You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Jul 2016 01:25 AM by  shanaka kelum
හේමසිරි හල්පිට (12. යොහාන් අර්ජුන ට නිර්මාණය කල ගීත)
 92 Replies
Sort:
Page 1 of 512345 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Jun 2016 09:14 PM
  •  Quote
  •  Reply

හේමසිරි හල්පිට

 

01. නාමල් උඩුගම ට නිර්මාණය කල ගීත

02. මධුමාධව අරවින්ද ට නිර්මාණය කල ගීත

03. ග්‍රේෂන් ජයමහ ට නිර්මාණය කල ගීත

04. සංජීවනී විරසිංහ ට නිර්මාණය කල ගීත

05. යොමාල් සංජීව ට නිර්මාණය කල ගීත

06. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ට නිර්මාණය කල ගීත

07. මිලාන් රැද්‍රිගූ ට නිර්මාණය කල ගීත‍

08. අතුල අධිකාරි ට නිර්මාණය කල ගීත

09. සනත් උඩුගම ට නිර්මාණය කල ගීත

10. රුවනි දුනුවිල ට නිර්මාණය කල ගීත 

11. සමන් පුෂ්පවර්ණ ට නිර්මාණය කල ගීත

12. යොහාන් අර්ජුන ට නිර්මාණය කල ගීත

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Jun 2016 09:17 PM
  •  Quote
  •  Reply
හේමසිරි හල්පිට

ඒ 1994 වර්ෂයයි. එතකොට මට අවුරුදු 18 යි. ඒ කා‍ලය තමයි මාගේ සුන්දර යොවුන් අවධිය. ආදර ගීත වගේම විරහ ගීත අසන යුගය. ඒ කාලයේ ජනප්‍රිය ගායකයන් වූයේ නාමල්, රූකාන්ත, ග්‍රේෂන්, ප්‍රින්ස්, ආත්මා ආදීන්. බස් ගාස්තු හා අපට පන්ති යාමට දෙන මුදල් ඉතිරි කරමින් මෙන්ම දිවා ආහාරය සඳහා ගෙදරින් ලබාදෙන මුදල් දිවා ආහාරය නොකා ඉතිරි කර ගනිමින් කැසට් පට මිලදී ගත්තා.
ගීත අසද්දී මුලදී සංගීතයට හිත ගියත් ටික දිනක් යනවිට පදවැල් කෙරෙහි අවධානය යොමුවූවා. ඒ යුගයේ පදරචකයන් අතරින් ඉහලම තලයේ සිටියේ හේමසිරි හල්පිටයන්. ඊට පසුව ලලිත් වසන්ත, නිහාල් ගම්හේවා, රූකාන්ත, කුමාරසිරි වැන්නවුන් සිටියා. (මා පවසන්නේ සුභාවිත ගීතයන් පිළිබඳව නොව) හේමසිරි නාමල්ට ලියාදුන් “වේදනා දෙන්නේ නෑ”, “නිසල වෙලා හද” මෙන්ම ‍ග්‍රේෂන්ට ලියාදුන් “ආසිරි පැතුම්”, අතුල අධිකාරීට ලියාදුන් “තරහෙන් අහක බලා” වැනි ගීත අපව කුල්මත් කලා. ඒ අනුව එතුමාව හමුවීමට මට ආසාවක් ඇතිවුනා‍. මට ඔහුව හමුවන්නේ 1994 වර්ෂයේදී ගාල්ලේ පැවති සංගීත සංදර්ශනයකදී. එතුමා හරිම සුහදශීලී පුද්ගලයෙක්. එතුමා ගැන කතාකරන්න බොහෝ දේවල් තියෙනවා.

70 දශකයේ ගීත ලොවට පිවිසි මෙතුමා අවුරුදු 32 ක පමණ කාලයේදී ගීත 6000 කට අධික ප්‍රමාණයක් ලියා තිබෙනවා. ඒ ගායක ගායිකාවන් 300 කට අධික සංඛ්‍යාවට. අද දින වට විටත් දවසේ එක් වරක් හෝ එතුමා පද රචනා කල ගීතයක් ඇසෙනවා.

2006 වර්ෂයේ ‍අප්‍රේල් මස 28 දින හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් මේ අගනා මිනිසාගේ පන්හිද නිහඩ කරනු ලැබූවා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Jun 2016 09:19 PM
  •  Quote
  •  Reply
01. නාමල් උඩුගමට නිර්මාණය කල ගීත

සමුගන්නේ නෑ කැසට් පටයෙන් ගීත ලොවට පිවිසි නාමල් උඩුගම
සමුගන්නේ නෑ, තනිවී, වේදනා, හදවත මාගේ, සමුගෙන යාදේ, සුදුමල් සුගන්ධිනි යනුවෙන් කැසට් පට පෙලක්ම නිකුත් කරනු ලැබු‍වා.
මේ හේමසිරි හල්පිටයන් ඔහුට පද රචනා කල ගීත කිහිපයක්‍...

i. නිසල වෙලා හද - නොසැලේ හසරැල් ආදර රතදර යුගෙන් ඔ‍බේ
සසලව යයි සිත - මැලවුණ ඔබේ වත දෝවමි කදුලැල්ලකින් මගේ
ඔබ නැතිදා මේ ලොකේ - තනිවේ මා දැවෙන සිතින්

ii. වේදනා දෙන්නේ නෑ ඔබ හැර මා යන්නේ නෑ
පාළුවේ ඔබ රදවා

iii. ඔබේ ලොවේ අද මා රැඳිලා බලා හිඳී සැනසුම පතලා
සෙනේහයේ සිහිලැල් සොයලා

iv. සිහිනෙන් සිහිනෙන් මා හඩවනවා
සැබෑ ලොවේදී ඔබ මා - නෑ මුණ ගැසිලා නෑ හමුවීලා

v. තනිවුනදා වෙරළේ ඔබ හා මා ඔබ හැඩුවා ළමැදේ හිස සතපා
ඒ දිනයේ මා අමතා - ඔබ කියු දේ සිහිනෙන් මට ඇසුණා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 Jun 2016 09:24 PM
  •  Quote
  •  Reply
බොහොමත්ම ස්තූතියි මල්ලී මේ වටිනා තොරතුරු මඟින් එතුමා නැවත සිහිපත් කිරීම පිළිබඳව.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 Jun 2016 09:27 PM
  •  Quote
  •  Reply
මේ තියෙන්නේ බොරැල්ල කනත්තේ එතුමාගේ සමරු සිහිවටනය.
…
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Jun 2016 07:58 AM
  •  Quote
  •  Reply
කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නෑ මෙතුමා රචනා කරපුවා.
ඒ වගේ ගී පදවැල් අද හැදෙන්නේ නැති තරම්.මේ වගේ ගීත ගොන්නකින් අපි අහලා ඇත්තේ කීයෙන් කීයද...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Jun 2016 08:30 AM
  •  Quote
  •  Reply
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Jun 2016 06:40 PM
  •  Quote
  •  Reply
ජිප්සීස් ගායක කන්ඩායම ගැයුව ජනප්‍රිය ගීත බොහො ගනනකුත් මොහුගෙ රචනා නෙද ?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Jun 2016 09:02 PM
  •  Quote
  •  Reply
ඇයි නිහාල් නෙල්සන් ගෙ ගීත..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Jun 2016 09:40 PM
  •  Quote
  •  Reply
දිගටම මේ ට්‍රේඩ් එක පවත්වාගෙන යන්න .ගොඩක් වැදගත් දේවල අපිට දැනගන්න පුලුවන් වෙයි මේ මගින් .
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Jun 2016 10:29 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 05 Jun 2016 09:40 PM
දිගටම මේ ට්‍රේඩ් එක පවත්වාගෙන යන්න .ගොඩක් වැදගත් දේවල අපිට දැනගන්න පුලුවන් වෙයි මේ මගින් .

මගේ බලාපොරොත්තුව ඒක තමයි මල්ලී..

මා සතුව හේමසිරි හල්පිට විසින් රචිත ගීත 4000 කට අධික ප්‍රමාණයක් තියෙනවා. (ඔහු ගීත 6000 කට අධික ප්‍රමාණයක් ලියා තිබෙනවා)

1

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
06 Jun 2016 03:06 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 05 Jun 2016 08:30 AM

 ස්තුති අයියේ 

මොහු විසින් ලියපු ගීත  බොහොමයි ඒ වගේම ජනප්‍රියත් උන ඒවානේ 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Jun 2016 01:51 AM
  •  Quote
  •  Reply
නියමයි ඉන්දික අයියෙ. අපි හැමෝටම දනුවත් වෙන්න පුළුවන් වැදගත් මේ දේවල් තමයි අපට වැඩියෙන්ම ඕන කරන්නෙ.

හේමසිරි හල්පිට කියන්නේ ගීත රාචනා විතරක් නෙවෙයි. සමහර වැඩසටහන් වල පිටපත් පවා ලියපු පිටපත් රචකයෙක්.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Jun 2016 03:57 AM
  •  Quote
  •  Reply
සංගීතය පැත්තෙන් දැනගන්න ලැබෙන සවිස්තරයන් පිලිබද වැඩි ඇල්මක් දක්වනව
ඉතින් මේ තොරතුරැ වලටත් බොහොම ස්තූතියි
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Jun 2016 12:07 PM
  •  Quote
  •  Reply
මට පහුගිය දවසක ඉන්දික76 අයිය සමග කත බහ කරනකොට මට ගොඩක්ම තෙරුන ඔහු ඉතාමත් කෑමති ගීත රචකයෙක් තමයි හේමසිරි හල්පිට මහත්මයා. අ ගෑන මෙ පොස්ටුව මගිනුත් තෙරෙනවා, තව මෙ වගෙ කලාකරුවන් ගෑන විස්තර ටිකක් අපට දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව අයියෙ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Jun 2016 10:57 AM
  •  Quote
  •  Reply
02. මධුමාධව අරවින්දට නිර්මාණය කල ගීත

"සිත්" කැසට් පටයෙන් ගීත ලොවට පිවිසි මධුමාධව
"සිත්", "සරාගී", "ලඹ සවන්" ආදී වශයෙන් කැසට් නිකුත් කරනු ලැබු‍වා.
මධුමාධව ක්ෂේත්‍රයේ දිදුලවූ "සිත්" ගීතයත් හල්පිටගේ නිර්මාණයක්
මේ හේමසිරි හල්පිටයන් ඔහුට පද රචනා කල ගීත කිහිපයක්‍...

i. සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ

ii. සඳ නැති රාත්‍රියේ නිසංසලේ පාළුවේ

iii. මේ වියෝලේ මිහිරි නාදේ

iv. මා සොයන කුමරිය ඈ .. නෑ තවම මුණගැසිලා

v. වාසනා පහන්නිවා දමා පාළුවේ මගේ පැතුම් හොවා
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Jun 2016 11:09 AM
  •  Quote
  •  Reply
අපි ගාවත් කෑසට් එක තිබුනට අපි බලන්නෙ නෑහෑ නේ කව්ද සින්දුව ලිව්වෙ කියලා. ඔයා මෙව දාන නිස තමා මෙහෙම හරි විස්තරයක් දෑනගන්නෙ අයියෙ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Jun 2016 11:10 AM
  •  Quote
  •  Reply
03. ග්‍රේෂන් ජයමහ ට නිර්මාණය කල ගීත

"සුදු මීදුම" කැසට් පටයෙන් ගීත ලොවට පිවිසි ග්‍රේෂන් ජයමහ
"සුදු මිදුම", "පිනි සිසිල", "මන බන්දනා" ආදී වශයෙන් කැසට් නිකුත් කරනු ලැබු‍වා.
මේ හේමසිරි හල්පිටයන් ඔහුට පද රචනා කල ගීත කිහිපයක්‍...

i. ආසිරි පැතුම් මතුවුනා ආශා හැගුම් පිබිදුනා

ii. ගීතේ ලියා මේ වේදනා (අනුෂා)

iii. මල් වසන්තේ දවසක හමුවූ සොදුරු මල් මතකේ

iv. මා දිහා හොරෙන් බලන්නෙ ජීවිතේ පැතුම් කියන්නදෝ

v. තරු මුතු සමවන නෙතු සඟලයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Jun 2016 11:30 AM
  •  Quote
  •  Reply
04. සංජීවනී වීරසිංහ ට නිර්මාණය කල ගීත

"ලස්සන මගෙ හිත", "ආදරේ වේදනා" ආදී වශයෙන් කැසට් නිකුත් කරනු ලැබු‍වා.
ඇය බහුලව ඉදිරිපත් කලේ පිළිතුරු ගීත ඇතුලත් කැසට් පට

මේ හේමසිරි හල්පිටයන් ඇයට පද රචනා කල ගීත කිහිපයක්‍...

i. ලස්සන මගෙ හිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි

ii. සිහිනෙන් රැයේ මට ලංවෙලා

iii. අහිංසකව මා දිහා බලා

iv. සෙනෙහස පුදසුන

v. මල් වසන්තයේ පැතුම් මවාලා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jun 2016 11:36 AM
  •  Quote
  •  Reply
හේමසිරි හල්පිට කියන්නෙ දක්ෂ නිවේදකයෙක් කියලත් මේ මොහොතේ කියන්න ඕන.

ඉතින් පුළුවන් කෙනෙක් මේ ගීතත් මේ සමගම අහන්න සලස්වනවා නම් හොඳයි කියල මට හිතෙන්නෙ. ඒ ගීත මොනවද කියල indika76 අයිය දැනුවත් කරන අතරතුරේ.
0
Add Reply
Page 1 of 512345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below