Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Aug 2018 09:12 PM by Udari Jayasekara [නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය 397 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 12 of 20 << < 1011121314 > >> Author Messages Indika KandanaarachchiMost Senior MemberPosts:12931 01 Feb 2016 01:32 AM Quote Reply මුන් එක ගෙයි කයිද ? 0 Indika DampahalaVeteran MemberPosts:3410 01 Feb 2016 01:51 AM Quote Reply එක ගෙයි කන්න තරම් පැරණි කතාවක්ද බං මේක.. ?? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Feb 2016 01:55 AM Quote Reply ෂා මල්ලිට බොහොම ස්තූතියි කතාව ඉදිරියට ගෙනිච්චට.. එක ගේ කන්න දෙවි සුරසේනයා.. බලන් හිටපල්ලකො. අර කළා කියන වශිය ඉල්ලලා කරගෙන ඇවිත් මුන් දෙන්නව බාවන්නේ එහෙම උනොත්.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 01 Feb 2016 02:26 AM Quote Reply Posted By kingD on 01 Feb 2016 01:51 AM එක ගෙයි කන්න තරම් පැරණි කතාවක්ද බං මේක.. ?? පරන කතාවක් නිසානෙ බන් එකෙක් ගාවවත් mobile phone එකක් නැත්තෙ ..අද කාලෙ නම් 119 ගහලා ලමයව බෙරගන්නවනෙ බොල 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 01 Feb 2016 02:28 AM Quote Reply Posted By maduranga001 on 01 Feb 2016 01:55 AM ෂා මල්ලිට බොහොම ස්තූතියි කතාව ඉදිරියට ගෙනිච්චට.. එක ගේ කන්න දෙවි සුරසේනයා.. බලන් හිටපල්ලකො. අර කළා කියන වශිය ඉල්ලලා කරගෙන ඇවිත් මුන් දෙන්නව බාවන්නේ එහෙම උනොත්.. ඒ වුනාට සිලිදුවයි බින්දුවයි එක ගෙයි කයි වගෙ බන් මෙ යන විදියට 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Feb 2016 02:59 AM Quote Reply අර ගෑනිගේ නම මොකක්ද බන්..? නමක් දාල නැත්නම් හොඳ සූකිරි නමක් දාපල්ලකො. ඒ වුනාට සිලිදුවයි බින්දුවයි එක ගෙයි කයි වගෙ බන් මෙ යන විදියට සුරසේනයා ඔහොම හිටියට මහා වසවර්තියා. බලහල්ලකො අන්තිමට සුරසේනයා අරුන් දෙන්නව තමයි නිදන් බිල්ලට දෙන්නෙ. එක ගේ කන්න ආවට. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 01 Feb 2016 03:10 AM Quote Reply ලතා කියල දාමු 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Feb 2016 03:42 AM Quote Reply හොඳ සුරතල් නමක් දාහල්ලකො. වයස කියද බන් දැන් ඔය කියන්නාවූ එක්දරු කාන්තාවට? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 01 Feb 2016 06:01 AM Quote Reply කතාවේ මුල් හරියේදී රන් මැණිකා කියලා නමක් දාල තිබුණා.. 0 Imalka HewageVeteran MemberPosts:4533 01 Feb 2016 06:05 AM Quote Reply මේ ඉසව්වේ නේද නිදන් හොරු ඉන්නේ හැබැටම..? "ඉදිරිපසින්ම ගිය සිළිඳු ටිකක් පසුපස ගැන වැඩි විපරමකින් ඇසීය." "උන්ට මේ කැලේ කොහෙත් එකයි ආයිබෝවන් " සූරසේන පිළිතුරු දුනි. "මෙතන නම් කැලේ පොඩි වෙලා....හැබැවටම කවුරු හෝ ඉඳලා මේ දැන් ගිහින් තියෙනවා" බින්දු නිහඬතාවය බිඳිමින් කීවේය.. next..සීරෝ ට 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 01 Feb 2016 07:53 AM Quote Reply හ්ම් හ්ම් කවුරු කවුරුත් සද්දේ අඩු කරා නම් .... බින්දු කිවුවේ කාගේත් හොදට ය සුරසේන ගේ කකුලේ තුවාලේ නිසා ඔහුගේ මෙන්ම අන් අයගෙත් ගමන සෙමින් ය.. මේ අතර පොඩි එකී මේ කිසිම දෙයක් ගැන හරි හැටි අවබෝදකින් නැතිව වුවද සිලිදුගේ කර බදන් ආවේ වට පිට බලමින්ය ... මැණිකෝ මොකෝ බන් සැරෙන් සැරෙන් පස්ස බලන්නේ ,,මන් ළමයා අරන් දුවන්නේ නැ නංගියේ ..උබ බය නැතුව ඉස්සරහට අඩිය තියන්පන්කෝ ..මේ අතර සිලිදු මැණිකට පැවසුවේ බොරු අමනාපයක් මවාගෙනය . අනේ නැ අයියේ කැලේ මැදින් යන නිසාද මන්දා මගේ පපුව ගැහෙන්න ගත්තා නිකම්ම .. කියන්මින් ලේගන්තු බැල්මක් එයට එක් කලාය. මාමේ මාමේ අර ...... පොඩි එකී යමකිසි දෙයක් දිහා වට අත දික් කරේ සැවොමගේ අවධානය ඒ දිහාවට යොමු කරමින්ය මීලගට 76 අයිය්යට 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 01 Feb 2016 10:25 AM Quote Reply සියළු දෙනාගේම දෙනෙත් ක්ෂණයකින් ඒ වෙත යොමුවිය. ඔවුන් දුටුවේ දැවන්ත ඇතකු නිසොල්මන්ව ගිමන් හරින අයුරුය. “අපි ඉක්මනටම දිසාව වෙනස් කරමු. තනියාට මිනිස් ඉව වැටුනොත් අපි ඔක්කොම ඉවරයි” සූරසේන පැවසීය. සියල්ලෝම කඩිනමින් දිශාව වෙනස් කර ගමන් කිරීමට පටන් ගත්තේය. ඔවුන් දුටුවේ වේගවත්ව හමා යන දිය දහරකි. එයින් පිපාසාව සංදිද ගත් ඔවුන් රැගෙන ආ ආහර අනුභව කරන ලදී. “දැන් අපි කොහොමද මේ ගග තරණය කරන්නේ” රන් මැණිකා ඇසුවාය. “අපි මේක තරණය කරන්නේ නෑ. පාරුවක් සාදාගෙන ගග දිගේ පහළට යමු” බිංදු කීවේය. මේ වදන් ඇසී සියල්ලන්ගේම ඉහේ මලක් පිපුණි. (ගඟ දිගේ යන අතරේ සිදුවූ දේ මධුරංගගෙන් දැන ගනිමු...) 0 Indika DampahalaVeteran MemberPosts:3410 01 Feb 2016 07:46 PM Quote Reply වව් නියමයිනේ දැන් කතාව... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Feb 2016 08:03 PM Quote Reply "ඒත් කොහොමද බන් මේ හදිස්සියෙ පාරු හදන්නෙ. හොඳ කලක් යාවි මෙතැන පාරු හද හද හිටියොත්." සිළිඳු තරමක් නොසන්සුන්ව ඇසීය. "එහෙම නැත්නම් සිලිඳුවෝ උඹ කියන්නෙ මේ දැරිවියි මැණිකයි කර තියාගෙන ගගෙන් එතෙර වෙන්න කියලද?" බිංදු තරමක් කේන්තියෙන් යුතුව ඇසීය. "ඒ වැඩේ ලෙහෙසියි වගේ මෙතන පාරු හද හද ලත වෙනවට වඩා.." සිලිඳුද අත හරින පාටක් නැත. "එහෙනම් උඹ මේ කෙල්ලව කර තියාගනින්කෝ. මැණිකව මම අරගෙන යන්නම්." බිංදු සිලිඳුට ඇසෙන්න කනට කර තරමක් තදින් කීවේය. "දැන් කට්ටිය කර තියාගෙන යන්නද කල්පනාව." සුරසේන මද සිනහවකින් යුතුව ඇසීය. "ඔව්. එහෙම හොඳයි කියලනේ මේ කියන්නේ. ඒ නිසා එහෙම කරමු. හැබැයි මේකේ ඉන්න කිඹුල් තඩියා ආවම දෙයියො බුදුන් සිහි කරගෙන ඇස් පියා ගනිල්ල. ගඟ මැද්දේ දුවන්න ඕනේ නැහැ. ඌට අහුවෙච්ච එකෙක් වත් ආයෙත් ගොඩට ඇවිල්ල නැහැ." "කිඹුලා.. කිඹුල් තඩියා.." සිලිඳුගේ ඇස් උඩ ඉන්දුනේය. සුරසේන ගේ මද සිනහව පහව ගියේය. මැණිකාගේ උගුර වේලි ගියේය. "එහෙනම් ඉතින් පාරුවක් හදාගෙනම ගොඩට යමු. කිඹුල් බඩට යනවට වඩා ඒක හොඳයි. " සිළිඳු පරාජය භාර ගත්තේය. (පාරුව හදන හැටි සහ හදන්න ගිහින් වෙච්චි දේ දැන ගන්න වෙන්නෙ අපේ පොඩ්ඩි නගා ගෙන් තමයි. පොඩ්ඩි එන්න කලින් කෙනෙක් භාර ගන්නවා නම් ඔන්න චාන්ස් එක. එහෙම වෙලාවට ඊලග කොටස භාර ගන්න බවට කොමෙන්ටුවක් දාල වැඩේ භාර අරගෙනම ලියන්න. නැත්නම් දෙන්නෙක්ම කතාව ලියවී.) 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 01 Feb 2016 09:24 PM Quote Reply කොහොම හරි මනිකව උස්සන්න බිදුවා සෙට් වුනා නෙද ? 0 Indika DampahalaVeteran MemberPosts:3410 01 Feb 2016 09:31 PM Quote Reply මේ මැණිකාගේ වයස කීයක් විතර ද බන් 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 02 Feb 2016 04:07 AM Quote Reply මෙගා නාට්‍ය ලියන්න නැති රටක මා යලි ඉපදේවා.....!!!!!!! හිහි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Feb 2016 05:34 PM Quote Reply ඔන්න ෂා මල්ලියේ.. ඊලග කොටස ඔබටයි.. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 02 Feb 2016 08:02 PM Quote Reply ඈත වූ කෙසෙල් පදුරක් දැක සිලිදු එය සතුටින් අනිත් සගයන්ටත් පෙන්වුයේ පාරුවක් හදාගැනීමට පහසු වෙන නිසාය ... ඒ අනුව කෙසෙල් පදුරු දිශාවට බින්දු හා සිලිදු ගියේ කෙසෙල් බොඩ කපා ගැනීම පිණිසය... මදක් කිට්ටුවට යන විට දුටුවේ එය කෙසෙල් වගාවක් බවය,,, ටිකක් එහාට වෙන්නට පොඩි පැල් කොටයක්ද දක්නට ලැබුණි. මිනිසෙකුගේ කිවිසුම් හඩක් ඇසුණු නිසාම බින්දු සිලිදුව මදක් නතර කර වුයේ ඒ කිවිසුම් හඩ ඇසුණු පුද්ගලයා කවුරුද යන්න හරියටම දැන ගන්නා තෙක්ය . ''වයසක උන්දැ කෙනෙක්නෙ '' සිලිදු දෙස බලමින් බින්දු තොල් මතුරන්නට වුයේය . අපි ඔහුට නොපෙනෙන්නට වහන් වී සිටියද ඔහු අප සිටි දෙසට ආ නිසාවෙන් තව දුරටත් වහන් වී සිටීමට අවස්ථාවක් නොලැබුණි .. ''මේ දරුවෝ මොකද මුකලානේ කරන්නේ ...'' ඔහු දෙඇස් ලොකු කරමින් කියා සිටියේ අප යම්කිසි වරදක් කර ඇති සේ සිතාම විය හැකිය ... ''අනේ නෑ මාමේ .. මේ මේ '' සිලිදු තෙපලන්නට වූ නිසාමද මන්දා බින්දු තරමක් තම කට ඉස්සර කොට තමන්ට උවමනා වූ දේ ලබ්බ ගලේ ගැහුවා සේ කියා සිටියේය .. ''අයියෝ දරුවනේ උබලා නිරපරාදෙනේ රස්තියාදු උනේ.. තව ටිකක් එහාට වෙන්න වැල් පාලමක් තියෙනවා .. යස අගේට එතෙර වෙන්නට පුළුවන් නෙවැ ..'' එය ඇසු බින්දුගේත් සිලිදුගේත් හිත සතුටින් පිරි ගියහ. ''හරි මාමේ එහෙනම් බොහොම ස්තුතියි . ,,'' බින්දු කියනවාත් සමග . .'''අපි ගොහින් එන්නම් '' සිලිදු කියන්නට විය .. '' එක නෙවේ දරුවෝ .. මම අහපුදේ නෑහුනා වගේ නෙවැ ..''' නැවතත් ඔහු පුන පුනා ඇසුවේ අප මෙහි කුමක් කරන්නේද යන වගයි ... ( පාරු හදන්න දැන් නේ වැල් පාලමෙන් එගොඩ වෙමු නේද ....??? ඉතිරි ටික ශාන් අයියට ....... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Feb 2016 08:09 PM Quote Reply Posted By Poddi on 02 Feb 2016 04:07 AM මෙගා නාට්‍ය ලියන්න නැති රටක මා යලි ඉපදේවා.....!!!!!!! හිහිඑහෙනම් පොඩ්ඩිට ඉපදෙන්න ඉන්දියාව වගේ රටක් හොදද? 0 Add Reply Page 12 of 20 << < 1011121314 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Story Teller Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit