයී ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා එයා හම්බෙන හොදම අවස්තාව තමා මේක. බස් එක එනකන් පාරේ ඉන්න වෙලාව. ඇත්තට අපි දෙන්නගෙ ගෙවල් වලට ස්කූල් එකේ ඉදන් තිබුනේ පයින් යන දුර. ඒත් එයා බෝයී ෆ්‍රෙන්ඩ් නිසා බස් එකේ ගියා. මං යන්නෙ පයින් ඉතිං .ගෙවල් ලග නංගි කෙනෙක් එක්ක.

ආව් ආව් මෙයාගේ පැනී හිනාව. දුලාන් අයියා ඇතී මග බලන් නේද.

අනේ පලයං ශදී යන්න.
කෙල්ලගෙ මූන බලං ඉද්දී රතු වුනා. ගාතාව ඉවර උනාම අපි බෑග් එල්ලන් පාර පැත්තට එන්න ආවා. පොඩි දුරක් තිබ්බා පාරට ඉස්කූල් එකේ ඉදන්.

මේ උබත් වරෙන්කෝ ශදී මාත් එක්ක බස් එකේ යන්න. වරෙන්කෝ.

බෑ බං උබලට ඉතිං කොල්ලො ඉන්නවනේ අපිව අමතකයී.

කවද්ද ශදී මං උබට ඒම කලේ.
විමූගෙ මූනත් අදුරු වුනේ බලං ඉද්දී. මං ඒක ඇත්තටම කිව්වේ විහිලුවට. මං දන්නවා විමූ මං ගැන හුගක් හිතන බව.

අනේ ඉතිං විහිලූ කලේ දුක හිතුනද. මං ලග සල්ලී නෑ බං ඒකයී. ඉල්ලුවේත් නෑ අම්මාගෙන් වෙනදට පයින්නෙ යන්නෙ.

හරි බං මං දෙන්නම් යමං

හ්ම්ම්.... යමංකෝ ඒනම් .
අපි දෙන්න හිනා වෙවී ලග තිබුන කඩයකට ගොඩ වුනා. ඇතුලේ ළමයී පිරිලා. මං එලියට වෙලා හිටියා. විමූ කඩෙන් අයිස් පලම් දෙකකුත් අරන් එලියට ආවා.

යමං එහා පැත්ත.
කියාගෙන. එතකොටම එතනට දුලාන් අයියයී, එයාගෙ හොදම යාලුවා ශානුක අයියයී ආවා . ශානුක අයියා එක පාරටම ඇහුවා.

කෝ නංගී අපිට අයිස්...

එදා අපි අතේ සල්ලි නෑ විමූට මටත් එක්ක බස් එකටත් සල්ලි දෙන්න වෙලානේ.

ආ.... ශානූ අයියේ ගන්න.
කියලා විමූ අයිස් පලම් දෙක දික් කලා . මාත් හිනාවකින් මූන වහගෙන ශානූ අයියා දිහා බැලුවා. මං හිතන්නෙ එයාට තේරුනා අපි අතේ සල්ලි නෑ කියලා.
මං විහිලුවල කිව්වේ අපිට එපා ඔයාලා දෙන්න කන්න. මොකෝ අද යාලුවත් බස් එකේ.
ශානූ අයියා ඒම කිව්වේ මං දිහා බලන්. ශානූ අයියා කියන්නෙ හොද කෙනෙක් කියලා හැමෝම කිව්වා. එයා අපේ ස්කූල් එකට අලුත්. උසස් පෙළ කරන්න ගිය අවුරුද්දේ අපේ එකට ආවේ. ඒත් ඉක්මනම හැමෝම එක්ක පිට් වුනා. එයා දැනටමත් ශිෂ්‍ය නායකයෙක්. එහෙම වුනේ එයා අනිත් අයගෙ හැගීම් තේරුම් ගන්න පුලුවන් නිසා වෙන්නැතී.
ඊ ලග කොටසින් හමු වෙමූ.

හරිම ලස්සනයි සඳූ...

ඊළග කොටස කියවනකන් ඉවසිල්ලක් නෑ...

1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Sep 2016 09:22 PM
  •  Quote
  •  Reply
.....කදුලත් සැනසුමක්.......
03. වන කොටස.
ඔව් ශානූ අයියා මං එයාව තියා ගත්තා තනියට.
විමූ එහෙම කිව්වමයී මට මතක් වුනේ මං තාමත් ශානූ අයියාගෙ දිහා බලන් කල්පනාවක කියලා. මං ටක් ගාලා බිම් බලා ගත්තා. මට ඇත්තම හිතට පුදුම ලැජ්ජාවක් වගේ හැගීමක් ආවා. මට හිතා ගන්න බෑ ඇයී කියලා ඒක හරී අමුතු හැගීමක් මං ආයී එයා දිහාවත් දුලාන් අයියා දිහාවත් බැලුවේ නෑ.
ආ එහෙමද . ඇයී දුලාන් මදිද තනි මකන්න.
ශානූ අයියා විමූගෙන් ඇහුවා. විමු ලැජ්ජාවෙන් ඇබරෙනවා . එයාලගෙ සම්බන්දෙ පටන් අරන් වැඩි කල් නෑ. ඒක නිසාද කොහෙද විමූ තාම දුලාන් අයියා ලගදි මූන රතු කර ගන්නවා.

සුද්දි අක්කී
යන්න ශානූ අයියේ යන්න. අපි යං ශදී අරහෙට .
විමූ මගෙ අතින් ඇදන් පාර එහා පැත්තට ආවා. *************************************
මුලූ පාලාතම කරුවල වෙමින් තිබුනා.දවසේ මං අකමැතිම කාලය තමා රාත්‍රිය. මොකද බාප්පා කට ගොන්නක් බීගෙන එන වෙලාව නිසා. මොනා කරන්නද. ඇදට වැටුනා. මගෙ හිතට නිදහස් නෑ වගේ. මං ඔහේ ඇදේ වැතිරිලා වලලය දිහා බලාන හිටියා.
මං ඉබේටම වගේ ශානූ අයියව මතක් උනා. එයා හරිම හොද කෙනෙක් වගේ වෙන කොල්ලෙක් නම් දෙකක් නෑ අයිස් දෙක ගන්නවා. අනිත් කොල්ලො කෙල්ලනව සුද්ද කරනවනේ ඉතිං.
ගෙදර ඉන්නවද යකෝ මොක්කූ හරී වරෙල්ලා එලියට. මේ සේනයා ආවා ගෑනීයෙ කො ඔබ. වර කෝ තොගෙ පැටව් . අල්ලපු ගෙදර එකාගෙ පැටව් කෝ.
මගෙ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා ඒ සද්දෙට. නැගිටින්නත් බයයී අද හුගක් බීලා වගේ. නිදා ගෙන ඉන්නත් බයයී අම්මට ගහයී කියලා. මං කෝකටත් නිදි වගේම හිටියා.
ආ සුද්දියෝ. කෝ අපේ සුදු කෙල්ල , සුදු මැණික. ඈ. කෝ බං කෙල්ල. අදත් යැව්වද අරකිගෙ තනියට.
පාරෙ කෑ ගහන් ආවට අම්මා ලගට ආවම හුරතල් වෙනවා. මං ඇදට වෙලා බයට වඩා දැං කේන්තියෙ පුපුරනවා . මොකද ඔය සේනක බාප්පා. මහ ජරා මිනිහෙක් . මට ඔය හුරතල් නම් කිව්වට මට ඇති ආදරයක් නෑ.

කෝ බං කෙල්ල. 

ඒ පාර කාමරේට එන අඩි සද්දෙ මට ඇහුනා. මට දැන් තවත් බයයී , කේන්තී දුකයී. මං ඒත් නිදි වගේම හිටියා මොකද වෙන්නෙ බලන්න.
මොන කරුමයක්ද සේන මේක කෙල්ලට මේ පාරනේ විභාගේ. මේ ටිකේවත් නිදහසෙ පොතක් බලා ගන්න නොබී එනවකෝ.
අම්මා කුස්සියෙ එදන් අදෝනාව කියනවා මට ඇහුනා. අපේ ගේ තාම අට්ටාලයක් වගේ බාගෙට බිත්තී නග්ගලා . ටකරං ටිකක් හෙවිල්ලලා. දොර ජනෙල් වත් නෑ හරියට. කුස්සියයි මගෙ ඇදක් දාන්න විතරක් ඉඩ තිබුන පුංචි කාමරෙයී හදලා තිබුනේ ලෑලී වලින්. ඒකත් මං රන්ඩු වෙලා මටම කියලා වෙනම කාමරයක් හදා ගත්තා මගෙ ආරක්ෂාවට.
ඉතිං මං අල්ලං හිටියෑ . පාඩම් කරන්න බැරියෑ.... මේ හොදට පෙරලිලා ඉන්නෙ.
සේනේ බාප්පා ඒක කිව්වේ හුගක් හයියෙන් . මං නිදිද කියලා දැන ගන්න බව මං දන්නවා. මොකද මට ඒවා හොදට පුරුදුයී. නිතර වෙන දේවල්නේ . මාත් සද්ද නැතුවම හිටියා.
ඇද ලගට එන අඩි සද්දෙ මං ඇහුං කං දීගෙන හිටියා මට ඕනී . මූ ජරා මිනිහෙක් බව අම්මගෙ අතටම අල්ලලා දෙන්න. ටික ටික ඇදට නැවෙනවා. මට හොදට දැනෙනවා . දැං නම් මට තව ඉන්න බයයී. මං එක පාරටම අම්මට කෑ ගහගෙන ඇදේ ඉද ගත්තා.
අම්මේ....... මේ එන්නකෝ මේකට මගෙ කාබරේට එන්න එපා කියන්න. අනේ බලන්නකෝ. මොකටද මගෙ කාමරේට ආවේ බල්ලෝ. තෝ මගෙ ඔලුව වත් අල්ලන්න එපා. .... කාලකණ්ණියා.....

මෙකෝ සුදු දූ මං ඔලුව අත ගාන්න හැදුවේ. බලන්නකෝ , සුද්දී මට මේකී කතා කරන හැටි. මං නේද උබලට කන්න දෙන්නෙ .උගන් වන්නෙ. 

හැමදාම කියන බයිලාව පටන් ගත්‍තා ඒ පාර. අම්මාත් එතනට දුවන් ආවා.
මොකද කෙල්ලේ කෑ ගහන්නෙ. මොකක්ද්ද ඔය කතා කරන විදිහ .උබ මොකටද කෙල්ලගෙ ඇගිලි ගහන්න යන්නෙ මිනිහෝ.
මං ...... මේ . ඔලුව අත ගන්න හැදුවේ. මේකි මගෙ ඇගට පැන්නනේ හැපින්න වගෙ.
අදත් සුපුරුදු විදිහම තමා. මං අම්මට හැමදාම කියනවා. වැඩක් නෑ එයා පිලි ගන්නෑ. බාප්පා මට බැන බැන එලියට ගියා අම්මත් ඒ එක්කම ගියා . මන් පුංචි කාමරේ දොර වහගෙන යකඩයත් දොරට හේත්තු කලා. අදත් නිංදක් නෑ ඉතිං. මුලු රෑම මූන ඉදි මෙනකන් මං ඇඩුවා. හැමදාමත් මෙහෙම තමා. ඇයී තාත්තේ මාව මේවගේ ලෝකෙක තනී කලේ. මාවත් අරං යන්න. මං හැමදාමත් මෙහෙම හිත හිත ඇඩුවා. ඒත් මගෙ දුක වේදනාව කාටවත් පෙනුනේනෑ.
ඊළග කොටසින් හමුවෙමූ.....
දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
05 Sep 2016 09:27 PM
  •  Quote
  •  Reply
දැන් නම් කතාව දුක්බර බවක් දැනෙනවා..
වර්තමාන ලෝකයේ මේ වගේ දේවල් බහුලව තියෙනවා..
දිගටම ලියමු නංගි..
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Sep 2016 09:50 PM
  •  Quote
  •  Reply

issarahata kathawa epa weyi

දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
05 Sep 2016 09:54 PM
  •  Quote
  •  Reply
කතාව දුකයි වගෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
1
Add Reply
Page 1 of 1612345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below