You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Jan 2026 07:33 AM by  Indika Kodithuwakku
.... කදුලත් සැනසුමක්....
 315 Replies
Sort:
Page 4 of 16 << < 23456 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Sep 2016 02:38 AM
  •  Quote
  •  Reply
මේ යන විදිහේ ගැටළුවක් නැහැ.. දිගටම කරගෙන යමු.
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Sep 2016 02:40 AM
  •  Quote
  •  Reply
නියමයි නංගි. තවත් කොටසක් වැටිලා තියෙන්නෙ. කොහොම වෙතත් අපට කියව ගන්න ඉන්ටවල් තියල කොටසින් කොටස දානවා නම් තමවයි මම නම් වැඩිය කැමති.
1

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Sep 2016 02:46 AM
  •  Quote
  •  Reply
පත්තරයක කථාවක් ගියත් එක්කෝ සතියකට එකයි. ඒ නිසා දවසකට හෝ දෙකකට වරක් එක කොටසක් දාන්න හැකි නම් වරදක් නැහැ.
1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Sep 2016 02:46 AM
  •  Quote
  •  Reply
ඔහොම යමු ...ඔහොම යමු
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Sep 2016 02:57 AM
  •  Quote
  •  Reply
යාලුවනේ කතාව හිමින් යනවා වැඩීද? ඔයාලගෙ අදහස් කියන්න මට


නෑ. නෑ.. එහෙම නැහැ. ඔයාගේ ක්‍රමේට ලියාගෙන යන්නකො. කොටස් 50 ලියපු විදිහටම අපට දෙන්නකෝ.
1

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
09 Sep 2016 03:19 AM
  •  Quote
  •  Reply
ශානු අයියව සෙට් වෙයි වගේ එහෙනම්... 
1

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Sep 2016 03:47 AM
  •  Quote
  •  Reply

දවසට කොටසක් දාන්නම්. නැත්තම් ඔයාලට ඔන විදිහ කියන්න. මම මේ කතාව ලියලා ඉවර කරලා තියෙන්නේ.

අලුත් ඒකකුත් පටන් ගත්තා.

                 මියදෙන තුරා මා ඔබේ. 


ශානු සෙට් වෙයි වගේ නේ... 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Sep 2016 10:09 AM
  •  Quote
  •  Reply
ගොඩක් ලස්සනයි .අලුත් කථාවත් දාමු
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Sep 2016 09:37 PM
  •  Quote
  •  Reply
මේ යන වේගය හොදයි.. (එක පාරට කොටස් ‍ගොඩක් දැම්මොත් කාර්ය බහුල තත්වයේ ඉන්න සහෝදර සහෝදරියන්ට කියවන්න බැරිවේවි)
බාප්පා ගැන අහනකොට නම් මල පැන්නා..
එ්ත් ගයේෂා ශානු කැමති නැති බව දැනුනම් හිතට සතුටක් දැනුනා..
ඒ කියන්නේ ශදී ගේ වේදනාව අඩුවේවි...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Sep 2016 09:38 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 09 Sep 2016 10:09 AM
ගොඩක් ලස්සනයි .අලුත් කථාවත් දාමු

කලබල නොවී හිටපන් ඉසුරුවෝ...

මේ කතාව ඉවර කරලා ඉමු...

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
09 Sep 2016 11:16 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 09 Sep 2016 10:09 AM
ගොඩක් ලස්සනයි .අලුත් කථාවත් දාමු
උඹට පිස්සුද ඉසුරුවෝ...මේ යන්නෙ ලස්සනට කතාව. මේකෙ කොටස් 50ක් විතර තියෙනවලු .අලුත් කතාවක් ඊට පස්සෙ දාමු 

1

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Sep 2016 11:24 PM
  •  Quote
  •  Reply
අලුත් කථාවක් නේ උණු උණුවෙම ලැබුනහම නරකද ?
1

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Sep 2016 12:02 AM
  •  Quote
  •  Reply

වැඩි දැනාගේ කැමැත්ත මත මේක ඉවර කරලා ඉමු. අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතීයි!

