You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Jan 2022 06:11 PM by  Poddi
පුංචි පුංචි කථා . ප්‍රස්තාව පිරුළු
 69 Replies
Sort:
Page 1 of 41234 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Jul 2016 10:41 PM
  •  Quote
  •  Reply

අන්දරේ සීනි කෑවා වාගේ - ප්‍රයෝගකාරී ලෙස තම අරමුණු ඉටු කර ගැනීම

අන්දරේ යනු රජවාසලේ කවටයාය. එය ඕනෑම කෙනෙකු දන්නා දෙයකි. එක්තරා දිනයක අන්දරේ රජ වාසලට පැමිණෙන විට එහි මිදුලේ පැදුරක මොනවාදෝ දමා තිබෙනවා දුටුවේය. අන්දරේ එතැනින් යන ගමන් මෙහි තිබෙන්නේ මොනවාදැයි රජුගෙන් විමසූහ. “ මේමාළිගාවේ අලුත්වැඩියාවක් සදහා ගෙනා වැලි” යැයි රජතුමා පිළීතුරු දුන්නේ මෙහි තිබෙන්නේ සීනි යැයි අන්දරේ දැන ගතහොත් ඔහුගෙන් බේරෙන්නට බැරි බව සිතාගෙනය. නමුත් පැදුරේ දමා තිබෙන්නේ සීනි යැයි දැනගත් අන්දරේ උපායක් යොදා සීනී කෑ යුතුයැයි අන්දරේ කල්පනා කළේය. අන්දරේ ඉක්මනින්ම ගෙදර ගොස් තම පුත්‍රයා අමතා මෙසේ පැවසූහ. “ පුතේ මා දැන් රජවාසලට යනවා. මා ගොස් ටික වේලාවකින් “ තාත්තේ” අම්මා මළා” යැයි කියාගෙන රජවාසලට දිවගෙන එන්න ඕනෑ.

කියූ පරිදි අන්දරේ රජවාසල බලා ගිය ඉක්බිතිව පුතාද අම්මා මළා යැයි කියමින් රජ වාසල කරා දිවගෙන ගියේය. රජතුමා සමග කථා කරමින් සිටි අන්දරේ පුතා එනවා දුටුවේය. පුත්‍රයා නැවතත් “ තාත්තේ අම්මා මළා” යැයි කියමින් කෑ ගහන්නට විය. එවිට අන්දරේද දෑතින්ම හිස බදාගෙන විලාප නගමින් “අනේ පුතේ මගේ කටෙත් වැලි උඹේ කටෙත් වැලි කියමින් සීනි පැදුරේ වාඩි වෙමින් සීනි අහුරු අහුරු පුතාගේ කටේත් තමාගේ කටේත් දමමින් සීනි කන්නට පටන් ගත්තේය. එවිට රජ්ජුරුවෝ “ හා හා අන්දරේ ඔය සීනි” යැයි කීවේය. දේවයන් වහන්‍ස ඒ බව මට කලින් නොකිව්වේ ඇයිදැයි විමසමින් අන්දරේ පැදුරෙන් නැගිට්ටේය.


********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
1

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Jul 2016 10:41 PM
  •  Quote
  •  Reply
නොදන්නා දෙමළෙට ගිහින් චරිතෙ නහ ගත්තා වාගේ - යමක් පිළීබද නිසි අවබෝධයක් නොමැතිව ඒ බව දන්නා සේ පෙන්වා කටයුතු කර පසුව අමාරුවේ වැටීම

එක්තරා ගමක කම්මල් වැඩ කරමින් ජීවත් වන පවුලක් වාසය ‍කළේය. මේ ලෝකුරු පුත්‍රයා කම්මල් වැඩ කරමින් තමන්ගේ මෑණියන්ද රැකබලා ගත්තේය. දිනක් දෙමළ මනුෂ්‍යකේ තුවක්කුවක්ද රැගෙන කම්මලට පැමිණ ඒ තුළ උණ්ඩයක් සිරවී ඇතිබව පවසා එය ඉවත් කරදෙන ලෙස ඉල්ලා සිටියේය. දෙමළ මිනිසා දෙමළෙන් කී කිසිවක් කම්මල් කරුවාට නොවැටහුනු නමුත් පැවසූ දේ තේරුම් ගත්තා සේ මයින හමෙන් පිඹ ගිනි දල්වා තුවක්කුව රත් කරන්නට පටන් ගත්තේය. තුවක්කු බටය තුළ උණ්ඩය සිරවී ඇති හෙයින් එය රත් කිරීම අනතුරු දායක බව දෙමළ මිනිසා දෙමළයෙන් කීවේය. ඒ ප්‍රකාශද තමාට නොවැටහුණත් තේරුම් ගත්බව පවසමින් කම්මල් කරුවා තුවක්කු බටය රත්කර උණ්ඩය ඉවත ගැනීමට තැත් කළ අතර එය පුපුරා ගියේය. එම පිපිරීම හේතුකොට ගනිමින් කම්මල්කරුවා මිය ගියේය. “නොදන්නා දෙමළෙට ගිහින් චරිතෙ නහ ගත්තා ” යි කියමින් කම්මල්කරුවාගේ මෑණියන් හඩන්නට පටන් ගත්තේය.
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
1

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Jul 2016 10:42 PM
  •  Quote
  •  Reply
පරංගියා කෝට්ටේ ගියා වාගේ - කෙටි මාර්ගයක් තිබියදී දුර පාරකින් ගමන් යෑම

පෘතුග්‍රීසීන් ලංකාවට පැමිණි සමයේ මෙරට අගනුවර වූයේ කෝට්ටේය. කොළඹට ගොඩබට පෘතුග්‍රීසීහුන්ට ‍කෝට්ටේ රජු මුණගැසීමට අවශ්‍ය විය. කොළඹ සිට කෝට්ටේ රාජ්‍යට සැතපුම් හතක්, අටක් තරම් දුරක් ඇත. එහෙත් කෝට්ටේ රාජධානිය පිහිටියේ කොළඹින් ඉතා දුරබැර යැයි පෘතුග්‍රීසීන්ට එත්තු ගැන්වීම පිණිස රාජ පුරුෂයෝ ඔවුන් දිගු පාරකින් රජ මැදුර කරා පෘතුග්‍රීසී පිරිස රැගෙන ආවේය. රාජ පුරුෂයෝ මේ කළ රැවටීම පෘතුග්‍රීසීන් පසුව දැනගත්හ.
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
21 Jul 2016 10:46 PM
  •  Quote
  •  Reply
ඔය තියෙන්නේ නියම වඩක් පටන් අරගෙන.. බොහොම ස්තූතියි පොඩ්ඩියේ මෙවා නැවත අපිට මතක් කර දුන්නාට.. දිගටම මේක කරගෙන යන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
1

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Jul 2016 11:19 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩි නියම වැඩක් පටන් ගෙන තියෙන්නේ .දිගටම කරගෙන යමු .
1

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Jul 2016 11:21 PM
  •  Quote
  •  Reply
රයිගමයයි ගම්පොළයයි වාගේ - එක හා සමාන කපටි පුද්ගලයන් දෙදෙනෙක් ගැන කියැවේ

එක් දිනක් රයිගමයාත් ගම්පොළයාත් අම්බලමකදී හමුවී වෙළදාමක් කරන්නට කථාබස් කර ගත්තේය. වෙළදාමට පුවක් රැගෙන එන බවට ගම්පොළයා පොරොන්දු විය. රයිගමයා පොරොන්දු වූයේ වෙළදාමට බුලත් රැගෙන ඒමටය. ගම්පොළයා පුවක් වෙනුවට රැගෙන ආවේ ඊරිය ගෙඩි ගොඩකි. රයිගමයා බුලත් වෙනුවට රැගෙන ආවේ ගම්මිරිස් කොළය. පසුදා හිමිදිරියේ වෙළදාම සදහා යාමේ බලාපොරොත්තුවෙන් කදවල් දෙක රැගෙන දෙදෙනාම අම්බලමට ඇතුළු වූහ. පාන්දරම අවදි වූ ගම්පොළයා රයිගමයා ගෙන ආ කද රැගෙන හොරෙන්ම පළා ගියේය. පසුව අවදි වූ රයිගමයා අවට බලන විට ගම්පොළයා තමාගේ කද රැගෙන පළා ගොස් ඇති ව දැක “ වූ රැවටුණා ” යැයි සිතා ගම්පොළයා ගෙන ආ පුවක් කද ඔසවා ගෙන සතුටින් යුතුව වෙළදාම සදහා පිටත්ව ගියේය. තමාද රැවටී සිටින බව ඔහුට වැටහුණේ කදත් රැගෙන ටික දුරක් ගියාට පසුවය.
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
1

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Jul 2016 11:55 PM
  •  Quote
  •  Reply
ලබ්බෙ තොවිලෙ වාගේ - සීමා සහිත ඉඩක් ඇති තැනක වැඩ කටයුතු රැසක් සිදු කිරීම

එක්තරා ගමරාළ කෙනෙකුගේ විශාල ලබු ගෙඩියක් හටගෙන තිබුණි. හෙතෙම ගැමියන් කිහිප දෙනෙකු ලවා එය ගෙදර ගෙනගොස් ඇස්ස කපා ශුද්ධ කොට වියලෙන්නට තැබුවේය. නොබෝ කාලයකින් ගමරාළට තොවිලයක් කිරීමට සිදුවිය. ගමරාල යකැදුරන් හමුවී බුලත් දී ආරාධනා කොට තොවිලයට අවශ්‍ය කටයුතුද යෙදීය. යකැදුරන් පැමිණ තොවිලය නටන්නා වූ දින රාත්‍රීයේ මහා වැස්සක් වසින්නට පටන් ගත්තේය. මුළු පළාතම වතුරෙන් යටවී ගම රාළගේ ගෙදර සියල්ලෝමද අර යෝධ ලබු ගෙඩිය තුළට රිංගා ගත්තේය. ලබු ගෙඩිය තුළට වතුර ඒම වැළැක්වීම පිණිස එහි ඇස්ස වසා ඉටි තබන ලදී. යකැදුරෝ ලබු ගෙඩිය තුළ යාගය සිදු කළෝය. ලබු ගෙඩිය ජලයේ පාවී මුහුදට ගියේය. යෝධ ම්‍ත්සයෙක් එය මුහුදේදී ගිල දැම්මේය. එදින ගැමියෙක් ව්‍යංජනයකට සුදුසු යමක් සොයා ගොස් උකුස්සා දැක වු මරාගෙන අවුත් බිරියට දුන්නේය. මේ උකුස්සාගේ පිහාටු ගලවා බඩ පැළුවේය. බඩ තුළ මත්සයෙකු සිටින අයුරු දුටු ඕ සැමියාට කථාකොට ඒයද ‍පෙන්වූවාය. මත්සයා ඉවතට ගත් ඕ උගේද බඩ පැළුවේය. මාළුවාගේ බඩ ඇතුළේ ලබු ගෙඩියකි. ස්ත්‍රි කැත්තක් ගෙන ලබු ගෙඩියද පැළුවොය. “මිනිස්සු, මිනිස්සු ” කියමින් ලබු ගෙඩිය තුළ සිරවී සිටි පිරිස සියල්ලෝම මහ හඩින් දවුල් බෙර ගසමින් ඉවතට පැමිණියෝය.
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
1

Suresh
Basic Member
Basic Member
Posts:170






--
22 Jul 2016 12:00 AM
  •  Quote
  •  Reply
නියමයි
දිගටම දාමු.
1

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 Jul 2016 12:37 AM
  •  Quote
  •  Reply
මරු කථා ටිකක් තියෙන්නේ.. නියමයි පොඩ්ඩියේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
22 Jul 2016 12:47 AM
  •  Quote
  •  Reply
අන්න නියම වැඩක්. මේ සමහර කතා දන්නා ඒවා. සමහර කතා දන්නෙ නැහැ. දන්නා නොදන්නා ඔක්කොම කතා දාන්න. වටිනා කියන වැඩක්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Jul 2016 01:02 AM
  •  Quote
  •  Reply
math antharjaalayen uputa gaththa ewa habeyi me
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
1

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Jul 2016 01:10 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 22 Jul 2016 01:02 AM
math antharjaayayen uputa gaththa ewa habeyi me

එකට කමක් නෑ පොඩ්ඩි .මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට බොහොම ස්තුතියි ...
1

kingD
Veteran Member
Veteran Member
Posts:3294






--
22 Jul 2016 01:23 AM
  •  Quote
  •  Reply
මේ ප්‍රස්ථා පිරුළු වල අර්ථයයි, නිධාන කතාවයි එකපාර බලන්න ලැබෙන එක ගොඩක් හොදයි...
නොදන්නා කතා ගොඩක් තියෙනවා... දිගටම දාන්න පොඩ්ඩි නංගි ...
Business, you know, may bring money, But friendship hardly ever does.
1

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 Jul 2016 01:32 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 22 Jul 2016 01:02 AM
math antharjaalayen uputa gaththa ewa habeyi me
අපිත් ගොඩක් දේවල්  උපුටා  ගන්නේ අන්තර්ජාලයෙන් තමයි..  නමුත් ඒ දේවල් සියල්ලම එකම තැනක තියෙන කොට ගොඩක් වටිනවා.  පුස්තකාලයක් වගේ නේද?

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
22 Jul 2016 03:32 AM
  •  Quote
  •  Reply
මේ කතා ටික එක තැනක තියෙන එක වටිනවා..
දිගටම කරගෙන යමු පොඩ්ඩි...
1

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Jul 2016 04:56 AM
  •  Quote
  •  Reply
ඔයාලා දන්නා කතාත් එකතු කරන්න හොදද
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
22 Jul 2016 06:54 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 21 Jul 2016 10:42 PM
පරංගියා කෝට්ටේ ගියා වාගේ - කෙටි මාර්ගයක් තිබියදී දුර පාරකින් ගමන් යෑම

පෘතුග්‍රීසීන් ලංකාවට පැමිණි සමයේ මෙරට අගනුවර වූයේ කෝට්ටේය. කොළඹට ගොඩබට පෘතුග්‍රීසීහුන්ට ‍කෝට්ටේ රජු මුණගැසීමට අවශ්‍ය විය. කොළඹ සිට කෝට්ටේ රාජ්‍යට සැතපුම් හතක්, අටක් තරම් දුරක් ඇත. එහෙත් කෝට්ටේ රාජධානිය පිහිටියේ කොළඹින් ඉතා දුරබැර යැයි පෘතුග්‍රීසීන්ට එත්තු ගැන්වීම පිණිස රාජ පුරුෂයෝ ඔවුන් දිගු පාරකින් රජ මැදුර කරා පෘතුග්‍රීසී පිරිස රැගෙන ආවේය. රාජ පුරුෂයෝ මේ කළ රැවටීම පෘතුග්‍රීසීන් පසුව දැනගත්හ.


 පරංගියා ගියේ මාකොළ සපුගස්කන්ද පැත්තෙන්. සපුගස්කන්ද පුරාණ රජමහවිහරය නායක හාමුදුරුවෝ කිවුවේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
1

eranga
Posts:






--
22 Nov 2016 03:18 AM
  •  Quote
  •  Reply

Posted By chamaramind on 22 Jul 2016 06:54 AM

Posted By Poddi on 21 Jul 2016 10:42 PM


පරංගියා කෝට්ටේ ගියා වාගේ - කෙටි මාර්ගයක් තිබියදී දුර පාරකින් ගමන් යෑම



පෘතුග්‍රීසීන් ලංකාවට පැමිණි සමයේ මෙරට අගනුවර වූයේ කෝට්ටේය. කොළඹට ගොඩබට පෘතුග්‍රීසීහුන්ට ‍කෝට්ටේ රජු මුණගැසීමට අවශ්‍ය විය. කොළඹ සිට කෝට්ටේ රාජ්‍යට සැතපුම් හතක්, අටක් තරම් දුරක් ඇත. එහෙත් කෝට්ටේ රාජධානිය පිහිටියේ කොළඹින් ඉතා දුරබැර යැයි පෘතුග්‍රීසීන්ට එත්තු ගැන්වීම පිණිස රාජ පුරුෂයෝ ඔවුන් දිගු පාරකින් රජ මැදුර කරා පෘතුග්‍රීසී පිරිස රැගෙන ආවේය. රාජ පුරුෂයෝ මේ කළ රැවටීම පෘතුග්‍රීසීන් පසුව දැනගත්හ.




 පරංගියා ගියේ මාකොළ සපුගස්කන්ද පැත්තෙන්. සපුගස්කන්ද පුරාණ රජමහවිහරය නායක හාමුදුරුවෝ කිවුවේ

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
22 Nov 2016 04:52 AM
  •  Quote
  •  Reply
නියම වැඩක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Nov 2016 08:54 AM
  •  Quote
  •  Reply
මමත් තියෙන ඒවා මේකට එකතු කලාට කමක් නැද්ද.....?
0
Add Reply
Page 1 of 41234 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below