Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: හේමසිරි හල්පිට (12. යොහාන් අර්ජුන ට නිර්මාණය කල ගීත) Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: හේමසිරි හල්පිට (12. යොහාන් අර්ජුන ට නිර්මාණය කල ගීත) Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review sha733Super Senior MemberPosts:7332 21 Jul 2016 01:25 AM මේක රොකොඩින් කරලද කියෙන්නේ අයියේ hasithadSuper Senior MemberPosts:5795 16 Jul 2016 06:43 AM ඔව්.නියම සින්දු ටිකක් තමයි. sha733Super Senior MemberPosts:7332 16 Jul 2016 03:30 AM එහෙනං 2 යි මේකත් අහල තියෙනවනේ hasithadSuper Senior MemberPosts:5795 14 Jul 2016 07:54 AM ඇයි මේක..... sha733Super Senior MemberPosts:7332 14 Jul 2016 02:11 AM ඔයාල අයියේ 1 ක් අහල ඇති සුපර්ස්ටාර්ස් කරපු එක hasithadSuper Senior MemberPosts:5795 13 Jul 2016 08:44 AM 4ම අහන්න දඹුල්ලට එන්නම්. sha733Super Senior MemberPosts:7332 13 Jul 2016 08:22 AM මතක් හැටියට 4 ක් hasithadSuper Senior MemberPosts:5795 10 Jul 2016 08:30 AM ඇත්තටම යොහාන් අර්ජුන කැසට් කීයක් කලාද මල්ලි ? DanuLiyanageVeteran MemberPosts:3457 09 Jul 2016 11:25 PM a manussaya miya giye nathnam honda nirmana kihipayak eliyata enawa hasithadSuper Senior MemberPosts:5795 09 Jul 2016 08:58 AM සුබ පැතුමන්......ගීතයට එහෙම මම හරි කැමතියි. sha733Super Senior MemberPosts:7332 08 Jul 2016 02:52 AM යොහාන්ට තියෙන්නේ අමුතුම අකාරයේ හඩක් ඒ වගේම නොසලන්න කදුලක් සින්දුවෙන් ආරණිය හදවත් තවත් ආදරයෙන් ලං කරගත්ත maduranga001Most Senior MemberPosts:14123 03 Jul 2016 08:19 PM නොසලන්න කඳුලක් දෑසින් කියන ගීතය නම් ගොඩක්ම ජනප්‍රිය උනා කියන එකයි මගේ අදහස. ස්තූතියි මේ ආකාරයෙන් මෙතුමාගේ ගී නිර්මාණ ගැන මේ අයුරින් දැනුවත් කිරීමට. hasithadSuper Senior MemberPosts:5795 03 Jul 2016 08:24 AM යොහාන් අර්ජුනගේ ලස්සනම ගීත 5ක් තමයි මේ. isurusamSuper Senior MemberPosts:7342 03 Jul 2016 06:06 AM Posted By indika76 on 20 Jun 2016 09:23 AM මේ තියෙන්නේ සමන් පුෂ්පවර්ණ ගායනා කල විල්ලුද යහනක ලස්සන ඔබ සතපාලා (මල්කා) ගීතය http://www.mediafire.com/download/jbw5w3862cj6ct4/02_-Malka_-Saman_Pushpawarna.mp3 මේක අහලා බලන්න මුර පදය එවන්න . indika76Most Senior MemberPosts:10457 03 Jul 2016 05:54 AM 12. යොහාන් අර්ජුන ට නිර්මාණය කල ගීත තම ප්‍රථම ඇල්බමය වූ "සිත මා ලග නොවේ" කැසටයෙන් රසික සිත් දිනාගත් යොහාන් ඔහුගේ දෙවන ඇල්බමය වූ "නොසලන්න කඳුලක්" ඇල්බමයේ "නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ ...." ගීතයෙන් වඩාත් ජනප්‍රිය විය.. පසුව "නොසලන්න කඳුලක් 2 - ඔබ යන්න ඈතට" යනුවෙන්ද කැසට් පටයක් මෙන්ම නව රිද්මයෙන් සංයුක්ත තැටි දෙකක්ද ඉදිරිපත් කරන ලදී. අවුරුදු කිහිපයකට පෙර හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් ඔහුගේ මධුර ගායනය නිහඩ කරන ලදී.. මේ හේමසිරි හල්පිටයන් යොහාන් අර්ජුන ට පද රචනා කල ගීත කිහිපයක්... i. නොසැලෙන්න කඳුලක් දෑසින් ii. මා හද හඩනා iii. හිතන්න මට බෑ ඔබ කවුදැයි කියලා iv. සඳ පාන නැති රෑ යාමේ තනිපාළුවේ v. ඔබටයි මගෙ හිත දුන්නේ ඇයි ඔබ මා සැක කෙරුවේ sha733Super Senior MemberPosts:7332 23 Jun 2016 05:35 AM මේ තරම් සින්දු කරල තියෙනවද. තව කාට කාට කරල තියෙනවදකියල ඉන්දික අයියම මා දන්නේ hasithadSuper Senior MemberPosts:5795 21 Jun 2016 06:54 AM මෙයාගේ කැසට් එකක් තිබුනා... බලන්න ඕනා. indika76Most Senior MemberPosts:10457 20 Jun 2016 07:25 PM Posted By Ind007ka on 20 Jun 2016 06:14 PM මල්කා ගීතයෙ සන්ගීතය රුකාන්තගෙ නෙද ? ඔව් මචං... Ind007kaMost Senior MemberPosts:12931 20 Jun 2016 06:14 PM මල්කා ගීතයෙ සන්ගීතය රුකාන්තගෙ නෙද ? indika76Most Senior MemberPosts:10457 20 Jun 2016 09:23 AM මේ තියෙන්නේ සමන් පුෂ්පවර්ණ ගායනා කල විල්ලුද යහනක ලස්සන ඔබ සතපාලා (මල්කා) ගීතය http://www.mediafire.com/download/j...awarna.mp3 maduranga001Most Senior MemberPosts:14123 20 Jun 2016 08:52 AM හේමසිරි හල්පිට (11. සමන් පුෂ්පවර්ණ ට නිර්මාණය කල ගීත ) පුළුවන් නම් ඒ ගීත කිහිපය අහන්න දෙන්නකො. ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදියට දුන්නොත් තමයි වටින්නේ. කම්පියුටරේ තියෙන ප්ලේයර් එකෙන් අහන්න පුළුවන් නේ එතකොට. indika76Most Senior MemberPosts:10457 20 Jun 2016 08:17 AM 11. සමන් පුෂ්පවර්ණ ට නිර්මාණය කල ගීත තම ප්‍රථම ඇල්බමය වූ මල්කා කැසටයෙන් රසික සිත් දිනාගත් සමන් පුෂ්වර්ණ 90 දශකයේ ජනප්‍රිය චරිතයක් විය. "එනවා යනවා මේ පාරේ", "මල් සැණකෙලියේ" අාදී ගීත රූපවාහිනයේ පවා ප්‍රචාරය විය. තම දෙවන කැසට් පටය "ඩිලානියේ" නමින් නිකුත් කරන ලදී. ඩිලානි අබේවර්ධන හා විවාහ වූ ඔහු සංගීත ක්ෂේත්රයෙන් කෙමෙන් කෙමෙන් දුරස් විය. මේ හේමසිරි හල්පිටයන් සමන් පුෂ්පවර්ණ ට පද රචනා කල ගීත කිහිපයක්... i. විල්ලුද යහනක ලස්සන ඔබ සතපාලා (මල්කා) ii. මල් සැණකෙලියේදී හමුවීලා නිල් නෙතු විහිදාලා ඉගි පාලා iii. රෝස මල් කුමාරි සීන පෙම් කුමාරි iv. සෙනෙහේ කියාලා පෙරසේ බැදීලා සැනසෙන්න දෑතේ වෙලීලා v. මල්වැට ළගදී දෙදෙනා හමුවූ හිරු පෑයුව අරුණෝදේ sha733Super Senior MemberPosts:7332 18 Jun 2016 02:56 AM ඇත්ත තමා ඉසුරැ අයිය දාන හැම ඇල්බම් එකකම පිටුපස කවර් එකත් දෙන්න පුලුවන්නං හොදයි අයියේ maduranga001Most Senior MemberPosts:14123 17 Jun 2016 08:09 PM ඔව්. ඔව්. ඇහුවා මම. මේ සින්දු සෙට් එකෙන් ගොඩක් ඒවා මම අහල නම් නැහැ හැබැයි. 15 වෙනි ට්‍රැක් එක, ඔබේ රුව දකින තුරා කියන එක නම් අහලා තියෙනවා. හැබැයි බොහොම කාලෙකට කළින්. ඉසුරු පුළුවන් නම් මේ සීඩී එකේ බැක් කවර් එකත් දානවද? indika76Most Senior MemberPosts:10457 17 Jun 2016 05:41 PM මේ ගීත 5 ම "යටි සිතින් මම ආදරය සොයමි" ඇල්බමයේ තියෙනවා. ගංතීරේ සීතේ සැන්දෑෙවේ ගීතය එහි 16 වන (අවසාන) ගීතය.. මේක ඉසුරු මල්ලී අප්ලෝඩ් කරලා තිබුණා... maduranga001Most Senior MemberPosts:14123 17 Jun 2016 11:02 AM "ගංතීරේ සීතේ සැන්දෑවේ" සිංදුව තියෙන කෙනෙක් අහන්න දෙන්නකො. indika76Most Senior MemberPosts:10457 17 Jun 2016 09:36 AM 10. රුවනි දුනුවිල ට නිර්මාණය කල ගීත "ගංතීරේ සීතේ සැන්දෑවේ" ගීතයෙන් ජනප්‍රිය වූ ඇය කැසට් පට කිහිපයක් නිකුත් කලද එතරම් ජනතාව අතරට ගියේ නැත. තරංගා ලේබලයෙන් නිකුත් කරන ලද "යටි සිතින් මම ආදරය සොයමි" ඇල්බමයෙන් ඈ ජනතාව දිනා ගත්තීය. මේ හේමසිරි හල්පිටයන් ඇයට පද රචනා කල ගීත කිහිපයක්... i. ගංතීරේ සීතේ සැන්දෑවේ ii. මා ඔබේ රුවනී iii. පුරාණ කාලේ iv. සඳ කිරණේ දැවටී v. මේ දිවි ගමනේ ආලෝකය වී (අම්මා) sha733Super Senior MemberPosts:7332 16 Jun 2016 04:47 AM කොහෙම නමුත් නාමල් ජනප්‍රිය උනේ ඔහුගෙම ගීත වලින්නේ DanuLiyanageVeteran MemberPosts:3457 16 Jun 2016 12:05 AM ෆේස් බුක් එකෙන් නම් මාත් එක්ක චෑට් කරනව අයියෙ. Ind007kaMost Senior MemberPosts:12931 15 Jun 2016 06:32 PM දැණ් සනත් උඩුගම කො ?? maduranga001Most Senior MemberPosts:14123 15 Jun 2016 08:50 AM සනත් උඩුගම යම් ජනප්‍රියත්වයට පැමිණියාට පස්සේ ඔහු විදෙස් ගත වුනා. ඊට පස්සේ නාමල් ගීත ගයන්නට පටන් ගත්තේ. සනත් ආයෙත් ලංකාවට එනකොට ලංකාවේ තියෙන්නේ නාමල් උන්මාදයක්. සනත්ට තිබුනෙත් නාමල් හා සමාන කට හඬක් උනත් නාමල්ට අහලකින් වත් යන්න බැරි උනා. මේ නිසා විදෙස් ගතවී ලංකාවට පැමිණි පසු සනත්ට වේදිකාව අහිමි උනා කිව්වොත් නිවැරදියි. ඒ තැන ඕනෑවටත් වඩා නාමල් අත් පත් කරගෙන සිටි නිසා. indika76Most Senior MemberPosts:10457 15 Jun 2016 08:36 AM ඔව් මල්ලී කැසට දෙකයි කලේ.. "ගැලූ කදුළු" කැසටයේ "හද හඩවන්නෙපා සුදු කෙල්ලේ" ගීතය ඉතා ජනප්‍රිය වුනා... DanuLiyanageVeteran MemberPosts:3457 15 Jun 2016 07:43 AM ඔහු කෑසට් පට දෙකයි නේද කරේ ඉන්දික අයියෙ ගෑලු කදුලු සහ කදුලක පාවී. මට නම් හිතෙන්නේ නාමල් ම සින්දු කියනවා කියලා indika76Most Senior MemberPosts:10457 15 Jun 2016 06:23 AM 09. සනත් උඩුගමට නිර්මාණය කල ගීත නාමල් උඩුගමගේ සහෝදරයෙකු වන සනත් උඩුගම ගැලූ කදුළු යනුවෙන් සිය ප්‍රථම කැසට් පටය නිකුත් කරන ලදී. පසුව කදුලක පාවී කැසට් පටය නිකුත් කරන ලදී. මේ හේමසිරි හල්පිටයන් ඔහුට පද රචනා කල ගීත කිහිපයක්... i. අන්ධකාරයේ ජීවිතේ වේදනා ii. කදුළු දෑස සගවලා හිදින්නේ iii. මලණුවනේ හඩන දෙනෙත ඔබේ iv. නිල් තරු පායලා v. දෙනෙත ඔබේ maduranga001Most Senior MemberPosts:14123 15 Jun 2016 02:59 AM අතුලගේ පරණ ඒවයි අලුත් ඒවයි ඔක්කොම ලස්සනයි. මම කිව්වේ මේ සින්දු ගැන. DanuLiyanageVeteran MemberPosts:3457 15 Jun 2016 02:02 AM අතුලගෙ පරන සින්දු නම් ගොඩක් ලස්සනයි ඉට වඩා සමිත එ කාලෙ ලස්සන හුරුබුහුටි කෑල්ල indika76Most Senior MemberPosts:10457 15 Jun 2016 01:54 AM මේ තියෙන්නේ හල්පිටයන් අතුල අධිකාරිට නිර්මාණය කල ගීතයක්. මෑත කාලයේ එතරම් ජනප්‍රිය නොවුනත් සුන්දර ගීතයක්.. අහිංසකයි ඈ සොදුරුයි (සිතේ මලක් පීදෙනවා) Ind007kaMost Senior MemberPosts:12931 14 Jun 2016 09:11 PM අම්මපා උස්ස්සලා නෙන්නම් ...බලන්නකො කොලුවගෙ මුන දිහා .......... maduranga001Most Senior MemberPosts:14123 14 Jun 2016 09:09 PM ImalkaVeteran MemberPosts:4533 14 Jun 2016 09:00 PM Posted By Ind007ka on 14 Jun 2016 08:23 PM සමිතව ඉස්සුවා කියන එකනම් හිතන්නත් අමාරුයි ස්කන්ධ සංස්ථිති නියමය අනුකූලව උපකල්පනය කරලා බැලුවහම ඉස්සීමකට ලක් වෙලා ද කියලා කියන්න අමාරුයි නිසි පරිදි උසා බැලීමකින් තොරව maduranga001Most Senior MemberPosts:14123 14 Jun 2016 08:25 PM Posted By Ind007ka on 14 Jun 2016 08:23 PM සමිතව ඉස්සුවා කියන එකනම් හිතන්නත් අමාරුයි හිතන්න වෙනව. උස්සපු සලකුණු තියෙනව. Ind007kaMost Senior MemberPosts:12931 14 Jun 2016 08:23 PM සමිතව ඉස්සුවා කියන එකනම් හිතන්නත් අමාරුයි maduranga001Most Senior MemberPosts:14123 14 Jun 2016 08:14 PM Posted By Ind007ka on 14 Jun 2016 07:49 PM Posted By maduranga001 on 12 Jun 2016 07:11 PM අතුලගේ පැරණි ගීත වල තනු වල කොහොමත් අමුතු වෙනසක් මටත් දැනෙනනවා. හේමසිරි හල්පිට අතුල වෙනුවෙන් ලියල තියෙන්නේ ගීත මෙචරද? නැත්නම් තවත් තියෙනවද? මල්ලි අතුලට කැමතියි වගෙ ...මම නම් ආසා සමිතාට ජොන්ටත් මුළින්ම අතුලට කැමතියි වගේ පෙන්නලා රස්සා එහෙම දීල ලොකු පුටුවක තියල සමිතව ඉස්සුව. Ind007kaMost Senior MemberPosts:12931 14 Jun 2016 07:49 PM Posted By maduranga001 on 12 Jun 2016 07:11 PM අතුලගේ පැරණි ගීත වල තනු වල කොහොමත් අමුතු වෙනසක් මටත් දැනෙනනවා. හේමසිරි හල්පිට අතුල වෙනුවෙන් ලියල තියෙන්නේ ගීත මෙචරද? නැත්නම් තවත් තියෙනවද? මල්ලි අතුලට කැමතියි වගෙ ...මම නම් ආසා සමිතාට indika76Most Senior MemberPosts:10457 14 Jun 2016 07:17 PM Posted By sha733 on 14 Jun 2016 12:45 AM පුලුවන්නං අයියේ මේ සින්දුවලින් අපිට ඇහෙන්නෙ නැති අහල නැති වගේ සින්දුවක් අහන්නත් සලස්වන්න ඔයා දන්නවනේ ඒ පිලබද හොදට ඇහෙන ඒව මොනවද නැත්තෙ මෙනවද කියල සින්දුව ජනපිුයත්වය ගැන සැලකිල්ලක් දක්වන්න එපා එහෙම නොවුනට කමක් නැහැ හොඳ යෝජනාවක් ෂා මල්ලී... ගොඩක් ගීත අන්තර්ජාලයෙන් සොයාගන්න පුළුවන්.. අන්තර්ජාලයේ නැති ගීත මම ඉදිරිපත් කරන්නම්... indika76Most Senior MemberPosts:10457 14 Jun 2016 07:16 PM Posted By Rosi on 14 Jun 2016 03:33 PM මේ හැම එකක්ම වගේ ලස්සන ගීත ,,ස්තුති අයියා දැනුවත් කිරීමට . සින්දු වලට ආස අය ගොඩක් කැමති වෙයි රෝසි නංගී ඔයා සිංදු අහන්නෙම නැද්ද... මම දැකලා නෑ ඔයා කවදාවත් සිංදු ගන්නවා... RosiSuper Senior MemberPosts:5335 14 Jun 2016 03:33 PM මේ හැම එකක්ම වගේ ලස්සන ගීත ,,ස්තුති අයියා දැනුවත් කිරීමට . සින්දු වලට ආස අය ගොඩක් කැමති වෙයි sha733Super Senior MemberPosts:7332 14 Jun 2016 12:45 AM පුලුවන්නං අයියේ මේ සින්දුවලින් අපිට ඇහෙන්නෙ නැති අහල නැති වගේ සින්දුවක් අහන්නත් සලස්වන්න ඔයා දන්නවනේ ඒ පිලබද හොදට ඇහෙන ඒව මොනවද නැත්තෙ මෙනවද කියල සින්දුව ජනපිුයත්වය ගැන සැලකිල්ලක් දක්වන්න එපා එහෙම නොවුනට කමක් නැහැ indika76Most Senior MemberPosts:10457 12 Jun 2016 07:25 PM හල්පිට විසින් අතුලට නිර්මාණය කල ගීත 10 ක් විතර මා සතුව තියෙනවා.. ඒ වගේම තවත් තියෙන්නත් පුළුවන්... මම පෙන්වලා තියෙන්නේ වඩාත් ජනප්‍රිය වූ ගීත 5 ක් පමණයි. maduranga001Most Senior MemberPosts:14123 12 Jun 2016 07:11 PM අතුලගේ පැරණි ගීත වල තනු වල කොහොමත් අමුතු වෙනසක් මටත් දැනෙනනවා. හේමසිරි හල්පිට අතුල වෙනුවෙන් ලියල තියෙන්නේ ගීත මෙචරද? නැත්නම් තවත් තියෙනවද? hasithadSuper Senior MemberPosts:5795 12 Jun 2016 05:05 PM මමත් ඒ සින්දුවට මාර කැමතියි. sha733Super Senior MemberPosts:7332 12 Jun 2016 02:04 AM තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා මේ සින්දුවට ගොඩක් ආසයි බීට් එක ටිකක් හයියෙන් ගියත් සින්දුවේ අමුුතු ගතියක් තියෙනවා indika76Most Senior MemberPosts:10457 11 Jun 2016 08:27 AM 08. අතුල අධිකාරි ට නිර්මාණය කල ගීත සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ඕගන් වාදන ශිල්පියා ලෙස කටයුතු කල අතුල මුල් යුගයේදී නොනවතින ගී වලට දායකත්වය ලබාදුනි. ඉන් පසු "රන් පලසේ", "රොන් පොදක්", "සිහිනේ" යනුවෙන් කැසට් පට ඉදිරිපත් කරන ලදී. පසුව "සූර්ය නගරේ", "මධුර වසන්තේ", "සමනල හදවත" අාදී ලෙස සංයුක්ත කැටි කිහිපයක්ම නිකුත් කරන ලදී. මේ හේමසිරි හල්පිටයන් ඔහුට පද රචනා කල ගීත කිහිපයක්... i. ආදරේ හදේ රුවා (රූ සුරූපියන්) ii. මා දෑසේ ආදරේ හැගුම් ලියාතියා (පාරාදීසේ) iii. ඈත ලෝකයෙන් ගෙනා සිහිනයක් සුරංගනා iv. තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා v. අහිංසකයි ඈ සොදුරුයි (සිතේ මලක් පීදෙනවා) DanuLiyanageVeteran MemberPosts:3457 11 Jun 2016 05:45 AM attatama maduranga ayiya gaawa mama kiwa wage history ekak thiyenawa neda maduranga001Most Senior MemberPosts:14123 10 Jun 2016 10:51 PM ගෙට් එකේදී ගත්ත තීරණ ගැන හැම දෙයක් ගැන වගේම ඉන්දික76 අයිය දාල තියෙනවා මම දැක්ක. මම ඉහතින් කියපු කාරණාව නම් එදා ගේට් එකට ආපු කෙනෙක් කියාවි. වෙනත් මග හැරුණු කාරණා ඉදිරි ත්‍රෙඩ් වලදී දැනුවත් කරන්නම්. sha733Super Senior MemberPosts:7332 10 Jun 2016 10:47 PM හරි අයියේ අපි ඒ දේවල් ගැන දන්නෙ නැහැනේ ගෙට් එකේ ගත් තීරණ වලින් අපිව දැනුවත් කරන්නෙ නැදිද maduranga001Most Senior MemberPosts:14123 10 Jun 2016 10:27 PM මම ඇල්බම් දෙන්නේ නැහැ මල්ලි. ඒ ගැන මම ගෙට් එකේදී සඳහන් කරලා ඇති. (මේ සයිට් එකේ ඉදිරි පැවැත්ම සඳහා) ඔය ලින්ක් එකත් මම ටික දවසකින් අයින් කරනවා. ඇල්බම් හැර අනෙත් සෑම සියලු දෙයකින්ම සහයෝගය සෑම ත්‍රෙඩ් එකකටම ලබා දෙන්න මම සුදානම්. ඔය ඇල්බමයත් මම පරණ සයිට් එකේදී ලබා දුන් එකක්. sha733Super Senior MemberPosts:7332 10 Jun 2016 10:24 PM ඇයි අයියේ ඇල්බම එක මේ විදියට දුන්නේ අයියගෙත් ලස්සන ත්‍රෙඩ් එකක් ඇරල පිලිවෙලට දෙන්න එපැයි samanthaMost Senior MemberPosts:13194 10 Jun 2016 10:20 PM සඳ රේඛා හිනැහේවී කියන ගීතය මිලාන් සමඟ සංගීත් විජේසූරිය ගායනා කරනවා මම දැකලා තියෙනවා. ඒ 1996 දී පමණ maduranga001Most Senior MemberPosts:14123 10 Jun 2016 10:11 PM මෙන්න ඇල්බම් එකම. හැබැයි 192kbps. https://www.mediafire.com/?f41o9amls4kq6zt Ind007kaMost Senior MemberPosts:12931 10 Jun 2016 06:31 PM සඳරේඛා හිනහේවී මේ රෑ යාමේ තනිවීලා ඈත ඉමේ " මෙ සින්දුව ගන්න නැද්ද ? DanuLiyanageVeteran MemberPosts:3457 10 Jun 2016 12:53 PM මට පේන්නේ මදුරන්ග අයිය ගාවත් ඉතිහාසයක් තියෙනව වගෙයි maduranga001Most Senior MemberPosts:14123 10 Jun 2016 12:36 PM ඉන්දික76 අයිය කොහොමත් මෙතන ත්‍රෙඩ් පිළිවෙලටම කරන කෙනෙක් තමයි. වැදගත් දේවල් පිළිවෙලකට ඉදිරිපත් කිරීම හොඳින්ම කරගෙන යන කෙනෙක්. මගේ මතකේ හැටියට "පියඹා ලස්සන තැන් සොයා" ගීතය නිර්මාණය උනේ සිරියලතා කැසට් පටයට ගීතයක් අඩු වෙලා තියෙද්දී ඒ අඩුව පුරවන්න හේමසිරි හල්පිට මහතාට කෙරුණු ආරාධනාවක් අනුව. ඉතා කෙටි කාලයක් තුල ගීතය ලියා සංගීතය සපයලා ගායනා කරලා පටිගතත් කරලා. නමුත් ඒ ගීතය ගොඩක්ම ජනප්‍රිය උනා ඒ කැසට් පටයේ. ඒ කැසට් පටයේ තවත් බොහොමයක ගීත වල පද රචනය වුනේ ඔහු අතින්. DanuLiyanageVeteran MemberPosts:3457 10 Jun 2016 12:08 PM ඉන්දික අයිය වෑඩෙ ලස්ස්නටම කරගෙන යනවා නේද. indika76Most Senior MemberPosts:10457 10 Jun 2016 09:23 AM 07. මිලාන් රැද්රිගූ ට නිර්මාණය කල ගීත බ්ලූ ෂැඩෝස් සංගීත කණ්ඩායමේ වාදකයෙකු වන මිලාන් "සිරියලතා" යනුවෙන් සංගීත කණ්ඩායමෙන් නිකුත් කල කැසට් පටයට ගීත කිහිපයක්ම ගායනා කරන ලදී. පසුව "සෙනෙහේ මගේ" යනුවෙන් කැසට් පටයක්ද, එයම "සත්සර" යනුවෙන්ද නිකුත් කරන ලදී. ඔහුගේ "සඳරේඛා" ගීතය ගොඩක් ජනප්රියවිය.. මේ හේමසිරි හල්පිටයන් මිලාන් රැද්රිගූ ට පද රචනා කල ගීත කිහිපයක්... i. සඳරේඛා හිනහේවී මේ රෑ යාමේ තනිවීලා ඈත ඉමේ ii. පියඹා ලස්සන තැන් සොයා යනවා ගුම් ගුම් ගී ගයා iii. සොයා මා එනවා ඔබ යනවා මට පිටුපා iv. ලස්සන කෙල්ලො එන්න පෝලිමේ v. ඔබ මා රවටා පිටුපා මෙසේ මුලාකලා කියා indika76Most Senior MemberPosts:10457 10 Jun 2016 06:51 AM 06. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ට නිර්මාණය කල ගීත තරුණ සේවා සභාවෙන් බිහිවූ ච්න්ද්රසේන හෙට්ටිආරච්චි තවලම ගීතයෙන් ජනතාව අතර පැමිණුනි. සීත කදුයායේ, මල් රේණු, නිසල දෑසේ, සුසුමක් වුනේ ඇයි, සැනසුම් සුසුමන්, ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ වැනි කැසට් රාශියක් චන්ද්‍රසේනයන් නිකුත් කරන ලදී. ඒ වගේම විවිධ පදරචකයන්ගේ නිර්මාණ එකතුවන්ට ගායනයෙන් දායකත්වය ලබාදුනි. ගායනය, පද රචනය මෙන්ම සංගීතයටත් එකසේ දක්ෂතා පෙන්වූ ගායකයෙකි. මේ හේමසිරි හල්පිටයන් චන්ද්‍රසේන හෙට්ටිඅාරච්චි ට පද රචනා කල ගීත කිහිපයකි ... i. මල් වයසේ මගෙ නංගෝ පෙම් බැඳුනේ ඇයි නංගෝ ii. දෙදෙනෙකු අතරේ තිබෙනා සෙනෙහේ තුන් වෙනියකු හට දෙන්න එපා iii. අම්මේ ඔබේ කරුණාගුණේ නොනිවී තිබේ සෑමදා iv. ඈත නිල් ගුවන් ගැබේ සීත මල් පවන් රොදේ v. සිහිලැති රෑ සඳ පානේ මේ කුටියේ තනිවුණු මා indika76Most Senior MemberPosts:10457 10 Jun 2016 06:16 AM 05. යොමාල් සංජීව ට නිර්මාණය කල ගීත "මධු බදුනේ" යනුවෙන් කැසට් පටයක් නිකුත් කල යොමාල් සංජීව වඩාත් ජනප්‍රිය වුනේ පැතුම් සුන්වී ගීතයෙන්.. මෙම ජනප්රියතාවයන්ගේ අර්නි පීරිස් සංගීතය ගොඩක් බලපෑවා.. මේ හේමසිරි හල්පිටයන් යොමල් සංජීවට පද රචනා කල ගීත කිහිපයක්... i. මධු බදුනේ මධු පුරවා ii. පැතුම් සුන්වී බිදී වැටුනේ මෙසේ ඇයිදෝ iii. සුවඳ රෝස මලක්දෝ ඔයා iv. දෙනුවන් සලා ආරාධනා පෙම් කල්පනා මට පවසලා v. රෑ සිහිනේ හිනහෙන්නෙ ඔබද hasithadSuper Senior MemberPosts:5795 09 Jun 2016 08:59 AM ඒක හරි.සින්දු ඇහව්වට පද රචකයා සහ සංගීතඥයා අපි හුගක් වෙලාවට දන්නේ නෑ. sha733Super Senior MemberPosts:7332 09 Jun 2016 04:53 AM පද රචකයාට පොඩි හෝ තැනක් තිබුණත් සංගීතඥයා පිලිබද කථාවක් ඇත්තෙම නැහැ isurusamSuper Senior MemberPosts:7342 08 Jun 2016 07:53 PM Posted By indika76 on 08 Jun 2016 07:35 PM ගීතයේදී ජනප්‍රිය වෙන්නේ ගායකයා විතරයි.. පද රචකයා සහ සංගීතඥයා පිළිබද කියවෙනවා අඩුයි... සහතික ඇත්ත කථාව . indika76Most Senior MemberPosts:10457 08 Jun 2016 07:35 PM ගීතයේදී ජනප්‍රිය වෙන්නේ ගායකයා විතරයි.. පද රචකයා සහ සංගීතඥයා පිළිබද කියවෙනවා අඩුයි... Ind007kaMost Senior MemberPosts:12931 08 Jun 2016 06:24 PM බලන් ගියහම ඔක්කොම ජනප්‍රිය ගීතනෙ DanuLiyanageVeteran MemberPosts:3457 08 Jun 2016 11:40 AM ඒ වෑඩෙ ඉස්සරහට අපි කරමු අයියේ maduranga001Most Senior MemberPosts:14123 08 Jun 2016 11:36 AM හේමසිරි හල්පිට කියන්නෙ දක්ෂ නිවේදකයෙක් කියලත් මේ මොහොතේ කියන්න ඕන. ඉතින් පුළුවන් කෙනෙක් මේ ගීතත් මේ සමගම අහන්න සලස්වනවා නම් හොඳයි කියල මට හිතෙන්නෙ. ඒ ගීත මොනවද කියල indika76 අයිය දැනුවත් කරන අතරතුරේ. indika76Most Senior MemberPosts:10457 08 Jun 2016 11:30 AM 04. සංජීවනී වීරසිංහ ට නිර්මාණය කල ගීත "ලස්සන මගෙ හිත", "ආදරේ වේදනා" ආදී වශයෙන් කැසට් නිකුත් කරනු ලැබුවා. ඇය බහුලව ඉදිරිපත් කලේ පිළිතුරු ගීත ඇතුලත් කැසට් පට මේ හේමසිරි හල්පිටයන් ඇයට පද රචනා කල ගීත කිහිපයක්... i. ලස්සන මගෙ හිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි ii. සිහිනෙන් රැයේ මට ලංවෙලා iii. අහිංසකව මා දිහා බලා iv. සෙනෙහස පුදසුන v. මල් වසන්තයේ පැතුම් මවාලා indika76Most Senior MemberPosts:10457 08 Jun 2016 11:10 AM 03. ග්‍රේෂන් ජයමහ ට නිර්මාණය කල ගීත "සුදු මීදුම" කැසට් පටයෙන් ගීත ලොවට පිවිසි ග්‍රේෂන් ජයමහ "සුදු මිදුම", "පිනි සිසිල", "මන බන්දනා" ආදී වශයෙන් කැසට් නිකුත් කරනු ලැබුවා. මේ හේමසිරි හල්පිටයන් ඔහුට පද රචනා කල ගීත කිහිපයක්... i. ආසිරි පැතුම් මතුවුනා ආශා හැගුම් පිබිදුනා ii. ගීතේ ලියා මේ වේදනා (අනුෂා) iii. මල් වසන්තේ දවසක හමුවූ සොදුරු මල් මතකේ iv. මා දිහා හොරෙන් බලන්නෙ ජීවිතේ පැතුම් කියන්නදෝ v. තරු මුතු සමවන නෙතු සඟලයි DanuLiyanageVeteran MemberPosts:3457 08 Jun 2016 11:09 AM අපි ගාවත් කෑසට් එක තිබුනට අපි බලන්නෙ නෑහෑ නේ කව්ද සින්දුව ලිව්වෙ කියලා. ඔයා මෙව දාන නිස තමා මෙහෙම හරි විස්තරයක් දෑනගන්නෙ අයියෙ indika76Most Senior MemberPosts:10457 08 Jun 2016 10:57 AM 02. මධුමාධව අරවින්දට නිර්මාණය කල ගීත "සිත්" කැසට් පටයෙන් ගීත ලොවට පිවිසි මධුමාධව "සිත්", "සරාගී", "ලඹ සවන්" ආදී වශයෙන් කැසට් නිකුත් කරනු ලැබුවා. මධුමාධව ක්ෂේත්රයේ දිදුලවූ "සිත්" ගීතයත් හල්පිටගේ නිර්මාණයක් මේ හේමසිරි හල්පිටයන් ඔහුට පද රචනා කල ගීත කිහිපයක්... i. සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ ii. සඳ නැති රාත්‍රියේ නිසංසලේ පාළුවේ iii. මේ වියෝලේ මිහිරි නාදේ iv. මා සොයන කුමරිය ඈ .. නෑ තවම මුණගැසිලා v. වාසනා පහන්නිවා දමා පාළුවේ මගේ පැතුම් හොවා DanuLiyanageVeteran MemberPosts:3457 07 Jun 2016 12:07 PM මට පහුගිය දවසක ඉන්දික76 අයිය සමග කත බහ කරනකොට මට ගොඩක්ම තෙරුන ඔහු ඉතාමත් කෑමති ගීත රචකයෙක් තමයි හේමසිරි හල්පිට මහත්මයා. අ ගෑන මෙ පොස්ටුව මගිනුත් තෙරෙනවා, තව මෙ වගෙ කලාකරුවන් ගෑන විස්තර ටිකක් අපට දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව අයියෙ sha733Super Senior MemberPosts:7332 07 Jun 2016 03:57 AM සංගීතය පැත්තෙන් දැනගන්න ලැබෙන සවිස්තරයන් පිලිබද වැඩි ඇල්මක් දක්වනව ඉතින් මේ තොරතුරැ වලටත් බොහොම ස්තූතියි maduranga001Most Senior MemberPosts:14123 07 Jun 2016 01:51 AM නියමයි ඉන්දික අයියෙ. අපි හැමෝටම දනුවත් වෙන්න පුළුවන් වැදගත් මේ දේවල් තමයි අපට වැඩියෙන්ම ඕන කරන්නෙ. හේමසිරි හල්පිට කියන්නේ ගීත රාචනා විතරක් නෙවෙයි. සමහර වැඩසටහන් වල පිටපත් පවා ලියපු පිටපත් රචකයෙක්. DushanVeteran MemberPosts:2536 06 Jun 2016 03:06 AM Posted By samantha on 05 Jun 2016 08:30 AM ස්තුති අයියේ මොහු විසින් ලියපු ගීත බොහොමයි ඒ වගේම ජනප්‍රියත් උන ඒවානේ indika76Most Senior MemberPosts:10457 05 Jun 2016 10:29 PM Posted By isurusam on 05 Jun 2016 09:40 PM දිගටම මේ ට්‍රේඩ් එක පවත්වාගෙන යන්න .ගොඩක් වැදගත් දේවල අපිට දැනගන්න පුලුවන් වෙයි මේ මගින් . මගේ බලාපොරොත්තුව ඒක තමයි මල්ලී.. මා සතුව හේමසිරි හල්පිට විසින් රචිත ගීත 4000 කට අධික ප්‍රමාණයක් තියෙනවා. (ඔහු ගීත 6000 කට අධික ප්‍රමාණයක් ලියා තිබෙනවා) isurusamSuper Senior MemberPosts:7342 05 Jun 2016 09:40 PM දිගටම මේ ට්‍රේඩ් එක පවත්වාගෙන යන්න .ගොඩක් වැදගත් දේවල අපිට දැනගන්න පුලුවන් වෙයි මේ මගින් . samanthaMost Senior MemberPosts:13194 05 Jun 2016 09:02 PM ඇයි නිහාල් නෙල්සන් ගෙ ගීත.. Ind007kaMost Senior MemberPosts:12931 05 Jun 2016 06:40 PM ජිප්සීස් ගායක කන්ඩායම ගැයුව ජනප්‍රිය ගීත බොහො ගනනකුත් මොහුගෙ රචනා නෙද ? samanthaMost Senior MemberPosts:13194 05 Jun 2016 08:30 AM hasithadSuper Senior MemberPosts:5795 05 Jun 2016 07:58 AM කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නෑ මෙතුමා රචනා කරපුවා. ඒ වගේ ගී පදවැල් අද හැදෙන්නේ නැති තරම්.මේ වගේ ගීත ගොන්නකින් අපි අහලා ඇත්තේ කීයෙන් කීයද... samanthaMost Senior MemberPosts:13194 04 Jun 2016 09:27 PM මේ තියෙන්නේ බොරැල්ල කනත්තේ එතුමාගේ සමරු සිහිවටනය. samanthaMost Senior MemberPosts:13194 04 Jun 2016 09:24 PM බොහොමත්ම ස්තූතියි මල්ලී මේ වටිනා තොරතුරු මඟින් එතුමා නැවත සිහිපත් කිරීම පිළිබඳව. indika76Most Senior MemberPosts:10457 04 Jun 2016 09:19 PM 01. නාමල් උඩුගමට නිර්මාණය කල ගීත සමුගන්නේ නෑ කැසට් පටයෙන් ගීත ලොවට පිවිසි නාමල් උඩුගම සමුගන්නේ නෑ, තනිවී, වේදනා, හදවත මාගේ, සමුගෙන යාදේ, සුදුමල් සුගන්ධිනි යනුවෙන් කැසට් පට පෙලක්ම නිකුත් කරනු ලැබුවා. මේ හේමසිරි හල්පිටයන් ඔහුට පද රචනා කල ගීත කිහිපයක්... i. නිසල වෙලා හද - නොසැලේ හසරැල් ආදර රතදර යුගෙන් ඔබේ සසලව යයි සිත - මැලවුණ ඔබේ වත දෝවමි කදුලැල්ලකින් මගේ ඔබ නැතිදා මේ ලොකේ - තනිවේ මා දැවෙන සිතින් ii. වේදනා දෙන්නේ නෑ ඔබ හැර මා යන්නේ නෑ පාළුවේ ඔබ රදවා iii. ඔබේ ලොවේ අද මා රැඳිලා බලා හිඳී සැනසුම පතලා සෙනේහයේ සිහිලැල් සොයලා iv. සිහිනෙන් සිහිනෙන් මා හඩවනවා සැබෑ ලොවේදී ඔබ මා - නෑ මුණ ගැසිලා නෑ හමුවීලා v. තනිවුනදා වෙරළේ ඔබ හා මා ඔබ හැඩුවා ළමැදේ හිස සතපා ඒ දිනයේ මා අමතා - ඔබ කියු දේ සිහිනෙන් මට ඇසුණා indika76Most Senior MemberPosts:10457 04 Jun 2016 09:17 PM හේමසිරි හල්පිට ඒ 1994 වර්ෂයයි. එතකොට මට අවුරුදු 18 යි. ඒ කාලය තමයි මාගේ සුන්දර යොවුන් අවධිය. ආදර ගීත වගේම විරහ ගීත අසන යුගය. ඒ කාලයේ ජනප්‍රිය ගායකයන් වූයේ නාමල්, රූකාන්ත, ග්‍රේෂන්, ප්‍රින්ස්, ආත්මා ආදීන්. බස් ගාස්තු හා අපට පන්ති යාමට දෙන මුදල් ඉතිරි කරමින් මෙන්ම දිවා ආහාරය සඳහා ගෙදරින් ලබාදෙන මුදල් දිවා ආහාරය නොකා ඉතිරි කර ගනිමින් කැසට් පට මිලදී ගත්තා. ගීත අසද්දී මුලදී සංගීතයට හිත ගියත් ටික දිනක් යනවිට පදවැල් කෙරෙහි අවධානය යොමුවූවා. ඒ යුගයේ පදරචකයන් අතරින් ඉහලම තලයේ සිටියේ හේමසිරි හල්පිටයන්. ඊට පසුව ලලිත් වසන්ත, නිහාල් ගම්හේවා, රූකාන්ත, කුමාරසිරි වැන්නවුන් සිටියා. (මා පවසන්නේ සුභාවිත ගීතයන් පිළිබඳව නොව) හේමසිරි නාමල්ට ලියාදුන් “වේදනා දෙන්නේ නෑ”, “නිසල වෙලා හද” මෙන්ම ග්‍රේෂන්ට ලියාදුන් “ආසිරි පැතුම්”, අතුල අධිකාරීට ලියාදුන් “තරහෙන් අහක බලා” වැනි ගීත අපව කුල්මත් කලා. ඒ අනුව එතුමාව හමුවීමට මට ආසාවක් ඇතිවුනා. මට ඔහුව හමුවන්නේ 1994 වර්ෂයේදී ගාල්ලේ පැවති සංගීත සංදර්ශනයකදී. එතුමා හරිම සුහදශීලී පුද්ගලයෙක්. එතුමා ගැන කතාකරන්න බොහෝ දේවල් තියෙනවා. 70 දශකයේ ගීත ලොවට පිවිසි මෙතුමා අවුරුදු 32 ක පමණ කාලයේදී ගීත 6000 කට අධික ප්‍රමාණයක් ලියා තිබෙනවා. ඒ ගායක ගායිකාවන් 300 කට අධික සංඛ්‍යාවට. අද දින වට විටත් දවසේ එක් වරක් හෝ එතුමා පද රචනා කල ගීතයක් ඇසෙනවා. 2006 වර්ෂයේ අප්‍රේල් මස 28 දින හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් මේ අගනා මිනිසාගේ පන්හිද නිහඩ කරනු ලැබූවා. indika76Most Senior MemberPosts:10457 04 Jun 2016 09:14 PM හේමසිරි හල්පිට 01. නාමල් උඩුගම ට නිර්මාණය කල ගීත 02. මධුමාධව අරවින්ද ට නිර්මාණය කල ගීත 03. ග්‍රේෂන් ජයමහ ට නිර්මාණය කල ගීත 04. සංජීවනී විරසිංහ ට නිර්මාණය කල ගීත 05. යොමාල් සංජීව ට නිර්මාණය කල ගීත 06. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ට නිර්මාණය කල ගීත 07. මිලාන් රැද්රිගූ ට නිර්මාණය කල ගීත 08. අතුල අධිකාරි ට නිර්මාණය කල ගීත 09. සනත් උඩුගම ට නිර්මාණය කල ගීත 10. රුවනි දුනුවිල ට නිර්මාණය කල ගීත 11. සමන් පුෂ්පවර්ණ ට නිර්මාණය කල ගීත 12. යොහාන් අර්ජුන ට නිර්මාණය කල ගීත