Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Aug 2018 09:12 PM by Udari Jayasekara [නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය 397 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 17 of 20 << < 1516171819 > >> Author Messages shanaka kelumSuper Senior MemberPosts:7332 13 Mar 2016 01:02 AM Quote Reply Posted By Poddi on 12 Mar 2016 07:20 PM Posted By sha733 on 01 Mar 2016 03:53 AM දැන් මාලු ගොඩක් ඇති එහෙනං එළවලු බිස්නස් කරන ගමන් මදුරංග අයියාගෙන් මාළු තොග අරන් වික්කොත් නරකද හිහි පොඩ්ඩි ඇවිත් කඩේ පැත්තකට වෙලා “මාළු මාළු ලාබයි මාළු“ කියල කෑගහන්න එනවනං මං ඒ බිස්නස් එකටත් බහිනවා මොකද කියන්නේ 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 16 Mar 2016 05:05 AM Quote Reply එදින රාත්‍රිය වන විට පිරිසට බිංදුගේ ගම් පියස වෙත ළගා වීමට හැකි විය . කලින් සිතාගෙන සිටි අයුරින් සුරසේනට ඇගේ බිරිදව බින්දුලාගේ දිහා නවතා ආපසු යාමට නම් හැකිනොවනු නිසැකය . නිවසට ලගා වෙන අතරතුරේදී බින්දු කල්පනා කලේ ඒ ගැනයි , ''දැන් සුරසේන මොකද කරන්න හිතාගෙන ඉන්නේ '' බින්දු පොලිස් නිලධාරියන්ට නොඇසෙන සේ සුරසෙනාගෙන් විමසුවේය , '' ඔක්කොම වෙන්නේ හොදටය කියනවා නෙව.. ඔන්න ඔහේ ටික දොහකට මම මෙහෙ නවතින්නම් බින්දු මහත්තයට කරදරයක් නැත්නම් ...'' '' ම්ම්ම්ම් '' බින්දු තරමක් කල්පනා කලේ එන පොට නම් හරියන්නේ නැති හින්දම වෙන්න ඇති . '' අපි හින්දා මහත්තයලට කරදරේ නේද ? සුරසේන එසේ පැවසුයේ බිංදුගේ හිත කියවල වගෙයි හරියටම ... '' අනේ අපිට මොන කරදරයක් ද සුරසේන . අමාරුවේ වැටුන කෙනෙක් ට පිහිට වෙන යුතුකම ...'' බින්දු එසේ කියමින් සුරසේනගේ හිත සැනසුවේ වෙන කරන්නට කිසිත් නැති නිසාමය . - මතු සම්බන්ධයි - - මදුරංග අයියට කතාව බාරයි - 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 16 Mar 2016 05:27 AM Quote Reply Posted By sha733 on 13 Mar 2016 01:02 AM Posted By Poddi on 12 Mar 2016 07:20 PM Posted By sha733 on 01 Mar 2016 03:53 AM දැන් මාලු ගොඩක් ඇති එහෙනං එළවලු බිස්නස් කරන ගමන් මදුරංග අයියාගෙන් මාළු තොග අරන් වික්කොත් නරකද හිහි පොඩ්ඩි ඇවිත් කඩේ පැත්තකට වෙලා “මාළු මාළු ලාබයි මාළු“ කියල කෑගහන්න එනවනං මං ඒ බිස්නස් එකටත් බහිනවා මොකද කියන්නේ අනේ මට නම් බෑ හිහි 0 shanaka kelumSuper Senior MemberPosts:7332 16 Mar 2016 08:05 AM Quote Reply එහෙම කියන්න එපා පොඩිඩියෝ මේ කලුවනේ කථා කරන්නේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Mar 2016 09:17 PM Quote Reply පයින්ම ගිය දෙදෙනා පොලිසියෙන් ලබා දුන් වාහනයෙන් නිවෙස වෙත ලං වන විට ගෙදර සිටි නිවැසියන් තරමක් කලබල වුනි. ඒ මොවුන් දෙදෙනා යම් අකරතැබ්බයක් සිදු කරගෙන හෝ කරදරක පැටලී ඇතැයි යන චකිතය නිසාවෙනි. ඒ වන විට මධ්‍යම රාත්‍රියද ගෙවී ගොස් තිබුණි. වාහනයේ හඬත් නාද වූ නලා හඬ දෙකත් නිසා මිනිත්තුවක් යන්නත් මත්තෙන් ගෙදර දොර හැරුණි. වාහනය ඇවිත් ගේ දොරකඩ ලග නතරවන විට ඉන් පිටතට පැමිණියේ බිංදුගේ සොහොයුරියකි. "මොකද මේ බිංදු අයියේ.. කවුද මේ ගොල්ලො?" "කියන්නකො ඉතින්.." "මොනවා හරි කරදරයක්ද..?" "රත්නපුරේ යනවා කියල නේද ගියේ.." "කාගේද මේ වාහනේ.." "ඇයි මෙයාලව මේ මහ රෑ මෙහෙ" බින්දුට එක ප්‍රශ්නයකට නොව ප්‍රශ්නපත්තරයකටම මුහුණ දෙන්නට සිදු වන බව පෙනෙන්නට විය. කටර් එකක් ලෙස කියවන බිංදුගේ සොයුරිය දෙස මැණිකා දෑස් නොසලා බලා සිටින්නට විය. මේක නිකන් බූත බංගලාවක් වගේනේ. ඇය තරමක් බිය වී ඇති සෙයකි. ඒ ප්‍රශ්න ගොඩ අතරේ සිලිඳුද ප්‍රශ්නයක් දැමීය. "දැන් උඹ මාවත් ඇදගෙන ගිය රත්නපුර ගමනට මොකද වෙන්නෙ" "හිටපං. මම ඒකට මොකද කරන්නේ කියල කියන්නම්. මොකද ඒ වැඩේ අපට අතහරින්න බැහැ." බිංදු ඒ පැනයට නම් උත්තර බැන්දේය. [ඊලග කොටස 007 අයියට - මේ කතාව ලියන්න තවත් කිහිප දෙනෙක් සම්භන්ධ කර ගන්න ඕන. දැන් අපි සුළු පිරිසක් විතරයි මේ කතාව ලියන්න සම්භන්ධ වෙන්නෙ. මෙතැන ඉන්න අනෙත් අයගෙනුත් මේ ගැන අහන්න. වාක්‍යක් දෙකක් ලියන්න බැරි කෙනෙක් ඉන්න විදිහක් නැහැ. හැමෝගෙම සහයෝගය තිබුනොත් තමයි මේ කථාව ලස්සන වෙන්නෙ. නමුත් මේ කථාව බරක් කරගෙන සයිට් එකට නෑවිදින් ඉන්න එපා.. ඉඩ පහසු වෙලාවක හෙමින් සැරේ ලිව්වා කියල ප්‍රශ්නයක් නැහැ. නමුත් හැකි ඉක්මනින් ලියන්න උත්සාහ ගන්නවා නම් තමයි වඩා හොඳ.] 0 shanaka kelumSuper Senior MemberPosts:7332 19 Mar 2016 09:59 PM Quote Reply කැලේ ගමන නතර වෙන්නෙ දැන් බංගලා වලින් ඇ එහෙනං 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 23 Mar 2016 01:59 AM Quote Reply ඔක්කොම හිටියේ හොදටම බඩගින්නේ හෙම්බත් වෙලා... මහා රෑ කියල බලන්නේ නැතිවම කට්ටියම ගිහින් පල්ලෙහා දොලේ බැහැලා හරි හරියට නා ගත්තේ අවුරුදු ගානක් දිය නොදැක්ක ගානටයි. ඒ අතර බිංදුගේ අම්මත් , සොයුරියන් දෙදෙනාත් දොස් නගමින් වුව ද කැකුළු බතකුයි ,පොල් සම්බෝලෙකුයි හැදුවේ ඔවුන් සිටියේ ඉතාමන් බඩගින්නෙන් නිසයි . පැමිනි සියල්ල කෑම කන අතරතුර බින්දු කෑම නොකාම ගිය දවසේ පටන්ම සිද්ද වෙච්ච දේවල් කෙටියෙන් කෙටියෙන් පැහැදිලි කරලා අම්මට කිවේ ඇගේ රැවුම් ගෙරවුම් වල කෙළවරක් නොවූ නිසාමයි ... '' දැන් ඉතිං උබ කියන්නේ මේ ගෑනිවයි ,දරුවවයි මෙහෙ තියා ගන්න කියලද ? කෙලි පැටික්කි නම් දුකේ බෑ මොනවා වුනත් ....'' බිංදුගේ අම්මා නොමනාපයෙන් කි නමුත් ඔවුන් නතර කරවා ගැනීමට දැඩි විරුද්ධත්වයක් නොවිමම බිංදුගේ හිතට තරමක අස්වැසිල්ලක් ගෙන දුනි. ''..බින්දුවෝ ..'' කෑම ගැනීමෙන් අනතුරුව යලිත් සිලිදුගේ කන් කෙදිරිය පටන් ගැනුනි . '' ඉදපන්කෝ ටිකක් කෙදිරිලි නැතිව .. අර ළමයා අර ගෑනිගේ අතේම නිදි .. උන්ට නිදා ගන්න තැනක් පිළියෙළ කොරන්ට කියලා එන්නම් අපේ ලොකු නගාට '' බිංදුගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති හැඩයි ..'' ''හ්ම්ම් ...'' සිලිදු නිහඩ වුයේ කාන්තාවගේ අත ත හුන් දරුවා දිහා අනුකම්පා සහගත බැල්මක්ද හෙළමිනි .. ....මතු සම්බන්ධයි .. .- කතාව ඉතුරු ටික ඉමල්ක අයියට දෙනවා ලියන්න - 0 Imalka HewageVeteran MemberPosts:4533 23 Mar 2016 04:59 AM Quote Reply බිංදුගේ ලොකු සොහොයුරිය සහ මව වහ වහා දරුවා සුරැකිව නිදිකරවීමට ස්ථානයක් පිළියෙළ කළහ... "මට නම් අපේ ලොකු අයියගේ කතාව විස්සාස නැහැ " බින්දු ගේ නැණනියගේ කට වැඩ ඇල්ලීය.. " කට වහගෙන ඉඳින් ...උඹ දන්න ඉටිගෙඩියක් නැහැ නේ ..ඌ ත් දැනුම් තේරුම් ඇති ඉලන්දාරියෙක් නෙව " මවගෙන් පිළිතුරු ලැබුණි. ඒ වන විටත් පහළොස් වියැති බින්දු ගේ බාල නැගණිය පොඩි කෙලී ලඟට විත් හිස අතගාමින් "මමත් මේ චූටි නංගි ගාවින් නිදියනවා අද " කියමින් නිදන්න සැරසුණි. "ආ... පස්සේ බැරි යැ" නැවතත් බින්දු මවගේ ප්‍රතිචාර ලැබුණි අවසානයේ බිංදුගේ නැගණියන් දෙදෙනා සිටි කාමරයේ රන් මැනිකාත් දැරියත් නිදාගත් අතර බින්දු ගේ මව ද එහි ම විය. බින්දු ගේ නැගණියන් දෙදෙනා මවගේ කාමරයේ උන්හ.. සූරසෙනත් බින්දුත් සිලින්දුත් ..ගෙයි පිලෙහි ඈඳීගනිමින් දීර්ඝ කතාවකට වැටිණි.. ඊගාව කොටස කාටද කියලා පොඩි නංගි ම කියන්නකෝ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 23 Mar 2016 08:10 PM Quote Reply දැන් නම් කතාවට රා කට්ටක් ඈදා ගන්න හිතයි.. එක් ඇඩ්මිනයා කොටු කොටු දාවිද දන්නේ නෑ... 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 23 Mar 2016 08:54 PM Quote Reply ඉන්දික 76 අයියට දෙමු කතාව ලියන්න 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 23 Mar 2016 08:56 PM Quote Reply Posted By indika76 on 23 Mar 2016 08:10 PM දැන් නම් කතාවට රා කට්ටක් ඈදා ගන්න හිතයි.. එක් ඇඩ්මිනයා කොටු කොටු දාවිද දන්නේ නෑ... රා කට්ටක් පුරවලා අරගෙනම කතාව ලියන්නකෝ අයියේ එහෙනම් දැන් හිහි .. (kotu kotu dana ekak ne ithin ) 0 Imalka HewageVeteran MemberPosts:4533 23 Mar 2016 09:24 PM Quote Reply කොටු දාගත්තට කාරී නැහැ..පනිනවා එහෙම නෙමෙයි හරිය...?? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 24 Mar 2016 01:25 AM Quote Reply රා කට්ටක් ගහන්න කොටු ඕනෙ නැහැ හැබැයි රා කට්ට ගැහුවට පස්සෙ කොටු ගොඩාක් දාන්න වෙයි 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 25 Mar 2016 08:33 PM Quote Reply මම ලියපු කොටස රැගුම් පාලක මණ්ඩලය විසින් වාරණය කරන ලදී.. (ඒකේ තිබුනේ සිලිදුවා රා කට්ටක් ගහලා රන් මැණිකාගේ කාමරයට රිංගන දර්ශනයක්) 0 shanaka kelumSuper Senior MemberPosts:7332 26 Mar 2016 01:08 AM Quote Reply ඒ කොටස නැවත දාන්න පෙත්සමක් ගහන්නද අයියේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 31 Mar 2016 08:54 PM Quote Reply තහනම ඉවතට. අවුලක් නැහැ ඉන්දික අයියෙ. බලධාරියා "හා.." කිව්වා. අර කොටසක් එක්ක දාන්නකො එහෙනම්. රැඟුම් පාලක මණ්ඩලයෙන් කපන්න ඇත්තේ ඉතින් හොඳ නැති රැඟුම් ටිකක් තියෙන්න ඇති. නැත්නම් රා කට්ටක් ගහන එක නම් දැන් කපන්නේ නැහැනේ. යටින් දානවා "මත්පැන් බිමෙන් ඔබේ සියලු ක්‍රියාවලි අඩපන කරවයි" කියල. නැත්නම් "දුම්බීම ශරීර සෞඛ්‍යයට අහිතකර වීමට පුළුවන" කියල. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 01 Apr 2016 02:15 AM Quote Reply මේකෙ රා කට්ටත් හරි රන් මැණිකගෙ කාමරේට රිංගපු එකනේ අවුල තියෙන්නේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 22 Apr 2016 12:38 AM Quote Reply අවුරුදු කාලය ඉවරයිනේ.. ආයෙත් කථාව පටන් ගමු නේද... ඔන්න මම ඊළග කොටස ලියනවා.. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 22 Apr 2016 03:15 AM Quote Reply ඔව් ඉන්දික 76 අයියට තමයි තියෙන්නේ කතාව ලියන්න 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 22 Apr 2016 05:46 AM Quote Reply නළු නිළියෝ ටික අවුරුද්දට ගමේ ගිහිං හිටියෙ. එහෙනම් අදම ෂූටින් පටන් ගමු. ඊලග කොටස් ටිකේ රූගත කිරීම් එක්ක. 0 Add Reply Page 17 of 20 << < 1516171819 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Story Teller Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit