You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Jan 2026 07:33 AM by  Indika Kodithuwakku
.... කදුලත් සැනසුමක්....
 315 Replies
Sort:
Page 7 of 16 << < 56789 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Sep 2016 04:21 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 15 Sep 2016 06:31 AM
Posted By sha733 on 15 Sep 2016 05:33 AM
සතුටයි දුකයි එක වර ලං උනා නේද
කමක් නැහැ මම එපා කියපු දෙයක්ම අන්තිමට කරානේ

කරන්න දෙයක් නෑ ශා අයියා . මාර අාවම යන්න වෙනවා.

මේක අැත්ත කතාවක් මට වෙනස් කරන්න බැරි වුනා ඒක..

එහෙම කිවුවෙ මේක නගාගෙ ජීවන කථාව එහෙම නෙවෙයිනේ

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Sep 2016 04:42 AM
  •  Quote
  •  Reply
අම්මෝ කෑලි 3 කියෙව්වා ඔන්න
අර හොද මනුස්සයෙක් නැති කරල දාපු එකේ මේ සේනයාව අහක් කරල දාන්න තිබුනේ
බැහැනේ මෙක ඇත්ත සිද්ඹියක්නේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Sep 2016 07:24 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 17 Sep 2016 04:21 AM
Posted By සඳුනි on 15 Sep 2016 06:31 AM
Posted By sha733 on 15 Sep 2016 05:33 AM
සතුටයි දුකයි එක වර ලං උනා නේද
කමක් නැහැ මම එපා කියපු දෙයක්ම අන්තිමට කරානේ

කරන්න දෙයක් නෑ ශා අයියා . මාර අාවම යන්න වෙනවා.

මේක අැත්ත කතාවක් මට වෙනස් කරන්න බැරි වුනා ඒක..

එහෙම කිවුවෙ මේක නගාගෙ ජීවන කථාව එහෙම නෙවෙයිනේ

මගේ කතාව නෙමෙයි මගෙ වුනා නම් මම ඔය සේනයව මරනවා

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
17 Sep 2016 04:26 PM
  •  Quote
  •  Reply
ස්තුති නංගියෝ අලුත් කොටස් වලටත් ,,කොටස කොටස දාන නිසා කියවන්න ලේසි අයට
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Sep 2016 09:48 PM
  •  Quote
  •  Reply
..... කදුලත් සැනසුමක්.......

17. වන කොටස.

මං ගෙට ගොඩ වුනේ හරිම බයෙන් ,ගෙදරට එන්නත් කලින් සේරම අම්මලට ආරංචි වෙලා ඇතී කියලා. අම්මගෙ හැසිරීමෙන් නම් දැනුනේ මුකුත් වෙලා නැති බවක්. ඒත් මං ඉක්මනට නැන්දලාගේ ගෙදර ගියා.
ඒදා දවස මං ගෙවා ගත්තේ හරිම බයෙන්, කොයි වෙලාවේ රංඩුවක් ඇති වෙයිද කියලා. ඒත් ඒ හමුවීම කාටවත්ම ආරංචි වෙලා තිබුනේ නෑ.ඒක නිසා හිතට ලොකු සැනසීමක් දැනුනා. ආයෙ නම් එහෙම හමුවෙන්නෙ නෑ කියලා මං හිතා ගත්තා. මට බය මං ගැන නෙමේ ශානූ අයියා ගැනයී, සේන බාප්පා කරදරයක් කරයී කියලා.

*************************************
ශානූ අයියව දකින්න ඕනී ,නිසා මං උදේම ඉස්කෝලේ යන්න පුරුදු වුනා. හැමදාම වගේ මං බුදුමැදුර ළගට වෙලා පෙරමග බලන් හිටියා. දැං ඉස්කෝලේ ගොඩක් අය අපේ ආදර කතාව දන්නවා. දැං ඒක ඉස්කෝලේ ප්‍රසිද්ධ රහසක් වෙලා. ගයේෂාටත් ආරංචි වෙලා තිබුනා. එයානම් හිටියේ ටිකක් ඊර්ෂියාවෙන් ,මට ඒක හොදටම තේරුනා. ශානූ අයියා එක්ක පැනලා කතා කලත් ,මගෙත් එක්ක කතා කරන එක එයා අත් ඇරියා. මොකද ගයේෂාගෙ හිතේ ශානූ අයියා හිටියා. වෙලාවකට ගයේෂා මට පේන්නම ශානූ අයියා ළග ඉදගෙන කතා කරනවා. මට ටිකක් කේන්ති යනවා ඒවා දැක්කම නම් ,ඒත් මං විශ්වාස කරනවා ශානූ අයියා මාව රවට්ටන්නෙ නැති බව. 
මං සුපුරුදු විදිහටම බුදු මැදුර ළග මග බලාගෙන හිටියා. බස් එක ආවත් ශානූ අයියලා ආවේ නෑ. විමූ විතරක් ඈතින් එනවා මං දැක්කා. 

තෙරුවන් සරණයී යාලුවනේ..
විමූ එහෙම කිව්වේ මාත් එක්ක හිටිය අනිත් යාලූවන්ටත් එක්කම. යාලුවොත් පෙරලා තෙරුවන් සරණයි කිව්වා. 

තෙරුවන් සරණයී. කෝ බං දුලාන් අයියලා..

අනේ මංදා බස් එකේ ආවේ නෑ.

අසනීපයක්ද්ද දන්නෙ නෑ. 

දෙන්නටම එකපාර.
විමුගෙ මූනත් මැලවිලා ගිහින්. අපි තවත් ටිකක් වෙලා එතන බලං ඉදලා ක්ලාස් එකට ආවා. 

ඒ බං උබලා කොහෙද හිටියේ මං හැම තැනම හෙව්වා.
දයාන් අපි ළගට එමින් කිව්වා. පංතියේ කටකාරම කොල්ලා මතකනේ. කටකාර වුනාට හරිම හිත හොද යාලුවා. 

ඇයී බං ..

උබලට පණිවිඩයක් අරන් ආවා ම... ම්ම්ම්ම්.. ඒ..ක. හැපී.. නිව්ස් එකක්ක්..

මොකක්ද්ද කියහංකෝ අගේ නොකර..

හරී මට මොනවද දෙන්නෙ කියපල්ලා. 
දයාන් කතාව අගේ කරනවා. විමූට නං දැං ඉවසීමක් නෑ.

කියහංකෝ. 

බෑ . මොනාද දෙන්නෙ කියහල්ලා.

උබට ඕනී දෙයක් දෙන්නම් කියහංකෝ.

මට නම් මොකූ...ත් එපා. ආන් දෙන්නට එන්න කිව්වා. අයියලා..

කොහෙටද?
අපි දෙන්නගෙ මූනු වලට හිනාවක් මැවුනා ඒක ඇහෙනකොටම. 

ආ...ව් ආ...ව් දෙන්නගෙ හිනාව. පොඩි පංති පැත්තට. ආන් දෙන්නා මග බලං ඉන්නවා. 
අපි දෙන්නා හනිකට පොඩි පංතී තියෙන පැත්තට ගියා. දෙන්න එකේ පංතියෙ පොඩී ඩෙක්ස් වල ඉදගෙන ඉන්නවා. අපි දෙන්නත් පංතිය ඇතුලට ගියා.

ශානූ අයියේ මේ අපේ මල්ලිගෙ පංතියනේ. 

ඉතිං මොකො මගෙ මස්සිනා පොඩ්ඩනේ.

ඔයාට නම් ජෝක්. ගෙදර ගිහින් කියාවී.

එයා පිට්ටනියෙ සෙල්ලම් කරනවනේ. අනික එයාට තේරෙන එකක් නෑ මේවා. 

අනේ ඒත් බයයී. 

හරී හරී දවසම තියා ගන්න අඩගැහුවේ නෑ. ටක් ගාලා යවන්නම්. 
මූනට හිනාවක් ආවත් මගෙ හිතට නං බයයී. ශානූ අයියා දන්නෙ නෑනේ සේන බාප්පගෙ හැටී. 
මං නිකමට දුලාන් අයියලා ඉන්න පැත්ත බැලුවා. දෙන්නම ඩෙක්ස් එකක වාඩී වෙලා, අතින් අල්ලගෙන, බර කතාවක. 

හා හා.. එහෙ බලන්න එපා. 
ශානූ අයියා එහෙම කියද්දි මං ගැස්සිලා ගියා. ශානූ අයියා හිටියේ ඩෙක්ස් එකේ ඉදගෙන මං හිටියේ ටිකක් ඈති හිටගෙන. 

මේ මේ ඔබලා මගෙ කෙල්ලව නරක් කරන්න එපා . ඈ...
ශානූ අයියා කෑ ගහද්දී මගෙ මූන තවත් රතු වුනා. දූලාන් අයියට හිනා. එයා විමූගෙ කරට අතක් දාලා තුරුල් කර ගන්න ගමන්.

අපි දිහාවත් බලලා හැදියල්ලා.

හා හා ඔබලා පාඩුවේ ඉදහල්ලකෝ.. 

ශානූ අයියා එහෙම කියලා මං දිහා බැලුවා. මං අහක බලා ගත්තා . ශානූ අයියා මගෙන් සේන බාප්පා ගැන ඇහුවා. එයාට මොකක් හැරී දැනිලද මන්දා ඒ ගැන හාර හාර ඇහුවා. මං කිව්වෙ මගෙ තාත්තා නෙමෙයී, බීලා ඇවිත් හැමදාම රංඩු කරනවා කියලා විතරයී. 

අක්කේ......
එවෙලෙම අපේ චූටී මල්ලි පංති කාමරයට ඇවිත් දොර ළග නතර වුනා. මං ඇස් ලොකු කරගෙන මල්ලී දිහා බැලුවා. හොද වෙලාවට මං ශානු අයියගෙ කිට්ටුවෙ නොහිටියේ. 

අනේ චූටී මල්ලී ..ඔයාලගෙ අක්කා ඔයාව බලන්න ඇවිත්.
ශානූ අයියා ඇගට නොදැනී කිව්වා. 

ඇයී අක්කේ. ..

නිකන් එන්න හිතුනා මල්ලියො.
මල්ලි ආපූ නිසා විමුත් මං ලගට ඇවිත් හිටියේ. අපි දෙන්නා මල්ලිට යන්නම් කියලා, අපේ පංතියට ආවා. 
චූටී මල්ලී දොළහට ගෙදර යනවනේ, අම්මා එක්ක මොනවා කියාවිද දන්නෙ නෑ. දවසම මගෙ හිතේ වැඩ කලේ ඒක. මං ඉස්කොලේ ඇරිලා ගෙදර ගියේ මොනවා වෙයිද කියලා කල්පනා කරමින්. චූටි මල්ලී මං දැක්ක ගමන් මං ලගට දුවන් ආවා. 

අක්කේ අක්කේ....

මොකද පොඩ්ඩෝ..

අර අයියා...

ස්.........
මං මල්ලිගෙ කට වහමින් වට පිට බැලුවේ, අම්මා කෝ කියලා.

අම්මා නෑ .. අක්කේ..

ඇයී කොහෙ ගිහින්ද .

මනීෂා අක්කලාගේ දිහා ගිහින්... මේ අර අයියා..

ඉතිං ..

මට ටොපි කන්න කියලා සල්ලී දුන්නා..

ම්ම්ම් කෑවද ඉතිං..

ඕ... යාලුවෝ එක්ක කෑවා. 

දැන් ඕක අම්මටත් කිව්වද.

පිස්සුද හලෝ.. එහෙම කියන්නෙ නෑ.

ඇයී..?

මං දන්නවනේ..

මොනාද?

හැබැයී ඕන්. මට පාට් දැම්මොත් අම්මට කියනවා....

අනේ අනේ පංඩිතයා....

මං හිනා වෙමින් මල්ලිගේ ඔලුව අත ගාලා ගෙට ගියා. විශ්වාස කරන්නත් බෑ . චුටී මල්ලි හොදටම පැහිලා. දැන් තමා මගෙ ඇගට ලේ ටිකක් ඉනුවේ. මල්ලි කොහොමත් සේන බාප්පට, එයාගේ තාත්තාට ආස නෑ, නිතරම රංඩු කරන නිසා. සේන බාප්පා මට ගහන නිසා එයා තවත් තාත්තා එක්ක තරහයී...

ඊ ළග කොටසින් හමූ වෙමූ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Sep 2016 12:57 AM
  •  Quote
  •  Reply
මම මල්ලි උනා නම් මම අම්මට කියල අම්මගෙනුත් ටොෆි ඉල්ලගන්නවා.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Sep 2016 01:27 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 18 Sep 2016 12:57 AM
මම මල්ලි උනා නම් මම අම්මට කියල අම්මගෙනුත් ටොෆි ඉල්ලගන්නවා.


ශාදීගේ මල්ලී අක්කට අාදරෙයි ඔයා වගේ නෙමෙ.... කරදර විදින අක්කා පවලා දීලා ඒළමයට ටොපි කන්න පුලුවන්ද?

චූටී වුනත් ඒයාට තේරෙන දේ ඔයාට තේරෙන්නෑනේ හි හි හි හි හි හි

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Sep 2016 12:26 PM
  •  Quote
  •  Reply
akka wageda sanduni tofee kanawa kiyanne. mama nam paawa denawa
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Sep 2016 12:38 PM
  •  Quote
  •  Reply
කථාව ගොඩක් ලස්සනයි ............
1

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Sep 2016 01:49 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 18 Sep 2016 12:26 PM
akka wageda sanduni tofee kanawa kiyanne. mama nam paawa denawa

නපුරු සහෝ කෙනෙක්නේ ඔයා...
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Sep 2016 02:03 AM
  •  Quote
  •  Reply
...... කදුලත් සැනසුමක්.......

18. වන කොටස.

     එදා නැන්දලාගේ ගෙදර කවුරුත් හිටියෙ නැ ඒක නිසා මට ගෙදර ඉන්න සිද්ද වුනා. චූටී මල්ලී මායී සේන බාප්පා එන්න කලින් නිදා ගන්න ගියා. හුග කාලයකට පස්සෙ මං ගෙදර ඉන්න ,නිසා චූටී මල්ලිත් හුගක් සතුටින් හිටියේ. එයා ආසයී මං ගෙදර ඉන්නවට ඒත් මං ඉන්න දාට සේන බාප්පා රණ්ඩූ කරන නිසා චූටී මල්ලි මට ගෙදර ඉන්න කියලා කරදර කලේ නෑ. පොඩී වයස වුනාට චූටි මල්ලිට හැමදේම හොදට තේරුම්ගත්තා. නිදිගන්න ගියාට නින්ද අහලකටවත් ආවේ නෑ . සීයා ,තාත්තා, ශානූ අයියා, මට සැරින් සැරේ මතක් වුනා. 


   අන්තිමට මට දන්නෙම නැතුව නින්ද ගිහින්ලා. සේන බාප්පා ගෙදර එනවා වත් මට මතක නෑ. මගෙ කාමරය කඩලා දාලා නිසා අම්මයී මල්ලී නිදියන කාමරයේ, එයාලගේ ඇදේ තමා මාත් නිදා ගත්තේ.මං නිදා ගත්තේ බිත්තිය අයිනේ. චූටී මල්ලි නිදා ගත්තේ මං ලග. 

   රෑ 10ට විතර මන් මං උඩ හිගින් ඇහැරුනේ මගෙ කකුලේ මොකක් හරී ගෑවෙනවා වගේ දැනිලා. එක පාරටම මං නැගිටලා ඉද ගත්තා. මං හොදටම දැක්කා සේන බාප්පා කාමරේ ඉදන් පැනලා දුවනවා. කේන්තිය උහුල ගන්න බැරිව මං රෑ කියලා නොබලා කෑ ගැහුවා. 

අම්මේ... අම්මේ... අම්මේ....

ම්ම්ම්ම්ම්ම්

අම්මේ ඔයා හොදට නිදියන්නෙ .. ඇහැරලා බලන්න..

මො...න..වද.. ලමයෝ..

මේකටද මගෙ කාමරය කඩලා දැම්මෙ අැයි අහන්න. අර බල්ලාගෙන්. කුපාඩියා.....

මොකද මේ මහ රෑ කෑ ගහන්නෙ
      බාප්පත් කාමරයට දුවගෙන ආවා.

ආ දැං බබා නේද? මොකුත් නොදන්න තොත්ත බබා.

සුද්දී.... සුදු දූ හීනෙන් බය වෙලාද කොහෙද?.

ඔව් ඔව් මං හැමදාම දකින්නෙ හීනනේ. ඔයා මොකුත් නොදන්න තොත්ත බබා. 

කෑගහන්න එපා ලමයෝ. අහල පහල මිනිස්සුත් එයී. හිමින් කියන්වා මොකද වුනේ කියලා. 
      අම්මා ඇදේ ඉද ගන්න ගමන් කිව්වා.

කරන්න හොදා බල්ලට බලූ වැඩ .මට කියන්න හොද නෑ . කිව්වම හෙන ලැජ්ජයී නේද?
       මට හොද නරකක් තේරුනේ නෑ. කටට ආපූ සේරම කියලා බැන්නා. 

මොකද්ද සේන මේ කියන්නෙ.

මං නම් දන්නෙ නෑ සුද්දී.
    සේන බාප්පා මොකුත් නොවුනූ ගානට් කිව්වා. 

මං ඇහැරෙද්දී කාමරේ ඉදලා දිව්වෙ ඇයී අහන්නකෝ එහෙනම්.. ඇයී අම්මා දොර වැහුවෙ නැත්තේ කියන්නකෝ. මේ ගෙදර බල්ලෙ ඉන්නවා කියලා දන්නෙ නැද්ද. 

මං මේ පුතා නිදිද බලන්න ආවේ..

ආ.. ඇත්තද. අනේ ..පව් .

ළමයෝ මුලින් කෑගහන එක නවත්වන්න. ගමටම අණ බෙර ගහලා කියන්නද ඕනී දැං.
  

   " මරාගෙන මැරෙන්න හිතන වෙලේ" සාම ගිවිසුම් ගහන්න අඩ ගහනවා. මට අම්මා එක්කත් කේන්ති. මං කට වැහුවෙම නෑ . බේරෙන්න බෑ කියලා තේරිලාද කොහෙද සේන බාප්පා කුනුහරුපෙන් බයින්න ගත්තා. 

කට වහ ගනියව් හු.....යෝ. මං පො....ක් කියලද හිතන් ඉන්නෙ. තොපේ බලූ කතා සේරම අහන් ඉන්න.

ආ....බලූ වැඩ නොකර හිටියා නම් ඉවරනේ.. බලු වැඩ කරලා තව එනවා බයකර ගන්නත්. 

කටවහපිය.....

ඒත් එක්කම චටාස්.. ගාලා කම්බුල පුරවලා ,අම්මගෙන් කම්බුල් පාරක් වැදුනා. චූටී මල්ලිත් ඇහැරලා අඩනවා. මාත් දැං කම්බුල අල්ලගෙන අඩනවා. මගෙ තොලත් පුපුරලා කටට ලේ රස දැනුනා. මං තවත් අඩ අඩා බනිනවා. අම්මත් පැත්තකට වෙලා අඩනවා. මං ඇදෙන් බැහැලා ගිහින් දඩාස්... ගාලා දොර වහලා යකඩයත් හේත්තු කලා.

    මං කාමරේ ලයිට් එක දාලා පොත් මේසෙන් ඉද ගත්තා. කේන්තියයී දුකයී ඉවස ගන්න බැරිව පොතක් දිගැරගෙන පොත දිහා බලාගෙන ඇඩුවා. මං පොත් මේසෙ උඩ ඔලුව තියාගෙන රැ වෙනකන් ඇඩුවා. බාප්පා දැන් ගොරව ගොරව නිදී. මට තවත් කේන්තී. අම්මටත් නින්ද ගිහින්. 

   මට මේ හැමදේම ශානූ අයියට කියන්න ඕනී වුනා. මගෙ එක්ක ඉන්න හරී මාව අතාරින්න හරී ශානූ අයියට මට හැමදේම කියන්න ඕනී වුනා. එදා රෑ කදුලූ අතරින් මගෙ කුලුදුල් පෙම් හසුන ලියන්න පටන් ගත්තා. ඇත්තටම පෙම් හසුනක් කිව්වොත් වැරදී." දුක් අදොනාවක් " කිව්වා නම් හරී. මං හැම අකුරක් නෑර හැම සිදුවීමම ලිව්වා. ලියන ගමන් මං හුගාක් ඇඩුවා. කම්බුල දිගේ කදුලූ රූරාගෙන ඇවිත් ලියන අකුරු මතටම වැටුනා. ලිව්ව්ම ලියලා ඉවර වෙන කොට ලිව්මේ වැඩි හරියක් බොද වෙලා. සීආර් පිටු 8 ක් පුරා මං ලිව්ම ලිව්වා. අන්තිම වශයෙන්"" මං ගැන තීරනයක් ගන්න ශානූ අයියේ මට ඔයාට බොරු කියන්න බෑ. මාව අතහැරියත් මගෙ හිතේ කිසි තරහක් නෑ. හැමදාමත් මේ වගේම ඔයාට ආදරෙයි. "" කියලා ලියලා, ලිව්ම පොත් අස්සෙ සගව්ලා පොත් බෑග් එකට දැම්මා. 
මට ඇදට යන්න හිත දුන්නෙ නෑ. පොත් මේසෙ උඩම ඔලුව තියන් ඉන්න කොට ,මට එහෙන්මම නින්ද ගිහින් තිබුනා. අම්මා උයන්න ඇහැරුන වෙලේ මට කතා කලා.

සුදු දූ ඇදට ගිහින් තව පැයක් විතර නිදා ගන්න.

දැන් නිදියන්න බැ අම්මෙ.

අද ඔහොම ඉස්කෝලේ යන්න බෑ. නිදි මරලා . අද ඉස්කෝලේ යන්න ඕනී නෑ. 

මට මේ ගෙදර ඉන්න කිසිම ආසාවක් නෑ. මැරුනත් මං ඉස්කෝලේ යනවා. 

    අම්මගෙ හිත රිදෙන්න ඇතී. මගෙ හිතේ තිබුන කේන්තියත් එක්ක එහෙම කියවුනා. මං බාප්පා ඇහැරෙන්න කලින් ඉස්කෝලේ යන්න ඇද ගත්තා. මල්ලිවත් ලැහැත්තී කරන් මං පාන්දරින්ම ඉස්කෝලෙට ගියා.

 මගෙ තොලත් ටිකක් තඩිස්සි වෙලා. ඉස්කෝලේ නොගිහින් ඉන්නම බැරි නිසා මං ඉස්කෝලේ ආවේ. වෙනදා වගේම ශානූ අයියාලා එනකන් මග බලන් හිටියා. යලුවෝ හැමෝම මගෙ මූන දැක්කම ඇයී ඇහුවා. මල්ලි වැරදීමකින් දොර අරිද්දී මූන දොරේ වැදුනා කිව්වා. 

  ශානූ අයිය මාව පහු කරන් ගියේ තෙරුවන් සරණයී කියමින්. මං කිව්වා පොඩ්ඩක් අපේ පංතියේ එහා පැත්තෙන්, කොට බිත්තිය ගාවට එන්න කෝ කියලා. විමූ මාව දැක්ක ගමන් මූන ඇයී ඇහුවා. මන් සිද්ද වුන දේ කෙටියෙන් කිව්වා. ඒ වගේම සේරම විස්තර ලිව්මක ලිව්ව බවත් කිව්වා. උබ බය වෙන්න එපා .ශානූ අයියා ඔබව අතාරින්නෙ නෑ . විමූ මාව දිරි ගැන්නුවා. 

ස්..... ස්.... ස්ස්... ඇයී එන්න කිව්වේ. 

දෙයක් දෙන්න.

ඇයී මූන ට වෙලා තියෙන්නේ.කෝ
ලස්සන හිනාව. 

ඒ සේරට උත්තර මේකේ ඇති ශානූ අයියේ. ඕක බලලා කැ..මැ..තී.. තීර... නයක් ..ගන්න.
මං ලිව්ම ශානූ අයියට දික් කලේ වටපිට බලමින්.ශානූ අයියත් ලිව්ම අරන් සාක්කුවේ දා ගත්තා

මොනවද මේ කියන්නෙ මගෙ ශදී නංගියෝ. මං තීරනය අරන් ඉවරයී. ආයී ඔයාව නැති කර ගන්න ඕනේ නෑ මොනවා වුනත්. 


ඕ...ක බැල්ලුව..ම... ඔහො...ම කි...යන... එකක්... නෑ...
මගෙ කට හඩ බිදිලා ගියා. 

නෑ නෑ.. මගෙ හිත කවදාවත් වෙනස් වෙන්නෙ නැ.

  ටිකක් වෙලා දුකෙන් මං දිහා බලන් ඉදලා , ශානූ අයියා පිට වෙලා ගියා. මං ලොකු සුසුමක් හෙලලා හිත සැහැල්ලු කර ගන්න උත්සහ කලා.

   හෙට තමා ලිව්මට ප්‍රථිපල ලැබෙන්නේ. මං නැන්දලාගේ ගෙදරට වෙලා මුලූ රැම කල්පනා කලා, හෙට මොනවගෙ දෙයක් වෙයිද කියලා. පහුවදා මං ඉස්කෝලේ ගියේ දෙගිඩියාවෙන් .

ඊ ළග කොටසින් හම්බෙමූ.

0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
19 Sep 2016 02:14 AM
  •  Quote
  •  Reply
ලස්සන කතාවක් ඔන්න මාත් කියෙව්වා එහෙනම්
ස්තුති
ඊලග කොටස එනකන් ඉන්නෝ එහෙනම්
1

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
19 Sep 2016 02:18 AM
  •  Quote
  •  Reply
ඔන්න මම නම් කියවල ඉවරයි...දැන් කථාවෙ හොඳ හරිය යන්නෙ ... ඉක්මනට දාන්න එහෙනම්
1

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Sep 2016 02:29 AM
  •  Quote
  •  Reply

මේ හුස්මටම තව කොටසක් ඒවන්නද

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
19 Sep 2016 02:39 AM
  •  Quote
  •  Reply
ආනේ..එවන්නකො නංගි ... කොටස් 50 ම දැම්මත් පැයකින් දෙකකින් කියවන මුඩ් එකක ඉන්නෙ දැන්නම්   
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
19 Sep 2016 02:57 AM
  •  Quote
  •  Reply
එවන්න බලන්න එහෙනම් මාත් කියෝනවා
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Sep 2016 02:57 AM
  •  Quote
  •  Reply
..... කදුලත් සැනසුමක්.....

19. වන කොටස.


   එදා මං මග බලාගෙන හිටියෙත් නෑ. ශානූ අයියව පුලුවන් තරම් මගහරින්න හිතාගෙන පංතියට වෙලා හිටියා. මට හිතා ගන්න අමාරුයී ශානූ අයියා මොන විදිහට මේ දේ තේරුම් ගනීවිද කියලා. පංතියෙ මට පුරුදු හුදකලා ස්ථානය, පහල වෙල්යාය පේන තැනට වෙලා මං කල්පනා කලා. 

තෙරුවන් සරණයී සුදු මැණික.....
    ඒ කට ඇහුනේ ඇත්තටමද කියලා මං ඇස් ලොකු කරලා බැලුවා. මං පුදුමයෙන් බලන් හිටියා. 

කෝ ඇයී බය වෙලා වගේ. 

තෙරුවන් සරනයී ශානූ අයියේ. ...

ඔයා හිතුවද මේ වගෙ දේකදී මං ඔයාව තනි කරයී කියලා. ඔයාව අවිශ්වාස කරයී කියලා. ඔයා හිතනවා වැඩී සුදු මැනික.
    එයා ආයෙත් සුදු මැනික කියද්දී මං පුදුමයෙන් බැලුවා. මේ තරම් ආදරයක්. "මේ තරම් දුක් විදින කෙල්ලෙකුට ඔය ආදරේ දරා ගන්න බැ අයියේ "මං හිතිං මොහෙහී කලා.

ඒත් ශානූ අයියේ..

හෝව් හෝව්.. දැං ඒවා මතක් කරන්නවත් ඕනී නෑ. හැමදාම නැන්දලාගේ ගෙදර ඉන්න. ගෙදර ඉන්නම එපා. අනේ සුදු මැනික ඔයා හුගක් පරිස්සම් වෙන්න.

මං නැන්දලෑ දිහා තමා ඉන්නෙ වැඩියෙන්ම. 

හුගක් පරිස්සම් වෙන්න. මගෙ සුදු මැනික. හ්ම්ම් මේක ගන්න.
ශානූ අයියා මට අත මිටමොලවලා දික් කලා. 

මොකක්ද්ද.?

ගන්නකෝ. අරන්ම බලන්න .

 
මං අත පෑවා එයා මගෙ අල්ල උඩින් ලිව්ම තියලා අත ගත්තා මං ඉක්මනටම ගවුම් සාක්කුවට දා ගත්තා.

 
  වැඩි වෙලාවක් යන්න කලින් ශානූ අයියගෙ යාලුවෝ ටික එතනට ඇව්ත් ,විහිලූ කරන්න පටන් ගත්තා. අපිට කතා කරන්න දුන්නෙම නෑ.


   මං හිස් පීරියක් එකක් එනකන් බළන් හිටියේ ලිව්ම කියවන්න. මට ලිව්ම ගෙදර ගෙනියන්න බය හිතුන නිසා ඉස්කෝලෙදිම කියවන්නයී මං උත්සහ කරන්නෙ. දවල් කෑම විවේකෙන් පස්සෙ මට අවස්ථාක් ලැබුනා. විමූට වට පිටාව ගැන හෝදිසියෙන් ඉන්න කියලා මං ලිව්ම කියෙව්වා. පළවෙනී පෙම් හසුන කියවලත් අඩන්නයී සිද්ධ වුනේ. මගෙ කතාව, මං ඉන්න තැන දැන ගෙන ශානු අයියා හුගක් බයෙන් දුකෙන් ඉන්න බව මට ඒකෙන් තේරුනා. වැඩිපුරම ලියාලා තිබුනේ." මගෙ සුදු මැනික පරිස්සම් වෙන්න "
කියන එක විතරයී.ශානූ අයියා අම්මා ගැනත් කේන්තියෙන් ලියලා තිබුනා.

    කාලය හරී ඉක්මනින් ඉගිල්ලිලා ගියා. දෙවෙනී වාර විභාගයත් පැවැත්තුනා. වාර විභාගෙ නම් ඒ හැටි අමාරුවක් තිබුනේ නැ. අපි ඒකොලහ වසරේ නිසා සර්ලා ටීචර්ලා, අපේ ප්‍රශ්න පත්‍ර ඉක්මනින් බලල ලකුනු කිව්වා . ශානූ අයියලට අපේ පංතියේ බහුවරන ප්‍රශ්න පත්‍ර බලන්න දීලා. සමහර පේපර් වල ලකුනූ අඩුයී කියලා මට හොදටම දොස් කිව්වා. එයා නිසා ඉගෙන ගන්න තියෙන උනන්දුව අඩු වෙලාලූ.


  අපිට නිතර කතා කරන්න නොලැබෙන නිසා, හැමදාම වගේ ලිව්මක් ලියන්න පුරුදු වෙලා හිටියේ. ආයී ලිවුම් ලියන්නත් එපා කියලා ශානූ අයියා මට දොස් කිව්වා. පාඩම් කරන වෙලාවට වෙන දේවල් කල්පනා කරන්න එපාලූ . මං මේ තරම් වත් හිත සැහැල්ලු කරන් ඉන්නෙ කා නිසාද කියලා එයා දන්නෙ නෑ. මං හිතිං දොස් කිව්වත් වචනයක් වත් නොකියා ,කියපු දේවල් පිලි ගත්තා.


   නිවාඩුවට කලින් ගුරුදෙගුරු රැස්වීමක් තිබ්බා. ඒකෙදී අපේ ඉගනීම් තත්වය ගැන දෙමාපියෝ එක්ක කතා කලා. මගෙ ලකුනූ තත්වය ගිය වාරයටත් වඩා හොද වෙලා තිබුනා. සමස්ථ ලකුනූ වලින් මං පංතියේ තුන්වෙනියා වෙලා තිබුනා. හැම ටීචර්ම ,සර්ම මං ගැන හොද කිව්වා. ඉස්කෝලේ අමතර වැඩ වලට සහභාගී වීම ගැන එයාලා සතුටු වුනා. එදා නම් අම්මටත් හුගක් සතුටුයී, මං දැක්කා අම්මා කීපවතාවක්ම ලේන්සුවෙන් කදුලූ හංග ගන්න උත්සහ ගන්නවා. අම්මා මට එන ගමන් කිව්වෙ, " කොහොම හරී හොදට ඉගෙන ගන්න සුදු දු" කියලා

************************************
  අගෝස්තූ පාසල් නිවාඩුව, මං ගෙදර හිටියේ හරිම පාලුවෙන්.. හොද වෙලාවට නිවාඩු කාලෙ නිසා ක්ලාස් සතියෙ දවස් වලත් දාලා තිබුනා. නිතරම වගේ නැන්දලාගේ ගෙදරත් ගියා. ඒත් වැඩක් නෑ සිතාරා අක්කට හැමදාම වගේ ක්ලාස්.එයා නැතුවම මට නැන්දලාගේ ගෙදර ඉන්නත් කම්මැලී. 

   මනීෂා නංගිලාගේ මල්ලී සරුංගල් අරින්න අපේ ගෙදරට ආවා. අපේ චූටී මල්ලි අඩනවනේ එන්න කියලා. ඉතිං මාත් එයාලා එක්ක සරුංගල් යැව්වා. අපේ ගේ වටේ ගස් තිබුනේ නෑ. රබර් තිබිලා ගේ හදන්න කලින් ගලවලා දැම්මා. ඒක නිසා සරුංගල් අරින්න නියම තැන. නිවාඩු කාලේ හුගක් වෙලාවට කලේ සරුගල් අරින එක. හැමදාම වගේ සරුංගල් කඩන් යනවා අපි එතකොට අකුල් අස්සෙ රිංගගෙන කටු ඇනගෙන සරුංගලේ හොයන්න යනවා. ඇයී ගස්වල පැටලිලා තියෙන හුල් එකතු කරගන්නත් පුලුවන්නෙ. පහල වෙලේ ඉදන් යවන සරුංගල් කඩන් ගියාම අපි ඉන්න හරියට වැටෙනවා. අපි කරන්නෙ කට්ටිය එන්න කලින් සරුංගලේ හංගලා නොදන්න ගානට ඉන්න එක. හවසට වෙන පාටකින් අලවලා අපි ඒ සරුංගල් උඩ අරිනවා. 


  ඉස්සර අහල පහල ලමයී එක්ක එකතුවෙලා දවසම වගේ සෙල්ලම් කරනවා. ඒත් දැන් සේන බාප්පගෙ වැඩ නිසා ඒ ළමයී අපේ ගෙදර එනවට එයාලගේ අම්මලා තාත්තලා කැමතී නෑ. 


   දවසක් අපිට උදේම ක්ලාස් තිබුනා. එදා විෂයන් දෙකකට ක්ලාස්, පැය හතරක් . මං විෂයන් තුනකට විතරයී ක්ලාස් ගියේ. විමුයී මමයී ක්ලාස් එක ලගට යනකොට ක්ලාස් එක තියෙන ගෙදර කවුරුත්ම නෑ. මං ගිහින් බෙල් එක ගැහුවම ගෙදර වැඩට ඉන්න කෙනා එලියට ආවා. අද ක්ලාස් තියන්න වෙන්නෙ නෑ කිව්වලූ ,එයාලගේ නැදෑකෙනෙක් ගෙ මල ගෙයක් වෙලාලූ. අපි දෙන්නා ඒ ආරංචියත් එක්ක ක්ලාස් එකෙන් එලියට ආවේ හරි සතුටින්.

ශදියෝ... අපි අද පොඩී වැඩක් කරමුද?

මොකක්ද්ද.

ශානූ අයියලා ගෙන්න ගමූ

මට නං බයයී බං ගෙදෙට්ට ආරංචී වෙයී. 

අනේ ඉස්කෝලේ නිවාඩු දුන්නට පස්සෙම ,තාම දැක්කෙත් නෑ. 

අපි කියලා බල්මුකෝ එහෙනම් එයාලට.

 
   හිතේ කැමැත්තටත් වඩා බය වැඩී නිසා මං තීරනයක් ගන්න බැරිව ලත වුනා." උණූ හිංදා බොන්නත් බෑ, කිරි හිංදා අහක දාන්නත් බෑ" දෙන්නා පුරුදු විදිහට ටෙලි පෝන් බොක්ස් එකෙන් කෝල් එකක් ගත්තා. 

අනේ විමූ පෝන් එක වැඩ නෑ. 

ආයී අරං බලහන්කෝ....

ඊ ළග කොටසින් හමු වෙමූ...😒😒😒

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Sep 2016 03:03 AM
  •  Quote
  •  Reply

ඔන්න ඒවුවා කට්ටියගෙන් බැනුම් අහන්න වේවී. හී අනිත් අය බිසිනේ අදට අැති අෑ

 

0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
19 Sep 2016 03:07 AM
  •  Quote
  •  Reply
මරු මරු තවත් කොටසක් දාලා තියෙන්නේ
ස්තුති
1

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Sep 2016 03:16 AM
  •  Quote
  •  Reply
Posted By Dushan on 19 Sep 2016 03:07 AM
මරු මරු තවත් කොටසක් දාලා තියෙන්නේ
ස්තුති
ස්තුතියී අයියේ අාසාවෙන් කියවනවට

0
Add Reply
Page 7 of 16 << < 56789 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below