Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: NO MORE LOVE____ නෑ තවත් ආදරේ .. Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: NO MORE LOVE____ නෑ තවත් ආදරේ .. Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Dileeka MadushaniVeteran MemberPosts:2100 15 Nov 2018 10:31 AM ම්ම්ම්ම් Udari JayasekaraSuper Senior MemberPosts:5555 09 Nov 2018 07:24 PM Posted By Poddi on 09 Nov 2018 01:33 PM Posted By chamaramind on 09 Nov 2018 07:59 AM ආදරේ කරන්න වයස් සීමාවක් තියේද?මම නම් කියන්නේ ඕන නැහැ කියන එකයි... මමත් එකයි මල්ලිගේ කතාවට .. ( ඒත් සමහර අවස්ථාවලදී වයස් ප්රස්නේ ගැටළුවක් වෙන්නත් බැරි නෑ ) පොඩි වයස් පරතරයක් නම් අවුලක් නෑ වගේ......ඒ උනාට ලොකු වෙනසක් තියේ නම් මට නම් ඉස්සරහට ප්රශ්න එයි කියල බයයි වගේ Udeshika HerathVeteran MemberPosts:3960 09 Nov 2018 02:30 PM Posted By chamaramind on 09 Nov 2018 07:59 AM ආදරේ කරන්න වයස් සීමාවක් තියේද?මම නම් කියන්නේ ඕන නැහැ කියන එකයි... මම නම් කියන්නෙ වයස් සීමාවක් තියනව වගේම නෑ... Udeshika HerathVeteran MemberPosts:3960 09 Nov 2018 02:28 PM නිදහසේ කියවන්න ඕන මුල ඉදලම Dileeka MadushaniVeteran MemberPosts:2100 09 Nov 2018 01:33 PM Posted By chamaramind on 09 Nov 2018 07:59 AM ආදරේ කරන්න වයස් සීමාවක් තියේද?මම නම් කියන්නේ ඕන නැහැ කියන එකයි... මමත් එකයි මල්ලිගේ කතාවට .. ( ඒත් සමහර අවස්ථාවලදී වයස් ප්රස්නේ ගැටළුවක් වෙන්නත් බැරි නෑ ) Dileeka MadushaniVeteran MemberPosts:2100 09 Nov 2018 01:28 PM Posted By Udari on 08 Nov 2018 09:19 PM හම්මේ මල්ලි බබෙක් ලව් පොඩ්ඩි අක්කි ලස්සන ට ලියනව , ඉක්මනට ඊලඟ කොටස ගේන්න isuru sampathSuper Senior MemberPosts:7342 09 Nov 2018 10:22 AM ලස්සන කථාව .......ඉතුරු ටිකත් දාන්න පොඩ්ඩි නගෝ ... chamara duleepMost Senior MemberPosts:13471 09 Nov 2018 07:59 AM ආදරේ කරන්න වයස් සීමාවක් තියේද?මම නම් කියන්නේ ඕන නැහැ කියන එකයි... Udari JayasekaraSuper Senior MemberPosts:5555 08 Nov 2018 09:19 PM හම්මේ මල්ලි බබෙක් ලව් පොඩ්ඩි අක්කි ලස්සන ට ලියනව , ඉක්මනට ඊලඟ කොටස ගේන්න Dileeka MadushaniVeteran MemberPosts:2100 08 Nov 2018 04:10 PM NO MORE LOVE____ නෑ තවත් ආදරේ ..... 4 කොටස ~~ ඔය දගකාර ඇස් කවදාක හෝ මගේම වෙනවා නම් ~~ ඇය හිතන විදිහට ඇයට මාව ඇයගේම සොයුරෙක් වගේ . හැමදාම වාගේ ඉන්ටවල් එකේදී අපි කෑම කෑවේ එකට . පාසල නිමවුනහම ගෙදර ගියෙත් එකට. ගෙදර යන අතරමගදීත් ඇය අහන්නේ පන්තියේ වැඩ කටයුතු ගැන. ඒ නුදුරේදීම එන සාමාන්ය පෙළ විභාගයට මම මුහුණ දෙන්නට සුදානමින් සිටින නිසාම ය. ''මාත් ගොඩක් වෙලා ;පාඩම් කරනවනේ මල්ලියෝ. ඔයත් ගෙදරින් අහලා අපේ ගෙදර එන්න පාඩම් කරන්න '' පාඩම් කරන්නට ඇයගේ නිවසට පැමිණෙන ලෙස බොහෝ විට ඇය මගෙන් අයැද සිටියේ වසරේ අවසාන වාර පරීක්ෂණය ළග ළගම එන නිසාවෙනි. "හරි අක්කියෝ මම ගෙදරින් අහලා කියන්නම්කො...." ඇගේ ගෙදර පාඩම් කිරීමට යාමට ගෙදරින් අවසර ගන්නකම් මට ඉවසුමක් නැති විය . කෙසේ හෝ මම ගෙදරින් අවසර ගෙන පුළුවන් වෙලාවට ඇගේ ගෙදර ගොස් පාසල් වැඩ කළේය. ගෙදරදී නම් පොතක් අතට ගත්තත් විනාඩි පහක් යන්නත් කලින් ඇස් පියවෙනවා. හරියට පොතේ බැලුවේ නිදිමත මන්තරේ වගේ.. ඒත් දැන් වෙනදාටත් වඩා වැඩ කොටසක් ඇය සමග පාඩම් කිරීමට යාම තුලින් සිදුවෙන බව මගේ සිතට නොරහසකි . "මල්ලි බබෝ ඔයා ලබන සතියේ ඉදන් පහුගිය අවුරුදුවල ප්රශ්න පත්ර වෙලාව තියලා කරන්න පටන් ගන්න ඕනි. තේරුණාද? '' ඇයගේ දිලිසෙන ඇස් දිහා පමණක් මන් බලාගෙන සිටියේ සිහින ලොවක අතරමන් වූවා සේමය . ''මැ....ට්ටෝ........ මොකද මේ වෙලා තියෙන්නේ " කන ළගින්ම ඇහුන සද්දෙට මම තිගැස්සුනේ නිතැතින්මය. ''න් ..නැ ...නැ .. මොකුත් නෑ අක්කි....යෝ..." ''හා කියමු බලන්න මම දැන් මොකක්ද කිවේ කියලා..'' සැබවින්ම ඇය මොනවා පවසන්නට ඇතිද? මට කියන්නට දෙයක් නොතිබූණේය . ඒ හින්දමයි මම නිහඩවම සිටියේ .. ''අහන්නකො මගේ චුටි...යෝ ., වෙනදට වඩා ගොඩක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයාගේ හීනේ ලගට යන්න පුළුවන්. A දහයක් ගන්න පුළුවන්. ජීවිතේ තීරණාත්මක කඩඉමක් මේක '' ''ඔව් ඒක ඇත්ත මගෙ අක්කි.....යෝ. ඔයා ඉන්නව..නේ මට, ඒ... හින්දා.. ඒ හීනේට යන්න අමාරු වෙන එකක් නෑ '' වටින් පිටින් කළුවර වැටීගෙන නිසා ඇයට සමු දී ගෙදර ගියේ හීතේ ඇගෙ දිලිසෙන ඇස් රහසින්ම නතරකරගෙනය. ~ආයෙමත් ආදරෙන් හමු වෙමු ~ Danu LiyanageVeteran MemberPosts:3457 26 Sep 2016 12:23 AM hmmm ow mama hondatama dannawa mage yaluwekge Dileeka MadushaniVeteran MemberPosts:2100 25 Sep 2016 11:59 PM Posted By DanuLiyanage on 22 Sep 2016 07:35 AM Posted By Ayesha on 21 Sep 2016 01:50 AM එහෙමද? ඒ කියන්න්නෙ සත්ය සිදුවීමක්. ඔව් මගේ යාලුවෙක්ගේ කතාවක් මේක මම හොදට දන්න ඇත්තටම ඔයා හොදට දන්නා කතාවක්ද Danu LiyanageVeteran MemberPosts:3457 24 Sep 2016 11:17 AM ආදරය කියන්නේ හිතලා කරන දෙයක් නෙවේ හිතෙන දෙයක් Dileeka MadushaniVeteran MemberPosts:2100 24 Sep 2016 12:43 AM ??? hee Sithara GodewattaSuper Senior MemberPosts:5335 22 Sep 2016 03:31 PM Posted By Ind007ka on 21 Sep 2016 02:34 AM ඒකත් ඇත්ත මොකො මල්ලිලා අක්කලට ආදරය කොරන්නෙ ? හ්ම්ම්ම්ම්ම්ම් හොද ප්රශ්නයක්, Danu LiyanageVeteran MemberPosts:3457 22 Sep 2016 07:35 AM Posted By Ayesha on 21 Sep 2016 01:50 AM එහෙමද? ඒ කියන්න්නෙ සත්ය සිදුවීමක්. ඔව් මගේ යාලුවෙක්ගේ කතාවක් මේක මම හොදට දන්න Dileeka MadushaniVeteran MemberPosts:2100 22 Sep 2016 06:32 AM heeee shanaka kelumSuper Senior MemberPosts:7332 21 Sep 2016 04:07 AM සදුනිගෙ ගුරැ පොඩ්ඩිගෙත් ගුරැ උන එකනං හොදයි Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Sep 2016 02:34 AM ඒකත් ඇත්ත මොකො මල්ලිලා අක්කලට ආදරය කොරන්නෙ ? Upeksha AyeshaniNew MemberPosts:3 21 Sep 2016 01:50 AM එහෙමද? ඒ කියන්න්නෙ සත්ය සිදුවීමක්. Danu LiyanageVeteran MemberPosts:3457 20 Sep 2016 11:35 PM Posted By Ayesha on 20 Sep 2016 11:16 PM ගොඩාක් ලස්සන කතාවක්. මාත් කියෙව්ව. දිගටම ලියන්න.ඊලඟ කොටසත් ඉක්මනට ලියන්න. ඔබට සුභ පතනව. ඒත් ඇයි මේ දවස් වල හැම කතාවෙම මල්ලිල අක්කලට අදරේ කරන්නෙ? මෙක අද ඊයේ එකක් නෙවේ මෙක 2007 එකක් Upeksha AyeshaniNew MemberPosts:3 20 Sep 2016 11:16 PM ගොඩාක් ලස්සන කතාවක්. මාත් කියෙව්ව. දිගටම ලියන්න.ඊලඟ කොටසත් ඉක්මනට ලියන්න. ඔබට සුභ පතනව. ඒත් ඇයි මේ දවස් වල හැම කතාවෙම මල්ලිල අක්කලට අදරේ කරන්නෙ? Sanduni kanchanaVeteran MemberPosts:2462 20 Sep 2016 10:34 AM Posted By Poddi on 20 Sep 2016 12:33 AM ගොඩක් වටිනවා උපදෙස් ටික මල්ලියෝ. කතා ලියන්න කියලා දෙන්න මට ගුරෙක් නෑ .. දැන් ඒකත් සම්පුර්ණයි කියලා හිතෙනවා . කොහේ කොතැනක හරි පුංචිම පුංචි අඩුපාඩුවක් හරි දැක්කොත් කියලා දෙන්න .. එකට මම ගොඩක්ම කැමති.. ගොඩක්ම ස්තුතියි ඔයාගේ වටිනා අදහස් වලට මල්ලෝ ... මම ගුරු කියන්න හේතුව දැන් තේරෙනවා නේද පොඩ්ඩී අක්කී..... Dileeka MadushaniVeteran MemberPosts:2100 20 Sep 2016 12:33 AM ගොඩක් වටිනවා උපදෙස් ටික මල්ලියෝ. කතා ලියන්න කියලා දෙන්න මට ගුරෙක් නෑ .. දැන් ඒකත් සම්පුර්ණයි කියලා හිතෙනවා . කොහේ කොතැනක හරි පුංචිම පුංචි අඩුපාඩුවක් හරි දැක්කොත් කියලා දෙන්න .. එකට මම ගොඩක්ම කැමති.. ගොඩක්ම ස්තුතියි ඔයාගේ වටිනා අදහස් වලට මල්ලෝ ... Sithara GodewattaSuper Senior MemberPosts:5335 19 Sep 2016 02:36 PM Posted By gayya on 19 Sep 2016 11:19 AM සිදුවිම් විකාශනය හරි ලස්සනයි.. චරිත හදුන්වා දිමත් නියමයි.. ඒ් මැදට හැගිම් ඒබ්බවිමත් හොදටම කරලා තියනවා.. ඒ් කියන්නේ හරි ලස්සන කතාවක් ඔබතුමි ලියන්නේ.. කතාව පටන් අරන් තියෙන්නේ කතා වහරින්.. ඒ්ත් දෙවනි කොටසින් පස්සේ ලේකන වහරට මාරුවෙලා තියනවා.. හැබැයි ඒක ලොකු වරදක් කතාවක් මුද්රනය කරන්න හිතන් ඉන්නවානම්.. කොටස් වශයෙන් ලියද්දි ඒක වුන අතපසුවිමක් වෙන්න අැති.. කොටස් දාන්නේ ගොඩ කාලෙකට පස්සෙනෙ කතාවක් කියවද්දි ගොඩක්ම ග්රහනය වෙන්නේ මුල සහ අග.. ඒ් තැන් දෙක අලලා තමයි කතාවේ මැද ගැලපීම සිදුවෙන්නේ.. ඔබතුමිය ලියන්නේ සත්ය කතාවක්නම් සමහර විට සිදුවෙයි නිර්මානාත්මකව යම් යම් දේවල් ඒකතු කරන්න.. ඒහෙම කරන ඒක වරදක් නෙවෙයි.. කියවන අය හොයන්නේ විදින්න දෙයක්.. බොහෝ වෙලාවට අපිට ඒ් වින්දනය ලබාදෙන්න වෙන්නේ කෘතිම රසයක් තාත්වික බවට හරවලා.. ඔබතුමිය ලියන්නේ උත්තම පුර්ෂ දෘශ්ටිකෝනයෙන් නිසා හැගිම් විදින්න දෙන්න ලොකු හැකියාවක් තියනවා.. සිතුවිල්ලක් හිතට දැනෙන දෙයක් රසකර විදහා පැම වගේ.. මම උදාහරනයක් විදියට කිව්වේ.. අන්න ඒ් වගේ සිතුවිලි ඉදිරිපත් කරද්දිනම් අනිවාර්යෙන්ම ලෙකන වහරින් වාචික වහරට මාරුවෙන්න වෙනවා.. ඒ් වගේ තැන්වලදි පමනක් අවශ්යනම් ලේකන වහර මාරු කිරිම තමයි වඩාත්ම සුදුසු.. ඒ් දෙවල් තමයි ලියද්දි යොදාගන්න ට්රික්ස්.. කතාරසය සිදුවිම් මුලිකත්වය තාත්වික බව චරිත හැසිරවිම මේ දෙවල් තමයි සාර්තක කතාවක මුලික ලක්ෂන නාට්ය ටෙලිනාට්ය චිත්රපට වගේ දේවල පිටපත හොද වුනොත් තමයි අද්යක්ෂක වරයෙක්ට වුනත් පිරිසක් මෙහෙයවලා නිර්මානයක් කරන්න හැකියාවක් තියෙන්නේ.. මම මේ කිව්වේ මම දන්න දේවල්.. ඔයා නිර්මානය තුල මේ දෙවල් නැ කියලා කියන්න නෙවෙයි ඔ්න වුනේ ඔයාගේ ඉදිරි නිර්මානවලට උදව්වක් වෙයි කියලා හිතලායි කිව්වේ.. ඒකම ඒක වරදයි දැක්කේ.. ඒ්ක තමයි මම කිව්වේ.. කොහොම හරි බලන් ඉන්නවා ඉස්සරහටත් කතාව කියවන්න.. සුභ පැතුම්.. තියනවනම්අ ඩුපාඩු කම් හදා ගන්න මේක කටත් උදවුවක් වේවි . Prasad MadurangaMost Senior MemberPosts:14124 19 Sep 2016 12:42 PM ඔව්. ඒ විස්තර ටික නම් ලියන කියන කියවන හැමෝටම ප්රයෝජනවත්. Danu LiyanageVeteran MemberPosts:3457 19 Sep 2016 12:19 PM amme me thiyene guruthuma serama dala wisthare onna dan nam apatata liyanna plwan wei gayan danuBasic MemberPosts:127 19 Sep 2016 11:19 AM සිදුවිම් විකාශනය හරි ලස්සනයි.. චරිත හදුන්වා දිමත් නියමයි.. ඒ් මැදට හැගිම් ඒබ්බවිමත් හොදටම කරලා තියනවා.. ඒ් කියන්නේ හරි ලස්සන කතාවක් ඔබතුමි ලියන්නේ.. කතාව පටන් අරන් තියෙන්නේ කතා වහරින්.. ඒ්ත් දෙවනි කොටසින් පස්සේ ලේකන වහරට මාරුවෙලා තියනවා.. හැබැයි ඒක ලොකු වරදක් කතාවක් මුද්රනය කරන්න හිතන් ඉන්නවානම්.. කොටස් වශයෙන් ලියද්දි ඒක වුන අතපසුවිමක් වෙන්න අැති.. කොටස් දාන්නේ ගොඩ කාලෙකට පස්සෙනෙ කතාවක් කියවද්දි ගොඩක්ම ග්රහනය වෙන්නේ මුල සහ අග.. ඒ් තැන් දෙක අලලා තමයි කතාවේ මැද ගැලපීම සිදුවෙන්නේ.. ඔබතුමිය ලියන්නේ සත්ය කතාවක්නම් සමහර විට සිදුවෙයි නිර්මානාත්මකව යම් යම් දේවල් ඒකතු කරන්න.. ඒහෙම කරන ඒක වරදක් නෙවෙයි.. කියවන අය හොයන්නේ විදින්න දෙයක්.. බොහෝ වෙලාවට අපිට ඒ් වින්දනය ලබාදෙන්න වෙන්නේ කෘතිම රසයක් තාත්වික බවට හරවලා.. ඔබතුමිය ලියන්නේ උත්තම පුර්ෂ දෘශ්ටිකෝනයෙන් නිසා හැගිම් විදින්න දෙන්න ලොකු හැකියාවක් තියනවා.. සිතුවිල්ලක් හිතට දැනෙන දෙයක් රසකර විදහා පැම වගේ.. මම උදාහරනයක් විදියට කිව්වේ.. අන්න ඒ් වගේ සිතුවිලි ඉදිරිපත් කරද්දිනම් අනිවාර්යෙන්ම ලෙකන වහරින් වාචික වහරට මාරුවෙන්න වෙනවා.. ඒ් වගේ තැන්වලදි පමනක් අවශ්යනම් ලේකන වහර මාරු කිරිම තමයි වඩාත්ම සුදුසු.. ඒ් දෙවල් තමයි ලියද්දි යොදාගන්න ට්රික්ස්.. කතාරසය සිදුවිම් මුලිකත්වය තාත්වික බව චරිත හැසිරවිම මේ දෙවල් තමයි සාර්තක කතාවක මුලික ලක්ෂන නාට්ය ටෙලිනාට්ය චිත්රපට වගේ දේවල පිටපත හොද වුනොත් තමයි අද්යක්ෂක වරයෙක්ට වුනත් පිරිසක් මෙහෙයවලා නිර්මානයක් කරන්න හැකියාවක් තියෙන්නේ.. මම මේ කිව්වේ මම දන්න දේවල්.. ඔයා නිර්මානය තුල මේ දෙවල් නැ කියලා කියන්න නෙවෙයි ඔ්න වුනේ ඔයාගේ ඉදිරි නිර්මානවලට උදව්වක් වෙයි කියලා හිතලායි කිව්වේ.. ඒකම ඒක වරදයි දැක්කේ.. ඒ්ක තමයි මම කිව්වේ.. කොහොම හරි බලන් ඉන්නවා ඉස්සරහටත් කතාව කියවන්න.. සුභ පැතුම්.. Danu LiyanageVeteran MemberPosts:3457 19 Sep 2016 09:58 AM thawa maasa 5ki 6ki kiyawanna puluwan wewi Indika KandanaarachchiMost Senior MemberPosts:12931 19 Sep 2016 05:42 AM තාම හිතනවද ? Dileeka MadushaniVeteran MemberPosts:2100 19 Sep 2016 04:58 AM Posted By kingD on 19 Sep 2016 12:53 AM කෝ පොඩ්ඩි යෙ කතාව... තවම 4 වෙනි කොටස ලියල ඉවර නැද්ද? thama hithuwewath ne Dushan ShyomalVeteran MemberPosts:2536 19 Sep 2016 03:18 AM ඊලග කොටස එනකන් මාත් බලන් ඉන්නවා Indika DampahalaVeteran MemberPosts:3411 19 Sep 2016 12:53 AM කෝ පොඩ්ඩි යෙ කතාව... තවම 4 වෙනි කොටස ලියල ඉවර නැද්ද? Dileeka MadushaniVeteran MemberPosts:2100 18 Sep 2016 11:41 PM thank u aiyaaa SM THILANKAVeteran MemberPosts:1736 18 Sep 2016 05:21 AM හිමිට් කියවල බලන්න ඕනේ shanaka kelumSuper Senior MemberPosts:7332 15 Sep 2016 05:44 AM ආපෝ ඒ මල්ලිගෙ විතරක් නෙවෙයි අපෙ පැතුමත් ඒකම තමා පොඩ්ඩී Dileeka MadushaniVeteran MemberPosts:2100 14 Sep 2016 02:16 AM මගේම කියලා මල්ලි කෙනෙක් නැතත් ගොඩක්ම දැනුණා අද නම් සහෝදරකම මල්ලියෝ,, ස්තුතියි ගොඩක් මල්ලියෝ Danu LiyanageVeteran MemberPosts:3457 14 Sep 2016 02:06 AM සතුටුයි අක්කේ කතාව නැතත් මොක්ද අක්කට හරි යනව නම් අපි කවුරුත් කැමති Dileeka MadushaniVeteran MemberPosts:2100 14 Sep 2016 02:01 AM මගේ හිතේ සිතුවිලි දැන් හරි අඩුයි.. හැම සිතුවිල්ලෙම ඉන්නේ එයා විතරයි මල්ලි , හි හි ලියන්නම් හිමිට හිමිට... Danu LiyanageVeteran MemberPosts:3457 14 Sep 2016 01:34 AM කතාව ඔය හිතලම ලියන්න පොඩ්ඩි. ලස්සන කතාවක් Indika DampahalaVeteran MemberPosts:3411 14 Sep 2016 01:25 AM කොටසක් දාන්නකො පොඩ්ඩි ....... Indika DampahalaVeteran MemberPosts:3411 08 Sep 2016 03:46 AM පොඩ්ඩි එක්ක කේන්තියෙන් හිටියෙ ... කොටස් 2ක් ලියල අපිව අවුස්සල කාලෙකින් ලිව්වෙ නැති නිසා..හෙ හේ.. ඔන්න එහෙනං ආයෙත් කතාවට එන්ටර් උනා .. මල්ලි අල කන්න යයි නේද අක්ක ලඟට ..හී Indika DampahalaVeteran MemberPosts:3411 08 Sep 2016 03:33 AM Posted By Rosi on 11 May 2016 05:09 AM පලවෙනි දවසම අක්කියෝ,බබා,මල්ලියෝ,චුට් බබා , ,,කිවුවම පස්සට වචන මදි වෙයි නේ ,,,, මාත් රස වින්දා නගෝ දෙවැනි කොටසත්,,, ...ස්තුති ඔයාට අනිවා අනිවා ඕක මගෙ ඔලුවටත් ආවා කියවද්දී ... මුල්ම හැදින ගැනීමේදී එච්චර ළෙන්ගතු කමක් පෙන්නුවෙ ඇයි කියලා Dileeka MadushaniVeteran MemberPosts:2100 07 Sep 2016 06:27 AM Posted By සඳුනි on 07 Sep 2016 05:57 AM ඔන්න පොඩ්ඩි මාත් ඔයාගේ කතාව කියවන්න ඒකතු වුනා. කතාව ලස්සනයි. තවත් ලස්සනට ලියන්න ලස්සන අදහස් පහල වෙන්න කියලා මම පතනවා ස්තුතියි සදුනි Sanduni kanchanaVeteran MemberPosts:2462 07 Sep 2016 05:57 AM ඔන්න පොඩ්ඩි මාත් ඔයාගේ කතාව කියවන්න ඒකතු වුනා. කතාව ලස්සනයි. තවත් ලස්සනට ලියන්න ලස්සන අදහස් පහල වෙන්න කියලා මම පතනවා Danu LiyanageVeteran MemberPosts:3457 07 Sep 2016 05:47 AM මම සුදු නැහැ පොඩ්ඩි අක්කේ Dileeka MadushaniVeteran MemberPosts:2100 07 Sep 2016 05:27 AM දෙබස් ඇත්තද සුදු Danu LiyanageVeteran MemberPosts:3457 07 Sep 2016 04:59 AM මල්ලිට නන්ගි අල කවලා ගියේ අයියේ තාම ගිල ගන්න බැරුව වමාරනවා Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Sep 2016 04:57 AM මල්ලි අල තෙල් දාගෙන කන්න වගේ හදන්නෙ. Danu LiyanageVeteran MemberPosts:3457 07 Sep 2016 04:53 AM මේ තියෙන්නේ පොඩ්ඩි ඔය ඇත්තම සිදුවීම උන පන්ති කාමරේ Dushan ShyomalVeteran MemberPosts:2536 07 Sep 2016 04:51 AM මාත් කියෙව්වා අනිත් කොටසත් ඉක්මනටම ලියනකන් බලන් ඉන්නවා එහෙනම් ස්තුති Danu LiyanageVeteran MemberPosts:3457 07 Sep 2016 04:40 AM යකො පොඩ්ඩි මෙ දෙබස් හරියටම හරි. ඒ විතරක් නෙවෙ කොට්ටම්බ ගහ එක ඇත්තක්මයි පොඩ්ඩි. ඇත්තම වෙච්ච දෙයක් ඔයා මෙ ලියලා තියෙන්නේ Dileeka MadushaniVeteran MemberPosts:2100 07 Sep 2016 02:44 AM ____ NO MORE LOVE____ නෑ තවත් ආදරේ ..... 3 කොටස ~~ ඔය දගකාර ඇස් කවදාක හෝ මගේම වෙනවා නම් ~~ ඉන්ටවල් එක ආරම්භ වීම සදහා සීනුව නාදවිනි .වෙනදා නම් ඉන්ටවල් වෙලාව පැමිණෙන තෙක් කාලය බොහෝ දිගු විය . එත් දැන් වෙලාව ගෙවෙන වේගය වෙනදාටත් වැඩි බවක් දැනුනි. ''සති.....යෝ කැන්ටීන් එක පැත්තේ ගිහින් එන්න වරෙන්'' ''බෑ මචං උබලා ගිහින් වරෙන්කො '' දසුන් විසින් කල යෝජනාව මම ප්රතික්ෂේප කලේ මගේ සුරංගනාවිය මොහොතක් හෝ දැක ගන්නට අවැසි වු නිසාවෙනි. '' හරි මචන් එහෙනම් අපි ගියා ඔන්න ...'' කියමින් දසුන් හා තවත් යාළුවො කිහිප දෙනෙක්ම කෑ කෝ ගහමින්ම කැන්ටිම දෙසට දුවන්නට විය . මට නම් බඩගින්නක්වත් නොමැති විය. මම හෙමින් හෙමින් පංති කාමරයෙන් එළියටවිත් බිත්ති කන්ද මතට හේත්තු වී සිතුවිලි දැහැනකට වැදුනෙමි. ලස්සන වතුර බෝතලයකුත් ද තුරුළු කර ගනිමින් ඇය ඇගේ යෙහෙලියන් ද සමගින් පංති කාමරය ඉදිරියේ වූ දවල් කුමාරිකා මල් පාත්තිය දෙසට ඇදුණේ අත සේදිමටයි ... ඇසිල්ලකින් ඇය මාව දුටුවා ය . ''කෑවද බ....බෝ '' ඇය තවත් මොහොතක් හෝ නොයිද මගෙන් විමසන්නට විය. ''නෑ අක්කි...යෝ... බඩගිනි තිබුනේ නෑ ... අක්කි කෑවනේ නේද මටත් එක්කම '' ''අනේ පිස්සු ළමයා . , මම බත් කෑවට ඉතින් ඔයාගේ බඩ පිරෙන්නේ කොහොමද? අනින්න ඕනේ ටොක්කක් ..'' ඇයගේ හුරතල් කියවිල්ල දෙස මං ගොඩක් ආදරෙන් බලාගෙන උන්නා . මගේ හදේ තෙරපිලා තිබුණු සිතුවිලි ඇයට කීමට ඉවසුම් නැති වූවද මෙය ඒ සදහා සුදුසු වේලාව නොවන බැවින් මම ඒ සිතුවිලි රහසේම ගිල ගත්තෙමි. '' මොනවද අක්කි කෑවේ ඉන්ටවල් එකට ... '' ඇයගේ හඩ නොඅසා මොහොතක් හෝ සිටිය නොහැකි වූ නිසාවෙන් මම ඇසුවෙමි .. '' ම්ම්ම් අද නම් අම්මා හදලා දීලා තිබුනේ අලයි හාල්මැස්සොයි එකට තෙල් දාලා ගොටුකොල සම්බෝලයි.'' ''සොයිනේ අක්කි....යෝ .... මම ආසම කෑම ඒවා තමයි.. '' මල්ලි බබෝ හෙට ඉදං අපේ ක්ලාස් එකට එන්නකෝ කෑම කන්න හොදද ... අලත් තෙල් දාගෙන එන්නම්කෝ හෙට '' .. මේ තරම් ලෙන්ගතු බවක් නොසිතු ලෙසම ලැබීම ගැන මට සතුටට කාරණාවක් විය. ''ඉන්ටවල් එක ඉවරයි නේද මල්ලි...යෝ .. '' ඉන්ටර්වල් එක අවසන් වෙන සීනූව නාද වෙනවා මං ඇසුන නමුත් තව මොහොතක් ඇය අසලම හෝ රැදෙන්නට සිත් විය. එත් මොනවා කරන්නද ? ''හවසට මාත් එක්ක යන්න ඉන්නවද අක්කි...යෝ '' '' මම එද්දී නම් ටිකක් පරක්කු වෙයි මල්ලි...යෝ .. ''හා කමක් නෑ එතකම් මම ගේට් එක ලග කොට්ටම්බා ගහ යට ඉන්නම්කො ..'' ''කැමැත්තක් කරන්න පැටි....යෝ .... මම යනවා පන්තියට ...'' ඇය මගෙන් හිතත් අරංම පංති කාමරය වෙත යන තෙක්ම ගොඩක් ආදරේ හිතේ පුරවාගෙන බලාන සිටියෙමි . - ආයෙමත් ආදරයෙන් හමුවෙමු - isuru sampathSuper Senior MemberPosts:7342 19 May 2016 06:30 PM Posted By Poddi on 19 May 2016 02:29 AM mata tika kaalayak denna hodada sama wela... himita kathaawa liyannam... හදිස්සියක් නෑ ඉඩ තියන වෙලාවක ලියන්නකෝ ... Dileeka MadushaniVeteran MemberPosts:2100 19 May 2016 02:29 AM mata tika kaalayak denna hodada sama wela... himita kathaawa liyannam... Dushan ShyomalVeteran MemberPosts:2536 18 May 2016 09:59 PM ඔව් ඊලග කොටස එනකන් මාත් මග බලන් ඉන්නවෝ Samantha AbayasekaraMost Senior MemberPosts:13196 18 May 2016 09:33 PM Posted By Poddi on 18 May 2016 04:22 AM Posted By DanuLiyanage on 16 May 2016 09:10 PM me kathawata wirudda thawayan tikak ella wela me kathawa idiriyata liyanna epa kiyala mokakda e kathaawe theruma malli... kauda ehema kiwe.... කෝ මේ කථාව.. ඉතිරි කොටස් ටික දාන්නකෝ... Dileeka MadushaniVeteran MemberPosts:2100 18 May 2016 04:22 AM Posted By DanuLiyanage on 16 May 2016 09:10 PM me kathawata wirudda thawayan tikak ella wela me kathawa idiriyata liyanna epa kiyala mokakda e kathaawe theruma malli... kauda ehema kiwe.... Indika DampahalaVeteran MemberPosts:3411 18 May 2016 12:04 AM අයියෝ කෝ කතාව Dushan ShyomalVeteran MemberPosts:2536 17 May 2016 03:01 AM මරුනේ තවත් කතාවක් පටන් අරගෙන තියෙන්නේ ස්තුති මාත් කියෙව්වා ඊලග කොටස එනකන් බලා ඉන්නවා එහෙනම් Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 May 2016 12:37 AM ඒව කොහොද කුඩු කරනවා.. කෝ පොඩ්ඩි .. බය නැතුව කතාව ලියන්න... Danu LiyanageVeteran MemberPosts:3457 16 May 2016 09:10 PM me kathawata wirudda thawayan tikak ella wela me kathawa idiriyata liyanna epa kiyala Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 May 2016 08:49 PM ඇයි මොකක්ද මේ අවුල.. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 16 May 2016 08:03 PM දැන් කවුද මේකට විරුද්ධ... Danu LiyanageVeteran MemberPosts:3457 15 May 2016 09:22 PM ayi hamoma me kathawa liyanawata wirudda Sithara GodewattaSuper Senior MemberPosts:5335 15 May 2016 06:02 PM Posted By Poddi on 14 May 2016 10:09 PM ඉස්කෝල නිවාඩු ,,, love එක breake වුණා අනේ ඒ මොන අපරාදයක් ද isuru sampathSuper Senior MemberPosts:7342 14 May 2016 10:19 PM Posted By Poddi on 14 May 2016 10:09 PM ඉස්කෝල නිවාඩු ,,, love එක breake වුණා clz එකකට යවලවත් ආයෙත් පටන් ගමු Dileeka MadushaniVeteran MemberPosts:2100 14 May 2016 10:09 PM ඉස්කෝල නිවාඩු ,,, love එක breake වුණා Samantha AbayasekaraMost Senior MemberPosts:13196 14 May 2016 10:07 PM කෝ පොඩ්ඩියේ කථාවේ ඊලඟ කොටස් ටික.. Indika DampahalaVeteran MemberPosts:3411 12 May 2016 09:28 PM පොඩ්ඩි බිසී වෙලා වගේ Samantha AbayasekaraMost Senior MemberPosts:13196 12 May 2016 09:11 PM කෝ මේ කථාවේ ඊලඟ කොටස.. ඉක්මනටම දාන්නකෝ.. isuru sampathSuper Senior MemberPosts:7342 12 May 2016 06:53 PM මරු මේ කථාව ............ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 May 2016 08:04 PM ඊළග කොටස ඉක්මනට දාන්න පොඩ්ඩියෝ.. Sithara GodewattaSuper Senior MemberPosts:5335 11 May 2016 05:09 AM පලවෙනි දවසම අක්කියෝ,බබා,මල්ලියෝ,චුට් බබා , ,,කිවුවම පස්සට වචන මදි වෙයි නේ ,,,, මාත් රස වින්දා නගෝ දෙවැනි කොටසත්,,, ...ස්තුති ඔයාට Danu LiyanageVeteran MemberPosts:3457 11 May 2016 05:05 AM mama hariyatama danna akke poddi gen thama ahanna ona ithin Sithara GodewattaSuper Senior MemberPosts:5335 11 May 2016 05:01 AM Posted By DanuLiyanage on 10 May 2016 08:17 PM Posted By Rosi on 10 May 2016 10:06 AM පොඩ්ඩි නගේ ස්තුති ඔයාගේ අලුත් ලස්සන කතාවේ පළමු කොටසට... ආදරණියයි . මේ නගෝ මේ අක්කා වයස කීයකින්ද වැඩිමල් Awuruddak Withara wage awuruddakma nha masa 11 wage අපෝ ඕකත් ලොකු වයසක් ද Danu LiyanageVeteran MemberPosts:3457 11 May 2016 04:10 AM mama yaaluwek ekka yanne awulak nha balamuko duwanna wath bariya Dileeka MadushaniVeteran MemberPosts:2100 11 May 2016 04:06 AM Posted By DanuLiyanage on 11 May 2016 03:33 AM අද මම යනවා ඉන්දික අයියලාගෙ ගෙදර බලාගන්නම් කො මම අඩු එහෙම කඩාගෙන එනවා නෙවෙයි ඔන්න ... දන්නේ නෑ ඉන්දික අයියගේ හැටි .. Danu LiyanageVeteran MemberPosts:3457 11 May 2016 03:33 AM අද මම යනවා ඉන්දික අයියලාගෙ ගෙදර බලාගන්නම් කො මම Dileeka MadushaniVeteran MemberPosts:2100 11 May 2016 02:35 AM Posted By maduranga001 on 11 May 2016 02:18 AM මම කොල්ලගේ අම්මට මේක කියල කොල්ලට ගිහිං කියනව ඉන්දික අයිය තමයි මේක අම්මගෙ කණේ තියල තියෙන්නෙ කියල. එහෙම කරන්න එපා අයියේ.... පව් Dileeka MadushaniVeteran MemberPosts:2100 11 May 2016 02:20 AM Posted By kingD on 11 May 2016 12:31 AM පොඩ්ඩි දැන් දැන් අපිව කතා ලෝකයට ටික ටික ගෙනියනවා නේද ? සිතුමි නිම්සරා සතිජ ගිම්හාන දැන් තමා කතාවට සෙට් වෙන්නෙ අපි.. එතකොට පොඩ්ඩි සමිදු කියන්නෙ කව්ද ...එතැන වැරදුනාවත් ද ඔව්නේ . ස්තුතියි අයියේ වරද පෙන්නලා දුන්නට.. සමිදු කියලා දාලා ආයේ නම වෙනස් කළා . හදන්න බැරි වෙලා ඒක Prasad MadurangaMost Senior MemberPosts:14124 11 May 2016 02:18 AM මම කොල්ලගේ අම්මට මේක කියල කොල්ලට ගිහිං කියනව ඉන්දික අයිය තමයි මේක අම්මගෙ කණේ තියල තියෙන්නෙ කියල. Dileeka MadushaniVeteran MemberPosts:2100 11 May 2016 02:13 AM බයෙත් බෑ මට නම් දැන් Danu LiyanageVeteran MemberPosts:3457 11 May 2016 01:23 AM බුදු අම්මො ඉන්දික අයියා චන්ඩියෙක් කියලා දන්නෙ නෑහෑනෙ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 May 2016 01:20 AM Posted By DanuLiyanage on 11 May 2016 01:17 AM අර මොකද ඉන්දික අයියෙ අපේ කාලෙත් මූ වගේ එකෙක් හිටියා.. මම ඌට දුන්නා ලේ එන්න... Danu LiyanageVeteran MemberPosts:3457 11 May 2016 01:17 AM අර මොකද ඉන්දික අයියෙ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 May 2016 01:14 AM Posted By maduranga001 on 10 May 2016 11:48 PM හිටපන්කො. මම මේ කොල්ලගේ අම්මට කියනව ඉස්කෝලෙ ගිහිං ඉගෙන ගන්නේ නැතිව පිස්සු කෙලිනව කියල. ස්තූතියි පොඩ්ඩි. අඩෝ මධුරංගයෝ ... ගෙදරට කිව්වොත් තොගෙ හොම්බ තලනවා... Dileeka MadushaniVeteran MemberPosts:2100 11 May 2016 12:59 AM Posted By maduranga001 on 10 May 2016 11:48 PM හිටපන්කො. මම මේ කොල්ලගේ අම්මට කියනව ඉස්කෝලෙ ගිහිං ඉගෙන ගන්නේ නැතිව පිස්සු කෙලිනව කියල. ස්තූතියි පොඩ්ඩි. (අපොයි මම හිතුවා ඔහොම වෙයි කියලා , රහස ඔයාට කියද්දීම ...) ස්තුතියි ගොඩක් අයියේ .... Indika DampahalaVeteran MemberPosts:3411 11 May 2016 12:31 AM පොඩ්ඩි දැන් දැන් අපිව කතා ලෝකයට ටික ටික ගෙනියනවා නේද ? සිතුමි නිම්සරා සතිජ ගිම්හාන දැන් තමා කතාවට සෙට් වෙන්නෙ අපි.. එතකොට පොඩ්ඩි සමිදු කියන්නෙ කව්ද ...එතැන වැරදුනාවත් ද Prasad MadurangaMost Senior MemberPosts:14124 10 May 2016 11:48 PM හිටපන්කො. මම මේ කොල්ලගේ අම්මට කියනව ඉස්කෝලෙ ගිහිං ඉගෙන ගන්නේ නැතිව පිස්සු කෙලිනව කියල. ස්තූතියි පොඩ්ඩි. Danu LiyanageVeteran MemberPosts:3457 10 May 2016 11:20 PM thanks poddi akke oya dewani kotasath daala thanksss lot lot lottttt Dileeka MadushaniVeteran MemberPosts:2100 10 May 2016 11:07 PM ____ NO MORE LOVE____ නෑ තවත් ආදරේ ..... 2 කොටස ~~ ඔය දගකාර ඇස් කවදාක හෝ මගේම වෙනවා නම් ~~ අපේ පාසල පළාතෙන්ම ළමයි වැඩිම පාසල වූ නිසාවෙන් හදුනන ළමුන්ට වඩා නොහදුනන ළමුන් පිරිස වැඩිය... මා පාසලේ 11 අවුරුද්දක් ගත කලද ඇය එතරම් කලින් දැක තිබුණු බවක් මතක නැත . නමුත් ඇය අහම්බෙන් හෝ මගේ නෙත ගැටුණු ඒ මොහොත සංසාරගත හුරු පුරුදු බවක් නොදැණුනා නෙවෙයි. පාසල අවසන් වුණහම මම තනියම එයාට නොපෙනෙන්න එයාගේ පස්සෙන් ගොඩක් දවස් වලට ගියා .හැබැයි එකම එක යාලුවෙක්ටවත් මේ ගැන මම කිවේ නෑ තාම .මගේ හිතේ ලැගුම් ගත්තු ඒ සුරංගනාවිය ගැන කාටත් රහසේම විස්තර හොයන්න පටන් ගත්තා . එයාගේ නම සිතුමි නිම්සරා . පාසල ටික දුරක් යද්දී පන්සල හම්බෙනවා. එතනින් හැරෙන්න තියෙන පටුමගේ එයාගේ ගෙවල් තිබුණේ . ඒ අපේ ගෙවල් වලට යන පාරට ටිකක් මෙහාට වෙන්නටයි . බසයෙන්ද ගිය හැකි වූවද පාසලට ඒ හැටි දුරක් නොවූ නිසාවෙන් බොහෝ වෙලාවට ඇය පාසල් ආවේ ගියේ පයින් . එයාව මතකෙට එන හැම මොහොතකම, එයාව දකින හැම මොහොතෙම මට මහත් වූ සතුටක් ඇති වුණා . උදෑසනින් පාසල් යන මම සීනුව නාද වන තෙක්ම ඇය යන පසු පසුම ඇයට නොදැනෙන සේ මාත් ඇදුණෙමි . හදිසියේම වගේ ඒ දගකාර වූ නිල් පාට ඇස් දෙකත් මගේ ඇස් ළග නතර වුණා . '' ගූඩ් මෝ(ර්)නි....න් ..අ...ක්කේ .'' මම සිනහවක් රදවගෙන ඇයට කියා සිටියෙමි. ''ගූඩ් මෝ(ර්)නි....න් ම...ල්..ලි.....යෝ'' ඒ රුව වගේම, ඒ කට හඩත් බොහොම ආදරණීය බවක් දැක්වුවා . '' මල්ලි ඔයා මොන ක්ලාස් එකේද ?... ම..ම ඔයාව දැකලා තියෙනවා, හවසට ස්කොලේ ඇරිලා යද්....දී ..'' මම හිතුවටත් වඩා ඇය බොහොම අහිංසක තැනැත්තියක් වීම මගේ හිතට මහත් වූ සතුටක් ගෙන දෙන්නට විණි. ''මම 11 - D එකේ අක්කි..යෝ ... ඔ...ව් ඔ..ව් , අක්කි....යෝ, මම ඔයාලගේ ගෙවල් වලට ටිකක් එහාට වෙන්නට ඉන්....නේ. අල්ලපු ගමේ '' මම ඇයට '' අක්කා '' යැයි පැවසීමට තරමක් අකමැත්තක් දැක වූ නමුදු, එසේ හෝ ඇයව ඇමතීමට ලැබීම මගේ පිනක් යැයි සිතුවෙමි . '' මේ පාර O/L නේද චුටි බබා , '' '' ඔව් අක්කි..යෝ '' මගේ දෑස් ඇයගේ දෑස් වලින් අසිල්ලකටවත් ඉවතට නොගෙනම මම ඇයට පිළිතුරු දුන්නෙමි . ''තව ටිකකින් prefect meeting එකක් තියෙනවා. ඒකට යන්න ඕනි . '' ''එහෙමද අක්කියෝ ... හා එහෙනම් යන්න.....කෝ .. මමත් දැන් ක්ලාස් එකට යන්න ඕනි .'' ''හා .. බ....බෝ එහෙනම් මම යනවා . '' ඇය හා තව මොහොතක් හෝ රැදී ඉන්නට තිබුණා නම් .. යැයි මගේ සිත දුකින් තැවුනි . මම පංති කාමරය වෙත ඇදුණේ ප්රබෝධමත් වූ සිතකින් යුතුවය . පාසල ආරම්භ වීමට සීනුව නාද වූ නිසාවෙන් සියල්ලෝම නැගී සිටියේ පන්සිල් ගැනීම සදහායි. ශබ්ධ විකාශන යන්ත්රය මගින් මුළු පාසලටම පටිගත කරන ලද පන්සිල් ,ගාථා හා විනාඩි කීපයක වූ භාවනාවකි... හඩ පටයේ අනුව මම ද දෙතොල් මිමිණුවෙමි . ශබ්ධ විකාශනය මගින් පතුරුවා හැරපු උදෑසන වැඩසටහන් අවසන් වූ හෙයින් මම යලිත් පුටුම මතින් වාඩි වුණෙමි . හැමදාමත් වගේ පහලින් වූ ගොඩනැගිල්ලේ සුපුරුදු වූ පංති කාමරය දිහාවට මගේ ඇස් දිව ගියද ඇය එහි දක්නට නොලැඹීම නිසා පුංචි තනිකමක් ද නොදැණුනාම නෙවෙයි. එක පාරටම පුටුවල ශබ්ධය ඇසුණු නිසාවෙන් මම තිගැස්සුණෙමි. ඒ වන විටත් සියල්ල නැගී සිට ඇත්තේ පංතිභාර සර් පැමිණ ඇති නිසාවෙනි. ඔහු බොහෝ සැර පුද්ගලයෙක් වූයේ ය. ඒ ළමයින් නිසි ලෙස පාලනය කිරීමට වූවත් ඔහු ඇතුවටත් වඩා සැර පරුෂ බවක් දැක්වීම නිසා ළමයින් ඔහු දුටු විටත් බියෙන් ගල් ගැසෙති. '' සතිජ ගිම්හාන '' මම වාඩි වී සිටි පුටුව එහා මෙහා කර නැගී සිටින්නට හදන විටත් ඔහු මගේ ප්රමාදය දැක මගේ මුළු නමම මහත් වූ හඩින් කියා සිටියේ ය . '' ස....ර් '' '' මොන ලෝකෙද ඉන්නේ '' සර් උස් වූ හඩකින් කෑ ගසමින්ම මා වෙත පැමිණියේ ය . '' අනිත් ළමයි වාඩි වෙනවා ..'' මා දෙසට ඇස් යොමාගෙන තවමත් සිටගෙන අනික් යෙහෙළියන් ට සර් අණ කරන ලදී ... '' එස්කියුස් මී සර් ..'' මගේ වාසනාවකට මෙන් සර්ව මුණ ගැහෙන්න පොඩි පන්තියක ළමයෙක් ඇවිත් ... '' ඇයි දරුවෝ ...'' කියමින් සර් මා වෙතින් ඉවත්ව අර දරුවා දෙසට යොමු විණි . '' සර් ට ප්රින්සිපල් සර් එන්න කිවා ..'' '' හරි ඔය ළමයා යන්න .. මම ගිහින් ප්රින්සිපල්ව මුණ ගැහෙන්නම්'' . මම තාමත් හිටගෙනමය . '' සතිජ වාඩි වෙන්න අනිත් පන්තිවලට කරදරයක් නැති විදිහට ශබ්ධ නොකර .'' මම හිමින් සීරුවේ වාඩි වුණෙමි . '' ඊයේ කරන්න දීපු පැවරුම අරගෙන යාළුවන්ගේ උත්තරත් එක්ක චෙක් කරලා බලන්න මම එනකම්...'' කියමින් සර් පන්තියෙන් පිටව ගියේය ... දැඩි නිහඩතාවයකින් පැවති පන්තිය නැවතත් ඝෝෂාකාරි වන්නට විය . මම ආසම විෂය ''ගණිතය'' . සිසුන්ට වඩා මම ගණිත විෂය සදහා හැම වාර විභාගයකදීම ලකුණු ලබා ගත්තෙමි. පෙර දින දීපු පැවරුම නිසි ලෙස නිමා කර සිටි මම පොත බෑගයෙන් එළියට ගත්තෙමි. ''සති ...යෝ උ...බේ පොත දියන්කෝ ....'' මම පොත දෙන්නටත් පෙරම නුවන්දික මගේ පොත උදුරා ගත්තේය . යළිත් මා ඇගෙත් ,මගෙත් සිතිවිලි සමුදායක් අතර නතර වුණෙමි . - ආයෙත් ආදරයෙන් හමුවෙමු - . Dileeka MadushaniVeteran MemberPosts:2100 10 May 2016 10:42 PM Posted By kingD on 10 May 2016 08:26 PM Posted By Rosi on 10 May 2016 10:06 AM පොඩ්ඩි නගේ ස්තුති ඔයාගේ අලුත් ලස්සන කතාවේ පළමු කොටසට... ආදරණියයි . මේ නගෝ මේ අක්කා වයස කීයකින්ද වැඩිමල් මන් හිතන්නෙ කොල්ල O /L , අක්ක A /L 1ස්ට් අවුරුද්ද වගේ වෙයි hehe ow .. ow Indika DampahalaVeteran MemberPosts:3411 10 May 2016 08:26 PM Posted By Rosi on 10 May 2016 10:06 AM පොඩ්ඩි නගේ ස්තුති ඔයාගේ අලුත් ලස්සන කතාවේ පළමු කොටසට... ආදරණියයි . මේ නගෝ මේ අක්කා වයස කීයකින්ද වැඩිමල් මන් හිතන්නෙ කොල්ල O /L , අක්ක A /L 1ස්ට් අවුරුද්ද වගේ වෙයි Indika DampahalaVeteran MemberPosts:3411 10 May 2016 08:24 PM වාව් වාව් ..නියමයි පොඩ්ඩි ...ඔන්න මාත් සෙට් වෙනව මේක මුල ඉදන්ම බලන්න .... Danu LiyanageVeteran MemberPosts:3457 10 May 2016 08:17 PM Posted By Rosi on 10 May 2016 10:06 AM පොඩ්ඩි නගේ ස්තුති ඔයාගේ අලුත් ලස්සන කතාවේ පළමු කොටසට... ආදරණියයි . මේ නගෝ මේ අක්කා වයස කීයකින්ද වැඩිමල් Awuruddak Withara wage awuruddakma nha masa 11 wage Dileeka MadushaniVeteran MemberPosts:2100 10 May 2016 07:58 PM sthuthiyi hamotama Indika KandanaarachchiMost Senior MemberPosts:12931 10 May 2016 06:19 PM Posted By Rosi on 10 May 2016 10:07 AM Posted By Ind007ka on 10 May 2016 01:06 AM අනේ මන්දා මට මෙක කියවලා නිකන් කුචි වගෙ .......... අයියේ ඒ කාලේ තිබ්බ ලෙඩක් වත් ද ආයෙම කතාව නිසා හැදුනේ isuru sampathSuper Senior MemberPosts:7342 10 May 2016 11:04 AM ආදර කථාවක් මරු .............. නෑ තවත් ආදරේ .....(මරු නමත් ) Sithara GodewattaSuper Senior MemberPosts:5335 10 May 2016 10:07 AM Posted By Ind007ka on 10 May 2016 01:06 AM අනේ මන්දා මට මෙක කියවලා නිකන් කුචි වගෙ .......... අයියේ ඒ කාලේ තිබ්බ ලෙඩක් වත් ද ආයෙම කතාව නිසා හැදුනේ Sithara GodewattaSuper Senior MemberPosts:5335 10 May 2016 10:06 AM පොඩ්ඩි නගේ ස්තුති ඔයාගේ අලුත් ලස්සන කතාවේ පළමු කොටසට... ආදරණියයි . මේ නගෝ මේ අක්කා වයස කීයකින්ද වැඩිමල් Samantha AbayasekaraMost Senior MemberPosts:13196 10 May 2016 09:46 AM පොඩ්ඩීගේ ඊලඟ ආදර කථාවත් පටන් අරගෙන තියෙන්නේ.. ඔන්න ඉතිරි කොටස් අපි බලාගෙන ඉන්නේ.. බොහොමත්ම ස්තූතියි.. hasitha dhananjayaSuper Senior MemberPosts:5795 10 May 2016 08:22 AM තවත් ආදර කතාවක් වගේ. shanaka kelumSuper Senior MemberPosts:7332 10 May 2016 04:00 AM ආයෙත් එකක් පටන් ගත්තැයි. මරැ ඔන්න බලන්න මමත් සෙට් උනා Indika KandanaarachchiMost Senior MemberPosts:12931 10 May 2016 01:06 AM අනේ මන්දා මට මෙක කියවලා නිකන් කුචි වගෙ .......... Dileeka MadushaniVeteran MemberPosts:2100 10 May 2016 12:13 AM Posted By maduranga001 on 09 May 2016 11:52 PM පොඩ්ඩි ස්ටන් එකට තවත් අළුත් කතාවක් ගෙනැල්ල. නියමයිනේ. මේ කතාවත් දිගටම ස්ටන් එකේ ගලාගෙන යාවි කියල හිතනවා. පොඩ්ඩි ඉතින් කතාවටත් කතා ගොතන්නත් දක්ෂය නේ. ස්තුතියි ඔබට. ආ මේ තියෙන්නේ කතාව... ස්තුතියි මධුරංග අයියේ ... අගය කිරීම මට ශක්තියක් Prasad MadurangaMost Senior MemberPosts:14124 09 May 2016 11:52 PM පොඩ්ඩි ස්ටන් එකට තවත් අළුත් කතාවක් ගෙනැල්ල. නියමයිනේ. මේ කතාවත් දිගටම ස්ටන් එකේ ගලාගෙන යාවි කියල හිතනවා. පොඩ්ඩි ඉතින් කතාවටත් කතා ගොතන්නත් දක්ෂය නේ. ස්තුතියි ඔබට. Dileeka MadushaniVeteran MemberPosts:2100 09 May 2016 11:21 PM ____ NO MORE LOVE____ නෑ තවත් ආදරේ ..... 1 කොටස ~~ ඔය දගකාර ඇස් කවදාක හෝ මගේම වෙනවා නම් ~~ ලස්සනම ලස්සනට දිලිසෙන නිල් පාට හුරුබුහුටි ඇස් දෙක, ඒ හිනාව වගේම ඒ දගකාරකමත් එක්ක සංසාරේ ගොඩක් හුරු පුරුදු බවක් දැනුණු මගේ ඇස් එයාගේ ළගම නතර වුණා . මගේ හිත එයා ගැනම විතරක් හිතන්න පටන් අරන්. මෙච්චර කාලෙකට කිසිම ගැහැණු ළමයෙක් ගැන මේ තරම් හැගීමක් දැනීමක් මට නම් ඇති වෙලාම නෑ , සත්තයි ... මම සාමාන්ය පෙළ විභාහගයට සුදානම් වෙන අවුරුද්ද . ඒ 2007 වර්ෂය. අපේ පන්ති කාමරය තිබුණු ගොඩනැගිල්ලට පහළින් පිහිටා තිබුණු ගොඩනැගිල්ල උසස්පෙළ වාණිජ අංශයයි. වෙනදා නම් පාසල් ආරම්භ වීමට නියමිත සීනුව නාද වෙන්න ඔන්න මෙන්න තියෙද්දියි මම හති දාගෙන පාසලට දුවන්නේ , දැන් වෙනදාටත් වඩා උදෑසනින්ම මම පාසල් යනවා, එයා පාසල් ශිෂ්ය නායිකාවක් නිසාවෙන් උදෑසනින්ම පාසලට එනවා , ඒ නිසාමයි මම පාන්දරින්ම පාසල් ගියේ . මගේ හිත හොරකම් කර ගත්තු ඒ ඇස් මට මොහොතක්වත් නොදැක ඉන්න පුළුවන්කමක් තිබුණේම නෑ . එත් පොඩි ප්රශ්නයක් මගේ හිතට වද දෙමින් තිබුණා . එයා අක්කා කෙනෙක්.. කොහොමද මගේ හිතේ තියෙන දේ මම එයාට කියන්නේ ... ''ආදරේට වයස බාධාවක් නොවුණත් එයා මම ගැන නොහිතාවිද ? මාව ප්රතික්ෂේප කරාවිද ? මගේ යාළුවො මට නොන්ඩි කරාවිද ?'' දාහකුත් ප්රශ්න මගේ හිතට වද දෙන්න ගත්තා ... එත් මගේ එකම බලාපොරොත්තුව වුණේ එයාව මගේම කර ගන්නයි... - ආයෙත් ආදරයෙන් හමුවෙමු -