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Sep 2016 12:08 AM
  •  Quote
  •  Reply
අපිට දැන් කථා ගොඩයි.. කියවන්න වෙලාව තමයි නැත්තේ.. කොහොම නමුත් අපේ සයිට් එකේ තිබුණ ලොකු අඩුවක් සම්පූර්ණ වුණා.. ඒ පිළිබඳව මාගේ ප්‍රණාමය ඔබටත් ඔබේ ගුරු තුමාටත්.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Sep 2016 08:01 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 10 Sep 2016 12:08 AM
අපිට දැන් කථා ගොඩයි.. කියවන්න වෙලාව තමයි නැත්තේ.. කොහොම නමුත් අපේ සයිට් එකේ තිබුණ ලොකු අඩුවක් සම්පූර්ණ වුණා.. ඒ පිළිබඳව මාගේ ප්‍රණාමය ඔබටත් ඔබේ ගුරු තුමාටත්.


ඔය ස්තූතිය ගුරාට තමා යන්නේ.

අපිට කලින් ඉසුරු අයියට ස්තූතීය දෙන්න වෙන්නේ.

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Sep 2016 08:04 AM
  •  Quote
  •  Reply
..... කදුලත් සැනසුමක්......

09. වන කොටස. 
අවුරුදු නිවාඩුව ඉවර වෙලා මං ආයෙත් ගෙදර ආවා. නිවාඩුවෙන් පස්සෙ තියෙන පලවෙනී අමතර පංති දවසේ මං පංතියට ගියේ විමූ එක්කමයී. විමුයී මායී එකම පැත්තේ ,යන්නෙ එන්නෙ එකම බස් එකේ. අපි දෙන්නත් හම්බුනේ හුග දවසකින්නේ. ක්ලාස් පටන් ගන්න වෙලා තිබුන නිසා ළමයී සේරම එකතුවෙලා ආගිය විස්තර කතා කරන්න පටන් ගත්තා. ටිකකින් ක්ලාස් පටන් ගත්තා. පාඩම කරන අතරතුර මං පොතේ අන්තිම පොටුවෙ පොඩි නෝට් එකක් ලිව්වා.
මට උවමනාව තිබුනේ පුලුවන් ඉක්මට විමූට මගෙ හිතේ තියෙන දේ කියන්න . ආපු වෙලේ ඉදන් කියන්න උත්සහ කලත් අනිත් යාලුවෝ ඉන්න නිසා බැරි වුනා. අනික විමූ මොනවගේ දෙයක් කියයිද කියලා බය හිතුනා. 

විමූ මට ඔයාල කියන්න දෙයක් තියේ. 
මං නෝට් එක ලියන්න ගත්තේ එහෙමයී . ක්ලාස් එකේ ළමයී හුගයි නිසා සර්ට නොපෙනෙන්න අපි දෙන්නා මාරුවෙන් මාරුවට නෝට් ලිව්වා. 

මොකක්ද? ශදී

ඔයා බනීවිද දන්නෙ නෑ.

කියහංකෝ අගේ නොකර. 

මගෙ හිතේ කෙනෙක් ඉන්නවා.

ඈ ඒ කවුද. ගමෙන්ද සෙට් වුනේ.

නෑ නෑ ඔයත් දන්න කෙනෙක්. 

මං දන්න කෙනෙක්. කවුද බං .උබෙන් ඇහුවද?

නෑ. මගෙන් කවදාවත් අහන එකකුත් නෑ. මං කියන්නම්. දුලාන් අයියට නම් කියන්න එපා හරිද. 

කියහන්කො බලන්න.

ශානූ අයියා...

මොනවා . අහුවෙයන්කෝ මට ක්ලාස් ඇරුනම.

ඇයී?

මට හැංගුවට. දඩුවම් දෙන්න.

ක්ලාස් ඇරුන ගමන් විමූ මාව අල්ල ගත්‍තා. එයාගේ මූනේ තිබුනේ ලස්සන හිනාවක්. මට හොදටෝම විහිලූ කලා. දුලාන් අයියට කියනවා කියලා මාව හොදටම බය ගැන්නුවා. එදයි පස්සෙ ඇරඹුනේ හරිම සුන්දර කාලයක්. විමූ ඉස්කෝලෙදී ශානූ අයියා පෙන්න පෙන්න විහිලූ කලා. විමූ නිතරම මට ශානු අයියා එක්ක කතා කරන්න වෙලාව හදලා දුන්නා. ඒත් ඉතිං විශේෂයක් නෑ. ශානූ අයියා මාව ආශ්‍රය කලේ හොද යාලුවෙක් වගේ. හිටි ගමන් බලනවා හිටි ගමන් අදුරන්නෙ නෑ වගේ යනවා.
මගෙ හිතේ බලාපොරොත්ත්වත් එන්න එන්නම අඩු වුනා. අන්තිමට මං හිත හදා ගත්තා ශානූ මට ආදරේ කරන්නෙ නෑ කියලා. ඒත් යටි හිත මටත් හොරෙන් එයා ගැන හොයලා බැලුවා. 
ගෙදර තත්වය නම් කලින් වගේම තමයී. මං නැන්දලාගෙ ගෙදර යන නිසා වැඩි කරදරයක් තිබුනේ නෑ. දවසක් හවස මං නැන්දලාගෙ ගෙදර ගියා. මං ගෙට යද්දිම චූටී බාප්පා මට කතා කලා.

ශදී දුව මෙහෙ එන්න.

ඇයි චූටී බාප්පේ.. 
මටම පුදුමයී චූටී බාප්පා වෙනදට මාත් එක්ක කතා කරන්නෙ නැහැ. 

අපේ කෙල්ලගෙ පලහිලව්වට උදව් කරනවා නේද?
මං එක පාරටම ගල් ගැහුනා. සිතාරා අක්කගෙ ආදර සම්බන්දේ හැමෝම දැනන් හිටියා. ඒත් ගෙදරින් කැමති නෑ. සිතාරා අක්කට උදව් කලේ මං තමා. ඒත් කොහොමද ආරංචි වුනේ.

අනේ නෑ චූටී බාප්පේ. 

බොරු කියන්න එපා. මං සේරම දන්නවා.

චූටී බාප්පා මගෙ ඇගට කඩා පැන්නා. සේරමලා වට වෙලා මං බයටම අඩනවා. චූටී බාප්පා මට හුගක් බැන්නා. සිතාරා අක්කටත් කරන්න දෙයක් නෑ . එයත් කාමරයට වෙලා අඩනවා. නැන්දත් මාත් එක්ක කේන්තියෙන් .අන්තිමේදී චූටී බාප්පා මට එහෙ පස් පාගන්න එපා කිව්වා.. 
මේකත් සේනේ බාප්පගේ වැඩක් , එයාට ඕනී මං නැන්දලාගේ ගෙදර යන එක නවත්වන්න. චූටී බාප්පට මං නොකරපු වැරදිත් කියලා තිබුනා. චූටී බාප්පා දන්නෙ නෑනේ සේන බාප්පගෙ හැටි. 
මං අඩ අඩ එවෙලෙම ගෙදර ආවා. සේනේ බාප්පා දන්නවනේ අද මෙහෙම වෙන බව ඉස්සරහට වෙලා හිනා වෙවී බලන් හිටියා.

මොකද අද ගෙදර මතක් වෙලා. ඇයි කෝ මහ ලොකු නැන්දලා.

දැං ..හුගක් ...සතුටු... ඇතිනේ..
මං අඩ අඩාම කිව්වේ කේන්තිය උහුල ගන්න බැරි නිසා.

මං මක් කරාටද?

චූටී බාප්පට කේලං කියලා. මට එහෙ ඉන්නත් නැති කරා. බල්ලා . කතා කරන්න එපා මාත් එක්ක. දැං සැනසිල්ලෙ නින්ද යයිනේ..

මොකද ළමයො කෑ ගහන්නෙ.. මොකද අඩන්නෙ.
අම්මත් මාත් එක්ක කේන්තියෙන් කෑගහන් එළියට ආවා.

ඔය ඉන්නේ අහන්න අම්මේ. චූටී බාප්පට මොනාද කිව්වේ කියලා.

මොනවද කිව්වේ සේන. 
සේන බාප්පා සද්ද නෑ.

ඇයී සද්ද නැත්තේ. කියනවා. මං එහෙ සැනසිල්ලෙ ඉන්නවට අංචියක් ඇද්දා. දැං හරී ශෝක් මට හිල් අස්සෙන් ලෑලී අස්සෙන් බල බල ඉන්න පුලුවං කියලා කියනවා.
මං කේන්තියට බැනගෙන බැනගෙන ගියා. සේන බාප්පත් බැන්නා. දෙන්නා තරගෙට තරගෙට කෑගහ ගන්නවා. අම්මා මට කට වහන්න කියලා කීපසැරයක්ම කිව්වා. මං නැවැත්තුවෙ නෑ. අම්මා උයන ගමන් හිටියේ හැන්දත් අතේ තියන් හිටියේ. බැරිම තැන අම්මා හැන්දෙන් මට ගහගෙන ගහගෙන ගියා .එයාගෙ කේන්තිය නිවෙන කන්. අන්තිමට අම්මා බිම ඉදගෙන දුක කියන්නයී, අඩන්න පටන් ගත්තා.
මාත් අම්මා ළග ඉදගෙන ඇති වෙනකන් ඇඩුවා. 

**************************************
මට ආයෙත් ගෙදර ඉන්න සිද්ද වුනා. මං නැන්දලාගේ ගෙදර ගියෙම නෑ නැන්දට මූන දෙන්න බැරී නිසා . පරන පුරුදු විදිහම තමයී ගෙදර තත්වය නම් .අරහෙන් මෙහෙන් බලනවා. මං ඒවා දැක්කම කෑ ගහනවා. හැමදාම රන්ඩු . "ගොනා පස්සෙ එන කරත්ත රෝදේ වගේ "කරදරත් මගෙ පස්සෙන්ම ආවා.

ඊ ළග කොටසින් හමුවෙමූ.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Sep 2016 12:21 AM
  •  Quote
  •  Reply
.... කදුලත් සැනසුමක්....

10. වන කොටස.
වෙසක් පෝයත් කිට්ටු වුනා. දහම් පාසලේ බක්ත්තී ගීත ප්‍රංගයක් තියේ කියලා ලොකු හාමුදුරුවෝ මට එන්න කිව්වා. ගියපාරත් මං බක්තී ගීත කියන්න ගිය නිසා. ඒත් පුරුදුවෙන්න ගියොත් ක්ලාස් පාඩූ වෙනවා. අම්මත් යන්න ඕනී නෑ කිව්වා. සංගීත සර් එන්නම කිව්ව නිසා ගෙදරි යන්න දුන්නා.
මං පංසලට ගියෙ විමුයී ශානූ අයියලගෙ පංතියේ නිර්මානී අක්කයී එක්ක. ඒ දෙන්න බක්තී ගීත් කන්ඩායමේ හිටියේ නෑ මගේ තනියට වගෙ පංසලට යන්න ආවා. ඉතිං මං බක්ත්තී ගීත් පුරුදු වෙනකන් ඒ දෙන්නා බන මඩුවේ කොනක කතා කර කර හිටියා. දවසක් ආපහු ගෙදර එනකොට නිර්මනී අක්කා මාර කතාවක් කිව්වා. 

මේ විමූ නංගා . අපි බක්තී ගීත අහන්න අපෙ පංතියෙ කෙල්ලෝ කොල්ලො සෙට් එකට එන්න කියමු නේද ශානුට එහෙම.
නම ඇහෙත්ම මං නිර්මානී අක්කා දිහා ගැස්සිලා බැලුවා. එයා හොරෙන් මගෙ දිහා බල බල හිනා වෙනවා. 

ම්ම්ම්ම් .. ඔව් ඔව් දූලාන් අයියවත් ගෙන්න ගන්න ඕනී

දැං ඉතිං ශානුක එනකන් බලන් ඉන්න අයත් ඉන්නවනේ.
නිර්මානී අක්ක එහෙම කියද්දි මට තේරුනා විමූ සේරම වැඩ කාලා කියලා. 

ඒ කවුද...
මං ඇහුවේ සැක ඇර ගන්න. 

ඔය අහන කෙනාම තමා. අපිත් සේරම දන්නවා හොදේ. ඉන්නවකෝ මං ශානුවට කියන්න.

අනේ අක්කේ එපා. මං ආයි ස්කූල් එන්නෙත් නැ ඕන්.

බෑ බෑ හිතේ තියන් ඉදලා බෑ.

එපා අක්කේ. මගෙ හිතේ තිබ්බට , එයා ඇහුවත් මං කැමති වෙන්නෙ නෑ. තියෙන ප්‍රශ්න හොදටම ඇති. මං නිසා එයාටත් ප්‍රශ්න එනවට මං ආස නෑ. අනේ අක්කෙ ප්ලීස් කියන්න එපා. ප්ලීස්..
නිර්මානී අක්කායී, විමුයී ගෙදරට හැරෙන තැන් වලට එනකන් අපි කතා කරමින් ආවා. අන්තිමට මං තනියෙන් ගෙදර පැත්තට එන්න හැරුනා . මගෙ හිතට හරිම බයයී නිර්මානී අක්කා කියයී කියලා. වෙන දෙයක් වුනාවේ . ශානූ අයියා මොනවා හිතයිද දන්නෙ නැ මං ගැන. කමක් නෑ . එයා කැමති වුනත් මං කැමති වෙන්නෙ නෑ. සේන බාප්පා ශානූ අයියටත් ප්‍රශ්න ඇති කරයි ගෙදරට ආරංචි වුනොත්. ශානු අයියා පව් .මං කවදාවත් කැමති වෙන්නෙ නෑ .ඒ ආදරේ මගෙ හිතේම තිබුනාවේ. එයා මට ආදරේ නොකලත් මං හැමදාමත් එයාට ආදරෙයි. 
ගෙදට කිව්වු වෙද්දී ගේ ඇතුලේ හුගක් අය ඉන්නවා වගේ සද්දෙයී. දෙවියනී සීයයි ආච්චී ඇවිත්. මං ගෙට ගිය ගමන් ආච්චිගෙ ඔඩොක්කුවෙ බෙල්ල බදාගෙන ඉද ගත්තා . 

මගෙ සුදු කෙල්ල .බක්තී ගීත පුරුදු වුනාද?

ඔව් සුදු අම්මේ. කෝ තාත්තා.
මං තාත්තා කියන්නේ සීයට.

සීයාට ටිකක් අසනීපයී පුතේ. මහන්සියට නිදි ඇති.

අනේ තාත්තිට මොකද?
මං කෙලින්ම ගියේ සීයා ලගට. සීයා නිදී. මං ලගින් ඉදගෙන සීයගෙ ඔලුව අතගන්න ගත්තා. මං ආව බව දැනිලද කොහෙද සීයට ඇහැරුනා. මේ ලේකේ මට වැඩියෙන්ම ආදරේ මගෙ සීයා විතරයී වෙන්නැතී. එයා තමා මාව පොඩි කාලේ ඉදන්ම හදා ගත්තේ.

සුදු දූ ඔයා ආවද?

ඔව් තාත්තේ .හුගක් අමාරුයිද ඔයාට. 

නෑ සුදු දූ.. මට අමාරු නැ. ඔයා ඉන්නවනේ දැං මං ලග.
මගෙ ඇස් දෙක නොදැනීම කදුලින් බොද වුනා. මං චූටී කලේ සීයගෙ තුවාල වලත් සිද්ධාලේපත් ගානවා. මොනවා උනත් සීයා මට කියන්නෙ සුදු දූ මොනවා හරි ගන්න, ඔයගේ අතින් බේත් ගැවම මගෙ ලෙඩ ඉක්මනට හොද වෙනවා කියලා. පව් මං කරන වැඩ වලින් එයාට රිදෙන්නත් ඇති. ඒත් කවදාවත් මට ඉරටු පාරක් වත් ගහලා නෑ මගෙ සීයා. ඒකට සේන බප්පා මට දැනටම කීපාරක් ගැහ්ලා තියෙද. මං ඒවා සීයට කියන්නෙ නෑ. කිව්වොත් සීයා කීයටවත් මාව මෙහෙ තියන්නෙත් නැ.
සීයා වැඩ කලේ මිනී පෙට්ටි සාප්පුවක. විසක් ශරීර ගත වෙලා කියලා තමා ඩොක්ටර්ලා කිව්වේ. අනික ඉතින් හුගක් බොනවත්නේ. කොච්චර බිව්වත් සීයා කාටවත් කරදරයක් කලේ නෑ. මං පොඩි කාලේ මට මතකයී සීයා බීපූ දාට අපි දෙන්නා එක්ක එකතු වෙලා සිංදු කියනවා. 
දැන් නම් සීයට ටිකක් අමාරුයී ඇවිදින්නත් බෑ ටග් ගාලා මහන්සිය එනවලූ. වැඩි වයසක් නෑ පනස් හතරයී .ඒත් බීලයී එම්බාම් විසයි සේරම නිසා මේ සේරම ලෙඩ. 
***********************************

වෙසක් පෝය දවස උදා උනා. සීයට දැන් චුට්ටක් විතර අඩුයී. ස්පිරිතාලේ එක්ක ගිහින් බේතුත් ගෙනත් දුන්නන්නෙ. සේන බාප්පා සීයව නම් බලා ගත්තා. ඒකත් ඉතිං මොකක් හරි කපටි කමක් වෙන්න ඇතී.

සුදු දු අද නේද බක්තී ගීත කියන්නෙ.

සීයා මාව කයියට අල්ල ගත්තා. මං හිටියේ සුදු මල් වැලක් අමුනමින්.

ඔව් තාත්තේ . ගෙදරටත් ඇහෙයී.

මාත් එනවා සුදු දූ එක්ක යන්න . දූ සිංදු කියනවා බලන්න ඕනී මටත්.

ඒත් කොහොමද තාත්තා යන්නෙ. ආයී අඩනීප වෙයි. 

දූ බලන්නකො මං එනවා. 

තාත්තා එනවා නම් මාත් ආසයි.
හවස ත්‍රීවිල් එකක් ලැහැත්ති කරන් කට්ටියම පංසලට ගියා . මන් ගියෙ ළමා සාරිය ඇදගෙන. මම සීයගෙ අතිං අල්ලගෙන බුදුන් වදින්න එක්ක ගියා. බුදුන් වැදලා ලොකු හාමුදුරුවන්ට කියලා පිරිත් නූලකුත්ගැට ගැහැව්වා. 
බක්ති ගීත ප්‍රසංගය පටන් ගත්තා. මං සිංදු කියන ගමන් සීයා දිහා බැලුවා. එයා ඇස් දෙකේ කදුලූ පුරවන් ආදරෙන් මං දිහා බලන් ඉන්නවා.
මං වට පිට බැලුවේ ශානූ අයියලා ඇවිද්ද කියලා. එයාලා ඇස ගැටෙන හරික හිටියේ නෑ. මට ශානූ අයියා ගැන සීයා එක්ක කියන්නම හිතුනා. ඒත් ශානු අයියා ට මං ගැන හැගීම්ක් නැතුව ඇති කියලා හිත හදා ගත්තා. මගෙ සීයා හරිම හොදයී මට එයා එක්ක කියන්න බැරි කිසිම දෙයක් නෑ. මගෙ යාලුවෙක් වගේ. ඒත් ඒදා සේන බාප්පා කරන්න ගිය දේ මං සීයට කිව්වේ නෑ. 
බක්ති ගීත ප්‍රසංගය ඉවර වුන ගමන් මං ගියේ සීයා ළගට. එයා ඇස්දෙක පිස දමමින් මට ආශිර්වාද කලා.
විමුයී නිර්මානී අක්කයි මං ලගට ආවා.

නියමයී ඈ. තනියෙන් කියපු සිංදුව නියෙමෙටම කිව්වා. සුපිරී.

නියමයී ශදී නංගියෝ.

දෙන්නා මාව වර්ණනා කරනවා.
කෝ දූලාන් අයියලා.

උන් ආවේ නෑ. දන් සැලක් දෙනවලූ ගමේ.
නිර්මානී අක්කා එහෙම කියද්දී මට එහෙනම් කමල් නැ කියලා හිතුනා.

කොල්ලගෙ හිතේ තිබුනා එන්න. ආව් ..ආව්... ඈ

අනේ නිර්මානි අක්කෙ පිස්සු නොකියා ඉන්න. එහෙම හිතෙන්නෙ නැති තරමට හොදයි. ඔයාටත් පිං මගෙ හිතේ තියෙන දේ එයාට නොකිව්වට. 
මං එහෙම කියද්දි නිර්මානී අක්කා සුසුමක් හෙලුවා.

ඔව් නංගියෝ. අපි එයාගෙ හිතට දාලා ඔයාට යාලූ කරවලා වැඩක් නෑ. එයාටම ආදරේ හිතුනොත් අහයී. නැත්තම් මට පුලුවන් ශානුවට තේරුම් කරන්න .එහෙම වැඩක් නෑ.

ඔව් අක්කේ.

යමල්ලා යමල්ලා දන් සැල වදින්න . 
විමූ අපේ කතාවට බාදා කලා. ප්‍රසංගයට එන අයවෙනුවෙන් දහම් පාසලේ ළයින් එකතු වෙලා ඒ නූඩ්ල්ස් දන්සල ලැස්ති කරේ. අපිත් පෝළිමේ ගිහින් දන් සැල වැන්දා.
************************************

ඊ ළග කොටසින් හමු වෙමූ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Sep 2016 02:10 AM
  •  Quote
  •  Reply
ඒකත් කියෙවුව ඕං ලස්සනයි කථාව සදුනී
දන්සලේදි කොහොම බෙදයිද කියල බලමුකෝ අනිත් කොටසින්
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Sep 2016 04:39 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 11 Sep 2016 02:10 AM
ඒකත් කියෙවුව ඕං ලස්සනයි කථාව සදුනී
දන්සලේදි කොහොම බෙදයිද කියල බලමුකෝ අනිත් කොටසින්


පේන් නැද්ද තරු පායලා දන්සැල් සිද්දිය ඔතනින් ඉවරයී. අප්පා..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Sep 2016 07:58 AM
  •  Quote
  •  Reply
එක සැරේට කොටස් දෙකක්ම බස්සල තියෙන්නෙ. බොහොම ස්තූතියි.

අර බාප්ප කාරයව අල්ලලා දීපල්ලකෝ බන් පොලිස්සියට. කෙළින්ම විසි අවුරුද්දකට හිරේ යවන්න පුළුවන් ළමා හින්සනේ යටතෙ.
0
Add Reply
Page 4 of 16 << < 23456 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below