Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 22 Apr 2023 12:28 PM by maduranga001 .... කදුලත් සැනසුමක්.... 314 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 3 of 16 << < 12345 > >> Author Messages සඳුනිVeteran MemberPosts:2462 07 Sep 2016 06:01 AM Quote Reply ....කදුලත් සැනසුමක්...... 06. වන කොටස. ගෙදර ඉන්න එක අමාරු වැඩක් නිසා මං නැන්දලාගෙ ගෙදර ගියා. නැන්දලාගෙ ගේ තිබුනේ ගෙදර ඉදන් පයින් යන දුරක. මං මෙච්චර කාලයක් ආරක්ෂාව ලබා ගත්තෙ නැන්දලගෙ ගෙදරින්. මොකද මං ජීවිතයෙන් වැඩිම කාලයක් හිටියෙ නැන්දලාගෙ ගෙදර. නැන්දලාගේ ගෙදර හිටියෙ නැන්දයී, නැන්දගෙ දුව සිතාරා අක්කයී,චූටි බාප්පයී, ආච්චි අම්මයී. මිහිපිට දෙවිවරු තමා එයාලා .මං කියන දේ විශ්වාස කලේ,මාව ආරක්ෂා කලේ එයාලා. මං එහෙ යන එක නැවැත්තුවේ බාප්පා බීලා ගිහින් නැන්දලට රංඩු කරන නිසා. නැන්දයී සිතාරා අක්කයී නිතරම කිව්වා මට එහෙ එන්න කියලා. ඒත් සේන බාප්පා මහ රෑට රංඩුකරලා මාව ගෙදර එක්ක එනවා. අම්මාට ගහයි කියලා බයට මං ගෙදර ගිහින් රෑ එළි වෙනකන් අඩනවා. ඇස් රතුවෙනකන් ,මූන ඉදිමෙනකන්, කදුලු හිදෙනකන්.මගෙ කදුලු ගැන දන්න එකම කෙනා මගෙ කොට්ටෙ ,එයා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ මගෙ කදුලු ගැන. මේ කරදරවලට මං මූන දෙන්නේ අවුරුදු 10 ඉදන්, ඒ මං මගෙ ආච්චිගෙනුයී සීයගෙනුයි වෙන් වුන දා ඉදන්. මගෙ අකමැත්තෙන් අම්මයි බාප්පයී මාව මේ ගෙදරට ගෙනා දා ඉදන්. අම්මගෙ අනිත් සහොදර සහොදරියොත් කිව්වේ ළමයා ඉන්න ඕනී අම්මා ළග කියලා. දැන් කවුරුත්ම පිලිගන්නෙවත් නෑ මං විදින වේදන්නව. අනේ ශදී නංගියෝ.. ඔයා ආවද... අම්මා බලන්නකෝ කවුද ඇවිත් ඉන්නෙ කියලා. මං නැන්දලාගෙ දරකඩට යනකොටම සිතාරා අක්කා සතුටින් කෑ ගැහුවා. මේ මිනිස්සු මට මොන තරම් ආදරේද. ආච්චි අම්මත් ගේ ඇතුලේ ඉදන් ඉස්තෝප්පුවට ආවා . මේ ඉන්නෙ බාප්පගෙ අම්මයි, නැන්දයී (බාප්පගෙ නංගී), මේ මිනිස්සු මට හරිම ආදරෙයි අනුකම්පාවයී. සේන බාප්පා වසවර්තියෙක් බව හැමෝම දන්නවා. අම්මත් දන්නවා ඇති, ඒත් එයා පිලිගන්නෙ නැහැ. ඕන් ශදියෝ අද නම් මෙහෙ ඉන්න ඕනී.. ඕන් ඈ... සිතාරා අක්කා එහෙම කිව්වේ මගෙ අතේ එල්ල්ව්මින්. අනේ මංදා අක්කේ. සේන බාප්පා බීගෙන එයි රෑට.. අනේ ළමයො ඔය මෙහෙ ඉන්න . ඔහෙ ආපුදෙන් .අපි කවදාවත් ඔයාට වචනයක් කිව්වද. නෑනේ. ඒකගෙ හැටි අපි දන්නවා. නැන්දා එහෙම කිව්වේ හරිම අනුකම්පාවෙන්. ආච්චි අම්මත් හීල්ලුවා. තමන්ගෙ පුතාගෙ මේ නරක හැසිරීම කොහොම උහුලන්නද. සේන බාප්පා ආච්චි අම්මටත් බනිනෙ හු... භාෂාවෙන් තමයී. ආච්චි අම්මා හූල්ල හූල්ල ඉන්නවා. තමං කුසින් වදපු එකාද මෙහෙම කියන්නෙ කියලා. ඒත් නැන්දේ අම්මට ගහයී කියලා බයයි. මං කිව්වේ සුසුම් හෙලමින්. මන් හරියට "ගිරයට අහූවුනු පුවක් ගෙඩිය වගේ" .අම්මා බේර ගන්නත් ඕනී මං බේරෙන්නත් ඕනී. සුද්දි අක්කා පව් දෙයියනේ. මේ මිනිහට නම් හොදක් වෙන්න හොද නෑ මේ කරන පව්කාර වැඩේට. කම්බුලේ අතක් ගහගෙන නැන්දා හීල්ලුවා... අනේ අද ඉම්මු හොදේ. එන්නකෝ .බඩුවක් දෙන්න. සිතාරා අක්කා මාව කාමරයට ඇදන් ගියා. සිතරා අක්කා පාසල් අධ්‍යාපනය ඉවර කරලා, බාහිර උපාදියක් කරනවා . මට වඩා යතරයී එයා වැඩිමහල් වුනේ. ************************************ දවස් ගනනවාක් ගෙවිලා ගියා. සේන බාප්පා මං නැංදලාගේ ගෙදර යන එක නවත්වන්න එක එක දේවල් කලා. බීලා ගිහින් රංඩු කලා. රෑ වෙනකන් එයත් නැන්දලාගෙ ගෙදර ඉන්න පටන් ගත්තා. මගෙ ඇගේ ලේ ටික පිච්චෙනවා මෙ මනුස්සයා දකින දකින පාරට. ඒ මදිවට පුදුම අප්‍රසන්න බවක් දැනෙන්නෙ කට හඩ ඇහුනත්. හවස නැන්දලා ගෙදර යනවා, පාන්දර ගෙදර එනවා සේන බාප්පා වැඩට යනකන් බලන් ඉදලා සුදු ගවුම දාන් ඉස්කෝලෙට දුවනවා. මං ගොඩක් දාට ඉස්කෝලෙට ගියෙ පරක්කු වෙලා. කලාතුරකින් දවසක තමා කලින් ගියේ. මගෙ ජීවිතේ ගැන නම් කියලා වැඩක් නෑ මට ළමා කාලයක් නෑ. බාප්පා කියන අසහනකාරයා මගෙ ලස්සන ළමා කාලය මගෙන් උදුර ගත්තා . මොනාද යකෝ උබ කල්පනා කරන්නෙ.. මොනතරම් කල්පනා ලෝකෙක කිමිදිලා හිටියද කිව්වොත්, මං ස්කෝලේ ඉන්නෙ කියලත් මතක් වුනෙත් විමූගෙ කට හඩ ඇසුනම. ඒ බලපන් ශදි අර ජෝඩුව. විමූ මට ඇහෙන් පෙන්නුවෙ ශානු අයියයී, දුලාන් අයයි එයාලගේ පංතියෙ ඉදන් එබි එබි බලනවා. අපේ ඩෙක්ස් පේලිය හරහට දැම්මට පසේ ශානූ අයියලා හොදරම පේනවා. විමූ නිතරම දුලාන් අයියා දිහා බැලුවා, දුලාන් අයියත් එහෙමයී. ඒත් ශානූ අයියා බැලුවෙ නෑ. මගෙ හිතත් වියවුල් වෙලා තිබුනේ, එයා මං ගැන හිතනවද නැද්ද කියන දෙගිඩියාවෙන්. මගෙ හිත නිතරම දුක් වුනා එයාගෙ හිතේ විශේෂයක් නෑ කියලා, ඒත් මං හිතින් ආදරය කරවා කවදාවත්ම ළං වෙන්න ඕනීනෑ මට. එහෙම හිතලා හිත සනස ගන්නවා. බලපංකෝ ගයේෂා දූලාන් අයියලාගෙ පංතියෙ මයී. විමූ කිව්වේ මට වැලමිටින් අනිමින්. හ්ම්ම්ම්ම්ම්ම්.... එයාගේ අයියගෙ පංතියනේ ඉතිං. අනේ පලයං උබ දන්න මගුල... විමූ එහෙම කිව්වේ අමුතු හිනාවක් දාගෙන.. ඇයි උබ හිනා වෙන්නෙ.. උබ දන්නෙ නැද්ද සීන් එක මොකක්ද්ද? ගයේෂා ශානු අයියගෙ පස්සේ යනවා. විමූ කනට කරලා රහසින් එහෙම කියන කොට මගෙ මුලු ඇගම පිච්චිලා අලූ වෙලා ගියා. විමූට හිනා.එයා දන්නේ නෑනේ මං ශානු අයියා ගැන හිතන බව. මට කර කියාගන්න දෙයක් නැතුව ගියා. ඉ..ඉතිං.... හො..හොදයිනේ.. මගෙ කටින් වචන පිට වුනෙත් නෑ. මං හිමින් ශානු අයියා ඉන්න පැත්ත බැලුවා. ගයේෂා ශානු අයියා එක්ක හොදටම කතාව දෙන්නාම සතුටින් හිනා වෙනවා. මගෙ ආත්මයම පිච්චෙනවා. හ්ම්ම්ම්ම්ම්... දෙන්නා ගැලපෙනවා නේද බං.. මගෙ හිතෙ හිටපු, මෙච්චර දවස් මං හිතිං ආදරය කරපූ, හිත සනස ගත්තු, මගෙ ශානු අයියා තව කෙල්ලෙක්ට ගැලපෙනවද අහනවා. ශානූ අයියා ...කැමති නම් අපිට... මොකො බං... මං අමාරුවෙන් කියලා දැම්මා. මට දැන් අඩන්න ඕනී. ඒක පාර්ශික ප්‍රේමයක් වුනා එහෙනම් මගෙ ආදරෙත්. අඩන්නෙත් කොහොමද විමූ දන්නෙ නෑ මගෙ හිතේ ඉන්න කෙනාව. ශානු අයියත් කැමතී වගෙ බං .බලන්න ඕනී බස් එකේදී ජෝඩුව. අනේ දෙවියනේ ඇයි මටම මෙහෙම රිද්දන්නෙ. මට තිබුනු එකම සැනසූමත් උදුර ගත්තා. දෙවියෝ මොනවා කරන්නද. මං ආදරෙ කලාට ශානු අයියා මට ආදරේ කරන්න නැතුව ඇති. ඒකනී මාව මගහැරියෙත්. මං දැන් මොනවා වෙනුවෙන්ද ජීවත් වෙන්නෙ. මොනවද ශදී කල්පනා කරන්නෙ.. ශානූ අයියට ඕකවත් හරි ගියොත් හොදයී. ඇයී... කලිං ඉස්කෝලේ ශානූ අයියට කෙල්ලෙක් ඉදලා. ඒකී බූට් තියලා. දුලාන් අයියා කිව්වා ශානු අයියා පිස්සු නටනවලූ. එහෙමද. ඒහෙනම් හොදයී.. විමූ කියනකන් මේ කතාව මං දන්නෙ නෑ. කමක් නෑ ශානූ අයියේ ඔයාට හොදක් වෙනවානම්, මගෙ හිත රිදුනත්,මං හිත සනස ගන්න උත්සහ කලා. මහ බලූ කෙල්ලක් බං ශානු අයියා පව්. ශානිකා කියලා කෙල්ලෙක්.. ශානූ අයියා පව් මට ඉබේටම කිය වුනා. ඔව් බං හොද කොල්ලන්ට මයී ඕවා වෙන්නෙ. දවසසින් දවස වෙන සිද්දිත් එක්ක මගෙ හිත එන්න එන්නම කඩා වැටුනා. ගෙදරත් රංඩු වලත් ඉවරයක් නෑ. නිතර ගයේෂා ශානු අයියා එක්ක කතා කරනවා,හීනා වෙනවා දැක දැක මං මැරි මැරි ඉපදෙනවා. අන්තිමට මං ඉගනීම ගැන විතරක්ම හිතන්න හිතුවා, ඒත් හැමදාම ශානූ අයියා දකින වාරයක් ගානේ මගේ දුක අලුත් වෙනවා. ඊ ළග කොටසින් හමුවෙමූ. 0 DanuLiyanageVeteran MemberPosts:3457 07 Sep 2016 06:17 AM Quote Reply මෙච්චර ඉක්මනට කොහොමද සදුනි කතාව දැම්මේ. කොහොම උනත් ස්තුති, දැන් ඉතින් මෙක කියවලා නිකන් ඉන්න බැහැ. ඉලග කොටස එනක්ම් ඉන්න බැහැ නේ 1 maduranga001Most Senior MemberPosts:14123 07 Sep 2016 06:35 AM Quote Reply නැන්දලගෙම ගෙදර හිටිය නම් හරිනෙ. මොකෝ ඔච්චර පිච්චෙන්නෙ. 1 සඳුනිVeteran MemberPosts:2462 07 Sep 2016 08:58 AM Quote Reply මම කතාව ලියලා ඉවර කරලා තියෙන්නේ.. 0 සඳුනිVeteran MemberPosts:2462 07 Sep 2016 09:03 AM Quote Reply ඉස්සරහට කියවලා බලන්නකෝ මදුරංග අයියා. ශදීට ඒකට හේතු තියේ 0 indika76Most Senior MemberPosts:10457 07 Sep 2016 09:53 PM Quote Reply ඊළග කොටස කෝ නංගී... 1 sha733Super Senior MemberPosts:7332 08 Sep 2016 12:14 AM Quote Reply මේ කථාව නිකං ටීවි එකේ බලන මෙගා නාටකයක් වගේ ඊලග කොටස එනකං ඉවසුමක් නැ ඉක්මනට දාන්නෝ....................... 1 සඳුනිVeteran MemberPosts:2462 08 Sep 2016 02:15 AM Quote Reply මෙගා නාට්‍යක් තරම් සජීවීද. මෙගා නාට්‍යක් වගේ දිගයි නම් තමා 0 indika76Most Senior MemberPosts:10457 08 Sep 2016 02:29 AM Quote Reply ශානු ශදී ආදර කතාව ... ශානු ගයේෂාගෙන් මිදී ශදී වෙතට පැමිණේවිද? 1 සඳුනිVeteran MemberPosts:2462 08 Sep 2016 04:57 AM Quote Reply ශානු ශදී ආදර කතාව ... ශානු ගයේෂාගෙන් මිදී ශදී වෙතට පැමිණේවිද? ඉස්සරහට බලමු නේ... 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Sep 2016 05:58 AM Quote Reply වැඩෙ නැගලා යනවා වගෙ 1 DanuLiyanageVeteran MemberPosts:3457 08 Sep 2016 08:30 AM Quote Reply මේ ඔය ටික එක වර දාන්නකො අගේ නොකර. මොකද ටිකක් කියවලා ඉන්න ගියාම ඉන්න එපා වෙනවනේ 1 සඳුනිVeteran MemberPosts:2462 08 Sep 2016 01:36 PM Quote Reply මේ ඔය ටික එක වර දාන්නකො අගේ නොකර. මොකද ටිකක් කියවලා ඉන්න ගියාම ඉන්න එපා වෙනවනේ ඒක වර කියවන්න ලේසි නෑ කොටස් 50 ක් තියෙනෝ... 0 සඳුනිVeteran MemberPosts:2462 08 Sep 2016 01:43 PM Quote Reply .....කදුලත් සැනසුමක්..... 07.වන කොටස. ගයේෂායී ශානු අයියගෙයී අතරේ ආදරසම්බන්දක් තියෙද නැද්ද කියලා මම හරියටම දන්නෙ නැහැ. ඒත් ඒ දෙන්නා නිතරම කතා බහ කරනවා මම දකිනවා. කොහොම හරි මං ඒ වේදනාවටත් පුරුදු වුනා. මට ආදරේ නෑ කියලා දන්නවා වුනත් මගෙ හිත එයාව අතහැරියෙම නැහැ. නිතරම එයා ගැන හොයලා බැලුවා. අන්තිමට මට ආරංචි වුනා ශානු අයියා ගයේෂිගෙන් කැමැත්ත අහපු බව. ශානූ අයියා සතුටින්නේ ,කියලා හිතා හදා ගන්න මං නිතරම වෙහෙසුනා. මං එයාලට උදව් කරන්නත් පසුබට වුනේ නෑ. අපි ඉන්න තැනකට ශානූ අයියා ආවොත් එයාලට නිදහස දීලා මං අයින් වුනා. ************************************** පාසල් ඇරිලා මං ගෙදර එනකොට කවුරුත්ම හිටියෙ නෑ ගෙදර. මං බයෙන් බයෙන් ගෙට ගිහින් මුලු ගේම පරික්ෂාවෙන් බලලා ඇදුමක් මාරු කර ගත්තා. හරිම කම්මැලී, කන්නවත් හිතේ පිරියක් තිබුනේ නැහැ. මනිෂා නංගිටත් දැන් අපේ ගෙදර එන්න තහනම් නේ, දැං මං තනිවෙලා. සේන බාප්පට කවදත් ඕනී වුනේ ඒකමයී. ඒක නිසාමයී බීලා බීලා ගිහින් මනීෂා නංගිලෑ තාත්තා එක්ක රංඩු වෙන්නෙ. රෑ වෙන්න කලින් ඉස්කෝලේ වැඩ වගයක් තියේ කර ගන්න . ඒක කරන්න හිතන් පොත් ටික දිගැර ගත්තා. වට පිටාවේ කිසිම සද්දයක් නෑ, මම හිත නිදහසේ රචනාවක් ලියන්න කියලා පටන් ගත්තා. ටික වෙලාවකින් ලාවට වගේ අඩි සද්දයක් ඇහුනා . මං හිතුවා අම්මා කියලා, සේන බාප්පා මේ වෙලාවට ගෙදර එන්නෙ නෑනේ. කාමරේ දොර ළගින් චායාවක් වගෙ දැක්ක නිසා මං නිකමට ඒ පැත්ත බැලුවා. සේන බාප්පා... කෝ අම්මා.. සුදු දූ..... සේන බාප්පා ඒක ඇහුවේ හරිම සංසුන්ව. ඒත් මම බයෙන් වෙව්ලන තරම්. වෙනදට මං බාප්පා ගෙදර ඉද්දි මගෑරලා නැන්දලා ගෙදරට යනවා . මං දන්නවනේ සතාගේ හැටි .ඒක නිසා කවදාවත් තනියම ගෙදර හිටියෙ නැහැ. ඔ....ඔය වත්තේ.. . හිටියා සේන.... බාප්පේ. මං අමාරුවෙන් ඒ බොරුව කිව්වේ, අම්මා ඉන්නවා කියලා අගවන්න. ඒත් අම්මා කොහෙ ගිහින්ද කියලා මං දන්නෙ නෑ.එහෙම කියලා කාමරෙන් එළියට එන්න උත්සහකලා. සේන බාප්පා උලුවහු කනු දෙකට අත්දෙක තියලා මුලු දොරම අවහිර කරගෙන. වත්ත පහල .අම්මා පොළට ගියා... කෙල්ලේ... සේන බාප්පා ඒම කිව්වේ මහ අමන පෙනුමක් මූනට අරන් කට කොනකින් හිනා වෙමින්. මගෙ හිත තවත් කරබල වුනා. මේක නම් සේන බාප්පගෙ කපටි වැඩක් බව මට තේරුනා. මට කට උත්තර නැහැ. මං දන්නෙ නෑ. මං . ය..යනවා .... කියලා මං බලෙන්ම එළියට පැන ගන්න උත්සහ කලා. කොහෙ යන්නද මෙහෙ එන්න සුදු දූ..... සේනේ බාප්පා මගෙ උරහිස් දෙකට පහළ අත්දෙකෙන් මිරිකලා අල්ල ගත්තා. දැන් මට බයටත් වඩා කේන්තී. මොන මගුලක්ද මේ ... අල්ලන්න එපා මාව.. මං අත් ගසලා දාලා පස්සට වුනා. සේන් බාප්පා ඉස්සරහට එනවා, මං පස්සට පස්සට ගිහින් පොත් මේසෙට වාරූ වුනා. අද නම් මං ඉවරයී, බයටම මගෙ උගුරයි පපුවයි සේරම රිදෙනවා. ඒත් මං බයයි කියලා සේන බාප්පට පෙන්නුවේ නැ. මං රවාගෙන බලන් හිටියා. සුදු දූ.. මොකද කේන්ති ගිහින්... මෙහෙට එන්න ළමයෝ. බය වෙන්න එපා. සේනේ බාප්පා මාව අල්ල ගන්න හදනවා. මං එහාට මෙහෙට පැනලා බේරෙන්න උත්සහ කරමින් බයින්න පටන් ගත්තා ජරා මිනිහා.. තෝනං මහ බල්ලෙක්. එන්න එපා මං ලගට. තෝ නම් මහ කුපාඩියෙක් මට දූව කියන්න තොට ලැජ්ජ නැද්ද අනේ සුදු දූ එන්නකෝ ... අනේ එන්නකෝ.... අල්ලන්න එපා මාව. පලයං යන්න කවුරුත් නැද්දෝ.... අම්මේ .. මං සේන බාප්පවත් තල්ලු කරන් , කෑගහගෙන එලියට එන්න උත්සහා කලා. සේන බාප්පා පැනලා මාව අල්ලගෙන එක අතකින් මගෙ කට වහලා අල්ල ගත්තා. අද තෝ බේර ගන්න කවුරුත් නෑ. බැල්ලියෙ... හැමදාම මට රෙස්පට් දැම්මනේ අද රෙස්පට් ඉවරයී. මට ග්‍රහනයෙන් අයින් වෙන්න අමාරුයී ඒත් මං දැගලුවා අත්දෙකෙන්ම සේන බාප්පට පහර දුනනා, තල්ලු කරා. ජරා මිනිහෙක්ගෙ සිරුරට මගෙ සිරුර තෙරපිලා. මට ඕනී දැන් මෙතනම මැරෙන්න. ඇගේ ගැවෙනවට වත් අකමැති මිනිහෙක්ගෙ ඇගට මං තෙරපිලා. දගලලා බේරෙන්නේ කොහෙද මාත් එක්ක. කෝ තොගෙ කට ඈ. රෙස්පට් නැද්ද. මාව ඇදගෙන ගිහින් ඇදට තල්ලු කලා. ග්‍රහනයෙන් මිදුනූ චුට්ටට මං මං ආයෙත් ඇදෙන් බැහැගන්න උත්සහකලා කෑගැහුවා. අද නම් මගෙ අවසානය තමා. සේන බාප්පගෙ සිරුරට මං යට වෙලා, කෑ ගහන්නත් බෑ මගෙ කට මිරිකගෙන. එයා අනිත් අතින් මගෙ සිරුර ස්පර්ෂ කරන්නත් , බලහත්කාරයෙන් ඉබින්නත් උත්සහ කලා. මගෙ මුලු භිතම කඩා වැටිලා, දැන් මන් මට ශක්තියක් නෑ බේරෙන්න "ඇයී තාත්තේ ඔයා මට මේ දුක් දෙන්නට මාව මේ ලොකේ ගෙනාවේ". මගෙ ඇස් දෙකෙන් කදුලු බේරෙන්න පටන් අරං. මං අඩනවා. දුකටයී , බයටයී, අප්පිරියාවටයී, සේරටම. ශදී අක්කේ ඔයා කොහෙද?. දෙවියනී මනීෂා නංගිගෙ කට හඩ. සේන බාප්පා ඒ කට හඩ ඇහුනා විතරයී "විදිල්ල වගේ", මගෙ ඇගෙන් බැහැලා පිටි පස්සෙ දොරෙන් පැනලා දිව්වා. මං එහෙන්මම ඇදේ ඉදගෙන ඉකිගමින් අඩන්න ගත්තා. මොකද වුනේ ශදී අක්කේ.. .. මං ඔයා කෑගහනවා ඇහිලා ආවේ. හො...හො..ද.. වෙලා..වට.. ඔ..ඔ..යා ආවේ.. නැ..ත්තම්.. මං ඉ..වරයී.. මං මනීෂා නංගිව බදාගෙන හොදටම අඩනවා දැන් මට ඕනී උගේ ඇගේ ගෑවුන සේරම තැන් පිහියක් අරන් කපලා දාන්න. ඒ තරමට මට මාවම අප්පිරියයී. අනේ.. නංගී ... අම්මා ... එනකන්.මාත් එක්ක ඉන්න. ඇයි අක්කි නැන්දලා දිහා නොගියේ. එහෙ ...කවුරුත් නෑ.... අද... ඒකයී.. අනේ .. මට .. බයයී. අනේ .. ඉන්නවා. නේද නංගී. මං මල්ෂා නංගිව බදාගෙන ඇඩුවා. අඩන්න එපා අක්කේ දැං මොකුත් කරදරයක් වුනේ නැනේ.. මං ඉන්නවනේ දැන්. ඔ.ඔ..යා නා... වා නම්. ඉවරයී.. මාව. ඊ ළග කොටසින් හමු වෙමු. 0 DanuLiyanageVeteran MemberPosts:3457 08 Sep 2016 01:51 PM Quote Reply ඇයි සදුනි මෙ අවෙලාවෙ ඔක දැම්මේ ඇස් පියවෙන වෙලාව මෙක. කියවගන්නත් අමරුයි, හෙට තමා කියවන්න වෙන්නේ, ස්තුති රෑ ජාමේ හරි කතාව දුන්නට. නිදි මරගෙන ගෙනත් දුන්න කතාවනේ. 1 සඳුනිVeteran MemberPosts:2462 08 Sep 2016 03:17 PM Quote Reply ඇයි සදුනි මෙ අවෙලාවෙ ඔක දැම්මේ ඇස් පියවෙන වෙලාව මෙක. කියවගන්නත් අමරුයි, හෙට තමා කියවන්න වෙන්නේ, ස්තුති රෑ ජාමේ හරි කතාව දුන්නට. නිදි මරගෙන ගෙනත් දුන්න කතාවනේ පුලුවන් වෙලේක කියවන්න අනේ. මම අැහැරලා නිසා දැම්මේ 0 samanthaMost Senior MemberPosts:13194 09 Sep 2016 02:09 AM Quote Reply 07 වෙනි කොටසත් ඇවිල්ලා.. බොහොමත්ම ස්තූතියි. 1 kingDVeteran MemberPosts:3342 09 Sep 2016 02:12 AM Quote Reply කලින් කොටස් 2 කයි කියවල තිබුනෙ .... ඉතිරි කොටස් 5 ම එකදිගට කියෙව්වා ඔන්න... නියමයි නංගි ...දැන්නම් නිකන් කතා ලෝකෙක ඉන්නව වගෙයි දැනෙන්නෙ ... කොටස් 50 ක් තියෙනව කිව්වනෙ ..ෂෝක් එහෙනම් 1 සඳුනිVeteran MemberPosts:2462 09 Sep 2016 02:27 AM Quote Reply Posted By kingD on 09 Sep 2016 02:12 AM කලින් කොටස් 2 කයි කියවල තිබුනෙ .... ඉතිරි කොටස් 5 ම එකදිගට කියෙව්වා ඔන්න... නියමයි නංගි ...දැන්නම් නිකන් කතා ලෝකෙක ඉන්නව වගෙයි දැනෙන්නෙ ... කොටස් 50 ක් තියෙනව කිව්වනෙ ..ෂෝක් එහෙනම් රජතුමා කියවන්න කැමතී වගේ. යුද්දය අත්හැරියද. 1 සඳුනිVeteran MemberPosts:2462 09 Sep 2016 02:30 AM Quote Reply .....කදුලත් සැනසුමක්..... 08.වන කොටස. පැය භාගයකින් විතර අම්මා ගෙදර ආවා. එනවා ඇහෙනකොටම මං මගෙ කාමරයට ගිහින් දොර වහ ගත්තා. අම්මා මට සෑහෙන වතාවක් කතා කලා මං හ්ම්ම් වත් කිව්වේ නෑ. තොරතෝංචියක් නැතුව ඇඩුවා විතරයී. නැදලාගේ ගෙදර වත් යන්න තිබුනා නම් හොදයි ඒත් නැන්දලත් ගෙදර නැහැනේ. ගෙදර මොන රංඩුව වුනත් ආයී නම් ගෙදර ඉන්නෙ නෑ කියලා මං හිතා ගත්තා. රෑවෙනකොට බීගෙන සේන බාප්පත් ගෙදර ආවා. ඇවිත් කිසිදෙයක් නොවුන ගානට මං ගැන අහනවා. මේ ජරා ගති කාට කියන්නද. කිසි ලැජ්ජාවක් නැති මිනිහෙක්. අඩලා අඩලා බැරිම තැන මං අම්මට ලිව්මක් ලියන්න පටන් ගත්තා. වුන දේවල් ලියන්නේ කොහොමද. මට මේ ගෙදර ඉන්න බෑ ආයෙත් ආච්චිලා ලගට යවන්න කියලයී ලිව්වේ. අම්මට කියන එකේ තේරුමක් නෑ කියලයී මට හිතුනේ. මගෙ සීයා අම්මගෙ තාත්තා එයා හරිම ආදරෙයී මට. හැම මාසෙකටම වතාවක් මාව බලන්න ආවා. මං අම්මලාගේ ගෙදර ඉන්නවට සීයා කැමතී වුනේ නෑ. ඒත් ඉතිං ඉස්කෝලේ ගමන නිසා මොකුත් කරන්න බැනේ. විභාගෙ ඉවර වෙනකන් බලන් ඉන්නෙ ගමේ එක්ක යන්න. ගමනම් මට දිව්‍ය ලෝකයක් වගේ .ලස්සන පරිසරය, ඇල, වටෙම විහිදුන කදු පංති. උදේට මිදුලට බහින්න බැරී මීදුම. ආච්චිගේ සීයගෙයී ආදරේ ඒ හැමදේම නිසා ගම මං ආසම තැන වුනා. පහුවදා මං පාසල් යනකොට අම්මට පේන තැනක ලිව්ම තියලා ගියා. මගෙ මූනත් තඩිස්සි වෙලා නිසා විමූ මාව දැක්ක ගමන් මොකක් හරි දෙයක් වෙලා බව තේරුම් අරන් මගෙන් ඇහුවා. මං සිද්ධිය කෙටියෙන් කිව්වා. විමූ නම් කිව්වෙ සීයට කියලා ගමේ යන්න කියලා. ඒත් මට ඉගෙන ගන්න ඕනී කාත් කවුරුත් නෑ මට. සීයලටත් මං වෙනුවෙන් හැමදේම කරන්න බෑ. මං මගේ ජීවිතේ හදා ගන්න ඕනේ. ************************************ කාලය ගෙවිලා ගියා. මං දිගටම නැන්දලාගෙ ගෙදර හිටියා. සේන බාප්ප නිතරම අම්මට රංඩු කලා ඒත් අම්මා මට ගෙදර ඉන්න කිව්වේ නෑ. දවසක් අම්මා මට කතා කලා. සුදු දූ මෙහෙට එන්න. ඇයි අම්මේ.. ඔයා කියන දේ මං ගනන් ගන්නෙ නෑ කියලා හිතන්න එපා. ඔයත් ටිකක් තේරුම් ගන්නකො මං ඉන්න තත්වේ. පලවෙනි කසාදෙ කඩාගෙන ළමෙකුත් අරං මං ගෙදර ආවා. දෙවෙනී කසාදයත් කඩාන ළමයී දෙන්නෙක් අරන් මට ගමට යන්න බෑ මට. අම්මාගේ හිතේ තිබුන වේදන්නාව නෙත් දෙකෙන් කදුලූ වෙලා එලියට එන්න පටන් ගත්තා. මට තේරෙනවා අම්මේ. ඔයා අඩන්න එපා. මං ඔයා දුන්න ලිව්ම බැලුවා සුදු දූ. ඔයා ගෙදර ඉන්න එපා .නැන්දලාගෙ ගෙදරම ඉන්න. ඔයා හිතන්න එපා මං ආසාවට මේ මිනිහා එක්ක පවුල් කනවා කියලා. මං දැං වෙන කන්න දෙයක් නැති නිසා මේ පව්ල කන්නෙ අම්මා හුගක් වෙලා මාත් එක්ක දුක කියලා ඇඩුවා. අම්මත් පව් ඉපදුනදා ඉදන් දුක් විදිනවා. අම්මා මට නිතරම කිව්වේ එයා වගේ අඩු වයසින් කවදාවත් කසාද බදින්න එපා කියලා. අවුරුදු 17න් තමා අම්මා කසාද බැන්දලා තියෙන්නෙ. අවුරුදූ 19ක් වෙන්නත් කලින් දුවෙකුත් එක්ක ආපහු ගෙදර ආවා. ඊට පස්සෙ අම්මා ගාර්මෙන්ට් පැට්‍රියක වැඩට ගියා, මට අවුරුදු 10ක් වෙනකන්. ඊට පස්සෙ හැමෝම බදින්න කියන නිසා තමා සේන බාප්පා එක්ක විවාහා වුනේ. ************************************** පළවෙනී වාර විභාගයත් ඉවර වුනා. ඉස්කෝලේ අවුරුදු නීවාඩුවත් ලං වුනා. දැං ඉතිං පංති වල වැඩි වැඩක් කෙරෙන්නෙ නෑ . ටීචර්ලා ප්‍රශ්න පත්‍ර බලනවනේ. මායී විමුයි වැඩියෙන් හිටියෙ ගෘහ විද්‍යාගාරයෙ තමා. ගෘහ විද්‍යා ටීචර් මට හරිම ආදරෙයී. ටීචර්ගෙ වැඩ අකුරටම කරන්නෙ මං විතරයී කියලා ටීචර් හැමෝටම කියනවා. ගෘහ විද්‍යාගාරෙ වැඩි පුරා තිබුනේ මගෙ ගෙත්තම්, නිර්මාන තමා . ශදියෝ.. හ්ම්ම්ම්ම්ම්ම් දැං ඉතිං නිවාඩු කාලෙ මොකද කරන්නේ. වීමූ කතාව පටන් ගත්තා. ගමේ යනවා මං. ඇයී අවුරුද්දට ගෙදර ඉන්නෙ නැද්ද බං නෑ ....සීයා එනවා කිව්වා මාව එක්ක යන්න. මුලු නිවාඩුවම ගෙදර ඉන්න බෑ බං .අර මලපෙරේතයා දැක දැක. ඔබ දන්නවනෙ මට ඒකව දකිද්දිත් අප්පිරියයි. ඒකගෙ අතිං මට බත් කන්න වෙනවා හිටියොත්. ඒක නිසා මං යනවා. හ්ම්ම් ඒක හොදයී බං........ මෙයාට නම් අවුරුදු ජය වෙයී. සීයා ආදරෙයිනේ. නැතුව නැතුව. ආ... නංගිලා.. එහෙම කියාගෙන අපි ලගට ආවෙ ශානූ අයියා. අපි දෙන්න හිටියේ ගෘහ විද්‍යා ගාරෙ ඇතුලෙ ඉදගෙන. ආ ශානූ අයියා කෝ ගයේෂා... එහෙම විමූ එක පාරටම එහෙම අහනකොට මට කේන්තිත් ආවා. ඉදලා ඉදලා කතා කරන්න අවස්ථාක් ආවම එතනටත් ගයේෂා ඇදලා ගන්නවා. ඔය කොහෙ හරි ඇත් විමූ නංගියෝ.. ඉතිං කොහොමද ඔයාලට... ශානූ අයියා ගයේෂා ගැන කිව්වෙ ඕනෙවට එපාවට වගේ..මං කිසි කතාවක් බහක් නැතුව ශානූ අයියා දිහාම බලන් ඉන්න්වා. ඇයී දැං ලව් එක ඉවරද? විමූ ආයිත් ප්‍රශ්න කලා. අප්පෝ විමූ නංගී. ඒක ඉතිං අහන්න ඕනී දුලාන් ගෙන් තමා. ඇයී..? ඔයාලටත් ආරංචි වුනාද ඒක. මොකක්ද? මං ගයේෂා නංගිගෙන් යාලූ වෙන්න ඇහුවා කියලා. ඔව් ගයේෂා කිව්වා. මං දෙන්නගෙ සංවාදෙ මැද්දට පැන්නෙ, ඒ කතාව මට ශානු අයියගෙ කටින්ම අහගන්න් ඕනී නිසා. එහෙමද. ඒක මේ .. දුලාන්ගෙ පිස්සූ වැඩක්නේ.. ශානූ අයියා එහෙම කිව්වේ හිනා වෙමින්. මගෙ හිතට ආව සතුට කිව්වොත් ශානූ අයියව තුරුලු කරන් අඩන්න හිතුනා. එහෙමද? අපි හිතුවෙ ඇත්තක් කියලා විමූ එහෙම කියද්දි ශානු අයියා හිනා වුනා. ගයේෂාගෙ හිතේ නම් තියේ වගේ. මං ඉතිං එයා එක්ක කතා කරන්නෙ ආසිරිගෙ නංගි නිසා. බොරුවට හිතට ගත්තට මට කරන්න දෙයක් නෑ. මට දැනුනේ ඒක මට කිව්වා වගේ. කොහොම වුනත්. මගෙ හිත හුගක් සැහැල්ලු වුනා. ඒ වගේම නිවාඩුව ලග බව මතක් වෙලා දුක හිතුනා. සති දෙක තුනක් ශානූ අයියව නොදැක ඉන්න ඕනිනේ. දැං මට එහෙම ඉන්න බෑ කියලා හිත කියනවා. ************************************* අවුරුදු නිවාඩුවත් ගෙවිලා ගියා. හිතපු විදිහටම් මං ගමේ ගිහින් සීයයි ආච්චී එක්ක සතුටින් කාලය ගත කලා .එයාලා එක්ක නෑගම් ගියා, අවුරුදු උත්සව වලට ගියා, පංසල් ගියා, හරිම සතුටින් නිදහසේ කාලේ ගෙව්වා .මට නිතරමවගෙ ශානූ අයියවත් මතක් වුනා. මං හිතුවා මගෙ හැගීම විමූ එක්ක කියන්න ඕනී කියලා. ඊ ළග කොටසින් හමුවෙමු.. යාලුවනේ කතාව හිමින් යනවා වැඩීද? ඔයාලගෙ අදහස් කියන්න මට 0 Add Reply Page 3 of 16 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit