You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Aug 2018 09:12 PM by  Udari Jayasekara
[නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය
 397 Replies
Sort:
Page 13 of 20 << < 1112131415 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Feb 2016 10:03 AM
  •  Quote
  •  Reply
ෂ‍ා මල්ලී කාලෙකින් මේ පැ‍ත්තේ ඇවිල්ලා නෑ වගේ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Feb 2016 02:50 AM
  •  Quote
  •  Reply

වයසක උන්නැහේගේ ප්රගශ්නයට පිලිතුරැ දීමට නොහැකිව තක්බීර් වී සිටි සැම මැද්දෙන් සූරසේනගේ හඩ අවදි කර සිටින්නට විය

''ඔව් මාමේ අපි මේ බෙහෙත් වගයක් හොයාගෙන කැලේට ආපු ගමන්. ටිකක් අපු පාරෙන් ඈතට ඇදුනයින් පාර හොයා ගන්න බැරැව ගියා''

ලබා දුන් පිලිතුරින් තරමක් හෝ සෑහිමකට පත් වූයේ සූරසේනගේ කකුලේ තුවාලක් තිබෙනු දුටු නිසාවෙනි

'' හා හා උඹලා මොන වංකගිරියකින් මොන කාරනේකට ආවත් මට කාරි නැහැ. දැන් උඹලට පාර හොයා ගන්ට හැකිද'' ලොකු උන්නැහේද උදව් කරන නියාවෙන් ඇසූ නිසා

සිලිදු යාමට ගත් පය නැවත ගෙන හැරී අසා සිටියේ '' මාමේ දැන් ඹය තියෙන වැල් පාලමෙන් එගොඩට ගියාම ඒ ඉසව්වට කොහෙ කියලද කියන්නේ''

''එගොඩට ගිහින් හැතැම්ම කාලක් විතර ගියාම මහ කෝන් ගහක් හම්බ වෙනවා ඒ හරියට ''තුන් මූකලාන'' කියල තමා කියන්නේ ''

''ආ හරි හරි මාමේ ඊට ටිකක් දුර ගියාම නේ ද අර පොඩි ගල් තලාව හම්බ වෙන්නේ, දැන් හරි මාමේ එහෙනං කරපු උදව්වට බොහෙම ස්තූතියි'' පාර හදුනාගත් නියාවෙන් සිලිදු නැවත වරක් ලොකු උන්නැහේට තුති පුදා ගමනට සැරසුනහ.

''ඔය ගං ඉවුර දිගේ යන එක ටිකක් අමාරැයි මෙන්න මේ අඩි පාර දිගේ පලයල්ල. ඕක කෙලින්ම වැල් පාලම ලගට තමා යන්නේ''

ගං ඉවුර දිගේ ගමන් ගැනීමට සැරසුනු අප සැමට කෑ ගසමින් පවසා ඔහු කෙසෙල් කොටුව වෙත ඇදෙන්නට විය.

ඉන්දික76 අයියේ දැන් ඔයාගේ වාරේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Feb 2016 03:51 AM
  •  Quote
  •  Reply
ඉන්න දෙන්නම් වැඩේ...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Feb 2016 03:51 AM
  •  Quote
  •  Reply
“පෙරළුන පිට හොදයි” කියමින් කණ්ඩායම අඩි පාර දිගේ වැල් පාලම කරා පියමනින්නට විය.

වැල් පාලම දුටු විට සියල්ලන්ටම දෙවියන් සිහිවිය.
වැල් පාලමක් වුනාට ඒක එතරම් සවි ශක්තියක් නොමැති පාලමක් විය.


“දැන් අපි මොකද කරන්නේ” සූරසේන කටහඩ අවදි කලේය.
“මොනව උනත් මේකෙන් එගොඩ වෙන්න එපාය”.
“අනේ මටනම් බයයි” රන් මැණිකා තෙපලීය.

“ඒ වුනාට ඉක්මනට මෙතනින් පිටවෙමු”

“සිරිපාලට තනිවම යන්න පුළුවන් නේ. බිංදු ගන්නකෝ පොඩි දරුවව. මම රන් මැණිකා කොහොම හරි අරගෙන එන්නම්” සිළිදු පැවසීය.

“උඹ එහෙනම් අවස්ථාව ලබාගත්තානේ” බිංදු සිළිදුගේ කනට කර පැවසීය.

රන් මැණිකාගේ ‍මුවෙහිද මද සිනාවක් මතුව තිබෙනු දෙදෙනාටම පෙනුණි.

(ඉමල්කයෝ උඹ කියපං සිළිදු රන්මැණිකාව එගොඩ කරේ කොහොමද කියලා)
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Feb 2016 04:02 AM
  •  Quote
  •  Reply
හා...... අයියා ටිකක් වෙලා අතුරැදහන් වෙලා මේක ගෙතුව නේද
හොද පොටක් එනකන්
නියමයි. වැටෙයිද මැණිකයි සිලිදුයි ගං දියට
බලමුකෝ ඉමල්ක අයියගේ වැඩත්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
04 Feb 2016 07:56 AM
  •  Quote
  •  Reply

"ඈ..බන් මේක හයියයි නේද තුන් හතර දෙනෙකුට උනත් යන්න." බින්දු විමතියෙන් යුතුව පාලම බැඳී වපොටවල් පරික්ෂාකර බලමින් කීය.

 

"හොඳ අත්වලකුත් ඇති එකේ මේ ඕන කෙනෙකුට තනියම උනත් ගියහැකි.." ඔහු තවදුරත් පැවසීය.

ඊගාව 007  උන්නැහේට 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Feb 2016 05:37 PM
  •  Quote
  •  Reply
බින්දු පොඩි කෙලිව වඩගෙන වැල් පාලමෙන් අමාරුවෙන් එගොඩට යන්න උත්සහ කලෙය ....සුරසෙනත් එම විදියටම අමරුවෙන් ඊට පසුව පාලමෙ එල්ලි මෙන් ගමන ඇරබුවෙය ..ඪන් මොවුන් දෙදෙනාම වැල් පාලමෙ අඩකට කිට්ටු වී ඇත ...රන් මැනිකො අපිත් යමු ..සිලිදුවා කටහඩ අවදි කලෙය ...රන් මැනිකා පය ඉදිරියට තැබුවත් බියක් දැක් විය ..එම නිසා ..සිලින්දු ඇය ලගට කිට්ටුවිය ..රන් මැනිකා සිලිදුවගෙ කර වටෙට අතක් දමා සිලිදුව වැරෙන් අල්ලා ගත්හ ..සිලිදුද රන් මැනිකාව තදින් අල්ලගෙන වැල් පාලමෙන් ඉදිරියට ඇදෙයි ..අවදානම නිසා කිසිවකුත් පිටුපස නොබලන බව සිලිදු සහ රන් මැනිකා වටහා ගත්හ..ඒ ඇසිල්ලෙන් සිලිදු රන් මනිකාගෙ මුහුන දෙස බැලිය ............
…
…to maduranga
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Feb 2016 12:02 AM
  •  Quote
  •  Reply
ඊලග කොටස මම ලිව්වට ඒක පේන්නේ නැහැ. තනිකරම කොටු කොටු.
බලධාරියා විසින් කපලා. කතාවේ කොටස් කපලා.

(ඊලග කොටස ටිකකින් දෙන්නම්.)
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Feb 2016 12:17 AM
  •  Quote
  •  Reply
සිලිඳුට රන් මැණිකාගේ මුහුණේ දැඩි අසරණකමක් වැනි හැඟීමක් දැක ගත හැකි විය.

"මොකද.. බය වෙලා වගේ. පාලමෙන් වැටෙයි කියලද?" සිළිඳු ඇසීය.

"නැහැ.. න්න්.. නැහැ මේ.. මේ.." මැණිකා වචන පටලන්නට විය.



"බය නැතිව ඔහොම යමුකෝ. මම ඉන්නවනේ. මේ ගඟ ටිකක් ගැඹුරුයි. ඒත් ගිලෙන තරමට වතුර නැහැ. මිනිස්සු මේ වැල් පාලම හදාගෙන තියෙන්නෙ අර කිඹුල් තඩියගෙන් බේරෙන්න." සිළිඳු ඇය අස්වසමින් ඇගේ බිය දුරු කරවන්නට උත්සාහ කළේය.

දෙදෙනාගේ මේ කසු කුසුව ඇසුණු නිසාදෝ සූරසේන කකුල අදිමින්ම පිටු පස බැලීමට උත්සාහ ගත්තේය.

එකෙණෙහිම සූරසේන පය ලිස්සා වැල් පාලමෙන් එපිටට යන්නට විය. ලිස්සා යන ශබ්දය ඇසි ක්ෂණිකයෙන් ඔහුගේ කකුල් දෙකම ලිස්සා යන අයුරු ඉදිරියෙන් යන සිළිඳු දුටුවේය.

(ඊලග කොටස දෙන්න වෙන්නෙ පොඩ්ඩි ට තමයි.)
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Feb 2016 01:45 AM
  •  Quote
  •  Reply
අපරාදෙ මම හිතුවෙ සිල් බිදගනිවී කියලා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Feb 2016 02:54 AM
  •  Quote
  •  Reply
සිල් බිඳින්න මට පවරල දැන් ඇඟ බේර ගෙන මෙතන.

ඔහොම යනකොට ඒකත් බිදෙයි. අර එකෙක්ගෙ කකුලකුත් කැඩිලා. ඒ අස්සෙ සිල් බිඳවන්න කල්පනාව. අනේ අම්මප.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Feb 2016 05:17 PM
  •  Quote
  •  Reply
කො අනෙ පොඩ්ඩි ? ඇයි මෙ කතා එක තැන ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Feb 2016 05:51 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩි එනකන් සමන්ත අයියේ ඔයාට පුලුවන්ද ඊලග කොටස ලියල දෙන්න එහෙනම්?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Feb 2016 04:09 AM
  •  Quote
  •  Reply
එක තැන පල් උනා වැඩියි කථාව මම භාරගත්ත ඔන්න ටිකක් දුර යන්න

සූරසේන විසිවී ගියත් ඔහු ක්ෂණිකව පාලමේ තිබුණු වැලක් තදින් අල්ලාගෙන ගංදියට නොවැටී බේරැණද පාලම මතට පැමීණීම මදක් දුෂ්කර විය.

“අයියේ “ කෑමොර දෙමින් සිද්ධිය මුල සිටම දුටු සිලිදු සූරසේනට අතපාමින් පාලම මතට සූරසේනව ඇද ගත්තේය.

“මොකද උනේ අයියේ“

සියලු දෙනා විමතියෙන් සූරසේනගෙන් විසමා සිටියද දෙගොඩ තලා යන ජල කදේ ශබ්දය පරයමින් ගැහෙන පපුවේ හඩට මත්තෙන් බියවී සිටි සූරසේනගෙන් කිසිදු හඩක් පිට නොවීය.

කෙසේ වෙතත් සිදුවූ බිහිසුනු සිද්ධියෙන් අනතුරැව සියලු දෙනාට නිර්පද්‍රිතව පාලමෙන් ගොඩවීමේ හැකියාව ලැබිණ.

“දැන් මෙතන නතර වෙවී ඉන්න ඕනෙ නැහැ තව ටික දුරක් යමු“ සිලිදු තම අදහස පලමුව ප්‍රකාශ කර සිටියත්

“ මහගිරි දඹේ නැග්ග වගේ මහන්සියි සිලිදුවෝ මෙතන ටිකක් ඉදල යමු“

“නෑ බින්දු අපි වෙහෙස බලන්නෙ නැතුව යමු ෂෝක් ගල්තලාවක් තියෙනවා මේ පාරෙ ටිකක් ඉස්සරට වෙන්න“

සිලිදුගේ කථාවට අවනත වෙමින් සියලු දෙනා ගමන අරඹා එකී ගල් තලාවට නිමේෂයකින් ලගා විය.

“හරිම ලස්සන තැනක්නේ“ රන් මැණිකා ගල් තලාව මත හිදගනිමින් පවසන අතර අනෙක් සියලු දෙනාද තැන තැන වාඩි වී ගමන් වෙහෙස හරින්නට පටන් ගත්තේය.

නමුත් කූඩුවෙන් නිදහස් වූ කිරිල්ලියක මෙන් කෙලී ගල් තලාව මත ඒ මේ අත දුවන්නට විය.

“ හා හා පුතේ බලාගෙන පරිස්සමින්“ රන්මැණිකාගේ වදන් පෙල නිම කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත.

 


ඉමල්ක අයියට පවරනවා ඔන්න මම කථාව ලියන්න






0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Feb 2016 06:08 AM
  •  Quote
  •  Reply
සිළිදු මාරයිනේ ... කොහෙම හරි සූරසේනවත් බේර ගත්තා..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Feb 2016 06:19 AM
  •  Quote
  •  Reply
සිලිඳුත් මාරයි. ඒ විතරක් නෙවෙයි. අපේ ශා මල්ලිත් මාරයි. මේව මේ විදියට මේ ත්‍රෙඩ් පණ ගස්සවල ත්‍රෙඩ් එක තැන පැල වෙන්න නොදී ඉස්සරහට අරගෙන යන එක ලොකු දෙයක්. ස්වකමැත්තෙන් භාර අරගෙන කොටසක් ලියල ඉදිරියට ගෙන ගියාට ගොඩක් ස්තූතියි මල්ලි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Feb 2016 01:34 AM
  •  Quote
  •  Reply
කෝ මේ ඉමල්ක අයියා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Feb 2016 04:53 AM
  •  Quote
  •  Reply
"ඒයි...උඹලා කවුද..? නැවතියල්ලා.....තුවක්කු බිම තියපල්ලා..," ඈතින් හඬක් ඇසුනි....සියල්ලෝම මොහොතකට ගල් ගැසුණි.
රන් මැණිකා වහා පැන තම දියණිය ලඟට තදින් අල්ලා ගත්තාය.
මොහොතකින්.... තුවක්කු අතැති පරිසක් ගල් තලාව දෙසට පැමිණියහ... "බයවෙන්න කාරී නැහැ ඒ.... පොලීසියෙන්" සූරසේන පිරිස දෙස බලමින් පැවසීය
ඊගාව 76 ට
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Feb 2016 08:04 AM
  •  Quote
  •  Reply
"ආනේ මේ වෙදමහත්තයා‍ගේ පුතා නේද".. බිංදු දෙස බලා එක් පොලිස් නිලධාරියෙක් විමසීය.
"ආ එහෙනම් බෙහෙත් පැල ‍සොයනවා නේද".. තවත් නිලධාරියෙක් පැවසීය..
"අපි බෙහෙත් සොයන්න තමයි ආවේ. ඒත් ඊට වඩා වැදගත් දෙයක් අපට හමුවුනා" බිංදු පැවසීය.
"ඒ මොකක්ද?" තවත් පොලිස් නිලධාරියෙක් විමසීය..
දඩාං..
විශාල ගසක් ඉදිරී වැටෙන හඩ ඔවුන්ගේ සවණත වැකුණි..
සියල්ලන්ගේම දෙනෙත් එය වෙත යොමුවිය..

( ඊළග ටික කියපං මධුරංගයෝ )
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Feb 2016 01:14 AM
  •  Quote
  •  Reply
"මොකක්ද ඒ.." බිංදු පොලිස් නිලධාරීන්ගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඇසීය.

"ඒක තමයි අපි මේ කැලේ වෙන්නේ මොනවද කියල හොයන්න ආවේ." පොලිස් නිලධාරියෙක් බිංදුට පිළිතුරු දෙමින් කිවේය.

පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රධානියා යයි සිතිය හැකි නිලධාරී තැන අනෙක් පොලිස් භටයන් කිහිප දෙනෙක්ට ඒ දෙස යන ලෙස හිසින් සංඥා කල හෙයින් ඔවුන් යුහුසුළුව ඒ දෙසට දිව යන්නට විය.
 
 

"මොකක්ද හැබෑටම මෙතන සිද්ධ වෙන්නෙ" සූරසේන පොලිස් නිලධාරින්ගෙනුත් සෙස්සන්ගෙනුත් සිදුවන්නේ කුමක්දැයි දැනගනු අටියෙන් අසන්නට විය.

"ඔව්. තව ටිකින් බල ගන්න පුළුවන් වේවි මුන්නැහෙලට මොකෝ මේ කැලැව අස්සෙ වෙන්නේ කියල." පොලිස් භටයෙක් කී විට

"දන්නවා නම් මුන්නැහෙලා මේ පැත්ත පළාතේ ආයෙත් නම් එන එකක් නැහැ" කියා තවත් පොලිස් භටයෙක් කියන්නට විය.

සියල්ලෝම අන්දුන් කුන්දුන් වී ඇති සේය.  එකෙණෙහිම කැලය දෙවනත් කරමින් වෙඩි හඬක් ලඟින්ම ඇසෙන්නට විය.

(මොකෑ මේ හැබෑටම කියල අපේ කින්ග්ඩී ම කියන්නකො.)



0
Add Reply
Page 13 of 20 << < 1112131415 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below