You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Nov 2018 10:31 AM by  Dileeka Madushani
NO MORE LOVE____ නෑ තවත් ආදරේ ..
 107 Replies
Sort:
Page 1 of 612345 > >>
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 May 2016 11:21 PM
  •  Quote
  •  Reply

____ NO MORE LOVE____


      නෑ තවත් ආදරේ ..... 


1 කොටස


~~ ඔය දගකාර ඇස් කවදාක හෝ
මගේම වෙනවා නම් ~~


ලස්සනම ලස්සනට දිලිසෙන නිල් පාට හුරුබුහුටි ඇස් දෙක, ඒ හිනාව වගේම ඒ දගකාරකමත් එක්ක සංසාරේ ගොඩක් හුරු පුරුදු බවක් දැනුණු මගේ ඇස් එයාගේ ළගම නතර වුණා . මගේ හිත එයා ගැනම විතරක් හිතන්න පටන් අරන්.

මෙච්චර කාලෙකට කිසිම ගැහැණු ළමයෙක් ගැන මේ තරම් හැගීමක් දැනීමක් මට නම් ඇති වෙලාම නෑ , සත්තයි ...

මම සාමාන්‍ය පෙළ විභාහගයට සුදානම් වෙන අවුරුද්ද . ඒ 2007 වර්ෂය. අපේ පන්ති කාමරය තිබුණු ගොඩනැගිල්ලට පහළින් පිහිටා තිබුණු ගොඩනැගිල්ල උසස්පෙළ වාණිජ අංශයයි.

වෙනදා නම් පාසල් ආරම්භ වීමට නියමිත සීනුව නාද වෙන්න ඔන්න මෙන්න තියෙද්දියි මම හති දාගෙන පාසලට දුවන්නේ , දැන් වෙනදාටත් වඩා උදෑසනින්ම මම පාසල් යනවා,
එයා පාසල් ශිෂ්‍ය නායිකාවක් නිසාවෙන් උදෑසනින්ම පාසලට එනවා , ඒ නිසාමයි මම පාන්දරින්ම පාසල් ගියේ .
මගේ හිත හොරකම් කර ගත්තු ඒ ඇස් මට මොහොතක්වත් නොදැක ඉන්න පුළුවන්කමක් තිබුණේම නෑ .

එත් පොඩි ප්‍රශ්නයක් මගේ හිතට වද දෙමින් තිබුණා .
එයා අක්කා කෙනෙක්.. කොහොමද මගේ හිතේ තියෙන දේ මම එයාට කියන්නේ ...

''ආදරේට වයස බාධාවක් නොවුණත් එයා මම ගැන නොහිතාවිද ?

මාව ප්‍රතික්ෂේප කරාවිද ?

මගේ යාළුවො මට නොන්ඩි කරාවිද ?''

දාහකුත් ප්‍රශ්න මගේ හිතට වද දෙන්න ගත්තා ...

එත් මගේ එකම බලාපොරොත්තුව වුණේ එයාව මගේම කර ගන්නයි...


- ආයෙත් ආදරයෙන් හමුවෙමු -

 

1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 May 2016 11:52 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩි ස්ටන් එකට තවත් අළුත් කතාවක් ගෙනැල්ල. නියමයිනේ. මේ කතාවත් දිගටම ස්ටන් එකේ ගලාගෙන යාවි කියල හිතනවා. පොඩ්ඩි ඉතින් කතාවටත් කතා ගොතන්නත් දක්ෂය නේ. ස්තුතියි ඔබට.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
10 May 2016 12:13 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 09 May 2016 11:52 PM
පොඩ්ඩි ස්ටන් එකට තවත් අළුත් කතාවක් ගෙනැල්ල. නියමයිනේ. මේ කතාවත් දිගටම ස්ටන් එකේ ගලාගෙන යාවි කියල හිතනවා. පොඩ්ඩි ඉතින් කතාවටත් කතා ගොතන්නත් දක්ෂය නේ. ස්තුතියි ඔබට.

ආ මේ තියෙන්නේ කතාව...

ස්තුතියි මධුරංග අයියේ ...
අගය කිරීම මට ශක්තියක්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 May 2016 01:06 AM
  •  Quote
  •  Reply
අනේ මන්දා මට මෙක කියවලා නිකන් කුචි වගෙ ..........
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 May 2016 04:00 AM
  •  Quote
  •  Reply
ආයෙත් එකක් පටන් ගත්තැයි. මරැ ඔන්න බලන්න මමත් සෙට් උනා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 May 2016 08:22 AM
  •  Quote
  •  Reply
තවත් ආදර කතාවක් වගේ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 May 2016 09:46 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩීගේ ඊලඟ ආදර කථාවත් පටන් අරගෙන තියෙන්නේ.. ඔන්න ඉතිරි කොටස් අපි බලාගෙන ඉන්නේ.. බොහොමත්ම ස්තූතියි..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 May 2016 10:06 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි නගේ ස්තුති ඔයාගේ අලුත් ලස්සන කතාවේ පළමු කොටසට... ආදරණියයි .

මේ නගෝ මේ අක්කා වයස කීයකින්ද වැඩිමල්
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 May 2016 10:07 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 10 May 2016 01:06 AM
අනේ මන්දා මට මෙක කියවලා නිකන් කුචි වගෙ ..........


අයියේ ඒ කාලේ තිබ්බ ලෙඩක් වත් ද ආයෙම කතාව නිසා හැදුනේ 
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 May 2016 11:04 AM
  •  Quote
  •  Reply
ආදර කථාවක් මරු ..............

නෑ තවත් ආදරේ .....(මරු නමත් )
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 May 2016 06:19 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 10 May 2016 10:07 AM
Posted By Ind007ka on 10 May 2016 01:06 AM
අනේ මන්දා මට මෙක කියවලා නිකන් කුචි වගෙ ..........


අයියේ ඒ කාලේ තිබ්බ ලෙඩක් වත් ද ආයෙම කතාව නිසා හැදුනේ 


0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
10 May 2016 07:58 PM
  •  Quote
  •  Reply
sthuthiyi hamotama
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 May 2016 08:17 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 10 May 2016 10:06 AM
පොඩ්ඩි නගේ ස්තුති ඔයාගේ අලුත් ලස්සන කතාවේ පළමු කොටසට... ආදරණියයි .

මේ නගෝ මේ අක්කා වයස කීයකින්ද වැඩිමල්

Awuruddak Withara wage awuruddakma nha masa 11 wage
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 May 2016 08:24 PM
  •  Quote
  •  Reply
වාව් වාව් ..නියමයි පොඩ්ඩි ...ඔන්න මාත් සෙට් වෙනව මේක මුල ඉදන්ම බලන්න ....
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 May 2016 08:26 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 10 May 2016 10:06 AM
පොඩ්ඩි නගේ ස්තුති ඔයාගේ අලුත් ලස්සන කතාවේ පළමු කොටසට... ආදරණියයි .

මේ නගෝ මේ අක්කා වයස කීයකින්ද වැඩිමල්
මන් හිතන්නෙ කොල්ල O /L  , 
අක්ක A /L  1ස්ට් අවුරුද්ද වගේ වෙයි 

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
10 May 2016 10:42 PM
  •  Quote
  •  Reply
Posted By kingD on 10 May 2016 08:26 PM
Posted By Rosi on 10 May 2016 10:06 AM
පොඩ්ඩි නගේ ස්තුති ඔයාගේ අලුත් ලස්සන කතාවේ පළමු කොටසට... ආදරණියයි .

මේ නගෝ මේ අක්කා වයස කීයකින්ද වැඩිමල්
මන් හිතන්නෙ කොල්ල O /L  , 
අක්ක A /L  1ස්ට් අවුරුද්ද වගේ වෙයි 

hehe ow .. ow

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
10 May 2016 11:07 PM
  •  Quote
  •  Reply
 ____ NO MORE LOVE____

නෑ තවත් ආදරේ .....

 

2 කොටස


~~ ඔය දගකාර ඇස් කවදාක හෝ
මගේම වෙනවා නම් ~~


අපේ පාසල පළාතෙන්ම ළමයි වැඩිම පාසල වූ නිසාවෙන් හදුනන ළමුන්ට වඩා නොහදුනන ළමුන් පිරිස වැඩිය... මා පාසලේ 11 අවුරුද්දක් ගත කලද ඇය එතරම් කලින් දැක තිබුණු බවක් මතක නැත . නමුත් ඇය අහම්බෙන් හෝ මගේ නෙත ගැටුණු ඒ මොහොත සංසාරගත හුරු පුරුදු බවක් නොදැණුනා නෙවෙයි.

පාසල අවසන් වුණහම මම තනියම එයාට නොපෙනෙන්න එයාගේ පස්සෙන් ගොඩක් දවස් වලට ගියා .හැබැයි එකම එක යාලුවෙක්ටවත් මේ ගැන මම කිවේ නෑ තාම .මගේ හිතේ ලැගුම් ගත්තු ඒ සුරංගනාවිය ගැන කාටත් රහසේම විස්තර හොයන්න පටන් ගත්තා .

එයාගේ නම සිතුමි නිම්සරා . පාසල ටික දුරක් යද්දී පන්සල හම්බෙනවා. එතනින් හැරෙන්න තියෙන පටුමගේ එයාගේ ගෙවල් තිබුණේ . ඒ අපේ ගෙවල් වලට යන පාරට ටිකක් මෙහාට වෙන්නටයි . බසයෙන්ද ගිය හැකි වූවද පාසලට ඒ හැටි දුරක් නොවූ නිසාවෙන් බොහෝ වෙලාවට ඇය පාසල් ආවේ ගියේ පයින් .


එයාව මතකෙට එන හැම මොහොතකම, එයාව දකින හැම මොහොතෙම මට මහත් වූ සතුටක් ඇති වුණා . උදෑසනින් පාසල් යන මම සීනුව නාද වන තෙක්ම ඇය යන පසු පසුම ඇයට නොදැනෙන සේ මාත් ඇදුණෙමි .



හදිසියේම වගේ ඒ දගකාර වූ නිල් පාට ඇස් දෙකත් මගේ ඇස් ළග නතර වුණා .




'' ගූඩ් මෝ(ර්)නි....න් ..අ...ක්කේ .''

මම සිනහවක් රදවගෙන ඇයට කියා සිටියෙමි.

''ගූඩ් මෝ(ර්)නි....න් ම...ල්..ලි.....යෝ''



ඒ රුව වගේම, ඒ කට හඩත් බොහොම ආදරණීය බවක් දැක්වුවා .



'' මල්ලි ඔයා මොන ක්ලාස් එකේද ?...

ම..ම ඔයාව දැකලා තියෙනවා, හවසට ස්කොලේ ඇරිලා යද්....දී ..''




මම හිතුවටත් වඩා ඇය බොහොම අහිංසක තැනැත්තියක් වීම මගේ හිතට මහත් වූ සතුටක් ගෙන දෙන්නට විණි.



''මම 11 - D එකේ අක්කි..යෝ ...

ඔ...ව් ඔ..ව් , අක්කි....යෝ, මම ඔයාලගේ ගෙවල් වලට ටිකක් එහාට වෙන්නට ඉන්....නේ. අල්ලපු ගමේ ''




මම ඇයට '' අක්කා '' යැයි පැවසීමට තරමක් අකමැත්තක් දැක වූ නමුදු, එසේ හෝ ඇයව ඇමතීමට ලැබීම මගේ පිනක් යැයි සිතුවෙමි .



'' මේ පාර O/L නේද චුටි බබා , ''



'' ඔව් අක්කි..යෝ '' මගේ දෑස් ඇයගේ දෑස් වලින් අසිල්ලකටවත් ඉවතට නොගෙනම මම ඇයට පිළිතුරු දුන්නෙමි

.

''තව ටිකකින් prefect meeting එකක් තියෙනවා. ඒකට යන්න ඕනි . ''

''එහෙමද අක්කියෝ ... හා එහෙනම් යන්න.....කෝ .. මමත් දැන් ක්ලාස් එකට යන්න ඕනි .''

''හා .. බ....බෝ එහෙනම් මම යනවා . ''



ඇය හා තව මොහොතක් හෝ රැදී ඉන්නට තිබුණා නම් .. යැයි මගේ සිත දුකින් තැවුනි .

මම පංති කාමරය වෙත ඇදුණේ ප්‍රබෝධමත් වූ සිතකින් යුතුවය .

පාසල ආරම්භ වීමට සීනුව නාද වූ නිසාවෙන් සියල්ලෝම නැගී සිටියේ පන්සිල් ගැනීම සදහායි.

ශබ්ධ විකාශන යන්ත්‍රය මගින් මුළු පාසලටම පටිගත කරන ලද පන්සිල් ,ගාථා හා විනාඩි කීපයක වූ භාවනාවකි...

හඩ පටයේ අනුව මම ද දෙතොල් මිමිණුවෙමි .

ශබ්ධ විකාශනය මගින් පතුරුවා හැරපු උදෑසන වැඩසටහන් අවසන් වූ හෙයින් මම යලිත් පුටුම මතින් වාඩි වුණෙමි .
හැමදාමත් වගේ පහලින් වූ ගොඩනැගිල්ලේ සුපුරුදු වූ පංති කාමරය දිහාවට මගේ ඇස් දිව ගියද ඇය එහි දක්නට නොලැඹීම නිසා පුංචි තනිකමක් ද නොදැණුනාම නෙවෙයි.

එක පාරටම පුටුවල ශබ්ධය ඇසුණු නිසාවෙන් මම තිගැස්සුණෙමි. ඒ වන විටත් සියල්ල නැගී සිට ඇත්තේ පංතිභාර සර් පැමිණ ඇති නිසාවෙනි.

ඔහු බොහෝ සැර පුද්ගලයෙක් වූයේ ය. ඒ ළමයින් නිසි ලෙස පාලනය කිරීමට වූවත් ඔහු ඇතුවටත් වඩා සැර පරුෂ බවක් දැක්වීම නිසා ළමයින් ඔහු දුටු විටත් බියෙන් ගල් ගැසෙති.



'' සතිජ ගිම්හාන ''



මම වාඩි වී සිටි පුටුව එහා මෙහා කර නැගී සිටින්නට හදන විටත් ඔහු මගේ ප්‍රමාදය දැක මගේ මුළු නමම මහත් වූ හඩින් කියා සිටියේ ය .



'' ස....ර් ''

'' මොන ලෝකෙද ඉන්නේ ''



සර් උස් වූ හඩකින් කෑ ගසමින්ම මා වෙත පැමිණියේ ය .



'' අනිත් ළමයි වාඩි වෙනවා ..''



මා දෙසට ඇස් යොමාගෙන තවමත් සිටගෙන අනික් යෙහෙළියන් ට සර් අණ කරන ලදී ...




'' එස්කියුස් මී සර් ..''




මගේ වාසනාවකට මෙන් සර්ව මුණ ගැහෙන්න පොඩි පන්තියක ළමයෙක් ඇවිත් ...



'' ඇයි දරුවෝ ...''

කියමින් සර් මා වෙතින් ඉවත්ව අර දරුවා දෙසට යොමු විණි .

'' සර් ට ප්‍රින්සිපල් සර් එන්න කිවා ..''

'' හරි ඔය ළමයා යන්න .. මම ගිහින් ප්‍රින්සිපල්ව මුණ ගැහෙන්නම්'' .



මම තාමත් හිටගෙනමය .



''
සතිජ වාඩි වෙන්න අනිත් පන්තිවලට කරදරයක් නැති විදිහට ශබ්ධ නොකර .''



මම හිමින් සීරුවේ වාඩි වුණෙමි .


'' ඊයේ කරන්න දීපු පැවරුම අරගෙන යාළුවන්ගේ උත්තරත් එක්ක චෙක් කරලා බලන්න මම එනකම්...''

කියමින් සර් පන්තියෙන් පිටව ගියේය ...

දැඩි නිහඩතාවයකින් පැවති පන්තිය නැවතත් ඝෝෂාකාරි වන්නට විය .


මම ආසම විෂය ''ගණිතය'' . සිසුන්ට වඩා මම ගණිත විෂය සදහා හැම වාර විභාගයකදීම ලකුණු ලබා ගත්තෙමි.

පෙර දින දීපු පැවරුම නිසි ලෙස නිමා කර සිටි මම පොත බෑගයෙන් එළියට ගත්තෙමි.



''සති ...යෝ උ...බේ පොත දියන්කෝ ....''



මම පොත දෙන්නටත් පෙරම නුවන්දික මගේ පොත උදුරා ගත්තේය .


යළිත් මා ඇගෙත් ,මගෙත් සිතිවිලි සමුදායක් අතර නතර වුණෙමි .



- ආයෙත් ආදරයෙන් හමුවෙමු -

.







1

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 May 2016 11:20 PM
  •  Quote
  •  Reply
thanks poddi akke oya dewani kotasath daala thanksss lot lot lottttt
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 May 2016 11:48 PM
  •  Quote
  •  Reply
හිටපන්කො. මම මේ කොල්ලගේ අම්මට කියනව ඉස්කෝලෙ ගිහිං ඉගෙන ගන්නේ නැතිව පිස්සු කෙලිනව කියල.

ස්තූතියි පොඩ්ඩි.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
11 May 2016 12:31 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි දැන් දැන් අපිව කතා ලෝකයට ටික ටික ගෙනියනවා නේද ? 
සිතුමි නිම්සරා 
සතිජ ගිම්හාන 
දැන් තමා කතාවට සෙට් වෙන්නෙ අපි..
එතකොට පොඩ්ඩි සමිදු කියන්නෙ කව්ද ...එතැන වැරදුනාවත් ද 
0
Add Reply
Page 1 of 612345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below