You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Apr 2023 12:28 PM by  maduranga001
.... කදුලත් සැනසුමක්....
 314 Replies
Sort:
Page 2 of 16 << < 12345 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Sep 2016 03:37 AM
  •  Quote
  •  Reply
ශා අපුරුයිනේ.... ඔයා දක්ෂයි සදුනි ...

''ටීචර් අද වැස්සනෙ.. පොත් බලන්න බෑ .. පොත් වලට පිනි බානවා.... ''


මෙන්න මේ වචන ටිකට නම් මගේ හිත ගියා වැඩියෙන්ම...
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
06 Sep 2016 04:22 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 05 Sep 2016 09:50 PM

issarahata kathawa epa weyi


අනේ එහෙම කරන්න එපා...
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Sep 2016 10:48 AM
  •  Quote
  •  Reply
දුක වැඩි  කිව්වේ අනේ 
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Sep 2016 11:04 AM
  •  Quote
  •  Reply
......කදුලත් සැනසුමක්.....

04. වන කොටස.

මැදියමට ලං වුනත් මට නින්දක් ආවේ නෑ. බඩගින්නත්, හිත් වේදනාවත් මට හුගක් වද දුන්නා. ඒත් මට කාමරෙන් එළියට එන්න හිතුනේ නෑ. ඇස් දෙක රතුවෙලා විඩා බර වෙලා තිබුනත්, මගෙ ඇස් දෙක පිය වුනේ නෑ. මොකද මගෙ හිතට ඕනී කෑ ගහලා අඩන්න. මේ අසාධාරණය වෙනුවෙන් කෑ ගහන්න. 
අම්මා මට කන්න කතා කලත් මං කන්න ගියෙ නෑ. මං දවසටම කන්නෙ එක වේලයී. ඒ ඉස්කූල් එකේදී යාලුවෝ එක්ක වට වෙලා කන බත් එක තමයී. කලතුරකින් දවසක තමා ගෙදර ආපූ ගමන් මොනවා හරී කෑවෙ. උදේ වේල නම් මට කොහොමත් කන්න ලැබෙන්නේ නෑ.
මට සේනේ බාප්පව මතක් වෙද්දිත් ලොකු අප්පිරියාවක් දැනෙන්නෙ. ඇත්තම කිව්වොත් එයා මානසික අසහන කාරයෙක් , මහා ජරා මිනිහෙක්. එයා මගෙන් බලා පොරොත්තු වෙන්නෙ දුවෙක්ගෙන් ලැබෙන්න ඕනී ආදරේ නෙමෙයී. එයා මං දිහා බලන්නෙත් මහ ජරා තාලෙට. ඒ ආශාවෙන් මත් වුන ඇස් දැක්කම. මගෙ මුලු ඇගම පිච්චෙනවා. ඒ වෙලාවට තමා මට සේරම මරාන මැරෙන්න හිතෙන්නෙ. ඒක නිසාමයී මං දික් කලිසම් අදින්න පුරුදු වුනේ. ගවුමක් ඇන්දත් ගෙදරදී දික් කලිසමක් අදින එක පුරුද්ද්ක් වෙලා තිබුනේ. මගෙ මුලූ සිරුරම වැහෙන්න ඇන්දත් ඒ ඇස් වලින් මට බේරිල්ලක් තිබුනේ නෑ... නිදා ඉන්නකොට ලෑලී කාමරෙ ලෑලී අතර හිල්වලින් බලන් ඉන්නවා . ඇදුමක් මාරු කරන්නත් මට නිදහසක් නෑ. 
මට කාමරයක් නොතිබ්බ කාලේ . හැමදාමත් මං ඇහැරෙද්දී බාප්පා අපේ කාමරේ ඉදන් දුවනවා. මොනවා බලන්න ඇවිද්ද කියලා මට තේරෙන්නෙ නෑ. ඒකයී බාප්පා ඔලූව අත ගානවට වත් මං අකමැතී. මං අම්මට ඔය දේවල් නොකියනවා නෙමෙයී. කිව්වට එයා විශ්වාස කරන්නෑ. එයා කියන්නෙ බලං හිටියට ගෙවෙනවද. නිකන් එන්න ඇති ...කියන එක තමා. 

************************************** 
විශාල කහට ගස් අතරින් හිරු එළිය ගලා එමින් තිබුනා. තවමත් මීදුම හරියට මැකිලා ගිහින් නෑ. හිරූ එළිය ගලා ආවත් තවම හිමිදිරී සිසිලසේ අඩුවක් නැති තරම්

තෙරුවන් සරණයී ශදී....
මං පංතියට ගොඩ වෙද්දිම නදීරා කිව්වා. ඇය පංතිය අතුගාමිනුයී හිටියේ 

තෙරුවන් සරණයී නදී. තාම වීමූලා ආවේ නෑ නේද. 

නෑ . තව් බස් එක ආවේ නැ මගෙ හිතේ.. මේ කෙල්ලේ ඔය ඩෙක්ස් ටික පොඩ්ඩක් හදහන්කෝ. මාත් එන්නම් ඔයා එක්ක විමූලා එනවද බලන්න යන්න. ..

ම්ම්ම්ම්ම්ම් .. හරී 
මං ටක් ගාලා බැග් එක ඩෙක්ස් එකෙන් තියලා. ඩෙස්ක් පේලියට හරි ගස්වන්න ගත්තා. 

හරී යමූ .....ශාදී යමූ...
නදී ඒහෙම කිව්වේ කුනු ටික ඩක්ස්බීන් එකට දාන ගමන් . අපි ගියා පඩිපෙල ගාවට. ඉස්කූල් එක තිබුනේ පොඩි කන්දක වගේ. පිට්ටනියෙ ඉදන් දිග පඩිපෙලක් තිබුනා . ඒ පඩිපෙළ දෙපැත්තෙම පංතී කාමර තිබුනා. අපේ පංතිය තිබුනේ උඩම. පඩි පෙල මුදුනෙම තිබුනේ බුදු මැදුර. පාර ඉදන් බලද්දී අපේ ඉස්කූල් එක හරිම ලස්සනයී. මායී නදී බුදු මැදුර ලගට වෙලා පාර දෙහා බලාන ඉන්නවා.
ළමයී දෙතුන් දෙනා බෑග් කරේ එල්ලන් පඩි පෙල නගිනවා. තැන් තැන් වලට වෙලා සමහරු බර කයිය, තවත් කට්ටියක් මිදුල් අතුගානවා., තවත් කට්ටියක් උදේම සෙල්ලම.

ආ...න් බස් එක ආවා.
මං පාර දිහා ඕනී කමින් බැලුවා. විමූ එනවා ළමයී කට්ටියත් එක්ක බර කයියක් දාගෙන. විමූ පඩිපෙල පාමුලදිම මාව දැකලා හොද හිනාවකින් මූන සරසන් තමා අපි ලගට ආවේ. ඒත් මං බැලුවේ වෙන කෙනෙක් දිහා . ඒ දුලාන් අයියයී ශානූ අයියයී එනවද කියලා. ඒ දෙන්නත් හිනා වෙවී ඈත එනවා. මං දන්නේ නෑ මගේ මූනට ඉබේ හිනාවක් ආවෙ ඇයි කියලා..

තෙරුවන් සරණයී කෙල්ලෙ... 
විමූ මට ඒම කිව්වේ මගෙ අත්දේකේ එල්ලෙමින්. 

අද කෙල්ල සතුටින් වගේ. මොකද අමුත්ත.. ආ.. මේ දූලාන් අයියාලා එනකන් ඉදලා යමුද. 
මගෙ හිතට ආවේ මාරම සතුටක් . මං දන්නෙ නෑ ඒ ඇයී කියලා. මට විමූව මිරිකලා බදා ගන්න හිතුනා. 

හ්ම්ම්ම්ම්ම්.....
මං ඕනවට එපාවට වගෙ කිව්වා. මට අමුතක් පෙන්නන්න බය හිතුනා. ඒ වෙනකොට දුලාන් අයියලා අපි ඉන්න තැනට ලගා වෙලා හිටියා. 

තෙරුවන් සරණයී දෙන්නටම..
විමූ එහෙම කියද්දී මං ශානූ අයියා දිහා බැලුවා. එයා වෙන කල්පනාවක.

තෙරුවන් සරණයී නංගිලා. 
දුලාන් අයියලා ඒම කියලා අපිව පහු කරන් ගියා. මට දැනුනේ පුදුමාකාර දුකක්. ශානූ අයියා තෙරුවන් සරණයී කිව්වෙ වත් මං දිහා බැලුවෙ වත් නෑ. 
මට දුක හිතෙන්නෙ ඇයී. මං ඇයී ශාන් අයියගෙන් ඒම දෙයක් බලා පොරොත්තූ වෙන්නෙ. මං වැරදී එයා මගේ යාලුවෙක් වත් නෙමෙයී . දෙතුම් පාරකට වඩා කතා කරලත් නෑ. හ්ම්ම්ම් මං මේම දුක් වෙන එක වැරදී. ඒත් මට පැත්තකට වෙලා අඩන්නමයි හිතෙන්නේ. මගෙ ලොකූ හීනයක් කඩන් වැටුනා වගේ මට දැනෙන්නේ.
අපි උදේ රැස්වීමට වෙලා තිබුන නිසා අරලිය ගස් තියෙන පැත්තට ගියා. එතන මාරම සුන්දර තැනක්. සුදු වැලී පොලව, පාතට නැමුනූ අරලිය ගස් වල අතු, අරලිය මල් පිරුනූ මල් පොකුරූ. හරිම සුවදයී පලාතම, හරිම ලස්සනයී. අරලිය ගස් පේලියක්ම තිබුනා එක දිගට.

ශදී උබ කාලා නේ...ද.

ඔව් බං .. ඔබ කෑවද..
මං එහෙම කිව්වට මං කලින්දා රෑටවත් කාලා නෑ. 
බොරු නෙමෙයිනේ..

නෑ බං.. කෑවා...
විමූට සැකයී මං කෑවා කිව්වට. මං කතාව වෙන පැත්තකට හැරෙව්වා ඒක නිසා.

අද දූලාන් අයියා එක්ක කතා කරන්න යන්නැද්ද. 

නෑ බං හැම දාම යන්න බෑ. ඉස්කූල් එකට මාට්ටු වුනොත් ඉවරයී.... ඉතිං කොහොමද කියහන්කෝ අලුත් තත්වේ. 
විමූ මගෙ මූනට එබුනේ මං දුකින්ද බලන්න වගේ. 

මං උබට කිව්වද එදා මනීෂා නංගිගේ පාටී එකට ගිය වෙලේ එයාලගේ නෑදෑ අයියා කෙනෙක් මං දිහාම බලං හිටියනේ.

ඉතිං... ඉතිං...

පස්සෙ එයා යනකොට මට නම්බර් එක දීලා ගියා. 
මනීෂා කියන්නෙ අපේ අල්ලපු ගෙදර නංගී. එයා එක්ක තමා මං ඉස්කූල් ඇරිලා ගෙදර යන්නේ. 

ආ එහෙමද... මේ ශදී ඕවා හරි යන්නෑ බං . අපි දන්නවද මොකෙක්ද කියලා. ඊර්ෂියාවට කියනවා නෙමේ...

හරි බං හරී.......

මං එහෙම කිව්වම විමූ මූන ඇබුල් කර ගත්තා. උදේ ශානූ අයියගෙ සිද්දිය නිසා මං මාත් හිතින් දුක් වෙමින් හිටියේ. 

හරි බං මට ඒකේ ගානක් නෑ.. මොකද මූන ඇබුල් කර ගත්තෙ. ඔබ දන්නවනෙ මට පිරිමි කියන කවුරුත්ම එපා. 
බාප්පගෙ කෝලන් දැක්ලම මට පිරිමි සන්හතියම එපා වෙලා තියෙන්නෙ. මට කිසිම පිරිමියෙක් ගැන විශ්වාසයක් නෑ. පංතියෙ පිරිමි ළමයි ඇර වෙන පිරිමි ලමයි එක්ක මං කතා කලෙත් නෑ. ඒත් ශානූ අයිය එක්ක කතා කරන්න මගෙ හිතෙ කැමැත්තක් තිබුනා.ඒ ඇයි කියන්න මං දන් නෑ. මං කොහොමත් වැඩිය කා එක්කත් කතාවට ගියෙ නෑ. 

එහෙම කියන්න එපා බං . හැම එකාම ඔහොම නෑ. ඒකා නාකියෙක්නේ. ඇයි ඊයේ මොනා හරි වුනාද ?
විමූ එහෙම ඇහුවේ මගෙ හැගීම තේරුම් අරන්. එයා තරම් වෙන කවුරුත්ම මාව තේරුම් ගත්තෙ නෑ. 

ඒවා කියලා වැඩක් නෑ බං . හැමදාම ඔහොම තමයිනේ අම්මට කියලත් වැඩක් නෑ... උබට කිව්වොත් උබටත් දුක විතරයී. මං තනියෙන්ම විද... වන්..නම්. ම..ගේ කරු...මේ මේ....
ඇස් දෙක කදුලින් බොද වුනේ මටත් නොදැනිමයී. තවත් කතා කරන්න බැරි වුනා. මං ලේන්සුව අරන් මූන වසා ගත්තා.

එහෙම කියන්න එපා ශදී. මට කියහන් කෙල්ලෙ ... අඩන්න එපා. මොකද උනේ..

වෙනදා... වගේ....ම තමා බං... . මං බාප්පා.. වැඩට.... යනකන්... හිටියා... ඇදුම් ටික ඇද ගන්න ..
මං බිම බලාන අමාරුවෙන් කියන්න ගත්තා. මගෙ ඇස් වල කදුලු උනනවා උල්පතක් වගේ. උගුර ඇතුලින් රිදෙනවා පපුවත් එක්ක මැරෙන්න වගේ. 

මං යනකන් බලං ඉදලා කාමරේට ගියා ඇද ගන්න කියලා. 

ඉතිං මොකද. වුනේ. මට බයයි කෙල්ලෙ අනේ කියපන් ඉක්මනට...
විමූ මගෙ මූනට එබුනේ හරිම දුකින්.

මං ඉතින් පුරුද්දට.. . . වටේ බලලා..... ඇදුම ගලවන්න ....හැදුවෙ. එතකොට මන් දැක්කා.... අර පෙරේතයා. බිත්තියෙ හිලකින් ..... බලන් ...ඉන්නවා... කන්න වගේ....මට එපා... වෙනවා .....බං..... මට මැරෙන්න ඕනී...
මට හයියෙන් ඇඩුම් ආවා. මන් මුලු මූනම අත් දෙකෙන් වහගෙන අනිත් පැත්තට හැරුනා.


ඊළග කොටසින් හමු වෙමූ....

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Sep 2016 12:07 PM
  •  Quote
  •  Reply
සදුනි නවල් එකක් ලියමුද
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
06 Sep 2016 09:26 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 06 Sep 2016 12:07 PM
සදුනි නවල් එකක් ලියමුද

ඒක නම් හොද අදහසක්..

දැන් කාලේ තියෙන ගොඩක් නවකතා මෙලෝ රහක් නෑ.. මුල් පිටු ටික කියවුවිට කියවන්න එපා වෙනවා..

එතකොට කරන්නේ අවසාන පිටු ටිකත් කියවලා පොත පැත්තකින් තියන එක...

ඒ වුනාට මේ කතාව නම් කියවන්න ආස හිතෙනවා..

1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Sep 2016 10:12 PM
  •  Quote
  •  Reply
මමත්  එහෙමනේ නවල් කියවන්නේ  
 
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Sep 2016 10:13 PM
  •  Quote
  •  Reply
 ප්‍රින්ට් කරමුද කියලද අහන්නේ . බලමුකෝ නේ
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Sep 2016 11:06 PM
  •  Quote
  •  Reply
හොඳ නිර්මාණ සෙට් සෙට් එකක්....බොහොම අගයකරනවා මේ නිර්මාණ එකතුව....දිගටම කරගෙන යන්න වරම් ලැබේවා
1

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Sep 2016 11:11 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 06 Sep 2016 11:06 PM
හොඳ නිර්මාණ සෙට් සෙට් එකක්....බොහොම අගයකරනවා මේ නිර්මාණ එකතුව....දිගටම කරගෙන යන්න වරම් ලැබේවා

 මටත් වරමක් දෙන්නකෝ මොකක් හරි හි
1

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Sep 2016 11:40 PM
  •  Quote
  •  Reply
ඉල්ලන්න ඕන දෙයක්.
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Sep 2016 03:25 AM
  •  Quote
  •  Reply

කවුද දෙවොලේ දෙවියෝ....

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2016 03:47 AM
  •  Quote
  •  Reply
අපේ පවුලේ කථාවත් මේ විදියටම ගොඩ ගත්තනං හොදයි කියල හිතනවා
මොකද කියන්නේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Sep 2016 04:32 AM
  •  Quote
  •  Reply

 කොයි පවුලෙද අනේ. ඔයාගේ ජීවිත කතාවද. කැමති නම් ලියමු

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Sep 2016 04:43 AM
  •  Quote
  •  Reply
.....කදුලත් සැනසුමක්.......

05. වන කොටස

මහ බල්ලෙක් උබලගෙ බාප්පා. ඔබ මැරෙන්න ඕනී නෑ ඕකාවයී මරන්න ඕනී. ඌ ගිහින් නැද්ද. එතකොට
විමූ ඒක කිව්වේ හරිම කේන්තියෙන් වේගයෙන්.

නෑ.... යනවා.. . වගේ ගිහින්... අහපවු ඇ..විත්... සද්දයක් වත් ඇහුන්නෑ...අනේ . ..

අම්මාට කිවුවේ නැද්ද. උබ...

කිව්වා බං...... දැක්ක...... ගමන් කෑ.... ගැහුවා... මං.
එලියට යද්දී.... ඌ .. ගිය අතක් නෑ.... අම්මා කියනවා මට විකාරලූ මනස්ගාත...... ඔලුවෙ දාන්. ඒවා.... මැවිලා පේනවලූ..... මගේ... කරු..මේ බං... එයාත් මට . ... ආදරේ .. නෑ එයාටත්.... විශ්වාස ඌව... මට ඒකයී තවත් දුක... ඒත් ඌගේ සෙරෙප්පු දෙක.. පාර.. ගාව තිබුනා..

ඉතිං උබ අම්මට පෙන්නුවෙ නැද්ද...
විමූ කතාව මැද්දට පැන්නා

පෙන්නුවා... බං.... 

ඉතිං අම්මා ඒවත් විශ්වාස කලේ නැද්ද..

නෑ... එතකොටම..... අරූ ආවා... අල්ලපූ... ගෙදර.. ඉදන්..

ඉතිං එතකොටවත් පිලි ගත්තෙ නැද්ද..

නෑ ඌ කියනවා . ....විටක් කන්න ගියාලූ..... ස්ද්දෙ ඇහිලා ඇයි බලන්නලූ ආවේ... මට. මරන්... මැරෙන්න හිතුනා බං... මං ඇහින් දැක්ක... . එක තෝ.. දැං නෑ කියනවද කියලා මං කෑගැහුවා. ඌ කියනවා බලන්නකො. සුද්දී. මේකී කියන..... කතාව.... ඇයී මං ගැන ඔහොම කියන්නෙ. විමල් ගෙන් අහලා බලහං... සුද්දී මං. එහෙ නෙමෙද .....හිටියෙ කියලා කියනවා. බලහං මොන දෙයියන්ට.... කියන්නද මේවා ... 

අම්මත් පිලිගත්තා ඉතිං.. අනේ මංදා බං උබලගෙ අම්මත්...
විමූ ඒක කිව්වේ හරිම වේදනාවෙන්

ඒක තාමා.. මට....
මට කිටන්න ගිය දේ කියන්න දුන්නෙ නැහැ .. විමූ මගෙ අත කෙනිත්තුවා ..

ඇයි බං...
මං කලබලෙන් වටපිට බැලුවා. දෙවියනේ ශානූ අයියා ඈත ඉදන් අපි දිහා බලන් ඉන්නවා . මගෙ මුලු ඇගම පිච්චිලා ගියා. මං එහෙ බලනවත් එක්කම ශානු අයියා අපිව නොදැක්කා වගේ එතනින් යන්බ ගියා. ඒත් එක්කම ඈතිං උදේ රැස්වීමට බෙල් එක වදිනවා ඇහුනා.

යමං දැන් ... මූන හොද ගනිංකෝ.... 

අනේ විමූ ශානු අයියා දැක්කද කොහෙද. අනේ උබෙන් ඇහුවොත් මොකුත් කියන්න එපා අනේ.. අනේ.. 
මං විමූට ඒම කිව්වේ ආයාචනාත්මකව.

හරි බං . උබ දන්නවනේ. මං කාටවත්ම කියන්නෑ. දුලාන් අයියටවත් කියන්නෑ යමූ...
මම ටැප් එකට ගිහින් මූන සෝදා ගත්තා. 

අනේ මට රැස්වීමට යන්න බැ බං... 
අද දවස නම් එපාම කරපු දවසක් උදේ ඉදන්ම නරක දේවල් මයී වෙන්නෙ.

ශාදීෂා ඔබලා කොහෙද බං හිටියෙ... වරෙන් ඉක්මනට
කෑ ගහගෙන අපේ පැත්තට දුවන් ආවේ. දේෂානී.
ඒයා තමා පංතියෙ දක්ෂම ළමයා.

ඇයී දේෂානියෝ. 
මං වෙනුවෙන් ප්‍රශ්න කලේ විමූ. මන් ඉන්න තත්වෙ දන්න නිසා මාව බේර ගන්න.

අද අපිට උදේ රැස්වීමලූ. කවුරුත් නෑ. කතාවක් වත් කියන්න. අනේ ශදී සිංදුවක් කියමූ.. අනේ...

අනේ මට බෑ . 
මං එක පාරටම කලබල වුනේ බයට නෙමේ. මං ඊයෙ රෑත් අඩපු නිසා කටහට වෙනස් වෙලා ඇති කියලා.

අනේ .. අනේ.. පංතිය බේර ගනිං .කවුරුත් නෑ බං මං කතාවක් කරන්නම්. බෑ කියන්න එපා ශදී..
මට දේෂානී පව් කියලත් හිතුනා. මං කවදාවත් බෑ කියන්නෑ සිංදු කියන්න. ඒත් අද දවස හරි නෑ.

ශදී කියමූ . අවුලක් නෑ .කලින් කියපු එකක් කියමූ.
වීමූ එහෙම කියලා මගෙ අතින් ඇදම් උදෙ ප්‍රධාන රැස්වීම තියෙන පැත්තට යන්න හැරුනා. 

අනේ තෑන්ක්ස් බං වරෙල්ලා.
දේෂානිත් අපි එක්කම රැස් වීම තියන තැනට ආවා. රැස්වීම පටන් ගත්තා. පංසිල් අරන් ජාතික කොඩියයී පාසල් කොඩියයී ඔසවලා. ජාතික ගීය එහෙමත් කිව්වා. මං ඔහේ කල්පනා කලා මිසක් මොනවා කිව්වද කලාද මතක නෑ . ඒ එක්කම මගෙ නම මයික් එකෙන් කියනවා මට ඇහුනා. මං නිරායාසයෙන්ම සිංදුව කියන්න ඉස්සරහට ගියා.
අවසර අරන් සිංදුව කියන්න පටන් ගත්තා.

මිදුලේ වැලි මාලිගාව
සක්විති පදවිය ලබන්න...
සතර දිශා ජය ගෙන මම හනික එමී
ඔබේ ලොවට සද හිරු වී එළිය දෙමී........

මං සිංදුව කියන ගමන් පහල ඉන්න ළමයී දිහා බැලුවා. එයාලා සාවදානයෙන් අහන් ඉන්නවා. මං නිකමට ශානූ අයියා ඉන්න පැත්ත බැලුවා. ශානූ අයියා මං ඒ පැත්ත බලනවා දැක්කා. එයා මාත් එක්ක හිනා වුනේ හරිම සතුටින් . මගෙ මූනටත් හිනාවක් ආවේ ඉබේටමයී. මගෙ හිතට පුදුමාකාර සැනසිල්ලක් දැනුනා. දුක් වේදනා සේරම අමතක වුනා. මං සිංදුව ඉවර කරලා ස්තූති කරලා. මයික් එක දේෂානිට දුන්නා. ලමයී සේරම සතුටින් අත්පොලසන් දුන්නා. මගෙ හිත තව තවත් සතුටින් ඉපිලිලා ගියා. පාසල තමා මගෙ සැනසීම. මං හිතිං මෙනෙහී කලා....


**************************************
අද හරිම රස්නේ දවසක්. පංතියෙ ඉන්නත් බෑ පිච්චෙනවා වගේ. ඉගෙන ගන්නව තියා නිකන් ඉන්නත් බැරි තරම් . දවල් විවේකෙන් පස්සෙ හදිස්සී රැස්වීමක් තියෙනවා කියලා ඔක්කොම ටීචර්ස්ලා රැස්වීමට ගියා. ශිෂ්‍ය නායක නායිකාවෝ පොඩි පංති බලාගන්න කියලා ගිහින්. අපේ පංතියේ ළමයින්ට ඉතිං මගුල් ගෙයක් වගේ. "ඉබ්බා දියට දැම්මම ඇන්නෑවේ කිව්වලූනේ" ඒ වගෙ තමා. කෑ ගහන් නැත්ව පොතක් බලා ගන්න කියලා ගියෙ. මොන පොත්ද කට්ටිය වට වෙලා බර කයිය. පංති නායිකාව දේෂානී, එයා බැන්න නිසා වැඩි සද්ද නැතුව කට්ටිය තැන් තැන් වලට වෙලා කතාව. 
මායී වීමුයී හිටියේ ලොකු හෝල් එකේ එක පැත්තක නිදහස් තැනක. සාමන්‍ය පෙළ උසස් පෙළ් පංති තිබුනෙ එකම ලොකු හෝල් එකක. පපවේ මට්ටමට විතර උස කොට බිත්තියට හේත්තුවෙලා පහලින් පෙනෙන වෙල්යාය දිහා බලන් හිටියා. දෙන්නම කතාවක් නෑ ඔහෙ බලන් ඉන්නවා. රස්නේ වෙලාවට ඉන්න හොදම තැන මෙතන. වෙල පැත්‍තේ ගසන් එන සුළග, සිරුර පිච්චෙන තරම් උණුසුම අඩු කරලා දැම්මා.
අපි හිටපු තැනට පිටිපස්සෙ තිබුනේ 12 ශ්‍රේණිය. ඒ කියනෙ ශානූ අයියලගෙ පංතිය. ඒත් පංතියෙ කවුරුත්ම හිටියෙ නෑ. සේරම ලමයී පොඩි පංතී තියෙන පැත්තට ගිහින්. මගේ හිතේ පොඩි දුකක් තිබුනා, ශානූ අයියා මාත් එක්ක හිනා වෙන්නෙ වත් නැති එක ගැන. එදා අඩනවා දැක්ක දවසෙ ඉදන්, එයා කලින් මාත් එක්ක කතා කරපු වචනය දෙකවත් කතා කරන්නෙ නෑ.

කෝ බං මේ දූලාන් අයියා බලහං කෝ ටීචර්ලා කවුරුත් නෑ .කතා කරන්න තියෙන හොද අවස්තාව. කොහෙ ගිහින්ද මංදා..
විමූගෙ ලතැවිල්ල පිරුනූ කට හඩ ඇහෙනවත් එක්ක මං එයා දිහා බැලුවා. විමූ හිටියෙ දුලාන් අයියා කොහෙද කියලා වට පිට බලමින්. 

පොඩි පංති බලා ගන්න දාලා ඇති බං..

අනේ මංදා .. 

අර එන්නෙ ශානූ අයියා නම්...
ඈතින් ශානූ අයියා එනවා දැකලා, මං කිව්වේ සතුටින්. අපි දෙන්නම ඒ පැත්ත බලන් හිටියා. ශානූ අයියත් ගොඩ දවසකින් ලස්සන හිනාවක් මවාගෙන, කෙලින්ම අපි ඉන්න තැනට ආවා. 

ආ..... නංගිලා මොකද කරන්නෙ. ආං දුලාන් එන්න කිව්වා කැන්ටිම පැත්‍තට....
ශානූ අයියගෙ කටින් ඒ වචන ටික ගිලිහුනා විතරයී. විමූ සතුටින් ඉපිලිලා ගියා. කෙල්ලෙ කිරිල්ලියෙක් වගේ ඒ පැත්තට ඉගිල්ලෙන්න සූදානම. 

එහෙනම් මං යනවා.... කෙල්ලෙ මං විජහට එන්නම්. 

ආ.. හරි හරි මං එයාව බලා ගන්නම් . 
ශානූ අයියා එහෙම කිව්වේ මං දිහා බලාගෙන හිනාවෙමින්. ඒ වචනය ඇහෙනවත් එක්කම මගෙ හිත ගැස්සිලා ගියා. මං මොකුත්ම කියන්නෙ නැතුව කොට බිත්තියට වාරු වෙලා වෙල් යායාට ඇස් යොමා ගත්තා. ඒත් ඉතිං මූනේ තිබුන හිනාව ඒක නම් හංග ගන්න පුලුවං වුනේ නෑ. 

ඉතිං ශදී නංගී. කොහොමද පාඩම් වැඩ..
මගෙ ලගින්ම ශානු අයියගෙ කටහඩ ඇහෙද්දී මට් ඉබේටම එයා දිහා බැලුනා. එයත් මට එහායින් කොට බිත්තියට වාරු වෙලා .මං වගේම පහළ බලාන ඉන්නවා. 

හො.. හොද.යී.. අයියේ. කරගෙන යනවා.
මං උත්තර දුන්නෙ අපහසුවෙන්. අපි දෙන්නා විතරක් එතන ඉන්න නිසා මට අපහසුවක් දැනුනා. ශානූ අයිය නම් ලස්සන හිනාවකින්, මං දිහා බලන් හිටියෙ . 

ගනන් එහෙම කොහොමද?. ලකුණු කීයක් තිබුනද අන්තිම වාරේ..

67ක් තිබුනා.. ශානූ අයියේ..

එහෙනම් තව මහන්සි වෙන්න වෙයී. නිතර ගණං හදන්න. මොකක්ද අමාරුම පාඩම. මට නම් ජාමිතිය අමාරුයී. 

මං නම් ආසම පාඩම ශානූ අයියේ.. 
මං සැරින් සැරේ මූණ දිහා බැලුවා .ඒ හැම වෙලේම එයා මගෙ දිහාම බලන් හිටියෙ. මට බලන්න බයයී ඒක නිසා මං බිම බලා ගත්තා. 

විභාගෙ ලං වෙනකන් ඉන්න එපා . දැම ඉදන්ම පාඩම් කරන්න තව මාස 9නෙ තියෙන්නෙ. 

ආ ශානූ අයියා . කෝ අපේ අයියා එහෙම. 
අපේ කතාවට හවුල් හවුල් වෙන්න ආවේ ගයේෂා. ගයේෂාලගෙ අයියා හිටියෙ ශානූ අයියලගෙ පංතියෙ. ඒක නිසා ගයේෂා ශානු අයියලා එක්ක හුගක් එකතුයී. නිතරම වගෙ ගයේෂා ශානූ අයියලාගේ පංතියටත් ගියා..

ඒයාලා පොඩි පංති පැත්තේ ගයේෂා නංගී. මං මේ දුලාන්ලට සපෝට් එකක් දෙන්න කියලා.. ආවා..

හා දෙන්න කැන්ටිම ලග කයිය. 
ගයේෂයී ශානූ අයියයි කතාවක. මං ඉතිං බලාගෙන ඉන්නවා. මට ටිකක් දුකයි, ගයේෂා මගෙ අවස්ථාව නැති කරපු එකට. ඒත් ශානූ අයියා හිනා වෙලා වචනයක් හරි මාත් එක්ක කතා කරපු එක " රටක් රාජ්ජය දිනුවා වගේ" හදවතට දැනුනා. 

අන්න මීටින් එක එවරයී වගේ. මං යනවා නංගිලා අරුන් දෙන්න තාම අතනනේ. 
ශානූ අයියා කැන්ටිම පැත්තට දුවගෙන ගියා. මමයි ගයේෂයී පංතියට ගිහින් වාඩි වූනා. ටික වෙලාවකින් විමුත් පංතියෙන් ඇවිත් වාඩි වුනා. ඒ එක්කම පංති භාර ටීචර් පංතියට ආවා. 

ළමයී ලබන සතියෙ පරීක්ෂකවරු එනවලූ . පංතිය පිලිවෙලට තියා ගන්න ඕනී. පොත් සම්පූර්ණ කර ගන්න, ඇගයීම සම්පූරණ කර ගන්න . තේරුනාද ?
ටීචර් කියාගෙන ගියා. 

අනිත් එක මේ පංතිය දිග වැඩී අන්තිම පේලියෙ ඉන්න ලමයිට පාඩම ඇහෙන්නෙ නෑ. ශදීෂා ඔයාලා හතර දෙනා ඔය පෝලිම ඉස්සරහින් හරහට දා ගන්න.
ගුරු මේසේ ලගින්ම හරහට අපි ඩෙක්ස් පෝලිම දා ගත්තා. 

දැන් හරී නේද ලමයී. අනිත් ලමයී සතියෙන් සතියට පොළිම් මාරු කර ගන්න හරිද. 
ළමයී සේරම ඔලුව සලලා එකග වුනා. එහෙම කියලා ටීචර් පංතියෙන් පිට වෙලා ගියා.

මේ..... ශානූ අයියා දුලාන් අයියගෙන් අහලා උබ එදා අඩපු එක. 
විමූ ඒක කිව්වේ හරි හදිස්සියෙන් රහසින් වගෙ. මං ඇස් දෙක විදහගෙන එයා දිහා බැලුවෙ බය මුසු මුහුණින්. 

ඔබ මොකද කිව්වේ. 

බය වෙන්න එපා බං මන් මොකුත් කිව්වේ නෑ. ගෙදර පොඩි අවුලක් නිසා කිව්වා. 
මගෙ හිත සතුටක් කාන්දු වුනේ. ශානූ අයියට මාව විශේෂයි කියලා දැනුන නිසා. ශානූ අයියා මට ආදරෙයිද. මගෙ පපුවට ලොකු බරක් වගෙ දැනුනා. පොඩි වේදනාවකුත් එක්ක. ජීවිතේ මුල්ම වතාවට මට මෙහෙම හැගීමක් දැනෙන්නෙ. මං ශානූ අයියට ආදරේ කරනවද? , ශානූ අයියා මට ආදරෙයිද? අලුත්ම හැගීමක් මගෙ හිතට ඇතුල් වුනා.
මං එදා අඩපු එක දැකලත් . එයා ඒක මට අගවන්නෙවත් නැතුව කතා කලේ මගෙ හිත රිදෙයි කියලා වෙන්නැති. ලොකු සුසුමක් හෙලලා මං හිත නිදහස් කර ගත්තේ හරිම සතුටින්.
**************************************
කාලය "ඉබි ගමනිං" ගෙවිලා ගියා. මාර්තු මාසයත් උදා වෙලා. පළවෙනු වාර විභාගයත් ලගයී. මං හිතින් ශානු අයියට ආදරේ කරනවා. ඒක නිසාද කොහෙද මට දැනුනේ "ලොකේ එක තැන නැවතිලා වගේ කියලා. මට මේ හැගීම විමූ එක්ක වත් කියන්න බයයී. එයා දුලාන් අයියට කියයිද කියලා. ඒක නිසා මං හිතේම තියා ගත්තා කාටවත්ම කියන්න ගියෙ නෑ.
ගෙදර තත්වය නම් එන්න එන්නම දරුනු වුනා. මං සේන බාප්පට එළිපිටම බනින්නත් ., බාප්පා එළි පිටම නරක කතා කියන්නත් පටන් අරන් තිබුනා. අම්මට කිව්වටත් වැඩක් නැති නිසා මං කිව්වේ නැ. මගෙ ආරක්ෂාව මංම සළස ගන්න හිත හදා ගත්තා....

ඊළග කොටසින් හමුවෙමු....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2016 04:44 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 07 Sep 2016 04:32 AM

 කොයි පවුලෙද අනේ. ඔයාගේ ජීවිත කතාවද. කැමති නම් ලියමු


සදුනි ඔයා දන්නෙ නැහැ

හැබැයි පරණ අයනං දන්නවා ඔය කථාව ගැන

1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
07 Sep 2016 05:05 AM
  •  Quote
  •  Reply
මේ යන විදියට ගියොත් නම් ගණන් වලට D එකක් ගන්න ලැබෙන්නෙ නැහැ වගේ.

ඊලග කොටසත් ලියන්නකෝ මොකෝ වෙන්නෙ කියල බලා ගන්න.
2

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Sep 2016 05:15 AM
  •  Quote
  •  Reply
අදම ඉතුරු ටිකත් දාන්නකො
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Sep 2016 05:20 AM
  •  Quote
  •  Reply

අද තව කොටසක් දාන්නද?

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Sep 2016 05:25 AM
  •  Quote
  •  Reply
දාන්න දාන්න අපට වැඩක් නැහැ ගෙදරට වෙලා ඉන්නේ ඔහොම එකක් වත් කියවන්න
0
Add Reply
Page 2 of 16 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below